විස්තර - Wisthara
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from විස්තර - Wisthara, Party Entertainment Service, Colombo.
හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු උඹව, මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජය ලොකු වෙද මහත්තයා.
එදා ඉඳන් උඹ ධර්මවිජය පවුලට එයාලගෙම සාමාජිකයෙක් උණා. වැලිවේරියට ආව දවසේ ඉඳන් අද වෙනකලුත් උඹට කන්න කිතුල් කොටයක් උඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක් අදින්න වෙදමහත්තයා ඉඩ තිබ්බේ නැහැ.
උඹට අවුරුදු 50 කිට්ටු වෙනකොට උඹේ කටේ ඉතුරු උන අන්තිම දත් පේලිය වෙදමහත්තයා මැණිකක් වගේ පරිස්සම් කලේ මිල්ලන්ගොඩ ලොකු රාජාලට උන දේ දැනගෙන නිසා වෙන්න ඇති. අදටත් කරේ තියෙන දම්වැලක් හපන්න හදනකොට කළුමාමා කොටුවෙන් තට්ටුවක් දාලා උඹට සැරකරන්නේ උඹට තියෙන ආදරේට.
අඩි 5ක් දිග රාත්තල් 450ක් විතර බර දළ දෙක උස්සගෙන හැමදාම උදේට නැගිටින්න හදනකොට දළ දෙක උස්සගන්න තියෙන අමාරුව දැකලා වෙදමහත්තයා උඹ නිදාගන්න තැන ඔළුව උඩින් තියලා නිදාගන්න වෙනම තැනක් හැදුවා. මංගල කුලයේ ආසියාවේම දැවැන්තයා උනත්, දහස් ගණන් මිනිසුන් එක්ක ගැවසෙන කොට උනත්; උඹේ පිටිපස්සේ කකුල් දෙකේ දම්වැල් ගලවලා තිබ්බේ වෙදමහත්තයට උඹ ගැන තිබුන අපමණ විශ්වාසෙට වෙන්න ඕනෙ.
උඹ නැගිටිනකොට උඹේ බරටම කකුලේ ස්වභාවිකව හැදිලා තිබුන තුවාලෙට උදේ හවස කළුමාමා බෙහෙත් ගෑවා උඹ මදකිපිලා, ගස් බැඳලා උඹ ලඟට එන්න බැරි කාලේ උනත්. ඇපල්, පිපිඤ්ඤා උඹට කන්න අරගෙන උඹව බලන්න අපි ආපුවහම "ඇතාට දැන් පිපිඤ්ඤා විතරක් කවන්න. ඇපල් කැවුවොත් දියවැඩියාව හැදෙයි" කියපු කළුමාමත් මාරයි. උඹ හුස්මගන්න සද්දේ අහලා උඹේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තරම් අන්‍යෝන්‍ය අවබෝධයක් උඹයි කළුමාමයි අතර තිබුණේ..
කියන්න කතා ගොඩයි. ඒත් පරක්කු වෙනවා. මහ රන්දෝලියට නැකත ලං වෙනවා. අවුරුදු 40කට කලින් ලී මෝලේ කොටන් ඇද ඇද හිටපු උඹ තව විනාඩි කිහිපයකින් 12 වෙනි වතාවටත් සධාතුක කරඬුව වඩම්මනවා. නිකන්ම නෙවෙයි.. ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ සාදුකාර මැද්දේ. උඩුවියන් යටින්, පාවඩ උඩින්, වෙස්, බෙර, නර්තන, සේසත් ආදී දහස් ගණනක් වුන ලංකාවේ ප්‍රවීණම ශිල්පීන්ගේ නර්තන පෙරටු කරගෙන.
උඹේ ආරක්ෂාවටම වාසනයි, ඉන්දිරාජයි දෑලේ තියාගෙන. හරිම අපූරුයි. මාලිගාවේ රාජා 48 අවුරුද්දක් පෙරහරේ ගියාට දළදා පෙරහැර ඉතිහාසයේ අවුරුදු 10ක් නොකඩවා කරඬුව වඩම්මවපු එකම ඇතා උඹ. කරඬුව නැතුව පාරේ යද්දිත් මිනිස්සු උඹට වඳින්නේ ඒ පින නිසා වෙන්න ඇති. උඹ ඇත්තටම අපමණ පිංකාරයෙක්..
Kavindu Hadapangoda
( උපුටා ගැනීමකි )
Baby Cage.... ළමා කූඩු...
1937 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේදී ලබාගත් ඡායාරූපයක්. මෙම වකවානුවේ මහල් නිවාස වල සිටි දරුවන්ට නිසි හිරු එළියක් ලබා ගැනීම සදහා මෙවන් කූඩු නිවසේ (Apartment) එලියෙහි සවිකර තබා තිබුනා. දරුවන් මේ තුල දමා යම් වේලාවක් හිරු එළියට නිරාවරණය කිරීම සිදුවී තිබුනා.
මනුජිත් අබේරත්න
ඇමරිකානු පාතාලයේ නොමැකෙන සටහන් තැබූ “The Queen of the Mob” හෙවත් වර්ජිනියා හිල්
වර්ජිනියාව ඇසුරු කිරීමට පැමිණි චිකාගෝහී බොහෝ මැර කල්ලි නායකයින් හා ඇය අතර ඉතා කිට්ටු සබදතාවක් පැවති අතර වැඩිකල් නොගොස් විවිධ අපරාදකරුවන් විසින් සොරාගත් භාණ්ඩ විවිධ ස්ථාන වලට ප්‍රවාහනය කිරීමටත් මැර කල්ලි වල එදිරිවාදීන් යන එන ස්ථාන පිලිබද ඔත්තු බැලීමටත් ඇය සම්බන්ධ වී තිබුනා. ඇගේ පෙනුම, ලිංගික සම්බන්ධතා හා මුදල් විශුද්ධි කිරීම සදහා වූ හැකියාව නොබෝ කලකින්ම ඇයව චිකාගෝ පාතාලයට අත්‍යාවශ්‍යම ගැහැණිය බවට කලා. සොරාගත් බඩු භාණ්ඩ හා ආභරණ ආරක්ෂක නිලධාරීන්ට හා ඔත්තු කරුවන්ට හසු නොවන ලෙස තම සිරුර තුල සගවා රැගෙන යාමට ඇය සතු වූ අසීමිත හැකියාව නිසා එකල ඇයව චිකාගෝ පාතාලය තුල “The Bag Women” යන අනුවර්ත නාමයෙන් පවා හදුන්වා තිබුනා.
සම්පූර්ණ ලිපිය කියවන්න 👇
https://www.manthrana.com/.../story-of-the-queen-of-mob.../
එකදු පහරක්වත් නොගසා උඩඟු ප්‍රතිවාදියාගේ ඉල ඇට 5ක් කැඩූ පුංචි මිනිසා
==+|+=======================
මේ කථාව මහැදුරු යිප් මන් ඔහුගේ උපන්ගම වූ ෆොෂාන් හි වාසය කරන සමයෙහි සිදු වූවක් සබැඳි ව ය. දිනක් උතුරු චීනයේ සිට ශක්තිවන්ත සටන්කරුවෙක් පැමිණියේ ය. ඔහු 'චු කාර් කුංග් ෆු' (Phoenix Fist Kung Fu) නම් සටන් ක්‍රමය ප්‍රගුණ කළ සටන් ඇදුරෙක් විය. තමා හා සටනට එන්නැ යි ෆොෂාන් නගරයේ සියලු කුංග් ෆු සටන්කරුවන්ට ඔහු විවෘත අභියෝගයක් කළේ ය. ඔහුගේ බාහුබලය කෙතරම් වී ද යත් ඔහු ෆොෂාන් නගරය වටා ඇවිදිමින් නිවෙස්වල බිත්ති මත සිදුරු සෑදෙන සේ අතින් පහර දෙමින් තමාගේ විස්කම් පෙන්වී ය. මෙනිසා කිසිවෙක් ඔහුගේ අභියෝගය භාර ගැනීමට තරම් නිර්භීත නොවූ හ.
මොහුගේ අභියෝගය පිළිබඳ පුවත මහැදුරු යිප් මන්ගේ ද කන වැකුණි. එවිට යිප් මන් පැවසූයේ "ඒ සටන්කරුවාගේ අත් පහර හෝ ඇඟිලි යකඩ මෙන් ශක්තිමත් වුව ද ඔහු පරාජයට පත් කළ හැකි ක්‍රමයක් තිබිය යුතු යි." යන්න යි. මුලින් අභියෝගයට ඉදිරිපත් වීම යිප් මන් ප්‍රතික්ෂේප කළ ද පසු ව ශිෂ්‍යයන්ගේ බලවත් පෙරැත්තය නිසා එක් කොන්දේසියක් මත ඔහු විසින් අභියෝගය භාර ගන්නා ලදී. එනම් නරඹන්නන් රැස් කරවා ප්‍රසිද්ධ ද්වන්ධ සටනක් සංවිධානය කර එහි ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ ලාභය අසරණසරණ පරිත්‍යාග වෙනුවෙන් යෙදවිය යුතු ය යන කොන්දේසිය යි. ඒ අනුව සියාඕ මුයි විහාරයේ ඔපෙරා රඟහල තුළ සටන පැවැත්වීමට කටයුතු යෙදුණි.
සටන පැවැත්වෙන දිනය එළඹිණ. සටන ඇරඹීමට නියමිත වේලාව ළං වන විට ශාලාව නරඹන්නන්ගෙන් අතුරු සිදුරු නැති ව පිරී ගියේ ය. උතුරු චීනයේ සිට පැමිණි සටන්කරුවා මහා ශක්තිවන්තයෙකු වුව ද යිප් මන් කාහට වුව පහසුවෙන් පරාජය කළ හැකි යැයි සිතෙන අන්දමේ දුර්වල පෙනුමැති කුඩා මිනිසෙක් විය. ආකර්ෂණීය සටනක් දැක ගැනීමට නොඉවසිල්ලෙන් නරඹන්නෝ වේදිකාව දෙස පුලපුලා බලා සිටිය හ. රඟහල තුළ වූ වේදිකාව තරමක් උසින් පිහිටි එකකි. මහැදුරු යිප් මන් වේදිකාවේ ගැට්ටට ආසන්නයෙන් නරඹන්නන්ට පිටුපා සන්සුන් ලෙස සිටගෙන සිටියේ ය.
නරඹන්නන්ගේ ජයඝෝෂා මැද සටන ආරම්භ විය. ශක්තිවන්ත සටන්කරුවා මහත් වේගයෙන් ඉදිරියට ඇදී තමාගේ අති ප්‍රබල අත් පහර යිප් මන් වෙත එල්ල කළේ ය. වින්ග් චුන් කුංග් ෆු සටන් ක්රමයේ එන මූලික ශිල්ප ක්‍රමයක් වන බොංග් සාඕ (B**g Sao) ශිල්ප ක්‍රමය යොදා ගනිමින් යිප් මන් ප්‍රතිවාදියාගේ බලය වෙනතකට හැරවී ය. තමාගේ පහරේ බලය වෙනතකට හැරීම නිසා එය තමාට ම පාලනය කර ගත නොහැකි ව ශක්තිවන්ත සටන් ඇදුරා වේදිකාවෙන් ඉවතට විසි වුණි. ප්‍රේක්ෂකාගාරය නරඹන්නන්ගෙන් පිරී තිබුණ ද ඇද වැටෙන්නට යන උඩඟු මිනිසා අල්ලා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ හ. ශක්තිවන්තයා ශාලාවේ පුටු ගොඩක් මත ඇද වැටී නතර වුණි. නරඹන්නන්ගේ ඔල්වරසන් නාදය මැද මහැදුරු යිප් මන් සටන ජයග්‍රහණය කළේ ය. පසු ව දැනගන්නට ලැබුණු පරිදි ශක්තිවන්තයාගේ ඉල ඇට 5ක් බිඳී තිබිණ.
(මහැදුරු යිප් මන්ගේ පුත්‍රයෙකු වන යිප් චුන් විසින් ඔහුගේ ශිෂ්‍යයෙකු වූ සිෆු සැමුවෙල් ක්වොක්ට තම පියා ගැන පවසා ඇති කථාවක් පිළිබඳ ව සිෆු ක්වොක් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් ඇසුරෙනි.)
- රවිඳු රත්නායක -
යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස විසඳෙයි
බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්
ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර...
සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි.
දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය අර්ධද්වීපය මෙහි අපූර්වත්වය තවත් තීව්ර කරයි. වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වූ හුණුගල් ස්ථරයකින් යාපනය අර්ධද්වීපය නිර්මාණය වී තිබේ.
මේ භූමි නිර්මාණය තුළ හිරිගල් ආවාට හා ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගුහා හෝ දෝනා තිබිය හැකි බව භූ විද්‍යාඥයෝ විශ්වාස කරති.
බොහෝ දෙනකුගේ මතය වන්නේ යාපනයේ නීලාවරෙයි හන්දියට ආසන්නයේ පිහිටා ඇති සුවිසල් ළිඳ පතුළක් නොමැති මහ කුහරයක් බවයි. ඒ නිසා එය පතුළක් නොමැති ළිඳ යැයි හැඳින්වීමට ශ්‍රී ලාංකිකයෝ පුරුදුව සිටිති.
ඉතා දැඩි සංචාරක ආකර්ශනයක් දිනා ඇති මේ පතුළක් නැති ළිඳ ගැන ඇති කතාවකින් කියවන්නේ සටන් විරාම කාලයේ මේ ළිඳට වැටුණු පුද්ගලයකුගේ සිරුරක් සොයාගත නොහැකි වූ බවයි. දින ගණනකට පසු ඔහුගේ සිරුර කන්කසන්තුරේ මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බව ද පැවසේ.
“එක වතාවක් මෙතැනට ආපු තරුණයෝ වගයක් මේ ළිඳේ වතුර කොතැනට සම්බන්ධ වෙලා තියෙනවා ද කියා බලන්න දෙහි ගෝනියක් මේකට දැම්මා. මේ දෙහි මතුවුණේ කීරමලෙයි මුහුදෙන්” ගැමියකු එසේ කීවේය.
ඔවුන් පවසන්නේ මෙහි පතුල සෙවීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි. ඇතැමුන් පවසන්නේ මෙය කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. තවත් පිරිසක් කියන්නේ මේ ළිඳට ජලය ලැබෙන්නේ මාතලේ ප්‍රදේශයේ උල්පත්වලින් බවයි.
මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමේ ගවේෂණයකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම අත ගැසූහ.
ඔවුන් පවසන්නේ මෙය ළිඳක් ලෙස හැඳින් වුව ද බැලූ බැල්මටම එය හුණුගල් ආවාටයක් බව පැහැදිලි වෙන බවයි. ඉතාමත් පිරිසිදු නිල්වන් ජලයෙන් පිරී ඇති මෙම ළිඳ ඉතාමත් ගැඹුරු බව මතුපිට සිට බලන්නකුට පවා අවබෝධ වන කරුණකි. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව වසර සිය ගණනක් පුරා සපුරමින් පැවැති මේ ළිඳ අසල පැරණි දාගැබක නටඹුන් හා හින්දු කෝවිල් කිහිපයක් දක්නට ලැබේ. දාගැබේ නටඹුන් හේතුවෙන් මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මීටර 14.5ක් දිගැති හා පළල මීටර් 10.7ක් වන මේ ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත දැලක් ද ඉදිකර තිබේ.
මෙම ගවේෂණය සඳහා හිරිගල් ගුහා සහ දෝනා ආශ්රිත කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයකු වන රුසියානු ජාතික වයිලි කෂ්කිනොව් මහතාගේ සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියකු වන හික්කඩුවේ එම්.ජී. ප්‍රියන්ත මහතාගේ සහය ලබාගෙන තිබේ.
වයිලි මහතා වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං හා හිරිගල් ගුහා තුළට කිමිදුම් කටයුතු කිරීමේ පළපුරුද්දක් ඇති එවැනි කිමිදුම් සඳහා උපදේශකයකු මෙන්ම තාක්ෂණික කිමිදුම් කටයුතු පිළිබඳ පුහුණුව ලද අයෙකි.
වයිලි මහතා සහ ප්‍රියන්ත මහතා පළමුව මේ ළිඳට බැස්සහ. සියලු ම ආරක්ෂිත ක්රමෝපායයන් අනුගමනය කරමින් මේ කටයුත්තට පිළිපන් දෙදෙනාගේ පළමු ඉලක්කය වූයේ ළිඳට බැස එහි වටේ පරීක්ෂා කිරීමයි. දෝනාවක් තිබේ නම් ඒ තුළින් ගමන් කිරීම දෙවැනි අදියරේ සිදුකිරීම අපේක්ෂාව විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.
“මේ සැලැස්මට අනුව කිමිදුම් කටයුතු ආරම්භ කරලා මිනිත්තු අටක් වැනි කෙටි කාලයකින් ළිඳේ පහළට ගොස් තත්ත්වය පරීක්ෂා කර මතුපිටට ආපු වයිලි මහතා කීවා ළිඳෙහි වතුර නිශ්චලව පවතින බව. ඒ වගේම මීටර 10-20ත් අතර ගැඹුරේ දී ජලය අපහැදිලි බවත් එම ජලයේ මඩ අංශු පවතින බවත් ඔහු කීවා. ඉන්පසු පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි නමුත් මැද ස්ථරයේ මඩ අංශු නිසා හිරු එළිය නොවැටීමෙන් පතුළ අඳුරු බවත් කීවා.”
ඉන්පසු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්. දයානන්ද, එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාරණ යන තිදෙනා ද වයිලි සහ ප්‍රියන්ත සමඟ ළිඳ තුළට බැස කිමිදෙමින් පරීක්ෂා කරන්නට වූහ.
මෙහි ජලය මදක් කිවුල් ස්වභාවයෙන් යුක්තය. එසේ වුව ද ජලය පිරිසිදුය. මීටර 10-20 පමණ ගැඹුරට යන විට ජලයේ ලා දුඹුරු පැහැති මඩ අංශු මිශ්‍රවී තිබේ. එමෙන්ම ජලයේ කිවුල් ස්වභාවය මතුපිටට වඩා වැඩි බව ද මුතුකුමාරණ මහතා පවසයි.
තවත් ගැඹුරට යමින් මීටර 20 ගැඹුර පසුකරන විට ජලයේ පැහැදිලි බව යළි වැඩිවෙයි. මීටර 23-25ත් අතර ප්‍රමාණයේ දී ජලය ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බවත් එකවරම ජලයේ ලවණ ගතිය අතිශය ඉහළ යන බවත් ඔහු කීවේය. මුතුකුමාරණ මහතා පවසන්නේ මීටර 25න් පසු ජලය සම්පූර්ණයෙන්ම මුහුදු ජලය හා සමාන බවයි. එතැන් සිට ළිඳ පතුළට යනතුරුම දැඩි අන්ධකාරයක් පවතින අතර විදුලි පන්දම් නොමැතිව කිමිඳුම් කටයුතු කිරීම අපහසු කාර්යක් බව ද ඔහු පවසයි.
“මේ ළිඳේ ජලය සැලකූ විට ඉතාමත් අපූරු දසුනක් දක්නට ලැබුණා. ඝනත්වයෙන් වැඩි පතුලේ අැති මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලිව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්. ඒ වගේම ළිඳට වැටී තිබුණු ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් මලු කිහිපයක් මේ ස්ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහළටත් ගමන් නොකර ස්ථාවරව පතින ආකාරය දක්නට ලැබුණා.”
පර්යේෂකයන් පවසන්නේ මෙහි ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල හමුවී ඇත. වසර සිය ගණනක් පුරා ළිඳට වැටුණු ඇතැම් අපද්‍රව්‍ය මෙහි මැද එකතුවී තිබෙන්නේ කුණු ගොඩැල්ලක් ගැසූ ආකාරයෙනි. මේ අතර අසල ඇති බෝගසින් සහ අවට ශාකවලින් වැටුණු පත්‍ර හා රිකිලි රැසක් ඇති බව ඔවුහු කියති. ඒ අනුව ළිඳේ ගැඹුර අඩුම ස්ථානය ළිඳේ මැද බවට පත්ව ඇත.
ගවේෂකයන් වසන්නේ ළිඳෙහි කට ප්‍රදේශයට වඩා පතුළට යනවිට වට ප්‍රමාණය වැඩි වන බයි. ඒ අනුව පතුළට යන විට ගුහාවක් තුළට යන ආකාරයක් දක්නට ලැබෙන අතර මීටර 15ක් පමණ ගමන් කරන විට පහළට ලැබෙන ආලෝකය අඩු වෙයි. මෙහි බිත්ති නිර්මාණය වී ඇත්තේ හිරිගල්වලිනි. ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැඳී තිබේ. ඉතා සුළු කැළඹීමකින් වුව ද ඒවා ලිහිල් වෙයි.
හුණුගල් ස්ථරයේ ස්වභාවය හා සැකැස්ම පරීක්ෂා කරමින් ගවේෂණ කණ්ඩායම ළිඳ පැති බිත්ති පවා ඡායාරූප හා වීඩියෝ ගතකර තිබේ. ළිඳෙහි බටහිර මායිමේ පතුලෙහි ගැඹුර මීටර 55කි. ජලයේ උෂණත්වය සෙල්සියස් අංශක 28-30ත් අතර ප්‍රමාණයක් බව ද ඔවුහු කියති.
“අපි මේ හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් ගත්තා. ඒවා පරීක්ෂා කිරීමේ දී මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනාගත හැකි වුණා. ඒ හිරිගල් සාම්පල අතර කවච සහිත මුහුදු බෙල්ලන්ගේ ෆොසිල අවශේෂ දක්නට ලැබුණා” යැයි මුතුකුමාරණ මහතා කීවේය.
ගවේෂණය අවසන් කළ පර්යේෂකයන් පවසන්නේ මේ පතුලක් නොමැති බව පවසන ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි. එමෙන්ම අවට ගම්වැසියන් සහ සංචාරක මඟ පෙන්වන්නන් පැවසුවාට මේ ළිඳ මුහුද හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අනාවරණය වී තිබේ.
මෙම පර්යේෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරි ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා, සමුද්‍ර පුරාවිද්‍යාඥයන් වන රසික මුතුකුමාරණ මහතා, චමල් කේ. ගමගේ මහතා, සමීර ප්‍රසංග කරුණාරත්න මහතා, නදීකා කුමාරි මහ්තමිය, මහින්ද කරුණාරත්න මහතා සහ චමිලා කුමාරි මහත්මිය යන කණ්ඩායම සහභාගි වූහ.
ඔවුන්ගේ ගවේෂණයෙන් යාපනය අර්ධද්වීපයේ පතුලක් නැති ළිඳේ අභිරහස විසඳී ඇත.
සජීව විජේවීර
ඉරිදා ලංකාදීප
තාරකා දූවිලි ගෙන ආ Stardust
------------------------------
80 දශකය මුලදී නාසා විද්‍යාඥයින් විසින් වල්ගාතරුවක් අධ්‍යයනය සඳහා යානයක් යැවීමට සැලසුම් කරන ලදී. හැලීගේ වල්ගාතරුව ගැන අධ්‍යයනයට සෝවියට් දේශය, ජපානය හා යුරෝපය යැවූ මෙහෙයුම් සාර්ථක වූ නමුත් 1986 චැලේන්ජර් ෂටල අනතුර නිස හා වියදම් ප්‍රශ්න නිසා නිසා නාසා ආයතනයේ වල්ගාතරු අධ්‍යයන මෙහෙයුම සිදු කිරීමට නොහැකි විය. 90 දශකයේ මැද භාගයේදී අඩු වියදම් Discovery කාණ්ඩයේ මෙහෙයුමක් ලෙස වල්ගාතරු ගවේෂක යානයක් යැවීමට සැලසුම් කළ අතර ඒ සඳහා 1995 දී Stardust නමින් හැඳින්වූ මෙහෙයුමක් නාසා ආයතනය විසින් තෝරා ගන්නා ලදී.
වල්ගාතරුවක් නිරීක්ෂණය කිරීම පමණක් නොව එහි සාම්පල් රැගෙන එන මෙහෙයුමක් ලෙස මෙය සංවර්ධනය වූ අතර යානය සැලසුම් කිරීම, නිෂ්පාදනය හා පාලනය ලැබුනේ Lockheed Martin සමාගමටයි. මෙහෙයුමේ ප්‍රධාන විද්‍යාඥයා ලෙස වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඩොනල්ඩ් බ්‍රවුන්ලී පත් වූ අතර මෙහෙයුම් කලමණාකරණය සිදු කළේ නාසා ජෙට් ප්රචාලන විද්‍යාගාරයයි (JPL).
මෙම මෙහෙයුමේ ඉලක්කය ලෙස තෝරා ගත්තේ Wild 2 වල්ගාතරුවයි. එයට හේතුව වන්නේ මුල් කාලයේ සූර්යයාගෙන් ඈතට යන කක්ෂයක් තිබුනත්, පසුව 1974 දී බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණය නිසා කුඩා වූ කක්ෂයක් ඒ වන විට එයට පිහිටීමයි. ඒ නිසා එය සූර්යයාගෙන් ඈතට ගමන් කළ කාලයේ තිබූ ද්‍රව්‍ය ඒ වන විටත් රැඳී ඇතැයි විද්‍යාඥයින් බලාපොරොත්තු විය.
මේ විද්‍යාත්මක අරමුණුවලට අමතරව Wild 2 වල්ගාතරුවේ කක්ෂය හා යානයේ කක්ෂය අනුව වල්ගාතරුවේ හා යානයේ සාපේක්ෂ ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 6.5 ක් තරම් අඩු අගයක් ගන්නා නිසා වල්ගාතරුවේ අංශු යානයේ ගැටෙන වේගය යානයට හානිකර නොවේ. මේ යානයේ ගැටෙන අංශු එකතු කරන ගැනීමට විශේෂ උපකරණයක් යානයේ අන්තර්ගත විය.
මීටර් 1.7 ක් දිග, මීටර් 0.66 ක් පළල, කිලෝග්‍රෑම් 390 ක ස්කන්ධය ඇති Stardust යානය ඇලුමිනියම් හා මිනිරන් ෆයිබර් වලින් නිමවා තිබුණූ අතර අමතර ආරක්ෂාව සඳහා යානය Polycyanate වලින් ආවරණය කර තිබුණි. යානය පාලනය කිරීම සඳහා හයිඩ්රසීන්වලින් ක්‍රියා කරන නිව්ටන් 4.41 ත්‍රස්ටර්ස් 8 ක් සහ නිව්ටන් 1 ත්‍රස්ටර්ස් 8 ක් අන්තර්ගත විය. මේවා සඳහා කිලෝග්‍රෑම් 80 ක හයිඩ්රසීන් යානයේ අඩංගු විය. යානයේ දිශාව හා පිහිටීම තීරණය කිරීමට සූර්ය සංවේදක දෙකක්, තාරකා සංවේදකයක් හා අවස්ථිතික මිනුම් ඒකකයක් අන්තර්ගත විය. නාසා ආයතනයේ Deep Space Network පද්ධතිය සමඟ සන්නිවේදනය සඳහා යානයේ මීටර් 0.6 ක විශ්කම්භය ඇති X-band (8-12 GHz) පරාවලයික ප්‍රධාන ඇන්ටනාවක් යානයේ තිබූ අතර තවත් කුඩා ඇන්ටනා දෙකකින්ද සමන්විත විය. විදුලි බලය සඳහා වොට් 330 ක් සපයන සූර්ය පැනල දෙකක් යානයේ අන්තර්ගත විය.
වල්ගාතරුවේ අංශු එකතු කිරීම සඳහා ටෙනිස් රැකට් එකක ප්‍රමාණයේ Aerogel වලින් සකසන ලද උපකරණයක් තිබූ අතර වේගයෙන් පැමිණෙන අංශු Aerogel තුළ සිරවේ. පසුව එම උපකරණය ආපසු පෘථිවියට පැමිණිමේ කැප්සියුලය තුළට දමා කැප්සියුලය පෘථිවියට පැමිණේ.
Aerogel යනු සිලිකන්වලින් සාදන, ස්පොන්ජ් වැනි ද්‍රව්‍යයකි. මෙහි පරිමාවෙන් 99.8% ක්ම හිස් අවකාශය වන අතර මෙහි ඝනත්වය වීදුරුවල ඝනත්වයෙන් 1/1000 ක් වේ (එනම් එකම ප්‍රමාණයේ වීදුරු හා Aerogel කැබැල්ලක් අතට ගත් විට වීදුරු කැබැල්ල, Aerogel කැබැල්ල මෙන් 1,000 ගුණයක් බර වැඩි වේ).
Stardust යානය දියත් කරනු ලැබුවේ Delta II 7426 රොකට්ටුවක් මඟිනි. 1999 පෙබරවාරි 7 වනදා කැනවරල් තුඩුවේ ගුවන් හමුදා මූලස්ථානයේ SLC-17A දියත් පුවරුවෙන් පිටත් වූ යානය සූර්ය කක්ෂයකට ඇතුල් කරන ලදී. 2000 මැයි 1 වනදා පෘථිවිය අසළින් ගමන් කරමින් ගුරුත්වාකර්ෂණ ආධාරයක් ලබා ගත් යානය 2002 නොවැම්බර් 2 වනදා 5535 Annefrank ග්රහකය අසළින් ගමන් කළ අතර අවසානයේ 2004 ජනවාරි 2 වනදා තත්පරයට කිලෝමීටර් 6.1 ක සාපේක්ෂ ප්‍රවේගයකින් Wild 2 වල්ගාතරුවට කිලෝමීටර් 237 ක් දුරින් ගමන් කරන ලදී.
ඉන්පසු 2006 ජනවාරි 15 වනදා යානය ආපසු පෘථිවිය සමීපයෙන් ගමන් කළ අතර වල්ගාතරුවේ අංශු අඩංගු උපකරණය රැගත් කැප්සියුලය පෘථිවිය බලා යොමු කරන ලදී. තත්පරයට කිලෝමීටර් 12.9 ප්‍රවේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ මෙය වැඩිම ප්‍රවේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුල් වූ යානය වේ. තත්පර 110 ක් තුළ ශබ්දයේ වේගය මෙන් 36 ගුණයක සිට ශබ්දයේ වේගයට වඩා අඩු වේගයකට යානය මන්දනය වූයේ 34g (පෘථිවි ගුරුත්වජ ත්වරණය මෙන් 34 ගුණයක්) තරම් ඉහළ මන්දනයකට මුහුණ දෙමිණි. PICA (Phenolic-Impregnated Carbon Ablator) වලින් සෑදූ තාප ආවරණය සෙල්සියස් 2,900° ක පමණ උෂ්ණත්වයකට භාජනය විය.
යූටා ජනපදයේ කාන්තාර ප්‍රදේශයකට ගොඩබසින ලද යානයේ සාම්පල් පසුව අධ්‍යයනය කළ අතර එහි වල්ගාතරුවේ අන්වීක්ෂීය අංශු මිලියනයකට වඩා අන්තර්ගත විය. ඒ අතරින් 100 ක් පමණ මිලිමීටර් 0.1 ක් පමණ වූ අතර විශාලම අංශුව මිලිමීටර් 1 ක් පමණ විය. ඒ අතර අන්තර්තාරීය අංශු (Interstellar Particles) 45 ක් පමළ අන්තර්ගත විය. සාම්පල් පරීක්ෂාවේදී හෙළි වූයේ එහි ජීවයට උපකාරී වන කාබනික අංශු විශාල ප්‍රමාණයක් ඇති බවයි. ඊට අමතරව වල්ගාතරුවේ ද්‍රව ජලය ඇති බවත් තහවුරු විය. නමුත් වැදගත්ම සොයා ගැනීම වූයේ ජීවයේ මූලික අංශු වන ඇමයිනෝ අම්ල මේ වල්ගාතරුවේ සාම්පල් අතර තිබීමයි.
සාම්පල් ගෙන ආ කැප්සියුලය නිදහස් කිරීමෙන් පසු පෘථිවිය අසළින් ගමන් කළ Stardust මව් යානය ඉන්ධන ඉතිරි නිසා තවත් නිරීක්ෂණ මෙහෙයුමකට යෙද වීමට තීරණය කරන ලදී. 2007 ජූලි 3 වනදා Stardust New Exploration of Tempel 1 (NExT) නමින් නම වෙනස් කළ යානය Tempe 1 වල්ගාතරුවට ආසන්න වීමට කක්ෂය වෙනස් කරන ලදී. 2011 පෙබරවාරි 15 වනදා යානය Tempel 1 වල්ගාතරුවට කිලෝමීටර් 181 ක් දුරින් ගමන් කරන ලදී. මෙහිදී 2005 දී Deep Impact මෙහෙයුමේදී කුඩා යානයක් මෙහි ගැටීමෙන් සෑදූ ආවාටය වසර ගණනාවකට පසු නිරීක්ෂණය කිරීමට හැකි විය. අවසානයේ 2011 මාර්තු 24 වනදා යානයේ ඉන්ධන අවසන් වූ අතර වසර 12 ක සේවා කාලය අවසන් කරමින් යානය ක්‍රියාවිරහිත කරන ලදී.
ගල් ගසා ඝාතනය කළ විශිෂ්ඨ ගණිතඥවරිය – "හයිපේෂියා"
සිරිල්ගේ හෙන්චයියන් හයිපේෂියා නිවසට ගමන් ගන්නා මාර්ගයේ රැක සිටියා. ඇය නිවසට එමින් සිටි අතර තුර මගදී ඇයව පැහැරගත් මෙම පුරුෂයන් ඇයව පාලු දේවස්තානයක් වෙත ඇදගෙන ගිය අතර එහිදී ඇයව නිරුවත් කර දූෂණය කර තිබුනා. හයිපේෂියා සටන් ශිල්පය හදාරා තිබූ නමුත් මෙම අවදියේ ඇය දුර්වලවයි සිටියේ. ඔවුන් ඇයට පහර දී අවසානයේ ඇයව ඔස්ට්රාකා (Ostraca) නමින් හදුන්වන ගල් කොටසකින් ගසා ඝාතනය කරනු ලැබුවා. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුනේ ක්‍රිස්තු වර්ෂ 415 වර්ෂයේ ආසන්න සමයක බවයි වාර්තා වන්නේ. ඇයව ඝාතනයෙන් නිනැවුතුනු ඔවුන් ඇගේ නිරුවත් සිරුර නගරය දිගේ ඇද ගෙන ගියේ දරුණු අපරාධකරුවන් ඝාතනය කර රැගෙන යන විලාශයෙන්. ඇගේ ඝාතකයන් පවසා තිබුනේ ඇය මායා කාරියක් බවත් ඇය ඇලෙක්සැන්ඩ්‍රියාව විනාශ කරන බවයි.
සම්පූර්ණ ලිපිය කියවන්න 👇
https://www.manthrana.com/.../story-of-world-first.../
ලෝක ඉතිහාසයේ නිර්මාණය වූ ම්ලේච්ඡතම සිනමාපට පෙලක්
Eaten Alive චිත්‍රපටයේ වනාන්තරය තුල සිදුවන සිදුවීම් පෙන්වන දර්ෂණ සියල්ලම පාහේ ශ්‍රී ලංකාව තුල රූගත කර තිබෙනවා. සාමාන්‍ය ලාංකික ජනයා මෙන්ම ජනප්‍රිය නලු නිලියන් කිහිප දෙනකුම මෙම සිනමාපටයෙහි දැකගන්න පුලුවන්. කෘර සත්ව ඝාතනයන් , කපාකොටා ඝාතනය කරන දර්ෂණ , සමූහ දූෂණය කිරීම් වැනි ම්ලේච්ඡ දර්ෂණ මෙම සිනමාපටය තුල පවතින නිසා මෙය රටවල් බොහොමයක් තහනම් කල අතර මෙහි අධ්‍යක්ෂකවරයා වූ Umberto Lenzi සත්ව සංවිධාන වල දැඩි විවේචනයන්ට ලක් වුනා. නමුත් ඔහු පවසා තිබුනේ ගෝත්‍රික පරිසරය නිසි ලෙස හා යතාස්වරූපයෙන් පෙන්වීමට තමාට අවශ්‍ය වූ බවයි. ඉතාලි භාෂාවෙන් මුලින් තිරගත වූ මෙම සිනමාපටයේ රගපෑම සම්බන්ධව ලාංකික නලු නිලියන්ට දැඩි විවේචනද එවකට එල්ල වී තිබුනා.
සම්පූර්ණ ලිපිය කියවන්න 👇
https://www.manthrana.com/.../10-most-disturbing-films.../
හමුවන්න Maine C**n පූසන්
Maine C**n ලොව විශාලම බලලුන් වර්ගය ලෙසයි සැලකෙන්නේ. එක්සත් ජනපදයේ Maine ප්‍රාන්තයේ සිටින මෙම බලලුන් විශේෂය සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 25ත් 100ත් අතර ප්‍රමාණයක් දක්වා විශාල විය හැකී.
පහසුවෙන් පුහුණු කල හැකි කටුක පරිසර තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස ජීවත් විය හැකි මෙම පූසන් දක්ෂ දඩයක්කරුවන්ද වනවා. 2010 වසරේදී ගිනස් වාර්තා අතරට එක්වූ Stewie නම් මෙම වර්ගයේ පූසා දැනට ලොව ජීවත් වූ විශාලම පූසා වූ අතර දිගින් සෙන්ටි මීටර 123කට ආසන්න වුනා.
මනුජිත් අබේරත්න
ලෝකප්‍රකට ගොඩනැගිලි වල සැලසුම් නිර්මාණය කල විශිෂ්ඨයන්
රම්රී දූපතේ ඛේදවාචකය
ජපන් සෙබලුන් 480ක් කිඹුලන්ට ගොදුරු වූ දෙවන ලෝක යුද්ධයේ අප්‍රකට ඛේදවාචකය
මෙම දර්ෂණය සියසින් දැක මහත් කම්පනයට පත්වූ බ්‍රිතාන්‍ය සෙබලෙක් වූ බෘස් වයිට් (Bruce White) 1962 වසරේදී මේ පිලිබදව වාර්තාවක් මෙලෙස ලියා පලකර තිබුනා.
“එය මිහිපිට අපායක් වගේ. බැලූ බැලූ තැන පාවෙන මස් කොටස්. දැවැන්ත කිඹුලන් ඔවුන්ව කොටස් වලට ඉරා තිබුනා. සමහර කිඹුලන් අඩි 20කටත් වඩා විශාලයි. විසිරුනු මස් කොටස් කන්න උකුස්සන් ආ විට කිඹුලන් යන්නට ගියා. අපට පන අදිමින් සිටි සෙබලු 20ක් පමන බේර ගන්න හැකි වුනා”
පසුව බ්‍රිතාන්‍ය හමුදාව සකස් කල වාර්තාවක කිඹුලන් විසින් මරා දැමූ ජපන් සෙබලුන් සංඛ්‍යාව 480ක් ලෙස සටහන් කර තිබෙනවා.
සම්පූර්ණ ලිපිය කියවන්න 👇
https://www.manthrana.com/.../when-crocodiles-attack.../
ජපානයේ සරසවි සිසුවියන් ප්‍රකට චිත්‍ර නිර්මාණ වලට තම උඩුකය යොදාගෙන කරන ලද අපූරු නිර්මාණයක්
මරියානා ආගාධය පිළිබඳ අප්‍රකට තොරතුරු 10ක්
1985දී සාගර පතුලේ විවිධ නිරීක්ෂණය කිරීම හා සාගර පතුලෙන් පරීක්ෂණ සාම්පල රැගෙන එම සිදුකල Gloma Challenger නෞකාවද ඉතාමත් අපූරු අත්දැකීමකට මුහුන දෙනවා. ඔවුන් විසින් මරියානාවේ ගැඹුර නිරීක්ෂණයට විශාල යකඩ බෝලයක් වැනි යමක් කේබල් ආදාරයෙන් මුහුදු පතුලට යවනු ලැබුව. එහිදී ඔවුන් එක්වරම කේබල් වල ඇදීමක් නිරීක්ෂණය කලා. දිගින් දිගටම මෙය සිදුවුනු නිසා ඔවුන් යකඩ බෝලය උඩට ඇදීම සිදුකලා. එය උඩට ඇද්ද විට ඔවුන් දැක තිබිණේ යකඩ බෝලයේ හැඩය වෙනස් වී ඇති අයුරුයි. යමක එය ගැටි හෝ කිසියම් සතෙක් විසින් එය සපා කා තිබුණා.
1960දී මරියානාව තරණය කල පලමු ගවේෂකයන් වූ ඩොන් වෝල්ෂ් හා ජැක් පිකාඩ් ඔවුන්ගේ ගවේෂණය අතරතුර එක්තරා අමුතු අත්දැකීමකට මුහුණ දෙනව. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ යම් කිසි වස්තුවක් හෝ ජීවියෙකු ඔවුන්ගේ සබ්මැරීන් වෙසලය වටා ලුහුබැද පැමිණි බවයි. එම වස්තුව හෝ ජීවියා ඔවුන්ව හොදින් නිරීක්ෂණය කල බව ඔවුන් පවසනවා.
සම්පූර්ණ ලිපිය කියවන්න 👇
https://www.manthrana.com/.../10-amazing-facts-about.../
1926 වසරේ අප්‍රේල් 21 වැනි දා, ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේ දී දෙවන එළිසබෙත් රැජින උපත ලැබුවා ය. එය මාළිගාවක් හෝ, විශාල වතුයායක් හෝ, රෝහලක්වත් නොව, ලන්ඩනයේ ජනාකීර්ණ වීථියක පිහිටි නාගරික තට්ටු නිවෙසක් විය.
ඇය ඉපදීමට සති කීපයකට ප්‍රථමව ඇගේ දෙමාපියන් පදිංචිය සඳහා පැමිණි මේ නිවෙස අයත්වූයේ, ඇගේ ස්කොට්ලන්ත ජාතික මුත්තණුවන් සහ මිත්තණිය වූ ස්ට්රැත්මෝර්හි අර්ල්වරයා සහ සිටුදේවියට යි.
"ඒ දවස්වල රාජකීය පවුලට අද වගේ මුදල් සුලබ නොවුණුබව මේකෙන් අපට මතක්කර දෙනවා. මුදල් හිඟකම් තිබුණා," රාජකීය ඉතිහාසඥ රොබර්ට් ලේසි පවසයි.
මෙහිදී ඔබ සැලකිල්ලට ගත යුතු එක් කරුණකි. ඒ, රැජින උපත ලැබුවෙ රැජිනක් වීම සඳහා නොවනබව යි - එකල, රජුගේ කනිෂ්ඨ පුත්‍රයාගේ දියණිය වූ ඇය රජකම ලබනු ඇතැ යි කිසිවෙකුත් බලාපොරොත්තු නොවීය.
https://www.bbc.com/sinhala/world-59892676
1986 අගෝස්තු මාසේ 12 වෙනිදා වයඹදිග කැමරූන්හි පිහිටි නියෝස් ජලාශය ආශ්රිත ගම්මානවලට කිසිත් කිසිදා නොසිතූ අන්දමේ එක්තරා භයංකාර ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනා.
පසුදා අවදිවීමේ සුපුරුදු බලාපොරොත්තුවෙන් නින්දට වැටුනු ගම්වැසියන් මේ නිදන්නේ තම අවසන් නින්ද බව සිහිනෙන් හෝ නොසිතන්නට ඇති. එදා රාත්‍රියේ සියල්ලන්ම නින්දෙන් පසුවන අතරේ මේ ගම්මානයේ සෑම නිවසක් කරාම මාරයා පැමිණ තිබුනේ කුණාටුවක් තරම් වේගයකින් නමුත් තුරුපත් සැලෙන තරමේ හෝ හඬක් නොනගමින්. ප්‍රතිඵලය වුනේ ගම්වාසීන් 1746 දෙනෙකු සහ සත්වයින් 3500කට අධික පිරිසක් නින්දෙන්ම මරණය වැලඳ ගැනීමයි. යාන්තමින් මාරයාගේ බිල්ලට හසු නොවී ජීවත් වීමේ වරම ලැබුනේ හයදෙනෙකුට පමණයි.ඒ හය දෙනා හැරුනු කොට ගෙවීගිය රාත්‍රියේ ඒ ප්‍රදේශයේ පොළව මත පයගසා සිටි සෑම ජීවියෙක්ම නින්දෙන්ම මරණය වැළඳගෙන තිබුනා.මියගිය ඇතැමුන්ගේ නාසය සහ මුඛය අවට රුධිර පැල්ලම් පෙනෙන්නටද තිබුනා...
ඇත්තෙන්ම එදා රාත්‍රියේ සිදුවූයේ කුමක්ද..? මේසා පිරිසක් එක රැයකින් රහසින්ම ඝාතනය වුනේ කෙසේද..? එය දේව ශාපයක්ද... අන්තරීක්ෂ ජීව කොට්ටාසයක බලපෑමක්ද... නැතිනම් වෙනත් ජීව විද්‍යාත්මක බලපෑමක්ද..! පරීක්ෂකයන් මේ සිදුවීමේ ඇතුලාන්තය හොයන්න වෙහෙසුනා. අවසානයේ මේ දරුණු ඝාතකයා සොයාගැනුනා. ඒ තමයි මේ සියල්ල දෙස නිසොල්මනේ බලාසිටි නියෝස් ජලාශය. නියෝස් ජලාශය නිර්මාණය වෙලා තියෙන්නේ ගිනිකඳු ආවාටයක. ගිනිකඳු ආවාටයට ඇතුලතින් භූමි අභ්‍යන්තරයේ සිදුවන ප්‍රතික්‍රියා නිසා බොහෝවිට මේ නයෝස් ජලාශයේ ජලයේ ඉහළ කාබන්ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණයක් දියවී පවතිනවා. එදා රාත්‍රියේ සිදුවී තිබුනේ මේ විදියට ජලාශයේ ජල ස්ථරයට යටින් සිරවී තිබූ ටොන් ගණනක කාබන්ඩයොක්සයිඩ් වායු පරිමාවක් කිසියම් හේතුවක් නිසා එක්වරම මතුපිටට පැමිණීමයි.
හරියටම කාබන්ඩයොක්සයිඩ් බෝම්බයක් පිපිරුනා වගේ එක පාරටම. කාබන්ඩයොක්සයිඩ් වායුව සාමාන්‍යය වායුගෝලයේ ඝනත්වයට වඩා වැඩි ඝනත්වයකින් යුක්ත වන නිසා මේ විදියට නිදහස් වුන වායුව වායුගෝලයේ ඉහළ නගිනු වෙනුවට ජලාශයේ සිට කිලෝමීටර 25ක අරයක් තුල පවතින සියළුම පහළ ගම්මාන ප්‍රදේශ කරා පැයට සැතපුම් 62ක (එනම් පැයට කිලෝමීටර 100) පමණ වේගයකින් සුනාමියක් මෙන් ගලාගොස් තිබුනා. අවසානයේ කිසිත් නොදැන නිදාසිටි මිනිසුන්ගේ හිසට ඉහළින් මීටර් කීපයක ගණකමකින් යුක්ත කාබන්ඩයොක්සයිඩ් වායු ස්ථරය පාවෙමින් තිබුනා.
මිනිසා ඇතුළු සත්වයන්ගේ ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍යය වායුව වන්නේ ඔක්සිජන් වායුවයි. නමුත් සෛලීය පරිවෘත්තිය ක්‍රියාවලදී නිශ්පාදනය වන අපද්‍රව්‍ය වායුව තමයි කාබන්ඩයොක්සයිඩ් වායුව. සත්වයන් ආශ්වාසයේදී ඔක්සිජන් අරගෙන ප්‍රාස්වාසයේදී කාබන්ඩයොක්සයිඩ් පිටකරන්නේ ඒ නිසයි. යම් හෙයකින් මේ ඔක්සිජන් වායුව අපට නොලැබුනහොත් කුමක් වේද. එවිට නිසැකවම සිදුවන්නේ ශරීරයේ ජීව ක්‍රියාවලි පවත්වාගත නොහැකිව අප මරණයට පත්වීමයි. එදා නියෝස් ජලාශය අවට මිනිසුන්ට සහ සතුන්ට සිදුවුනේද එයමයි.
දැඩි කාබන්ඩයොක්සයිඩ් ස්ථරයක ගිලීසිටි ඔවුන් හුස්මගැනීමට නොහැකිව(එනම් ශරීරයට අවශ්‍යය ඔක්සිජන් වායුව නොලැබ) මියගියේ ඒ අයුරෙන්. මේ සිදුවීමෙන් පසුව වසර ගණනාවක් යනතෙන් මේ ප්‍රදේශවල කිසිවෙකු ජීවත් වුනේ නැහැ.නමත් සිදුවීමෙන් දීර්ඝ කාලයකට පසු නැවතත් ඒ ප්‍රදේශ ජනාවාස වී තිබෙනවා.අනාගතයේදී මෙවැනි ඛේදවාචක ඇතිවීම වැළැක්වීමේ අරමුණින් 2001 වසරේදී විද්‍යාඥයන් විසින් නියෝස් ජලාශ පතුලේ සිරවී පවතින කාබන්ඩයොක්සයිඩ් වායුව ඉවත් කර ඉහළ වායුගෝලයට නිදහස් කිරීම සඳහා විශේෂිත නළ පද්ධතියක් නිර්මාණය කර ජලාශ පතුලේ සවිකල නිසා එතැන් පටන් ඒ අවට මිනිසා සහ සත්වයා ආරක්ෂාවේවි. සියල්ල සාර්ථකව විසඳුනත් මේසා විශාල කාබන්ඩයොක්සයිඩ් වායු පරිමාවක් එකවරම නිදහස් වීමට හේතුවූයේ කුමක්දැයි යන්න පිළිබඳ තවම ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්. ඇතැමුන් එය විල් පතුලේ භූ තැටිවල සිදුවූ සුළු වෙනස්කමක් යැයි මතයන් ඉදිරිපත් කර තිබුනත් එය පවා තවම සනාත වී නැහැ.
මේ අතරේ මීට වෙනස්ම මතයක්ද ගොඩනැගී පවතිනවා.එනම් මෙයට මුල්වූයේ ඊශ්‍රායල සහ කැමරූන් හමුදා එක්ව සිදුකල රහසිගත බෝම්බ අත්හදා බැලීමක් යන්නයි. මේ සිදුවීමට වසර දෙකකට පෙර මේ ආශ්රිත ප්‍රදේශයකම මෙවැනි කාබන්ඩයොක්සයිඩ් නිදහස් වීමකින් මිනිස් ජිවිත 37ක් අකාලයේ මියයෑම මේ හමුදා කුමන්ත්‍රණ මතයට පක්ෂව ඔවුන් නගන ප්‍රබල සාක්ෂියයි. නමුත් සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න දන්නා කිසිවෙකු තවමත් ලොව නැත.
1900 ගණන්වල මුල් භාගය වන විට, රටපුරා මත්පැන් තහනම් කිරීමේ අදහස කොන්ග්‍රසයේ සැලකිය යුතු විවාදයක් බවට පත් විය. එක්සත් ජනපදය පළමු ලෝක සංග්‍රාමයට අවතීර්ණ වූ විට, කොංග්‍රසයේ තහනමේ යෝජකයින්-විපක්ෂයට වඩා 140 සිට 64 දක්වා--ජාතික මත්පැන් තහනමක් සඳහා නව සාධාරණීකරණයක් දුටුවේය: මත්පැන් නිෂ්පාදනය සීමා කිරීම, ධාන්‍ය වැනි වැඩි සම්පත් යුද්ධයට වෙන් කරනු ඇත. 1917 ජුනි මාසයේදී, රටපුරා මත්පැන් තහනම් කිරීම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස යෝජනා වූ අතර අවසානයේ දෙසැම්බර් වන විට සභා දෙකේදීම සම්මත විය.
එය යුධ කාලීන අභිප්රායන් ඇති බව පැවසුවද, 1919 ජනවාරි මාසයේදී යුද්ධය අවසන් වන තුරු සංශෝධනය අනුමත නොකළේය. කෙසේ වෙතත්, 18 වැනි සංශෝධනය ලෙස මත්පැන් තහනම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලද අතර, නිෂ්පාදනය සහ විකිණීම තහනම් කරන ලදී (නමුත් පරිභෝජනය නොවේ) "මත් විය හැකි මත්පැන්" නව සංශෝධනය උල්ලංඝනය කිරීම සඳහා දඬුවම් ගෙනහැර දැක්වීම සඳහා, කොංග්‍රසය ජනාධිපති වුඩ්රෝ විල්සන්ගේ නිෂේධ බලය මත ජාතික තහනම් පනත සම්මත කළේය. මෙම පනත මගින් රට තුළ සියලුම මත්පැන්, වයින් සහ බියර් තහනම් කරන ලද අතර එක්සත් ජනපදය 1920 ජනවාරි 17 වන දින "වියළි" බවට පත් විය.
18 වැනි සංශෝධනය සහ ජාතික තහනම් පනත යටපත් කිරීමට ඇමරිකානුවන් වැඩි වැඩියෙන් නිර්මාණශීලී ක්‍රම සොයා ගත්හ. මත්පැන් "බූට්ලෙගර්" විසින් භාවිතා කරන ලද එක් ක්‍රමයක් වූයේ කාර්මික මධ්‍යසාර (තහනම් කර නොතිබූ) සොරකම් කර ඒවා බීම ලෙස නැවත විකිණීමයි.
තහනම් කාලය තුළ මිනිසා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරයි
මෙම ක්‍රියාව කෙතරම් ප්‍රචලිත වීද යත් (1920 ගණන්වල මැද භාගය වන විට වාර්ෂිකව ගැලුම් මිලියන 60ක් සොරකම් කර ඇත) භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව කාර්මික මධ්‍යසාරවලට ආකලනවලින් වස දෙන ලෙස නිෂ්පාදකයින්ට නියෝග කර, පරිභෝජනය අධෛර්යමත් කිරීම සඳහා “ඩීනේටඩ් ඇල්කොහොල්” නිර්මාණය කළේය. හොර රහසේ රසායන විද්‍යාඥයින් මධ්‍යසාර නැවත ලබා ගැනීමට ක්‍රම සොයා ගත් විට, මෙතනෝල් වැනි මාරාන්තික විෂ පවා එකතු වූ අතර, අවලංගු කළ මධ්‍යසාර පිළිබඳ රෙගුලාසි වැඩි විය.
එ.ජ. ආන්ඩුව විසින් හිතාමතාම කාර්මික මධ්‍යසාර විෂ කිරීම නිසා ඔවුන්ගේ බීම වර්ග පානය කළ දහස් ගණනකගේ අංශභාගය හා මරණයට හේතු විය. කාර්මික මධ්‍යසාර වලින් සාදන ලද එක් විශේෂිත මිශ්‍රණයක් - ජින්ජර් ජේක් - ඇමරිකානු මත්පැන් පානය කරන්නන් 100,000 ක් පමණ අඩපණ කිරීමට වගකිව යුතු බව වාර්තා වේ. සමස්තයක් වශයෙන් ගත් කල, මෙම කාල සීමාව තුළ 10,000 ක් පමණ denatured මත්පැන් පානය කිරීමෙන් මිය ගිය බව ගණන් බලා ඇත.
කැලිෆෝනියාවේ එක්සත් ජනපද භූමි ප්‍රදේශයෙන් රත්රන් සොයා ගැනීම ගැන අප බොහෝ දෙනා දනිති, එය ප්‍රදේශයට සංචාර දිරිමත් කළ, ආර්ථික සංවර්ධනයට සහාය වූ, කැලිෆෝනියාවේ අවසාන රාජ්‍යත්වයට තුඩු දුන් සහ සැන් ෆ්රැන්සිස්කෝගේ පාපන්දු කණ්ඩායමේ පසුකාලීන නාමයට බලපෑම් කළේය. කෙසේ වෙතත්, මේ සියල්ල සිදු වූයේ මීට වසර පනහකට පෙර උතුරු කැරොලිනාවේ ආරම්භ වූ එක්සත් ජනපදයේ පළමු රන් රංචුව විසින් බව ඔබ නොදන්නවා විය හැකිය.
1799 දී, 12 හැවිරිදි කොන්රඩ් රීඩ් තම දෙමාපියන්ගේ ගොවිපලේ දිය පහරක සෙල්ලම් කරමින් සිටියදී, අමුතු පෙනුමක් ඇති රාත්තල් 17 ක පර්වතයක් හරහා පැකිලී ගියේය. එය නිවසට රැගෙන ගිය පසු, ඔහු එය ඔහුගේ පවුලේ අයට පෙන්වූයේ එය විශිෂ්ට දොරකඩක් වනු ඇතැයි හැඟී ගිය අතර එය වසර කිහිපයක් තිස්සේ සිදු විය. පසුව, 1802 දී, කොන්රාඩ්ගේ පියාට පර්වතය වටිනා විය හැකි බවට ඉඟියක් තිබිය යුතුය, එබැවින් ඔහු එය දේශීය ස්වර්ණාභරණ වෙළෙන්දෙකුට පෙන්වීය. එය රත්තරන් බවත්, ජෝන් රීඩ්ට එහි වටිනාකම ගැන දැනුමක් නොතිබිය යුතු බවත් වටහාගත් ස්වර්ණාභරණ වෙළෙන්දා ඩොලර් 3.50 කට (අද ඩොලර් 63 ක් පමණ) ගැටිත්ත මිලදී ගැනීමට ඉදිරිපත් විය.
රීඩ් පසුව තම පුතාගේ සොයාගැනීමේ සැබෑ වටිනාකම දැනගත් අතර, තවත් බොහෝ දේ සඳහා ඔහුගේ ඉතිරි ඉඩම පිරික්සීමට උදව් කිරීමට ප්‍රදේශයේ මිනිසුන් කිහිප දෙනෙකු රැස් කළේය. එක් අවස්ථාවක, ඔවුන්ට රාත්තල් 28ක් බර ඊටත් වඩා විශාල කුට්ටියක් හමු වූ අතර, එය දේශීය ඉඩම් හිමියන් සහ පුවත්පත් අතර කැළඹීමක් ඇති කළේය. ඉන් පසු පළමු වසර කිහිපය තුළ, ප්‍රදේශයේ ගොවීන් ඔවුන්ගේ පෞද්ගලික ඉඩමෙහි තමන්ගේම සෝදිසි කිරීම් සිදු කිරීමට පටන් ගත් අතර, ඒවා සාර්ථක වූ නමුත් කෙටිකාලීන විය - ඉක්මනින්ම, ඇළ පාත්ති සහ අනෙකුත් නොගැඹුරු ප්‍රදේශ පිරිසිදු කරන ලදී. 1824 වන විට, ෆිලඩෙල්ෆියා මින්ට් හි රන් අවුන්ස 2,500 කට වඩා තැන්පත් කර ඇත.
1825 දී, උතුරු කැරොලිනාවේ මොන්ට්ගොමරි ප්‍රාන්තයේ මිනිසෙක් පළමු ලෝඩ් පතල් පතුවළ කැණීම් කර, රන් කැණීමේ තාක්ෂණය ප්‍රගතිය කරමින් සහ පතල් වෘත්තිය දියුණු කළේය. පසුව 1830 ගණන් වන විට පතල් කිහිපයක් ස්ථාපිත කරන ලද අතර 1835 දී ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විසින් අලුතින් සොයාගත් රත්රන් ටංකනය කිරීම සඳහා නව ශාඛා තුනක් විවෘත කරන ලද නීතියක් අත්සන් කරන ලදී. මෙම පළමු රන් හඹා යාමෙන් ඇති වූ දක්ෂ පතල් කම්කරුවන්ගේ ක්‍රමයෙන් වැඩි වීම 1849 කැලිෆෝනියාවේ කඩිමුඩියේ සාර්ථකත්වයට මග පෑදීය.
එදින සවස තෘප්තිමත් අයින්ස්ටයින් ඔහුගේ 72 වැනි උපන්දින සාදයෙන් පසු මෝටර් රථයකට ගොඩ විය. ඡායාරූප ශිල්පී ආතර් සාසේ විවෘත දොරක් වෙත ගොස් පින්තූරයක් ඉල්ලා සිටියේය. අයින්ස්ටයින් හැරී දිව දිගු කළේය - ඡායාරූප ශිල්පියා එම මොහොත අල්ලා ගැනීමට සමත් විය.
මුල් පින්තූරය විශාල වන අතර පසුව පමණක් ප්‍රතිමූර්තියකට කපා ඇත - අයින්ස්ටයින් විසින්ම මෙම ඡායාරූපය අගය කර එය ඔහුගේ සියලු සුබපැතුම් පත් වලට ඇතුළත් කළේය.
ගණිකා වෘත්තිය "ලෝකයේ පැරණිතම වෘත්තිය" ලෙස හඳුන්වනු ඔබ අසා ඇති අතර, ඕනෑම ආකාරයක වාර්තාගත ඉතිහාසයක් ඇති සෑම සංස්කෘතියකම හෝ සමාජයකම පාහේ ගණිකාවන් ගැන සඳහන් වේ. ශිෂ්ටාචාරයක් වෙළඳාම් කිරීම සහ ධනය වර්ධනය කිරීම ආරම්භ කළ වහාම, එම ශිෂ්ටාචාරයේ ඇතැම් සාමාජිකයන් ලිංගිකත්වය සඳහා භාණ්ඩ හෝ මුදල් ලබා ගනී.
ගණිකා වෘත්තිය, ඇත්ත වශයෙන්ම, ලෝකයේ පැරණිතම වෘත්තිය නොවුනත් - ගොවීන්, දඩයම්කරුවන් සහ එඬේරුන් බොහෝ විට මුලින්ම අවට සිටියෝය - මෙම කියමන ආරම්භ වන්නේ 1888 දී රඩ්යාඩ් කිප්ලිං ගණිකාවක් පිළිබඳ කථාවක් ආරම්භ කිරීමත් සමඟ “(ලාලුන් සාමාජිකයෙකි). ලෝකයේ පැරණිතම වෘත්තියෙන්." "ලෝකයේ පැරණිතම" ලෙස එහි තත්ත්වය කුමක් වුවත්, විවිධ සංස්කෘතීන් තුළ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ දැඩි ලෙස වෙනස් මත පවතින බැවින්, ගණිකා වෘත්තිය වඩාත් මතභේදාත්මක වෘත්තීන්ගෙන් එකකි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Borella Cross Road, 07 Colombo
Colombo, 00070
Sri Lankan based entertainment company
Colombo
Colombo, 00500
We organise parties and events for kids of all ages! DECOR | GAMES & ACTIVITIES
Colombo, 800
Dj Sounds For Any Occasiond Wedding Entertainment Equipment Lighting Systems LED Video Wall Projector School Events Corporate Events Wedding planning Kids Events Balloon Decors
Colombo, 00400
Whether you know it or not, happiness is essential to human life. Come enjoy it with us