Geography with Suranga Amunugama
එන්න....සුන්දරතම විශ්ව චාරිකාවට...෴
As the new year dawn's we wish all the wonderful people around the globe a happy sustainable and green new year 2023.
මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන් වැළකී ප්ලාස්ටික්/පොලිතින් පරිහරණය අවම කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහය වෙන්න.
කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන කුඩා ප්ලාස්ටික් බෝතල්,
ප්ලාස්ටික් කූර සහිත කොට්න් බට්න්ස්
කුඩා සැෂේ පැකට්
හුළං පිරවිය හැකි සෙල්ලම් බඩු
මයික්‍රෝමීටර් 20ට (20μm) අඩු Lunch Sheet (ලන්ච් ෂීට්), Shopping Bag (ෂොපින් මලු),
Polystyrene Box (පොලියෙස්ටර් පෙට්ටි)
ලෝක ජෛව විවිධත්වය දිනය අදයි......
(උපුටා ගැනීමකි)
වනාන්තර ආශ්‍රිත වැදගත්ම තත්වය වනුයේ ජෛව විවිධත්වයයි. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්,ශාක හා සතුන්ගේ විවිධත්වයයි.
ලංකාවේ ජෛව විවිධත්වය උපරිම වශයෙන් දක්නට ලැබෙන එක් ස්ථානයක් ලෙස වනාන්තර හැඳින්විය හැකිය.තෙත් කලාපීය වැසි වනාන්තර විශ්මයජනක ලෙස ජෛව විවිධත්වයෙන් පොහොසත්ය. මේවායේ ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ඇත.එනම්, ආවේණික ශාක විශේෂ වලින් 90% ක් ද, ආවේණික සතුන්ගෙන් 75% ක් ද,මෙම වනාන්තරවල දැකිය හැකිය.ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන හොර ශාක විශේෂය ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා කඳුකර වනාන්තරවල බහුලව දැකිය හැකි ආවේණික ශාක විශේෂයකි.එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් ආවේණික ශාක විශේෂ ද ඇත.ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන 'මෙන්ඩෝරා' නකල්ස් වනාන්තරයේ කුඩා පෙදෙසකට පමණක් සීමා වෙයි. ආවේණික කටුසු විශේෂයක් වන 'කුරු බෝදිලියා' හෙවත් ඳුකර කටුස්සා හමුවන්නේ මීටර් 1300ට වඩා උස් කඳුකර වනාන්තර වලිනි.මෙන්ම 'පෙති අග කටුස්සා' නැමති සතුන් හමුවන්නේ මීටර් 800ට වඩා උස නකල්ස් කඳුකරයෙන් පමණි.නමුත් වර්තමානය වන විට මිනිසාගේ අනිසි ක්‍රියාකලාපය නිසා වනාන්තර පද්ධති විනාශ වෙමින් පවතී. ලෝකයේ ජීවය පවතින්නේ මෙම ජෛවගෝලයේ සමබරතාවය නිසාවෙනි. එසේනම් මෙම පරිසර පද්ධතීන් විනාශවීමට ඉඩ නොතබා රැක ගැනීම අප සැමගේ වගකීමයි.
ඔක්සිජන් චක්‍රයේ ප්‍රභලම සේවයක් ඉටු කරනු ලබන්නේ ශාක පද්ධතියයි. කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගනිමින් ඔක්සිජන් නිපදවීමේ සිට ආහාර නිපදවීම, ජල චක්‍රයට දායක වීම මෙන්ම සතාසිව්පාවුන්ගේ පැවැත්ම කෙරෙහිද ශාක පද්ධතියෙන් ලැබෙන්නේ විශාල පිටිවහලක්. මෙම ශාක පද්ධතිය නොඑසේනම් වනාන්තර ගහනය ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතින්නේ මිනිසාගේම ක්‍රියා කලාපයන් හේතුවෙනි. අනවසර කැලෑ හෙළි කිරීම්, කැලෑ ගිනි තැබීම්, හේතුවෙන් මෙම වන ගහනය ලෝකයෙන් තුරන් වෙමින් පවතියි. වනාන්තර ලෝකයෙන් වඳවී ගියහොත් පෘථිවියේ ජලය සිඳී ගොස්, සමස්ථ ලෝකයම එකම කාන්තාරයක් වනු ඇත. ඒ නිසා වනාන්තර රැක ගැනීම කල යුතුමය. එසේ නම්, වැඩි වැඩියෙන් ගස් වවමු. අනවසර කැලෑ හෙළිකිරීම් වලකමු. කැලෑ ගිනි තැබීම් වලකමු. අනාගතය වෙනුවෙන් හරිත වියන රැක ගනිමු.
කැළි කසළ ප්‍රශ්නය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. ජනගහනය වැඩිවත්ම භාවිතයට ගනු ලබන භාණ්ඩ ප්‍රමාණය වැඩි වේ. අනෙක් අතට තාක්ෂණය දියුණුවත්ම විවිධ මාදිලියේ භාණ්ඩ මිනිසා අතට පත්වනු දැකිය හැකිය. මෙවැනි තත්වයක් තුළ පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණයත් නිමක් නැත. එමෙන්ම පරිසරය තුළ එකතුවන අපද්‍රව්‍ය ද විවිධාකාරය. එහෙත් මිනිසාට වැඩිපුරම හානියක් කරන්නේ නොදිරන අපද්‍රව්‍යයයි. එසේ වුවත් දිරායන අපද්‍රව්‍ය වුව මහා පරිමාණයෙන් පරිසරයට එකතු වීම සුළුකොට තැකිය හැකි ගැටලුවක්ද නොවේ. කැලිකසළ නිසි ලෙස බැහැර නොකිරීම සහ ප්‍රතිචක්‍රිකරණයට යොමු නොකිරීම මෙහි ඇති ප්‍රධාන ගැටලුවයි.
ස්වභාවික පරිසර පද්ධතීන් වල සුන්දරත්වය තවදුරටත් පවත්වා ගැනීමට නම්, කැලිකසළ නිවැරදි ආකාරයෙන් බැහැර කරමු. කැළිකසල, නිසි පරිදි බැහැර කිරීමට අනාගත පරපුරටත් කියා දෙමු ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට දායක වෙමු.
Rivers are important source of water for all living creatures, help to protect them!
වායු දූෂණය....
වායු දූෂණය වර්තමානයේ ලොව පුරා රටවල් බොහෝ ප්‍රමාණයක් මුහුණ දෙන ගෝලීය ගැටලුවකි. මෙනිසා මිනිස් ප්‍රජාව මෙන්ම සත්ව ප්‍රජාව පවා දැඩි අපහසුතාවයන්ට පත්ව ඇත. මිනිසුන්ගේ අදූරදර්ශි ක්‍රියාවන් නිසා විනාශයට පත්ව ඇති වායුගෝලය යථා තත්වයට පත් කිරීමට අපට විවිධ ක්‍රියාමාර්ග ගතහැක.
සූර්ය බලශක්තිය වැඩි වශයෙන් භාවිතයට ගැනීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය වායුගෝලයෙහි දූෂිත වායු මට්ටම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කළහැකි ක්‍රියාමාර්ග වේ. එමනිසා අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් වායු දූෂණය අවම කිරීමට අපිත් කටයුතු කරමු.
👍🙏👦🌍🌏
ගංගා ද්‍රෝණි වැසි ජලය සහ භූ ගත ජලය ගබඩා කර තබා ගැනීමට උපයෝගී වේ. ඒවා විවිධ වූ පාරිසරික ක්‍රියාකාරකම් සමග බැඳී පවතියි. ශාක වර්ධනය, ජල චක්‍රය, ආහාර නිෂ්පාදනය ඊට උදාහරණ වේ. මේ අනුව ගංගා ද්‍රෝණි පරිසර ක්‍රියාකාරකම් සමග ඍජු සම්බන්ධතාවයක් පවත්වන නිසාවෙන් පරිසරයේ පැවැත්ම උදෙසා එය ඉතා වැදගත් අංගයක් ලෙස අපට පෙන්වා දිය හැකියි. එනිසා ගංගා ද්‍රෝණි වලට ජලය රැස්වන ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම අප සතු වගකීමකි.
Photo of the day.🙂😀🙏🖖👦👱♀️🌍🌎🌗🌈🇨🇦
මෙම ඡායාරූපයේ සුන්දරත්වය ගැන කියන්න වචන නැ. භූගෝල විද්‍යාවට ආදරය කරන අය ලෝකය දකින්නේ ටිකක් අමුතු විදිහට, කදු,ගස්,පාට හැමදේම ගැන හිතලා මෙම ජායාරූපය මොන රටෙ කියලා කියන්න පුලුවන් ද?
උපුටා ගැනීමක්.
වැදගත් වෙයි, කියවලා බලන්න.
සාගරයේ වැදගත්කම ගැන කරුණු අටක් - BBC News සිංහල ''බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ සාගරය වැදගත් වෙන්නේ අපිට මාළු අල්ල ගන්න කියලා. ඒ වගේම ගොඩබිම තියෙන ගස්වැල් සහ වනාන්තර .....
ලෝක සාගර දිනය...
අපි කොතරම් විශාලද?
පළමු ඡායාරූපය
අපේ සූර්යයා සහ ග්‍රහ ලෝකවල විශාලත්වය ....
දෙවනි ඡායාරූපය
අපේ සූර්යයා විශ්වයේ වෙනත් තරුවල විශාලත්වය සමග සැසදීම
ජූනි 5
ලෝක පරිසර දිනය
පරිසරයට ආදරය කරමු.
GEO චාරිකා අංක 3🌎
💯සිහින දුම්රිය චාරිකාව
✍️Suranga Amunugama
කෝච්චියේ නැගලා පොඩි ට්‍රිප් එකක් යන්න කවුද අකමැති , ලංකාවේ අපිට නම් ඉතින් බදුලු දුමිරිය ගමන මතක් වෙනවා. ඒත් මෙි කියන්න යන්නේ අපේ රටෙි දුමිරිය ගමනක් ගැන නෙවෙයි. ලෝකයේ එක රටක තියෙන දිගම දුම්රිය ගමන ගැන. මෙි කියන දුම්රිය මග තමයි ට්‍රාන්ස් සයිබීරියානු දුමිරිය මාර්ගය (Trans Siberian Railway) . තියෙන්නේ ලෝකයේ භූමි ප්‍රමාණය අතින් ලොකුම රටෙි, ඒ රට තමයි රුසියාව. ලංකාව වගේ 260 ගුනයක් ඒ රට විශාලයි. රුසියාවට පිටුපසින් ලොකුම රටවල් ලැයිස්තුවෙි කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, බ්‍රසීලය, ඕස්ට්‍රෙිලියාව, වගේ රටවල් ඉන්නවා. 😎🙌✋️✍️👣👦👱♀️
(Suranga Amunugama)
ඉතින් අපි කතා කරන දිගම දුමිරිය මාරිගය අතිශයින් සුන්දර , අලංකාර සංචාරක ගමන් මාර්ගයක්. රුසියාවෙි මොස්කව් නගරයේ ඉදන් ව්ලැඩිවැස්ටෝක් කියන නගරය දක්වා මෙම මාර්ගය වැටි තියෙනවා . දිග කිලෝ මීටර් 9289 ක් . දුමිරියට එක් පැත්තක ඉදන් අනිත් පැත්තට යන්න ගතවන කාලය, පැය නෙවෙයි, දිනවලින් කියන්නමි. දින 7ක් . ඉතින් දවස් 7ක කෝච්චි ගමන කොහොම ඇතිද, මොස්කව්, කසාන් ,යුකටෙන්බර්ග්, නොවිස්ක්බ්‍රිස්ක්, ඉරුකුට්ස් , උලාන් උඩෙි, උලාන් බටෝර් , වගේ නගර පහු කරන් යන මෙි දුමිරිය ගමන හරිම ලස්සනයි. අන්තර්ජාලයේ ගොඩක් විඩියෝ තියෙනවා, මෙම මාරිගයේ ගිය චාරිකා ගැන. ඔයාලට ඒවත් බලන්න පුළුවන් ආසියා ,යුරෝපා මහාද්වීප වෙන්කරන යූරල් කදු වැටිය මැදින්, වොල්ගා ගග පහුකරන්, ස්ටෙප්ස් තෘණ භූමියේ සිසිලස විදන් සයිබිරියානු තැනිතලාවෙි වෘකයන්ගේ හඩ හොයන්, අපුරු බයිකල් විල ලග නතර වෙන්නත් ඔයාලට පුළුවන්. ඔයාලා අහලා ඇති ලෝකයේ පිරිසිදුම ජලය තියෙන විල තමයි බයිකල්. ඒ වගේම ලොව ගැඹුරින් වැඩිම විලත් බයිකල්. නිල් කැටයක් වගේ තියෙන ජලය, ශීත කාලය වෙන කොට අයිස් කැටයක් වෙනවා .එතකොට බයිකල්වල පීනන්න නෙවෙයි වාහන පදින්නත් පුළුවන්. ඉතින් බයිකල් පහු කරන් රුසියාවෙි කෙළවර ව්ලැඩ්වැස්ටෝක්වලට යන්න පුළුවන් . ඒත් දැන් මෙි දුමිරිය මග තවත් දික් වෙලා මොංගෝලියාව මැදින් චිනයේ බිජිං දක්වාම විහිදෙන්න දිගු කරලා තියෙනවා . ඒනිසා මෙංගෝලියානු කාන්තාරය මැදින් අපුරු කාන්තාර භූ දර්ශන ටිකකුත් බලාගෙන, මොංගෝලියානු අග නගරයේ පෞඩත්වයත් විදගෙන, මොංගෝලියානු කාන්තාරයේ සාමිප්‍රධායික අපුරු මිනිස් වාසස්ථාන හා නර්තනයන් විද ගනිමින්, කාන්තාරයේ ඔටුවෙක් පිට ගමන් කරන්නටත් මෙි දුමිරිය චාරිකාවෙිදි ඔබට පුළුවන්. එවනි අත් දැකිමි ලබා ගත හැකි ලෙසයි මෙම මාරිගයේ දුම්රිය චාරිකා සුදානමි කරලා තියෙන්නේ . ඉතින් අවසානයේ ලොව වැඩිම ජනගහනයක් ඉන්න චීනයේ බීජිං වලටත් ගිහින් චින මහා ප්‍රාකාරයේ රවුමක් යන්නත් ඔයාලට පුළුවන් . ඉතින් ඒ සිහින චාරිකාව ඔයාලට කවදා හරි යන්න ලැබෙන්න පතනවා . මතක ඇතිව මෙම ගමනෙ කියවුනු රටවල්, නගර, විල්, කාන්තාර ,කදු ගංගා ,වගේ දේවල් සිතියමක ලකුණු කරන්න ඔීනේ .පහතින් ගොඩක් සිතියමි තියෙනවා ඒවා අධ්‍යනය කරන්න පහල සබැදිවලින් දුමිරිය ගමනේ විඩියෝවක් බලන්න පුළුවන් . දුම්රිය චාරිකාව https://youtube.com/channel/UCY9J5CRk6Hc9xc4L6ZBi03g
තවත් වීඩියෝවක් https://youtu.be/1NtdmNVNosA
FB Page https://www.facebook.com/Geography-with-Suranga-Amunugama-100152245599150/
🇺🇸අගහරු මත තනිවෙන ඇලීසා.....?
ඇය ගැන අන්තර්ජාලයෙ වැඩි දෙනෙක් කතා වෙනවා. ඇය 2030 වර්ෂයේ NASA අගහරු ගමන තනියම යන්න සැරසෙන බවත් ඒ හා බැදුනු අන්තර්ජාතික ප්‍රවෘත්ති ය වැරදි බව සමහරක් ප්‍රකාශ කරනවා ඒ නිසා ප්‍රවෘත්තියෙත් ඇත්ත නැත්ත මොකක් උනත් ඇයගේ සිහිනය තමයි අගහරු ගමන ඒක ඇත්ත... ඇය තාම 20 හැවිරිදි ශිෂ්‍යාවක් ඒක ඇත්ත.. ඒ වාගේම ඇය තනිව ලොව වටා ගුවන් යානාවකින් පියාසර කොට වාර්තාවක්ද පිහිටුවා තිබෙනවා. ඒකත් ඇත්ත...ඇය ලොකු ආත්ම ශක්තියකින් හෙබි 20 හැවිරිදි ශිෂ්‍යාවක්.. ඒකත් ඇත්ත...ඉතින් ඇය දිනක අගහරු බලා ගියහොත්..ඇය මානව වංශයේ තවත් වීරවරියක් වේවි.... අගහරු ඉදන් ඇය ...
...අපි දිහා බලන් ඉදීවි...
සියලුම පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට වැදගත් සබැදි කිහිපයක් පහත දැක්වෙයි අවශ්‍ය අයට share කරන්න🙏
පහත වෙබ් අඩවි වෙත ඔබගේ අවධානය යොමු කරන්න.
1. විෂය නිර්දේශය, ගුරු අත් පොත් ,ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ බාගත කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය
http://nie.lk/
2. සියළුම විෂයන් වල වීඩියෝ පාඩම් නැරඹීම සඳහා *e තක්සලාව*
https://www.e-thaksalawa.moe.gov.lk/
3. නවතම අධ්‍යාපනික තොරතුරු දැන ගැනීම සඳහා *්‍යාපන අමාත්‍යංශය*
https://www.moe.gov.lk/
3. පසුගිය විභාග ප්‍රශ්නෝත්තර බාගත කිරීම සඳහා *ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව*
https://www.doenets.lk/
4. පෙළපොත් ඇතුළු සියලුම අධ්‍යාපනික ප්‍රකාශන සංග්‍රහ බාගත කිරීම සඳහා *අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ*
http://www.edupub.gov.lk/BooksDownload.php
5. සබරගමුව පළාත් අධ්‍යාපන ඔබදෙපාර්තමේන්තුවේ මාර්ගගත අධ්‍යාපනය වඩසටහන් *සති පාසල*
https://enenapiyasa.lk/
6. *සියළුම ශ්‍රේණිවල සියලුම විෂයයන් සඳහා සියලුම පාඩම් ඒකක වල වීඩියෝ පාඩම් නැරඹීම සඳහා DP education යූ ටියුබ් නාලිකාව*
https://www.youtube.com/channel/UCaXHgF7cAdDElEtgG2XSjlw
විද්‍යාව සුහුරු පෙළ පොත
http://si.smarttextbook.epd.gov.lk/
7 උසස් පෙළ භූගෝල විද්‍යාව අමතර දැනුම https://www.facebook.com/Geography-with-Suranga-Amunugama-100152245599150/
Geography with Suranga Amunugama එන්න....සුන්දරතම විශ්ව චාරිකාවට...෴
සියලුම පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට වැදගත් සබැදි කිහිපයක් පහත දැක්වෙයි අවශ්‍ය අයට share කරන්න🙏
පහත වෙබ් අඩවි වෙත ඔබගේ අවධානය යොමු කරන්න.
1. විෂය නිර්දේශය, ගුරු අත් පොත් ,ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ බාගත කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය
http://nie.lk/
2. සියළුම විෂයන් වල වීඩියෝ පාඩම් නැරඹීම සඳහා *e තක්සලාව*
https://www.e-thaksalawa.moe.gov.lk/
3. නවතම අධ්‍යාපනික තොරතුරු දැන ගැනීම සඳහා *්‍යාපන අමාත්‍යංශය*
https://www.moe.gov.lk/
3. පසුගිය විභාග ප්‍රශ්නෝත්තර බාගත කිරීම සඳහා *ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව*
https://www.doenets.lk/
4. පෙළපොත් ඇතුළු සියලුම අධ්‍යාපනික ප්‍රකාශන සංග්‍රහ බාගත කිරීම සඳහා *අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ*
http://www.edupub.gov.lk/BooksDownload.php
5. සබරගමුව පළාත් අධ්‍යාපන ඔබදෙපාර්තමේන්තුවේ මාර්ගගත අධ්‍යාපනය වඩසටහන් *සති පාසල*
https://enenapiyasa.lk/
6. *සියළුම ශ්‍රේණිවල සියලුම විෂයයන් සඳහා සියලුම පාඩම් ඒකක වල වීඩියෝ පාඩම් නැරඹීම සඳහා DP education යූ ටියුබ් නාලිකාව*
https://www.youtube.com/channel/UCaXHgF7cAdDElEtgG2XSjlw
විද්‍යාව සුහුරු පෙළ පොත
http://si.smarttextbook.epd.gov.lk/
7 උසස් පෙළ භූගෝල විද්‍යාව අමතර දැනුම https://www.facebook.com/Geography-with-Suranga-Amunugama-100152245599150/
Photo of the day😄🙏🌎
GEO චාරිකා 2
රතු මුහුද ( Red Sea )
✍️ Suranga Amunugama
🙏🇱🇰❤️🎁🗝🤝👦👱♀️🏆🛫
අපි GEO චාරිකා වලින් ඇමසන් ගැන මීට කලින් කතා කළ බව ඔබට මතක ඇති . ඉතින් අද කතා කරන්නේ භූගෝල විද්‍යාව විෂයය තුළ ජනප්‍රිය සාගරික ප්‍රදේශයක් ගැන, ඒ තමයි රතු මුහුද. ලෝකයේ සාගර 5ක් සහ මුහුදු ප්‍රදේශ රාශියක් තියෙන බව ඔයාලා අහලා ඇති . ඉතින් රතු මුහුද කියන නමත් ටිකක් අපුරුයි. මොකද මුහුදේ නමත් එක්ක පාටක් තියෙන නිසා . ඒ වගේ පාට එක්ක බැදුනු මුහුදු තමයි සුදු මුහුද , කලු මුහුද ,කහ මුහුද .
ඉතින් රතු මුහුද ගැන කතා කරමු . දිගින් 2250KM හා පළල 355KM විතර වන මුහුදු ප්‍රදේශයක් තමයි රතු මුහුද කියන්නේ .අප්‍රිකානු මහාද්වීපයත් , ආසියානු මහාද්වීපයත් අතර මෙය පිහිටලා තියෙනවා. රතු මුහුදට බටහිර පැත්තෙන් ඒ කියන්නේ අප්‍රිකාව පැත්තෙන් ඊජිප්තුව, සුඩානය, එරිත්‍රියාව සහ ජිබූටි කියන රටවල් පිහිටලා තියෙනවා නැගෙනහිර පැත්තෙන් සෞදි අරාබියාව සහ යේමනය කියන රටවල් පිහිටලා තියෙනවා . රතු මුහුදට එම නම ලැබිලා තියෙන්නේ එහි ජිවත්වන රතු පැහැති ඇල්ගි විශේෂයක් නිසා කියලයි කියන්නේ . රතු මුහුද සුවිභේද නිමිනයක් විදිහට හදුන්වනවා. පෘථීවි පෘෂ්ථයේ විවිධ භූරූප නිර්මාණය වෙනවනේ ඉතින් උසස් පෙළ භූගෝලය ඉගෙනගන්න දරුවෝ දන්නවා ඇති සමිපීඩන සහ ආතතීය චලන ගැන ඒ අතරින් ආතතීය චලනවලදි පාථිවි පෘෂ්ඨය දෙපසට ඇදිමක් සිදු වෙනවා. පාෂාණ ස්ථරවල බිදුමි රැසක් ඇති වීමෙන් පොළොව කුටිටි කිහිපයකට වෙන් වී යා හැකියි . එහි එක් විශාල පාෂාණ කුට්ටියක් පහළට ගිලා බැසීම නිසා දළ බැවුමක් සහ පැතිලි පතුලක් සහිත නිමිනයක් නිර්මාණය වන අතර එය ස්විභේද නිමිනයක් ලෙස හදුන්වනවා. ඉතින් රතු මුහුදත් එලෙස නිර්මාණය වි සාගර ජලයෙන් වැසි ගොස් තිබෙනවා . නැනෙහිර අප්‍රිකාවෙි එවනි ස්විභේද නිමින සංකීර්ණයක් තියෙනවා . එවනි සුවිභේද නිමින නිසා විල් සහ මුහුදු ප්‍රදේශ නිර්මාණය වන්න පුලුවන් ටැංගනිකා විල, මල මුහුද උදාහරණ ලෙස පෙන්නන්න පුළුවන් .
ඉතින් අපි කතාකරන රතු මුහුද වැදගත් මුහුදු නාවික මාර්ගයක් .යුරෝපා මහද්වීපයට දකුණින් පිහිටි මධ්‍යධරණි මුහුදයි රතු මුහුදයි යා කරලා ලොකු ඇල මාර්ගයක් හදලා තියෙනවා නැවි වලට ගමන් කරන්න පුළුවන් විදිහට, ඒක තමයි අපි සූවස් ඇළ කියලා හදුන්වන්නේ . ඒ නම කියන කොටම ලෝකයේ තියෙන තවත් වැදගත් ඇල මාර්ගයක් මතකයට එනවා. ඒ තමයි පැනමා ඇළ, පැසිපික් සාගරයයි, අත්ලන්තික් සාගරයයි යා කරමින් මෙම ඇල මාර්ගය හදලා තියෙන්නේ පැනමාව කියන රට මැදින් .
රතු මුහුද ගැන කතා කරනකොට එහි එක් පසක තියෙන සිනායි අර්ධද්වීපය අනික් පස තියෙන ඒඩින් බොක්කත් අමතක කරන්න බැහැ . රතු මුහුද ධීවර කර්මාන්තයට , ප්‍රවාහන මාධ්‍යයක් විදිහට, සංචාරක කර්මාන්තයට සහ ඛනිජ සමිපත් බහුල ප්‍රදේශයක් විදිහටත් ගොඩක් වැදගත් . ඒ වාගේම ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධතියක් විදිහටත් රතු මුහුද හදුනවා දෙන්න පුළුවන් .
මෙම සටහනේ තිබු මහාද්විප, සාගර, රටවල්, මුහුදු, බොකු, අර්ධද්වීප , ඇළ මාර්ග ආදි ස්ථාන අපේ භූගෝල විද්‍යාව කරන දුවලා පුතාලා ලෝක සිතියමක ලකුණු කරන්න අමතක කරන්න එපා . පහළ රූප සටහන් සහ සිතියම් එය සදහා උදවු කර ගන්න . ඔබේ අදහස් කියන්නත් ඉඩකඩ තියෙනවා . තවත් විස්තර දැන ගන්න අපේ https://www.facebook.com/Geography-with-Suranga-Amunugama-100152245599150/ පිටුවටත් ගොඩවෙන්න ඔයාලට පුළුවන්. ඔබ ලබාගත් දැනුම ඔබගේ භූගෝල විද්‍යාව කරන යාළුවන්ටත් මතක ඇතිව share කරන්න . නැවත හමුවෙමු
🌏 යන්න ආස තැනක්.....🔍🛩
රට අනුමාන කරමු🤔🤔
GEO චාරිකා 1
ඇමසන් ද්‍රෝණිය ( Amazon basin )
😀Suranga Amunugama
උසස් පෙළ භූගෝල විද්‍යාව හදාරණ දරුවන් හා භූගෝල විද්‍යාව හදාරණ සෙසු පාසල් දරුවන් ඉලක්ක කොට මෙම පුංචි සටහන ලියවුනත්, ලෝකයේ අපුර්වත්වය ප්‍රිය කරන දැනුම හොයන කාටත් මෙය විවෘතයි. ඇමසන් ද්‍රෝණිය පිහිටන්නේ දකුණු ඇමරිකානු මහාද්වීපයේ අර ඇමරිකානු මහාද්වීප දෙකෙන් පහලින් තියෙන්නේ , ඒක තමයි දකුණු ඇමරිකානු මහාද්වීපය . ඉතින් ඇමසන් ගැන දැන ගන්න කලින් ද්‍රෝණියක් එහෙමත් නැත්නමි ජලවහන ද්‍රෝණියක් ගැන ඉගෙන ගන්න ඔිනේ . ගංගාවක ජලය බැසගෙන යන පැත්තට පොළොව මතු පිටින් ගලා එන ජල පහරවල් සියල්ලගේම ආරමිභක ස්ථාන යා කරලා රේඛාවක් නිර්මාණය කලොත් එම රේඛාවෙි ජල බැස්මෙි පැත්තට ඇති භූමි කොටසට තමයි ජල වහන ද්‍රෝණියක් කියන්නේ ( පහල රූප සටහන් බලන්න ,මෙය කියවලා) ඉතින් අපි කතා කරන්න හදන්නේ ඒ වගේ අති විශාල ජලවහන ද්‍රෝණියක් ගැන ඇමසන් ගැන ඔයාලා අහලත් ඇති වර්ග කිලෝ මීටර් 6300000 ක් පුරා පැතිරි තියෙන මෙහි ප්‍රධාන ගංගාව තමයි ඇමසන් කියන්නේ . කිලෝ මීටර් 6400 දිග මෙය දෙවනි වන්නේ ලොව දිගම ගංගාව වන නයිල් වලට විතරයි. හැබැයි සමහර අය කියන්නේ නයිල්ට වඩා ඇමසන් දිගයි කියලා. ඒ උනාට තාම නිල පිළිගැනීම නයිල් තමයි දිගම ගග .
ඉතිත් අපි කතාකරන ඇමසන් ගංගාව වටා ඇති මෙම ඇමසන් ද්‍රෝණිය රටවල් 9ක් පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා . බොලිවියාව, බ්‍රසීලය, කොලොමිබියාව, ඉක්වදෝරය, ගයනාව, ප්‍රංශ ගයනාව, සූරිනාමය , පේරු, වෙනිසියුලාව තමයි ඒ රටවල් ඇමසන් ගංගාවෙි ආරමිභය සටහන් වෙන්නෙ ඇන්ඩීස් කදු වැටියෙන්, පැසිපික් සාගරයට කිටිටුවෙන් . මුහුදට වැටෙන්නේ අත්ලන්තික් සාගරයට, ඒ බ්‍රසීලයෙන්. ලෝකයේ සාගරයට එකතුවන සමස්ථ ගංගා ජලයෙන් 20% කට හිමිකමි කියනනේ ඇමසන් ගංගාව . ඉතින් මෙම ඇමසන් ගංගා ද්‍රෝණයේ තවත් වැදගත් කමක් තමයි ද්‍රෝණිය පුරා පැතිර තියෙන මහ වනාන්තරය . ඒය තමයි අපි ඇමසන් වනාන්තරය කියලා හදුන්වන්නේ වර්ග කිලො මීටර් මිලියන 5පුරා මෙය පැතිරි තියෙනවා. වටිනා ශාක සහ සත්ව විශේෂ දහස් ගණනක් මෙහි ජීවත් වෙනවා මෙය වැසි වනාතරයක් විදිහට හදුන්වනවා. ලෝකයට වැසි වනාතර වැඩිය නැ. අප්‍රිකාවෙ කෙංගෝ වනාන්තරය තවත් එය වගේ එකක්. තව ලංකාවෙි සිංහරාජයත් මෙම වැසි වනාන්තරවලටම අයිතියි .තව ඉන්දුනිසියාව, මැලෙසියාව, ඉන්දියාව ,බංගලිදේශය වගේ රටවලත් තවත් රටවල් කිහිපයකත් වැසි වනාන්තර දකින්නට පුලුවන් ඉතින් ඇමසන් ද්‍රෝණිය ගැන ඔයාලා තවත් තොරතුරු හොයා ගෙන කියවන්න. අපේ මෙම https://www.facebook.com/Geography-with-Suranga-Amunugama-100152245599150/ Geography with Suranga Amunugama පිටුවෙ තවත් කතා කියවන්න ඔයාලට පුලුවන්. තවත් වැඩක් තියෙනවා උසස් පෙළ, සාමාන්‍ය පෙළ භූගෝල විද්‍යාව කරන දරුවෝ මෙම සටහනේ තිබුණු හැම ස්ථානයක්ම ලෝක සිතියමක ලකුණු කරන්න ඔිනේ ඒක ඔබට විභාගයටත් උදවු වෙයි . ඉතින් GEO චාරිකා 2 න් හමුවෙමු .(ඡායා රූප අන්තර්ජාලයෙන්) 😄 Amunugama
2021.05.20
මාධ්‍ය නිවේදනය,
ජාත්‍යන්තර ජෛවවිවිධත්ව දිනය - මැයි 22
ජෛවවිවිධත්වය මත මුළු මහත් මානව සංහතියම රඳා පවතී
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මැයි 22 ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. Covid -19 මාරාන්තික වෛරසය විසින් ගෝලීය ප්‍රජාව ගිලගනිමින් පවතින අවස්ථාවක ස්වභාවික ලෝකය සමඟ පවතින සම්බන්ධතාවයන් නැවත විමසා බැලීමේ පරමාර්ථය ඇතිව මෙවර තේමාව වී තිබෙන්නේ We’re part of the solution - “අපි විසඳුමේ කොටසක් ” - යන්නයි. මෙම පාඨය තෝරාගෙන ඇත්තේ පසුගිය වසරේ තිබූ තේමාව වන “ අප විසඳුම ඇත්තේ සොබාදහමේය” යන්නෙහි දිගුවක් වශයෙනි. ජෛව විවිධත්වය තිරසර සංවර්ධන අභියෝග කිහිපයකටම පිළිතුරක් බව සිහිපත් කිරීමේ අරමුණින් දේශගුණය,සෞඛ්‍ය ගැටලු,ආහාර හා ජල සුරක්ෂිතතාව,තිරසාර ජීවනෝපායයන් සඳහා සොබාදහම පදනම් කරගත් විසඳුම්වල සිට අපට වඩා හොඳින් ගොඩනැංවිය හැකි පදනම වශයෙන් පෙන්වා දිය හැකිය. තිරසර සංවර්ධනය පිළිබද ප්‍රධාන ජාත්‍යන්තර මෙවලම වන ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියේ (Convention on Biological Diversity) ප්‍රධාන පණිවිඩයද එයයි.
ජෛවවිවිධත්වයට ගැටලුවක් වන විට එය සමස්ත මානව වර්ගයාටම ගැටලුවකි. ජෛවවිවිධත්වය බොහෝ විට විවිධාකාර ශාක,සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන් අනුව තේරුම් ගත හැකි නමුත් එයට එක් එක් විශේෂය තුළ ජාන වෙනස්කම්ද ඇතුලත් වේ.ජෛවවිවිධත්ව සම්පත් යනු ශිෂ්ටාචාරයන් ගොඩනගන කුලුණුය.
මිනිස් ආහාරයෙන් 80% කට වඩා සපයනු ලබන්නේ ශාක විසිනි.ලෝකයේ මිනිසුන් බිලියන 03 කට අවශ්‍ය සත්ව ප්‍රෝටීන වලින් 20% ක් ලබා දෙන්නේ මත්ස්‍ය සම්පතිනි.සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය පෙදෙස්වල දිවි ගෙවන ජනතාවගෙන් 80% ක් පමණ මූලික සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සම්ප්‍රදායික ශාක පදනම් කර ගත් ඖෂධ මත සැපෙති.
ජෛවවිවිධත්වය යන මාතෘකාව තිරසර කෘෂිකර්මාන්තයේ පාර්ශවකරුවන් කෙරෙහිද අවධානය යොමු කරයි. ආදිවාසීන් ඇතුලු අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් සහ ආහාර සුරක්ෂිතතාව ඇතුලුව තවත් කරුණු ගණනාවක් තිරසර සංවර්ධනය සඳහා ජෛවවිවිධත්වයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳව Rio+20 ලේඛණයෙන් හඳුනාගෙන තිබේ.
ජෛවවිවිධත්වය නැතිවීම අපගේ සෞඛ්‍ය ඇතුලු සියල්ලටම තර්ජනයකි.ජෛවවිවිධත්වයේ හීන වීම සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන රෝග පුළුල් කිරීමට සමත් වන බවට පර්යේෂණ මගින් ඔප්පු වී ඇත. අනෙක් අතට අප ජෛවවිවිධත්වය නොවෙනස්ව තබා ගන්නේ නම් එය Covid -19 වැනි මාරාන්තික වසංගත රෝග වලට එරෙහිව සටන් කරන්නට විශිෂ්ට මෙවලම් සපයයි. ජෛවවිවිධත්වය අනාගත පරපුරට ඉමහත් වටිනාකමක් ඇති ගෝලීය සම්පතක් වන බවට පිළිගැනෙන අතර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝකයේ තිබෙන සත්ත්ව හා ශාක විශේෂ ගණන සැලකිය යුතු අන්දමින් අඩු වෙමින් පවතී.
ජෛවවිවිධත්වයේ ආරක්ෂාව මෙන්ම එහි රැකවරණය උදෙසා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති තැන් බොහෝය.අත්වැල්තොට ඉදිකිරීමට තැත් කළ කුඩා ජලවිදුලි බලාගාරය හේතුවෙන් ආවේණික මසුන් රැකගනිමින් පරිසරයට වන හානිය වලක්වා ගැනීමට ක්‍රියා කිරීම,අලි ඇතුන්ගේ පැවැත්ම උදෙසා නිසි ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය නීතිමය පියවර ගත යුතු බවට යෝජනා ඉදිරිපත් කිරීම,විල්පත්තුව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම,වනාන්තර විනාශ කර දමා ආදිවාසී ජනතාවගේ නිජබිම් අහිමි වන ආකාරයේ සංවර්ධන සැළසුම් දියත් කිරීමට ගත් වෑයම වැලැක්වීම ,සිංහරාජ වැසි වනාන්තරයේ පැවැත්මට හානි වන ආකාරයේ ප්‍රශ්නගත සංවර්ධන සැලසුම් සඳහා මැදිහත් වීම,රූමස්සල පාරිම්යසරික සංවේදී කලාපයේ ඉදිවන හෝටලය හේතුවෙන් සමුද්‍රිය පරිසර පද්ධතීන්ට පවා සිදුවිය හැකි හානීන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම , 5/2001 චක්‍රලේඛය අවලංගු කිරීමෙන් රජයේ නොවන සෙසු වන බිම්වල අනාරක්ෂිත බව ඇතිවීම වලක්වා ගැනීමට කටයුතු කිරීම මෙන්ම මුතුරාජවෙල තෙත් බිම් පරිසර පද්ධතිය හා මීගමු කලපුවේ ජෛවීය පරිසර පද්ධතිය වැනසීම වැලැක්වීමට ගත් නීතිමය ක්‍රියාමාර්ග, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් හා පරිසර පනතින් ජෛවවිවිධත්වයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පවතින නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම උදෙසා මැදිහත්වීම පෙන්වා දිය හැකිය.
ඔබ අත්දකින ස්වභාවික සුන්දරත්වය තව දුරටත් අත්විඳීමට නම් ජෛවවිවිධත්වය ආරක්ෂා කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මාධ්‍ය අංශය
පරිසර යුක්ති කේන්ද්‍රය
උසස් පෙළ භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් online ලියමු..
paper 2
https://forms.gle/9zqVSgiLkUwFi8x8A
A / L Geography Online Paper 2 ( පසුගිය උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරින් සකස් කොට ඇත) ඔබගේ භෞතික භූගෝල විද්‍යාව දැනුම පරික්ෂා කරන දෙවන ප්‍රශ්...
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
SMS Gardens Galhinna 20152
Kandy, 20152_-_-_-_-_-█║▌█║▌│█│║▌║││█║▌│║
The Mohammadiya Foundation Royal English School, Galhinna The Mohamadiya Foundation, an Organization in Galhinna. a remote village in the central region of Sri Lanka, was establi...
Kandy Cultural Center
Kandy
Art couses are not simple but It will increase your creative capacity and can make humans with Imaginary power, I love devoting my time to my students.
Kandy
This Page gives you an update about the Psychology that is essential for day to day living.
Kandy
"If you want to find the secrets of the universe , think in terms of energy , frequency and vibratio
219/15
Kandy, LK+94
Right way academy is a place where students of different ages can gain education toward their dreams. We provide large variety of learning environments & learning spaces engage w...