JVP අඩහැරය

ජනතා විමුක්ති පෙරමුණ ....

'නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා...... '

19/12/2023

* ණය මුදල ලක්ෂ 19 යි.
* පොලිය ලක්ෂ 15 යි.
* මුළු මුදල ලක්ෂ 35 ට වැඩි !
* අනෙක් ණය මුදල ලක්ෂ 17 යි. පොලිය ලක්ෂ 13 යි. මුළු මුදල ලක්ෂ 31 යි !
* මට ගෙවන්න පුළුවන් මාසෙකට 30000 යි.
* බැංකුව 140000 ක් ඉල්ලයි !
* ගෙවන්න බැරි නම් ඉඩමයි, නිවසයි බැංකුවට ඉල්ලයි !
* ළමයි සහ බිරිදත් නිවසින් සහ ඉඩමෙන් නෙරපාහරින්නැයි උසාවියෙන් ඉල්ලයි !
රජයට අයත් මහජනතාවගේ බැංකුවක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පීඩිත මිනිසුන්, විවිධ නීතිවිරෝධී මාර්ගවලින් දිගින් දිගටම පීඩනයට ලක් කරමින් සිටින බව අපට වාර්තා වී තිබේ. අප මීට පෙර එවැනි එක පුවතක් ගෙන පොදුවේ ලිපියක් ඉදිරිපත් කර තිබෙන අතර එම පුවතින් පසු ලංකාව පුරාම විහිදී තිබෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවලින් ණය පහසුකම් රැගෙන ඒවාට සහන නොදී ජනතාව පීඩාවට පත්කරන මෙන්ම තවත් විවිධ අයුරින් ජනතාව පීඩාවට ලක්කරනා කටයුතු පිළිබදව ලිපි සහ ලේඛන සහිත ගොනු 23 ක් පමණ ලැබී තිබේ.

රත්නපුර , ගොඩකවෙල පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට එරෙහිවද තොරතුරු ගණනාවක් ලැබී තිබේ. ඉන් එකක් පිළිබඳව එම බැංකුවට එරෙහිව ණය සහන මණ්ඩලයට පැමිණිලිකර තිබේ. එය සැකෙවින් මෙසේය.

පල්ලෙබැද්ද යපල් ආරේ පදිංචි උදේනි සුසන්ත ලියනාරච්චි නමැති අයෙකු මෙම බැංකුවෙන් ණය පහසුකම් ලබාගෙන තිබෙන්නේ කොටස් වශයෙන් ගෙවීමටය. නමුත් 2019 පාස්කු ප්‍රහාරය නිසා සියලුම ආදායම් මාර්ග අහිමිව තිබේ. එබැවින්, එම ණය ගෙවීමට සහ අනෙකුත් කටයුතු කරගැනීමට අවශ්‍ය ආර්ථිකය ස්තාවර කරගැනීම වෙනුවෙන් ඔහු විදේශගතව තිබේ. එහිදී කොරෝනා රැල්ලට හසුවීම නිසා අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් කිසිදු රැකියාවක් කරගැනීමට නොහැකිව විදේශයේ සිරවී සිට ඇති බැවින් පසුව ඥාතීන් විසින් ඔහුව ලංකාවට ගෙන්වාගෙන තිබේ. එහි සිටි කාලය තුල කිසිඳු රැකියාවක් සිදුකර නැත.

රටේ පවතින මෙම ආර්ථික ගැටලුවට වගකිව යුත්තේ කවුරුන්ද යන්න මේ වන විට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර අවසන්ය. කෙසේ නමුත් ඔහුගේ ණය මුදල් දෙකම ගෙවීමට ඔහුට නොහැකිව තිබේ. ණය මුදලක් ලබා දීමට පෙර ඔහුට ගෙවීමට හැකියාව තිබේද යන්න නිසි ලෙස සොයා බලා එය ලබා දීම බැංකුවේ වගකීම වේ. එසේ නොකර මෙම පුද්ගලයාට ණය දෙකක්ම ලබා දීමට තරම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සටකපට වී තිබේ.

ඔහුගේ ලබාගෙන තිබෙන ණය මුදල් දෙකේම ගෙවීමට ඉතිරිව තිබෙන මුදල වන්නේ 3764651.04 කි. ඒ 2022 ජුලි මාසයටය. ඒ වෙනුවෙන් ගෙවීමට තිබෙන පොලි මුදල වන්නේ 2920103.05 කි. ගෙවීමට තිබෙන මුළු මුදල වන්නේ 6694717.10 කි. මෙම ණයකරු කෙසේ හෝ මාසෙකට රුපියල් 30000.00 ක මුදලක් ගෙවීමට එකගව තිබෙන නමුත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව එයට එකගව නැත. ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ මාසෙකට රුපියල් 140000 ක මුදලක් ගෙවන ලෙසයි.

කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබදව ණය සහන මණ්ඩලයට පැමිණිලිකර තිබෙන අතර මෙම ණයකරු, දරුවන් සහ බිරිද නිවසින් නෙරපා හැර දේපල බැංකුවට අත් පත්කරගැනීම සදහා නඩුද පවරා තිබේ. බැංකුවල මෙවැනි කටයුතු නිසාවෙන් ඉදිරියේදී මිනිසුන් බැංකුවලින් ණය නොගනු ඇත. අප මහජනතාව දිරිමත් කරන්නේද ණය නොගෙන සිටින ලෙසයි.

ජනතාව බිලි දි රටේ බැංකු නිලධාරීන්ට සැප දීම සදහා මෙම ණය ක්‍රමයන් ස්ථාපනය කරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. රට පිට රටට විකුණු පාලකයන්, රටේ මිනිස්සුන්ගේ දේපල බැංකුවලට උගස්කර ණයවලට හිර කළේය. ඒ වෙනුවෙන් ජනතාව දිරිමත් කළේය. එහිදී ජනතාව කබලෙන් ලිපට වැටී, මේ වන විට පිච්චෙමින් සිටි. ජනතාවගේ ගින්දරින් බැංකු නිලධාරින් තවමත් සැප විදිමින් සිටියත්, පීඩිත මිනිසුන්ට හැකි ලෙස තම ණය ගෙවාගෙන යාමට අවශ්‍ය කටයුතු කරනවා වෙනුවට, ඔවුන් දිගට හරහට ජනතාවට නඩු පවරමින් සිටි. ඉන් සිදුවන්නේ ඔවුන්ට නීතිවේදීන්ට ද ගෙවීමටය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කටයුතුවලදී මිනිසුන් දෙස සානුකම්පිතව බැලිය යුත්තේ ඒවායේ සේවය කරනා සේවකයන්ය. මෙරට ජනතාවගේ නොහොත් ඔවුන්ගේ නයකරුවන්ගේ වේදනාව ඔවුන්ට දැනෙන්නට මාර්ගයක් නැත. ඒ ඔවුන්ට අසීමිත වැටුපක් ලැබෙන බැවිනි. ඔවුන් එම වැටුප් ලබන්නේ ණය ලබා දී ලබා ගන්නා පොලි මුදලෙනි. මහජනතාව කට්ට කාලා ගෙවන පොලි මුදලින් නඩත්තුවන ප්‍රාදේශීය සංවර්ධන බැංකු සේවයේ ඉහල නිලධාරීන් කටයුතු කල යුත්තේ, මහජනතාවගේ හිත සුව පිණිසය. රටේ මිනිස්සු ණය වී, හිර වී සිටින්නේ නම්, බැංකු විසින් පවරන සෑම නඩුවකටම ආර්ථික ඝාතකයන්ගේ නම් ලැයිස්තුවද චුදිතයන් ලෙස ඇතුලත් කළ යුතුය.

ජනතාව බැංකුවලින් ණය ලබාගත්තේ නම් ගෙවිය යුතුය. අප බැංකුවට එරෙහිව කුමක් ලීවත් එම ස්ථාවරයේ සිටි. නමුත් බැංකුව විසින්ම වැරදි සිදුකර,එය ණයකරුවන්ගේ සහ ඇප කරුවන්ගේ පිටින් තැබීම බැංකුව විසින් කරන වරදකි. එසේම තමන්ගේ ණයකරුවන්ට ගෙවාගත හැකි ලෙස සහන ලබා දීමටද බැංකුව මානුෂීය විය යුතුය. තවද, ඔවුන්ට ගෙවිය හැකි ලෙස උපරිම සහනයන් සලසා ඔවුන්ට ගෙවිය හැකි මුදල් බැංකුවට ලබා ගැනීමටද ඔවුන් බුද්ධිමත් විය යුතුය. ණය ලබාගෙන නොගෙවා සිටීමට සාධාරණ හේතු ඕනා තරම් තිබෙන අතර රට මේ තත්වයට පත්වී තිබීම හේතුවෙන් මිනිසුන්ට ණය ගෙවීමට තියා වේලක් කෑමටවත් සොයාගත නොහැකි බව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිලධාරීන්ගේ ඔලුවට පොඩ්ඩක් හෝ දැනිය යුතුය. කෙසේ වුවත් එසේ දැනෙන්නට ක්‍රමයක් ඔවුන්ට නැත්තේ, අසීමිත වැටුපක් ලබනා ධානපති ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් ගණයට ඔවුන් වැටෙන නිසාය.

ඒ සියල්ලම දෙස මුදලාලි දෑසින් නොව මානුෂීය දෑසින් බැලීමට තරම් ඔවුන්ගේ මොළගෙඩි ශෝධනය විය යුතුය. බොහෝ බැංකුවලින් මෙන්ම මුදල් සමාගම් වලින්ද මේ වන විටත් ණයකරුවන්ට එරෙහිව විවිධ නීතිවිරෝදී බලපෑම් එල්ලවෙමින් පවතී. ඒවා සියල්ලම ජනගත කර මහජන සුභ සිද්ධිය වෙනුවෙන් අවශ්‍ය මාර්ගය පෙන්වීම අප විසින් දිගින් දිගටම සිදුකරනු ඇත. ණය ගෙන අමාරුවේ වැටුණු සියලුම මහජනතාව දැන් කල යුත්තේ ණය ලබා නොගන්නා පරපුරක් නිර්මාණය කිරීමයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අදාළ ඊ ලඟ ලිපිය – බැංකු නිළධාරීන්ගේ තර්ජනය කිරීමක් – ප්‍රදේශය කුරුණෑගල

Photos from JVP Srilanka's post 24/10/2023

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් (23) මහරගමදී පැවැත්වූ පන්දම් විරෝධතාවය

10/08/2023

හිච්චි දයාසිරි කාඩ් කුඩු කරගත් PT -6 කතාවේ තිත්ත ඇත්ත..😂😂
-6

10/08/2023
Photos from JVP අඩහැරය's post 10/08/2023

ජාතික ජන බලවේගයේ
ජා ඇල ආසන සමුළුව

Photos from JVP අඩහැරය's post 11/04/2023

කැනඩා නව මහ කොමසාරිස් සහ NPP අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නව කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (10) දින පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මෙම හමුව සඳහා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරි ගෝබිනාත් පොන්නුතුරෙයි මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්වූ අතර මෙහිදී නව මහ කොමසාරිස් වෝල්ෂ් මහතාගේ ඉදිරි රාජකාරි කටයුතු වෙනුවෙන් ජාතික ජන බලවේගය සුභපැතුම් එක් කරන ලදී.
கணடா உயர்ஸ்தானிகருக்கும் NPP இற்கும் இடையிலான சந்திப்பு
இலங்கை மற்றும் மாலைதீவுக்கான புதிய கணேடிய உயர்ஸ்தானிகர் திரு. எரிக் வோல்ஸ் மற்றும் தேசிய மக்கள் சக்தியின் தலைவர் தோழர் அநுர குமார திசாநாக்கவிற்கும் இடையிலான சந்திப்பு இன்று (10) பிற்பகல் மவிமு தலைமை அலுவலகத்தில் நடைபெற்றது.
இந்த சந்திப்பின்போது கணடா உயர்ஸ்தானிகர் அலுவலகத்தின் அரசியல் உத்தியோகத்தர் திரு. கோபிநாத் பொன்னுத்துரை மற்றும் தேசிய மக்கள் சக்தியின் சார்பாக அதன் தேசிய நிறைவேற்றுப்பேரவை உறுப்பினர் பாராளுமன்ற உறுப்பினர் தோழர் விஜித ஹேரத் அவர்களும் பங்கேற்றனர்.
இலங்கை இன்றளவில் எதிர்நோக்கியுள்ள பொருளாதார நெருக்கடி மற்றும் நடப்பு அரசியல் நிலைமை பற்றி இங்கு விசேடமாக கலந்துரையாடப்பட்டதோடு புதிய உயர் ஸ்தானிகர் வோல்ஸ் அவர்களின் எதிர்கால கடமைப் பணிகளுக்காக தேசிய மக்கள் சக்தியின் நல்வாழ்த்துக்களும் தெரிவிக்கப்பட்டது.
Canada's new High Commissioner and the NPP meet
A meeting was held between the new Canadian High Commissioner to Sri Lanka and the Maldives, Mr Eric Walsh, and the Jathika Jana Balawegaya (NPP) leader Comrade Anura Kumara Dissanayake, this afternoon (10) at the JVP head office.
Mr Gobinath Ponnuthurai, Political Officer of the Canadian High Commission and Comrade Vijitha Herath, Member of Parliament, National Executive Member of the National People's Power, were also present for this meeting.
Sri Lanka's current economic crisis and the current political situation were discussed here, and the National People's Power congratulated the new High Commissioner, Mr Walsh, for his upcoming duties.

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

හිච්චි දයාසිරි කාඩ් කුඩු කරගත් PT -6  කතාවේ තිත්ත ඇත්ත..😂😂#pt-6#pt6#aircraft#AircraftCrash#pt6crash#Trincomalee#trincoma...

Category

Telephone

Address

Colombo
Other Politicians in Colombo (show all)
A R M JIFFRY A R M JIFFRY
Colombo

Official page of ARM JIFFRY SLBC & SLRC Tamil Sr.Announcer Sr.News Reader Sr.Cricket Commentator.

Arumugam Kanna_ஆறுமுகம் கண்ணா Arumugam Kanna_ஆறுமுகம் கண்ணா
Havelock Road
Colombo

A Man For Our Community

Riaz Caffoor Riaz Caffoor
Colombo

Tuan Rifnas Tuan Rifnas
Maligawatte East
Colombo

එක්සත් ජාතික නිදහස් පෙරමුණ මැද කොළඹ ආසන මාලිගාවත්ත නැගෙනහිර කොට්ඨාස අපේක්ෂක

Chandrika De Zoysa - කොළොම්පුර කාන්තා  ශක්තිය Chandrika De Zoysa - කොළොම්පුර කාන්තා ශක්තිය
Maharagama
Colombo

තිරසර සංවර්ධනයක් - යුක්ති සහගත සමාජයක්

Ranil For Those Who Do Ranil For Those Who Do
Colombo

President of Srilanka

Dasun Marasinghe Dasun Marasinghe
Colombo, 01

Welcome to the official page of Dasun Marasinghe, the UNFF Chief Organizer of Kalutara 🇱🇰

Sujeewa Sampath Sujeewa Sampath
Colombo

MMC Sujeewa Sampath Official Page| නාගරික මන්ත්‍රී - නැගෙනහිර කොළඹ

Chinthaka Karunarathna Chinthaka Karunarathna
Gotagogama
Colombo

දූෂිත රාජපක්ෂ පවුල් පාළනයට තිත තබමු.

Lakmal Wijesooriya Lakmal Wijesooriya
Mulleriyawa New Town
Colombo

Social Service Member

Ajith Rohana Subasinghe Ajith Rohana Subasinghe
No 02, Dodangahena Road, Gothatuwa New Town
Colombo, 10100

Mr.Ajith Rohana Subasinghe is the chief electoral organizer in Kolonnawa elector for many years.

NBC Media NBC Media
Nachikuda City
Colombo

World wide trending memez bazar