Lanka DesignScape
Explore trends and architectural design processes tailored to our landscape. Let's design your dream home together! 🏠
ගෙයක් උනාම ඉන්න ආස හිතෙන තැනක් වෙන්න ඕනි. කොටු කොටු ගොඩක් නෙවෙයි.
අක්‍රමවත් හැඩයක ඉඩමකින් ප්‍රයෝජනය ගත්තු ලස්සන.
බලන්න නිර්මාණ ශිල්පියා ස්වභාවික ආලෝකය හා වාතශ්‍රය ගෙදරට අරන් තියන විදිහ.
Architect 👷♂️: 6717 Studio
Location 📍: Vietnam
කාටවත් නැති විදිහෙ ඔයාටම හදපු ගේක ඉන්න ආසනම්,තියන ගෙයි වෙනස් කමක් කරගන්න හිතනවානම්, අපිට WhatsApp එකක් දාන්න.
🥳🤩Free consultation: 072 3 633 533 හැමෝටම.
පාරෙ යන කෙනෙක් දෙපාරක් හැරිලා බලන විදිහෙ වගේම හිතේ සැනසිල්ල ගේන interior එකක් තියන ගෙයක් කියන්නෙ අපි හැමෝගෙම හීනේ. 🤩
මේ තියෙන්නෙ ගෙයක් හදන්න පුළුවන් කියල හිතෙන්නෙවත් නැති හැඩයක් තියන ඉඩමක හදපු අමුතුම විදිහෙ ගෙයක්.
විශේෂයෙන් බලන්න හැඩතල පාවිච්චි කරලා නිවසට ස්වභාවික ආලෝකය උපරිම අරගෙන තියන විදිහ.
Architect 👷♂️: 6717 Studio
Location 📍: Vietnam
කාටවත් නැති විදිහෙ ඔයාටම හදපු ගේක ඉන්න ආසනම්,තියන ගෙයි වෙනස් කමක් කරගන්න හිතනවානම්, අපිට WhatsApp එකක් දාන්න.
🥳🤩Free consultation: 072 363 3533 හැමෝටම.
පුන්චි ඉඩක හදන්න පුළුවන් ලස්සන පුන්චි ගෙයක්. 😍
වර්ග අඩි 1700කින් විතර උනත්, ස්වභාවික ආලෝකය උපරිම විදිහට අරගෙන, ඇතුලෙ තියන කුඩා උද්‍යානයට ගෙයි කොහේ හිටියත් ලන් වෙන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නෙ
Architect 👷♂️: 6717 Studio
Location 📍: Vietnam
කාටවත් නැති විදිහෙ ඔයාටම හදපු ගේක ඉන්න ආසනම්,තියන ගෙයි වෙනස් කමක් කරගන්න හිතනවානම්, අපිට WhatsApp එකක් දාන්න.
🥳🤩Free consultation: 072 363 3533 හැමෝටම.
වර්ග අඩි 2300 කින් කරන්න පුළුවන් දේවල් . ලස්සන තනි තට්ටුවේ ගෙයක්.
මේක ඉන්දියාවෙ. පුන්චි පවුලකට හදපු ලස්සන ගෙයක්.
උපරිම පෞද්ගලිකත්වයක් එක්ක උනත් විවෘත හඟීමක් දැනෙන විදිහට ලොකු patio එකක් එක්ක design කරලා තියෙන්නෙ.
Architect 👷♂️ : FARSA BUILdesign
Location 📍 : India
Size එක නෙවෙයි වැදගත් ගෙදර feel එකයි වැදගත්. ❤
මේක තායිලන්තෙන් ගෙනාවෙ.
තනි තට්ටුවේ. නිදහසේ ඉන්න හදාගත්තු ලස්සන ගෙයක්. Gallery එකක් විදිහට පාවිච්චි කරපු ලස්සන මැද මිදුලකුත් තියනවා . බලන්න ගඩොල් රටාව.
වෘත්තිය වෛද්‍යවරුන් උන යුවලකට කලබලකාරී ගතියෙන් ඈත් වෙලා ලොකූ ඉඩමක තමයි හදලා තියෙන්නෙ.
Architect 👷 : Studio one by zero
Location 📍 : India
අලුත් trend එක චූටි ලස්සන ගෙවල් උනාට contemporary arts එකතු කරලා හදපු මේ ගේනම් share නොකර ඉන්න බැරි උනා.
Size එක මොකක් උනත්, ගන්න පුළුවන් inspiration ගොඩක් තියනවා. හැමෝම හදන සුදුපාට box type ගෙයක් නැතුව තමන්ගේ ආසාවට, අවශ්‍යතාවට, ඉඩමය ගැලපෙන්න design කරපු වෙනස්ම ගෙයක්.
Architect 👷♂️ : DP+HS architects
Location 📍: Jakarta, Indonesia
9m × 38m කුඩා පටියක් වගේ plot එකක. Climate-conscios සහ inward looking කියන concept පාවිච්චි කරලා සිංගප්පූරුවෙ හදපු නිවසක්.
නිවෙස් අයිති කරුවන් සහ එයාලගෙ අළුත බැඳපු දරුවන් වෙනුවෙන්, පවුල් දෙකක් විදොහට ජීවත් වෙන්න අවශ්‍ය privacy එක වගේම shared spaces (පොදු ඉඩකඩ) වලදි එකිනෙකා නිතර හමුවෙන විදිහට තමයි මේ නිවස හදලා තියෙන්නෙ.
Architect 👷♂️ : ZIVY Architects
Location 📍: Singapore
ගොඩනැගිල්ලක කම්බි බඳිනකොට මොනවද අපි බලන්න ඕනි.?
අපි කලින් ලිපියෙන් දැනුවත් කලා කොගොමද ගෙයක් වගේ ගොඩනැගිල්ලකට හොඳ කම්බි තෝරගන්නෙ කියලා. මේ ලිපියෙන් කතා කරමු වැදගත්ම කොටස.
අදාල තැනට හරියන කම්බිය තීරණය කරන එක දැක පුරුද්දෙන් හෝ කළ පුරුද්දෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
අපි හැමදාම කියනවා වගේ ඔයාගෙ Engineer දීලා තියන උපදෙස් බලන්න ඕනි . ඒකේ කියලා තියනවා මම මේ විස්තර කරන කාරනා.
1. කම්බියෙ Type එක සහ Size (diameter) එක.
බලන්න plan එකේ නැතිනම් Drawing එකේ කියලා තියන කම්බියෙ Type/size එකමද අදාල තැනට යොදලා තියනවද කියලා. 10mm , 12mm, 16mm වගේ
තැනින් තැනට යොදන කම්බි වෙනස් වෙනවා. ඒනිසා හැම බීම් එකටම , කණුවටම 12mm කම්බි නොවෙන්න පුළුවන් . බීම් එකේ උඩ කම්බි එක size එකකටත්, යට කම්බි තව සයිස් එකකිනුත් තියෙන්න පුළුවන් . (1 රූපය) Stirrup(ස්ටිරප්) උනත් එහෙමයි.
2. කම්බියේ හැඩය. (Shape) සහ දිග (length).
කම්බිය ඔයාගෙන drawing එකේ පෙන්නලා තියන හැඩය හරියටම නවලා තියනවද? ඒ පෙන්නලා තියන දිගටම තියනවද බලන්න ඕනි.
උදාහරණයක් විදිහට stirrup නවනකොට කරන වැරදි බලන්න. ( 2 රූපය)
3. තියන ස්ථානය (Position).
මේ මොකද්ද? සමහර විශේෂ අවස්ථා වල කම්බිය කම්බි වලට හෝ සැටලිමට සාපේක්ෂව කොතනද තියෙන්න ඕනි බලන්න.
උදාහරණයක් විදිහට බීම් එකේ කම්බි යන්න ඕනි column එකේ කම්බි වලට ඇතුලෙන්ද?,
ස්ලැබ් එකේ කම්බි තියෙන්න ඕනි කොන්ක්‍රීට් එකේ යටින්ද උඩින්ද? වගේ දේවල්. මේක සවිශක්තියට මේක ගොඩක් වැදගත්.
4. Lap එක.
වැදහත්ම දෙයක් විදිහට එක කම්බියකින් දාන්න බැරි දිගක් තියන තැනකට කම්බි දෙකක් එකතු කරනකොට ඒ දෙක over lap වෙන කොටසට අවම දිගක් තියනවා අපි සාමන්‍යයෙන් දාන කොන්ක්‍රීට් එකකදිනම් කම්බියේ size/ විශ්කම්බය (diameter ) වගේ 40 ගුණයක් වත් වෙන්න ඕනි. (3 රූපය)
මේකනම් අනිවාර්යයෙන්ම බලන්න ඕනි. ඕනිම තැනක ශක්තිය රඳාපවතිනවා මේක මත.
5. Concrete Cover
තවත් අනිවාර්යයෙන් බලන්න ඕනි දෙයක් තමයි. කම්බිය කොන්ක්‍රීට් එක කොච්චර ඇතුලෙන්ද තියෙන්නෙ කියන එක.
මෙතනදි කොන්ක්‍රීට් දාන වෙලාවට කම්බිය තල්ලු වෙලා cover එක අඩු වෙන එක නවත්තන්න අපි cover blocks පාවිච්චි කරනවා
සාමාන්‍ය අවස්ථාක පොළවට උඩ concrete එකක් නම් 25mm සහ පොළවය යට වෙන තැනකනම් 40mm පාවිච්චි වෙනවා. කොච්චර මිල අධික කම්බියක් දැම්මත් වැඩක් නෑ පස්සෙ දිරාපත් උනොත්.
පොළව යට තියන කොටසක නම් වතුරටත් expose වෙලා ඔක්කොම මළ ඇවිත් දිරාපත් වෙනකන් අපි දන්නෙ නෑ. ඒනිසා concrete එකක් දාන්න කලින් අමතක නොකර පරීක්ශා කරන්න.
6. ගැට (ties)
හැම කම්බියක්ම concrete දාන වෙලාවට නොසෙල්වෙන්න හොඳින් ගැට ගහලා තියෙන්න ඕනි. Slab එකක නම්, අවම වශයෙන් එක කම්බියක් ඇර කම්බියක්වත් අනිවාර්යයෙන් ගැටගහන්න ඕනි.
තවත් ගොඩාක් දේවල් තියනව පරීක්ෂා කරන්න. සහ මේ දේවල් විශෙස අවස්ථා වලදි වෙනස් වෙනවා.
ඉතින් මේ කථා කලේ මූලිකම කාරණා විතරයි .
ඉතින් හොඳමදේනම් concrete එකක් දාන්න කලින් මේ ගැන දැනුම තියන තාක්ෂණ නිලධාරියෙකු සම්බන්ද කරගන්න එක.
තවත් විස්තර ඊළඟ ළිපියෙන්.
ලොකු ලොකු ගෙවල් හදන්න බැරි මේ කාලෙ තමන්ට ගැලපෙන විදිහට වෙන කාටවත් නැති විදිහෙ, දකින කෙනෙක්ට WoW කියවෙන, ලස්සන පොඩි ගෙයක් හදාගෙන ඉන්න එක ලොකු ලොකු ගෙවල් වල ඉන්නවට වඩා වටිනවා.
මේ තියෙන්නෙ චූටි බබාලා දෙන්නෙක් ඉන්න, කාර් එකක් තිබ්බට බයික් එකේ වැඩට යන පවුලකට (අපේ ගොඩක් අය වගේ) එයාලගෙ requirements වලට හදපු ලස්සන ගෙයක්.
ලංකාවෙනම් නෙවෙයි. හැබැයි අපිටත් ගන්න දේවල් ගොඩක් තියනවා.
📍 Location: Vietnam
🧙♂️Architect: 90odesign
ගේ හදනකොට දාන්න ඕනි කම්බි මොනවද? 𝗟𝗔𝗡𝗪𝗔 ද 𝗠𝗘𝗟𝗪𝗔 ද 𝗚𝗧𝗕 ද 𝗦𝗥 ද?
මේක හැමදාම වගේ ඇහෙන ප්‍රශ්නයක්.
අපි නිවසක් හෝ වෙනත් කුඩා පරිමාණයේ ඉදිකිරීමක් කරනකොට කොන්ක්‍රීට් එකට යොදාගන්න කම්බි ගැන සැලකිලිමත් වෙන්නම ඕනි.
ලංකාවෙ මේ වගෙ Brands කිහිපයකින් QST/ QT කම්බි අපිට ගන්න පුළුවන්. කෝකද හොඳම කියලා බලන්න අපි කම්බියේ සැලකිලිමත් වෙන්න ඕනි ගුනාංග කිහිපයක් තියනවා.
වඩාත් වැදහත්ම වෙන්නෙ 𝐭𝐞𝐧𝐬𝐢𝐥𝐞 𝐬𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡, සරලව කිවුවොත් කම්බියේ ශක්තිය කියන්න පුළුවන් . මේක අපිට චෙක් කරගන්න නම් laboratory එකක් ඕනි වෙනවා. RB 500 කියලා ගහල එක කම්බි වල මේ 500 කියන්නෙ අවම කම්බියට 500MPa එනකන්වත් දරාගන්න පුළුවන් කියලා.
ඊට අමතරව කම්බියේ විශ්කම්බය, දිග වගේ දේවල් අපිටම බලාගන්නත් පුළුවන් .
ඉතින් සරලවම කිවුවොත් අපි අත්දැකලා තියනව Lanwa, Melwa, GTB, SR කියන ජාති හතරෙම tests. කවදාවත් දිග, විශ්කම්බය හෝ වැදගත්කම ගුනාංගය වෙන tensile strength වලින් එකක්වත් අසමත් වෙලා නෑ.
** එහෙනම් ඇයි මේ මිල වෙනස් ?
ඒකට හේතු කිහිපයක් තියනවා. මේ කියපු දේවල් වලට අමතරව තවත් කම්බියක් පරීක්ෂා කරන දේවල් කිහිපයක් තියනවා .
උදාහරණයක් විදිහට,
1) 𝗕𝗲𝗻𝗱𝗶𝗻𝗴/ 𝗥𝗲𝗯𝗲𝗻𝗱𝗶𝗻𝗴 𝘁𝗲𝘀𝘁𝘀. වලදි ඔය GTB, SR වගේ ඒවා අසමත් වෙලා තියනවා. (නමුත් ගෙයක් හදනකොට අපි සංකීර්ණ නැමීම් හෝ නැවත් නැවත නැමීම් කරන්නෙ නැති නිසා ඒක බලපාන්නෙ නෑ)
2) 𝗧𝗼𝗿𝘀𝗶𝗼𝗻 𝘁𝗲𝘀𝘁𝘀 වලදිත් උඩ කතන්දරේම තමයි.
3) 𝗖𝗼𝗿𝗿𝗼𝘀𝗶𝗼𝗻 𝗿𝗲𝘀𝗶𝘀𝘁𝗮𝗻𝗰𝗲, මේක තමයි හැමෝම වගේ ලංවා හොඳයි.කියන්න හේතුව. ලංවා නිශ්පාදනය කරනකොට අබලි යකඩ මිශ්‍ර නැති නිසා වෙන්න ඕනි මළ බැඳීම අනිත් හැම කම්බියකටම වඩා ගොඩක් අඩුයි.
ඒ උනත් මිල වෙනසත් එක්ක බැලුවම මේකත් අපිට වැදගත් සාදකයක් විදිහට සලකන්න බෑ. .
වැදගත් වෙන එකම අවස්ථාව අපි කම්බි ගෙනත් concrete කරන්න කලින් ගොඩක් කල් තියන් ඉන්නවානම් විතරයි.
SLS ප්‍රමිති සහතික තියන බොහොමයක් කම්බි අපිට නිවසකට පාවිච්චි කරන්න පුළුවන් . ඉතින් මුදල් නාස්ති කරගන්නෙ මොකටද?
කම්බි වර්ගය කොහොම තෝරගත්තත් අපේ අය නොසලකා හරින ගොඩාක් දේවල් තියනවා බලන්න කම්බි බඳිනකොට. ✋🛑
ඒ ටික ඊළඟ ලිපියෙන්. ❤
වැඩි විස්තර ඕනිනම් හෝ මම වැරදි නම්, message එකක් දාන්න. නැත්තන් comment කරන්න .
𝗧𝗶𝗲 𝗯𝗲𝗮𝗺 ද (𝗥𝗥𝗠) ගල් බඳිනවද
ගෙයක් පටන් ගන්නකොටම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි. Footing දාලා tie beam උඩ බිත්ති බඳිනවද, නැත්නම් ගල් අත්තිවාරමක් දාලා බිත්ති බඳිනවද කියන එක.
මෙතදි අපි කතාකරන්නෙ Footings තියන ගෙඩනැගිල්ලක් ගැන.
මෙතනදී කාරනා කිහිපයක් සලකලා අපිට ගැලපෙන ක්‍රමය හොයාගන්න පුළුවන් . **(එකම building එකේ උනත් විවිද තැන් වල මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ design කරපු engineer ගේ instructions වලට වැඩ කරන එක)
මේ ක්‍රම දෙකම අරගෙන අපි බලමු මොනවද වාසි/අවාසි සහ මොන වගේ අවස්ථා වලටද ගැලපෙන්නෙ කියලා.
𝟏. 𝐑𝐑𝐌 ( 𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐑𝐮𝐛𝐛𝐥𝐞 𝐌𝐚𝐬𝐨𝐧𝐫𝐲 )/ ගල් බැම්ම.🪨
𝟏.𝟏 වාසි සහ අවාසි.
*. අමුද්‍රව්‍ය සපයාගැනීමේ පහසුව.
*. පරිසර හිතකාමී බව.
*. බිත්ති වල බර පොළොව මත බෙදී විසිරී යාම නිසා කොළම් සහ බේස් විශාල නොවීම.
*. පහසුවෙන් ගුණාත්මක භාවය(quality) පරීක්ෂා කළ නොහැක. (පෙදරේරු මහතාගෙ හැකියාව සහ සැළකිලිමත් බව මත හැම විටම තත්වය (quality) රඳා ප්වතී.
*. හොඳ තද පසක් අවශ්‍යයවීම.
*. කල් ගත වීම.
𝟏.2 සැළකිලිමත් විය යුතු කරුණු
නිසි ආකාරයට තත්ව පරීක්ෂා යටතේ පළපුරුදු පෙදරේරුවන් විසින් සිදු නොකළ හොත් බිත්ති බැඳීමෙන් පසු settlement cracks ඇතිවිය හැක.
ලංකාවේ බොහෝ දෙනා මෙය සාමන්‍ය තත්වයක් ලෙස දකින අතර අවුරුදු කිහිපයකින් පිපිරීම් / settlement නතර වූ පසු පිපිරුම් repair කිරීම සිදු කරයි. නමුත් එක සාමන්‍ය කරුණක් හෝ සුළුවෙන් තැකිය යුතු කරුණක් බව මතක තබා ගත යුතුය.
ආරම්භයට පෙර පස හොදින් තලා බිම screed concrete එකක් දැමීම අනිවාර්ය වේ.
බිත්ති බැඳීමට පෙර plinth beam එකක් යෙදිය යුතුය. මෙහිදී අවස්ථාව අනුව beam එකේ ප්‍රමාණය තීරණය කිරීම සිදු කරයි
𝟮. 𝗧𝗶𝗲 𝗕𝗲𝗮𝗺
𝟐.𝟏 වාසි / අවාසි
ඉහත ගල් බැම්මෙහි ඇති අවාසි හා වාසි දල ප්‍රතිවිරුද්ධ කරුණු වලට අමතරව,
*. අමතර දැඩි බවක් හා ශක්තියක් ගොඩනැගිල්ලට ලබාදීම .
*. නිසි පරිදි සැලසුම් කිරීමෙන් වියදම අවම කරගත හැකිවීම.
යන කරුණු අදාල වේ.
𝟐.𝟐 සැළකිලිමත් විය යුතු කරුණු
ඔබගේ ඉංජිනේරු මහතා ලවා නිසි සැලැස්මක් සකස් කරගත යුතුය.
ඔහු ලබාදෙන , නිසි ප්‍රමිතියට හා පිරිවිතර වලට අනුව කටයුති කිරීම මගින් ඉහල ගුණාත්මක භාවයක් හා ඉතිරියක් ලබාගත හැක.
බිම් සකස් කිරීමේදී screed concrete එකක් යොදා ගැනීම යෝග්‍ය වේ.
මීට අමතරව ඔබ දන්නා කරුණු හා ප්‍රශ්න හෝ සංශෝධනයක් විය යිතුනම් comment කරන්න.
𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 කරන්න ගියාම ඔයාලට එන ප්‍රශ්න ගොඩකට එකින් එක උත්තර හොයාගන්න විදිහ සහ ගෙයක්/ ව්‍යාපාරික ස්ථානයක් හදන්න කලින් අපි ජීවිත කාලෙටම හරියන්න හරි ප්‍රමිතියකින් වැඩේ නිමකරගන්නෙ කොහොමද කියලා අලුත් ලිපි පෙලක් ඉස්සරහට ගේනවා.
𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරලා තියාගන්න.
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Battaramulla
Colombo, 10120
"Castle Designs" provides architectural services, interior designs,landscaping designs as well as approval services by the local authorities. We are providing professional services...
No. 128/B , Thalahena , Koswaththa
Colombo, 20118
Architectural and Structural Design/ 3D Design/ Estimating/ Council Approvals/ CEA and NBRO Approvals
18/A Polhena Road Mabula Waga Western Province
Colombo, 10650
Concact All Construction Work
No 4, E. D. Dabare Mawatha, Narahenpita
Colombo
Architectural Consultants and Consortium Services
196/1D, RATHMALDENIYA, PANNIPITIYA
Colombo, 10230
Contact us for you all kind of ceiling requirements, with good quality and durable materials, trusted service guaranteed.
No. 9, 4/2 Station Road
Colombo, 00400
Peak Engineering (Pvt) Ltd is one of Sri Lanka’s leading real estate development companies that has helped elevate the standards of the island’s real estate industry through a vari...
Ratmalana
Colombo
Saxon has near 10 year experience in Architectural Aluminum Fabrication, Shower Cubicles and Cano