Vaten Eha
Global Insight Unveiled | මෙතර අයට එතෙර කතා
හතරැස් හැඩති කොමඩු වවන ජපාන ගොවීන්
වැඩිම වාර ගණනක් නැරඹූ මෙහෙයුම් පද්ධති ඡායාරූපය
අමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ස්ථාපිත තාක්‍ෂණික දැවැන්තයා මයික්‍රොසොෆ්ට් කෝපරේෂන් (Microsoft Corporation) සමාගමයි. ලොව ප්‍රකට Windows පරිගණක මෙහෙයුම් පද්ධති (Operating System) නිෂ්පාදන සමඟමක් ලෙස විරුධාවලිය ලත් මයික්‍රොසොෆ්ට්, Windows Xp - සිය 9 වෙනි මෙහෙයුම් පද්ධතිය (OS) 2001 වසරේදී වෙළඳපලට නිකුත් කළා.
මෙම Windows Xp මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබුණ සුවිශේෂී අංගයක් ලෙස නීලවර්ණ අහසක් සහ හරිත පැහැති තැනිතලා භූමියකින් සමන්විත ‘ Desktop Background’(පරිගණකයක, ස්මාර්ට් දුරකතනයක හෝ ඩිජිටල් තිරයක එහි පසුබිමට යොදාගන්නා රූපය) දක්වන්නට පුළුවන්.
1996 වසරේදී චාල්ස් ඕ'රෙයාර් නැමති ඡායාරූප ශිල්පියා සිය කැමරාවට හසු කරගත් එම අලංකාර භූමි දර්ශනය 'Bliss' (බ්ලිස්) යන නමින් හැඳින්වූවා. ලොව වැඩිම වාර ගණනක් නරඹා තිබෙන මෙහෙයුම් පද්ධති ඡායාරූපය (Desktop Background/Wallpaper) බවට මෙකී අලංකාර භූමි දර්ශනය පත්වූවා.
එනමුත් ඡායාරූප ශිල්පී චාල්ස් ඕ'රෙයාර් හට සැලකිය යුතු මුදලක් එමඟින් උපයාගත නොහැකි වූවා. මෙකී පින්තූරය ‘කෝබිස්’ නම් (Stock Web) ස්ටොක් වෙබ් අඩවියකින් මයික්‍රොසොෆ්ට් ආයතනය මිලදී ගෙන තිබීම මෙයට හේතුවයි.
අපට හුරු පුරුදු Made in China ස්ටිකරය නිපදවන්නේ කොරියාවේ බව ඔබ දැන සිටියාද?
ඔබ සත්‍ය සිදුවීම් පාදක කර ගත් දාම ඝාතනවල අඳුරු ඇතුළාන්තය ගැඹුරින් විමසන 'Killer Files' නවතම වීඩියෝ විශේෂාංගය ගැන Updates ගන්න ගැමති ද? එහෙනම් අපේ Killer Files | Real Stories - Whatsapp Group එකට අද ම join වෙන්න.
Join the Whatsapp Community >>> https://chat.whatsapp.com/FrHzhDNHJpoBe4jiRrxixW
සත්‍ය සිදුවීම් පාදක කර ගත් දාම ඝාතනවල අඳුරු ඇතුළාන්තය ගැඹුරින් විමසන 'Killer Files' නවතම වීඩියෝ විශේෂාංගය ළඟදීම ඔබ හමුවට...
Follow Us >>> youtube.com/
නව Boeing flight deck - දිගු රාත්‍රීන්වලදී ජාත්‍යන්තර ගුවන් ගමන්වල යෙදීම පිණිස සකසා ඇත.
ලන්ඩනයේ සිට කල්කටාවට බස් එකෙන්
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ඉන්දියාවේ කල්කටාව දක්වා ගමන් කළ බස් රථ සේවාවක් 50 දශකයේ මුල් බාගයේ සිට 70 දශකය අවසන් වන තෙක් ක්‍රියාත්මක වූ බව ඔබ අසා තිබෙනවාද?
ලන්ඩනයෙන් ගමන් ආරම්භ කළ එකී බස් රථ බෙල්ජියම, බටහිර ජර්මනිය, ඕස්ට්‍රියාව, යුගෝස්ලෝවියාව සහ බල්ගේරියාව හරහා තුර්කියටත් ඉන් පසු ඉරානය, ඇෆ්ගනිස්තානය, බටහිර පාකිස්තානය පසු කරමින් අවසානයේ දී කල්කටා නගරයට දින 10 කින් හෝ 13 කින් ළඟා වූවා.
එක් දිශාවකට ගමන් කිරීමට පමණක් වලංගු වන ප්‍රවේශ පත්‍රයක මිල සාමාන්‍යයෙන් පවුම් 90.00 ත් 150 ත් අතර අගයක් ගෙන තිබුණා. මඟීන් උදෙසාම වෙන් වූ පොත් - පත්තර රාක්ක, සංගීතයට සවන්දී නිදාගැනීමට හැකි ඇඳන්, කූලිං සහ හීටිං ෆෑන් යනාදී පහසුකම් වලින් එකී බස් රථ සමන්විත වූවා.
ගමන අතරතුර හමුවන නාගරික නැවතුම්පළකදී ගිමන් විඩාව නිමා කරන මෙකී බස් රථ විවිධ භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවත් මඟී ජනයාට සලසා දී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටි ආකර්ශනීය ටජ්මහල නැරඹීමේ අවකාශයද උදා කර දී තිබුණා.
වර්තමානය වන විට ලන්ඩන් - කල්කටා ගුවන් ගමන් සේවා ආරම්භ කර තිබෙන අතර සම්පූර්ණ ගමන ම පැය 10 කටත් වඩා අඩු කාලයකින් නිම කිරීමට පුළුවන් වීම, ජන සමාජයෙන් එකී බස් රථ සේවාව දුරස් කිරීමට සමත් වූවා.
Killer Files : සත්‍ය සිදුවීම් පාදක කර ගත් දාම ඝාතකයන්ගේ අඳුරු මනසේ ඇතුළාන්තය ගැඹුරින් විමසන නවතම වීඩියෝ විශේෂාංගය ළඟදීම ඔබ හමුවට...
කාන්තාවකගේ මිත්‍රත්වය මුසු හැසිරීම, ආලවන්ත හැඟීම් පෑමක් ලෙසින් වරදවා වටහා ගන්නා පිරිමින්
පොප් සංගීතයේ රජු මයිකල් ජැක්සන්ගේ ළමා කාලයේ සිට වැඩිහිටිවිය දක්වා වූ ඡායාරූප සමූහයකි මේ.
මී පැණි නරක් නොවන රහස!
අයිෆල් කුළුණේ වගතුග
ප්‍රංශය සතු මහඟු කාර්මික හැකියාව ලොවට පෙන්වාලීම උදෙසා මාස 22 කකින් ඉදිකළ අයිෆල් කුළුණ 1889 වසරේදී මහජනයාට විවෘත වූවා. වාත්තු යකඩින් නිර්මිත මෙකී ඓතිහාසික කුළුණ ප්‍රංශ බසින් හඳුන්වන්නේ 'ලා ටුවර් අයිෆල් ' ලෙසයි. ප්‍රංශ විප්ලවය ආශ්‍රයෙන් නිර්මාණය වූ අයිෆල් කුළුණ "යකඩ කාන්තාව" (Iron Lady) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බව ඔබ දැන සිටියාද?
අනේකවිධ වර්ණයන්ගෙන් සමන්විත වූ අයිෆල් කුළුණ
ගුස්ටාව් අයිෆල් නැමති ප්‍රංශ ජාතික සිවිල් ඉංජිනේරුවා නිර්මාණය කළ අයිෆල් කුළුණ දශක ගණනාවක සිටම නොයෙකුත් වර්ණයන්ගෙන් සමන්විත වූවා. රක්ත වර්ණයට හුරු දුඹුරු පැහැයකින් අයිෆල් කුළුණ වර්ණවත් වූයේ එය මහජනයාට විවෘත වූ 1889 වසරේදීයි. එයින් දශකයකට පසු කහ පැහැති තීන්ත විශේෂයක් මෙකී කුළුණ වර්ණවත් කිරීමට යොදා ගෙන තිබුණා. කහ පැහැයට හුරු දුඹුරු වර්ණයකින් සහ ‘චෙස්නට් දුඹුරු’ වර්ණයෙන් අයිෆල් කුළුණ විචිත්‍රවත් වූයේ මෙයින් අනතුරුවයි.
අයිෆල් කුළුණේ බාහිර පෙනුම මනරම්ව පවත්වාගෙන යාම සඳහා සෑම වසර හතකට වරක් තීන්තාලේප කිරීමට වෘත්තීයමය තීන්තාලේප ශිල්පීහු කටයුතු කරනවා. මේ සඳහා ටොන් 60 ක තීන්ත ප්‍රමාණයක් යොදාගැනෙනවා.
විදුලි බුබුළු එළියෙන් ආලෝකමත් වන කුළුණ
උසින් අඩි 986 ක් වූ අයිෆල් කුළුණ රාත්‍රී කාලයේ ආලෝකමත් කිරීමට බැබළෙන විදුලි බල්බ 20,000 පමණ යොදා ගැනෙනවා. 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සිට බලාත්මක වූ ‘පැරිසියේ නාගරික බලශක්තිය ඉතිරිකිරීමේ සැලැස්ම’ ට අනුව, අයිෆල් කුළුණේ විදුලි පහන් රාත්‍රී 11.45 ට පමණ සම්පූර්ණයෙන්ම නිවා දැමෙනවා. ගිම්හාන මාසවලදී අලුයම වනතුරු විදුලි පහනින් ආලෝකමත් වන අයිෆල් කුළුණ දැකගැනීමට එහි සිටින අයකුට හැකියාවක් පවතිනවා.
අයිෆල් කුළුණට එරෙහිව ආ විරෝධතා
ආදරයේ සංකේතයක් ලෙස වර්තමානයේ සලකන අයිෆල් කුළුණ ඉදිකිරීමට එරෙහිව දියත් කළ සැලසුමක් 1887 වසරේදී ක්‍රියාත්මක වූවා. කලාකරුවන් ඇතුළු 300 ක පමණ පිරිසක් එහිදී සිය විරෝධය පෑමට අයිෆල් කුළුණ, ‘වැඩකට නැති දෙයක්’ යනුවෙන් පවසා සිටියා.
ටොන් 10,100 ක ඇස්තමේන්තුගත බරකට උරුමකම් කියන අයිෆල් කුළුණ 1889 වසරේදී ‘ලොව උසම ගොඩනැගිල්ල’ බවට පත් වුණා. පුරා දශක හතරකට පමණක් සීමා වූ එකී කිරුළ ක්‍රයිස්ලර් ගොඩනැගිල්ල සහ එම්පයර් ස්ටේට් යන ගොඩනැගිලි ද්විත්වය ඉදිවූවායින් පසුව ක්‍රමානුකූලව ඉවත් වූවා.
රහස් නියෝජිතයකුගේ වෙස්ගත් අයිෆල් කුළුණ
අයිෆල් කුළුණ ඉදිකිරීමට දැරූ පිරිවැයෙන් 80% පමණ එහි නිර්මාතෘ ගුස්ටාව් අයිෆල් දරාගත් බව සඳහන්. මෙම කුළුණ ඉදිකර වසර 20 කට පසු එය කඩා දැමීමේ සැලසුමක් තිබූ බවත් සඳහන් වනවා. එය කෙසේ වුවත් අයිෆල් කුළුණ මත ඇන්ටෙනාවක් සවිකළ ගුස්ටාව්, 1898 වසරෙන් ආරම්භ වූ රැහැන් රහිත විදුලි පණිවුඩ පිළිබඳ අත්හදා බැලීම් සිදුකිරීමට එහිදී මූලාරම්භය ගෙන තිබුණා.
පළමු ලෝක සංග්‍රාමය අවධියේදී රහස් නියෝජිතයකුගේ වෙස්ගත් අයිෆල් කුළුණ, ගොඩබිම් යුධ භටයන් සහ යුධ නෞකා සමඟ සන්නිවේදනය කිරීමට ප්‍රංශ හමුදාවට උපකාර වූ බව සඳහන් වනවා. අයිෆල් කුළුණ සතු රේඩියෝ සහ ටෙලිග්‍රාෆ් මධ්‍යස්ථානය මෙහිදී භාවිත කළ අතර සතුරු පණිවිඩවලට බාධා පැමිණවීමකුත් එමඟින් සිදු කළා.
අයිෆල් කුළුණ නැරඹීමට පැමිණෙන පුද්ගලයෝ
මහල් ත්‍රිත්වයකින් සමන්විත අයිෆල් කුළුණේ පළමු මහලේ ස්ථාපිත ගැලරිය එරට විද්‍යාඥයින් 72 දෙනෙකුගේ නම්වලින් සමන්විත වනවා. සුවිසල් අයිෆල් කුළුණ නැරඹීමට වරකට පැමිණිය යුතු නරඹන්නන් සංඛ්‍යාව 5,000 ට සීමා වන බව ඔබ දැන සිටියාද? මෙයට හේතුව කුළුණ සමන්විත වන (tapered) නැමති හැඩයයි. මෙහි පළමු මහලට පුද්ගලයින් 3,000 ක් එකවර දැමිය හැකි අතර දෙවන මහලට එකවර පුද්ගලයින් 1,600 ක් දැමිය හැකියි. කුළුණේ ඉහළම මහල තුළ රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව 400 කට සීමා වන බවත් සඳහන් කළ යුතුයි.
ත්‍රාසජනක වික්‍රමවලට තෝතැන්නක් වූ අයිෆල් කුළුණ
ප්‍රංශ ජාතික ෆ්‍රාන්ස් රීචෙල්ට් පැරෂුට් ඇඳුමක් ආධාරයෙන් අයිෆල් කුළුණේ පළමු මහලේ සිට පියාසර කිරීමට ගත් ත්‍රාසජනක උත්සාහයක් ව්‍යර්ථ වූවා. මෙයින් වසර දහහතරකට පසු ලියොන් කොලොට් නැමති ගුවන් නියමුවෙකු සිය ගුවන් යානය අයිෆල් කුළුණ යටින් පියාසර කිරීමට ගත් උත්සාහයක්ද අවාසනාවන්තව ව්‍යර්ථ වූවා.
ඔලිම්පික් උළෙලට සමගාමීව රන්වන් පැහැයෙන් දිදුළන කුළුණ
2024 වසරේ පැරිසියේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලට සමගාමීව අයිෆල් කුළුණ රන් පැහැති තීන්ත විශේෂයකින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබෙන බව එම ස්මාරකයේ මෙහෙයුම් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පැට්‍රික් බ්‍රැන්කෝ රුයිවෝ පවසා සිටියා. වසර 130 කට පසුව සිදුකෙරෙන පුළුල් ප්‍රතිසංස්කරණ කාර්යයක් බවට මෙකී ප්‍රතිසංස්කරණය එක් වීමට නියමිතයි.
හදිසි වාහන ධාවනයට මංතීරුවක් විවර කරදෙන ජර්මානු රියදුරෝ
මේ දවස්වල පවතින අධික රස්නය ඔබටත් ගැටලුවක් ද? එහෙනම් මෙන්න විසඳුමක්.
Sony සමාගම පැළඳිය හැකි වායු සමීකරණ උපාංගයක් හඳුන්වා දී ඇත. එය ඔබට ගිම්හාන තාපය පරාජය කිරීමට උපකාරී වනු ඇත.
Reno Pocket යනු ඔබගේ කමිසයට සම්බන්ධ කළ හැකි කුඩා වායු සමීකරණ උපාංගයකි.
පරිශීලකයන්ට මෙම උපාංගය සෘජුවම සිය ස්නායු සමඟ සම්බන්ධ කළ හැකි වීම එහි විශේෂත්වය යි.
Reno Pocket වායු සමීකරණ උපාංගය ඔබ සිරුරට 30% ක් තරම් සිසිල් බවක් ගෙන දෙනු අති බව Sony සමාගම කියයි.
Follow us on Twitter >>> https://twitter.com/Vateneha
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් ඇසෙන්නේ එය ඔබ ඉල්ලූ මුදල් ගණන් කරන ශබ්දය ද?
Most Expensive Vaten Eha
එන්න! වැටෙන් එහාට එබී බලන්න!
Follow Our FB Page >>> https://web.facebook.com/Vateneha
උතුරු එළි මැද පුපුරන අයිස්ලන්ත ගිනි කඳු
නිරිතදිග අයිස්ලන්තයේ ගිනි කන්දක් උතුරු එළි පසුබිම් ව පුපුරා යන විශ්මයජනක දසුකනි මේ. උතුරු එළි හෙවත් ‘Aurora borealis’ නමින් හඳුන්වන්නේ උත්තර ධ්‍රැවය ආසන්නයේ පිහිටි රටවල උතුරු අහසේ දීප්තිමත් වර්ණවලින් රටා අඳින මනස්කාත එළි රැසකු යි.
Vaten Eha | මෙතෙර අයට එතෙර කතා | Wisdom Tips
චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙක් වන Xiaomi සිය ප්‍රථම විද්‍යුත් වාහනය (EV) එළි දක්වා ඒ සඳහා පාරිභෝගික ඇණවුම් ලබා ගැනීම දැන් අරඹා තිබේ.
Xiaomi තාක්‍ෂණ දැවැන්තයාගේ ප්‍රධාන විධායක Lei Jun පැවසුවේ සම්මත SU7 මාදිලියේ මිල යුවාන් 215,900 ($29,872; පවුම් 23,663) සහ මැක්ස් අනුවාදය යුවාන් 299,900 ක් වනු ඇති බවයි.
සමාගම පවසන්නේ පාරිභෝගික ඇණවුම් ලබා ගැනීම ආරම්භ වී පළමු මිනිත්තු 27ක් තුළ Xiaomi විද්‍යුත් SU7 වාහනය සඳහා ඇණවුම් 50,000 කට වඩා ලැබුණු බවයි.
Xiaomi විදුලි මෝටර් රථ වෙළඳපොළට පිවිසීම සිදුවන්නේ විද්‍යුත් වාහන වෙළඳපොළේ මිල යුද්ධයක් අවුළුවාලමිනි.
Xiaomi ගේ මෙම පියවර ටෙස්ලා සහ BYD ඇතුළු විද්‍යුත් වාහන නිපදවන ප්‍රතිවාදීන් සමඟ සටනේ තාක්‍ෂණ දැවැන්තයා පෙරමුණ ගන්නා බවට ඉඟි පළවීමකි. Tesla's Model 3 සඳහා චීනයේ ආරම්භක මිල යුවාන් 245,900 කි.
Porsche හි Taycan සහ Panamera සහ Tesla Model 3 මාදිලි සමඟ සසඳද්දී Xiaomi SU7අවම වශයෙන් එක් ආරෝපණයකින් කිලෝමීටර 700ක (සැතපුම් 435ක) ධාවන පරාසයක් ඇති බව Xiaomi ප්‍රධාන විධායක Lei Jun කියයි.
සමාගම බලාපොරොත්තු වන්නේ Xiaomi SU7, එහි හි පවතින මෙහෙයුම් පද්ධතිය දුරකථන, ලැප්ටොප් සහ අනෙකුත් උපාංග සමඟ පවතින වෙළඳපොළ තුළ ගනුදෙනුකරුවන්ගේ වැඩි අවධානයක් දිනා ගනු ඇති බවයි.
NVIDIA, Xiaomi මෝටර් රථ සඳහා ස්වයංක්‍රීය රියදුරු චිප් සපයයි. Xiaomi SU7 NVIDIA DRIVE Orin චිප් දෙකකින් සමන්විත වන අතර ඉන් රථයට TOPS 508 ක ඒකාබද්ධ පරිගණක බලයක් ලබා දෙයි.
නියමු කුටිය තුළ, SU7 5nm තාක්ෂණය මත ගොඩනඟා ඇති Qualcomm හි Snapdragon 8295 චිපය භාවිත කරයි. Snapdragon 8155 හා සසඳන විට, Snapdragon 8295 GPUහි කාර්ය සාධනය දෙගුණයක් සහ ත්‍රිමාණ විදැහුම් කිරීමේ හැකියාව තුන් ගුණයකින් ලබා දෙයි. එය ඉලෙක්ට්‍රොනික පැති දර්පණ, අවට දර්ශන කැමරා සහ මගී නිරීක්ෂණ වැනි ඒකාබද්ධ විශේෂාංග සඳහා සහය දක්වයි.
මීට අමතරව, Pangolin OS ස්මාර්ට් මෝටර් රථ පද්ධතියෙන් බල ගැන්වෙන Xiaomi මෝටර් රථය, SU7 මධ්‍යම පාලන පරිසර තිරයක්, ෆ්ලිප්-අප් උපකරණ තිරයක්, HUD සහ පසුපස ආසන පුළුල් කිරීමේ තිර දෙකකින් ද සමන්විත වේ.
Xiaomi SU7 හි ඉදිරිපස මධ්‍යම පරිසර තිරය අඟල් 16.1ක් වන අතර වාර්තා වන පරිදි TCL CSOT සපයන Mini LED සංදර්ශකයක්, රියදුරු ඉදිරියේ, SU7 හි අත්‍යවශ්‍ය රිය පැදවීමේ තොරතුරු ප්‍රදර්ශනය කරන අඟල් 7.1 flip-up LCD උපකරණ පුවරුවක් ද ඇතුළත් ය. අඟල් 56 HUD head-up සංදර්ශකයක් ද ඒ අතර වේ.
ඉදිරි වසර 10 තුළ තම වාහන ව්‍යාපාරය සඳහා ඩොලර් බිලියන 10 (පවුම් බිලියන 7.9 ක්) ආයෝජනය කරන බව Xiaomi පවසා ඇත.
https://autotech.news/
ස්මාර්ට්ෆෝන් දැවැන්තයා ගේ Xiaomi SU7 EV පෙරැළිය ගැන දැනගන්න කැමතිද?
කේට් මිඩ්ල්ටන් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හා රාජකාරිවලින් බැහැර වීම පිළිබඳ කටකතා ඇවිලී ගොස් ඇත.
Most Expensive | හරි ම ගණන් | Wisdom Tips
අත්භූත දසුනින් පරිපූර්ණ සිහින දැක එයට ම බිය වී අවදිවීම - Sleep Paralysis
ලොවක් වසඟ කළ සැඟවුණු ධන නිධාන
රටවල්වලට බලපෑම් කරමින් සිය ව්‍යාපාර අධිරාජ්‍යය පුළුල් කර ගන්නා ගෞතම් අදානි කව්දැයි සොයා බලමු.
ඉන්දියාවේ දී ප්‍රථම වරට තරුණියක් ස්වයං විවාහයකට එළඹීම එරට මෙන් ම දකුණු ආසියාවේ මාධ්‍යවලට ද ප්‍රධන මාතෘකාවක් බවට පත් වුණා.
ඉන්දියාව කැළඹූ පළමු ස්වයං විවාහය: ක්ෂමා බිංදු ඉන්දියාවේ දී ප්‍රථම වරට තරුණියක් ස්වයං විවාහයකට එළඹීම එරට මෙන් ම දකුණු ආසියාවේ මාධ්‍යවලට ද ප්‍රධන මාතෘකාවක් බවට ...
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Website
Address
Colombo
உடனுக்குடன் செய்திகள் WWW.VAIBZNEWS.COM Local | World News | Sports | Cinema | Weather
8, Hunupitiya Cross Road, Colombo 02
Colombo, 00200
Sri Lanka’s Number One Breaking News Site And The Island’s Best Selling English Daily Newspaper!
Colombo, 10230
Imagebook is the sole Sri Lanka centric Stock Image Bank with over a million images, catering to all
Colombo
Journalist | Film & Social Activist | Blogger | Documentary Film Maker | Narrator
Colombo
Founder of DontBlink 🎯Driven 70M+ views 💸 Helping personal brands grow using the Attention Advantage