TMWSL - The Media World Sri Lanka
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TMWSL - The Media World Sri Lanka, Media/News Company, Colombo.
මැලේසියාවේ රජු සහ රැජින ප්රවෘත්ති නිවේදනයට
මැලේසියාවේ රජු වන සුල්තාන් අබ්දුල්ලා අහ්මඩ් සහ ඔහුගේ බිරිඳ වන ටුන්කු අසිසාහ් අමිනාහ් මායිමුනාහ් ඉස්කාන්දාරියාහ් පසුගියදා එරට Media Prima ආයතනයට අයත් TV3 රූපවාහිනි නාලිකාව වෙත සංචාරයක නිරත වූ බව වාර්තා වෙයි.
එහිදී ඔවුන් දෙදෙනා රාත්‍රී 08 ප්රවෘත්ති විකාශය සඳහා දායකත්වය ලබාදුන් බව වාර්තා වෙයි. මෙහිදී ඔවුන් දෙපළ එක්ව විනාඩි 10ක පුවත් විකාශයක් ලෙස පටිගත කෙරුණු ප්රවෘත්ති ප්‍රකාශ තුනක් මෙහිදී රාත්‍රී පුවත් විකාශයේදී යොදා ගැනීමට එම නාලිකාව කටයුතු යොදා තිබේ.
මෙම සංචාරයේදී දෙපළ Media Prima සමාගමට අයත් Radio City සහ Hot FM ගුවන් විදුලි නාලිකා වෙත ගොස් එහි නිවේදකයන් හමුවී තිබේ.
වජිර ජයවර්ධන ‘චරණ‘ ට සමුදෙයි
ශ්‍රීලංකා ටෙලිකොම් පියෝටීවී (PeoTV) සමාගමේ චරණ ටීවී නාලිකාවේ වැඩසටහනක් කළමනාකරුවා ලෙස එහි ආරම්භයේ සිට කටයුතු කළ ප්‍රවීණ නිවේදක වජිර ජයවර්ධන මහතා එම තනතුරින් සහ එම නාලිකාවෙන් ඉවත්ව ඇතැයි පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසය මැදදී මෙලෙස ඔහු මෙලෙස ඉවත්වීම සිදුව තිබේ. 2017 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් විෂන්කොම් සමාගම හා සම්බන්ධ වී ඇති වජිර ජයවර්ධන මහතා පසුගිය වසර කිහිපය පුරාම චරණ ටීවී නාලිකාවේ දියුණුව වෙනුවෙන් අතිවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති ඒ මහතා,
යන්න වෙලාව හරි ; ඒ ගෞරවයට ස්තූතියි...🙏
කාලය ආවම සමුදෙන්න ඕන; ඒත් ඒ සමුගැනීම විශිෂ්ට කරන්න පුලුවන් කළ දේ වෙනුවෙන් ලැබෙන ඇගයීමකට. මම හිතන්නේ වසර 23 ක මගේ වෘත්තීය ජීවිතයේ විශිෂ්ට වසර 6ක් මම නිමා කළා. මම VisionCom ( PEO TV) එකේ අවුරුදු 6 ක් ඉන්නකොට චරණට අවුරුදු 5 ක්.
මම PEO TV එකට එන්නේ චැනල් එකක් පටන් ගන්න නෙමෙයි. ඒත් එතනින් යනකොට ලංකාවේ ටෙලිවිෂන් වංශ කතාවේ නමක් හදපු ගමනකට ප්‍රධාන හවුල්කාරයෙක් වෙන්න ලැබුන සතුට අරගෙන එන්න ලැබීම කොයිතරම් දෙයක්ද. ITN , රූපවාහිනී,සිරස පසුව දෙරණ වගේම චරණ කියන්නෙත් TV නැරඹුම් කලාවේ හැරවුමක් කියලා රට කතා වෙනකොට ඒ සතුට අප්‍රමාණයි.
ආසාවක් චැනල් එකක් කරන්න වෙහෙස වුන ගමනේ වෙහෙසක් නොදැනෙන මොහොතක, සමුගැනීමේ සටහනක් තියන එක කෙනෙකුට පුදුමයක් වෙන්නත් පුලුවන්. ඒ වගේම තවත් කෙනෙකුට මේක News එකක් වෙන්නත් පුලුවන්. කොහොම වුනත් වැඩසටහන් සැළසුම් සහ නිෂ්පාදන කටයුතුවලින් සහ වගකීම් වළින් සමුගෙන මම චරණ වෘත්තීය කටයුතු වලට නිල වශයෙන් පහුගිය 15 වෙනිදා සමුදුන්නා. ඉදිරි කටයුතු ගැන නිදහසේ දැනුවත් කරන්නම්. ඒත් ඔබට "කවි 10ට ගී 10ක්" නොවැම්බර් අග වෙනතුරු නැරඹිය හැකියි.
මට සමුගන්නා මොහොතේ ලබාදුන් උත්තම ගෞරවයට හද පත්ලෙන්ම ආචාරය පුද කර සිටිනවා. ඒ ගැන වචන වළින් විස්තර කරන්න දරන උත්සාහය ඒ ඉහළ ඇගයීමට කරන මදි කමක්. කෙනෙක් සමුගන්න මොහොතක ආදරයෙන් වැළදගෙන ආයෙත් එන්න හිතෙන තැනක් හදන්න පුලුවන් හදවතක් තියන CEO, රුචිර වීරකෝන් මහතා, වාසනා මැඩම් ඇතුළු ඔබ හැමෝම හදවතේ ආදරය පිරුණ මිනිස්සු.
අවසාන වශයෙන් මම PEO TV වෙත කැඳවූ අජන්ත සෙනවිරත්න මහතාට මගේ ප්රමුඛ ස්තූතිය. දවසක පොතක ලියන කතා මට SLT එක එක්ක තියනවා. ඒ ගැන දවසක පොතකින්ම කියවමු. Speed up කතා ඇතුලු මා ඇතුලේ යම් නිර්මාණකරුවෙක් හිටිය නම් ඒකට එළියට එන්න වේදිකාව හැදුවේ එතුමන්. ඒ සඳහා ගෞරවය හිතේ අදටත් එළෙසින්ම තියනවා. ඒ වගේම මට මේ දක්වා ඉන්න රැකවරණය හැදුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරිනී වාසනා පෙරේරා මැතිණිය. ඇය මව් ගුණයෙන් අදටත් මම එක්ක ඉන්නවා. ඉදහිට කන් රත් වෙන්න බණිනවා. ඒ වගේම දියුණුවට උපදෙස් දෙනවා. දිරිගන්වනවා. හරි මග පෙන්වනවා. පුදුම ආදරණීය චරිතයක්. ඇගේ රැකවරණය මට සන්නාමයක් විදියට ගෞරවයෙන් නික්මෙන්න අවස්ථාව හැදුවා. මීට කළිං මේ සටහන තියන්න තිබුන අවස්ථාවන් ඇය ඉතාම පරෙස්සමෙන් කළමනාකරණය කළා. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජිත බණ්ඩාරගේ සහෝදර ගුණය අමතක නොකරම බැහැ. වර්තමාන ප්‍රධාන විධායක නිළධාරි රුචිර වීරකෝන් මහතා ප්රමුඛ සියලු කළමණාකාර කණ්ඩායම සහ පවුලක පුරුක් වගේ හිතට යා වෙලා ඉන්න සියය ඉක්ම වූ හිත මිතුරු PEO TV සමූහය කවදත් මට සතුටම අරගෙන ආ පිරිසක් බව නොකියා කොහොමද. දැනට අවසරයි.
චරණ නුවණැසි චාරිකාව : දින දින දිනේවා !
චරණ නාලිකාවෙන් සමුගන්නා වජිර ජයවර්ධන මහතාගේ ඉදිරි මාධ්‍ය කටයුතු වෙනුවෙන් TMWSL - The Media World Sri Lanka අපගේ සුබපැතුම්.
සංගක්කාරගේ META 11 කෘත්‍රිම බුද්ධි ක්‍රීඩකයන් සහිත ෆැන්ටසි ක්‍රිකට් තරගාවලියක් අරඹයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ කුමාර් සංගක්කාරගේ සම නිර්මාතෘත්වයෙන් ආරම්භ කෙරුණු Behaviol Pty. ඩිජිටල් සමාගමේ META 11 ක්‍රිකට් ක්‍රීඩා වැඩසටහන මගින්, කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු ක්‍රීඩකයන්ගෙන් සමන්විත නවතම ෆැන්ටසි ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
ඊයේ (25දා) දිනයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මෙම නව තරගාවලිය නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙහිදී ප්‍රේක්ෂකයන් වෙත මෙම ක්‍රීඩාවේදී තරගවදිමින් ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ඇති අතර, එහි ඉහළට නගිමින් ඩොලර් ලක්ෂයක් (100,000ක්) දක්වා වූ ත්‍යාග මුදලක් දිනා ගැනීමේ අවස්ථාවද හිමි වෙයි.
මෙම නවතම ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කුමාර් සංගක්කාර, “ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ සෑම විටම අලුත් වන දෙයක්. META 11 සමගින් අපි ප්‍රේක්ෂකයන් වෙත ක්‍රීඩාව සමගින් සම්බන්ද වෙන්නට අලුත් අවස්ථාවන් නිර්මාණය කරනවා. “ යනුවෙන් පවසා තිබේ.
මෙහිදී සැප්තැම්බර් 26 (අද) සිට ක්‍රීඩකයන්ට සිය ලකුණු රැස් කිරීමේ අවස්ථාව ලබාදී ඇති අතර, ඉදිරියේදී එම ලකුණු මුදල් බවට හුවමාරු කිරීමේ හැකියාවද ලබා දී තිබේ. එසේම ඊට සම්බන්ධ වන ක්‍රීඩකයන් සතු කෘත්‍රිම බුද්ධි ක්‍රීඩකයන්ද හුවමාරු කළ හැකිය.
Jurassic Park 30 වැනි සංවත්සර සිනමාපටය මෙරට සිනමාහල් 25කදී
1993 වසරේදී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද සුප්‍ර5සිද්ධ ජුරාසික් පාර්ක් සිනමාපටයේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන ජුරාසික් පාර්ක් 30 වැනි සංවත්සර සිනමාපටය මෙරට සිනමාහල් 25කදී තිරගත කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව Liberty by SCOPE, Liberty by SCOPE – කිරිබත්ගොඩ, Colombo City Centre, PVR cinemas, Majestic SUPERIOR – කොළඹ, Regal දෙමටගොඩ, Regal නුවරඑළිය, Regal ගම්පහ, Regal BRONZE – යාපනය, Regal කටුබැද්ද, Regal බණ්ඩාරවෙල, Savoy PREMIRE – රාජගිරිය, Savoy METRO – ගම්පහ, Savoy 3D – කොළඹ, Sky Lights – මාළඹේ, NIT – කුරුණෑගල, NIT – රත්නපුර, Milano DIAMOND – කෑගල්ල, Kandy City Centre, Amity Lite – මහරගම, Vista Lite - ජාඇල, Sky Lite – මාතර, MaXX Lite – මොරටුව, City by Lite - ගල්කිස්ස and VoXX Lite – අවිස්සාවේල්ල යන සිනමාශාලාවලදී මෙම තිරගතකිරීම සිදු කෙරේ.
එක්සත් ජනපද ඩොලර්ම මිලියන 63ක වියදමක් දරා නිපදවූ මෙම ජුරාසික් පාර්ක් සිනමාපටය එක්සත් ජනපද ඩොලර් බිලියන 1කට අධික ආදායම් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
Lyca Productions Sri Lanka වැඩ අරඹයි - සිංහල සිනමාපට 5ක් සහ එක් දමිළ සිනමාපටයක් නිෂ්පාදනයට
Lyca සමූහය හිමි සුභාෂ්කරන් අල්ලිරාජා මහතාට අයත් සිනමා නිෂ්පාදන සමාගම වන Lyca Productions ශ්‍රී ලංකාව තුළ Lyca Productions Sri Lanka හි මෙහෙයුම් ඇරඹීම ඊයේ දිනයේදී සිදු විය.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මෙරට සිනමා නළු නිළියන් රැසකගේ සහභාගිත්වයෙන් වූ දැවැන්ත උත්සවයක්ද ඊයේ රාත්රියේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණි. Lyca සමූහයේ සභාපති සුභාෂ්කරන් අල්ලිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය විය.
මේ අතර ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කරමින් සිංහල සිනමා පට පහක් සහ එක් දමිළ සිනමාපටයක් නිෂ්පාදනයටද Lyca Productions Sri Lanka සැලසුම් කර තිබේ. ඒ අනුව එම නිෂ්පාදනයන්ට අදාළ එකඟතාවන් වෙත පිවිසීමද මෙහිදී සිදුවිය. එහිදී මෙම අවස්ථාව සංකේතවත් කිරිම සඳහා අල්ලිරාජා සුභාෂ්කරන් මහතා සහ අදාළ අධ්යක්ෂවරුන් අතර ක්ලැපර් පුවරු හුවමාරු කරගැනීමක්ද සිදු විය.
Lyca Productions Sri Lanka සඳහන් කරන ආකාරයට ප්‍රියන්ත කොළඹගේ, ජයන්ත චන්ද්‍රසිරි, චන්න පෙරේරා, රංජන් රාමනායක සහ අශෝක හඳගම යන අධ්යක්ෂවරුන් මෙම සිනමාපට අධ්‍යක්ෂණය කරයි.
මේ අතරින් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සිනමාපටය ලොව ප්‍රකට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග වෙනුවෙන් නිර්මාණය කිරීමට නියමිතව තිබේ. එය Mali - The Yorker King ලෙස නම් කර ඇත. මෙහිදී ලසිත් මාලිංග වෙනුවෙන් ඉන්දියානු නළුවෙකු යොදා ගැනීමටත් සැලසුම් කර ඇතැයිද කොළඹගේ මහතා මෙහිදී සඳහන් කළේය.
ජයන්ත චන්ද්‍රසිරි මහතා ‘දේවි කුසුමාසන‘ නමින් සිය Lyca Productions Sri Lanka සමගින් සිය මීළග සිනමාපටය නිර්මාණය සූදානම්ව සිටියි. මෙහිදී කුසුමාසන දේවියගේ චරිතය සඳහා උදාරි වර්ණකුලසූර්ය තෝරාගන ඇතැයි මෙහිදී අනාවරණය විය.
මීට අමතරව චන්න පෙරේරා මහතා විසින් ළමා චිත්‍රපටයක් නිර්මාණයට සූදානමින් සිටියි. අශෝක හඳගම මහතා මෙම අවස්ථාවට සහභාගි වී නොසිටියේය.
මෙම අවස්ථාවේදී අදහස් දක්වා සිටි Lyca Productions Sri Lanka හි උප සභාපතිනිය වන සිනමා නිළි ජානකී සිරිවර්ධන මහත්මිය, මෙම සිනමාපට දැවැන්ත නිෂ්පාදන වන බවත්, ඒවායේ ආදායම් උපයා ගැනීම මෙරට තුළ ප්‍රදර්ශනය හරහා පමණක් සිදු කළ නොහැකි බවත්, පවසා සිටියාය. ඒ අනුව Lyca සමූහය සතු මැදපෙරදිග, යුරෝපය ඇතුළු රටවල සම්බන්ධතා හරහා ඒවා එම රටවල ප්‍රදර්ශනයටද කටයුතු කරන බව ඇය පැවසුවාය.
එසේම මෙම සිනමාපට හයට අමතරව ඉදිරියේදී ඩිජිටල් මාධ්‍ය වෙනුවෙන් වූ නිර්මාණ වෙනුවෙන්ද නිෂ්පාදනයෙන් දායකවීමට Lyca Productions Sri Lanka කටයුතු කරන බවත් ඇය අනාවරණය කළාය.
Traditional Food Home යූටියුබ් නාලිකාවට සිල්වර් ප්ලේ බටන් හිමිවෙයි
මෙරට සාම්ප්‍රFදායික ආහාර සහ පාන සම්බන්ධයෙන් වීඩියෝ පට ඉදිරිපත් කරන Traditional Food Home යූටියුබ් නාලිකාව වෙත යූටියුබ් සමාගම මගින් පිරිනමන Silver Play Button හිමිව ඇතැයි පවසයි.
එම නාලිකාව වෙත එක්ව සිටින සබ්ස්ක්ර්යිබර්වරුන් සංඛ්යාපව 250,000 ක් ඉක්මවීමත් සමගින්ම මෙම පිළිගැනීම ඒ වෙත හිමිව තිබේ.
2015 වසරේදී ආරම්භ කර ඇති මෙම Traditional Food Home නාලිකාව මගින් මෙරට එළවලු, පළතුරු යනාදිය යොදා ගනිමින් වෙනස්ම ආකාරයේ ආහාර වර්ග සහ පාන වර්ග සැකසීම පිළිබඳ වීඩියෝ ඉදිරිපත් කරයි.
නාලිකාව පවත්වාගෙන යන අඹුසැමි දෙපළ විසින් එම Silver Play Button අතෙහි දරා සිටින ආකාරය ඡායාරූපයේ දැක්වෙයි.
Triad 30 වැනි සංවත්සරය සමරයි
මෙරට සන්නිවේදන ක්ෂේත්රයේ දිශානතිය වෙනස් කිරීමට දායක වූ ප්රිමුඛ පෙළේ දැන්වීම් නිර්මාණ ආයතනයක් වන Triad ආයතනය ආරම්භ කර අද දිනට වසර 30ක් සපිරෙයි.
එහි සම නිර්මාතෘවරයෙකු වන වරුණි අමුණුගම ප්රතනාන්දු මහත්මිය විසින් අද දිනයේදී සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම 30 වැනි සංවත්සරය පිළිබඳව සිය මතකය අවදි කර සිටියි.
එහිදී ඇය Triad ආයතනය ආරම්භ කළ අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප කිහිපයක්ද ප්ර්සිද්ධියට පත් කර ඇත. එවකට නීති ශිෂ්‍යයන් වූ වරුණි අමුණුගම, දිලිත් ජයවීර සහ ඉෂිනි වික්රඳමසිංහ යන තිදෙනාගේ එකමුතුවෙන් Triad ආයතනය ආරම්භ විය.
“අදින් වසර 30කට පෙරාතුව, අද වගේ දවසක, ‘ශ්‍රී ලංකාවට පුළුවන් (Sri Lanka Can) යන දැක්මෙන් යුක්තව අපි Triad ආරම්භකළේ ශ්රීස ලංකාවේ සන්නිවේදන කර්මාන්තයේ හැඩය වෙනස් කිරීමේ අරමුණින්.”
විශේෂයෙන්ම ගෝලීයව ක්රි්යාත්මක දේශීය සමාගමක් (GLOBAL LOCAL) බවට පත්වීම සඳහා වූ ගමන බොහෝ අභියෝග, ජයග්රරහණ සහ මහත් පීඩාවන් රැසක් සහිත වූ ගමනක් වූ බවත් ඇය මතක් කරදෙයි.
එසේම මෙම 30 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී තමන්ට සහයෝගය දුන් ගනුදෙනුකරුවන්, හවුල්කරුවන්, සැපයුම්කරුවන්, සුභපතන්නන්, සහයෝගය ලබා දෙන්නන් සහ සැබෑ මිතුරන් ඇතුළු සියලු දෙනාටම මෙම අවස්ථාවේදී ස්තූතිය පුද කරන බවත්, ඔවුන්ගේ සහයෝගය නොමැති වුවා නම් මෙම ගමන සාර්ථක නොවන බවත් ඇය පවසයි.
“අද අපි අවුරුදු 30කින් ශත්තිමත් ආයතනයක්. Triad වෙත සතුට සහ සැපත පිරි උපන්දිනයක් වේවා. ඉදිරි වසර 30ත් අපි අපේ වැඩ පෙන්නමු.” යනුවෙන්ද වරුණි ප්රතනාන්දු මහත්මිය සිය සටහනේ පවසා තිබේ.
30 වැනි සංවත්සරය සමරන Triad ආයතනයට TMWSL - The Media World Sri Lanka අපගේ උණුසුම් සුභ පැතුම්.
සියත ඇයි මෙහෙම?
මේ FB Post එක මුලින්ම දැම්මේ සිත ඊයේ (17), ඊට පස්සේ අද (18) සියත මේ පෝස්ට් එකම දානවා ඩිසයින් එක වෙනස් කරලා,
සියත ඇයි මෙහෙම?.....
තුර්කි රූපවාහිනි නාලිකා අටක් එකට එක්ව භූකම්පනයෙන් අවතැන් වූ ජනතාවට ඩොලර් බිලියන 6ක් රැස් කරලා
තුර්කියේ ක්රිියාත්මක රූපවාහිනි නාලිකා අටක් එක්ව පසුගිය බදාදා දිනයේදී නොකඩවා සිදුකළ සමගාමී රූපවාහිනි විකාශයක් හරහා තුර්කි භූකම්පනයෙන් අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 6ක ආධාර ප්රුමාණයක් රැක් කරගැනීමටද සමත්ව ඇතැයි වාර්තා වෙයි.
මෙහිදී තුර්කියේ ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 සහ TV 8 යන නාලිකා එකට එක්ව මෙම සමගාමී විකාශය සිදු කර තිබේ.
මෙම ආධාර එකතු කිරීමේ වැඩසටහන ඔවුන් %Turkiye One Heart% ලෙස නම් කර ඇත. මෙම වැඩසටහන අතරතුරදී එරට ජනතාව සිය ජංගම දුරකතන හරහා ආධාර මුදල් ලබාදී ඇති අතර, ඊට පහසුකම් සැලසීම සඳහා QR කේතයක් යොදාගෙන තිබේ.
ඒ අනුව මෙහිදී ලැබී ඇති සමස්ත දුරකතන කෙටි පණිවුඩ සංඛ්යාාව මිලියන 09ක් බව පැවසෙයි. ඒ හරහා රැස් කර ගෙන ඇති මුදලේ වටිනාකම තුර්කි ලිරා බිලියන 115.1ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1කි.
මෙම සමගාමී රූපවාහිනි විකාශය සඳහා තුර්කියේ සුප්රනකට කලාකරුවන්, චරිත, ව්යා පාරිකයන්, ක්‍රී ඩා තරු ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන තිබේ.
මෙම අවස්ථාවේදී දුරකතනය හරහා සජීවීව සම්බන්ධවී ඇති තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩොගාන්, මෙලෙස එකතු කරගත් සෑම සතයක්ම භූකම්පනයෙන් හානි වූවන්ගේ සුභසාධනය වෙනුවෙන් යොදවන බව පවසා තිබේ.
ක්රියකට් ක්‍රීsඩා විකාශනයට රූපවාහිනි නාලිකාවක් සහ ගුවන් විදුලි නාලිකාවක් බදු ගැනීමට ශ්රීද ලංකා ක්රිටකට් ආයතනය සැරසෙයි
ශ්රීය ලංකා ක්‍රි කට් ආයතනය දිගු කාලීන බදු පදනමක් මත රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවක් ලබා ගැනීම සඳහා අභිලාශය කැඳවීමක් සිදු කර ඇතැයි පවසයි.
ශ්‍රී ලංකා ක්රිදකට් ආයතනයේ ප්‍ර ධාන විධායක නිලධාරියා විසින් ඊයේ දිනයේදී ප්රාසිද්ධ මාධ්යහ හරහා දැන්විමක් පළ කරමින් ශ්රීය ලංකා ක්‍රිකට් ආයතනය මේ බව දැනුම් දී සිටියි.
ඒ අනුව ශ්රීය ලංකාව තුළ ක්රිිකට් ක්රීාඩාව සඳහා රූපවාහිනි නාලිකාවක් සහ ගුවන් විදුලි නාලිකාවක් ක්රිධයාත්මක කිරීම අරමුණු කරගනිමින් මෙම අභිලාශය කැඳවීම සිදු කර තිබේ.
එහිදී ශ්රීණ ලංකාවේ දැනට ක්රිකයාත්මක වන දේශීය රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවලින් මෙම දීර්ඝ කාලීන බදු පදනම යටතේ අභිලාශ කැඳවන බව ශ්රීි ලංකා ක්රිශකට් ආයතනය පවසයි.
ඒ අනුව මේ සඳහා උනන්දු දක්වන සමාගම්/සංවිධාන එම අභිලාශ ප්රටකාශන ලිපිය ලබන මාර්තු 01 වැනිදා දහවල් 12ට හෝ ඊට පෙර [email protected] යන විද්යු ත් ලිපිනයට එවිය යුතු බවත් එම ආයතනය සඳහන් කරයි.
‘අපේ අම්මා‘ යූටියුබ් නාලිකාව ශ්රීෙ ලංකාවේ වැඩිම ආදායමක් ඉපැයූ නාලිකාව බවට පත්වෙලා?
ශ්රීඅ ලංකාවේ වඩාත් ජනප්රිරයතම ඉවුම්පිහුම් යූටියුබ් නාලිකාවක් වන ‘අපේ අම්මා‘ නාලිකාව එතෙක් මෙතෙක් එම වේදිකාව හරහා වැඩිම ආදායමක් උපයා ඇති ශ්රීු ලාංකික යූටියුබ් නාලිකාව බවට පත්ව ඇතැයි එක්සත් ජනපදයේ CashnetUSA.com නම් සමීක්ෂණ ආයතනයක් පවසයි.
එහි සඳහන් ආකාරයට ‘අපේ අම්මා‘ යූටියුබ් නාලිකාව ආරම්භයේ සිට ගත වූ කාලසීමාව තුළදී උපයා ඇති ආදායම ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 962,386ක් එනම් ඩොලර් මිලියන 1කට ආසන්න වෙයි.
SocialBlade නම් විශ්ලේෂණ සේවාවක දත්ත අනුව මෙම සමීක්ෂණය සිදුව තිබේ. කෙසේ වෙතත් මෙම වටිනාකම් මෙතෙක් පැහැදිලිව ස්ථිර කෙරී නැත.
අද වනවිට මෙම යූටියුබ් නාලිකාව සතුව දායකත්ව නරඹන්නන් (සබ්ස්ක්ර්යිබර්ස්) ලක්ෂ 27කට අධික සංඛ්යාිවක් සිටියි.
ඒ අනුව මෙම නාලිකාව වෙත එක් කරන වීඩියෝවක් වෙනුවෙන් ඇතැම් අවස්ථාවලදී නැරඹුම්වාර මිලියන 3ත් 5ත් අතර සංඛ්යාවවක් හිමිවන බව ගණන් බලා තිබේ. මෙය ශ්රීර ලාංකික යූටියුබ් නාලිකාවක් සතු ඉහළම අගය ලෙසින්ද සැලකෙයි.
GRAVITAS වෙතින් ඉවත් වූ පාල්කි VANTAGE හරහා යළිත් එයි
ඉන්දියාවේ WION (World In One News) පුවත් නාලිකාවේ සුප්රයසිද්ධ කාලීන පුවත් වැඩසටහනක් වන GRAVITAS හි නිවේදිකාව ලෙස කටයුතු කළ පාල්කි ෂර්මා අද රාත්රිඑයේ සිට Firstpost.com නම් පුවත් වෙබ් අඩවියක් ඔස්සේ VANTAGE නමින් වැඩසටහනක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව පවසයි.
See the World from India’s view යන තේමාව යටතේ නිෂ්පාදනය කෙරෙන මෙම VANTAGE රූපවාහිනි වැඩසටහන හරහා ලෝකයේ පුවත් ඉන්දියානු දැක්ම යටතේ ඉදිරිපත් කිරීම අරමුණ වී තිබේ.
මෙය එවැනි ආකාරයෙන් නිෂ්පාදනය කෙරෙන පළමු වැඩසටහන බවද Firstpost. සඳහන් කරයි.
අද සිට සෑම සතියේ දිනකම රාත්රීද 09.00 ට මෙම වැඩසටහන Firstpost. හි සියලුම සමාජමාධ්යහ ගිණුම් ඔස්සේ විකාශය කරයි.
එසේම සෑම දිනකම රාත්රීත 10.00ට මෙම වැඩසටහනම CNN News18 නාලිකාව ඔස්සේද යළිත් විකාශය කිරිමට සැලසුම වී තිබේ.
TV Lanka වෙතින් Free Digital නමින් සේවාවක් ඇරඹෙයි
"ලංකාවේ අපිටත් මේ තාක්ෂණය ලබාදිය හැකි බව පෙන්වීම මගේ අරමුණයි." - TV Lanka සභාපති බී.ඒ.සී. අබේවර්ධන
මෙරට ඩිජිටල් රූපවාහිනි සේවා සම්පාදකයෙකු වන TV Lanka සමාගම ඩිජිටල් රූපවාහිනි යන්ත්ර් සතු රූපවාහිනි ප්රේජක්ෂකයන් ඉලක්ක කරගනිමින් TV Lanka Free Digital නමින් සේවාවක් ආරම්භ කර ඇතැයි පවසයි.
පසුගිය ඉරිදා දිනයේ සිට මෙම සේවාව ආරම්භ කර ඇති අතර, දැනට ඩිජිටල් රූපවාහිනි (Digital TV) පහසුකම සහිත රූපවාහිනි යන්ත්රන වෙත මෙම නාලිකා ග්රඇහණය කරගැනීමේ හැකියාව පවතී.
මෙම TV Lanka Free Digital ආරම්භය ලෙස TV Lanka ආයතනයට අයත් TV Lanka නාලිකාව TV Lanka Films නාලිකාව මෙන්ම ජාතික රූපවාහිනි, ITN, දෙරණ, සියත, ටීඑන්එල්, හිරු ටීවි සහ අලුතින් ආරම්භ කළ Dil TV නම් නාලිකාවක් විකාශනය කෙරේ.
TV Lanka ඩිජිටල් රූපවාහිනි සේවාවේ හිමිකරුවා සහ නිර්මාතෘවරයා වන බී.ඒ.සී. අබේවර්ධන මහතාගේ මැදිහත්වීමකට අනුව මෙම TV Lanka Free Digital සේවාව ආරම්භකර තිබේ.
TV Lanka ආයතනයට අයත් දොම්පේ පිහිටි විකාශනාගාරයේ සිට මෙම ඩිජිටල් රූපවාහිනි සේවාවේ විකාශන කටයුතු සිදු කරයි. TV Lanka සේවාවට හිමි UHF සංඛ්‍යා තයක් යොදා ගනිමින් මෙම සේවාව දියත් කරයි.
මේ සම්බන්ධයෙන් ද මීඩියා වර්ල්ඩ් ශ්‍රී ලංකා වෙත අදහස් දැක් වූ අබේවර්ධන මහතා, අද වනවිට රට පුරා ඇති ලක්ෂ 4ත් 5ත් අතර ප්‍ර මාණයක් වන ඩිජිටල් රූපවාහිනි පහසුකම සහිත රූපවාහිනි යන්ත්‍රෙ ඉලක්ක කරගනිමින් මෙම සේවාව ආරම්භ කළ බව පවසා සිටියේය.
“අද රටේ ඩිජිටල් පහසුකම තියෙන ගොඩක් රූපවාහානි තියෙනවා. ගණන් බැලුවොත් එය ලක්ෂ 5ක් විතර. ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. හුඟ දෙනෙක් තමන්ගේ රූපවාහිනියේ මේ පහසුකම තියෙනවා කියලවත් දන්නේ නෑ. මේ අය ඉලක්ක කරගෙන තමයි අපි TV Lanka Free Digital සේවාව ආරම්භකළේ.” යනුවෙන් ඒ මහතා පැවසීය.
මෙම පහසුකම සහිත රූපවාහිනි යන්ත්රකයකින් මෙම ඩිජිටල් නාලිකා සඳහා ස්වයංක්රී ය සුසර කිරිමක් (ඔටෝ ටියුන්) කිරීමක් හරහා මෙම නාලිකා දැකබලා ගැනීමේ හැකියාව පවතී.
“TV Lanka Free Digital සේවාව හරහා මටවත්, මගේ TVLanka සේවාවටවත් කිසිම ලාභ ප්‍ර යෝජනයක් නෑ. ඒත් මම මේ සේවාව ආරම්භ කළේ අපිටත් මේ දේ කරන්න පුළුවන් කියන දේ පෙන්වන්න. මොකද ජපාන රජයෙන් ඩොලර් මිලියන 135ක ණය ආධාරයක් අරගෙන තමයි ලංකාවට ඩිජිටල් රූපවාහිනිය දෙන්න බලධාරීන් ක්රිජයා කරන්නේ. ඒකටම තමයි නෙළුම් කුලුණ ඉදි කළෙත්. අද මේ ඩිජිටල් රූපවාහිනි ව්යාරපෘතියට විතරක් ඩොලර් මිලියන 240ක් වැය වෙලා. ඒත් තවමත් ඩිජිටල් රූපවාහිනි සේවාවක් රටේ නෑ. අපි ඒවාට ගත්ත ණය ගෙවනවා විතරයි.”
අද වනවිට මෙම TV Lanka Free Digital සේවාව කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රි ක්ක ආවරණය කෙරෙන බවත් අබේවර්ධන මහතා පැවසීය. එසේම ඉදිරි මාස කිහිපය ඇතුළතදී රටම ආවරණය කිරීමත් අරමුණ බව හෙතෙම සඳහන් කළේය.
“අපි මේකට භාවිතා කරන්නේ DVBT2 වල තියෙන අලුත්ම තාක්ෂණයක්. මේ ක්රුමය යොදා ගෙන රටටම ඩිජිටල් රූපාවාහිනි අත්දැකීම ලබා දෙන කටයුත්ත මම මම තනියෙන් කරලා ඉවර කරන්න යනවා. මොකද ජපානයට වඩා හොඳ දැනුමක්, හැකියාවක් අපේ රටේ අයට තියෙනවා. ඒවා භාවිතයට නොගන්න එකෙයි ගැටලුව තියෙන්නේ.” යනුවෙන්ද බී.එස්.සී. අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ අතර TV Lanka Digital TV සේවාවත් මීට සමගාමීව සිදු කෙරෙමින් පවතින බවත්, ඒ සඳහා හොඳ පාරිභෝගික පිරිසක් එකතු වෙමින් සිටින බවත් අබේවර්ධන මහතා සඳහන් කළේය.
ෂාරුක් ඛාන් ලෝකයේ සිව්වැනිම ධනවත් නළුවා වෙලා
බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ලෝකයේ වෙසෙන ධනවත්ම නළුවන් අතර සිව්වැනි ස්ථානයට පත්වීමට සමත්ව ඇතැයි ඉන්දියානු මාධ්යෂ වාර්තා පවසයි.
World of Statistics නම් Twitter ගිණුම හරහා පසුගියදා එළිදැක්වුණු %Richest Actors in the World% ලැයිස්තුව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ.
ඒ අනුව අද වනවිට ෂාරුක් ඛාන්ගේ සමස්ත වත්කම ඉන්දියානු රුපියල් කෝටි 6,306ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 770ක් වන බව සඳහන්ව තිබේ.
මෙහිදී ෂාරුක් ඛාන් හොලිවුඩයේ සුපිරි නළු ටොම් කෘස් පසුකරමින් සිව්වැනි ස්ථානයට පත්විමට සමත්වීමද විශේෂත්වයකි.
මෙම ලැයිස්තුවට අනුව පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ Jerry Seinfeld ය. ඔහු සතු වත්කම ඩොලර් බිලියන 1කි. එසේම දෙවැනි ස්ථානයේ පසුවන Tyler Perry ගේ වත්කමත් ඩොලර් බිලියන 1කි. තෙවැනි ස්ථානයේ පසුවන Dwayne Johnson ගේ වත්කම ඩොලර් මිලියන 800ක් වෙයි.
එසේම ඩොලර් මිලියන 770ක වත්කමක් සමගින් සිටින ෂාරුක් ඛාන්ට පසුව පස්වැනි ස්ථානයේ පසුවන Tom Cruise ගේ වත්කම ඩොලර් මිලියන 620කි. හයවැනි ස්ථානයේ පසුවන Jackie Chan ගේ වත්කම ඩොලර් මිලියන 520 කි. ඩොලර් මිලියන 500 ක වත්කමක් සහිත George Clooney හත්වැනි ස්ථානයේ පසුවෙයි.
අට වැනි ස්ථානයේ පසුවන රොබර්ට් ඩි නීරෝ ගේ වත්කම ඩොලර් මිලියන 500කි.
දැන් TikTok එකටත් චරණ TV : https://www.tiktok.com/
SLIM Brand Week 2023 ජනවාරි 11 සිට 13 දක්වා වෝටර්ස් එජ්හිදී
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන SLIM Brand Week 2023 ලබන ජනවාරි 11,12 සහ 13 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
සන්නාමකරණය සහ අලෙවිකරණය පිළිබඳව දේශීය මෙන්ම ජාත්යතන්තරවද පිළිගත් සම්පත්දායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මූලිකවම එම ක්ෂේත්‍ර3යන් පිළිබඳව වෘත්තිකයන්ට සහ ආධුනිකයන්ට දැනුම ලබාදීමේ අරමුණින් පැවැත්වෙන්නකි.
විශේෂයෙන්ම අනාගත අලෙවිකරන වෘත්තිකයන් තවදුරටත් සන්නාමකරණය සහ අලෙවිකරණය පිළිබඳ දැනුමින් සන්නද්ධ කිරීම මෙවර SLIM Brand Week 2023 හි අපේක්ෂාව වී තිබේ.
වැඩසටහනේ මුල් දින දෙකේදී එනම් ජනවාරි 11 සහ 12 පස්වරු 6.30 සිට රාත්රීක 9.30 දක්වා දැනට අලෙවිකරණ ක්ෂේත්රෙලය් නිරත වෘත්තීමය පිරිස් වෙත එම දැනුම ලබාදීම අරමුණ වී තිබේ. තෙවැනි දිනයේ පෙරවරු කාලය සන්නාමකරණය සහ අලෙවිකරණය පිළිබඳව හදාරන සහ අලුතින් නව ව්යාතපාර ආරම්භ කරන්නන් සඳහා වෙන් වී තිබේ.
මෙවර SLIM Brand Week 2023 සඳහා සම්බන්ධ වන ප්රලධානතම සම්පත්දායකයන් අතර සෝනම් වැන්ග්චක්, මොමිතා සර්කාර්, රෝරි සදර්ලන්ඩ් සහ කුමාර් සංගක්කාර යන පිරිස් සිටියි. SLIM Brand Week ඉතිහාසය තුළ විදේශීය සම්පත්දායකයන් සම්බන්ධ කරගන්නා පළමු අවස්ථාවද මෙය වීමද විශේෂත්වයකි.
ඒ අතරින් සෝනම් වැන්ග්චක් විසින් ව්යමපාරයක සාර්ථකත්වය සඳහා සන්නාමකරණ නවෝත්පාදනයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් අදහස් පළ කිරිමට නියමිතව තිබේ. වෘත්තියෙන් යාන්ත්රිකක ඉංජිනේරුවරයෙකු වන ඔහු බොලිවුඩයේ ජනප්රි යතම සිනමාපටයක් වූ ‘3 Idiots’ හි ප්රජධාන චරිතය සඳහා පාදවූ තැනැත්තා ලෙසද සැලකෙයි.
මොමිතා සර්කාර් යනු සුප්‍රි ද්ධ Delloite සමාගමේ උපදේශකවරියකි. ඇය මෙහිදී දත්ත විද්යාතව සහ දත්ත විශ්ලේෂණය සමාගමක සන්නාමකරණය සඳහා කෙසේ බලපාන්නේද යන්න සම්බන්ධයෙන් සිය දැනුම බෙදාදීමට සූදානමින් සිටියි.
Ogilvy දැන්වීම්කරණ ආයතනයේ උප සභාපතිවරයා වන රෝරි සදර්ලන්ඩ්ද මෙම SLIM Brand Week 2023 හි සම්පත්දායකයෙකු ලෙස සම්බන්ධ වෙයි. එහිදී ඔහු සන්නාම අලෙවිකරණයේ පාරිභෝගික හැසිරීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට නියමිතව සිටියි.
මේ අතර මෙවර SLIM Brand Week 2023 හි සම්පත්දායකයෙකු ලෙස සම්බන්ධ වන ප්රසවීන ක්රිහකට් ක්‍රීිඩක කුමාර් සංගක්කාර විසින් තම චරිතය සන්නාමයක් බවට පත් කරගැනීමේ කතාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට සූදානමින් සිටියි.
මේ අතර තෙවැනි දිනයේ පෙරවරුවේ පැවැත්වෙන අංගය යටතේ දැනට අධ්යාරපනය හදරාමින් සිටින අලෙවිකරණය පිළිබඳව උනන්දුවක් පවතින පිරිස් වෙත එම දැනුම ලබාදීම සිදු කරයි. එහිදී සාමාන්යු පෙළ, උසස් පෙළ හදාරන පාසැල් සිසුන්, කොළඹ, ජයවර්ධනපුර, කැලණිය සහ සබරගමුව විශ්වවිද්යාසලවල උපාධි අපේක්ෂකයන්, සියලුම සමාගම්වල අලෙවිකරණය පිළිබඳ ආධුනිකයන් ඇතුළු පිරිසට මේ අවස්ථාව හිමි වෙයි.
එසේම ඉදිරියේදී මෙම SLIM Brand Week වැඩසටහන තවදුරටත් ජාත්යළන්තරය වෙත රැගෙන යාම SLIM ආයතනයේ සැලසුම වී තිබේ. ඒ අනුව ඉදිරි වැඩසටහන් සඳහා තවත් විදේශීය සම්පත්දායකයන් කැඳවමින්, මෙම වැඩසටහන වෙත ජාත්යමන්තර මට්ටමේ පිළිගැනීමක් ලබාදීම එහි අරමුණයි.
දෙරණ gluuooo ගැලවෙයි Dflix එයි
දෙරණ මැක්‍රොu එන්ටර්ටේන්මන්ට් (පෞද්) සමාගම මගින් පවත්වාගෙන ගිය අන්තර්ජාල වීඩියෝ ස්ට්රීිමිං සේවාවක් වන gluuooo හි සන්නාමය Dflix ලෙස වෙනස් කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.
සජීවී රූපවාහිනි වැඩසටහන්, විකාශය වූ වැඩසටහන් මෙන්ම වීඩියෝ දර්ශන, සිංහල චිත්රෝපට සහ ටෙලිනාට්ය් ඇතුළු වැඩසටහන් අන්තර්ජාල වීඩියෝ ස්ට්‍රී,මිං තාක්ෂණය හරහා මාසික ගාස්තුවක් ගෙවා නැරඹීමේ අවස්ථාව මෙම gluuooo සේවාව හරහා ලබා දුනි.
2017 වසරේදී gluuooo සේවාව ආරම්භ විය. මේ හරහා ඩොලර් 4ක මුදලකට ශ්‍රීl ලාංකික සිනමාපට නැරඹීමේ අවස්ථාව දෙස් විදෙස් ප්රේදක්ෂකයන් වෙත හිමි කර දී තිබුණි.
මෙම නව සන්නාම වෙනසත් සමගින්ම ශ්‍රී ලංකා ක්‍රි කට් කණ්ඩායම සහ ඉන්දියානු ක්රිාකට් කණ්ඩායම අතර එක්දින සහ විස්සයි20 තරග සංචාරය සජීවීව අන්තර්ජාල ස්ට්රීණමිං තාක්ෂණය හරහා විකාශය කිරිමටත් Dflix කටයුතු යොදා තිබේ.
www.dflix.com ඔස්සේ මෙම සේවාව වෙත පිවිසිය හැකි අතර Dflix ඇප් වැඩසටහන ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් හරහා ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාවද පවතී.
BBC යේ අලුත්ම ප්රතිසන්නාමකරණයට මහජන මුදල් පවුම් මිලියන 7ක් වැයකරලාලු?
බ්රිතතාන්යීයේ BBC පුවත් සේවාව සිය අලුත්ම ප්රයතිසන්නාමකරණය වෙනුවෙන් ස්ටර්ලිං පවුම් මිලියන 7කට අධික ජනතා බදු මුදලක් භාවිතා කර ඇතැයි විමර්ෂණයකදී අනාවරණය වී තිබේ.
BBC පුවත් සේවාව සඳහන් කරන ආකාරයට මෙය එම සමාගමට අයත් සන්නාම නවීනතම ඩිජිටල් ප්‍ර තිසන්නාමකරණයකට ලක් කිරීමකි.
කෙසේ වෙතත් මෙතෙක් පැවැති BBC ලෝගෝව සහ මෙවැනි අතිවිශාල මුදලක් වැය කර සිදුකළ නව BBC ලෝගෝව අතර කිසිදු කැපී පෙනෙන වෙනස්කමක් නොමැති බව බොහෝදෙනාගේ අදහස වී තිබේ.
බ්රිවතාන්යියේ පළ වන Daily Express පුවත්පත මගින් එරට ක්රිසයාත්මක තොරතුරු දැන ගැනීමේ පනත යටතේ බීබීසී ආයතනය හරහා ලබා ගත් තොරතුරු අනුව මෙම අනාවරණය සිදු කෙරී ඇත. ඒ අනුව ආසන්න වසර කිහිපයේදී ක්රිරයාත්මක වුණු මෙම ප්රමතිසන්නාමකරණ ව්යාුපෘතියයටතේ ජනතා බදු මුදල් පවුම් 7,261,039ක් වියදම් කෙරී ඇති බව එළිදරව් වී තිබේ.
මෙම ප්රකතිසන්නාමකරණය යටතේ බීබීසී නාලිකාව මගින් පසුගිය වසරේදී සිය ප්රුධානතම රූපවාහිනි නාලිකා වන BBC One, BBC Two සහ Four යන නාලිකා මෙන්ම iPlayer, Sounds, Weather, Sport සහ Bitesize යන අමතර සේවාවන්හි ලෝගෝද වෙනස් කිරීමට ලක් කළේය.
මෙම අවස්ථාවේදී බීබීසී ආයතනය මෙම නව සන්නාම වෙනස් කිරීම සඳහා වැය වූ මුදල පිළිබඳව අනාවරණයක් සිදු නොකළ අතර, එහි ප්‍රාකාශකවරයා විසින් මෙම නව සන්නාම වෙනුවෙන් වැය කළ මුදල කැපී පෙනෙන බවට පළ වූ අදහස් ප්රයතික්ෂේප කළේය.
මෙම නවීකරණය යටතේ රූපවාහිනි නාලිකා 14ක්, මූලික ඩිජිටල් සේවාවන් හයක්, දේශීය ගුවන් විදුල් ස්ථාන 46ක්, ජාලගත රේඩියෝ ස්ථාන 15ක්, ලොව රටවල් 11ක පිහිටි රේඩියෝ ජාලයක් සහ පුවත් සේවාවන් 59ක් ඇතුළත් වූ බවත් එහිදී සඳහන් විය.
TikTok තුළ නිර්මාණාත්මක හැකියාව සහ අව්යාැජත්වය ඉස්මතු කරමින් ජනපරිඩ ය තරුවක් බවට පත් වූ ලෝචි
මධ්‍යම පාන්තික පවුලක හැදී වැඩුණු සිහින හඹායන ශරීන ලාංකික ගැහැණු ළමයෙකි. ලෝචිට රංගන ශිල්පිනියක් වීමට අවශ්‍ය වුවත් ඇය රතු පලසකින් බැස යන දිනය ගැන සිහින මැව්වාය.
පුද්ගලික ජීවිතයේ පසුබෑම් රැසකට මුහුණ දුන්නද ලෝචනා විවිධ වූ දක්ෂතා රැසකින් හෙබි කාන්තාවකි. ඇය පරද් සිද්ධ සමාජ බලපෑම් කරන්නියක් (Influencer), අන්තර්ගත නිර්මාපකයෙකු, යූ ටියුබර් රංගන ශිල්පිනියක, කරි් යාකාරිනියක මෙන්ම ඇයගේම සමාගමේ අධ්‍යIක්ෂවරියක් බවට පත් වූවාය.
නිරන්තරයෙන් වෙනස් වන සමාජ පර මෙවණතා කැටිවූ නිර්මාණාත්මක සහ අව්යාටජ TikTok නිර්මාණකරණය හේතුවෙන් වටා 1.1Mn සහ 15.7Mn අනුගාමිකයන් පරි් මාණයක් සිටී. ගුණාත්මක අන්තර්ගතයන් ලබා දීමට ලෝචනාගේ කැපවීම අදටත් අප බොහෝ දෙනෙක් ඇයට ආදරය කිරීමට පරත් ධාන හේතුවක් වනවා.
ලෝචනා කියන්නෙ කවුද සහ ඔබේ කතාව කුමක්ද?
ලෝචනා කියන්නේ, ජීවිකාව ගැටගසා ගැනීමට මහන්සි වූ දෙමාපියන් දෙදෙනෙකු සිටි මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය ශරීීවි ලාංකික ගැහැණු ළමයෙක්. මම පවුලේ වැඩිමහල් දරුවා. මට බාල සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා.
මම උසස් පෙළ අවසන් කරන විට මගේ මව දුර්ලභ පෙනහළු රෝගයකින් මිය ගියා. ඉන්පසු මගේ බාල සහෝදරියන් දෙදෙනාගේ වගකීම මට භාර ගැනීමට සිදු වුණා. මගේ සහෝදරියන්ගේ අධ්යාුපන කටයුතුවල මූල්යි වගකීම මා හට පැවරුණු නිසා මෙම කාලය තුළ මගේ අධ්යාගපනය කටයුතු මගහැරුණා කිව්වොත් නිවැරදියි. මගේ අධ්‍යා පන කටයුතු අතරමග නතර වුවත්, නර්තනයට ඇති මගේ ආශාව නිසා එය පසුපස හඹා ගොස් එයින් මුදල් උපයා ගැනීමට මට හැකි වුනා. ඇත්ත වශයෙන්ම, මම සහතික ලත් Zumba උපදේශිකාවක් සහ සම්මානලාභී ලතින් නර්තන ශිල්පිනියක්.
අද වන විට මම කාගෙත් සිත්ගත් සමාජ මාධ්යු තරුවක්. ඇත්තටම අද මම මා ගැනම පුදුමයට පත්වනවා. අද, මගේ දැඩි ආශාව මගේ ඉරණම වෙනස් කිරීමට මට උපකාර කළා.
ඔබේ වෘත්තිය කුමක්ද?
මම ඩිජිටල් අන්තර්ගත නිර්මාපකයෙකු සහ සමාජයට බලපෑම් කරන්නෙකු (Influencer), ලෙස කටයුතු කරනවා. මම දේශීයව සහ ගෝලීය වශයෙන් ඉහළ පෙළේ සන්නාමයන්හි ඩිජිටල් පර), වර්ධන කටයුතු කරනවා.
සියලූම සමාජ මාධය ජාලා ආවරණය කරන ඩිජිටල් අලෙවිකරණ නියෝජිතායතනයක් වන Lochi Studios (PVT) LTD හි හිමිකරු මමයි. දැනට එය ශරීl ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ කිර, යාත්මක වෙනවා.
ඔබ නිර්මාණය කළ ඔබේ පරිDව යතම TikTok වීඩියෝව කුමක්ද සහ ඇයි?
මම ඒ සියල්ලන්ටම ආදරෙයි! මගේ නිර්මාණවල ලොකුම රසිකයා මමයි.
මම TikTok හි පළ කළ වීඩියෝවක් අතිශය ජනපරිම ය වුණා. විශාල පේරඑක්ක්ෂක පිරිසක් වෙත ළඟා කර ගැනීමට සහ බොහෝ දෙනාගේ අවධානයට ලක් කරවීමට TikTok මට උපකාරී වුණා. මෙම වේදිකාවේ පරේරඑබලත්වය මට වැටහුණේ එවිටයි. එබැවින් මා කරන දේ දිගටම කරගෙන යාමට සහ විවිධ වර්ගයේ අන්තර්ගතයන් නිතිපතා පළ කිරීමට මම අවස්ථාව උදාකර ගත්තා.
ඔබේ අන්තර්ගතය කුමන ආරක් ගන්නේ ද?
මම වැඩිපුරම කැමති හාස්‍ය යට සහ නර්තනයට. මම මගේ පේරධ ක්ෂකයින් රඳවා තබා ගැනීම සඳහා නාට්යි, තොල් හැසිරවීම සහ විවිධ අන්තර්ගතයන් වල සංකලනයක් ද පළ කරනවා.
TikTok ප්‍රජාව ගැන ඔබගේ අදහස කුමක්ද?
විවිධත්වයක් තිබෙන අතර විවිධ තරාතිරම්වල විවිධ නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් සිටිනවා.
TikTok සීමා මායිම් විරහිතව අපිට අපගේ හැකියාවන් ඔප්නංවා ගැනීමට අවස්ථාව දෙනවා. Instagram" Facebook සහ YouTube වේදිකා හරහා මිලියන 4.5 කට අධික අනුගාමිකයින් සහ රසිකයින් සිටින ශරීce ලංකාවේ හොඳම බලපෑම් කරන්නන් අතර මා ද සිටීමට හේතුව වන්නේ මම සෑම රසඥතා පරාසයක්ම හඳුනාගෙන ඒ සැමට ගැලපෙන නිර්මාණ ඉදිරිපත් කිරීම යැයි මා විශ්වාස කරනවා.
ඔබ විසින්ම ඉගෙන ගත් TikTok සම්බන්ධ උපක්‍රම තිබේද?
නිර්මාණ මකා දමා නැවත upload නොකර සිටීම වඩා හොඳ බව මම ඉගෙන ගත්තා. එසේම, අනුගරසිටහය ලබන සහ අනුගරමකාහය නොලබන අන්තර්ගතයන් වල සංකලනයක් TikTok කිරීම වඩාත් හොඳයි. ඒ වගේම සමාජයේ පවතින සෑම පරමාවණතාවක්ම පේරතයනක්ෂකයාට ලබාදීමට උත්සාහ කිරීම සාර්ථකයි.
TikTok හි අන්තර්ගතයන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන අනෙකුත් වෘත්තිකයන් සඳහා ඔබ දෙන උපදෙස් මොනවාද?
ඔබ කුමන වෘත්තියක සිටියත්, ඔබට ඔබේ විශේෂත්වය ඉස්මතු කිරීමට හෝ විවිධ වූ විශේෂාංග ඉදිරිපත් කිරීමට හැකියි. නිදසුනක් ලෙස, වෛද්යතවරයෙකුට වෛද්‍ය උපදෙස් පළ කළ හැකියි, නීතීඥයෙකුට නීති උපදෙස් පළ කළ හැකියි, ගොවියෙකුට තම නවතම අස්වැන්න පෙන්විය හැකිය, වඩු කාර්මිකයෙකුට තම විශිෂ්ටතම ශිල්ප කර හ ම පරොවිදර්ශනය කළ හැකියි. අද ලෝකයේ සෑම කෙනෙකුටම නිර්මාණකරුවෙකු විය හැකියි. ඒවගේම සිය වටිනා දැනුම බෙදා ගනිමින් ඵලදායී ලෙස ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් දිරිමත් කළ හැකියි.
පල්ලේකැලේ තරගාවලියෙන් පසුව LPL තරගාවලියේ ආවරණයට සූදානමින් සිටින Tensports (Sony Sports Network) රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායම.🥰 🤩 🤟
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
8, Hunupitiya Cross Road, Colombo 02
Colombo, 00200
Sri Lanka’s Number One Breaking News Site And The Island’s Best Selling English Daily Newspaper!
Colombo, 10230
Imagebook is the sole Sri Lanka centric Stock Image Bank with over a million images, catering to all
Colombo
Aivarree.com is an modern news website which is publishing Local, International, Infotainment, Sports and financial news in Tamil and Sinhala languages and based in Colombo - Sri L...
Colombo, 00100
Hiru News Facebook - Premier No 1 news Page in Sri Lanka for accurate and timely news- www.hirunews.lk - 'when it happens' & 'as it happens' with creative and distinctive content ...
St' Paul's Girls' School
Colombo
Toward a True & Meaningful Communication.................