Apple iOS එකමුතුව
Apple iOS එකමුතුව is a Sri Lankan page, that shares all Apple related news
ඔන්න දැන් අපිට 5G experience එක ගන්න පුලුවන් ලංකාවෙදි iPhone 12 series එකෙන් උඩ iPhone එකක් ඔයා අතේ තියනවනම්.
WWDC2023 highlights
ඔන්න ඉතින් අපි කවුරුත් බලාගන හිටිය iOS 17 update එක Apple සමාගම විසින් officialy release කලා. හැබැයි මේ update එක iPhone X එකෙන් පහළ devices වලටනම් ලැබෙන්නේ නැ.
මෙන්න මේ iPhones, iPads වලට විතරයි මේක ලැබෙන්නෙ.
iPhone 14 series
iPhone 13 series
iPhone 12 series
iPhone 11 series
iPhone XS
iPhone SE (2nd gen or later)
iPad Pro (2nd gen and later)
iPad Air (3rd gen and later)
iPad (6th gen and later)
iPad Mini (5th gen and later)
iPhone 15 series එකේ prices ගිය අවුරුද්දේ වගේම වෙයි කියන දේ තමයි අරංචිය. මේ දාලා තියන photos දෙකෙන් ඔයාට බලාගන්න පුලුවන් ඒ prices.
හැබැයි ඉතින් ගිය අවුරුද්දේ වගේම Pro models අපිට ලංකාවෙදි බලාගන්න වෙන්නෙ රුපියල් ලක්ශ පහකට ආසන්නව. ඒක තව දුරටත් වෙනස් වෙන්න පුලුවන් මේක විකුණන vender අනුව.
𝐀𝐩𝐩𝐥𝐞 𝟏𝟓 𝐥𝐢𝐧𝐞𝐮𝐩 එක launch කරන්න තව ටික දවසයි තියන්නෙ. ඉතින් මේ 15 line-up එකේ කොහොමද වෙන්නෙ කියන දේ අපි දැන් කතා කරමු.
සැප්තැම්බර් 12 වෙනිදා පවත්තන්න තියන මේ event එකේදි කලින් වගේම iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Pro Max විදිහට models හතරක් launch කරන්න ඉන්නවා කියන දේ තමයි දැනට තියන news වලින් බලා ගන්න පුලුවන් වෙන්නෙ.
𝐢𝐏𝐡𝐨𝐧𝐞 𝟏𝟓 සහ 𝐢𝐏𝐡𝐨𝐧𝐞 𝟏𝟓 𝐏𝐥𝐮𝐬
iPhone 15, 15 Plus devices වල colours ටික මෙන්න මේ වගේ වෙයි.
• Midnight/Black
• Starlight/White
• Yellow
• Blue
• Orange/Coral Pink
𝐢𝐏𝐡𝐨𝐧𝐞 𝟏𝟓 𝐏𝐫𝐨 සහ 𝐢𝐏𝐡𝐨𝐧𝐞 𝟏𝟓 𝐏𝐫𝐨 𝐌𝐚𝐱
Pro devices වල colours මේ වගේ වෙයි. හැමදාම Apple ලා Pro devices වලට අලුත් color එකක් හඳුන්වලා දෙනවනෙ, ඉතින් මේ පාර ඒ colour එක වෙන්නේ Dark Blue.
• Dark Blue
• Silver-Gray
• Space Black
• Titanium
මීට අමතරව device එකේ colour එකෙන් charging cable එක එනවා කියලා තමයි හැමෝම කියන්නෙ. ඒත් මේ colour cables එන්නෙ Pro models වලට විතරද, නැත්තන් හැම device එකටම එනවද කියන එක තවම පැහැදිලි නෑ.
ඉතින් මේ අලුත්ම 15 line-up එකේ තව දේවල් ඔයාලා දන්නවනම් අපි කාටත් ඒ දේවල් දැන ගන්න comment section එකෙන් දාන්න.
ඔන්න ඇපල් ආයතනයෙන් රතු නිවේදනයක් නිකුත් කරලා තියනවා, Phone එක charge එකට දාගන Phone එක ලඟ නිදා ගන්න අයට. මේක ගැන එයාලගෙ අලුත්ම User Manual වල update කරලා තියනවා කියන දේ තමයි අපිට දැන ගන්න ලැබුන ආරංචි වල තියන්නේ.
ඔයලට මේ ගැන තවත් විස්තර දැන ගන්න ඕනෙනම්, මේ post එකේ පළවෙනි comment එක බලන්න.
අපි කලින් අලුතෙන් එන්න තියන 𝐖𝐚𝐭𝐜𝐡 𝐗 එකේදි කිවවා වගේ, ඔන්න Apple company එක, අලුතෙන් එන්න තියන අනිත් watch models වලටත් අර කිව්ව watch band එක detect කරන feature එක දාන්න යනවා කියලා තමයි ආරංචිය. ඊටත් වඩා පිස්සු හැදෙන දේ තමයි Apple Watch Band එකේ design එකට match වෙන්න watch face එක change වෙනවා කියන එක. හැබැයි ඉතින් මේ feature එක experience කරන්න අපිට Apple එකෙන්ම genuine Watch Bands ගන්න වෙයි.
ඒ වගේම තමයි, අලුතෙන් එන්න තියන models වලට 𝐁𝐥𝐨𝐨𝐝 𝐠𝐥𝐮𝐜𝐨𝐬𝐞 𝐦𝐨𝐧𝐢𝐭𝐨𝐫𝐢𝐧𝐠 𝐭𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 එක feature කරනවා කියන දේ. මේ කියන features ඊලග watch එකේ බලා ගන්න තියෙයිද කියන එක අපි හැමොටම ප්‍රශ්නයක්. ඒත් මේ හැමදේම තව වැඩි දවසක් යන්න කලින් Apple එකෙන් එලි දක්වයි.
ගොඩක් දෙනෙක් කියන iPhone 15 series වෙනස්කම් ටික ඔයාලට බලාගන්න පුලුවන් මේ chart එකෙන්
𝐀𝐩𝐩𝐥𝐞 𝐖𝐚𝐭𝐜𝐡 𝐗
පළවෙනි Apple Watch එක Apple ලා release කලේ 2015 වෙදි. ඉතින් අපිට Apple Watch එකේ 10th Anniversary එකට හිතා ගන්න බැරි wearable device එකක් බලා ගන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව තියා ගන්න පුලුවන්. මොකද මම එහෙම කියන්න හේතුව වෙන්නේ, එයාලගේ Apple iPhone 10th Annniversary එකටත් Apple Compnay එක iPhone X එක launch කරපු නිසා.
අපි බලමු අපිට තියන ආරන්චි මාර්ග එක්ක මේ අලුත් device එක කොහොම වෙයිද කියලා.
𝐃𝐞𝐬𝐢𝐠𝐧
දැනට තියන news එක්ක මේ watch එකේ thickness එක සෑහෙන්න අඩු වේ කියන එක තමයි හැමෝගෙම මතය. තව මේක හදන materias වල වෙනසක් වෙයි කියන දේත් කියනවා. ඊළගට තියන හොදම news එක තමයි, මේකෙ Display එක අලුත්ම glass එකකින්, දැන් තියන glass එක වගේ තුන් ගුනයක් ශක්තිමත් glass එකක් තමයි එනවා කියන්නෙ. හැබැයි ඉතින් අපි මතක තියා ගන්න ඕනෙ දේ තමයි glass කියන්නෙ කොහොමත් glass කියලා.
𝐁𝐚𝐧𝐝𝐬
දැනට තියන news එක්ක Apple team එක මේ watch bands attach වෙන mechanism එක change කරන්න යනවා කියලා අරන්චියි. මේ attach කරන mechanism එක magnet base වෙනවා කියලා තමයි හැමතැනම news තියන්නේ. අනිත් දේ තමයි, මේ අලුත් mechanism එකත් එක්ක, Watch band එක genuine එකක්ද නැද්ද කියන එකත් watch එකේ පෙන්නනවලු. ඒක නිකන් හරියට දැන් අපි Apple genuine magsafe case එකක් දාද්දි පෙන්නනවා වගෙ කියල මට හිතෙනවා.
𝐃𝐢𝐬𝐩𝐥𝐚𝐲
ගොඩක් rumours ලා කියන විදිහට, මේ watch එක nmicroLED Display Technology එකත් එක්ක release වෙයි කියනවා. අපි උඩදි කිව්වා වගෙ මේකෙ glass එකෙ ශක්තිය තුන් ගුනයකින් වැඩි වේවි.
𝐀𝐩𝐩𝐬
මේ Apple Watch එකට අපේ iPhone එකේ තියන හැම App එකක්ම support කරයි කියල තමයි තියන අනිත් news එක.
𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐝𝐚𝐭𝐞
ගොඩක් rumoers ලා කියන්නෙ මේ අලුත් Apple watch එක මෙයාලා release කරන්නෙ 2024 ද 2025ද කියල තාමත් පැහැදිලි නෑ කියලයි. මොකද පළවෙනි watch එක 2014 සැප්තැම්බර් release කලාට customers ලට ගන්න හම්බුනෙ 2015 අප්‍රේල් නිසා.
ඉතින් මේ ගැන ඔයාලත් තව දේවල් දන්නවනම්, අපි හැමෝටම ඒ දේවල් දැන ගන්න comment section එකේ ඒ දන්න දේවල් දාන්න.
IOS 17 සහ iPadOS 17 නිකුත් කිරීමට ඇත්තේ තවත් මසකට අඩු කාලයක්. එම නිසා දැන් සතිපතා ඇපල් ආයතනය බීටා යාවත්කාලීන කිරිම් නිකුත් කිරීමට පටන් අරන්. අද එහි නවතම බීටා 6 යාවත්කාලීන කිරිම ඔවුන් විසින් මීට පැය කිහිපයකට කලින් නිකුත් කලා.
බීටා 1 සිට බීටා 6 යාවත්කාලින ක්‍රියාවලියේදි ඇපල් ආයතනය, මෙම මෙහෙයුම් පද්ධතිය සඳහ වැයවන මෙමරි අගය සැලකිය යුතු මට්ටමකින් පහල දමා තිබෙනවා. ඒ වගේම මෙහි තිබූ බොහොමයක් දෝශ නිරාකරනය කර තිබෙනවා. මෙම 6 වන යාවත්කාලීන කිරිම සමග පහත සඳහන් වෙනස්කම්ද සිදු කර තිබෙනවා.
𝗠𝗲𝘀𝘀𝗮𝗴𝗲𝘀 𝗔𝗽𝗽
Message ඇප් එක තුල දැන් අපිට “+” යෙදුම ටච් කරගන සිටීම තුලින් Photo selection option එක ලබා ගත හැකියි.
𝐏𝐡𝐨𝐧𝐞 𝐀𝐩𝐩
කලින් බීටා එකකදී, Apple ආයතනය විසින් දුරකථන අවසන් රතු ඇමතුම් බොත්තම (Call End Button) Display එකේ පහළ මැද සිට පහළ දකුණට ගෙන ගියා. නමුත් මේක පරිශීලකයන් වශයෙන් අපට හොඳ වෙනසක් වුනේ නෑ, මොකද අපි හැමෝම අවුරුදු ගානක් පුරුදු වෙලා හිටියේ අපි ගන්න Call එක Display එක මැද තියන රතු පාට “Call End” button එකෙන් cut කරන්න. ඉතින් අපි හැමෝගෙම ඉල්ලීම පරිදි Apple ආයෙම අපිට මේ button එක තිබ්බ තැනටම ලබා දීලා තියනවා.
𝐌𝐨𝐨𝐝 𝐓𝐫𝐚𝐜𝐤𝐢𝐧𝐠
අලුත්ම Mood Tracking feature එකේ තිබුන Animation තවත් වැඩි කරනවත් එක්කම, වටේ තිබුන වලලු කරකැවෙන වේගය වගේම වළලු ගානත් වැඩි කරලා තියනවා.
𝐏𝐡𝐨𝐭𝐨𝐬 𝐒𝐩𝐥𝐚𝐬𝐡 𝐒𝐜𝐫𝐞𝐞𝐧
Update එකෙන් පස්සෙ මුලින්ම Photos ඇප් එක open කරද්දි Photos Splash Screen එකෙන් අලුත් feathers මොනවද කියල අපිට බලා ගන්න පුලුවන්.
𝐃𝐢𝐬𝐩𝐥𝐚𝐲 & 𝐁𝐫𝐢𝐠𝐡𝐭𝐧𝐞𝐬𝐬
Settings වල Display & Brightness section එකේ wallpaper icon එක iOS 17 wallpaper icon එකට change වෙලා තියනවා.
මීට අමතරව තවත් changes ඔයාලට අහු වුනානම් අපි හැමොටම දැන ගන්න ඒ දේවල් Comments section එකේ දාන්න.
Welcome to "Apple iOS එකමුතුව" page! 📱📰
Dive into the captivating realm of everything Apple – from cutting-edge technology to inspiring stories. Stay tuned for daily updates, insightful articles, and a front-row seat to the world of innovation. Join us as we unravel the magic behind your favorite devices and celebrate the spirit of endless possibilities. Hit that 'Like' button to be a part of our Apple-loving community! 🚀🌟
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Telephone
Address
Colombo
10250
38 Fife Road
Colombo, 05
Cenmetrix enables its clients to digitize their assets and infrastructure.
Colombo
QuickFix-IT offers total IT Hardware and repair, networking, server solutions & communication techno
Colombo
The main goal to create this page is share the knowledge in Computer Information & Technology from e
Colombo
Colombo
Guaranteed Assignment Help services Enjoy a discount offer on your very first assignment Am here and always available to assist you in all your assignments.
655 New Hunupitiya Road
Colombo
CapzeIT is a Technology Company that drives your Technology needs. We consult in business solutions
10/C, Keppetipola Mawatha, Kolonnawa
Colombo, 10600
Phoenix IT Lanka Private Limited is a firm specializing in cyber security products and services.
Colombo
Auxstack is an IT company.We help startups, small to medium business and enterprise level organizatio
279/B, Kaduwela Road, Battaramulla
Colombo, 10120
Welcome to the COMPUTER STORE! Experience the best quality products and services.
7/1 A , 1/1, Kawdana Road, Dehiwala
Colombo
RVD Holdings Pvt Ltd is a private limited company presently registered in Sri Lanka, which is to cat
434 Thimbirigasyaya Road
Colombo, 00500
CloudShed™ Platform had evolved from an optimization & automation platform, multi-cloud service brokerage, analytics & intelligent engine to SaaSification & commercialization engin...
No-23 , N-Block , Bambalapitiya Govt Scheame , Colombo 4
Colombo, 00400
Innovative ICT solution Provider