Sirimewan Molegoda

Sirimewan Molegoda

සොබාදහමට නතු මනුෂ්‍යත්වය

17/03/2022

1980 ගණන් වල සිට ක්‍රමයෙන් වර්ධනය කරමින් ආ ශ්‍රීලංකාවේ smart life එක අවසන් කර ඇත.

මාධ්‍ය හරහා ප්‍රවර්ධන කල smart life එක මිනිස්සුන්ට ඇබ්බැහි කල smart life එක ඔවුන් විසින්ම උදුරා ගනිමින් තිබේ.

ගෑස් නෑ, තෙල් නෑ, විදුලිය නෑ, වතුර නෑ, මේ ඔක්කොම උදුරා ගැනිමේ ප්‍රතිපලය.

සංවර්ධනය , දියුණුව කියමින් life එක smart කරගත්තේ මු.

10% smart වූ අතර 90% smart life වෙන්නට මහන්සි වෙමින් සිටියෙමු.
(බාගෙට smart)

අපි වත්තේ / ගමේ තිබූ නාන ලිඳ, බොන ලිඳ, අත් හැර ටැප් ලයින් එකට මාරු විය.

දර කුස්සිය ගෙදරින් ඉවත් කර දැමුණි.

මිරිස් අඹරන ගල කඩා තාප්ප වලට යොදා ගත්තෙමු.

ගෙවත්තේ වැවු එළවලු උදුරා දමා මල් වවා ගෙවත්ත අලංකාර කලෙමු.

කියන්නට එවැනි දෑ නම් බොහෝය .

අපේ දේවල් ගොඩේ නිසා පිටරටින් ගෙන්වන දැයින් අපි smart වීමු.

දැන් ඔවුන් හුරුකල සියල්ල ම උදුරාගනිමින් සිටි..

මිනිස්සු අසරණ ය.
මිනිස්සු පව් ය.

ජීවිත කාලයක් හුරු කල smart life එක තවදුරටත් වලංගු නැත.

යම්තම් හෝ වලංගු කර ගැනීමට පෝලිමේ සිටිය යුතුය .

අව්වේ වැස්සෙ බඩගින්නේ තරතිරමක් නැතුව පෝලිමේ යා යුතුය.

ශ්‍රි ලාංකිකයන් ගේ smart life වෙනුවෙන් දැන් පෝලිමේ ලැගිය යුතුය.

තව දුරටත් smart life එක මිරිඟුවක් පමණි.

එය නොදන්නා හැමෝම එය ඉල්ලා හඬා වැලපෙති.

වටහාගත යුතු දෙය නම් මෙය නාටකයක් බවය.

ආර්ථික අර්බුදය නම් මෙගා නාටකය එක් එක් Episode පියවරෙන් පියවර
රඟ දැක්වෙමින් පවති.

මිනිසුන් බොහෝ වෙහෙසට පත් කර ඇත.
දැන් ඔවුන් මිනිස්සුන්ගේ කේන්තිය අවුස්සමින් සිටී. වෛරය අවුස්සමින් සිටී..

ඊලග පියවරේ දී ඔවුන් මින්සුන්ට කුපිත වෙනු යැයි කියනු ඇත.

එවිට මිනිසුන් කුපිත වනු ඇත.

ඊලග පියවරේදී ඔවුන් මරාගනු යැයි කියනු ඇත..

එවිට .......... ?

1971, 1988/89 2004 මහා සුනාමිය, 30 වසරක ශාපලත් සිවිල් යුද්ධය ... නැවත සිහි ගැන්වේ..

ඒ ගලාගිය ලේ , කඳුලු ඔවුන්ගේ ආහාරයයි.

දුක් අඳෝනා විලාප, මල බෙර හඬ ඔවුන්ගේ ආහාර යයි...

ඔවුන්ට දැන් ආහාර හිගය..
ඔවුන්ට දැන් සරු ආහාර අවශය වී තිබේ..

සාමය , නිහඬ බව ඔවුන්ට තව දුරටත් හිසරදයකි.

ඔබ ඔවුන්ගේ ආහාරයක් වීමට අවශ්‍ය ද?

එසේ නොවන්න ට බුද්ධිය මෙහෙය වන්න.

මහත්වරුනි නොනාවරුනි...

දැන් සිටින්නේ නගරයේ නම් ගමට යන්න.
දැනටමත් ඔබ ගමේ සිටින්නේ නම් අසල්වැසියන් හා එක්ව ශ්‍රම දානයෙන් පාළුවට ගිය බොන ලිඳ පිරිසිදු කරන්න .

නාන ලිඳ ඉහින්න.

නාන තොට පිරිසිදු කරන්න යන්න.

ගෙවත්තේ වවන්න.

එවිට ඔබට තව දුරටත් මේ පොලෝතලේ ජීවත් විය හැකි බව ඔබම වටහා ගනු ඇත.
..................................................................
උපුටා ගැනීම

*බණ්ඩාර වලිසුන්දර
2022/3/15

Photos from Sirimewan Molegoda's post 28/01/2022

එය ඉතාම සුන්දර සවස් කාළයක්.
කඳුකර පෙදෙසක මා අසළින් හිඳගන සිටින්නේ යෙහෙළියක්.ඇය ඈතින් පෙණෙනා කඳු වළල්ල දෙස නෙත් යොමා හිඳිනවා.මා බලා සිටින්නේ මා අසළින්ම පිහිටි විසල් වෘකෂය දෙසයි.එය මොන තරම් නම් ගාම්භීරව අතු පතර විහිදා නැගී සිටින්නේද?

මා එහි දර්ශනයෙන් මිදෙන්නේ තාන්යා ගේ සිහින් හඬිනි.

ඇය නගන්නේ සරළ ප්‍රශ්ණයකි.

"කරැණාකරළ මට කියනවද මම කොහෙන්ද ශිව පාර්වතීව සොයා ගන්නෙ"

මා සංසුන්ව ඇයට පිළිතුර ලබා දෙමි.

"දයාබර තාන්යා!මානව ඇදහීම ගස් ගල් වන්දනාවේ සිට සරළ මූර්ති දක්වා විකාශනය වනවා.ඒ කුඩා බිළිදෙකු අත දරාගත් මවකගේ රැවක් ළෙසින්.පසුව එය පුරැෂ දෙවියෙකු දක්වා වර්ධනය වෙමින් අද තිබෙනා සංකීර්ණ මුර්ති සහ සිතුවම් දක්වා වර්ධනය වෙනවා.බොහෝ විට මහපොළොව මත පියනඟා ගිය සුවිශේෂි චරිත මිනිසා දේවත්වයට ඔසවා තිබෙනවා.

ශිව පාර්වතී,රාධා ක්‍රිෂ්ණා,රාමා සීතා තව බොහෝ නම් සහ සිතුවම්"ඇය නිහඬව ඈත අවකාශය දෙස නෙත් යොමා ඉතා අවධානයෙන් අසා සිටිනවා.

කොහොමත් ඇය ඉතාම හොඳ සවන්දෙන්නියක් ඇගේ වෘතීය ජීවිතයත් සවන්දීමට සම්බන්ධයි.මා නැවතත් හඬ අවදිකරනවා.

"ඉතිං ඔබට ශිව පාර්වතිය සොයා ගන්නට නම් මේ සිතුවමෙන් බැහැර බලන්නට සිදු වේවි.ඔබට ඔවුන් ලෞකික ප්‍රේමයේ උච්චස්ථානය තුළත් දකින්නට හැකියි.

කළාවේ උපරිමය තුළත් දැකිය හැකියි.නමුත් පුර්ණ ළෙසින් නොවේ.

පූර්ණ දැක්මක් ලබන්නට නම් ඔබට ඔබේ ආධ්‍යාත්මික අවකාශයේ උස් මුඳුනට ප්‍රවේශ වන්නට සිදුවේවි.

එය සිදුවන්නේ කෙදිනකද අන්න එදිනට ශිවගේ සහ පාර්වතීයගේ සැබෑ නර්ථනය ඔබට දකින්නට හැකිවේවි.

දයාබර තාන්යා!

එහිදී ඔවුන් හිමකන්ද මත හිම කැටි සුදු පැහැති දූළි වලා වන තෙක් නර්ථනයේ යෙදෙන අපූරැව ඔබ දකීවි.
තවත් ඔබෙන් සැඟව නොයන ළෙස ඔබට ශිව පාර්වතිය එළිදරව් වේවි.

ඉතිං ඔබ ඔවුන්ව ඔබ තුළින් සොයා යන්න"ඇය තවමත් නිහඬව ඈත බලා සිටිනවා.

මද සිනහවක් ඇගේ දෙතොලතර නැගෙන්නේ ඇය යම් දැක්මකට ඇතුළු වී ඇති බැවිනි.

බැස යන හිරැ රන් පැහැති ආලෝකය වගුරමින් කඳු පන්තිය තුළ සැඟව යනවා.ඇගේ කොපුල් රන් පැහැයෙන් බබලන්නේ හිරැගේ රන් පැහැය උරා ගනිමින්.මඳ අඳුරත් සමඟම තරැ කැට එක දෙක මෝදු වෙමින් පවතිනවා.කුඩා පිණි කැට සෙමින් පතිත වන්නේ මද සුළඟක් පරිසරය පුරා හමා යන අතරය.ඇයගේ සමාධිය නොබිදිමින්ම මා අදුරේ සැගව යන විසල් ගස දෙස බළා හිඳිමි.

මදින් මද පියවෙන දෙනෙත ඇතුළාන්ත අවකාශයට මා ගෙන යයි.විවිධ ආළොක ධාරා නළල් තලය ආසන්නයෙන් ඇරඹෙමින් අවකාශයේ බොදව යති.ඒ අතරින් මතුව එන තාන්යාගේ පියකරැ මුහුණ ආලෝක වළලු අතර දියව යන දෙස බලා හිඳිමි.

ඇතුළාන්තයෙන් නැගී එන කම්පන සිහියෙන් විඳගනිමි.මේ අනවරත ගමන ගෙන යන්නේ මේ කම්පන තරංග බව දකිමි.

කෙදිනක හෝ මේ කම්පනය බිඳී අවසන් වන දිනය වන තෙක් ශිවගේ නර්ථනය දෙස බළා හිඳිමි.එය බිඳී නර්ථනය නිමා වූ පසු කුරැල්ලා කූඩුවෙන් නිදහස්ව ඉගිළ යනු ඇත.

විටෙක ශිව ළෙසිනුත් විටෙක පාර්වතිය ළෙසිනුත් පැමිණි නර්ථනයද අවසන්ව යනු ඇත.

27/01/2022
27/04/2021
27/04/2020

#කොරෝනා_වසංගතයෙන්_ආරක්ෂාවීමට පහසුවෙන් නිවසේම සාදාගත හැකි හෙළ ඖෂධයක් .....

හෙළ වෛද්‍ය ලක්ෂ්මන් ඇඹුල්දෙණිය මහතාගෙන්.....

අවශ්‍ය ද්‍රව්‍ය

කොත්තමල්ලි , කළුදුරැ, මහදුරු, සූදුරු, ගම්මිරිස්, වලගසාල් හා උළුහාල් සම පමණින් ගෙන කබලේ බැද කුඩු කරගන්න.

එයට වියළි ඉඟුරු කුඩු, හා කහ කුඩු සම පමණින් එක් කර හොඳින් කවලම් කරන්න.

(ඉඟුරු කුඩු නොමැති නම් භාවිතයට තම්බා ගන්නා අවස්ථාවේදී ඉඟුරු කැබැල්ලක් තලා එක්කර ගන්න. )

සාදාගත් බෙහෙත් මිශ්‍රණය බෝතලයක අසුරා තබාගන්නට පුළුවන්.

පාවිච්චි කරන ආකාරය

පාවිච්චි කිරීමේදී වියළි පිරිසිදු හැන්දක් පාවිච්චියට ගන්න. සාදාගත් කුඩු යෝගට් හැන්දකින් කාලක් පමණ එක් අයෙක් සදහා සෑහේ. උතුරන උණුවතුර කෝප්පයකට බෙහෙත් කුඩ එකතු කර තම්බා හෝ ලිප තබා තම්බා ගැනීමෙන් හෝ කැඳ වලට එක්කර හෝ පාවිච්චියට ගන්න පුළුවන්. ඕනෑම වයසක කෙනෙක් ට මෙය යෝග්‍ය වේ. කුඩා දරුවන්ට අවශ්‍ය නම් සීනි ස්වල්පයක් එක්කර පෙරා බීමට දිය හැකිය.

මෙම ඖෂධය සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ ආසාදනයට , ප්‍රතිශක්තීකරණය ට මෙන්ම ආහාර ජීරණයට ප්‍රත්‍යක්ෂ වේ.

වසංගත රෝගය පවතින කාල වලදී දිනපතා උදේ හවස බීමට යෝග්‍ය වේ.

අනෙක් කාල වලදි සතියට දින තුනක් බීමට ගැනීමට යෝග්‍ය වේ.

උපුටා ගැනීම.

https://www.ceyhelagate.org/medicines

වෛද්‍යතුමන් ගේ අවසරය පරිදි එතුමන් ගේ වෙබ් පිටුවෙනි.

https://youtu.be/1vplKKSH4KI

(කාගෙත් සුව සෙත සදහා ශෙයාර් කරන්න.)

Photos from මහා සිංහලේ's post 16/04/2020
13/03/2020

රිටිගල සුමේධ ගුරුන්වහන්සේ ගෙන් වසංගත ත්ත්වයෙන් ආරාක්ෂා වීමට උපදෙසක් ......

මහා වංශයේ කියවෙන හෙළ යක්ඛ නගර වන සිරීසවස්තුවත් - ලංකාපුරයත් මහාචාර්ය රාජ් සෝමදේව සොයාගනී? 02/03/2020

මහා වංශයේ කියවෙන හෙළ යක්ඛ නගර වන සිරීසවස්තුවත් - ලංකාපුරයත් මහාචාර්ය රාජ් සෝමදේව සොයාගනී? මහා වංශයේ විස්තර කරන විජය කතා පුවතේ පැමිනෙන හෙළ පුරාණ යක්ඛ නගර ද්විත්වයක් වන සිරීසවස්තුවත් - ලංකාපුරයත් මහාචාර්ය...

01/03/2020
17/02/2020
17/02/2020
08/02/2020
05/02/2020
Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy
Other Social Media Agencies in Kandy (show all)
ᴊᴇᴇᴡɪᴛʜᴇ ᴏғғɪᴄɪᴀʟ ᴊᴇᴇᴡɪᴛʜᴇ ᴏғғɪᴄɪᴀʟ
Kandy
Kandy

එන්න අපේ ජීවිතේ ගෲප් එකට

Caprix Digital Caprix Digital
Kandy

Your premier destination for web design, social media management and all things in digital marketing!

Token 091174 Token 091174
67 Godapala Gelioya
Kandy

DM Marketing ii DM Marketing ii
Kandy
Kandy

PSY Trance PSY Trance
Psy Trance
Kandy

ගොඩ යන්න නෙවේ ආතල් එකට කාගෙ හරි සතුටක් වෙනුවෙන් සතපහක් දෙයක් බලාපොරොත්තු නොවෙමි

Dulana deemantha Dulana deemantha
Kandy

my new page

Daham Asapuwa Daham Asapuwa
Peradeniya
Kandy

�උතුම් වූ ධර්ම දානය පිණිසයි���

PettahMalls Kandy PettahMalls Kandy
Kandy, 20000

Target is to online offline online businesses

Shenya senevirathne Shenya senevirathne
Kandy

�DREAMS DONT WORK UNLESS YOU DO��

Kandy Muslim Media - கண்டி முஸ்லிம் மீடியா Kandy Muslim Media - கண்டி முஸ்லிம் மீடியா
Kandy
Kandy

Share Your Best Ideas and Guidelines for the Community

Amtrix Amtrix
Kandy

We will create any kind of professional Ecommerce Website for you with special offers!

Suddhi's Hub Suddhi's Hub
Kandy
Kandy

Let's add something to knowledge every day......