Lakmi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakmi, Entrepreneur, Birmingham.
🔺 🔺පසුතැවීමට පෙර ඔබත් අවධානය දෙන්න.. 🫵 🔺
කවදහරි ඔබෙ ආදරණීයන් නිහඬ වේවි. ඔබට කොපමණ ඕන උනත් ආයෙත් එයාලා කියවන එකක් නෑ. ඒ නිසා ඔබේ ආදරණීයන් නැතිවෙන්න කලින් එයාලා ගැන හොයල බලන්න.
අපි හැමෝම ගොඩක් කාර්යබහුල වෙලා. එකිනෙකා ගැන හොයල බලන්න කතාකරන්න වෙලාවක් නෑ.
ගොඩක් වෙලාවට අපිට මග ඇරෙන්නෙම අපිට වැඩිපුරම ආදරෙ කරන අයව. අපි අනිත් හැමොගෙම වැඩ කරනවා. අනිත් හැමෝම සතුටු කරන්න ඕන දේවල් කරනවා.
නමුත් අපිට වැඩිපුරම ආදරෙ කරන අය ගැන බලන්න වෙලාවක් නෑ. අපිට හිතෙන්නෙ එයාල කොහොමත් ඉන්නවනෙ. අපිට ආදරෙයි කියල දන්නවනෙ. එයාල කොහොමත් අපිත් එක්ක හැමදාම ඉන්නවනෙ කියල තමා හිතන්නෙ.
අපි හැම වෙලාවෙම කරන්නෙ අනිත් අයව සතුටු කරන්න. අනිත් අය අපි ගැන වැරදියට හිතාවි. උදව් කරේ නැති උනොත් තරහ වේවි වගේ දේවල්. එහෙම හිතලා අපි අනිත් හැමෝම සතුටු කරන දේවල් කරනවා.
තමන්ට වැඩිපුරම ආදරෙ කරන කෙනා ගැන හිතන්න වෙලාවක් නෑ.
තමන්ගෙ අම්මා, තාත්තා වේවා බිරිඳ හෝ ස්වාමිපුරුෂයා වේවා පෙම්වතා, පෙම්වතිය වේවා එයාලටත් ඔයාගේ කාලය වැය කරන්න. ඔයාගෙ වටිනා කාලය එයාල වෙනුවෙනුත් වෙන් කරන්න.
මොකද එහෙම නොවුනොත් කාලයක් යනකොට එයාලටත් ඔයාව නැතිව ජීවත් වෙන්න පුලුවන් වෙයි. අම්මා තාත්තා හැමදාම ජීවත් වෙන්නෙ නැතිවෙයි. ඒ නිසා එයාලටත් ඔයාගෙ වටිනා කාලයෙන් කොටසක් වෙන් කරන්න.
එයාලත් හරි ආස ඇති ඔයා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න.. එහෙම නොවුනොත් වෙන්නෙ කවදහරි එයාලා නැති දවසක දුක් වෙන්න අනේ මට හරියට එයාලාව මග හැරුණ කියල.
අම්ම තාත්තා කවදාවත් අපිව අමතක කරන්නෙවත් අපි ගැන අහිතක් හිතන්නෙවත් නැතිවෙයි. ඒත් අපිට හිත හදාගන්න බැරිවෙයි අපිට හරියට එයාලව බලාගන්න බැරිවුණා කියලා.
අද ගොඩක් අය පුදුම විදියට කාර්යබහුල වෙලා. එකිනෙකා ගැන හොයල බලන්නවත් කතා කරන්නවත් වෙලාවක් නෑ.
තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය ගැන ස්වාමිපුරුෂයා හෝ බිරිඳ ගැන හොයල බලන්න ආදරෙ කරන්න වෙලාවක් නෑ. ඒ තරමට අපිට වැඩ.
නමුත් අපිට ඒ බැදීම් වල වටිනාකම් තේරෙන්නෙ ඒ බැදීම් අපෙන් ඈත් වෙලා ගියාම.
අපි හිතාගෙන ඉන්නෙ එයාලව අපිට කොහොමත් ඉන්නවනෙ කියල. ඒ නිසා අපි අනිත් හැම වැඩක්ම අතපසු නොකර කරනවා. එයාලව මග ඇරෙනවා.
ඉවසල ඉවසල බැරිම තැන්වල එයාල නිහඩ වෙනවා. එතකොට අපි මොනදේ කරත් අර කලින් හිටපු ආදරණීය පුද්ගලයා අයෙ එන්නෙ නැතිවෙයි.
ඒ වෙනුවට කිසිම හැගීමක් දැනීමක් නැති ඔහේ ඉන්න මනුස්ස පරාණයක් විතරක් වෙයි. එදාට අපිට ඕන වෙයි අර කලින් හිටපු ආදරණීය පුද්ගලයා.
නමුත් එයාව ආපසු උපද්දවන්න ඒ පුද්ගලයාට වත් බැරිවෙයි. ඒ ආදරණීය පුද්ගලයා මරලා දාලා ගොඩක් කල් ගියාට පස්සෙ අපි මොනවා කරත් වැඩක් නෑ.
ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන හැම වැඩක්ම සාර්ථකව කරන ගමන් අපේ ආදරණීයන්ටත් අපේ වටිනා කාලයෙන් කොටසක් වෙන් කරන්න.
ඇත්තටම අපි වැඩි කාලයක් දෙන්න ඕන එයාලට. ඒත් හදවතට තට්ටු කරලා අහල බලන්න ඔයාගෙ කාලයෙන් දවසට කොච්චර වෙලාවක් ඔයා එයාලා වෙනුවෙන් වැය කරනවද කියලා.
අපි දුරකථනයට වැය කරනවා ඊට වඩා වෙලාවක්. ඒ නිසා පසුතැවෙන්න කලින් එයාලටත් ඔයාගෙ වෙලාවෙන් කොටසක් වෙන් කරන්න..
හැමෝටම ආදරෙන් ජීවත් වෙන්න, ආදරෙ වැඩියෙන් දෙන්න ආදරෙ වැඩියෙන් ලැබෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා....
~ලක්මි✍️
Click here to claim your Sponsored Listing.