සිංහලපීඩියා
"සිංහලපීඩියා" ~~ "විශ්වයම සිංහලෙන් කියවමු"
ඉන්දියාවේ කෙලවර... The Edge of India..
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් වෙන්වන්නේ ලංකාවේ මන්නාරම් දූපතත් ඉන්දියාවේ රාමේශ්වරම් දූපතත් අතර සැතපුම් 33ක කෙටි දුරකින්. මෙය හඳුන්වන්නේ Palk Strait ලෙසයි. මෙම සාගර කලාපයද ආදම් ගේ පාලම පුරාතනයේ ගල් වැටි වලින් සමන්විත පාලමකින් සම්බන්ද වී තිබූ බවට අදටත් සාක්ෂි තිබෙනවා .
මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් කෙලවර වෙන ඉන්දියාවේ කෙළවරයි. එය එරට සංචාරකයන්ගේ සිත් ගත් ප්‍රධාන ස්ථානයක්.
Duck Hunting ක්‍රීඩා (ඝාතන) පිටිය
Duck Hunting කියන්නේ සුද්දන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක්. විනෝදය පිණිස මෙම කුරුල්ලන්ට වෙඩි තබා ඝාතනය කිරීම ජනප්‍රිය ක්‍රීඩාවක් මෙන්ම ඔවුන් තම දරුවන්ද මීට සහභාගී කර ගන්නවා.
මේ ඡායාරූපයේ ඔබ දකින්නේ තාරාවන් පන පිටින් අල්වා ගෙන කූඩු කර තබා ඇති Duck Hunting ක්‍රීඩා පිටියක්. මෙම සතුන් මර බිය නිසා කෑ ගසනා විට මෙම සතුන්ගේ පවුල් වල (රංචු වල) කුරුල්ලන් ට ඇසී එම කුරුල්ලන් මෙම කූඩු කර සිටින සතුන් නිදහස් කර ගැනීමට පියාබා පැමිණෙනවා. දඩයක් කරුවන් මෙය භාවිතා කරන්නේ තම ගොදුරු තමා ලගටම ගෙන්වා ගැනීමටයි. අවසානයේදී එසේ පැමිණෙන සියලුම කුරුල්ලන් දඩයක්කරුවන් විසින් වෙඩි තබා මරා දමනවා.
තමා බේරා ගැනීමට පැමිණෙන තම පවුල් වල සාමාජිකයන් තම ඇස් ඉදිරිපිටම මෙසේ වෙඩි තබා ඝාතනය කරන ආකාරය කූඩු කර සිටින කුරුල්ලන් බලා සිටිනු ඇත්තේ කොතරම් වේදනාවකින්ද? ඔවුන් කොතරම් අසරණද?
මිනිසා යනු මෙම පෘතුවියේ වෙසෙන මිලේච්චම තිරිසන්ම සත්වයා බව පෙන්වීමට මෙම ඡායාරූපය පමණක් හොඳටම ප්‍රමාණවත්.
මේ snapdragon ගසක මල පරවෙලා හැලී ගිය පසු ඉතිරිවන ශාක බීජ සහිත කොටස්. ඒවා දිස් වෙන්නේ හරියටම මිනිස් හිස්කබල් වගේ. (මේ ගසට Dragon Tree කියලත් කියනවා)
2013 ජපානයේ ඇතිවූ සුනාමියෙන් එම ප්‍රදේශයේ විනාශ නොවී ඉතිරි වූ එකම ගස ස්මාරකයක් ලෙස සංරක්ෂණය කෙරෙමින් රැක ගත් ආකාරය.
2013 ජපානයේ ඇතිවූ සුනාමියෙන් එම ප්‍රදේශයේ විනාශ නොවී ඉතිරි වූ එකම ගස ස්මාරකයක් ලෙස සංරක්ෂණය කෙරෙමින් රැක ගත් ආකාරය.
ලොව විශාලතම බැටරිය.
ඇමෙරිකාවේ Missouri ප්‍රාන්තයේ පිහිටා ඇති Taum Sauk Hydroelectric Power Station ජල විදුලි බලාගාරය ඉතාමත් අපූරු එකක්. මෙම බලාගාරයෙන් නිපදවන විදුලි බල ප්‍රමාණයට වඩා වැඩි විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගෙන නැවත මෙම ජලාශයටම එම ජලය පුරනවා. මේක බැලූ බැල්මටම පෙන්නේ මෝඩ විකාර කතාවක් වගේ.
මෙම බලාගාරයට ජලය සපයන ජලාශය ස්වභාවික එකක් නොවේ. මෙය කන්දක් උඩ කොන්ක්‍රීට් වලින් කෘතිමව නිපදවපු ටැංකියක් කිව්වොත් වඩා නිවැරිදියි. මෙයට ජලය සපයන එකම ස්වභාවික ජල මාර්ගයක්වත් පිහිටා නැහැ.
විදුලි බලාගාර වල නිපදවන විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. සිදුවන්නේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණයට සරිලන ලෙස විදුලිය එම මොහොතේම නිපදවා පද්ධතියට එක් කිරීමයි. නමුත් ඉල්ලුමට සරිලන ලෙස නොකඩවා විදුලිය සැපයීමට නම් සෑම විටම පද්ධතියේ ධාරිතාවය වැඩි කර යුතුයි.
Peak time යනු අධික විදුලිය පරිභෝජනයක් ඇති වේලාවයි (රාත්‍රී 6 - 9 සහ උදෑසන). මේ වේලාවට අවශ්‍ය විදුලි ඉල්ලුම සැපයීමට තාප බලාගාර ක්‍රියාත්මක කර විදුලිය නිපදවිය යුතුයි. මෙය ලාභ දායක නැහැ. ඒවගේම Off Peak time යනු එතරම් විදුලිය පරිභෝජනය නොකරන වේලාවක්. මේ වේලාවට අක්‍රිය කල නොහැකි සුර්ය, සුළං, ජල වැනි බලාගාර විදුලිය බොහොමයක් පරිභෝජනය නොවන නිසා අපතේ යනවා ඒවා ගබඩා කර ගත නොහැකි නිසා.
Peak time එකේදී ඉහත ටැංකියේ ජලය භාවිතා කර ඊට පහලින් ඇති බලාගාරයේ ජල විදුලි ටර්බයින කරකවා විදුලිය නිපදවා පද්ධතියට එක් කරනවා. ඉවත් වන ජලය බලාගාරය ආසන්නයේ වෙනත් ටැකියකට එකතු වෙනවා. මේ නිසා තාප බලාගාර භාවිතය අවම වෙනවා.
Off Peak time එකේදී පද්ධතියෙන් අපතේ යන (සුළං, සුර්යය බලාගාර) විදුලිය උපයෝගී කරගෙන මෝටර් ආධාරයෙන් පහල ටැංකියේ ඇති ජලය නැවත ඉහල ටැංකියට පුරවනවා.
මේ නිසා සැබවින්ම සිදුවන්නේ අපතේ යන විදුලිය භාවිතා කර මෙම විශාල ජල ටැංකිය පුරවා නැවත ඉල්ලුම වැඩි විට එම ජලයෙන්ම නැවත විදුලිය නිපදවීමයි. මේ නිසා තාප බලාගාර වලින් විදුලිය නිපදවන අධික වියදම ඉතිරි වෙනවා. එම නිසා මෙම බලාගාරයේ නිපදවන විදුලිය සැබෑ ජල විදුලි බලාගාරයකටත් වඩා වටිනවා.
ඇත්තටම බැලුවම මේ විශාල ජල ටැංකිය අපතේ යන විදුලිය ගබඩා කර තබා ගෙන අවශ්‍ය වේලාවට මුදා හරින යෝධ බැටරියක්!!
පොඩි දරුවෙක් පළමු වරට මුහුදු වෙරළට එක්කගෙන ගියහම ඔවුන් වෙරළේ දිවයමින් රැල්ල පාගන්නේ ඉතාමත් ප්‍රීතියෙන්.
අලුත උපන් කුඩා අලි පැටවෙක් සත්ව උද්‍යානයකට රැගෙන යන අතරේ එහි සේවකයන් පැටවාව සුළු මොහොතකට මුහුදු වෙරළට ගෙන ගියා. මේ ඡායාරුපයේ දැක්වෙන්නේ ඒ අලි පැටවා කුඩා දරුවෙක් මෙන් වෙරළේ සෙල්ලම් කරන ආකාරයයි. මුහුදු වෙරළේ සුන්දරත්වය දුටු පැටවාට තමන්ගේ අම්මාව දාලා යන දුකත් ටිකකට අමතක වෙලා.
අපි සත්ව පැටවන් විවිධ හේතු නිසා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරත් අපි මතක තබා ගත යුතු එක දෙයක් තියනවා. කොයි සතා අතර උනත් ළමා අවධියේ කිසිම වෙනසක් නැති බව. හදවතින් ඔවුන් හැමෝම අපේ කුඩා දරුවන් වගේමයි. මේ ලෝකේ තියෙන කුරුරිකම් කිසි දෙයක් ඔවුන්ට තේරෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය ආදරයත් සෙල්ලම් කිරීමේ නිදහසත් විතරයි.
මනු ලොවත් දෙව් ලොවත් යා කළ අපූර්ව පාලම
මනු ලොවත් දෙව් ලොවත් යා කළ අපූර්ව පාලම
sinhalapedia.com මෙම ඡායාරූප දුටු පමණින් අපගේ මතකයට නැගෙන්නේ අප කුඩා කළ ඇසූ සුරංගනා කතා වල තිබූ වළාකුළු වියන් මැදින් ගමන් කරන…
සඳ ගමන බොරුවක් කියලා නොයෙකුත් තර්ක ඉදිරිපත් වී තිබෙනවා. මෙම තර්ක වලට පිළිතුරු ලෙස 2017 ජූලි 14 වනදා නාසා ආයතනය සඳ ගමනට අදාල සියළුම ඡායාරුප (15000) අන්තර්ජාලයට මුදා හැරියා. පහත ලින්ක් එකෙන් එම ඡායාරූප භාගත කරගෙන ඔබටත් දැන් පුළුවන් සඳ ගමනේ ඇත්ත නැත්ත ගවේෂණය කරන්න.
https://www.flickr.com/photos/projectapolloarchive/albums
Mashable
Time-lapse of cell division is not CGI.
Futurism
Gatorade's new ad was created by a water printer
2009 දී ඕස්ට්‍රේලියාවේ අධික උෂ්ණයක් සහිත වියලි කාලයක සතුන් රාශියක් බීමට ජලය නොමැති කම නිසා මිය ගියා.
බයිසිකල් ධාවන තරගයක් අතරතුරදී කෝලා සතෙක් පාරට පැන එක තරඟකරුවෙක් බලයෙන්ම නවත්වා ඔහුගේ කකුලේ එල්ලී ආයාචනය කරන්නට වුනා. කෝලා සතාගේ වාසනාවට ඒ ක්‍රීඩකයා ඉතාමත් මහත්මා ගුණ ඇති කෙනෙක්. ඔහුට තේරුම් ගියා කෝලා සතාට අවශ්‍ය වී තියෙන්නේ වතුර බව. ඔහු ඉක්මනට පාපැදියෙන් බැස තම ජල බෝතලය ගෙන කෝලා පැටවාට ඇති තරම් ජලය බීමට දුන්නා.
තිබහ නිවෙන කම් ජලය බිව් කෝලා පැටවා ස්තුතිපුර්වකව ඔහු දෙස බලා හිද නැවත කැලයට පැන ගියා. නමුත් මේ ක්‍රියාව නිසා ක්‍රීඩකයාට තම වටිනා ධාවන කාලය අපතේ ගියා.
ධාවන ක්‍රීඩකයා පසුව පැවසුවේ කෝලා පැටවා අනතුරුදායක බව දැන දැනත් මෙලෙස තමාව බලයෙන්ම නවතාලුයේ ඔහුට ඉවසාගත නොහැකි ආකාරයේ පිපාසයක් තුබූ නිසා විය යුතු බවයි. තමාට ජයග්‍රහණය අහිමි වුවත් අහිංසක සතෙක් තමන් නිසා ජීවත් වන බව දැනෙන විට ඇතිවන සතුට නිමකළ නොහැකි බවට ඔහු ආඩම්බර වෙනවා.
ඇමෙරිකාවේ කල සමීක්ෂණයකට අනුව අධිවේගී මාර්ගවල මිය යන බොහෝ සතුන් මිය යන්නේ රියදුරන් හිතාමතා විනෝදයට ඔවුන්ව යට කිරීම නිසා බව හෙළි වී තිබෙනවා. එබඳු පරිසරයක වේගවත් ධාවන තරගයක සිදු වූ මේ සිදුවීම සැම දෙනාගේම සිත් උණු කරනු නිසැකයි.
අනතුරකදී ඔබේ ජීවිතය රැක දෙන "තුන් කොන් බැඳ පටිය" (3 point seat belt) සොයා ගෙන ඇත්තේ 1950 දශකයේදී Volvo සමාගමෙහි සේවය කල ඉංජිනේරුවරයෙකු වන Nils Bohlin විසින්. එම නිසා එහි පේටන්ට් අයිතිය එම සමාගමට හිමියි. නමුත් ලොව පුරා වාහන අනතුරු නිසා සිදුවන ජීවිත හානිය අවම කිරීමේ උදාර චේතනාවෙන් Volvo සමාගම එම පේටන්ට් අයිතිය කිසිම මුදලක් ය නොකර ලොව ඕනෑම රථ වාහන නිපදවන ආයතනයකටම භාවිතා කිරීමට අවස්ථාව දී තිබෙනවා.
ඔබත් ජෙලි කන්න ආසද?
"ජෙලි" පසුපස සැඟවුණු පිළිකුල් රහස...
sinhalapedia.com ජෙලි කියන්නේ රසවත් කෑමක්. ඉතාමත් ගුණදායක ආහාරයක් ලෙස ජනප්‍රිය ජෙලි කෑමට කුඩා ළමයින් වගේම වැඩිහිටි අයත් එක වගේම කැමතියි. රෝගී…
ඔබ මේ දකින්නේ වර්ෂ 1994 දී බිල් ගේට්ස් විසින් CD තැටියක අඩංගු කල හැකි ලිපිගොනු ප්‍රමාණය (700MB ) ප්‍රයෝගිකව නිරූපණය කිරීමට ගත් උත්සාහයක්.
Valentina Tereshkova යනු ලොව අභ්‍යවකාශ ගත වුනු ලොව පළමු කාන්තාවයි. 1963 ජූනි 16 දින Vostok 6 යානාවේ නියමුවා ලෙස ගමන් ඇරැඹු ඇය දින තුනක් ඇතුලත පෘතුවිය වටා වට 48ක් ගමන් කර නැවත පෘතුවියට පැමිණියා. රුසියාවේ වීරවරියක් ලෙස හැදින්වෙන ඇයට දැන් වයස අවුරුදු 80ක් වනවා. ඇය ජීවත් ව සිටින කාලය තුල අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් ගමන් කරන යානාවක් යැවීමට හැකි වුහොත්, (ආපසු නොඑන) එම ගමනට එක් වන ලෙස ඇයටද ආරාධනා ලැබී තිබෙනවා.
පොඩි දරුවෙක් පළමු වරට මුහුදු වෙරළට එක්කගෙන ගියහම ඔවුන් වෙරළේ දිවයමින් රැල්ල පාගන්නේ ඉතාමත් ප්‍රීතියෙන්.
අලුත උපන් කුඩා අලි පැටවෙක් සත්ව උද්‍යානයකට රැගෙන යන අතරේ එහි සේවකයන් පැටවාව සුළු මොහොතකට මුහුදු වෙරළට ගෙන ගියා. මේ ඡායාරුපයේ දැක්වෙන්නේ ඒ අලි පැටවා කුඩා දරුවෙක් මෙන් වෙරළේ සෙල්ලම් කරන ආකාරයයි. මුහුදු වෙරළේ සුන්දරත්වය දුටු පැටවාට තමන්ගේ අම්මාව දාලා යන දුකත් ටිකකට අමතක වෙලා.
අපි සත්ව පැටවන් විවිධ හේතු නිසා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරත් අපි මතක තබා ගත යුතු එක දෙයක් තියනවා. කොයි සතා අතර උනත් ළමා අවධියේ කිසිම වෙනසක් නැති බව. හදවතින් ඔවුන් හැමෝම අපේ කුඩා දරුවන් වගේමයි. මේ ලෝකේ තියෙන කුරුරිකම් කිසි දෙයක් ඔවුන්ට තේරෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය ආදරයත් සෙල්ලම් කිරීමේ නිදහසත් විතරයි.
Behind the Scenes of Pandora: The World of AVATAR | Disney's Animal Kingdom
ඔබත් Avatar චිත්‍රපටියේ රසිකයෙක්ද? ඩිස්නි ආයතනය විසින් ලබන වසරේදී ඇමෙරිකාවේ විවෘත කිරීමට බලාපොරොත්තු වන මෙම විනෝද උයනේ Avatar චිත්‍රපටියේ ඇති පසුතල ඔබට සජීවීව විඳින්නට පුළුවන් වේවි.
Get a behind the scenes look at Pandora: The World of AVATAR coming this summer to Disney's Animal Kingdom at Walt Disney World Resort! SUBSCRIBE: http://di....
අරුම පුදුම යෝධ එළවළු
sinhalapedia.com ඇලස්කාවේ වගා බිම්වල සෑදෙන එළවුළු අතරින් බොහොමයක් ඇති දැවැන්ත යෝධ ඒවායි. මීට හේතුව ලෙස විද්‍යාඥයන් පවසන්නේ ඇලස්කාවට දවසේ පැය 20ක්…
"Computer Hardware & Troubleshooting"
"පරිගණක දෘඩාංග සහ දෝෂ නිරාකරණය"
-Sri Lanka's Best Selling Self Learning Guide-
"සිංහලපීඩියා" - සිංහලෙන් දැනුම බෙදන සිංහල විශ්වකෝෂය
CNN
Just in: Blast at Mexico fireworks market injures dozens http://cnn.it/2h9L7g8
මේ ඔබ දකින්නේ Fire Opal වර්ගයේ මැණිකක ග්නිමාණික්‍යය මෙය හරියට මැණිකක් ඇතුලේ ඉර බැස යන සුන්දර සැන්දෑවක් සිර වෙලා තියනවා වගෙයි.
Barakat Optical UAE
How hearing works
මෙක්සිකෝවේ ගිනි කන්දක් නිසා හට ගත් Xico ආවාටය. අද වන විට මෙම ආවාටය සම්පූර්නයෙන්ම ජනාකීර්ණ වී ඇති අතර ආවාටය මතුපිට සාරවත් තනිතාලාවන් ගොවිබිම් බවට පත්ව ඇත.
ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Northrop Grumman B-2 Spirit වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක්. මෙය ලොව කිසිම රේඩාර් තීරයකට හසු කර ගැනීමට බැහැ. පිට සක්වළ යානාවක් බඳු මෙය නිපදවා ඇත්තේ කුරුල්ලෙකුගේ හැඩය නිවැරිදිව භාවිතා කරමින් වීම විශේෂත්වයක්.
මෙහි මුලික තාක්ෂණය අභිරහසක්. යානයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1. මෙහි නෂ්ටික බෝම්බ, සාමාන්‍ය බෝම්බ, මිසයිල ඇති විශාල සංඛ්‍යාවක් රැගෙන යාමටත් ඒවා එකවර හෙලීමටත් හැකියාව තියනවා.
ඇමෙරිකාව නිපදවා ඇත්තේ මෙවැනි B-2 යානා 20 ක් පමණයි. 1999 කොසොවෝ යුද්ධය සහ ඉරාක, ඇග්ෆන් යුද්ධ සදහා පමණක් විතරයි මෙම යානා මෙතෙක් භාවිතා කර ඇත්තේ.
නමුත් මෑතකදී මෙම යානා නැවතත් කරලියට ආවා. ඒ උතුරු කොරියාව ඇමෙරිකාවට පහර දෙන බවට වහසි බස් දෙඩු විට ඇමෙරිකාව තම බලය පෙන්වීමට මෙම යානාවක් කොරියාවට ඉහල අහසේ පියාසර කරවූවා. සැබවින්ම උතුරු කොරියාව ඇමෙරිකාවට එරෙහි ප්‍රහාරයක් එල්ල කරහොත් B-2 යානා කීපයක් යවා වුවත් උතුරු කොරියවම විනාශ කල හැකි බලයක් ඇමෙරිකාව සතු බව විශ්ලේෂකයන් පවසනවා. නමුත් ඇමෙරිකාව මෙම යානා භාටිතා කරන්නේ අවසාන තුරුම්පු ලෙස පමණයි.
ඔබ මේ දකින්නේ නවසීලන්ත ඡායාරූප ශිල්පියෙකු වන Jono Matla විසින් අහම්බෙන් ලබා ගත් උල්කාවක time-delay ඡායාරූපයක්.
උල්කාපාත වල දීප්තිමත් නිල් පැහැයට හේතුව එහි අන්තර්ගත අධික මැග්නීසියම් ප්‍රමාණයයි.
එංගලන්තයේ Beachy Head වෙරළ.
අයිස්ලන්තයේ සුන්දර Seljalandsfoss දිය ඇල්ල.
http://en.wikipedia.org/wiki/Seljalandsfoss
Good Morning America
ඔබ මේ දකින්නේ සංදර්ශනයක දර්ශනයක් නොව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ මාර්ග තදබදයයි. Thanksgiving දිනය ලං වීම නිසයි මෙවැනි වාහන තදබදයක් ඇති වී තිබෙන්නේ.
මාර්ගයේ එක් පසක් කහ පැහැයෙන්ද, අනිත් පස රතු පැහැයෙන්ද වර්ණවත් වීමට හේතුව ඔබට අනුමාන කල හැකි වේද? :-)
WATCH: Incredible overhead shot of pre-Thanksgiving traffic in Los Angeles. 🎥: ABC7
සිංහලපීඩියා
"Corel Draw" මෘදුකාංගය තනිවම ඉගෙනගනිමු.
Sri Lanka's Best Selling "Corel Draw" Self Learning Guide.
"සිංහලපීඩියා" - සිංහලෙන් දැනුම බෙදන සිංහල විශ්වකෝෂය
සිංහලපීඩියා
ඇලස්කාවේ වගා බිම්වල සෑදෙන එළවුළු අතරින් බොහොමයක් ඇති දැවැන්ත යෝධ ඒවායි. මීට හේතුව ලෙස විද්‍යාඥයන් පවසන්නේ ඇලස්කාවට දවසේ පැය 20ක් ම හිරු එලිය වැටීම නිසා නොනවත්වාම ශාක වලින් ආහාර නිපදවීමයි. ඇලස්කාවේ ගොවි බිම් වල වාර්ෂිකව විශාලම එළවුළු හිමි වගා බිම් තේරීමේ තරඟද පැවැත්වෙනවා.
වැඩි විස්තර:
http://www.amusingplanet.com/2015/10/alaskas-giant-vegetables.html
මේ ඔබ දකින්නේ Fire Opal වර්ගයේ මැණිකක්. (අග්නිමාණික්‍යය)
මෙය හරියට මැණිකක් ඇතුලේ ඉර බැස යන සුන්දර සැන්දෑවක් සිර වෙලා තියනවා වගෙයි නේද?
වතුර බෝතලේ මාරයා
sinhalapedia.com ප්ලාස්ටික් බෝතල් වල වතුර බොන්නේ බලාගෙනයි. අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් අපි විවිධ කාර්යන් සඳහා භාවිතා කිරීමට පුරුදු වෙනවා.…
නවසීලන්ත භූමිකම්පාව නිසා විනාශ වී ගිය South of Kaikoura ප්‍රදේශයේ Hundalees කඳු වැටිය වටා දිවගිය මාවතක්.
ඔබ මේ දකින්නේ අපේ අසල්වැසි පාකිස්තානයේ ඉදිකෙරෙමින් පවතින Quaid-e-Azam Solar Park සුර්ය විදුලි බලාගාරයයි. මෙගාවොට් 1000 ක ධාරිතාවයක් ඇති මෙහි 100MW පළමු අදියර මේ වනවිට නිමවෙමින් පවතිනවා.
ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් 1/3ක් සැපයීමට මෙවැනි එක් බලාගාරයක් ප්‍රමාණවත්.
ඩොලර් බිලියන 1.5 කින් 1000MW ක මෙවැනි බලාගාරයක් තැනිය හැකි වුවත් ශ්‍රී ලංකාවේ පාලකයන් තවමත් මීට වඩා මිල අධික අබලන් ගල් අඟුරු බලාගාර සාදන්නේ කාගේ වුවමනාවකට, කුමන ලාභයකට යන්න අපි බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි.
Click here to claim your Sponsored Listing.
Our Story
Sinhalapedia is a publication and IT Services company.
Visit us @ www.sinhalapedia.com
Sinhalapedia Publications now available in following Book Shops.
Sarasavi Book Shops.
Vijitha Yapa Book Shops.
Godage Book Shops.
Gunasena Book Shops.
Lake House Book Shops.
And all other leading book shops islandwide.
Category
Website
Address
No 23 Wadupasal Wathta Moravinne Panadura
Colombo, 12500
Hello! everyone.✨welcome to our channel we want to collect and share our memories 🫧💕 Thank you❤️
Dharmawijaya Foundatation Colombo 07
Colombo
CME programme for medical officers
Colombo
A Sri Lankan Mama with a professional background in L&D (Learning & Development), Sharing with you t