Koratuwa

Koratuwa

එලවලු පැල ,පලතුරු පැල ,මල් පැල හා අනෙකු?

15/07/2020
08/05/2020

පැල, බීජ හා පොහොර ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ ලැයිස්තුව දුරකතන අංකය හා ලිපිනය කොරටුවට මැසෙන්ජර් මගින් එවන්න.
එලවලු පැළ - 100/= - 150/=
බීජ පැකට් - 40/= - 70/=

Delivery charges - 250/=

08/05/2020

පැල, බීජ හා පොහොර ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ ලැයිස්තුව දුරකතන අංකය හා ලිපිනය කොරටුවට මැසෙන්ජර් මගින් එවන්න.
එලවලු පැළ - 100/= - 150/=
බීජ පැකට් - 40/= - 70/=

Delivery charges - 250/=

06/05/2020

සියලුම වර්ගයේ එලවලු පැල ඔබගේ නිවසටම (ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු දින 10 ක් තුල) ගෙන්වා ගැනීමට අමතන්න. 0704534264

23/04/2020

සියලුම වර්ගයේ එලවලු පැල ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න දු.අං-0117906292

23/04/2020

සියලුම වර්ගයේ එලවලු පැල ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න දු.අං-0117906292
කරපිංචා පැල

21/04/2020

එලවලු බීජ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට. ඔබගේ ඇණවුම, ලිපිනය හා දුරකතන අංකය messenger හරහා එවන්න..

Photos from Koratuwa's post 19/04/2020
19/04/2020

වම්බටු ගෙවත්තේම වවමු ද...

🍆උද්භිද විද්‍යාත්මකව - සොලනම් මෙලොන්ජිනා (Solanummelongena L.) යන නමින් හදුන්වයි.
කුලය - සොලනේසියේ (Solanaceae)ය.

🍆හැදින්වීම
එළවළු වර්ග උඩරට හා පහතරට යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන්කළ හැකි. තක්කාලි, ගෝව, කැරට්, බීට්, ලීක්ස්, රාබු වැනි එළවළු වර්ග උඩරට එළවළු ලෙස ගැනෙන අතර වම්බටු, කරවිල, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා වැනි එළවළු වර්ග පහතරට වළවළු ලෙස සැලකේ.

🍆වම්බටු දේශීය හා විදේශීය වෙළඳපලේ ජනප්‍රිය එළවළුවකි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වම්බටු වගා කරන අතර අනුරාධපුර, බදුල්ල, මොණරාගල, රත්නපුර, මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල බහුවල වගා කරනු ලැබේ. වගා බිම් ප්‍රමාණය සැලකූවිට එළවළු බෝග අතුරින් 2වන ස්ථානය හිමිවන්නේ වම්බටු වලටය.

🍆වම්බටු ශාකය ප්‍රථමයෙන් සම්භවය වූ ස්ථානය ලෙස ඉන්දියාව සැලකෙන අතර, චීනය දෙවන ස්ථානය ලෙස සැලකේ. පසුව ස්පාඤ්ඤය, පර්සියාව හා අප්‍රිකාව වැනි රටවලට ව්‍යාප්ත වූ බව පෙනේ.

🍆වම්බටු ප්‍රභේද https://m.facebook.com/story.php?story_fbid=1586869024776505&id=1389010897895653

🍆දේශගුණික හා පාංශු අවශ්‍යතාව
මුහුදු මට්ටමේ සිට මීටර් 1300 දක්වා උච්චත්වයක වසර පුරාම වම්බටු වගා කළ හැක. උඩරට වියළි කලාපයේ වම්බටු වගාව සඳහා යෝග්‍ය වන්නේ මැයි සිට අගෝස්තු දක්වා කාලයයි. උඩරට තෙත් කළාපය වම්බටු වගාව සඳහා යෝග්‍ය නොවේ. වම්බටු වැඩි උෂ්ණත්වය යටතේ ශුෂ්ක ප්‍රදේශවලද වගා කළ හැකිය. දිවා සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 27 - 32 පමණද, රාත්‍රී සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 21 - 27 යෝග්‍ය වේ. ශීත දේශගුණ තත්ත්වවලදී අසාමාන්‍ය ලෙස වර්ධනය වූ පැල ඇති වේ.

🍆වම්බටු ඕනෑම පසක වගා කළ හැකි බෝගයක් වුවද සාමාන්‍යයෙන් සාර්ථක වම්බටු වගාවක් සඳහා පාංශු පී.එච්. අගය 5.5 - 6.8 පරාසයක තිබිය යුතුය. සැහැල්ලු සිට මධ්‍යම වයනයක් ඇති හොඳින් ජල වහනය වන පසක් යෝග්‍ය වේ. මෙම බෝගයේ මුල් පද්ධතිය ගැඹුරට නොවිහිදෙන බැවින් නිතරම ජල සම්පාදනය කිරීම අවශ්‍ය වේ. ක්ෂුද්‍ර පෝෂකවල අවශ්‍යතාව ඉතා පහළ මට්ටමක පවතී. එම නිසා ඌනතාවයන් ඇති වන්නේ කලාතුරකිනි.

🍆තවාන් පාලනය
වම්බටු, බීජ ඉතා කුඩා වීම හේතුවෙන් බීජ කෙළින්ම වගා ක්ෂේත්‍රයේ සිටුවීම සුදුසු නොවේ. බීජ තවාන්කර ලබාගන්නා බීජ පැල ක්ෂේත්‍රයේ සිටුවිය යුතුය.වෙලදපොලෙන් නිවසට ගෙන ආ දෙමුහුන් නොවන ප්‍රභේදයකින් බීජ වෙන් කර ගෙන සිටුවා ගැනීමට ද හැකියි.

🍆තවාන් පිළියෙල කිරීම
වම්බටු සඳහා හොඳින් හිරුඑළිය ලැබෙන ස්ථානයක සැකසු උස් තවාන් සුදුසුවන අතර, බීජ සිටුවීමට පෙර තවාන් පාත්ති ජීවානුහරණය කල යුතුය.
පාත්ති මතුපිට යොදන ලද පස්, ගොම 1 : 1 තුනී තට්ටුව මතුපිට අගල් 6 පරතරය ඇතිව පේලි දිගේ බීජ දමා සියුම් පස්වලින් වසා, පිදුරු තට්ටුවකින් තවාන් ආවරණය කරන්න.
මීටර් 1 පළල, මීටර් 3 දිග තවාන් පාත්තියක් බටු බීජ ග්‍රෑම් 30ක් සඳහා සෑහේ.
දින 25-30 ගතවු පසු පැල ‍ක්ෂේත්‍රයේ සිටුවීමට යෝග්‍ය තත්වයට පත් වේ.
යල කන්නයේදී වර්ෂාව ලැබීමත් සමඟ හා මහ කන්නයේ අධික වර්ෂාවෙන් පසු පැල සිටුවන්න.

🍆බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට බීජ ග්‍රෑම් 350ත් 375ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් බටු බීජ ග්‍රෑම් එකක බීජ 200ක් පමණ අඩංගුය.

🍆පැල සිටුවීම
තවානෙන් ලබාගත් සති 3 - 4 පමණ වයස් ගතවූ බීජ පැල ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යොදා ගතයුතු වේ.
බඳුන් ගතකළ පැල පාවිච්චි කලහොත් ක්ෂේත්‍රයේදී පැල මැරීයාම බොහෝ දුරට අඩුකල හැකිය.

🍆බිම් සැකසීම
බැක්ටීරියා හිටුමැරීමේ රෝගය අවම කර ගැනීම සඳහා මීට ඉහතදී සොලනේසියේ කුලයට අයත් වෙනත් බෝගයක් වගා නොකරන ලද භූමියක් තෝරා ගැනීම ඉතා යෝග්‍ය වේ.
තෙත් කලාපයේදී නම් වම්බටු වගාව සඳහා උස් පාත්ති සාදා එම පාත්ති මත සිටුවීම සඳහා වලවල් සාදා ගත යුතුය
වියළි කලාපයේදී නම් මූල වර්ධනය සාර්ථක කරනු පිණිස ගැඹුරු සී සෑම සිදුකොට එක් වරක් හෝ දෙවරක් කැට පොඩි කොට භූමිය මට්ටම් කරගෙන, ජල වහනය දියුණු කිරීම සඳහා බෑවුමේ හරහට කාණු සකස් කරගෙන, නියමිත පරතරයක් අනුව වලවල් සකස් කරගත යුතුය
ගෙවත්තේ ඉඩකඩ අඩුයි නම් බදුන්, පොලිසැක් මලුවල, හාල් උර වල වූවද සිටුවා ගත හැකියි.

🍆පරතරය
සෙන්ටිමීටර් 90 x 60 පරතරය ඇතිව සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයට පිළියෙල කරගත් වලවල්වලට කාබනික පොහොර යොදා දින 25 හෝ 30 වූ බීජ පැල එක් වලක එක බැඟින් හෝ දෙක බැඟින් සිටුවන්න.

🍆ඉන්පසු ජල සම්පාදනය කොට, හිරු රශ්මිය අධිකව ඇත්නම් කොළ අතුවලින් ආවරණය කරන්න. සවස් වරුවේ පැල සිටුවීම වඩා යෝග්‍යය.

🍆පැළ සිටුවීම
සාමාන්‍යයෙන් වම්බටු වගා කරන්නේ තනි වගාවක් වශයෙනි
ජලවහන තත්ත්වය අනුව සමතලා බිමේ හෝ වැටිවල පැල සිටුවීම කළයුතු වේ
වම්බටු වගා කරන පරතරය පැල අතර සෙන්ටිමීටර් 60ක් හා පේලි 2ක් අතර සෙන්ටිමීටර් 90ක් වේ
පැල සිටුවීමට දින 2-3කට පමණ පෙර එක වලකට කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 2-3 ක පමණ ප්‍රමාණයක් යොදා මතුපිට පස සමඟ මිශ්‍ර කරමින් වල පුරවා මුදුන් කිරීම කළ යුතුය
සති තුන හතරක් පමණ වයස් නීරෝගී බිජ පැල පමණක් සිටුවීම සඳහා යොදාගත යුතුවේ
බීජ පැල සිටුවූ පසු සෙවන සපයා ජල සම්පාදනය කළ යුතුය
අධික හිරු එළියෙන් ආරක්ෂා කිරීම සඳහා දින තුනක්වත් සෙවන ලබාදීමට අවශ්‍ය වේ
‍එක වලක පැල එකක් හෝ දෙකක් සිටුවීම කළ යුතුවේ

🍆වල් පැලෑටි පාලනය
වම්බටු පැල සිටුවා සති 2. 4. 7. 9 . 12 යන අවස්ඨාවලදී වල් පැල ඉවත් කිරීම කළ යුතුය

🍆පොහොර යෙදීම
වම්බටු වගාවේදී බීජ පැල සිටුවීම සඳහා පිළියෙලකල වලවල්වලට කාබනික පොහොර අවම වශයෙන් දොතක් (ග්‍රෑම් 250 - 300) පමණවත් යෙදීමකල යුතුය. පැල සිටුවීමට දින 2කට පෙර මූලික පොහොර ලෙස යෙදියයුතුය.

🍆ජල සම්පාදනය
සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හා ලාභදායි වගාවක් ලෙස පවත්වා ගැනීම සඳහා ජල සම්පාදනයකල යුතුය. වියළි කාලගුණයක් ඇතිවිට අවම වශයෙන් දින 5කට වරක් ජල සම්පාදනය කරන්න.

🍆අස්වැන්න නෙලීම
වගාකර ඇති ප්‍රභේදය හා පාරිසරික තත්ව අනුව පැල සිටුවා සති 10 - 12 අතර දී පළමු අස්වැන්න නෙලා ගත හැකිය. මින්පසුව දින 7කට වරක් බැගින් නැවත අස්වැන්න නෙලිය හැකිය. පිහියකින් නටුව කපා කරල් වෙන්කර ගන්න.

🍆අස්වැන්න ලබා දී අවසන් වූ ගස් නැවත කප්පාදු කරන්න. නිරි වගාවක් ලෙස. නැවත ගස වර්ධනය වී අස්වැන්න ලබා ගත හැක.

🍆වම්බටු වගාවේ රෝග පලිබෝධ හානි ජායාරූප සමග විස්තර කර ඇත.

🍆ඔබත් ගෙවත්තේම වම්බටු වගාවක් කර බලන්න.

ජායාරූප සහ මූලාශ්‍ර - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්

Photos from Koratuwa's post 17/04/2020

ගෙවතු වගාව සදහා නිවසේ ඉඩකඩ කළමනාකරණය ...

17/04/2020

එළවලු පැළ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.. 0117906292

17/04/2020

බණ්ඩක්කා පැළ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.. 0117906292

Photos from Koratuwa's post 17/04/2020

විවිධ භෝග 36 ක් වගා කිරීම සඳහා රුපියල් ලක්ෂ 5 ක සහන ණයක්.

17/04/2020

පලතුරු පැල ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න දු අං-0117906292

17/04/2020

එලවලු පැල ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න ..0117906292

17/04/2020

වම්බොටු වගාව..

Photos from Koratuwa's post 17/04/2020

එලවලු වගාවට උපදෙස් කෙටියෙන්...

Want your business to be the top-listed Home Improvement Business in Kalutara South?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Nagoda
Kalutara South
12000