Kandy unite
lets share love and peace with others ����
සංහිදියාව ...
" සංහිදියාව සමාජ මාධ්‍යතුල ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ සයමාසික ව්‍යාපෘතිය - 2021/22"
USAID SCORE සමඟ ජාතික තරුණ සේවා සභාවේ මහනුවර යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලන සහයෝගිතාවයෙන් අකුරණ මැදදුම්බර හා දිස්ත්‍රික් සම්මේලනය හරහා තෝරාගත් තරුණයන් 30 දෙනෙකු සමග පසුගිය නොවැම්බර් මස සිට අප්‍රේල් මස දක්වා,
- සමාජ මාධ්‍ය භාවිතය පිලිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු
- සංහිදියාව හා ජාතික ඒකාබද්ධතාවය පිලිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික සැසි
- ජායාරූපකරණය, වීඩියෝකරණය හා සමාජ මාධ්‍ය සඳහා වීඩියෝ නිර්මාණය කිරීම
- බැහැරගත නායකත්ව පුහුණු ඇතුලත් තරුණ සහභාගිත්ව සංවර්ධනය දිරිමත් කරන වැඩසටහන් රාශියක් සහිතව පැවැත්විණි.
එහි අවසන් අධියර ලෙස ඉලක්කගත තරුණ තරුණියන් 30 දෙනා සංහිදියාව පිලිබදව මෙම "ෆේස් බුක් පිටුවේ" පල කල අදහස් රැගැත් ප්‍රදර්ශණ මාලාවේ අවසන් ප්‍රදර්ශනය පසුගියදා (11) කැන්ඩි සිටි සෙන්ටර් (KCC ) පළමු මහලේදී පැවැත්විණි.
මේ අවස්ථාව සදහා,
- මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මැතිතුමා
- ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පලාත් අධ්‍යක්ෂ ශාන්ත අබේවික්‍රම මැතිතුමා
- ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සුචින්තන දිසානායක මැතිතුමා
- මැදදුම්බර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය
- ව්‍යාපෘති පහසුකාරක නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මහතා
- SCORE ව්‍යාපෘති කලාප කලමණාකාර චතුරිකා සෙනෙවිරත්න මහත්මිය
- USAID SCORE ව්‍යාපෘති දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලසන්ත විජේසිංහ මහතා
- ව්‍යාපෘති නිලධාරීන්
- දෙමාපියන්
- තරුණ තරුණියන් ද සහභාගී වීය.
උදෑසන 9.30 සිට පස්වරු 1 දක්වා නර්ථන, ගායන හා වර්තමාන තරුණයන්ගේ කාර්‍යභාරය පිලිබදව සංවාදමන්ඩපයක් ද මීට සමගාමීව ක්‍රියාත්මක විය.
වැඩසටහනට සම්බන්ධ වූ සහ පෝස්ට් පල කල තරුණ තරුණියන්
1- වැඩිම පෝස්ට් පල කල
2- වැඩිම මනාප හිමි කරගත්
ලෙස අංශ ද්විත්වයකින් ඇගයීමට ලක් කෙරිනි. ඒ අනුව
1- වැඩිම පෝස්ට් අංශයේ ,
ප්‍රථම ස්ථානය : අකුරණ හනා තරුණිය
දෙවනස්ථානය : මැදදුම්බර කාවින්දි තරුණිය
2- වැඩිම මනාප අංශයේ,
ප්‍රථම ස්ථානය : මැදදුම්බර තාරුණී තරුණිය
දෙවන ස්ථානය : අකුරණ ශිම්ලා තරුණිය
දිනා ගන්නා ලදි.
අනෙකුත් සහභාගිකයන්ට සහතික පත් හා සමරු තිලිණද,
ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහය වූ ජාතික තරුණ සේවා සභාවට, මැදදුම්බර හා අකුරන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වෙනුවෙන් හා ව්‍යාපෘතියේ වගකීම් දැරූ නිලධාරීන්ටද සමරු තිලිණ පිලිගැන්විය.
" සංහිදියාව බිද දමන වෛරී ප්‍රකාශ වෙනුවට සමාජ මාධ්‍ය තුල සංහිදියාව ගොඩනගන ආදරයත් සහෝදරත්වයත් පමණක්ම පල කරමු."
ආදරයේ අරගලය...
දැන් රට බංකොලොත් වී හමාරය
හීන බිඳී ගොස් සී සීකඩය
ඇතැමුන් තාමත් අන්දයින් සේය
ප්‍රශ්නය තමාගෙ නොවන තෙක් පිලිතුර දාර්ශනිකය
නමුත් තවත් වටිනා දෑ ඇත්තේය
සමගිය සංහිඳියාව එකමුතුකම ආදරය
තවමත් ඇත වර්ධනය වෙමින් මහා වෘක්ශයක් සේය
දිනනකන් ඉදිරියට යමු ආදරයෙ අරගලය....
Kavindi- Medadumbara
22nd May
#අරගලය
Shehan - Akurana
22nd May
#අරගලය
දැන් අපේ ලංකාව ආර්ථික මට්ටමෙන් පහල තත්වයට බැස්සට එකමුතුකමෙන් ඉහල තත්වයනුයි පවතින්නෙ.හැම ආගමික පූජකවරුන් හාමුදුරු වරු,මෞලවි වරු,ෆාදරි වරු එකට එක් වි ආහාර ගත් ඒ අපූරු දර්ශනය මෙ පහුගිය හජ්ජි අවුරුදු දවසේ අපිට දැක ගන්නට ලැබුනා.
ආගමික පූජකවරුන් කිහිප දෙනෙක් සත්‍ය හා සාධාරණය පිටුපස සිටියට එක්කෙනෙක් දෙන්නෙක් පමණ අසත්‍ය හා අසාධාරණය පිටුපස සිටිනවා. බුදු හාමුදුරුවෝ හා නබි තුමාණන් කියපු බණ ට පිටින් වෙන දෙයක් ලොකු හාමුදුරුවෝයි මෞලවිතුමාණන් ලා කියනවනම් එගොල්ලන්ට ලොකු වරප්‍රසාදයක් දෙන්න ඕනෙ නැහැ. බුදු හාමුදුරුවෝයි නබි තුමාණනුයි කිව්වෙ මෛත්‍රීයනම් මෙගොල්ලො වපුරන්නෙ වෛරයනම් අපි පිළිපදින්න ඕනෙ මෛත්‍රීයයි ඒක නැතුව වෛරය නොවෙයි.
Shimla - Akurana
22nd May
Shehan - Akurana
22nd May
දැන් අපේ ලංකාව ආර්ථික මට්ටමෙන් පහල තත්වයට බැස්සට එකමුතුකමෙන් ඉහල තත්වයනුයි පවතින්නෙ.හැම ආගමික පූජකවරුන් හාමුදුරු වරු,මෞලවි වරු,ෆාදරි වරු එකට එක් වි ආහාර ගත් ඒ අපූරු දර්ශනය මෙ පහුගිය හජ්ජි අවුරුදු දවසේ අපිට දැක ගන්නට ලැබුනා.
ආගමික පූජකවරුන් කිහිප දෙනෙක් සත්‍ය හා සාධාරණය පිටුපස සිටියට එක්කෙනෙක් දෙන්නෙක් පමණ අසත්‍ය හා අසාධාරණය පිටුපස සිටිනවා. බුදු හාමුදුරුවෝ හා නබි තුමාණන් කියපු බණ ට පිටින් වෙන දෙයක් ලොකු හාමුදුරුවෝයි මෞලවිතුමාණන් ලා කියනවනම් එගොල්ලන්ට ලොකු වරප්‍රසාදයක් දෙන්න ඕනෙ නැහැ. බුදු හාමුදුරුවෝයි නබි තුමාණනුයි කිව්වෙ මෛත්‍රීයනම් මෙගොල්ලො වපුරන්නෙ වෛරයනම් අපි පිළිපදින්න ඕනෙ මෛත්‍රීයයි ඒක නැතුව වෛරය නොවෙයි.
Shimla -Akurana
21st May
Shehan -Akurana
21st May
#අරගලය
අරගලය ආරම්භ කර අදට දින 43ක් වෙනවා.තරුණයන් මේ රජයට තමන්ගේ බලයයි තමන් වෙන වෙන ජාතීන් නෙවෙයි අපි හැමෝම එකම ජාතියක් කියා වචනයෙන් නෙවෙයි ක්‍රියාවෙන් ම පෙන්නලා දුන්නා. මුස්ලිම් කොල්ලෝ ආගම සිහි කරද්දි සිංහල කොල්ලො ආරක්ෂාව දුන්නා. ඒ හැම කොල්ලෙක් ම අහිංසක දුප්පත් කොල්ලෝ තමයි. හැබැයිදැන් හැම කෙනෙක්ම එකයි. දුප්පත් කොල්ලො පෝසත් කොල්ලෝ කියලා නෑ. පෙට්‍රල් ඕනිනම් හැමෝන පෝලිමේ ඉන්න තමයි ඕනි.
Shimla - Akurana
21st May
#අරගලය
ELLEPOLA 🌸
Experience sharing - Keshal from Amupitya @ Ellepola program
Entertaining ✌ Kavindi from Ellepola Event
Greeting Speech - Mr.Z.A.Hilurdeen ( DYSO- NYSC kandy )
Greeting speech
Experience sharing - Tharuni from Ellepola @ Ellepola program
Celebrating success of the Bulugohothenna event ✌
Click here to claim your Sponsored Listing.