Travel for Education

Traveling is not something you are good at. It's something you do LIKE BREATHING

09/06/2024

ඉරිදා දවසට පාලු වෙන කොළඹ...

03/06/2024

ගෙදර ඉන්න වෙලාවට පොඩ්ඩක් එළියට ගිහින් බලන්න...
ලස්සන දේවල් තියෙනවා...ගොඩාක්

23/05/2024

මේ දවස් වල අර අතුරුදහන් කරවන කැළේ...
😍🤦‍♂

19/05/2024

මේ පුදබිමට ගිහින් තියන අය කව්ද?
සිත නිවෙන තැනක්....

12/05/2024

කෝ ගියපු අය...
මේ කොහෙද කියමූ...

11/05/2024

මේ Park එක අදුරනවා ද?...
කෝ බලන්න ගියපු අය..

Photos from Travel for Education's post 09/05/2024

බයියෝ නාපු වැව නොහොත් බේරේ වැවේ ඉතිහාසය 💪
අද මැයි 9 බොලව්...

අද අපි කතා කරන්නේ අදින් හරියටම අවුරුදු දෙකකට කලින් නම වෙනස් උන බයියෝනාපු වැවේ ඉතිහාසය කියන්න..

ඒ අනුව අක්කර 400 ක පමණ පැතිරී තිබෙන බේරේ වැව ඉදිකිරීම සිදු කරනු ලැබුවේ පෘතුගීසි විසින්. ඒ 1521 වර්ෂයේදීයි..

බේරේ කියන නම යොදපු විදිය ගැන විවිධ මතවාද තියෙනවා. බේර (Beira) නම් ඉංජිනේරුවරයා වැව හදන්න මුල් වුණ නිසා ඔහුගේ නම යෙදුවා කියලත් මතයක් තියනවා.
ඒ වගේම එය ඩි බියර් (De Beer) නම් ලන්දේසි ඉංජිනේරුවරයාගේ අවසන් නමෙන් බිඳී ආ එකක් බවටත් මතයක් තිබෙනවා..
කොහොම උනත් ලන්දේසී ඉංග්‍රීසි සමයේ මේ වැව හරි සුන්දරයි..

හැබැයි පස්සේ පස්සේ ඔක්කොම කුණු බේරුවල් බොක්කට කීවාක් මෙන් කොළඹට තදාසන්න ෆැක්ටරි 5000 කට අධික කුණු නළ කලෙක එල්ල වුණේ මේ කියෙන බේරේ වැවටයි...
ඉස්සර නම් මේ ලගින් යන්නවත් බෑ ගදේ බෑ...
හැබැයි දැන් නම් ඒ තත්වේ නෑ ටිකක් සමනය වෙලා...

කොහොමෙන් කොහොම හරි මේ බේරේ වැවෙන් නියම ප්‍රයෝජනය ගත්තේ මීට අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක... ඒ රාජපක්ෂ පාලනයට සහය දෙන්න ආපූ බයියෝ රෙදි ගලෝගෙන ඒකේ නාවපු එක..
අන්න ඒක තමා නියම වැඩේ...

ඉතින් අද ඉදන් ඔයාලත් මේ බයියෝ නාපු වැව ගැන මීට වඩා අවදානෙන් ඉන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි..

05/05/2024

Train එකේ Kandy යමුද?... 😍🇱🇰
කෝ බලන්න ඔයාලගේ photo..

30/04/2024

මේ අපි යන්නේ ගම්පහ තියෙන ඇල්ලක් බලන්න..🌿🌳
මේ පාර මතක අය කෝ....
🌿

27/04/2024

මේ මල ගැන කවුද දන්නේ.... 🌺🌸
මේ දවස් වල ඉබේ පිපිලා තියෙනවා ඕන අය කියන්න
අපි නිකන් දෙන්නේ....

13/04/2024

වැඩි වැඩියින් travel කරන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා... 😍😇

09/04/2024

ඔයාලත් ආගිය පාරක් ද මේක ??
මේ කොයි හරියෙද බලමූ 💚🥰

08/04/2024

කවුද මෙතන නතර වෙලා කාලා තියෙන්නේ

Photos from Travel for Education's post 08/04/2024

නන්දිමිත්‍ර යෝධයා උපන් - කිඹුලාගල💪💪🏿🪨🍃🍂

අද අපි කතා කරන්න යන්නේ දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධ සේනාවේ සිටි නන්දිමිත්‍ර යෝධයා උපන් බිම ගැනයි...

අනුරාධපුර රාජධානියේ උතුරු කොටසේ වැව් නිමාවේ මෙම ගම පිහිටා තිබෙනවා..

කුඩා කල මිත්‍ර නම් වූ ඔහු පසුව නන්දිමිත්‍ර බවට පත්වුන කතාව හැමෝටම මතක ඇතිනේ..

දුටු ගැමුණු රජු යුධ කටයුතු අවසන් වූ පසු දිවයිනේ උතුරු නැගෙනහිර කොටස්වල ආරක්ෂාව නන්දිමිත්‍ර යෝධයා ට පැවරූ බව කියවෙනවා...

මහාවංශය සඳහන් කරන ආකාරයට නන්දිමිත්‍ර උපත ලැබුවේ නැගෙනහිර කඩදොර ගමෙහි චිත්තපබ්ත සමීපයෙහි යි.
ඒ වගේම මේ පර්වතය නන්දිමිත්‍ර යෝධයාගේ සටන් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබූ බවට සඳහන් වෙනවා...
ඒ හේතුවෙන් දුටුගැමුණු මහරජතුමාද නිතර පැමිණි ස්ථානයක් ලෙසද මෙම ස්ථානය සැලකෙයි..

මෙම ගල කිඹුලකුගේ හැඩයෙන් යුතු වීම නිසා කිඹුලාගල නම්වී තිබෙනවා..
ගල් තලාව ශෛලමය කන්දක් මත පිහිටා තිවෙනවා..
ඒ වගේම 360° කෝණයකින් අනුරාධපුර, වව්නියාව, ත්‍රිකුණාමලය, මන්නාරම හා මුලතිවු යන දිස්ත්‍රික්ක ප්‍රදේශයන් හරි අපූරුවට මෙතනට පේනවා..

මෙම කන්ද මුදුනේ කටාරම් ලිපි හා සෙල්ලිපි පවතිනවා...

මෙම කන්ද තුළ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවස දක්වා කාල පරාසය තුළ බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියවුණු ලෙන් ලිපි 13ක් කටාරම් කෙටූ ගල්ලෙන් 23ක් තියෙනවා...

කිඹුලාගල දෙපසින් ඒරුපොතාන හා නීරාවිය යන ඓතිහාසික ස්ථානයන් පිහිටා තිබෙනවා..

පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේදී ත්‍රස්තවාදීන් යටතේ තිබූ මෙම ප්‍රදේශය රජයේ භාරයට ගෙන යුද්ධ හමුදා මැදිහත්වීමෙන් නැවත ජනපදකරණයට ලක්කර තිබෙනවා...

කන්ද ඉදිරිපිට මාර්ගයේ අනික් පස මහාචාර්ය සරත් මල්දෙණිය මහතාගේ සැළසුමක් මත යුද්ධ හමුදා ශ්‍රමයෙන් ඉදිකළ නන්දිමිත්‍ර යෝධයාගේ විශාල පිළිරුවක් දැක ගන්න පුලුවන්...

ඒ අසලම වන්නි පුරාවිද්‍යා හා ජන කෞතුකාගාරය තියෙනවා.. එයද නොමිලේ නැරඹන්න පුලුවන්...

වව්නියාව නගරය පසු කර හොරොව්පතාන මාර්ගයේ ඉදිරියට ගියවිට හමුවන මාමදුව පාරන් හැරී සැතපුමක් 2ක් පමණ දුරින් පිහිටි වනාන්තරය මධ්‍යයේ මෙම ඓතිහාසික කිබුලාගල පර්වතය පිහිටා තිබෙනවා...

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

අහ්හ්හ් අමතක කරන්න එපා ස්වභාව දහමට ආදරේ කරන ඔයාලට
අපේන් gifts ගන්න පුලුවන්
ඒකතු වෙන්න අපේම අනිත් page එකට ඒ තමා
plants
අපේම තමා...

https://www.facebook.com/profile.php?id=100087082330857&mibextid=LQQJ4d

07/04/2024

මේ පාර ඉවර වෙන්නේ ලංකාවේ ඉපැරණි පොකුණකින්..
මේක පුරාවිද්‍යා රක්ෂිතයක්...

මේ කොහෙද කියන්න බලන්න

මේ පාරෙනම් කවුරුත් වැඩිය ගිහින් නෑ නේ??

06/04/2024

කියමු බලන්න මේ කොහෙද? 😇🩷

Photos from Travel for Education's post 05/04/2024

උදේ නැගිටලා මේ වගේ පාරක ඇවිදන් වැඩට යන මිනිස්සු කොච්චර ඉන්නවාද?

අපිට දැක්කම ආස වුණාට ඒ මිනිස්සු කොච්චර කට්ටක් කනවා ඇතිද?

ඒත් උදේම මේ වගේ දසුනක් දැකලා හිත පිනවන එකම ඇති..
🙏Sujeewa

04/04/2024

මේ කොහෙද? කවුද ලගදි ගියේ?
ඒ photo දාන්න බලන්න 😇🌿

Photos from Travel for Education's post 04/04/2024

මුල්කිරිගල - පුංචි සීගිරියට යමූ.. ⛰☸️🙏
Mulkirigala Rock Temple

අද අපි කතා කරන්න යන්නේ සීගිරිය ගැන නෙමේ හැබැයි පුංචි සීගිරිය ගැනයි...

තවත් පැහැදිලි කලොත් මුල්ගිරිගල, මුල්කිරිගල, මුහුදුගිරි, මුවතිටිගල, මුලාගිරිය යන අන්වර්ථ නම්වලින් හැඳින්වෙන ලෙන් විහාර සංකීර්ණය ගැනයි...

මේ විහාරයට පුංචි සීගිරිය කියලා නම වැටුනේ මේ විහාරය සීගිරිය වගේ පර්වතයක් මත ඉදිව ඇති නිසයි..

ක්‍රි.පූ. 2-3 සියවස්වලදී මෙය නිර්මාණය වූ බව ඉතිහාසය සාක්ෂි සපයයි...

මේ විහාරයට මුල්කිරිගල යන නම වැටුනේ මෙහෙමයි..

සද්ධාතිස්ස රජුන් දඩයමේ යනවිට හමු වූ වැද්දකු විසින් මේ ගල රජුට පෙන්වා මෙහි විහාරයක් තැනීමට සුදුසුයයි කී බවද, “මූ කිව් ගල” යන ශබ්දයෙන් බිඳී පසුව මුල්කිරිගල වූ බව එක් කතාවෙක සඳහන් වෙනවා....

මේ බව මුල්කිරිගල විහාරයේ ඇති එක් සිතුවමකද ඇද දක්වා තිබෙනවා.

මුල්ගිරිගල විහාරය අඩි 350 ක්‌ පමණ උස ගල් පර්වතයක්‌ ආශ්‍රිතව තමා ගොඩනඟා ඇත්තේ...

මෙහි ඇති බුදුපිළිම හා ලෙන් විහාර දුටුගැමුණු, අග්බෝ, ධාතුසේන ආදී රජවරුන් විසින්ද, වළගම්බා රජුගේ අමාත්‍යයකු වූ මුලව විසින්ද කලින් කල කරවන්නට ඇතැයි සැලකේ...

පසු කාලයේ වල් වැදී පවතිනවිට යළි සොයාගෙන ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් බවත් සදහන් වෙනවා..

මේ ලෙන් විහාර සංකීර්ණයට ලෙන් විහාර හතකින් සමන්විතයි...

මේ හැම ලෙනක්ම සුවිසල් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගෙන් සහ බොහෝ ගණනක් හිඳි/හිටි පිළිමවලින් යුක්තයි....

ඔයාලා දන්නවද
ලෙන් විහාරය පිහිටා ඇති ගල් පර්වතය විශාලයි...

එහි බිමෙහි සිට මුදුන්තලය දක්‌වාම විහිද යන්නා වූ ආකාරයට විහාර සංකීර්ණය දක්‌නට ලැබෙනවා...
එය සකස්‌ වී ඇත්තේ පහත මළුව, මැද මළුව, උඩ මළුව ලෙසයි..

මෙහි අපූර්වත්වය විදින්න නම් යන්නම ඔනේ...
මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රධායට අයත් සිතුවම් රැසක් මේ විහාරය සතුයි.

මුල්ගිරිගල විහාරය දකුණේ රුහුණු පුරවරයේ වන්දනාවේ යෙදෙන බොහෝ දෙනකුගේ අවධානයට පාත්‍ර වන බෞද්ධ සිද්ධස්‌ථානයකි.

මෙතනය යන්නේ මෙහෙමයි බෙලිඅත්ත – වීරකැටිය මාර්ග‍යේ මුල්කිරිගල හන්දි‍යෙන් මුල්කිරිගල – ම‍කේවල මාර්ග‍යේ සැතපුමක් පමණ ගිය විට මුල්කිරිගල විහාරයට ප්‍ර‍වේශ මාර්ගය හමුවේ...

පින්තූර මුල්හිමිකරු සතුයි....

01/04/2024

දන්න අය කියමු බලන්ම මේ මොන රක්ෂිතය ද කියලා...
🪴🌿

30/03/2024

කාලේකට විතරක් පිපෙන මේ මල කව්ද දන්නේ කියන්න?
Travel කරන අය කියමු බලන්න
අපි දැක්කෙත් අද 😍🌺

29/03/2024

Train එකේ යද්දි මේ පේන දිය ඇල්ල කියමු බලන්න...🌿🩷😍

28/03/2024

ඔන්න අද අලුත් පාරක්
මේ කොහෙද කියමු බලන්න....
😍🌿🪴

Photos from Travel for Education's post 28/03/2024

දාගැබ් 61ක් සහිත - කදුරුගොඩ විහාරය🙏☸️
Kadurugoda viharaya

අද අපේ කතාව යාපනයේ තියෙන බෞද්ධ ජනතාවගේ පූජනීය ස්ථානයක් කිව්වොත් වඩාත් නිවැරදී... එය නමින් කදුරුගොඩ විහාරයයි..

එහි ස්වභාවය අනුව ඔබට මේ විහාරයේ වටිනාකම නම් අදින් පස්සේ ඔයාලට අමතක වෙන එකක් නෑ...

සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධි අංකුරය වැඩමකරද්දී, මෙරටට වැඩම කළ බව කියන රහතන් වහන්සේලා හැට නමක් වැඩසිට අපවත්වූ බව කියන විහාරය මෙය බව විශ්වාස කරනවා..

මෙම විහාර භූමියේ විශේෂත්වය වන්නේ ලංකාවේ වෙනත් කිසිම තැනක දක්නට නොමැති ආකාරයෙන් එකම ආකෘතියකට විවිධ ප්‍රමාණයේ කුඩා දාගැබ් රාශියක් එකලඟ ගොඩනගා තිබීමයි....

මේ දාගැබ් මෙහිදී අපවත්වූ රහතන් වහන්සේලා හැට නමගේ ධාතු නිදන්කොට තැනු ඒවා බවට විශ්වාසයක් තිබෙනවා..

කුඩා දාගැබ් 61 ක් පමණ දක්නට මේ භූමියේ පවතිනවා..

මෙය ජාවා ආභාසය ඇතිව කළ නිර්මාණයක්දැයි සැකයක් ද පවතින බව සදහන් වේ.. ඒ වගේම වසර 2000කට පෙර තමා මේ ඉදිකිරීම් සිදුකරලා තියෙන්නේ...

යාපනය දිස්ත්‍රික්කයේ හුණුගම තමා මේ විහාරය පිහිටලා තියෙන්නේ..

මෙහි ඇති විශාල දාගැබ වන්දනාමාන කටයුතු සඳහා යොදා ගන්නට ඇති බව කියවෙනවා... විවිධ ප්‍රමාණයේ දාගැබ් ඉදිකිරීමට හේතුව වන්නේ රහතන් වහන්සේලාගේ ජෙෂ්ඨත්වය අනුව බවයි විශ්වාස කෙරෙන්නේ...

මහාවංශයට අනූව දේවානම්පියතිස්‌ස රජු (ක්‍රි.පූ. 250 – 210) විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා තැනින් තැන ගල්කණු සිටුවූ බවත් ඉන් එක් ස්ථානයක් ලෙස මෙම කදුරුගොඩ විහාරය හදුනාගත් බවත් සදහන් වේ...

විහාර හා පුදබිම් නාමාවලිය වන “නම් පොත” හෙවත් “විහාර අස්නෙ”හි විස්තරය අනුව මේ පාචීනාරාමය ලෙස සදහන්ව ඇත්තේ අද කදුරුගොඩ විහාරය බව හඳුනාගෙන තිබෙනවා...

මෙම පරිශ්‍රයෙන් සොයාගත් ටැම් ලිපියකට අනුව 4 වැනි කාශ්‍යප රජු මෙම විහාරය වෙත කරන ලද ප්‍රදානයන් පිළිබඳව සඳහන් කොට තිබෙන බව කියවෙනවා...
එමෙන්ම පළමුවන පරාක්‍රමබාහු , නිශ්ශංකමල්ල, ලීලාවතී, බුවනෙකබාහු ආදී රජවරුන්ද මෙම විහාරයට අනුග්‍රහය දක්වා ඇති බවට තොරතුරු හමුව තිබෙනවා..

අපි යාපනේ ගියාම ගොඩක් වෙලාවට යන්නේ නාගදීපේ තමා ඒත් බලන්න අපිට මගහැරෙන තැන් කොච්චර තියෙනව ද
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

අපේ අනිත් page එකට like කරන්න කියලා ආදරෙන් මතක් කරනවා

https://www.facebook.com/profile.php?id=100087082330857

Photos from Travel for Education's post 27/03/2024

පෙට්ටිගල කන්දේ කතාව🏞🌿
Pettigala 🌄

අද අපි කතා කරන්න යන්නේ තවත් සුන්දර කදු ප්‍රදේශයක් ගැන.. ඒ නමින් පෙට්ටිගලයි...

පෙට්ටිගල මුදුනේ සිට බලන විට අංශක 360ක පරාසයක ඇස්මානයේ වික්ටෝරියා ජලාශය විහිද පවතින අතර, පොල්වතු, තේවතු, කුඹුරු, ඈතින් දිස්වෙනවා...
ඒවාද පරයමින් සෞන්දර්යාත්මක අගය ඔප්නැංවීමට සමත්වන්නේ අනන්තය දක්වා විහිද පවතින මධ්‍යම කඳුකරයේ සදාහරිත වනවැස්මයි.

මීටර 760ක් පමණ උස කන්දක් වන අතර කදු තරනයට කැමති අයට නම් කදිමයි...

සාමාන්‍යයෙන් තවමත් පෙට්ටිගල ජනප්‍රිය සංචාරක නැවතුම්පළක් නොවේ...

මෙම පට්ටිගල ගැනත් විවිද ජනප්‍රවාද තියෙනවා. රාමා-රාවණා සටනකුත් තිබ්බා කියලත් කියනවා.

මෙම කන්දෙහි පසෙක වු ගල් දොරටුවක් රාවණා රජු භාවිත කර ඇති බවට පුරාවෘත්ත පවති.

එසේම මමීකරණය කරන ලද දේහයක් මෙහිවූ ගුහාවක තවමත් ඇතැයි යන මතයකුත් මේ අතර වේ. මේ දේහය රාවණාගේ යැයි කතාවක් ද පවති.

හැබැයි රාවණා සම්බන්ධ විවිධ පර්යේෂණ සිදු කරමින් පැවතියද මේ කිසිවක ඇසින්දුටු සාක්ශී නම් සොයාගෙන නැත.
මේ ගැන තව විස්තර අපිත් හොයනවා.

අපි මේ කතා කරන්නේ බලංගොඩ පෙට්ටිගල ගැන නෙමේ. නුවරට මායිම්වු පෙට්ටිගල ගැනයි. එකත් මේ වගේම රාවණා ඉතිහාසයක් තියෙනවා.

නුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය ප්‍රදේශයට මායිම් වෙන්නයි පෙට්ටිගල තියෙන්නේ

Pettigala

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏🏻

26/03/2024

මේ පාර කෙහෙද කියමු බලන්න

24/03/2024

🩷

Photos from Travel for Education's post 23/03/2024

රුහුණු -මායා පිවිසුම් දොර- දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪

අද අපි කතා කරන්නේ අපේ රටේ කොත්මලේ ප්‍රදේශයේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක් ගැන...
ඒ නමින් දෙහදු කඩුල්ලයි...

ඔයාලා දන්නවා නේ පුරාණ කාලවලදී ශ්‍රී ලංකාව රුහුණු, පිහිටි සහ මායා යන ප්‍රධාන ප්‍රදේශ තුනකට බෙදා පාලනය සිදු කල බව...

දෙහදු කඩුල්ල කියන්නේ රුහුණේ සිට මායා ප්‍රදේශයට පිවිසෙන පුරාණ පිවිසුම් ස්ථානයක්...

අතීත කොත්මලේ වෙනම ප්‍රදේශයක් ලෙස පාලනය වෙලා තියෙනවා. ඒ කාලේ කොත්මලේට පිවිසුම් මාර්ග 4ක් තිබිලා තියෙනවා..

ඒ කඩදොර, වටදොර, නියම්ගම්දොර හා ගල් දොර වශයෙන්..
කඩදොර යනුවෙන් ද හඳුන්වන දෙහදු කඩුල්ල එක් පිවිසුමක්.. ගල් කුට්ටි හා සක්ක ගල් භාවිතයෙන් මෙම පිවිසුම සකසා තිබෙනවා..

පෞරාණික කොත්මලේ රුහුණු රටට අයත් ව තිබූ බව සදහන් වෙනවා..

රජවරු මෙරට පාලනය කරන ලද කාලය තුළ පුරාණ ශ්‍රී ලංකාවේ මෙවැනි ස්ථාන රාශියක් තිබිලා තියෙනවා...

නමුත් අද ඉතිරිව ඇති එකම ස්ථානය මෙය බවයි වාරතාවන්නේ..

ඒවගේම දුටුගැමුණු රජු හා සම්බන්ධ තවත් පුරාවෘත්තයක් නිසා මෙම ස්ථානය ජනප්‍රියයි...

ගාමිණී කුමරු ගම්වැසියෙකු ලෙස කොත්මලේ ප්‍රදේශයේ යම් කාලයක් ගත කරලා තියෙනවා..

ඔහු කොත්මලේ වෙත යන අතරවාරයේ තම රාජකීය කඩුව මෙම ස්ථානයේ සඟවා තිබූ බවට ජනප්‍රවාදයේ පවසනවා..
ඔයාලත් මෙහි ගිහින් බලන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Photos from Travel for Education's post 06/03/2024

නැදුන් ගිහින් අදට අවුරුදු 2ක් 🥺🐘🐘🙏 මාර්තු 07
මේ නැදුන්ගේ කතාව 🥺🐘🐘🙏

හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු උඹව,

මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජය ලොකු වෙද මහත්තයා.

එදා ඉඳන් උඹ ධර්මවිජය පවුලට එයාලගෙම සාමාජිකයෙක් උණා.

වැලිවේරියට ආව දවසේ ඉඳන් අද වෙනකලුත් උඹට කන්න කිතුල් කොටයක් උඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක් අදින්න වෙදමහත්තයා ඉඩ තිබ්බේ නැහැ.

උඹට අවුරුදු 50 කිට්ටු වෙනකොට උඹේ කටේ ඉතුරු උන අන්තිම දත් පේලිය වෙදමහත්තයා මැණිකක් වගේ පරිස්සම් කලේ මිල්ලන්ගොඩ ලොකු රාජාලට උන දේ දැනගෙන නිසා වෙන්න ඇති.

කරේ තියෙන දම්වැලක් හපන්න හදනකොට කළුමාමා කොටුවෙන් තට්ටුවක් දාලා උඹට සැරකරන්නේ උඹට තියෙන ආදරේට.

අඩි 5ක් දිග රාත්තල් 450ක් විතර බර දළ දෙක උස්සගෙන හැමදාම උදේට නැගිටින්න හදනකොට දළ දෙක උස්සගන්න තියෙන අමාරුව දැකලා වෙදමහත්තයා උඹ නිදාගන්න තැන ඔළුව උඩින් තියලා නිදාගන්න වෙනම තැනක් හැදුවා.

මංගල කුලයේ ආසියාවේම දැවැන්තයා උනත්, දහස් ගණන් මිනිසුන් එක්ක ගැවසෙන කොට උනත්, උඹේ පිටිපස්සේ කකුල් දෙකේ දම්වැල් ගලවලා තිබ්බේ වෙදමහත්තයට උඹ ගැන තිබුන අපමණ විශ්වාසෙට වෙන්න ඕනෙ.

උඹ නැගිටිනකොට උඹේ බරටම කකුලේ ස්වභාවිකව හැදිලා තිබුන තුවාලෙට උදේ හවස කළුමාමා බෙහෙත් ගෑවා උඹ මදකිපිලා,
ගස් බැඳලා උඹ ලඟට එන්න බැරි කාලේ උනත්.

ඇපල්, පිපිඤ්ඤා උඹට කන්න අරගෙන උඹව බලන්න අපි ආපුවහම "ඇතාට දැන් පිපිඤ්ඤා විතරක් කවන්න. ඇපල් කැවුවොත් දියවැඩියාව හැදෙයි" කියපු කළුමාමත් මාරයි.

උඹ හුස්මගන්න සද්දේ අහලා උඹේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තරම් අන්‍යෝන්‍ය අවබෝධයක් උඹයි කළුමාමයි අතර තිබුණේ..

කියන්න කතා ගොඩයි.

අවුරුදු 40කට කලින් ලී මෝලේ කොටන් ඇද ඇද හිටපු උඹ සධාතුක කරඬුව වඩම්මවන්න හැකි උන පින්කාරෙක්..

නිකන්ම නෙවෙයි..

ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ සාදුකාර මැද්දේ. උඩුවියන් යටින්, පාවඩ උඩින්, වෙස්, බෙර, නර්තන, සේසත් ආදී දහස් ගණනක් වුන ලංකාවේ ප්‍රවීණම ශිල්පීන්ගේ නර්තන පෙරටු කරගෙන.

උඹේ ආරක්ෂාවටම වාසනයි, ඉන්දිරාජයි දෑලේ තියාගෙන. හරිම අපූරුයි.

මාලිගාවේ රාජා 48 අවුරුද්දක් පෙරහරේ ගියාට දළදා පෙරහැර ඉතිහාසයේ අවුරුදු 10ක් නොකඩවා කරඬුව වඩම්මවපු එකම ඇතා උඹ.

කරඬුව නැතුව පාරේ යද්දිත් මිනිස්සු උඹට වඳින්නේ ඒ පින නිසා වෙන්න ඇති. උඹ ඇත්තටම අපමණ පිංකාරයෙක්..

අදට නැදුන් අපිව දාලා ගිහින් අවුරුදු දෙකක්
ඔයා වෙනුවෙන් අද අපිත් පහන් පත්තු කරනවා...

නැදුන් ඔයාට සුභ ගමන්❤️🥺

අපිට ඔයාව කවදාවත් අමතක උනේ නෑ...
හැමදාම ආදරෙයි නදුන්
පිංකාර ඇත් රජුනී නදුන් 😞

Photos from Happy Plants's post 10/02/2024

Rs.150/- දැන් ඔයාටත් 🪴

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

ඉරිදා දවසට පාලු වෙන කොළඹ...
ගෙදර ඉන්න වෙලාවට පොඩ්ඩක් එළියට ගිහින් බලන්න...ලස්සන දේවල් තියෙනවා...ගොඩාක්
අපේ ආදරණීයම නවාතැන... 😍
කෝ මේක ඇතුලට ගියපු අය....
කවුද මේවා දන්නේ.. කාලා බීලා තියෙනවාද අපිත් 1st time අද try කළා....
මේ දවස් වල අර අතුරුදහන් කරවන කැළේ...😍🤦‍♂
මේ පුදබිමට ගිහින් තියන අය කව්ද?සිත නිවෙන තැනක්....
කාළෙකට විතරක් ජලයෙන් මතුවෙන මේ විහාරය මේපාර කවුද බලන්න ගියේ...
උදේ ඇහැරුණාම මේ වගේ දසුනක් දකින අය කෝ බලන්න....
උදේන්ම මල් වත්තකට යමු ද?...
කෝ ගියපු අය...මේ කොහෙද කියමූ...
මේ Park එක අදුරනවා ද?...කෝ බලන්න ගියපු අය..

Telephone

Website

Address

Colombo

Other Colombo travel agencies (show all)
Sri Lanka In Style Sri Lanka In Style
140a Vauxhall Street
Colombo, 00200

Sri Lanka In Style focuses on bespoke immersive travel for discerning clients to Sri Lanka.

Mauritius Holidays Mauritius Holidays
+94777689409
Colombo

Dreams in white sand beaches and make it in Maurtius,,,,

Skymark Travels Skymark Travels
1 B, StamBoulevard Place
Colombo, 00300

A 'One Stop' Travel company Location : http://goo.gl/maps/IqoYl

Sri Lankan Foods Sri Lankan Foods
Colombo, 0100000

Page is to share amazing food recipes news and insight. Enjoy

Travel Mania Travel Mania
Colombo, <>

Travel වලට කැමති කෙල්ලො කොල්ලො හැමෝම පේජ් ඒකට Like කරලා එකතු වෙන්න.

Sri Lanka Vacation Sri Lanka Vacation
Colombo
Colombo

Next time you plan a vacation , why not come to an Island where you can relax and enjoy the beauty of nature..( + CRICKET !! ). Come and visit our awsome country -Sri Lanka !!

MAHESH MANNAPPERUMA WEDDING PHOTOGRAPHY MAHESH MANNAPPERUMA WEDDING PHOTOGRAPHY
No:63 , Peterson Lane
Colombo, 00600

EXPERIENCE THE BEAUTY OF LOVE & SAVOUR IT FOREVER!!! (www.maheshmannapperuma.lk)

Tharaka Hardware & Tharaka paints Malabe Tharaka Hardware & Tharaka paints Malabe
417/4A Athurugiriya Road Malabe
Colombo, 10115

All Hardware items ,Dulux paints ,JAT waterbase visit Tharaka Hardware & Paints 4/417 Athurugiriya Road Malabe.. Tel -0772298211 ,0112562111 , 0112561607

The Finance Company PLC Alumni Group The Finance Company PLC Alumni Group
No. 55, R A De Mel Mawatha
Colombo

A company built on heritage, trust and experience which has evolved over 73 years to become a leading corporate with diversified business interests that enjoy market leadership sta...

Gishwi Modelcars Gishwi Modelcars
1163 Gnanartha Pradeepaya Road
Colombo

Made by enthusiasts.. For enthusiasts.. Visit us at: 1163, Maradana Road, Colombo 08 or Call us at 0776236873

Eco Team (Pvt) Ltd Eco Team (Pvt) Ltd
20/63, Fairfield Garden
Colombo, 00800

Eco Team Pvt. Ltd are Sri Lanka's premier tourism specialists who can arrange almost any activity fr