BIZFIT Solutions Private Limited
BIZFIT Solutions (Pvt) Ltd is a consultancy firm specialized in Business Loans,
Investments and Busin
දියුණුවේ රහස ….
වසර 40 ක රැකියා ජීවිතයේ ලිපිකරුවකු ලෙස පටන්ගෙන ප්‍රධාන විධායක නිලධාරියෙකු , සමූහ අධ්‍යක්ෂකවරයෙකු ලෙස අද සිටින තැනට පැමිණීමට මා හට රුකුලක් වූ ප්‍රධානතම කාරණයක් ඔබ සමඟ බෙදා ගන්නම්.
"Be a trusted and innovative solution provider”
1. Be a solution provider ( ගැටළු තනන්නකු නොව විසඳුම් ලබාදෙන පුද්ගලයකු වන්න )
2. Be an innovative thinker ( වෙනස් විදිහට හිතන, අලුත් දෙයක් නිර්මානය කරන අයෙකු වන්න )
3. Be a trustworthy person ( විශ්වාසනීය පුද්ගලයකු වන්න )
මෙය ඔබ සමග බෙදා ගැනීමට මට අදහසක් පහළ වූයේ ඉයේ උදෑසන මා මුහුණ දුන් අත්දැකීමක් හේතුකොටගෙනයි.
Cappuccino cup ( කිරිකෝපි ) එකක් මිලදී ගැනීම සඳහා Union please SPAR සුපිරි වෙළෙඳ සැලට මා උදෑසනින් ගමන් කරත් එම ස්ථානයේ සිටි අළෙවිකාරිණිය මා හට ප්‍රකාශ කරේ Cappuccino තිබෙන නමුත් එය ලබාදීමට අදාල cup නොමැති කම නිසා මාගේ සේවාව ලබා දීමට නොහැකි බවයි. එය කණ වැකුණු එම ස්ථානයේ සිටි තවත් පරිනත සේවිකාවක් පැමිණ coca cola ලබා දෙන කප් එකක් ගෙනවිත් මාගේ අවශ්‍යතාවය ඉටුකිරීම මා බෙහෙවින් අගය කරන කටයුත්තක් බවට පත්වුණා.
Be a trusted and innovative solution provider
යන්නෙහි නියම අරුත පළපුරුදු සේවිකාවගෙන් පිළිබිඹු වූ අතර මා මේ පිළිබඳව ඇයට ස්තුතිවන්ත වෙමින් නවක සේවිකාවට ඒ පිළිබඳව කියා දුන්නා.
ප්‍රශ්න අපට පාලනය කළ නොහැක , නමුත් මිනිසුන් ලෙස විසඳුමක් නොමැති කිසිදු ප්‍රශ්නයක් අපට නැත. බොහෝ අසාර්ථක මිනිසුන් ප්‍රශ්න ගැන කතා කරද්දී විසඳුම් සොයන පුද්ගලයන් සාර්ථක අයවලුන් බවට පත්වේ.
මා ඉහළින් විග්‍රහකල කාරණා තුන උපයොගී කරගනිමින් ඔබත් ජීවිතය ජයගන්න !
ඔබගේ සාර්ථකත්වය ඇත්තේ ඔබ තුළමයි.
ඔබට ජය !
Kelum Senanayake ✍️
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට BIZFIT වෙතින්
පොඩියට පටන් ගන්න හිතන ඔබත්, දේශීයත්වයට මුල්තැන දෙන ඔබත් පැමිණිය යුතුම, ස්වයං දිරියෙන් නැගෙන මිනිසුන් අතින් හැඩවන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර අංශය මගින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන "ව්‍යවසාය 2023"
ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ රෙදිපිලි, ඇඟලුම් නිෂ්පාදන, සියලුම වර්ගයේ අහාර පාන වර්ග, විසිතුරු නිර්මාණ, විවිධ විලාසිතා වලින් හැඩ ගැන්වුන බෑග් සහ පාවහන්, අභරණ, ආයුර්වේද නිෂ්පාදන සහ විසිතුරු මල් හා පැළ ආදී බොහෝ දේ එකම තැනකින් පහසු මිල ගණන් යටතේ මිලදී ගන්න.
ඔබට, පවුලේ අයට වගේම නිවසට අවශ්‍ය බොහෝ දේ එකම තැනකින් මිලදී ගන්න ඔබත් 2023 මාර්තු 31, අප්‍රේල් 1, 2 දිනයන් හිදී BMICH වෙත එන්න.
🔵 දසවෙනි වතාවටත් දිරිය මිනිසුන්ගේ දෑතින් හැඩවුණ අලුත් අවුරුද්ද සරසන නිර්මාණ එකමුතුව "ව්‍යවසාය 2023"
#අපේbusiness නඟා සිටවමු
ලොව විශාලතම බැංකුව වන්නේ බිට්කොයින්ය -
නමුත් එය සතුව ස්පර්ශ කල හැකි කිසිදු මුදලක් නොමැත
ලොව විශාලතම ටැක්සි සමාගම වන්නේ උබර් සමාගමයි -
නමුත් එම සමාගම සතුව එකදු ටැක්සියක් හෝ නොමැත
ලොව ලොකුම මාධ්‍ය සමාගම (මිඩියා කම්පැනි) වන්නේ ෆේස්බුක් සමාගමයි -
නමුත් එහි හිමිකරුවා කිසිදු වාර්තා කිරීමක් සිදු කරන්නේ නොමැත
ලොව ලොකුම සිල්ලර වෙළෙන්දා වන්නේ අලි බබා සමාගමයි.
නමුත් එම සමාගම සතුව විකිණීම සදහා කිසිදු භාණ්ඩ තොගයක් නොමැත.
ලොව ලොකුම පුස්තකාලය වන්නේ ගුගල් සමාගමයි.
නමුදු ගුගුල් සමාගමේ හිමිකරුවන් සතුව එකදු කියවීමක් (පොතක් ) හෝ නොමැත.
මේ එළඹ ඇත්තේ වැඩ කිරීමෙන් මුදල් හොයන කාලය නොව, මොළය පාවිච්චි කිරීමෙන් මුදල් හොයන කාලයකි.
සිතන්නට යමක්...!
Opportunities.....
බලාගෙන සිටීම හැම ගැටලුවක්ම විසදා ගන්නා මග නොවේ. ජීවිතය ගෙවන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගන්න ක්‍රමයක් තිබිය යුතුය. සුදුසු හෝ කැමති රැකියාවක් නොමැති නම් ඒ සදහා විකල්පයක් අවශ්‍යය.
එහෙම ඵලදායි විකල්ප ගැන දැන ගන්න ඔබේ දිස්ත්‍රික්කයේ වැඩසටහන සමග එකතු වෙන්න. වටිනා වුවත් නොමිලේ ලැබෙන මහඟු අවස්ථාව ගැන ඔබේ හිතවතුන් දැනුවත් කරන්න.
2023 ජනවාරි 24 උදේ 10.00 ට ඔබට පහසු තැනක සිට නිදහසේ සම්බන්ධ වෙන්න. තව දුරටත් දැන ගන්න යමක් තියෙනවා නම් අදාල දුරකථන අංක වලට කාර්යාල වේලාවට කතා කරන්න.
#අපේbusiness නඟා සිටවමු.
💠කළුතර දිස්ත්‍රික්කයේ අය
https://us06web.zoom.us/j/88623472570?pwd=ckRydU9BMHRkdUx6NktKYThuWDhKUT09
දුරකථන අංකය 034 222 9792
💠මොනරාගල දිස්ත්‍රික්කයේ අය
https://us06web.zoom.us/j/83227976661?pwd=OHRZNTZkUW5qMlNmdUI2ZWx4dDErQT09
දුරකථන අංකය 055 227 6808
💠බදුල්ල දිස්ත්‍රික්කයේ අය
https://us06web.zoom.us/j/84083701975?pwd=bktQdkV4Y3BqL3A3ek83UU92STlpUT09
දුරකථන අංකය 055 223 1167
💠මහනුවර දිස්ත්‍රික්කයේ අය
https://us06web.zoom.us/j/82632434953?pwd=MEZsS0xMeDNna2ZmR0pRU3creDZNdz09
දුරකථන අංකය 081 222 9180
💠පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අය
https://us06web.zoom.us/j/83440688643?pwd=Y3ZhbVpPVUJocUhsdVZmUkl2RGNoZz09
දුරකථන අංකය 027 222 4716
23 ගොඩදාගන්න ක්‍රමේ!
ගොඩයමු කිව්වට දේශපාලකයන්ට බෑ, Policy, Innovation, Strategy නෑ. හැබැයි රට ගොඩ දාගන්න politically powered නැතුවත් බෑ. ඒත් ඒක මේ ඉන්න සෙට් එකට කරන්න බෑ. බැන බැන ඉඳල වැඩකුත් නෑ. අඩුමගානේ පෞද්ගලිකව ගොඩයන විදි, 2023 ට මට අනුව 👇
1. වෙලාවට වැඩ පටන් ගන්න, වෙලාවට ඉවර කරන්න. මොනම රැස්වීමක් වුණත් පරක්කු වෙනවනම් නැගිටලා යන්න පැකිලෙන්න එපා. පරක්කු වෙලා වැඩට යන්න කිසිම කෙනෙකුට කිසිම හේතුවක් නොතිබිය යුතුයි. 2023 දී කාලය titanium, lithium හා සමානයි.
2. Cut CAPEX.
අලුතෙන් ගොඩනැගිලි කාර්යාල නිවාස වාහන හදන්න යන එක අවම කරන්න. ණය වෙනවා නම් කොහොමටවත් එපා. අත්‍යාවශ්‍යම නම් කුලියට ගන්න. ඒක තමයි හොදම සහ හරිම ක්‍රමය අනාගතය වෙනුවෙන්.
3. Dare to Innovate.
නවෝත්පාදනය කියන්නේ අලුතෙන් නිෂ්පාදනයක් කරන එක විතරක් නෙමෙයි. පසුගිය වසර කීපය තුලම ලෝකෙ දියුණු වුනේ, සමාගම් දියුණු උනේ නව නිෂ්පාදන වලින් නෙමෙයි නව සේවා ක්‍රම හඳුන්වාදීමෙන්.
ඔබේ හිතට මිනිස්සුන්ට ගේ ප්‍රශ්නයක් විසදිය හැකි, ආයතනයකට උදව් විය හැකි ක්‍රමයක් ආවොත් ඒ ගැනම හිතන්න. ඒක වැඩි දියුණු කළ හැක්කේ කොහොමද කියලා හිතන්න. හැබැයි සතයක්වත් ආයෝජනය කරන්න කලින් ව්‍යාපාර සැලැස්මක් හදා ගන්න. SWOT analysis අමතක කරන්න එපා ඕනෑම නවොත්පාදනයක හොඳ පැතිවලට වඩා නරක පැති වැඩියි.
4. හයිබ්‍රිඩ් වැඩට හුරුවෙන්න
work from home කියලා කොරෝනා කාලෙදි කිව්වට ඒකෙන් ඔක්කොම කරන්න බෑ. ලෝකයේ සාර්ථකම ක්‍රමය සතියකට දවස් දෙකක් physically involve වෙන වැඩ වලට යොදා ගැනීම.
මේකෙම කොටසක් තමයි ගමන් බිමන් අඩුකිරිම. නිවසෙන් හෝ කාර්යාලයෙන් එළියට අඩියක් තියන්න කලින් හිතන්න ඒ වැඩේ නොගිහින් කරගන්න බැරිද කියලා.
5. බලශක්තිය හැකි හැමවිටම ඉතිරි කරන්න. මේක 2023 දී පෞද්ගලිකව වත් ආයතනික වශයෙනුත් අති විශාල ප්‍රශ්නයක් වෙනවා. ඔබට පුනර්ජනනීය බලය නිෂ්පාදනය කරගත හැකි හෝ ගබඩා කිරීමේ හැකියාවක් තියනවාද කියලා හිතන්න.
6. අනවශ්‍ය දේපල ඉඩකඩම් වාහන විකුණලා දාන්න ඉඳලා හිටලා යන ගමනට වාහනයක් කුලියට ගන්න. පුළුවන්නම් කාර්යාලය ලඟින් නිවසක් කුලියට ගන්න.
7. දරුවන්ව ගේ ළඟම පාසලට යවලා ගේ ළඟම ඉන්න ගුරුවරුන්ගෙන් ටියුෂන් දෙන්න බැරිද කියල බලන්න. ළමයව පොෂ් කරන්න ඕනි නං හොඳට ඉංග්‍රීසි උගන්නන්න. යන ඉස්කෝලේ නම ඉස්සරහට වැඩක් නැති වෙයි. ඒගොල්ලන්ගේ අනාගත විෂය ධාරාවන්ට ඒ අයගෙ කැමැත්ත මෙන්ම අනාගතයේ growth prospects තියන trades තෝරලා දෙන්න.
8. ලෙඩ අවම කරගන්න. ව්‍යායාම කරන්න. හැකි හැම විටම කාරෙක ගෙදර තියලා බයිසිකලය පදින්න. ඒක කාලය මුදල් ඉතිරි කරනවා ලෙඩ අඩු කරනවා. ආතතියත් ගොඩක් ලෙඩ වලට මුල!
9. කඩ කෑම පුන්නකු මෙතඩ් ආදිය වැඩක් නෑ හොඳට ව්‍යායාම කරලා ගෙදර කෑම ටිකක් හදාගෙන කාලා ඉන්න. බත් කෑම අඩු කරන්න. එක එළවළුවක් එක්ක බත් හැන්දක් කාලා ඉන්න පුරුදු වෙන්න පුලුවන්ද කියලා බලන්න. ජපන්නුත් ගෙවල්වල කන්නේ එහෙමයි. එළවළු මාළු කිහිපයක් හදලා කලවං කරං කනකොට එකකවත් රහ දැනෙන්නෑ.
10. ආයතන, යාළුවො නෑදෑයො ඔබට කරන නරක පැත්තකින් තියලා හොඳ විතරක් හිතන්න. ඔබ ඒ ඒ අයට ලබාදෙන සේවා, කරන උදව් පුළුවන් උපරිමයෙන් බොක්කෙන්ම කරන්න. රිටන් එක අනිවාර්යෙන් ලැබෙනවා. ලබන ආත්මේ වෙනකන් ඉන්න ඕනෙත් නෑ.
11. කලින් නිදාගෙන කලින් නැගිටින්න පුරුදු වෙන්න. මම කලින් නැගිට්ට වුණත් නිදාගන්නෙත් පරක්කු වෙලා. මට දවසකට පැය තුන හතරක් නින්ද ඇති වුණාට හැමෝටම එහෙම බෑ. හොඳම productivity තියෙන්නෙ පැය හය හතක නින්දකින් පස්සේ. මම නං හිටපු ගමන් දවල්ට power nap එකකුත් දානවා.
12. Persue Quality of Life.
බලාපොරොත්තු වෙන කොලිටි තැනට යන්න ඉලක්ක හදාගන්න timeline එක්කම. ඒ පාර කපා ගන්නේ කොහොමද කියල හැමතිස්සෙම හිතන්න.
සහනාධාර, අඩුවටම ලැබෙන දේ ගැන හිතන්න එපා සමහරවිට වැඩි ගානට තියෙන දේ වඩාත් ලාභ දෙනවා.
13. Job security : ආණ්ඩුවෙන් රස්සා ඉල්ලන මානසිකත්වයෙන් ඉවත් වෙන්න. පෞද්ගලික අංශයේ වුණත් job security එකට නීති මත නැතුව knowledge and talents මත යැපෙන්න පාර කපා ගන්න.
14. අනුන් කරන මළඉලව් වල් කරන්න යන්න එපා. අල්ලපු ගෙදර අය ට්‍රිප් ගියා ට ඔයා එන්ජෝයි කරන්නේ ගෙදර ඉන්න එක නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න පැකිලෙන්න එපා. ලෝකයා හිතන එක ගැන වදවෙන්න එපා. තමන්ගේම ක්‍රම තමන්ගේම ජීවිතය පවුල තමන්ට ඕන විදිහට හැඩ ගහ ගන්න.
15. දුම්බීම මත්පැන් මත්ද්‍රව්‍ය පාලනය කරගන්න. social drinking වලට හුරු වෙන්න. බෝතලයක් ඉස්සරහ තිබුණත් 50 ක් හෝ 100 ක් ගහලා නවත්තන්න පුරුදුවෙන්න... ඒක පට්ට! බොන්නම කියලා හිතාගෙන සෙට් වෙන එක මම නං කරන්නේ නෑ වැදගත් දේකට සෙට් වුනොත් වැදගත් කතාබහක් වෙනවා නම් එතනදි බොන එක වෙනම දෙයක්.
16. මාධ්‍ය ආතතිය වැඩි කරනවා. ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය බුද්ධිය පවා හීන කරනවා. සමාජ මාධ්‍ය වලදී තමන්ට වැදගත්කමක් ඇති group, profile විතරක් ෆලෝ කරන්න. ඒවාටත් වැඩිය කාලය කන්න එපා. නිකමට හිතලා බලන්න දවසකට පැය කීයක් කනවද කියල ෆෝන් එකේ.
17. ඉගෙන ගන්න එක නවත්තන්න එපා. මගෙත් bucket list එකේ තියෙන දේවල් ඔක්කොම ඉගෙන ගන්න අවුරුදු සියයක් ජීවත් වුණත් කාලය මදි වෙනවා. ඒමදිවට ලිස්ටෙකට තව අලුත් දේ වලුත් එකතු වෙනවා.
18. අවංක වෙන්න, කාර්යක්ශම වෙන්න, දැනුවත් වෙන්න. දේශපාලන ක වන්දනාවේ යන්න එපා. වංචාවෙන් මුදල් හොයන්න යන්නෙපා. මුදල් අපේ බොහෝ ප්‍රශ්න විසඳෙනවා තමයි. නමුත් හිතෙනුත් දුප්පතෙක් වෙන්න එපා!
මේක ව්‍යාපාර, සේව්‍ය සේවක ඔක්කොටම පොදු විදියටයි ලියන්න උත්සාහ කරේ. පොදු සාධකයක් තමයි වියදම් පාලනය. මොන strategy ගැහුවත් මොන innovation කළත් එක පාර cash flow එක manage කරගන්න බෑ, ඔබට critical හෝ unique ටැලන්ට් එකක් නැත්නම්.
2023 ලෝකෙම recession එකට ගියා වුනත් ඒක පවතින්නෙ නෑ. මොකද recession එකක් වෙන බව ලෝකෙම දන්න නිසා සහ ඒකෙන් ගොඩ යන්න හැඩගැහෙන නිසා.
අපේ රට පාලකයෝ නිලධාරීන් ඒ වෙනුවෙන් කිසි දෙයක් නොකළා වුණත් ඔබට ඔබේ ආයතනයට ඔබේ පවුලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.
මෙතන ලිව්වේ ටිකයි. ඔය ටික මත තමන්ම හිතල බැලුවොත් ඉතුරු ටික පට පට ගාලා ඔළුවට ගලාගෙන එයි.
උපුටා ගැනීමකි
👉
මේ වෙලාවේ අලුතින් හිතන්න... අජිත් පෙරේරා.. අපිට ශක්තියක් වෙන්න https://www.patreon.com/SlvlogTap this link 👇linktr.ee/slvlog
තරුණ ව්‍යවසායකයින් නගා සිටු වීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහන.
ඔබ මේ වන විටත් Google Form එක පුරවා ඇත්නම් පහත ගිනුම් අංකයට මුදල් (1500 Per Person) බැර කර ඔබේ ආසනය වෙන්කරවා ගන්න.
Professionals Without Borders Lanka (Guarantee) Limited
A/C # 003410010940
Sampath Bank,
Thimibirigasyaya Branch
මුදල් ගෙවන ලද Bank slip එක පැහැදිලිව පෙනෙන ආකාරයට අප වෙතට ලැබීමට සලස්වන්න. (WhatsApp 0782515561)
එවන ලද slip එක තහවුරු කරගත් පසුව අප ඔබට අදාළ සියලු තොරතුරු සපයනු ලැබේ.
සහභාගී වීමට කැමැත්තෙන් සිටින අයෙක් නම් පහත Google Form එක පුරවන්න.
https://forms.gle/91ctpvrauG25rZby9
වැඩි විස්තර සදහා අමතන්න.
ප්‍රසාද් - 0787822400
යසිත් - 0714120688
සිතාරා - 0782515561
Post by Admin of Ajith Perera FB page
Professionalism/ වෘත්තීමයභාවය ❣️
පොඩි පොඩි දේවල් ඔබව ගොඩක් දුර අරන් යනු ඇත.
Good morning 🌞
Good Morning 🌞
𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗻𝗼𝘄 𝘁𝗼 𝗹𝗲𝗮𝗿𝗻 𝗺𝗼𝗿𝗲 𝗮𝗯𝗼𝘂𝘁 𝘁𝗵𝗶𝘀 𝘆𝗲𝗮𝗿'𝘀 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗗𝗮𝘆 𝗘𝘅𝗽𝗼 & 𝗣𝗮𝗿𝗮𝗱𝗲👇👇
https://slfplatform.org/
Meet this talented Sarasavi Ranga Nikethanaya group from Paris. Get ready to see their amazing performances at Sri Lanka day Expo & Parade.
"ගනේෂ් " ඉන්දියාවේ කාර්යබහුල නගරයක වෙසෙන සමෝසා වෙළෙන්දෙකි. නගරය තුල ගමන්කරන ඔහුගේ ජංගම අවන්හලේ දිනකට සමෝසා 500ක් ඉතා පහසුවෙන් විකිණීම සිදුකෙරිනි. පසුගිය වසර 30 තුල ඔහු කොයි කා අතරත් අතිශයින්ම ජනාධරයට පත්වුයේ ඔහුගේ සමෝසා වෙළඳාම නිසයි. ඒ මක්නිසාද යත් ඔහු සනීපාරක්ෂාව සහ ගුණාත්මකභාවය ගැන ඉතා විශාල සැලකිල්ලක් දැක්වූ නිසාය. ඉස්තරම් තෙල් සහ අමුද්‍රව්‍ය ඔහු ඒ සඳහා යොදාගත්තේය. සමෝසා මිලදී ගන්නන් හට නොමිලයේ චට්නි ලබා දුන්නේය. ඉතුරුවන සමෝසා දුප්පතුන්ට බෙදාදෙන අතර තවත් ඒවා වේ නම් බල්ලන්ට සහ හරකුන්ට කෑමට ලබා දුනි.
ගනේෂ් මේ ව්‍යාපාරය තුලින් සැලකිය යුතු මුදලක් මාසිකව ඉපයීමට සමත් විය. ඔහුගේ එකම පුතාගේ මුලික අධ්‍යාපනයට, උපාධියට සහ ඔහුගේ MBA උපාධිය සඳහාද සියලු වියදම් දැරුවේ ගනේෂ්ගේ සමෝසා ව්‍යාපාරය තුලින් ලැබූ මුදලිනි. ඔහු කිසිඳු ණයකින් තොර පුද්ගලයෙක් විය. ඔහුගේ පුත් සන්දීප් තම MBA උපාධියෙන් පසුව නිවසට පැමිණුනේය. ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කිරීමට කැමති බව ගනේෂ්ට දැන්වීය. නමුත් මින් පෙර කිසිදිනෙක ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කර තිබුනේ නැත. ඔහුගේ ආගමනය ගැන ගනේෂ් අතිශයින් සතුටු විය. තම ව්‍යාපාරය තවදුරටත් වැඩිදියුණුකිරීමට මෙය අනගි අවස්ථාවක් යයි ගනේෂ් සිතුවේය.
ගෝලීය ආර්ථිකය, ව්‍යාපාර කළමනාකරණය සහ රැකියා වෙළඳපොල ගැන සන්දිප්හට ඉමහත් දැනුමක් තිබුණි. ඒ ගැන ඔහු පරීක්ෂණ කල අතර ඒ පිලිබඳ ප්‍රබන්දනයන් සහ දේශනයන් පවා කර තිබුණි. ව්‍යාපාර ශුද්ධ ලාබය වැඩිකරගනීමට කලයුත්තේ මොනවාදැයි ඔහු විසින් ලියු පොත්පත්ද ඒ අතර විය.
පියාගේ ව්‍යාපාරය දියුණුකිරීමේ අරමුණින් ඔහු පරිපාලනයට ඍජු දායකත්වයක් දැක්විය. ව්‍යාපාරය විධිමත්කිරීමේ ක්‍රමයතුල සමහරවිට දෛනිකව විකුණන සමෝසා ඒකක ගණන 500 සිට පහල බසියහැකි නමුත් ශුද්ධ ලාභය ඉහලයනබව ඔහු තම පියාට විස්තර කළේය. තම පුතුගේ විශිෂ්ට දැනුම ගැන ගනේෂ් අසීමාන්තික සතුටකට පත්විය.
එහි පළමු පියවර ලෙස සමෝසා පිසීමට ගන්නා තෙල් ඔහු මෙසේ වෙනස් කළේය. නව සහ නැවුම් තෙල් 80% සමග වරක් පාවිච්චිකරනලද තෙල් 20% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. පාරිභෝගිකයන්ට එහි වෙනසක් නොතේරුනි. ඔවුන් පෙර මෙන් සමෝසා 500ක් අලෙවි කලෝය. ඔවුන්ගේ ලාභය යම් ප්‍රමාණයකින් ඉහල ගියේය. ගනේෂ් සතුටට පත්විය. ඊළඟ දිනයේදී නැවුම් තෙල් 70% භාවිතා කල අතර වරක් පාවිච්චිකරනලද තෙල් 30% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 400ක් පමණි. ඉතිරිය දුප්පතුන්ට සහ සතුන්ට ආහාරපිනිස ලබාදුනි. තම පුතු කී දෙය එලෙසින්ම සිදුවීම ගැන ගනේෂ් සතුටුවිය.
ඊළඟ දිනයේදී නාස්තිය වලක්වාගැනීමට සමෝසා 400ක් පමණක් සැදීමට සන්දීප් උපදෙස් දුනි. ඒ සඳහා 60% නව තෙල් සමග පාවිච්චිකරනලද තෙල් 40% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින සමෝසා 400 විකුණා ගැනීමට හැකිවූ නිසා ඔවුන්ගේ ලාභය ඉහල ගියේය. ගනේෂ් ඉමහත් සතුටට පත්විය. නමුත් එදින රසය පිලිබඳව පරිභෝගිකයන්තුල කැමැත්තක් තිබුනේ නැත. පසුදින සමෝසා බැදීමට 50% නවුම්තෙල් සහ 50% බාවිතා කරනලද තෙල් යොදාගැනීමට සන්දීප් උපදෙස් දුනි. නමුත් එදින විකුණාගත හැකිවතිබුනේ සමෝසා 300ක් පමණි. ඉතිරිය විසිකරනු හෝ නොමිලේ දෙනු වෙනුවට නැවත බැද පසුදින අලෙවිකිරීමට සන්දීප් කටයුතු කළේය. මෙය තමාටත් කලින් කළහැකිව තිබුනා නොවේදැයි ගනේෂ් පසුතැවිලි විය. නමුත් තම පුතු ගැන ආඩම්බර විය.
පසුදින අලුතෙන් සමෝසා 200ක් සැකසු අතර පෙරදින ඉතුරුවූ සමෝසා100ක් සමග සමෝසා 300ක් විකිණීමට ඔවුන්ට හැකිවිය. නොමිලයේ ලබාදුන් චට්නි නොමිලයේ ලබා නොදීමෙන් සිදුවන ලාභය ගැන සන්දීප් තම පියාට විස්තර කළේය. එය බාදාවක් නොවේනම් එසේ කරනමෙන් ගනේෂ් කීවේය. එසේ කලදිනට පසුදින සිට ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක්ම ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක් අධ්‍යයනය කිරීමෙන් පසු ආර්ථික අවපාතයක් සිදුවී ඇතිබව වටහාගත සන්දීප් මෙසේ පැවසිය.
"මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒක නිසා Business අඩුයි. අපි free දෙන ටිෂු එක නොදී ඉමු". එසේ කී සන්දීප් නොමිලයේ දුන් ටිෂු කඩදාසිය නැවැත්විය.
දිනකීපයකින් සමෝසා ව්‍යාපාරය ඒකක 50ක් දක්වා පහත වැටුණි. දැන් සමෝසා ව්‍යාපාරය නවතා නව ව්‍යාපාරයක් ආරම්භකිරීමට කාලය පැමිණ ඇතිබව සන්දීප්, ගනේෂ්ට පැවසිය. මෙතෙක් දින නිශ්ශබ්දව සිටි ගනේෂ් තම හඬ අවදි කළේය.
"උඹ ඉගනගෙන තියෙන්නේ business කරන්ඩ නෙවෙයි. වංචා කරන්ඩ. අපුරුවට සමෝසා 500ක් වික්ක මම, අද උඹව ලංකරගෙන විකුනන්නේ සමෝසා 50ක් විතරයි. මම මේක අවුරුදු 30ක්ම කලේ උඹ වගේ ඉගෙනගෙන නෙවෙයි. උඹල ඉගෙනගෙන තියෙන්නේ වංචා කරන්ඩ මිසක් business දියුණු කරන්ඩ නෙවෙයි. කරුණාකරලා මේක මට කරගන්ඩ දීලා උඹ පැත්තකට වෙයන්. උඹට කැමතිනම්. පිටි අනන, සමෝසා බදින වැඩේට මම උඹව පඩියක් දීලා ගන්නම්".
නැවත සුපුරුදු පරිදි ඉහල ගුණාත්මක භාවය ගැන සිතු ගනේෂ් පෙරටත් වඩා හොඳින් සමෝසා සැකසීම ඇරඹීය. සති කීපයකින්ම නැවතත් සමෝසා 600ක් දිනකට විකුණන මට්ටමට තම ව්‍යාපාරය ඉහල නැංවිය.
පසු වදන:
අද බොහොමයක් රජයේ සහ පුද්ගලික ආයතනවල පමණක් නොව, බොහෝ තැන්වල සිදුවන්නේ මෙය නොවේද?
System change කරන්ඩ නම් මුලින්ම තමන්ගේම ආකල්ප වෙනස්විය යුතු නොවේද? එකිනෙකාට බැනගනිමින් නොදරුවන් ලෙස හැසිරෙමින්, මං මුලාවී දුවනා ඔබත් මමත් කෙසේනම් system වෙනස්කරන්ඩද ?
සිතීම ඔබට භාරයි.
සටහන : PR
උපුටා ගැනීමකි .
🔯 මොනවද මේ කුඩා ව්‍යාපාර..
කුඩා ව්‍යාපාරයක් ගැන කතා කරන විටෙක පාර අද්දර එළවළු පලතුරු විකුණන කෙනෙකු ඔබේ මතකයට නැගෙන්නට පුළුවන. නොඑසේ නම් වඩේ බඳින කරත්තයක්, රූපලාවණ්‍ය කටයුතු සිදු කරන ස්ථානයක් සිහිගැන්වීමට පුළුවන.
හත් අට දෙනෙක් සේවය කරන ගොඩනැඟිලි ද්‍රව්‍ය විකුණන වෙළෙඳ සැලක්, විසි තිස් ගණනක් ශ්‍රමය සපයන සත්ව ගොවිපොළක් හෝ කාන්තාවන් හතලියක් පනහක් රෙදි මසන ඇගළුම් කර්මාන්ත ශාලාවක් දුටු විට ඔබට සිතෙන්නේ කුමද්ද ? ඒවා කුඩා ව්‍යාපාරද? එහෙම නැත්නම් මධ්‍ය හෝ මහා පරිමාණ ව්‍යාපාරද? ඇත්තටම කුඩා යන්නෙන් අදහස් කරන්නේ කුමන තරාතිරමක ව්‍යාපාරයක් ද?
බොහෝ දෙනෙක් කුඩා යන්නට කැමති නැත. අප මහා පරිමාණ ව්‍යාපාර තිබෙනවාට කැමතිය. මහා පරිමාණ ව්‍යාපාරයක් සතු කර ගැනීමට අපි සිහින දකිමු.
ඔබට නිතර ඇහෙන වචන වල නිවැරැදි තේරුම අප කල්පනා කර තිබේදැයි සිතා බලන්න. "කුඩා" කියන්නෙත් අප හොඳින්ම දන්නා එහෙත් එකවර තේරුම නිශ්චිතවම කීමට නොහැකි වචනයකි. එකවර එය කෙනෙකුට පැහැදිලි නොවීමට පුළුවන.
අපි මෙලෙස හිතමු. යම් මුදලක් කුඩා හෝ ලොකු වෙන්නෙ කොහොමද? ඔබ සතුව රුපියල් දහ දහසක් තිබේ යැයි සිතන්න. ඒ මුදල විශාලද නොමැති නම් කුඩාද? ඔබේ පිළිතුර එකිනෙකාට වෙනස් වීමට පුළුවන.
යම් කෙනෙකුට ලොතරැයක් මඟින් රුපියල් 10,000 ක මුදලක් ලැබුණි නම් එය විශාල ජයග්‍රහණයක්ද? දුගී දුප්පත් මිනිසෙකුට සහනාධාර මුදලක් ලෙස රුපියල් 10,000 ක මුදලක් ලබා දෙන්නේ නම් එය කුඩා මුදලක් ද ? එකම වටිනාකම ඇති මුදල ලැබෙන විදිහ ඇතුළු ගොඩක් කරුණු මත වටිනාකම අවස්ථානූකූලව බව තීරණය වන බව පැහැදිලි වනු ඇත.
ලෝකයේ විවිධ රටවල් අතර ව්‍යාපාර කුඩා, මධ්‍යම හෝ විශාල එලෙස වර්ග කරන්නේ එම රටේ ආර්ථිකය නිෂ්පාදන ධාරිතාවය වැනි කරුණු සලකා බලාය. ඒවාට සුදුසු නිර්නායක සකස් කර සුදුසු පරිදි ඒ ඒ අය භාවිතයට ගනු ලබයි. ව්‍යාපාර වල සේවකයන් ගණන, ඒ සදහා යොදවා තිබෙන මුදල් ප්‍රමාණ, ලැබෙන ආදායම් වගේ දේවල් අනුව ව්‍යාපාර ලොකු කුඩා, මධ්‍යයම හෝ විශාල ලෙස වෙන් කරනු ලබයි.
අපේ රටේත් විවිධ ආයතන ව්‍යාපාර ආකාර කිහිපයක් අනුව වෙන් කර තිබේ. විදුලි බල මණ්ඩලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වගේම කර්මාන්ත අමාත්‍යාංශය ව්‍යාපාර වර්ග කර ඇත. සේවකයන් පනහකට අඩුයි නම් කුඩා ව්‍යාපාරයක් බවට නම් කිරීම සිදු කර තිබෙන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුවය. (සමහර රටවල සේවකයන් 300 ක් දක්වාම කුඩා ව්‍යාපාර වේ) ලංකාවේ සියයට අනූ අටක් පමණම කුඩා ව්‍යාපාර බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ලේඛන වල සඳහන් ඇත.
මේ කුඩා ව්‍යාපාර ව්‍යාපාර ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් පුරාම විසිරී පවතිනවා. ඒ නිසා ඒ ඒ පළාත්වල අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ ව්‍යාපාර යම් විදියකට දායකත්වයක් ලබාදෙන බව පැහැදිලිය. රටපුරා විසිරුණු මිනිසුන්ගේ ශ්‍රමය සහ භෞතික සම්පත් භාවිතා කර ආර්ථිකය ප්‍රාදේශීය වශයෙන් සමතුලිතව ශක්තිමත් කිරීමට කුඩා ව්‍යාපාර වටිනා මෙහෙයක් සිදු කරනු ලබයි.
බොහොමයක් සාර්ථක ව්‍යාපාරයක ආරම්භය කුඩා ව්‍යාපාරයක් වේ. එමනිසා අපහසුතා මධ්‍යයේ පටන් ගන්නා කුඩා ව්‍යාපාර වැඩෙන්න ඉඩහසර ලබා දීමෙන් රටේ විශාල ආර්ථික වර්ධනයක් සිදු වනු ඇත. එනිසා කුඩා ව්‍යාපාර වලට සහාය දැක්වීම රටක් ලෙස ඉතා වැදගත් කාර්යභාරයකි.
තවද කුඩා ව්‍යාපාර වල ස්වභාවය තේරුම් ගැනීම සියලුම පාර්ශවකරුවන්ගේ වගකීමකි. ඒ නිසා අපි කුඩා ව්‍යාපාර ගැන විවෘත ව කතා කරමු. ඒවායේ වැදගත්කම වගේම මුල දී තිබෙන අභියෝග ගැටළු අදාල සියලුම පාර්ශවයන්ට නිවැරදිව තොරතුරු සන්නිවේදනය කරමු.
අපේ රටේ කුඩා ව්‍යාපාර ලෙස වර්ග කිරීම සම්බන්ධව ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඵලදායි සාකච්ඡාවක් සිදු කිරීමට අවකාශ පවතී. අපි #අපේbusiness නඟා සිටුවමු.
©️ සුධීර ජයරත්න
2022.07.25
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
No. 344/2/A, Kandanawatta, Pitipana North
Homagama, 10200
Rakiya Piyasa is the largest recruitment company in sri lanka
No 115, Samagimawatha, Magammana
Homagama, 10200
We bridges the gap between the users and businesses by helping users find relevant providers quickly
Homagama
Satin scrunchies normal scrunchies ,mini scrunchies , head bands,bunny ear scrunchies • whatsapp [ 0713331868 ] •instagram@dcrunch_76 •Tiktok @dcrunch _76 Island wide delivery� ...