Follow Your Dreams
Follow Your Dreams
අන්තිම වෙනකන් බලන්න... ❤️❤️🙏🙏👇👇👇
බව්වා මුව පැටියෙක් බේරාගෙන එන හැටි. ❤️❤️
මට පැන්ඩෙක් ඕනි 😐
මටත් බතල හාවෙක් ඕනි....😒
ස්ත්‍රීවාදීන් මොන මොනා කිව්වත්
මං නං ආසයි පුරුෂාධිපත්‍යයට .
බර වැඩ ඔක්කොම එයා කරන
සුන්දරව සුකොමලව මං ඉන්න .
ට්‍රැෆික් එකේ කට්ට කකා එලවනකොට
සිංදු අහ අහ මං ඉන්න
ලේසියක් මිසක හානියක් නැති
මං නං ආසයි පුරුෂාධිපත්‍යයට .
ඔයානෙ ගෘහ මූලිකයා
ඔයා ම සල්ලි ගෙවන්න කියන්න
ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එක දෙනව ද
අද මට ෂොපින් යන්න කියන්න
මං ගන්නෙ පොඩි පඩියක්නේ
ඔයා එහෙම ද ලොක්කෙක්නේ කියන්න
මං නං ආසයි පුරුෂාධිපත්‍යයට
නැලවි නැලවි ෂේප් එකේ ඉන්න.
කඩේ යන්නෙ බඩු ගේන්නේ ඔයා
මං ඉතිං උයනවනෙ ඒ වෙනුවට
පරක්කුවෙන්න එපා ගෙදර එන්න
මං බයයි තනියම ගෙදර ඉන්න .
කොටට අඳින්න එපා කිව්වා?
අනේ පැටියො ෆැෂන් එකනේ .
චන්දෙ දෙන්නෙ කාටද ඇහුවද?
ඩාලිං ඒක රහස් චන්දේ .
බලය බෙදාගන්න දඟලන් නැතුව
සූත්තරෙන් ඉන්න ඕනි .
නිතරම ලොකු තැන දෙන්න ඕනි.
වෙලාවකට සැර පරුෂ වෙන්න ඕනි .
අලියෙක් වුණත් කීකරු කරගන්න
මන්තරේ දැනගෙන ඉන්න ඕනි .
පුරුෂාධිපත්‍යය කියල එකක් තියෙන බව
දැනෙන නොදැනෙන ගානට ඉන්න ඕනි.
Warna Rasika Gunawardana 🖤
කෙට්ටු කෙල්ලොන්ගේ තියෙන්නේ අමුතුම ලස්සනක් 😌♥️
මීට අවුරුදු 60,000 කට කලින් ගල් යුගයේ ජීවත් වූ මිනිස්සු කොටසක් අදටත් හුදෙකලා දූපතක ජිවත් වෙනවා කියලා ඔබ දැනගෙන හිටියද?
පෘථිවියේ අවසාන ගල් යුගයේ මානව ප්‍රජාවට අයත් මිනිස්සු කොටසක් ඉන්දියන් සාගරයේ උතුරු සෙන්ටිනල් දූපතේ තවමත් වාසය කරනවා. ඔවුන් වසර 60,000 ක් තිස්සේ හුදකලා වී සිටිමින්, ඔවුන්ගේ පූර්ව-නියෝලිතික් මුතුන් මිත්තන් සමඟ සෘජු ජානමය සම්බන්ධතාවය අඛණ්ඩව ම පවත්වා ගෙන යනවා. සෙන්ටිනල් ගෝත්‍රිකයන් අවදානමට ලක්විය හැකි ගෝත්‍රික කණ්ඩායමක් ලෙස උපලේඛනගත වූ ගෝත්‍රයක්.
ඔවුන් ගැන කළ අධ්‍යයනයන්, දකුණු ආසියාව හරහා මුල් මානව සංචලනය පිළිබඳ සාක්ෂිවලට සහාය වන අතර සෙන්ටිනල් වාසීන් සහ අප්‍රිකානු මානව කණ්ඩායම් අතර රූපීය සමානකම් ඇති බව පෙන්නුම් කරනවා. මුල් මානව සංක්‍රමණිකයන් අග්නිදිග ආසියාවේ සියලුම දූපත් වෙත ළඟා වීමට සමත් වූ අතර ප්ලයිස්ටොසීන යුගයේ අගභාගයේදී ඔවුන් ඕෂනියාවට ආසන්න වුනා. ඒ අනුව සෙන්ටිනල් වැසියන් වසර දහස් ගණනකට පෙර අප්‍රිකාවෙන් සංක්‍රමණය වූ නෙග්රිටෝ ගෝත්‍රයකට අයත් බව විශ්වාස කරනවා.
ඔවුන් ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් වලින් එකක් වන උතුරු සෙන්ටිනල් නම් කුඩා වනාන්තර දූපතේ ජීවත් වන, බාහිර ලෝකයට සම්බන්ධ නොවූ ලෝකයේ වඩාත්ම හුදකලා ගෝත්‍රය වන අතර ඔවුන් පිටස්තර ලෝකය සමඟ ඇති සියලු සම්බන්ධතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් දූපත අසලට ළං වෙන ඕනෑම කෙනෙකුට පහර දෙන්නට දෙපාරක් හිතන්නෙ නෑ.
2006 දී, දිවයින වටා ඇති මුහුදේ මසුන් ඇල්ලීමට ගොස් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු උතුරු සෙන්ටිනල් අසල තම බෝට්ටුව නැංගුරම් දමා තිබූ අතර පසුව ඔවුන්ගේ බෝට්ටුව ලිහිල් වී වෙරළට ගසාගෙන ගොස් සෙන්ටිනල් ගෝත්‍රිකයන්ට අසුවීමෙන් ඔවුන් දෙදෙනාට මිය යන්නට සිදු වෙනවා. ඒ වගේම 2018 නොවැම්බරයේදී, ඔවුන්, නීති විරෝධී ලෙස දූපතට ගොස් එම ගෝත්‍රය ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට උත්සාහ කල ජෝන් ඇලන් චෞ නම් ඇමරිකානු ජාතික මිෂනාරිවරයෙකු ඝාතනය කරනවා.
ඔවුන්ට බාහිර ලෝකය සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය නැති බව මෙයින් ගෝත්‍රය පැහැදිලි කර තිබෙනවා. එය එක් අතකින් ඥානවන්ත තේරීමක්. ඔවුන් ලොව පැතිරී යන රෝග, වසංගත වැනි දේට නිරාවරණය නොවී හුදෙකලාව වෙසෙන බැවින් එවැනි පොදු රෝග සඳහා ඔවුන්ට ප්‍රතිශක්තිකරණයක් නෑ. ඒනිසා ඔවුන් ලෝකයට නිරාවරණය වීම එක් පැත්තකින් බැලූවිට සියදිවි නසාගැනීමක් වෙනවා.
ඔවුන් වෙතට සෘජුවම ගමන් කල නොහැකි නිසා මේ වෙනතෙක් ඔවුන් ගැන බොහෝ තොරතුරු රැස් කර ගෙන ඇත්තේ වෙරළේ සිට ඊතලයක් ගමන් කල හැකි දුරට වඩා ඈතින් නැංගුරම් ලා ඇති බෝට්ටු වල සිට සහ සෙන්ටිනල්වාසීන් විසින් 'පොල් ගෙඩි කිහිපයක් භාර දීමට තරම් බලධාරීන්ට සමීප වීමට ඉඩ දුන්' කෙටි කාලපරිච්ඡේද කිහිපයකදී ඔවුන් නැරඹීමෙන් විතරයි.
සෙන්ටිනල්වරුන් අන්දමන් හි බොහෝ ගෝත්‍රිකයන් මෙන් සජීවීවාදීන් වෙනවා . ඔවුන් සොබාදහමට නමස්කාර කරනවා. මේ ගෝත්‍රයේ ජනගහන ප්‍රමාණය 35-400 පමණ ලෙස ගණන් බලා ඇති බැවින් සෙන්ටිනල් ගෝත්‍රිකයන් කියන්නෙ ඉතා කුඩා ප්‍රජාවක්.
සෙන්ටිනල්වාසීන් වනාන්තරයේ දඩයම් කිරීමෙන් සහ වෙරළබඩ ජලයේ මසුන් ඇල්ලීමෙන් ජීවත් වෙනවා. ඒ වගේම ඔවුන් මසුන් ඇල්ලීමට බෝට්ටු හදනවා. මේ ප්‍රජාව නිරීක්ෂණය කල පිරිස ඒවා විස්තර කර තියෙන්නේ "ඒ බෝට්ටු ඉතා පටු පිටාර යාත්‍රා වන අතර, අඩි දෙකක් ඇතුල් කිරීමට නොහැකි තරම් පටු" විදියටයි. මේවා ගමන් කරන්න පුළුවන් නොගැඹුරු ජලයේ පමණයි.
සෙන්ටිනල් ගෝත්‍රිකයන් කුඩා කණ්ඩායම් තුනක ජීවත් වන බව විශ්වාස කෙරෙනවා. ඔවුන්ගේ නිවාස පවුල් ගණනාවක් එකට වාසය කිරීම සඳහා ලිප් කිහිපයක් සහිත විශාල වාර්ගික පැල්පත්, සහ වෙරළේ දැකිය හැකි, එක් න්‍යෂ්ටික පවුලකට ඉඩකඩ ඇති තාවකාලික නවාතැන් ලෙස වර්ග දෙකක් දකින්න පුළුවන්.
කාන්තාවන් තම ඉණෙහි, බෙල්ලේ සහ හිසෙහි කෙඳි නූල් බැඳ ඇති අතර පිරිමින් මාල, හිස පටි සහ ඝන ඉණ පටියක් පැළඳ සිටිනවා. ඒ වගේම ඔවුන් සෑම විටම වාගේ හෙල්ල, දුනු සහ ඊතල රැගෙන යනවා.
සාමාන්‍යයෙන් 'ගල් යුගයේ මිනිසුන්' ලෙස හැඳින්වුත් ඔවුන්ගේ ජීවන ක්‍රමත් නෙක් සියලු මිනිසුන්ගේ මෙන්ම බොහෝ වාරයක් වෙනස් වී අනුවර්තනය වී තිබෙනවා. උදාහරණයක් විදියට , ඔවුන් දැන් මෙවලම් සඳහා භාවිතා කරන්නේ දූපතේ ගල්පරවල රැඳී ඇති නැව් සුන්බුන්වලින් ඉතිරි වූ හෝ ගොඩගත් ලෝහ වන අතර ඒ යකඩ මුවහත් කර ඊතල සෑදීමටට භාවිතා කරනවා.
උතුරු සෙන්ටිනල් දූපතේ ගෝත්‍රය ඔවුන්ට අනන්‍ය භාෂාවක් කතා කරනවා. බාහිර ලෝකය සමඟ ගෝත්‍රික ජනයා අතර සම්බන්ධතා නොමැතිකම හේතුවෙන් මෙම භාෂාව වර්ගීකරණය නොකළ භාෂාවක් ලෙසයි සැලකෙන්නෙ .
සෙන්ටිනල් දූපත්වාසීන් පැහැදිලිවම අතිශයින්ම සෞඛ්‍ය සම්පන්න සහ සමෘද්ධිමත් ගෝත්‍රයක් බව දුර සිට දැකිය හැකි දෙයින් නිගමනය කරන්න පුළුවන්. උතුරු සෙන්ටිනල් වෙරළේ දකින මිනිසුන් ශක්තිමත් සහ නිරෝගී පෙනුමක් ඇති අතර බොහෝ දරුවන් සහ ගර්භනී කාන්තාවන් ද ඒ අතර බහුලව සිටින බව නිරීක්ෂකයින් සටහන් කර තිබෙනවා.
2004 ශ්‍රී ලංකාවත් මුහුණ දුන් ආසියානු සුනාමි ව්‍යසනයෙන් පසුව ඔවුන් ජාත්‍යන්තර අවධානයට ලක්වුනේ ඔවුන්ගේ සුභසාධනය පරීක්ෂා කරමින් සිටි හෙලිකොප්ටරයකට ඊතල විදින ගෝත්‍රික සාමාජිකයෙකු මුහුදු වෙරළේදී ඡායාරූපයකට හසුවීම නිසයි.
1800 ගණන්වල අගභාගයේදී, බ්‍රිතාන්‍යයේ යටත්විජිත අන්දමන් දූපත් භාර නිලධාරියා වූ එම්වී පෝට්මන්, උතුරු සෙන්ටිනල් දූපතට ගොඩ බැස
වැඩිහිටි ගෝත්‍රික යුවළක් සහ දරුවන් කිහිප දෙනෙකු විද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා රැගෙන යනවා. නමුත් ඉක්මනින්ම රෝගාතුර වූ වැඩිහිටියන් මිය ගිය අතර ළමයින් නැවතත් ඔවුන්ගේ දූපතට ගෙන යනවා. මේ 'විද්‍යාත්මක පරීක්ෂණය' නිසා සෙන්ටිනල් වාසීන් කීදෙනෙක් රෝගාතුර වුනාද, නැවත පිටත් කළ ළමයින් රෝග වැළඳී මිය ගියාද යන්න ගැන තොරතුරු ලැබී නෑ. නමුත් මේ අමිහිරි අත්දැකීම සෙන්ටිනල් වාසීන්ගේ අඛණ්ඩ සතුරුකම සහ පිටස්තරයින් ප්‍රතික්ෂේප කිරීම සඳහා හේතු වීමට ඉඩ තිබෙන බවට අනුමනයක් තිබෙනවා.
කොහොම නමුත් ලෝකයේ අවසාන සහ වඩාත්ම හුදකලා වූ ගල් යුගයේ මේ ගෝත්‍රය වෙත බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාව ආක්‍රමණය කරන ලද කාලය පුරාවටම උතුරු සෙන්ටිනල් දූපතට පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍ය පරිපාලකයින් පස් දෙනෙකු පමණයි.
1970 ගණන් වලදී ඉන්දියානු බලධාරීන් ගෝත්‍රය සමඟ මිත්‍ර වීමේ උත්සාහයක් ලෙස ඌරන් දෙදෙනෙකු සහ බෝනික්කෙකු බෝට්ටුවක දමා වෙරළට යවා තිබෙනවා. සෙන්ටිනල්වරු ඌරන්ට හෙල්ල ප්‍රහාරයක් එල්ල කර බෝනික්කා ද සමඟ ඔවුන්ව වෙරළේ වළ දැමූ බව සඳහන් වෙනවා. කොහොම නමුත් 1996 වසර පමණ වනතෙක් වූ මේ මිත්‍ර වීමේ මෙහෙයුම් පසුව ප්‍රතිපලයක් නොමැතිව නතර වුනා.
මානව හිතෛෂී සංවිධාන විසින් කරන ලද ඉල්ලීම් ව්‍යාපාර වලින් පසුව, ඉන්දියානු රජය සෙන්ටිනල්වරුන් සම්බන්ධ කර ගැනීමේ සැලසුම් අත්හැර දැමූවා. ඔවුන්ගේ අතිශයින් හුදකලා වීම නිසා ඔවුන්ට ප්‍රතිශක්තියක් නොමැති රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇති කරන බවත් ප්‍රතිශක්තියක් නොමැති රෝගවලින් මුළු ගෝත්‍රයම අතුගා දැමිය හැකි බවත් බාහිර ලෝකය ස්පර්ශ වීම ඔවුන්ට ඛේදජනක ප්‍රතිවිපාක ගෙන දෙන බවත් අවසානයේ ලෝකය තේරුම් ගත්තා.
වෙරළේ සිට ආරක්ෂිත දුරින් නැංගුරම් ලා ඇති බෝට්ටු වලින් වරින් වර පරීක්ෂා කිරීම් සිදු කරනු ලබන්නේ සෙන්ටිනල්වරුන් හොඳින් සිටින බවටත් ඔවුන් භාහිර සම්බන්ධතා හෝ උදව් සෙවීමට අවශ්‍ය නොමැති බවත් සහතික කරගැනීම සඳහා පමණයි.
ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු විසින් ගෝත්‍රික පංචශීල සංකල්පය වර්ධනය කළ අතර අනාගත ප්‍රතිපත්ති සඳහා මාර්ගෝපදේශයක් ලෙස පාලන මූලධර්ම පහක් සමඟ සංයුක්ත පරාමිතීන් සකස් කර තිබෙනවා.
මේ මූලධර්මවලින් පළමුවැන්න නම්, ඕනෑම ජන කණ්ඩායමකට ඔවුන්ගේ හැකියාවන් මත පදනම්ව ඔවුන්ගේම කොන්දේසි මත සංවර්ධනය වීමට ඉඩ දිය යුතු බවයි. එබැවින් නිශ්චිත ගෝත්‍රික කණ්ඩායමකට අදාළ නොවන ආගන්තුක වටිනාකම් පැනවීම වැළැක්විය යුතුයි. නිශ්චිත පුද්ගලයන් කණ්ඩායමකට තමන්ගේම භූමියට ඇති අයිතිවාසිකම්වලට ගරු කළ යුතුයි, අවසානයේ ඔවුන් විසින්ම පරිපාලනය කර පාලනය කළ යුතුයි. වෙනත් වචන වලින් කිව්වොත්ත්, කිසිදු ආකාරයකින් ගෝත්‍රික ප්‍රදේශ බාහිර සාධක හෝ වෙනත් යෝජනා ක්‍රම මගින් පාලනය කර යටපත් නොකළ යුතුයි. සමාජ සංවර්ධනයේ ප්‍රතිඵල සංඛ්‍යාලේඛන මගින් හෝ ඇතැම් ව්‍යාපෘතිවලට ආරෝපණය කර ඇති අරමුදල් ප්‍රමාණයෙන් විනිශ්චය කරනවාට වඩා, අදාළ කණ්ඩායමට ආවේණික මානව ස්වභාවය සහ වටිනාකම ප්රමුඛ විය යුතුයි.
ඉන්දියාවේ ප්‍රතිපත්තිමය තීරණය මගින් මෙවැනි ගෝත්‍රවලට විශේෂ නීතිමය ආරක්ෂාවක් සැපයෙන අතර ඔවුන්ගේ ආරක්ෂාව මෙයින් තහවුරු වෙනවා. මේ නිශ්චිත ප්‍රතිපත්තිය මඟින් ගෝත්‍රිකයන් විසින් අත්පත් කරගෙන සිටින සම්ප්‍රදායික ප්‍රදේශ රක්ෂිත ලෙස ප්‍රකාශ කරන අතර නියමිත අවසරය ලබා දී ඇති විට හැර ගෝත්‍රයේ සාමාජිකයන් නොවන අයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
ගෝත්‍රික සාමාජිකයන්ගේ ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම ද නීති විරෝධී යැයි ප්‍රකාශ කරනවා. මුළු උතුරු සෙන්ටිනල් දූපත සහ කිලෝමීටර් පහක වෙරළබඩ මුහුද ගෝත්‍රික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර උතුරු සෙන්ටිනල් දූපත වටා ගමන් කිරීම සඳහාත් නීති සමුදායක් කෙටුම්පත් කර තිබෙනවා.
ඒ අනුව නැව්, වෙරළාරක්ෂක ගුවන් යානා සහ සමුද්‍ර පොලිස් බෝට්ටු රෙගුලාසිවලට අනුකූලව ගෝත්‍රිකයන්ගේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා භාවිතා වෙන අතර කිලෝමීටර් පහක් දක්වා වූ වෙරළබඩ මුහුදු ප්‍රදේශ ද ගෝත්‍රික රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කරනවා. ඒ විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ගෝත්‍රික කණ්ඩායම්වල පමණක් ප්‍රයෝජනය සඳහා මසුන්, කැස්බෑවන් සහ අනෙකුත් මුහුදු ජීවීන් ප්‍රමාණවත්ව පැවතීම සහතික කිරීම සඳහායි.
ඉන්දියාවේ දැඩි ගෝත්‍රික ආරක්ෂණ ප්‍රතිපත්තිවලට ස්තූතිවන්ත වන්නට, ලොව පුරා සිටින අනෙකුත් උදවියගේ ඇඟිලි ගැසීම් වලින් වැලකී ලෝකයේ වඩාත්ම හුදකලා වූ ගෝත්‍රික කණ්ඩායම් වලින් එකක් ලෙසත් අවසාන ගල් යුගයේ ගෝත්‍රය ලෙසත් සෙන්ටිනල් වැසියන් ඔවුන්ගේ ප්‍රාථමික ජීවන රටාව අනුගමනය කරමින් නිදහසේ ජීවත් වෙනවා.
හීනෙකින්වත් හිතන්න බැරි විශ්වාස කරන්න බැරි අනතුරු 🥺🥺😭 මිය ගිය අයට නිවුන්සුව ලැබේවා 🥺💔 තුවාල ලැබූ අයට ඉක්මන්සුව ලැබේවා 🥺💔
වෙනසක් කරමුද🤩🌿 හැමදාම කන බත් නැතුව මේ විදිහට කාලා බලමුද😉
හැමදාම තඩි බත් පිඟානකට එළවළු, මස්, මාළු පොඩ්ඩක් දාගෙන කාපු විදිහ වෙනස් කරලා බත් නැතිව මේ විදිහට කන්න පුරුදු වෙන්න. බත් කනවනම් මේස හැඳ 7 ක් ( බත් අඬු කෝප්පයක් හෙවත් ග්‍රෑම් 100 ක්) පමණ හෝ ඊට අඩුවෙන් ගන්න. මේ කෑම ජාතිම අවශ්‍ය නෑ. ඔබ එදිනෙදා ආහාරයට ගන්න එළවළු මස්, මාළු ජාති වලින් මේ විදිහට හදා ගන්න.
කොළ එළවළු, මස්, මාළු, බිත්තර, හතු වැඩියෙන් කෑමට ගන්න. තක්කලි, වට්ටක්කා, ගෝවා බෝංචි නිතර කෑමට එකකර ගන්න. ස්ට්‍රෝබෙරි, කොමඩු, පේර වගේ පලතුරු වගේම ඇඹුල් රස පළතුරුත් එකතු කර ගන්න.
Copied From Future Gadgets❤️
Sri Lanka ❤️
ගෙදරින් පිටතට වෙන්න හදලා තියෙන කුස්සිය❤..අලුත් විදියට හිතන අයට.. 😍🔪🍽️
ලංකාව කියන්නෙ පාරාදීසයකට😍🌿😱 ගොඩක් අය දන්නෙත්නෑ මෙහෙම තැනක් ලංකාවේ තියෙනවා කියලා🤧🌺💚😍🌿🐬🌲🍀❤️
Gartmore Falls | Maskeliya 🍃💦
නුවරඑළියේ සිට දුර - 73.2 km (පැය 2 විනාඩි 28)
ගාට්මෝර් ඇල්ල පිහිටා ඇත්තේ නුවරඑළිය මස්කෙළිය නගරයේය. එය උසින් මීටර් 25 ක් වන අතර එය ශ්‍රී පාද ශුද්ධ කන්දට ආසන්නව පිහිටා ඇති බැවින් එය "ශ්‍රී පාද ඇල්ල" හෝ "ආදම්ගේ කඳු මුදුන" ලෙසද හැඳින්වේ. ගාට්මෝර් වතුයාය තුළ පිහිටා ඇති ගාට්මෝර් දිය ඇල්ල මස්කෙළිය ජලාශයට වැටේ. එය ගාට්මෝර් දිය ඇල්ලට ඉහළින් එක්වන දිය පහර දෙකකින් පෝෂණය වේ. මෙම සෑම දිය පහරක්ම එක් වීමට පෙර දිය ඇල්ලක් නිර්මාණය කර ගාට්මෝර් වතුයාය තුළ පිහිටා ඇත. Upper Gartmore Falls සහ Lower Gartmore Falls ලෙස නම් කර ඇති මෙම දිය ඇලි දෙක ඒකාබද්ධව Gartmore Estate Waterfalls හෝ Gartmore Falls ලෙස හැඳින්වේ.
ගාර්ට්මෝර් ඇල්ල වෙත පැමිණීම
නුවරඑළියේ සිට අවිස්සාවේල්ල - හැටන් - නුවරඑළිය මහා මාර්ගය ඔස්සේ ගමන් කර හැටන් - මස්කෙළිය - ඩල්හවුසි මාර්ගයේ නානුඔය, කොටගල, හැටන් සහ දික්ඔය පසුකර මස්කෙළිය දක්වා ගමන් කරන්න. මස්කෙළියේදී ගාට්මෝර් පාරට හැරී මෙම මාර්ගයේ ගමන් කර ගාට්මෝර් ඇල්ල වෙත ළඟා විය යුතුය.🍃🇱🇰
ලංකාවේ ලස්සන ලංකවේ අයට බලන්න නැතුව මොකටද. ගියාට කමක් නෑ විනාශ කරන්න එපා.
Milkyway 💫🌌
අනේ එහේ යන්න තියෙනවා නම්...🙈
පෘතුවියේ තියෙන වඩාත් භයානකම ස්ථානයක් වූ බ්‍රසීලයේ සර්ප දුපත..!🐍🌿🍄
පෘතුවියේ තියෙන වඩාත් භයානකම ස්ථාන වලින් ඉදිරියෙන්ම පසුවන්නක් තමයි බ්‍රසීලයේ සර්ප දූපත. කොතරම් භයානකද කියනවනම්, මෙහි වර්ග මීටරයකට සර්පයන් පස් දෙනෙකු ලෙස පර්යේෂකයන් ගනන් බලා තියෙනවා. ඒවගේම මේ වාසය කරන සර්පයිනුත් ඉතාම විශ සහිත වූවන්. ඉතින් ඔබට මෙහි ඇති භයානක බව වටහා ගන්න පුළුවන්. මේ නිසාම බ්රසිල රජය විසින් මෙය තහනම් ප්‍රදේශයක් ලෙසද නම් කර තියෙනවා.
ගෙවුනු කාලය තුල දූපතට ගිය පුද්ගලයන් කීප දෙනක්ම මෙම සර්පයන්ට බිලි වීම්ද වාර්තා වෙනවා. මෙහි ඇති ප්‍රදීපාගාරයේ පාලකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ද සිටීම ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. මේ සිදු වීමෙන් පස්සෙ එහි ප්‍රදීපාගාර ස්වයංක්‍රීය කිරීමටද එරට රජය පියවර ගන්නවා. මෙහි වෙසෙන සර්පයන් තම ආහාර අවශ්‍ය තාවය සලසා ගැනීමට ප්‍රදාන ලෙසම සංක්‍රමණික පක්ෂීන් යොදා ගනු ලබනවා.
(වසර 11000ක් ) පැරණි බ්‍රසීලයේ ඇති මේ දූපතෙ ගොඩබිම ඇති විෂඝෝරම සර්පයෙක්ට වඩා මෙහි සර්පයෙක්ගෙ විෂ පස් ගුණයකින් වැඩි .
මනුස්සයෙක් සැනකින් මරා දැමිය හැකි සර්පයන් සිටින මේ දූපත රතු දත්ත පොතටද ඇතුලත්.."
මෙහිදි අධික විෂ සහිත පොළෙඟෙක් මෙහිදි ඇමරිකානු ඩොලර් 10000 - 30000 අතර මුදලකට බලධාරීන්ට හොරෙන් විකිනෙන්නෙ මෙ සර්පයිනෙ ඇති සුවිශේෂ ඖෂධ ගුණය නිසාය...
"මේ දූපතේ වාසය කරන අයගෙන් භයංකාරම කෙනා තමයි හෙල්ලයක් වගේ හිසක් තියෙන රත්තරං පැහැති Golden Lancehead නැමති පොළඟා. අඟල් 28 සිට අඟල් 46 ක් දක්වා ප්‍රමාණයකට උන් දිගින් වැඩෙනවා. ලෝකයේ ඉන්න විෂ අධිකම පොළඟා ..
"මෙම දූපතේදි ඉහළින් පියාබන කුරුල්ලෙකු සර්පයෙකු විසින් පැන අල්ලා ගනු දුටුවොත් ඔබ පුදුම විය යුතු නැත. මක් නිසාද යත් එම දුපතේ සර්පයින් අනුවර්තනය වී ඇත්තේ එලෙසින්ය.
මෙහි ඇති භයානක බව හා වටිනාකම නිසාම මෙම දූපතට අවසර ලත් අය හැර අන් අයට පැමිණීම තහනම් කර තිබේ.
තවත් මේ වගේ දෙවල් බලන්න පේජ් එකටත් ලයික් කරන්න😍
හෝටන් තැන්න 🏞️🌿🍃
ගෙයක් remodel කරනවා කියන්නේ ආර්ට් එකක් 😍🏡
ආර්ට් හැමෝටම කරන්න බෑ.ඒකට සහජ දක්ශතාවයක්,හැදෑරීමක් තියෙන්න ඔනේ.එතකොට තමා වැඩේ හරියට වෙන්න.මේ ඒ වගේ කාලාත්මක වැඩක්. දක්ශතාවය නිර්මාණයෙන් අපිට දැනෙනවා.
හික්කඩුව ප්‍රදේශයේ 1926 සිට පිහිටි පැරණි වලව්වක් අලුත්ම විදියේ villa එකක් කරපු විදිය තමයි මේ 👷🏽
තිරය පිටුපස වැඩකරු 🇱🇰👇🏼 ( ගෘහනිර්මාණ ශිල්පී )
Principal Architect: Channa Munipriya - Munipriya Associates
Team: Maheka Sonali Pompeus
Gayathri Liyanage
Nirasha Fernando
Engineer: Bimal Fernando
Photographer: Amila Rathnayake
➡️ලිව්වෙ කවුද කියන්නේ දන්නේ නෑ, හැබැයි ලියපු සේරම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම ඇත්ත 😂⬇️
80 ගණන්වල උපන් අය තම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ සතුටින් ගත කරමින් හෝ දික්කසාදයට ලෑස්ති වෙමින් කාර්යබහුලව සිටිනු ඇත.
2000 ගණන්වල උපන් අය එක්කෝ තම කුලුදුල් ආදර සම්බන්ධයේ මිහිරි රස විඳිමින් හෝ කාමරයක තනිව හදවත බිඳී අඬමින් සිටිනු ඇත. ඒ ඔවුන් පැතූ සදාකාලික යැයි සිතූ ආදරය කිසිදා නොපවතින බැව් ක්‍රමයෙන් පසක් කර ගනිමිනි.
හැබැයි, 90 ගණන්වල උපන් අය තාම කුමක් කළ යුතු දැයි නොදැන අතරමං වී සිටිති. බඳින්නට තවමත් ඉක්මන් වැඩියි. තනිකඩව ඉන්න වයස වැඩියි. අතීත සබඳතා සහ එහි අත්දැකීම් සමඟ ඔවුන්ගේ හදවත් බිඳී ඇත. විනෝද ගමනක් යාමට තරම් හිත එකලස් නැත. අධික ආතතියෙන් යුත් රැකියාවෙන් ඉවත් වීමට නොහැකි තරම් දුප්පත්. සම්බන්ධතාවයක සිටීමට නොහැකි තරම් කාර්යබහුලයි. හරි කෙනා හොයාගන්න බැරි තරම් දේවල් අපි කෙනෙක්ව තෝරගද්දි බලනවා. බලාපොරොත්තු වෙනවා.
නරකම දෙය නම්, එය අපව රිදවන විට අපට අඬන්නට පවා නොහැකිය. අපිට කෑගසා උදව් ඉල්ලන්න කෙනෙක් නෑ. අපිට වචනයක්වත් පිට කරන්න බෑ. අපට කළ හැක්කේ අප සතුටින් සිටින බව මිනිසුන් සිතන පරිදි සෑම වේදනාවක්මම සඟවා ගැනීමයි. දැන්, අපි සතුටින් ඉන්නවා වගේ රඟපාන්න දක්ෂ වෙලා, ඉතින් අපි දැන් සතුටින්ද?
Copied
Morning Vibes 💫❤️
ට්‍රැක් පැනපු හීන ‼️
මම කැමති රස්තියාදු කාරයෙක්ට
මට ඕනෙ අපිළිවෙල කොණ්ඩයක් තියෙන
ඉදල හිටල ට්‍රිම් කරන රැවුල් අයිති කාරයෙක්
ඒ රැවුල් කොට ඇනෙන හාදුවලට
සිගරට් රස ෆ්‍රෙන්ච් කිස් වලට පුලුවන්
මගේ ආත්මය අස්සට රිංගන්න
මම ආසයි ඇස් පියාගෙන ඒ පපුව උඩට වෙලා මහ රෑ හඳ දිහා බලාගෙන ඉන්න
ඊට පස්සෙ
මාව හීනියට කුඩු කරල සියුම් කඩදාසික ඔතල
පපුවට ඇදල පිට කරන දුම් වලල්ලක පා කරන්න හඳට
ශි | ව | න් | ති
Sometimes it feels like,🙂
Leave everything and go somewhere far away.!💔
මේ වගේ මොහොතවල් වලට මං හරි ආසයි - ඒක වෙනම Feeling එකක් ⛈️😍❤️👌
Night vibes at FOT 🌙💫
University of Colombo 🎓
🌹😍
PC Nuwan Maneesha 📸✨
Feel the Nature w we🦋
Spend your vacation with us.The best destination in the world..🇱🇰
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________
•••••©️•••••
📸 Credit to Respective Owner
🇱🇰 Sri Lanka
සම්බන්ධතාවයක සෑම විටම අදියර 3 ක් ඇත:
පළමුවැන්න නම්,
සෑම දෙයක්ම හොඳින් සිද්ධවෙන කාලයයි, මෙම කාලය තුල සියලු දේ සුන්දරව ගලායන අතර, බැඳීම ගැටලුවලින් තොරවෙයි...හැමදේම හොඳින් සිදුවන වග අපට හැඟෙන්නේ මෙම කාලය තුලයි.
දෙවැන්න නම්,
ඔබ අනිකාගෙ අඩුපාඩුකම් තේරුම් ගැනීමට පටන්ගන්නා කාලයයි, මෙම කාලය තුලදී හේතුවක් නැති අඩදබර ඇතිවේ, ( මිනිසුන් සෑම විටම දේවල් නිවැරදි කිරීමට වඩා අත්හැරීමට කැමති නිසාවෙන් මෙම අදියර වඩාත් දුෂ්කර වේ)...තේරුම් නොගන්නා මිනිසුන් මගහැරෙන්නේ මේ කාලයේදිය.
අවසාන වශයෙන්,
වඩාත්ම සුන්දර වන්නේ තුන්වැන්නයි,
කෙනෙකුගේ අඩුපාඩුකම් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමෙන් පසුවත් ඔබ ඔවුන්ට සැබැවින්ම ප්‍රේමකරන්න හුරුවන්නේ මේ කාලයේය, බහින්බස්වීමෙන්,රණ්ඩු සරුවල් ඇතිකරගැනීමෙන් හෝ හිත රිදෙන වචන නොකියාම ප්‍රශ්න විසඳීමට ඔබ ඉගෙනගනු ඇත , ඔබ සැබවින්ම ප්‍රේමය යනු කුමක්දැයි වටහාගන්නේ මේ කාලයේදී ය..🖇🖤💫
-Copied
තටු ගහන දවසට මදි මේ අහසත් ! ❤💪
🌴🎨 Coconut shell painting
අඹේවෙල - තියන පට්ටම ලස්සන Hotel එකක් 🌞🍀🌸🏡🥰❤️
වසර 29ක් කිසිදු නිදහසක් නොමැතිව සිරගතව සිටි චිම්පන්සියෙකු නිදහස ලැබීමෙන් අනතුරු ලැබුණු නිදහස අත්වින්ඳ අයුරු..
තම හිසට ඉහළින් ඇති නිල්වන් අහස දිහා මවිතයෙන් මෙන් මේ චිම්පන්සියා බලාගෙන සිටි ආකාරය මේ වෙද්දී ලෝකයේ බොහෝ දෙනෙකුගේ සිත් සංවේදී කිරීමට සමත් වෙලා.
1997 වසරේ දී වසා දමන ලද Laboratory for Experimental Medicine and Surgery in Primates (LEMSIP) නම් එක්සත් ජනපදයේ නිව් යොර්ක් නුවර පිහිටි සුප්‍රසිද්ධ විද්‍යාගරයේ වයස අවුරුදු 02ක් දක්වා ජීවත් වූ වැනිලා නම් මේ චිම්පන්සියා පසුව සිය ජීවිතය ගෙවා දාන්නේ කිසිම නිදහසක් නොලැබුණු අඩි 05ක් පමණ සිර කූඩුවකට වෙලා..
පසුව සත්ත්ව සංවිධානයන්ගේ දැඩි උත්සාහයකින් අනතුරු වැනිලාව නිදහස් කරගෙන අසරණ වූ චිම්පන්සින් සඳහාම වෙන් වූ අභය භූමියක් වෙත ගෙන එනවා...
ඒ ඇවිත් තමන්ට ලැබුණු ඒ නිදහස වැනිලා සිය හැඟීම්වලින් ප්‍රකාශ කළ ආකාරය මෙලෙස ඡායාරූපයට නැගී තිබුණා..
මේ අවස්ථාවේ වැනිලා තමා සිටි කුටියෙන් එළියට එමට බිය වුණත් තවත් චිම්පන්සියෙකු ඇයව පිටතට කැඳවාගෙන ඒම සඳහා කටයුතු කළ අතර එම චිම්පන්සියාව වැළැඳ ගනිමින් වැනිලා සිය ස්තූතිය පුද කිරීමට කටයුතු කළා..
අදාළ අවස්ථාවේ Video එක කමෙන්ට් අතර..
#සංජේ
කවුරු හරි මනුස්සයෙක් එක්ක අපි සෑහෙන කම්ෆටබල් විදියට ජීවත් වෙනවා කියන එක හරි සුන්දර අත්දැකීමක්.
එහෙම කම්ෆටබල් මිනිස්සු එක්ක,
අපි කවදාවත්ම, කාටවත්ම කියන්නෙ නෑ කියලා හිතන් ඉඳපු අපේ නරක අත්දැකීම් බෙදාගන්න පටන් ගන්නවා.
අපේ හිත ඇතුළෙ කොච්චර නම් දරුණු කැළැල් තියෙනවද කියලා අපි එයාට පෙන්නන්න පටන් ගන්නවා.
සමහර තුවාල සනීප කරගන්න අපි තනියෙන්ම කොච්චර ෆයිට් කළාද කියන එක අපි එයාට කියන්න පටන් ගන්නවා.
සරලවම කියනව නම්, අපි කොච්චර අසම්පූර්ණ මනුස්සයෙක්ද, කොච්චර බිඳුණු මනුස්සයෙක් ද කියලා අපි එයා එක්ක බෙදාගන්න පටන් ගන්නවා.
මිනිස්සු හැම වෙලාවම තමන්ගෙ ජීවිතේ ඇතුළෙ ඉන්න හැම මනුස්සයටම විවෘත වෙන්නෙ නෑ. විශේෂයෙන්ම අතිශය පෞද්ගලික කාරණා, අතීත නරක මතක සහ අනාගත හීන වගේ දේවල් මනුස්සයෙක් තව කෙනෙක් එක්ක බෙදාගන්න පටන් ගන්නෙම එයා තමන්ට කම්ෆටබල් මනුස්සයෙක් බව දැනෙන්න ගත්තට පස්සෙ.
ඉතිං කවුරුම හරි ඔයා එක්ක එයාගෙ අඳුරු අතීතය බෙදාගන්නවා නම්, ගෙවෙන වර්තමාන දවස් වල විස්තර ඔයා එක්ක බෙදා ගන්නවා නම්, දකින අනාගත හීන ගැන බයක් නැතුව ඔයාට කියනවා නම්, ඒ ඔයා එයාට කම්ෆටබල් මනුස්සයෙක් හින්දා.
ඒ නිසා එයාට ඔයා ඉස්සරහ විවෘත වෙන්න ඉඩ දෙන්න. එයාගෙ දුක, සතුට, කළකිරීම, අනාගත හීන ඔයා එක්ක බෙදා ගන්න ඉඩ දෙන්න. මොන විදියකින්වත් ඒ කෙනාට ඔයා ළඟදි දැනෙන කම්ෆටබල් බව නැති කරන්න එපා.
මොකද,
ජීවත් වෙද්දි අපි හැමෝටම අපේ ජීවිතේ බෙදාගන්න, එකම එක කම්ෆටබල් මනුස්සයෙක් හරි ඉන්න ඕනි හින්දා..! 💜️
තමන්ගේ මිනිහ පිට යන හේතු ටිකක්... කැමති නම් කියවලා පාඩමක් හිතට ගන්න...💬📢
ආදරේ කරලා බැදලා හරි, බැදලා ආදරේ කලා හරි කලින් තිබ්බ මිනිහගේ ආදරේ,හිනාව,වෙලාව, සල්ලි පිට දැං ගිහිං නං මිනිහට බනින්න කලින් මේ ටිකත් හිතපන්...
උඹ යාලු උන දවස්වල/බැන්ද තිබ්බ උඹෙ ලස්සන අහිංසක වචන,උඹේ හුරතලේ,ඒ කාලේ මිනිහට තිබ්බ ගෞරවේ, උනන්දුව දැං තියෙනවද බලපන්...
ඒ මිනිහට උඹේ ළග හුරතල් වෙන්න උඹ ඉඩක් තියෙනවද බලපන්...උඹේ ඔඩොක්කුවට වෙලා ඉන්න තත්පරයකට ඉඩක් දෙනවද උඹ... පොඩ්ඩක් හිතපන්...
මෝඩියක් නොවී කසාදේ තිත්ත කසායක් කරගන්නේ නැතිව ඉන්න දගලපන්... පොඩ්ඩක් බලන් ඉදපන් උලුවස්සට හේත්තු වෙලා මිනිහ ගෙදර එනකන්... එහෙම ආවම හෙමින් උඹෙ අතින්ම මිනිහගේ ඇදුම් ලිහිල් කරපන්... විනාඩි පහක් වියදම් කරලා රහට තේකක් හදලා උඹත් ඒකෙන්ම උගුරක් බීපන් පේන්න...
පිහිටලා තියෙන අත්ගුණේ පාවිච්චි කරලා කරවිල උනත් රසට උයලා උඹෙ අතින්ම කටක් දෙකක් බත් අනල කවපන්...
හැමතිස්සෙම මිනිහගේ ලගම දැවටියන් මිනිහ ආසයි උඹෙ කොමලෙට...හැට හතර මායම් වලින් දන්න තරමක් පාවිච්චි කරපන්... හුරතල් වෙවී කතා කරපන් ගිරවියක් වගේ අහං ඉදී සංසාරේම උඹෙ මිනිහ අකමැති නොවී...
ලමයි එකෙක් නෙවෙයි දහයක් වැදුවත්...සමාජෙත් එක්ක වෙනස් වෙලා උඹත් ලස්සනට පොඩ්ඩක් ඇග තියාගන්න මහන්සි වෙයන්...ලාවට මේකප් එකක් දාලා ලෝකෙට ඉරිසියා හිතෙන්න උඹෙ මිනිහට ලෝබ හිතිලා උඹටම වහ වැටෙන්න මිනිහගේ අතේම එල්ලිලා පලයන් බලයි හැරි හැරී ඔක්කොම...
වද කරපන් සැලොන් යන්න, ෂොපින් යන්න...වෙන ගෑනුන්ට වියදම් කරපු සල්ලි උඹ ගාව ඕන තරං වියදම් කරයි ලොස් නැතුව...
පුලුවන් හැම වෙලාවෙම හෙමීට කම්මුල් ඉබපන් ඒ ඇස් වලට හොරෙන් එබිලා...යයි වරු ගනන් උඹටත් නොදැනෙන්න...දැනෙන්න දීපන් උඹත් තාම සෙක්සි කෙල්ලෙක් කියලා...
බලපන් අඩුම සතියක් යද්දී,වෙනදා පාන්දර ගෙදර එන මිනිහ උඹෙ ඇද ගාව තනියට නැති වෙයිද කියලා... වෙනදට තිබ්බ මල ගෙවල්, මගුල් ගෙවල්, ඔෆිස් පාටි,යාලුවොන්ගෙ පාටි අඩුවෙලා උඹ එක්කම කාලෙ ගෙවයි... ලමයි වැදුවට උඹට වයසක් නෑනේ උඹෙ මිනිහත් ආසයි ලස්සනට වයසට කලින් නාකි වෙන්න එපා....
ඒ මිනිහටත් තියෙන්නේ සාමාන්‍ය හිතක්..උඹට වෙලාවක් නැති උනාම මිනිහ ළග හුරතල් වෙන්න,දග වෙන්න,සිප ගන්න ඒ මිනිහ වෙන ගෑනියෙක්ගේ ලස්සන දකින එක, අනියම් බිරියක් හොයන එක,උඹට කෑ ගහගෙන ගෙදරට එන එක,උඹ උයන බත් කටක් නොකන එක,වෙන ගෑනුන්ගේ සැප හොයන එක සාමාන්‍ය දෙයක්....
උඹ කසාද බැඳලා ඉන්න මිනිහා එක්ක ජීවිතේ විදපන් විදවන්නෙ නැතුව...ඒකට ගෑනුන්ගේ හැට හතර මායම් දැම්ම කියල කවුරුවත් නෑ බනින්න,ගහන්න...
මේ තියෙන්නේ මේ දවස්වල ශ්‍රී ලාංකික තරුණ පිරිමි ගොඩදෙනෙක් උඩ පැනගෙන ෂෙයා කරන පෝස්ට් එකක්. ඒ වගේ තරුණ පිරිමියෙක් තමන්ගෙන් යාළු වෙන්න අහනවා නම්, දැනටම යාළු වෙලා නම්, ඔය කාර් එකෙන් බැහැලා යන්න නංගිලා.
ලංකාවෙ පිරිමි ගොඩකට තියෙන ලෙඩක් තමයි "අම්මා තාත්තා තනිකරන්න" බැරි එක (තේරෙන බාසාවෙන් කිව්වොත්, බැන්දට පස්සෙ තමන්ගෙ නෝනත් එක්ක වෙනම පදිංචියට යන්න බැරිකම). එක ගෙදරම නොහිටියත් තමන්ගෙ අම්මා තාත්තට සලකන්න පුළුවන් වග මෙයාලා දන්නෙ නෑ. මෙච්චර කාලයක් ලංකාවෙ විවාහක ගෑණුන් තමන්ගෙ අම්මා තාත්තට සැලකුවේ එහෙම වග මෙයාලා දන්නෙ නෑ.
මේ වගේ පිරිමින්ට අනුව නම්, උන්ගෙ අම්මා අප්පාට කෙල්ලන්ගෙ දෙමාපියන්ට නොදැනෙන "අමුතු තනියක්" දැනෙනවා. දෙමාපියනුත් උන්ටම හරියන බබාලා. අවුරුදු 50ක් 60ක් විතරක් වුණාට අබල දුබල යි. තනියි. බැඳපු පුතා තමන් එක්ක එක ගෙයිම ලැගගෙන තමන්ට සලකන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා.
මීට වෙනස් අවස්ථා, සිද්ධි තියෙනවා. මානුෂික හේතු තියෙනවා. හැබැයි මේ ඒ ගැන කතාවක් නෙවෙයි.
නරකම දේ තමයි, මුංට තමන්ගෙ ගෑණු ළමයා හෝ බිරිඳ පේන්නෙ "තවත් ගෑණියෙක්" විදියට වීම. මුං හොයන්නෙ තමන්ට ගැලපෙන, තමන් එක්ක ගමනක් යන සහකාරියෙක් නෙවෙයි, ගෙදරට ගේන්න ගෑණියෙක්. ඒ ගෑණි කවුරු වුණත් මුංට කමක් නෑ. ඒ ගෑණි ස්පෙෂල් නැති, "ඕනි තරම් හොයාගන්න පුළුවන්" ජාතියෙ තවත් ගෑණියෙක් විතර යි.
ඒ වගේම, මේ වගෙ පිරිමින්ට තමන්ගෙ සහකාරි එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්නවලට විසඳුමක් හොයාගෙන පුරුද්දකුත් නෑ. තමන්ගෙ වචනෙ තමයි අවසාන වචනෙ.
ඉතින් නංගිලා, ඔයාලා එහෙම මිනිහෙක් එක්ක යන්න එපා. තවමත් අම්ම තාත්තගෙ ඔක්කෙ ඉන්න, ස්වාධීනත්වයක් නැති, තමන්ගෙ ගෑණි එක්ක සාකච්ඡා කරලා තීරණ ගන්න බැරි මිනිස්සු ජීවන සහකාරයො විදියට නුසුදුසු යි.
- credits goes to respective owner -
මම ආයෙම ආදරේ කලොත්!🥺
හුරුවෙනවා සැක කරන්න....
දෙන්නත් එක්ක රණ්ඩුවෙන්ම ගෙවනවා හැම මොහොතක්ම.....
Whats app last seen අල්ලගෙන රංඩු වෙවි....කවුද එ කතා කලේ කිය කිය අහේතුක රංඩු ඇති කරන්....හැම මොහොතකම අවිශ්වාස කරගෙන රණ්ඩු විතරක්ම කරනවා....
මොකද?
අපි කොච්චර විශ්වාස කලත් යන අය යනවා.....ඉන්න අය ඉන්නවා...ඉතිං...ඇයි ආදරේ කරන කාලේ රංඩු වෙන්නේ නැත්තේ....යන කෙනා රංඩු උනත් යනවා නැතත් යනවා....
ඇයි අපි විශ්වාස කරන්නේ ,එයා එක්ක chat කරන්න එපා...මොකටද ඔච්චර යාලුවො ආශ්‍රේ කරන්නේ....ඇයි මාව ගනන් නොගන්නේ..මොකටද වෙන කොල්ලො එක්ක සම්බන්ද කම්,මොකටද වෙන කෙල්ලො එක්ක සම්බන්ද කම්.....ඔය වගෙ පොයින්ට් අල්ලන් රංඩු වෙන්නම ඕනේ.එතකොට හොර අල්ලගන්න ලේසියි.
ඉන්නකම් රණ්ඩු විතරක් කරමු...දවසක කොච්චර හැංගිලා වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එලියේ එදාට...කිසිම පැහැදිලි කිරීමක් නොකර...කට වහගෙන පැත්තකට වෙන්න....
මොකද ඔයාව නොවටින,ඔයා එක්ක ඉන්න ගමං වෙන අයව ලොකු කරගත්ත,වංචා කරපු එකෙක් ඒකියක් වෙනුවෙන් දුක් වෙන්න එපා...එයා යනකම් රණ්ඩු කරන්න ...අමාරු නම් වෙන් වෙන්න...ආදරේ කරන්න එපා...පලක් නැහැ....
කෙනෙකුට බෑ නම් අනික් කෙනාට මේ මං කරන දෙයින් මොන වගෙ දෙයක් දැනෙවිද කියලා හිතලා ආදරේ කරන්න...හුරු වෙන්න දැන්වත්....කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා.ඕන කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්.
දවසක ඔයාට හරිම කෙනෙක් හම්බෙයි සමහර විට,එහෙම නැත්නම් තනියෙන් ඉන්න🌸🖤
#උගත් #පාඩම් #ඇසුරිනි 😐
"ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි..."
මගේ පලවෙනි පෙම්වතා මට එහෙම කිව්වාම මට එදා හිතුනේ ඒ ලෝකේ ලොකුම බොරුව කියලයි.
මොකද මම විස්වාස කරා එයා තමයි හොඳම කෙනා කියලා.
ඒත් එක දවසක මට හම්බුනා එක මනුස්සයෙක්,
ලාවට මූණේ හිනාවක් ඇඳගත්ත
ආඩම්බර රැවුලක් මූණේ පිරුන
උස මහත ටිකක් වෙනස් මනුස්සයෙක් එයා...
ඒ හාදයා කවදාවත්ම මගෙන් ඇහුවේ නෑ මම ආස පාට, කන්න කැමතිම කෑම, යන්න ආසම කොහේද, ආසම සින්දුව මොකද්ද, මගේ පුරුදු මොනාද, මම ආස මොනාටද වගේ ප්‍රශ්න.
ඒ වෙනුවට,
මිනිස්සුන්ගේ මනෝභාවයන් මම දකින විදිය, රුසියානු සාහිත්‍යයේ එපාම කරපු තැන් මොනාද, ගබ්රියල්ගේ හොඳම පොත කොලරා කාලේ ආලේ වෙන්න පුළුවන් ද, අනාගතේ ලෝකේ බලවත් රටවල් කව්රු වෙයිද, දේශපාලනය කියන්නේ මොකද්ද වගේ ප්‍රශ්න අතරේ ඒ හාදයා මාව අතරමං කරා.
මට ඒවා විකාර වගේ පෙනුන තැනුත් නොසෑහෙන්න තිබුනා.
හැබැයි ඔය හැමදේම අතරේ,
එයාට මතක තියෙනවා මම අඩු සීනී එක්ක තිත්ත රසට කෝපී බොන්න ආස බව...
තරහා ගියපු මම වෙනුවෙන් මල් පොකුරක් එවන්න එයාට අමතක වෙන්නේ නෑ...
එයා මට තෝරලා දෙන හැම තෑග්ගක්ම සුදුපාටට බරයි..
මම ආස හැමතැනකදිම වගේ එයා එක්ක ගත්ත පින්තූර මගේ මතක වලට එකතු වෙනවා...
එයා ඇවිත් යන හැම දවසකම මගේ මේසේ උඩ ඩාක් චොකලට් එකක් ඉතුරු වෙනවා...
නින්ද නේන සමහර දවස් වලට මම නැලවෙන්නේ එයාගේ හඬටයි එයා ආසම සින්දුව වලටයි...
අපි දෙන්නත් එක්ක කෑම කද්දී මම අතින් කාපු දවස් තියෙන්නේ දෙක තුනයි...
හැමදේටම වඩා හොඳම දේ තමයි,
මම එයාගෙන් ඉල්ලුවේ නෑ ඒත් එයා එයාගේ ජීවිතේ වැදගත්ම තැනක් මට දුන්නා!
ඉතින් අද මම පිළිගන්නවා මගේ පලවෙනි පෙම්වතා හරි. මට එයාට වඩා හොඳ මනුස්සයෙක් මුණගැහුනා.
ඒ වගේම හොඳම කියන්නේ මට දැනෙන විදිහ මිස හොඳම කියලා මිනිස්සු නෑ කියලත් මම තේරුම් ගත්තා 🤍
-තාරා-
මතකයන් වල ජීවත් වීමට ආශා කරන්නෝ මරණයට බිය නොවේ. 💫
ඩොලර් 250,000 ක් ගෙවා සබ්මැරීනයට ගොඩ වූ මගීන් 5 දෙනා අතුරුදහන්.
2023 ජූනි 18 වනදා ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීම සඳහා OceanGate Expeditions සබ්මැරීනයක මගීන් රැගෙන ගියේය. එය ජලය තුළට ගමන් කර පැය 1 යි මිනිත්තු 45 කට පසු පර්යේෂණ නැව් කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ සම්බන්ධතා ගිලිහී ගියේය.
OceanGate Expeditions සතු මගීන් සහ සබ්මැරීනය ඉරිදා උදෑසන Cape Cod හි නැගෙනහිර ප්‍රදේශයක අඩි 13,000 ක් පමණ ජලය තුළ ගිය නමුත් සම්බන්ධතා ගිලිහීම නිසා තවමත් සොයා ගෙන නොමැත.
සබ්මැරීනය අඩි 22 ක් දිග සහ බර රාත්තල් 23,000 ක් පමණ වේ. මගීන් 4 දෙනෙකු සහ නියමුවෙකු සිටින එහි ඇත්තේ එක් නාන කාමරයක්, එක් ජනේලයක් පමණි. එසේම එහි ආසන පටු සහ ඉතා අපහසු බව ද පැවසේ.
සබ්මැරීනයේ පැය 96කට ප්‍රමානවත් ඔක්සිජන් ඇති අතර එයින් පැය 72ක් පමණ මේ වන විට ගෙවී අවසන් බව සඳහන් වේ.
අතුරුදහන් වූවන් අතර සිටින්නේ එහි නියමුවා, ප්‍රකෝටිපතියෙක්, ගිනස් ලෝක වාර්තා හිමියෙක්, පියෙක් සහ ඔහුගේ පුතාය.
වෘත්තීමය ආදරවන්තියන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ."
සැ. යු. -- "මූලික සුදුසුකම: ඉතා දැඩිව ආදරේ කරන්නටත්, අවශ්‍ය වූ විට හැර යාමටත් ඇති සැහැසිකම යි."
================================================
"අනේ ප්ලීස්, මට තව අවුරුදු විස්සකට කොහොමින් හරි එයාගේ සර්විස් එක ගන්න ඕනි." ඔහු කීවේ හැඬුම්බර වේලා.
"බට් සර්, ඔයා අග්රීමන්ට් එක සයින් කලේ එක අවුරුද්දකට විතරයි. දැන් ඒක එහෙම කරන්න බෑ. ඇරත්, අ නිව් රෙසවේශන් හැස් ඔල්රෙඩි බීන් මේඩ්."
"එහෙනම් මම දෙගුණයක් ගෙවන්නම්. ඊට වඩා උනත්. මුලු අවුරුදු විස්සටම."
"දැට්ස් අගේයින්ස්ට් ආ පොලිසි. අපරාදේනේ, සර්ට එහෙනම් මුලින්ම ප්‍රොබේශනරි පීරියඩ් එකකට එයාගේ සර්විස් එක ගන්න තිබුනා. එහෙනම් ඒ කාලේ විදිය බලලා ඉස්සරහට එයාව ඕනි කාලේ ඩිසයිඩ් කරන්න තිබුනා."
"කවුද හිතුවේ. දෙයියනේ කවුද හිතුවේ!" ඒ වෙද්දි ඔහු ඉකි ගහන්න ඔන්න මෙන්න. "අනේ, අඩුම තරමෙන් තව මාසෙකටවත්..."
"අම් එක්ට්රීම්ලි සොරි සර්, සර්ගේ ඉල්ලීම ඉටු කරන්න කොහෙත්ම විදියක් නෑ. හෑව් අ නයිස් ඩේ."
ඊට පස්සේ දුරකථනයේ අනෙක් කෙලවරින් ඇහුනේ පුපුරන ඉකියක් විතරයි.
****
වෙලාවකට ඈ ලමැදේ හංගගෙන ආව දැමස්කස් රෝස මල් වලින් ඔහුට දමලා ගහනවා. වෙලාවකට චෙරි ගෙඩි වේලලා අරගත්තු කුඩු වලින් ඔහුට තේ හදා දෙනවා.
උදේට තයිම් පඳුරු අතරින් නැඟෙන මීදුම පෑනකට පුරවලා ඔහුට තයිම් සුවඳ හමන කවි ලියලා ගේනවා. පෙළක් දවස් වලට අහසේ තරුත්, මුහුදේ වැලිත් රසැ'ති හාදු මල්ලක් ඔහු වෙනුවෙන් උස්සගෙන එනවා.
ඔහුගේ රළු පරළු ගති සෙනෙහස් වැලි කඩදාසි වලින් පිරිමැදලා සුමට කළේ ඈ තමා. මෝල්ගස් ගිලපු පිඹුරෙක් වගේ උන්නු ඔහු හොලවලා, දූලි ගසා දාලා, දිස්නේ ගහන, ප්‍රීතියෙන් පොපියන මිනිස් ප්‍රාණියෙක් බවට පත් කලේ ඇයයි.
"එන්නකෝ, මම ඔයාට නැටුම් උගන්නනම්," එහෙම කියලා ඈ ඇඳෙන් බිමට පැනලා ඔහුත් අතින් ඇදලා නැගිට්ටනවා.
"මේක සල්සා," ඔහුගේ දෑතින් අල්ලගෙන තාලෙට ඉඟ පද්දමින් අඩි කීපයක් තියලා ඈ කියනවා. "මේ චා චා, මේ ජයිව්... හරිද. ඊගාව දවසේ අපි ක්ලබ් එකට ගිහින් එලිවෙනකල් නටමු." ඈ උඩ පැන පැන කියනවා.
ඔහු තරහ උන වෙලාවල ඈ දවස් ගනන් නොකා නොබී අඬනවා. එහෙම වෙලාවල ඇගේ එක ඉකියකින්, එක බිඳුනු වදනකින් ඔහුගේ සන්තානෙම කවදාවත් නොවුනු විදියට මිරිකිලා වෙව්ලුම් කනවා. මෙතෙක් නොවුනු අමුතුම විදියකට, තමන් ජීවත් වෙන බව ඔහුට ඒත්තු යනවා.
*****
ඈ පුංචි කාලේ ඉඳන් ආස උනේ කුමාරිකාවක් වගේ සුකුමාර ජීවිතේකට. උදේම ඇහැරෙන්න, මහන්සි වෙලා වැඩ කරන්න, අව්වෙ පිච්චෙන්න ඈ ආස උනේම නෑ. ඇත්තටම ඈ ජීවත් උනේම ඒ නිදහසෙත්, සුවපහසුවෙත්, ආලස්යයේත් වරප්‍රසාදය රැකගන්නම වගේ කියලා කීවත්, ඒ කතාව වැරදි නෑ. ඈ ආස උනේ නෑ කිසිම දේකට වෙහෙස වෙන්න. එකම එක දේකට ඇර:
ආදරේ කරන්න.
ඈ කොයිතරම් ලස්සනට, කොයිතරම් හැඟීම්බරව, කොයිතරම් අවංකව ආදරේ කලාද කියනවනම්, ඈට ආදරේ කරපු හැම පෙම්වතෙක්ම ඈට මෙහෙම දෙයක් කීවා: "ඔයා තමයි මට ජීවිතේට හම්බ උන හොඳම පෙම්වතිය."
ඉතින් කීසිම රැකියාවක් කරන්න ආස නැති උන ඈ එක දවසක් ටවුමේ ඇවිදගෙන යද්දි එක සාප්පු කවුළුවක දැන්වීමක් ගහලා තියෙනවා දැක්කා.
"වෘත්තීමය ආදරවන්තියන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ."
"මූලික සුදුසුකම: ඉතා දැඩිව ආදරේ කරන්නටත්, අවශ්‍ය වූ විට හැර යාමටත් ඇති සැහැසිකම."
හරියට ඈ දිහාම බලලා හදපු රස්සාවක් වගේනේ!
****
ඔහු ඇගේ සේවාව ඇනවුම් කලේ තමන්ගේ කලින් පෙම්වතියගෙන් වෙන්වීමේ දුක සමනය කරගන්න රීබවුන්ඩ් එකක් වශයෙන්.
ඒත්, ඔහුට එක දෙයක් අමතක උනා.
ඈ වෘත්තීමය ආදරවන්තියෙක් බව...
© ලිව්වේ Maheshi B Weerakoon
සංස්කෘතික සිරගෙයින් මිදුන පසු ලබන නිදහසට අයිතිකරුවෙක් නැත. එදිනට සමරන්න නිදහසක්ද නැත. 🌻
වගකීමෙන් කියන්නේ 😌
ගුලිකර මුදල්
ඇය මා අත තැබුවා
අම්මා දකීවිද කියා
වට පිට එබි එබි බැලුවා
තුරුලේ හොවා ඈ මට
සෙනෙහස පෑවා...
රෙදි පටි වෙලුම් කර
මා අත පයෙ ඇද ඇරියා
හැකි හැම අයුරින්ම
මා වෙනුවෙන් උන්නා
අම්මත් දෙවෙනි වේ
නුඹ ඉදිරියෙ
"ආච්චි අම්මා"...🤍
ගීත විමන්සා 🎶🎼
කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයෙන් කරපු ලස්සන වැඩක් ❤️
මිත්‍යා විශ්වාස තියෙන්නේ ලංකාවේ විතරද? 🤔
මේකට හොඳම වගේම දරුණු විදිහට දුරදිග ගියපු උදාහරණයක් තමයි ප්‍රංශයේ Père Lachaise කියන සුසාන භූමියේ පිහිටලා තියන Victor Noir කියන පුද්ගලයාගේ සොහොන කියලා කියන්නේ.
1848 ඉදන් 1870 වෙනකන් ජීවත්වුන මේ ප්‍රසිද්ධ වාර්තාකරුවා පියරේ බොනපාට් (නැපෝලියන් බොනපාට්ගේ නෑදෑයෙක්) කියන පුද්ගලයාගේ වෙඩි පහරකින් තමයි අවසන් ගමන් ගිහින් තියෙන්නේ. කොහොම හරි මේ පුද්ගලයව ආදාහනය කරාට පස්සේ ඔහු වෙඩි පහර වැදිලා පාරේ වැටුන විදිහ නිරූපණය වෙන විදිහටම ඔහුගේ සැබෑම ශරීර ප්‍රමාණයේ පිළිරුවක් එක්ක ඔහුගේ හිස් වැසුමේ අනුරුවකුත් Jules Dalou කියන නමින් හඳුන්වන පුද්ගලයා සොහොනට ඉහළින් නිර්මාණය කළා. මේ නිර්මාණය කරපු පිළිරුවේ තියෙන ලොකුම වෙනසක් තමා ඔහුගේ කලිසමේ ඒ අදාල ස්ථානයේ ලොකුවටම උළුප්පලා ඔහුගේ ශිෂ්ණය පෙන්වලා තියෙන එක. (ඡායාරූප බලන්න.) 😉
මේ හේතුව හින්දා දැන් කාලයක ඉඳන් කාන්තාවන් අමුතුම මිත්‍යා විශ්වාසයක් හිතේ තියාගෙන මේ පිළිමය ළඟට යන එක සිදු කරනවා. එහෙම ගිහින් ඔවුන් මුලින්ම මේ පිළිරුවේ තොල් සිපගෙන ඊට පස්සේ තමන්ගේ ලිංගික අවයව අර පිළිරුවේ කලින් කියපු විදිහට උලුප්පලා පෙන්වලා තියෙන කොටසේ කිහිප වතාවක් පිරිමදින එක සිදු කරනවා කියලා වාර්තා වෙනවා. 😅 ඊට පස්සේ ඔවුන් අන්තිමේට මලක් අරගෙන ඒ පුද්ගලයාගේ පිළිරුව ආසන්නයේ තියෙන ඔහුගේ තොප්පිය ඇතුලට දාන එක තමයි සිදු කරන්නේ. 🌺 මෙහෙම කළාම කාන්තාවන් තමන්ට සරු බව, වැඩිපුර ලිංගික තෘප්තිය වගේම වසරක් වගේ කාලයක් ඇතුලත සැමියෙක් හොයාගන්න ලැබෙනවා කියලා විශ්වාස කරන නිසා තමා ඔවුන් මේ දේ කරන්න පෙළඹිලා ඉන්නේ. 🫠
කොහොම වුණත් මේක වළක්වන්න ප්‍රංශයේ රජය අන්තිමේට මේ සොහොන වටේ විශාල වැටක් ගහලා තිබුනා. හැබැයි මිනිස්සු මේකට ගොඩක් විරෝධතා කරපු නිසා අන්තිමට ඒ වැට ගලවලා අයින් කරන්න තමයි ප්‍රංශයේ රජයට සිද්ධ වුණේ. අද මේ වෙනකොටත් මේ මිථ්‍යා විශ්වාසය හිතාගන්න බැරි තරම් ජනප්‍රිය නිසා කාන්තාවන් සිපගෙන වගේම පිරි මැදලාම මේ පුද්ගලයාගේ පිළිරුවේ තොල් වල සහ කලිසමේ දීප්තිමත් තඹ පැහැය මතුවෙලා තියෙනවා පවා අපිට බලාගන්න පුළුවන්. (ඡායාරූප බලන්න.) එහෙම බලනකොට මේ මිථ්‍යා විශ්වාසය කොයි තරම් දුර දිග ගිහින් තියෙනවද කියලා ඔබට පැහැදිලියි නේද? 😬
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
Colombo, 10350
We Create this Channel and FB Page to talk about any kind of Celebrities around the Global but about there beauty or success story behind the not the Gossip. Visit our Channel to ...
Colombo
"Transform your special moments into cinematic memories with our Event Videography Services.#events
Colombo
Contemporary video solutions for beautiful, timeless weddings in Sri Lanka.
Colombo, 13200
Our page reviews various products that are very important to you. Further, we will recommend the be
Colombo
Meme & 2D animation designer + Game Developer. Stay Fabulous ! https://tinyurl.com/memevideocom
Colombo
Colombo
Top 10 videos,,if you want top 10 videos,,please follow my page..I will every day upload a new video..please follow and like,,comment,&share my videos...