Sri Lankan Updates, Colombo Videos

Videos by Sri Lankan Updates in Colombo. Fast, Reliable, and latest updates about Sri Lanka

"ලංකාවෙ කඩවසම්ම fm ප්‍රවෘත්ති නිවේදකයා"
Banuka Sachinthana Karunarathna

Other Sri Lankan Updates videos

"ලංකාවෙ කඩවසම්ම fm ප්‍රවෘත්ති නිවේදකයා" Banuka Sachinthana Karunarathna

පැය 24ක් ඇතුළත මිහින්තලා පූජා බිමෙන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට නියෝග කොට ඇති බව මිහින්තලේ විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සදහන් කළේය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් උන්වහන්සේ කළ ප්‍රකාශය මෙසේය.

රාගම රෝහලේ විදුලිය නවතී‼️ යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ රාගම ශික්‍ෂණ රෝහලේ විදුලි ජනන යන්ත්‍රවල දෝෂයක් හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි වීමෙන් වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සහ රෝගීහු ඊයේ(31) රාත්‍රී දැඩි අපහසුතාවට පත්වූහ. වෛද්‍යවරුට ජංගම දුරකථනවල එළියෙන් රෝගීන් පරීක්‍ෂා කිරීමට සිදුවූ බවත් පැයක පමණ කාලයකින් විදුලි සැපයුම යථා තත්වයට පත්වූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් රාත්‍රී 9.30 ට පමණ පැවසීය.

ආර්ථික විද්‍යාව ස්පෙශල් කල හාමුදුරු නමක් ❤

පොලිස් කාන්තාව බෙල්ලෙන් අල්ලා විසිකරන ජ්‍යෙෂ්ඨයා පොලිස් පරීක්ෂක චමින්ද පින්තු! උද්ඝෝෂණයක් අතරතුරදී ‌කාන්තා පොලිස් නිලධාරිනියකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමට කටයුතු කොට ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂණ චමින්ද පින්තු බව සදහන් වේ. මේ පිළිබදව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දීමක්ද සිදු කොට ඇත ඊයේ (12) දිනයේ දී ස්ථාන තුනක සිදු වූ විරෝධතා පොලිසිය විසින් මැඩලූ ආකාරය ඉතාමත් නින්දිත බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සටහනක් තබා තිබේ. අරගල කරුවන් රඳවා තැබීම ගැන විරෝධතා දක්වමින් කළුතර සිට කොළඹට පා ගමනින් පැමිණි කාන්තාවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකර තිබූ අතර කිසිදු නීතියක් ගැන සඳහන් නොකර ඔවුන් අල්ලාගන්නට පොලිසිය

ආසියානු කුසලාන අවසන් මහ තරගයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් පිල සුදුසුකම් ලබයි! ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුවා. ඒ පාකිස්ථාන කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 20 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 122ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 123 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන පිලට පන්දු ඕවර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 121ක් පමණයි. ඒ අනුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ශ්‍රී ලංකා පිල සහ ඉන්දියාව තරග වැදීමට නියමිතව ඇත.

අතීතයෙන් මිනිස්සු මනින්නෙපා සමාජ මාධ්‍ය තුලින් මිනිස්සු මනින්නෙපා..අප යාවත්කාලීන වනවා.. -භානුක කරුණාරත්න

If someone put down you by insulting ,Kill them with your kindness and bury them with your smile! ඔබට පහත් කොට සලකන ඕනම කෙනෙක්ව කරුණාවන්ත බවින් දිනාගන්න.. සිනහවකින් සංග්‍රග කරන්න.. There's a big difference between" Human being" & "Being Human". Only few really understand this.. මනුස්සයෙක් වීම සහ මනුස්සකම් දන්න මනුස්සයෙක් වීම 'දෙකක්' බව දන්නේ බොහොම ටික දෙනෙකි. Banuka Sachinthana Karunarathna

කංසා සහ මත්පැන් වෙනුවෙන් රාජ්‍ය ඇමැති ඩයනා පෙනී සිටී කංසා වගා කිරීමටත් මත්පැන් අලෙවි සැල් පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමටත් අවසර ලබා දිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. තමා මෙසේ ඉල්ලා සිටින්නේ රජයට බදු ආදායම වැඩි කරගැනීමට බැවින් මේ ගැන වැරදි මත සමාජයට මුදාහැරීමෙන් වලකින ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළාය. කංසා යනු වසර පන්දහසකට වඩා ඉතිහාසයක් ඇති ඖෂධයක් බවත් රාත්‍රී 9.00න් පසු මත්පැන් අලෙවි සැල් හොර රහසේ මත්පැන් වැඩි මිලට අලෙවි කරන බවත් රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

ආහාර උද්ධමනය සරලව..

තාමත් රෝසි ඉන්නව ඉතින් 😌

අරගලය ගිණි කන්දක්!
ඇමතිවරු වන්දි ගන්නෙ අපේ පාන් වලින්.. -ඇතුළෙ ඉඳලා එළියට ආපු රන්ජන්

නෙත්මි අහිංසා නාමල් රාජපක්ෂ වෙත කැඳවා ආවේ නොදැනුවත්ව කතාව දුරදිග යයි.. පසුගියදා සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහකට ලක්වූ ඡායාරූප කිහිපයක පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා පදක්කම් ලාභී නෙත්මි අහිංසාය. නාමල් නෙත්මිගේ පදක්කම ස්පර්ශ කරමින් එය අගය කරන ආකාරය එක් ඡායාරූපයක දැක්වුණ අතර තවත් එකක නෙත්මි නාමල්ට වැඳ වැටෙන අයුරු දිස් විය. ඒ දිනවල රටේ ගෞරවයට ලක්වූ පදක්කමක හිමිකාරියක මේ කාලයේ දැඩි විවේචනයට ලක්වූ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු සමග මේ ආකාරයේ ඡායාරූපවලට පෙනී සිටීම දේශපාලන අවභාවිත ප්‍රචාරයක් බවටත් අවස්ථාවාදී ලෙස ඇගේ කීර්තිය තුළින් තම බංකොලොත් ප්‍රතිරූපය යළි පිහිටුවා ගැනීමට උත්සාහ දරන බවටත් සමාජ මාධ්‍ය තුළ විවේචන පළවිය. මෙම සිදුවීම ඊට එහාගිය දෙයක් බව සතිඅන්තයේ මව්බිම පුවත්පතින් ඊයේ 16 හෙළිදරව්වක් කර තිබේ. බෙන

ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර පදක්කමක් රටට අරන් ආ තාමත් ඉස්කෝලෙ යන ගමේ පුංචි කෙල්ල නෙත්මි
මගේ තාත්තා කරන්නේ මේසන් බාස් කෙනෙක්! කොච්චර අමාරුකම් තිබුණත් තාත්තයි අම්මයි මට ඕන කරන දේවල් අරන් දුන්නා! මට සල්ලි එපා! ඔලිම්පික් පදක්කමක් ගේන්න උදව් කළොත් ඇති! ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර පදක්කමක් රටට අරන් ආ තාමත් ඉස්කෝලෙ යන ගමේ පුංචි කෙල්ල සංවේදී කතාවක් කියයි එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කිලෝ ග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා පෝරුතොට අද අලුයම දිවයිනට පැමිණියා. ඇය පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපොල විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබූ අතර නෙත්මිගේ මව්පියන් ඇතුළු ඥාතීන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියා. එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි

😅
අපිට ගහන්නෝන bun

පන්න පන්න අත්අඩංගුවට ගනිද්දීත් මාස තුනේ කිරිකැටියත් අරන් අම්මා කෙනෙක් මහවැස්සේ අද ගෝල්ෆේස් අර !
ඊයේ දිනයේ මහවැසි වැටෙද්දීත් මවක් සිය මාස තුනේ කිරිකැටියකුද සමගින් අරගල භූමියේ විරෝධතාවයක නිරතව සිටියාය. ඊට එක්වූ කාන්තාවන් දැක්වූ අදහස් මෙසේය.

Yupun Priyadarshana Abeykoon congratulations yupun..🎉🎉🎉⚜️🇱🇰 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පසුගිය දා ආරම්භ වුනේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ 22වෙනි තරගාවලියේ ආරම්භය සටහන් කරමිනි. බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවති රටවල් එක්වන මේ තරගාවලියට මේවර රටවල් 74කින් ක්‍රීඩක ක්‍රීඩකයෝ 5054 ක් එක්‌වී සිටින අතර ඔවුන් පදක්කම් 280ක් සඳහා තරග වදිනු ඇත. ක්‍රීඩා 20කට ඉසව් 280 ක් නියෝජනය කරමින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 110 ක් තරගාවලියට එක්වෙති. ඊට අමතරව නිලධාරීන් 52දෙදෙනෙක්ද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මෙවර තරගාවලියට එක්වී සිටිති. දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස කිරුළ දරා සිටින කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩල මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනියි. ශ්‍රී ලංකා වේලාව