චර්ම රෝග සායනය - Skin Clinic

SKIN PROBLEM ? PLEASE CALL US

02/11/2023

සෑම සෙනසුරාදා දිනකම උදෑසන 8:00 සිට චර්ම රෝග සායනය - Skin Clinic පැවැත්වේ - Family Medical Centre Suriyapaluwa

27/10/2023

එක් වරකින් පමණක් සුවවේ යැයි කියන මෙවැනි ඖෂධ ගැනීම ඉතාමත් අහිතකර දෙයක් වන අතර. පළපුරුදු වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සෑම විටම සිදු කරන්න.

27/10/2023

ඉන්නන් ඉවත් ඉවත්කිරීමේ ප්‍රතිකාර සිදු කරනු ලබන්නේ කලින් වෙලාවක් වෙන්කර ගත් රෝගීන් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.

වෙලාවක් වෙන්කර ගැනීම සඳහා 0717867874 අමතන්න.

09/10/2021

Misdiagnosed eczema - respond to treatments well

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 05/08/2021

සමේ ඇතිවන Tinea දිලීර රෝගය පිළිබඳ රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ එය වළක්වාලීමට ඔබ කළ යුතු දේ අඩංගු විස්තර පත්‍රිකාවක්, චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් වෙතින් ඔබ හමුවට

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 15/05/2021

Viral warts before removal

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 21/04/2021

පොතුකබර රෝගය
වයස අවුරුදු 8යි.

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 20/03/2021

Eczema

14/02/2021
22/12/2020

Eczema + infected celliulitis

21/12/2020

Infected eczema with celliulitis.

06/12/2020

Ice cube සත්කාරය හරියට කරමු
(ICE Cube facial/ Skin Icing)

Ice cube සත්කාරය බොහෝ දෙනා අතර ජනප්‍රිය සහ ඉතා පහසුවෙන් මුහුණට භාවිතා කළ හැකි සත්කාරයකි. නමුත් මෙය භාවිතා කිරීම හොදින් දැනුවත්ව සිදුකළ යුතුයි.

Ice cube සත්කාරයේදී සිදුවන්නේ කුමක්ද?
Ice මුලිකව සමේ ඇති ප්‍රරදාහය inflammation/inflamatory තත්ත්වය සමනය කරයි.
ඉතා හොදින් නැවත සම යතාතත්ත්වයට පත් කරයි

Ice cube ප්‍රතිකාරය භාවිතා කළ හැකි තත්ත්ව වනුයේ?
කුරුළෑ
ඇස් වටා එල්ලා වැටීම
Sun burn
සමේ තෙල් ගතිය අඩු කරගැනීමට
වයසට යාමේදී සිදුවන සමේ රැලි ගතිය අඩු කිරීම
සම පැහැපත් කරගැනීමට
කෘමි දශ්ඨන අඩුකිරීමට

Ice cube ප්‍රතිකාරය නිවැරැදිව සිදුකරන ආකාරය?
මේ සදහා වෙනවා ice tray එකක් භාවිතාකරන්න
ප්‍රතිකාරයට පෙර සෑමවිටම මුහුණ සෝදා ගන්න.
කපු රෙදි කැබැල්ලකින් ice කැට 5ක් පමණ ඔතාගෙන මුහුණ විනාඩි කිහිපයක් මසාජ් කරන්න. මසාජ් කරන විට සෑම විටම රවුමට මසාජ් කරන්න.(circular movements )
වැඩි පුර බේරෙන ජලය වෙනත් පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදා ගන්න.
දිනපතා කිහිප වතාවක් ප්‍රතිකාරය කළ හැක.
යටි හණු , නිකට, කම්මුල් , තොල්, නාසය, ඇස් වටා මසාජ් කල හැක.

ඇස් වටා එල්ලා වැටීම
මෙය වයසට යත්ම බොහෝ දෙනාගේ දැකිය හැකි ලක්ෂණයකි.
මෙහිදී ඇස් වටා මිනිත්තු කිහිපයක් මද පීඩනයක් එනපරිදී තබාගෙන සිටින්න.
මේ සදහා වතුර, කෝපි හෝ තේ වලින් සකසා ගත් ice cube භාවිතා කළ හැක.

කුරුළෑ
කුරුළෑ ඇති ස්ථාන වල පමණක් ice cube මද වේලාවක් තබාගන්න. මෙහිදී ප්‍රතිකාරය කරන විට කුරුළෑ නොමැති ප්‍රදේශ වල ice cube ස්පර්ශ නොවීමට වග බලාගන්න. නැතහොත් එම ප්‍රදේශ වලින් කුරුළෑ නොමැති ප්‍රදේශ වලට කුරුළෑ පැතිර යා හැක.

සෑම විටම වැඩි වේලාවක් ice cubes සම මතුපිට තබා නොගන්න. එය සමට හානිකර ප්‍රතිඵල ඇති කරයි.

Aloe ice cubes (කෝමාරිකා)
කෝමාරිකා භාවිතා කර සාදාගත් ice cubes අවු රශ්මියට පිලිස්සුන ස්ථාන වලට සහ කුරුළෑ වලට ප්‍රතිඵල දායකයි.
නැත්තම් ice cubes වලින් massage කර aloe gela ගෑම සිදු කළ හැක

Green tea ice cubes- ප්‍රති වෛරස හා ප්‍රතිජීවක ගුණය නිසා කුරුළෑ අඩංගු සමට වඩාත් ප්‍රතිඵල දෙයි.

චර්ම රෝග සායනය

06/12/2020

Subungal heamatoma follwing trauma to nail

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 06/12/2020

Atopic eczema

05/12/2020

Improving eczema over 4 weeks

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 02/12/2020

Papular Urticaria

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 28/11/2020

Relapsing Atopic eczema

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 28/11/2020

Copied -
කුරුලෑ නිසා තවත් තැවෙන්න එපා

කුරුලෑ යනු කුමන රෝග තත්ත්වයක් ද?
මෙය සම ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයක් නිසා චර්ම රෝගයක් ලෙස හැඳින්වේ. අපේ සමේ ඇසට නොපෙනෙන රෝම කූප නම් කුඩා සිදුරු තිබෙනවා. දහදිය සම මතු පිටට එන්නේ ද සමෙහි ඇති ස්නේහස්‍රාවී ග්‍රන්ථිවලින් නිකුත් වන දියර සම මතු පිටට එන්නේ ද එම රෝම කූප ඔස්සේයි. ඇතැම් විට රෝම කූප ඇහිරීම නිසා එම දියර ස්නේහස්‍රාවී ග්‍රන්ථිවලම තැන්පත් වෙනවා. එය කුරුලෑවක උපත ලෙස හැඳින්විය හැකියි.

කුරුලෑ ඇති වන්නේ ඇයි?
යොවුන් වියේ දී කුරුලෑ හටගන්නේ ඇන්ඩ්‍රජන් හොමෝනය ස්‍රාවය නිසායි. ඒ වගේම මානසික පීඩා, ඇතැම් සැර සබන්, පුයර සහ ආලේපන භාවිතය සහ ඇතැම් ඖෂධ වර්ග භාවිතය නිසා කුරුලෑ ඇති විය හැකියි.

කුරුලෑ සහ වයස, ස්ත්‍රී පුරුෂ භාවය අතර සබඳතාවක් තිබේ ද?
නව යොවුන් වියට පා තබන තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලුවක් ලෙස මෙම රෝග තත්ත්වය හැඳින්විය හැකියි. මෙම කුරුලෑ තත්ත්වය වයස අවුරුදු 13ත් 23ත් අතර පසු වන තරුණ තරුණියන් අතර බහුලව දක්නට ලැබේ. ඔවුන්ගේ සිරුරුවල ලිංගික හෝමෝන ස්‍රාවය වීම සමග මෙම තත්ත්වය ඇති වෙයි. ඊට බලපාන්නේ ඇන්ඩ්‍රජන් හොමෝනයයි. මෙම තත්ත්වයට ස්ත්‍රී පුරුෂ භේදයක් නැත.

යොවුන් විය සහ කුරුලෑ

යොවුන් වයසෙදී ඔවුන්ගෙන් ලිංගික හෝමෝන ස‍්‍රාවය වෙන්න පටන් ගන්නවා. මේ ලිංගික හෝමෝන තමයි කුරුලෑ ඇති වීමට බලපෑම් කරන්නේ. කුරුලෑ ඇතිවීමට බලපාන හෝමෝනය හඳුන්වන පොදු නම තමයි ‘ඇන්ඩ‍්‍රජන’ කියලා කියන්නේ. මේ හෝමෝනය ‘අධිවෘක්ක ග‍්‍රන්ථියෙන්’ ස‍්‍රාවය වන දෙයක්. ඒ වගේම පිරිමින්ගේ වෘෂණ කෝෂ ආශ‍්‍රිතව ද ගැහැනුන්ගේ ඩිම්බ කෝෂ ආශ‍්‍රිතව ද මේ හෝමෝනය ශ‍්‍රාවය වෙනවා.ඇන්ඩ‍්‍රජන් හෝමෝනය ඕනෑම තරුණ තරුණියකගෙන් ස‍්‍රාවය වෙනවා. මේක පොදු තත්ත්වයක්. ඒත් කුරුලෑ හැමෝට ම පොදු වුණත් එහි විවිධතා තිබෙනවා. සමහරුන්ගේ මුහුණේ කුරුලෑ එන්නේ කිහිපයක් පමණයි. ඒත් ඇතැමුන්ගේ මුහුණ විකෘති වන තත්ත්වය දක්වා කුරුලෑ හට ගන්නවා. මේක වෙන්නේ රෝම කූප අවහිර වීම අනුවයි. ඇතැමුන්ගේ රෝම කූප අවහිර වීම සුළුවෙනුත්, තවත් අයෙකුගේ වැඩියෙනුත් සිදුවිය හැකියි. ඒ අනුව කුරුලෑ හට ගැනීමත් අඩුවැඩි වශයෙන් සිදුවෙනවා. ඒ වගේම තමයි කුරුලෑ හට නොගන්නා තරුණ තරුණයින් ද ඇතැම් විට අපට දැකගත හැකියි.

කුරුලෑ රෝග වර්ග මොනවා ද?

I. මීලියා කුරුලෑ තත්ත්වය
මීලියා කුරුලෑ ඉතා ම කුඩාය. මෙම කුරුලෑ නළල, කම්මුල සහ නිකට ආශ්‍රිත ප්‍රදේශවල කුඩා කුඩා බිබිලි වශයෙන් බහුලව දක්නට ලැබේ. එහෙත් සැරව තත්ත්වයක් දක්නට නොලැබේ.

II. Acne කුරුලෑ තත්ත්වය
Acne කුරුලෑ රෝග තත්ත්වය මුළු මුහුණ පුරාම දැකිය හැකියි. එමෙන්ම පුද්ගලයාගේ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශය දක්වා පැතිර යන ආකාරයක් දක්නට ලැබේ. මෙම කුරුලෑ ප්‍රමාණයෙන් මීලියා කුරුලෑවලට වඩා විශාල අතර සැරව තත්ත්වයක් ද දැකිය හැකිය.

III. ‘Pimple’ කුරුලෑ තත්ත්වය
මෙම කුරුලෑ තත්ත්වය කම්මුල් දෙපස හා නළල් ප්‍රදේශය ආශ්‍රිතව වැඩි වශයෙන් දැකගත හැකිය. නමුත් සමහරුන්ගේ පිට, බෙල්ල හා පපුව ආශ්‍රිත ප්‍රදේශවල මෙන්ම කකුල් ආසන්නයේත් මෙම කුරුලෑ දැකගත හැකිය.
මේවා බොහෝ විට හට ගන්නේ උෂ්ණාධික සිරුරුවලය. ඊට අමතරව හිස් හොරි සහිත පුද්ගලයින් අතර ද මෙම තත්ත්වය දැකිය හැකිය.

IV. ‘යීස්ටි‘ කුරුලෑ තත්ත්වය
මේවා පෙර සඳහන් කළ කුරුලෑවලට වඩා තරමක් විශාලය. මෙම කුරුලෑ තත්ත්වය හට ගත් පුද්ගලයෙකුගේ මුහුණේ බොහෝ විට බිබිලි හතරක් පමණක් දැක ගත හැකිය. සාමාන්‍යයෙන් ඝන ස්වභාවයක් උසුලයි. සම අභ්‍යන්තරයේ ඇති වන ගැටිත්තක ස්වරූපයක් උසුලයි. මෙම තත්ත්වය සාමාන්‍ය ක්‍රම ඔස්සේ සුව කළ නොහැකි අතර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

නරක විනෝදාංශය

කුරුලෑවක් හටගත් විට අපි බොහෝ දෙනෙකුට එය ස්වභාවිකව වියලෙන තෙක් සිටීමට හැකියාවක් නැහැ. අපි බොහෝ දෙනෙක් කරන්නේ ඒක මිරිකලා දාන එක. ඒත් වෛද්‍ය විද්‍යාත්මකව නම් එය නොකළ යුතු දෙයක්. මොකද කුරුලෑව මිරිකීමෙන් ස්නේහස‍්‍රාවී ග‍්‍රන්ථි හානියට පත් වෙනවා. ඒවා තුවාල වීමෙන් සම මතුපිට කැලැල් ඇති විය හැකියි. විශේෂයෙන් දෙඇසි මධ්‍යයේ සිට මුව දෙපස දක්වා ප‍්‍රදේශයේ කුරුලෑ මිරිකීම ඉතාම හානිකරයි.

කුරුලෑවට තිත තියන්නේ කොහොමද?

කුරුලෑ හටගත් විට ඒවා පාලනය කිරීම මෙන්ම කුරුලෑ හට ගැනීම අවම කිරීමත් අපට ඉතා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා ඉතාම හොඳ හා පහසු, ලාභදායි ක‍්‍රමයක් වන්නේ ‘හුමාලයට මුහුණ ඇල්ලීමයි.හුමාලයට මුහුණ ඇල්ලීම නිසා රෝම කූපවල විවර ප‍්‍රසාරණය වෙලා රෝම කූප වල ඇති බාධා ඉවත් වෙනවා. එවිට සීබම්වලට පිටතට පැමිණීම පහසු වෙනවා.ඔබ සබන් වර්ගයක් පාවිච්චි කිරීමට කැමැති නම් ළදරු සබන් වැනි මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම හොඳින් මතක තියා ගන්න මුහුණ පිස දැමීම සඳහා පිරිසිදු තුවායක් භාවිත කළ යුතුමයි.

වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය ද?

ඉහත සඳහන් කළ ක‍්‍රම මගින් අපහසුවකින් තොරව ඔබට කුරුලෑ පාලනය කරගත හැකියි. එහෙත් ඇතැම් අයගේ කුරුලෑ ආසාදන තත්ත්වයට පත්වන බවක් දැකිය හැකියි. එවිට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය හැකියි. එහිදී කුරුලෑවේ ස්වභාවය හඳුනා ගැනීම ඉතා ම වැදගත් වෙනවා. එය කළ හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකුට පමණයි.ඇතැම් සරල ආලේපනවලින් කුරුලෑ සුව කළ හැකියි. තවත් අයෙකුට ඒ සඳහා ඖෂධ මාත‍්‍රා වශයෙන් පාවිච්චි කරන්න සිදුවිය හැකියි. ඒ නිසා වෛද්‍යවරයාගේ මග පෙන්වීම මත ඉවසීමෙන් යුතුව අඛණ්ඩ ව ප‍්‍රතිකාර කිරීම සිදුවිය යුතුයි. එසේ නැතිව දවසකින් දෙකකින් ප‍්‍රතිකාර නතර කළහොත් අවශ්‍ය සුවය ලැබෙන එකක් නැහැ. මෙහිදී ඔබ දැඩිසේ සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. ඒ වෙළෙඳපොළේ ඇති ඕනෑම ආලේපනයක් මගින් කුරුලෑ සුවකළ නොහැකියි. තමන්ට ආසාදනය වී ඇති කුරුලෑ විශේෂයට අදාළ නියම ප‍්‍රතිකාර ඔබ විසින් ලබාගත යුතුයි. ඒ සඳහා පුහුණු වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබා ගැනීම සිදු කල යුතුයි.

ඉතින් මේවා හොඳ කරන්න බැරිද?

ඇයි බැරි? පුළුවන්. වෛද්‍යවරු විසින් මේවාට නියම කරන බෙහෙත් බොහෝ විට හෝමෝන ක්‍රියාකාරීත්වය හෝ දැඩිව ක්‍රියාකරන ප්‍රතිජීවක (antibiotics) හෝ රසායන ද්‍රව්‍ය මත පදනම් වී ඇත. ඒවා සාර්ථක විය හැකි නමුත්, ඊට කලින් නිවසේදීම කුරුලෑ මට්ටු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන තොරතුරුයි මේ කියන්න යන්නේ.

දෛනික පුරුදු

ඉස්සෙල්ලාම ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ සම මනාව රැක බලාගැනීමට සහ ආරක්ෂා කිරීමටයි. මෙයට අමතරව ඔබේ සම නිරතුරුව පිරිසිදු කරන්නට හැකිනම් කුරුලෑ එන්නට කිසිදු ඉඩක් නැහැ. එහෙත් ඕනෑවට වඩා පිරිසිදු කරන්නටත් යන්න එපා. මුහුණ මත ඇති තෙල් තට්ටුව ඉවත් වීම නිසා සම වියලීමකට ලක්වෙන්නට පුළුවන් ඒ නිසා ඕනෙම දෙයක් ගානට කරන එක තමයි හොඳම දේ.

මේ නිසා ඔබ,
1.මුහුණ සෝදන්නට ප්‍රථමයෙන් දෑත හොඳින් සෝදා හරින්න.

2.මුහුණ දවසකට දෙවරකට වඩා සෝදන්නට එපා.

3.ඔබ මුහුණ සොදත්දී සීතල හෝ උණු ජලය සමඟ මුහුණු පිරිසිදුකාරයක් [cleanser] භාවිතා කරන්නට පුලුවන්නම් බොහොම හොඳයි.

4.නිතරම වියලි පිරිසිදු තුවායක් මුහුණේ තෙත මාත්තු කිරීම සඳහා තබා ගන්න.

5.ගොඩක් තදින් මුහුණ අතුල්ලන්නට යාමෙන් වලකින්න.

ඔබ මුහුණ සොදත්දී ඉහත කියූ පිරිසිදු කාරකයක් භාවිතා කිරීම මගින් මුහුණේ සම මත තිබෙන දුහුවිලි, තෙල්, රූපලාවන්ය ආලේපන වැනි දේවල් ලෙහෙසියෙන්ම ඉවත් කරන්නට හැකියාව තියෙනවා. එයට අමතරව ඕබේ සම පිලිබඳ වෛද්‍යවරයාගෙන් රෙටිනොයිඩ් ආලේපන සහ බ්රෝන්සිල් පෙරොක්සයිඩ් සහිත නිෂ්පාදන භාවිතය ගැන විමසා සිටින්න. ඔබ රුපලාවන්ය ආලේපන භාවිතා කරනවා නම් සැලිසිලික් ඇසිඩ් භාවිතාව ගැනත් විමසා සිටීම වටිනවා.

මීට අමතරව නිතරම රූපලාවන්ය ආලේපන තෝරා ගැනීමේදී “noncomedogenic” හෝ “non-acnegenic”,ආලේපන භාවිතාව ගැන සැලකිලිමත් වන්න. මොකද මේ නිර්දේශය සහිත ආලේපන වලින් ඕබේ මුහුණේ රෝම කුප මුල් වැසීයාම වලකන අතර මුහුණේ කුරුලෑ නිසා ඇතිවන කැළැල් ඇතිවීම වළක්වනවා.

නිවසේදී කල හැකි ප්‍රතිකාර :

කොහොඹ දලු, අමු කහ, සුදු හදුන් තැම්බු ජලයෙන් මුහුණට වාෂ්ප අල්ලන්න.

මෙමගින් සමේ රෝම කූප විවර වී එහි තැන්පත් වී ඇති අපද්‍රව්‍ය ඉවත් වේවී. ඉන් පසුව පිපිඤ්ඤා යුෂ මුහුණේ ආලේප කරගන්න මුහුණ පිරිසිදු කරන්න.

ලෙමන් යුෂ ස්වල්පයකින් පුළුන් කැබැල්ලක් පොගවා මුහුණේ ආලේප කර ටික වේලාවකින් ඇල් වතුරින් හෝදන්න.

කුරුලෑ ඇති තැන්වල මී පැණි ආලේප කර ටික වේලාවකින් හෝදන්න.

කෝමාරිකා මුහුණේ ගා රැයක් තිබෙන්නට හැර ඇල් වතුරින් හෝදා ඉවත් කරන්න.

තෙල් සහිත හා මස් මාංස ආහාර වර්ග ගැනීම සීමා කරන්න.

නිතර පිරිසිදු ජලය බොන්න.

විටමින් E සහ C අඩංගු එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට එක් කරගන්න

රුධිරය පිරිසිදු කරන නෙල්ලි, රසකිද, ඉරමුසු, බෙලි මල් වැනි පාන වර්ග නිතර බොන්න.

වෛද්‍ය ප්‍රතිකාර
කුරුලෑ සඳහා ප්‍රතිකාර වර්ග කීපයක්ම තියෙනවා. ඔබේ වෛ්‍යවරයා විසින් ඔබට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය තෝරාදේවි. මොන ක්‍රමය භාවිතා කළත් මතක තබා ගතයුතු වැදගත් කරුණ නම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට මාස දෙකක් වත් අඩු තරමින් ගත වන බවයි.

බෙන්සොයිල් පෙරොක්සයිඩ් (Benzoyl Peroxide)
දියර ජෙලි හෝ ක්‍රීම් ලෙස ඔසුහල්වලින් ලබාගත හැකියි. සියයට 2.5 හා සියයට 5 සාන්දාණයන්ගෙන් ලබා ගත හැකි මෙම ඖෂධය සබන් යොදා සෝදා වියලා ගත් සම මත දිනපතා නින්දට යාමට පෙර ආලේප කළ යුතුයි. පසුව දවසට දෙවරක් ආලේප කිරීම ද පුළුවන්. මෙම ඖෂධය සමට අගුªණ නම් හෝ මාස 2ක් ඇතුළත හොඳ ප්‍රතිඵල නොදුන්නොත් එය නතර කර දැමීමට ඔබේ වෛද්‍යවරයා උපදෙස් දේවි.

ප්‍රතිජීවක (Antibiotics)
කුරුලෑ සඳහා තවත් ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ගයකි. මේ මුඛයෙන් ලබා ගැනීමට පෙති හෝ කරල් වශයෙන් ද සමෙහි ආලේපයට දියර හෝ ක්‍රීම් වශයෙන් ද ලබා ගත හැකියි.

ට්‍රෙටිනොයින් (Tretinoin)
තවත් හොඳ ප්‍රතිඵල ලබා දෙන ඖෂධයක්. දවසකට වරක් ආලේප කරන මෙම ක්‍රීම් වර්ගය ඇස්, මුඛය හා නාසය තුළ ආලේප කිරිම නුසුදුසුයි. මෙම ඔසුව ආලේප කර තද අව්වට නිරාවරණය වීමද සුදුසු නොවේ. එවිට සම පිළිස්සීමට හැකියි.
මෙම ඔසුව ආලේප කර මුල් සති කිහිපය තුළ කුරුලෑ වැඩිවන ස්වරූපයක් පෙනුණත් පසුව අඩු වී යයි.

Copied

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 27/11/2020

Happy patient - contact dermatitis(Allergy to detol) good progress after tratments 2weeks online

25/11/2020

Chicken Pox / පැපොල

හැදින්වීම
පැපොල යනු varicella-zoster වෛරසය අසාදනය නිසා හට ගන්නා රෝගයකි.අප ජනප්‍රවාදය තුල මෙම රෝගය දෙයියන්ගේ රෝගයක් ලෙස හැදින්විමද සිදු කෙරේ.
පැපොල රෝගය වැළදුනු රෝගියෙකුගෙන් මෙම රෝගයට කලින් ගොදුරු නොවූ රෝගියෙකුට හෝ කලින් Chicken Pox එන්නත ලබා නොගත් රෝගියෙකුට මෙම රෝගය ඉතා පහසුවෙන් ආසාදනය විය හැක. මෙය ස්පර්ශය මගින් මෙන්ම වාතය මගින්ද බොවීම සිදුවේ. ඇගෙහි බිබිලි ඇතිවිමට දින දෙකකට පෙර සිට සියලු බිබිලිවල කබොල්ල සෑදෙන තුරු රෝගියෙකු රෝගවාහකයෙකු (පතුරන්නෙකු) ලෙස ක්‍රියා කරයි.
අතීතයේ යෞවන වයසට එළඹීමට පෙර බොහෝ පිරිසකට මෙම රෝගය වැළදුනද අද වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමග මෙම රෝගය වැළදෙන පිරිස ක්‍රමයෙන් අඩු වී ඇත.එයට ප්‍රධාන සාධකයක් ලෙස ප්‍රචලිත වෙමින් පවතින පැපොල (Chicken pox) එන්නත හදුන්වාදිය හැක.

රෝග ලක්ෂණ :-
පැපොල රෝගය සාමාන්‍යයෙන් දින 5-10ක් පමණ කාලයක් පුරා පවතී.
ඇගෙහි ඇති බිබිලි මෙහි ප්‍රධාන ලක්ෂණයයි.
chicken pox sinhala papola

අනෙක් රෝග ලක්ෂණ :-
උණ
හිසරදය
කෑම අරුචිය
ඇග පත වේදනාව හා ඇගට පන නැති ගතිය
සාමාන්‍යයෙන් මෙය බරපතල රෝගයක් නොවෙයි. එහෙත් සමහරවිට මෙය දරුණු අතට පත්විය හැක. එම අවස්ථාවේදී මෙම බිබිලි මුළු ඇග පුරාම මෙන්ම උගුරේ, මුත්‍රාමාර්ගයේ, යෝනිමාර්ගයේ, ඇසෙහිද ඇතිවිය හැක.
මෙම රෝගය බරපතල තත්වයට පත්විය හැකි හා සංකුලතා ඇතිවිය හැකි පිරිස හදුනාගැනීම වැදගත්වේ.
කව්රුන්ද ඔවුන් ,
කුඩා ළමුන් (විශේෂයෙන් අවුරුද්දට අඩු)
ගර්භනී මවුවරු
වියපත් පුද්ගලයන්
ශරීරයේ ප්‍රතිශක්තිය අඩු පිරිස්
සමහර ඖෂධ ලබා ගන්නා රෝගීන් ( උදා : පිළිකා , ඒඩ්ස් රෝගීන්)

පැපොල (chicken pox) රෝගයේ සංතුලනාත මොනවද?
නිව්මෝනියාව
මොළේ උණ
බැක්ටිරියා අසාදන

ප්‍රතිකාර :-
මෙම රෝගයට Acyclovir නම් විශේෂිත ඖෂධ ඇති අතර ඔබට සුදුසුකම් සහිත වෛද්‍යයවරයකුගෙන් එම ඖෂධ ලබාගත හැක.
තවද උණ,හිසරදය සදහා පැරසිටමෝල් අඩංගු ඖෂධයක් ලබාගත හැක.

සැලකිය යුතුය,
ශරීරය මතුපිට ඇති බිබිලි කිසිසේත් කැසීම නොකළ යුතුය.එමගින් සමේ කැළැල් ඇතිවීම සිදුවිය හැකි අතරම තුවාල වලට විෂබීජ ඇතුල්විය හැක.
ඔබේ දරුවාට කැසීම නවතා ගැනීමට නොහැකිනම් දරුවාට අත්මේස් පැළදවිම සිදුකල හැක. තවද දරුවාගේ නියපොතු කොටට කපන්න.
සම මතුපිට ඇති ලප මත කැලමයින් ආලේපනය ආලේප කිරීම කැසීම හා අපහසුතාවය අවම කර ගැනීමට උපකාරීවේ.
සමෙහි කැසීම තවදුරටත් අවම කර ගැනීම සදහා ඖෂධ ඔබගේ වෛද්‍යවරයාගෙන් මගින් ලබාගත හැක.
පැපොල සැදුනුවිට ඇස්ප්‍රින්(Asprin) අඩංගු ඖෂධ ලබාදීමෙන් වළකින්න. එමගින් Reye's Syndrome නමැති දරුණු තත්වය හටගත හැක.

පැපොල රෝගය වළක්වා ගන්නේ කෙසේද?
පැපොල රෝගය සදහා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් පැපොල රෝගය සැදීම වළක්වාගත හැක. සමහරක් විට එන්නත් ලබා ගත්තද රෝගය වැළදීමට ඉඩකඩක් ඇතත් එවිට සැදෙන පැපොල රෝගය බරපතලකමින් අඩුය.
මෙම එන්නත ඉතාමත් ප්‍රතිඵල​ සහිත වන අතර අතුරුඅබාධ වලින් අඩුය.රජයේ රෝහල්වල මෙම එන්නත නොමැති අතර පෞද්ගලික රෝහල් මගින් ඔබට ඔබේ දරුවාට මෙම එන්නත ලබාගත හැක.

Copied from web

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 25/11/2020

22year male with painful leisons at buttock - herpes zoster

Photos from චර්ම රෝග සායනය - Skin Clinic's post 22/11/2020

fox fordyce disease - 39year old lady

21/11/2020

Folliculitis

15/11/2020

Atrophoderma vermiculata / Keratosis pilaris

Want your business to be the top-listed Health & Beauty Business in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kadawata

Other Medical & Health in Kadawata (show all)
Transpharma Drug Index Transpharma Drug Index
386/4/E , Ihala Karagahamuna, Kadawatha
Kadawata, 11850

Transpharma Drug Index app designed for use medical & health sector in Sri Lanka including doctors/ nurses/ pharmacists/ medical students/hospitals & Clinics

Ceylon Ayuruweda Ceylon Ayuruweda
Mankada Road
Kadawata

100% Herbal Natural Products Contact Us 074 10 72 274

Kandy Pharmacy Kandy Pharmacy
25 Kandy Road, Kadawatha
Kadawata, 11850

Kandy Pharmacy is the latest addition to your neighbourhood, proudly the largest pharmacy in the area

POWER Optical POWER Optical
Eldeniya
Kadawata, 11850

We are here to provide the better service for our customer with amazing satisfaction for their requirement .

SNB Healthcare SNB Healthcare
54/7, Eldeniya Church Road
Kadawata

Medical & Healthcare

Lisini Care Residents Lisini Care Residents
No. 475/F Weboda West, Weboda
Kadawata

ඔබගේ ආදරණීය වැඩිහිටි නේවාසික සත්කාර සෙවණ

Tycon Group Tycon Group
312/2B , Kandy Road , Kadawatha
Kadawata, 11850

Sasiri Home Care Nursing - PVT LTD Sasiri Home Care Nursing - PVT LTD
78/A/C, Sooriyapaluwa Kadawatha
Kadawata, 11850

Well trained & experienced health care personals are providing Professional home care nursing service.

Chemrich Pharmacy Chemrich Pharmacy
448, Kandy Road, Ranmuthugala
Kadawata, 11850

At Chemrich Pharmacy, we live by our core values; Excellence, Effectiveness, and Expertise.

Natural Cure Natural Cure
Pahalakaragahamuna
Kadawata, 11850

Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු
Dalupitiya Road Mahara
Kadawata, 11850

Best Ayurveda Medical & Health #ayurvedaproducts #ayurbeauty #ayurvedaskincare #ayurvedabeauty #ayurvedasrilanka #ayuvedalifestyle #ayurvedamedicine #ayurvedahelth #ayurvedaplants...