Apex Aura

Apex Aura

Apexaura is dedicated to its mission of advocating the premium Sri Lankan herbal food supplements.

Photos from Apex Aura's post 20/05/2024

Scenic Oil

▪ප්‍රමාණයෙන් කුඩා වුවත් පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් ඉතා පොහොසත් වට්ටක්කා ඇට, මැග්නීසියම්, සින්ක් සහ ප්‍රතිඔක්සිකාරක වලින් සපිරුනු බීජ වර්ගයකි. හදවත සුරකින ආහාරයක් ලෙස තහවුරු වී ඇති වට්ටක්කා ඇට සාරයෙන් නිපදවන Apexaura Scenic Oil දිනපතා ආහාරයට එක්කර ගතහැකියි.

✺සෞඛ්‍ය ප්‍රතිලාභ

▪හෘදයාබාධ ඇතිවීමේ අවධානම අවම කරයි.
▪ඔමේගා 06 අඩංගු නිසා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
▪හෘදයාබාධ ඇති අයට දිනපතා ආහාරයට එක් කර ගැනීම යෝග්‍යයි.
▪ශාකමය සින්ක් අඩංගු නිසා කුඩා ළමුන්ගේ හිසකෙස්, අස්ථි හා මොළය වර්ධනයට උපකාරී වේ.
▪හිසකෙස් වල ගැල්වීමෙන් දීප්තිමත් හිසකෙස් කළඹක් ලබා දෙයි.
▪සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් කරයි.
▪ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වේ.

Whatsapp for orders 0741964844

16/05/2024

නොමිලේ පැවැත්වෙන සොබාවික ආයුර්වේද රූපලාවණ්‍ය එක් දින වැඩමුළුව,

ලස්සන කියන්න කෙනෙකුට ආභරණයක්,

අපේ රූපය ලස්සනට තියා ගන්න අපි බොහෝ දේවල් කරනව. හැබැයි ඒ බොහෝ දෙයක්ම කෙමිකල් සරලවම කිව්වොත් විස රසායනික.

අපිත් සොබාදහමේම සත්වයෙක් බව අමතක නොකරන්න. ඉතිං පරිසරය මොන තරම් වටිනා ශාකමය දේවල් අපිට දීලා තියෙනවද අපේ ලස්සන පවත්වා ගන්න.

ස්වභාවික ආයුර්වේද ශාකසාර නිෂ්පාදන තුළින් සරලවම ඔබට අවශ්‍ය පරිදි රූපලාවණ්‍ය කටයුතු පිළිබඳව සිදුකෙරෙන ප්‍රායෝගික රූපලාවණ්‍ය එක් දින වැඩමුළුවක් සූදානම් කර ඇත.

ස්ත්‍රී / පුරුෂ වයස් බේදයකින් තොරව මේ සදහා ඔබට සම්බන්ධ විය හැකිය.

ලංකාවෙ ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පිණියන් මෙහෙය වන මෙම වැඩමුළුව නොමිලේම පැවැත්වේ.

මේ සුවිශේෂී අවස්ථාවට ආදරණීය ඔබට ද ගෞරවයෙන් ආරාධනා කරමි.

දිනය - 2024 මැයි 18 සෙනසුරාදා
වේලාව - පෙ.ව. 8.00 සිට ප.ව.3.00 දක්වා
ස්ථානය - මාළබේ Apexaura ප්‍රධාන ආයතනයේ ප්‍රධාන ශාලාවේදී
(ඇතුල්වීමේ ගාස්තු 350/= ක් පමණක් අය කෙරේ)

දිවයිනේ සෑම පළාතකින්ම සම්බන්ධ වන අය අතරින් ඔබත් එක් අයෙක් වන්න

අදම ඔබගේ පැමිණීම තහවුරු කරන්න .
0716785245 - Sangeeth Perera

Photos from Apex Aura's post 16/05/2024

Garcenia Cambodia Weight Loss Supplement
Customer Feedback🙏♥️

16/05/2024

ඔබේ ආහාර ජීරණ පද්ධතිය පිරිසිදු ද??

අපිරිසිදු නම් අපිට Inbox පනිවිඩයක් යොමු කරන්න.අපි ඔබට උදව් කරන්නම්.

14/05/2024

බර අඩු කරගන්න
බඩ අඩු කරගන්න
ශරීරයේ අධික මේදය ඉවත් කරගන්න
කොලොස්ටරෝල් සම්පූර්ණයෙන්ම නැති කරගන්න

හොදම විසදුමයි මේ🙏🥰
Garcenia Cambodia Capsule (ගොරකා)
90 capsules available

For orders whatsapp 0741964844

12/05/2024

♥️🇱🇰

12/05/2024

APEXAURA අපි නිරෝගිමත් සමාජයක් ප්‍රතිනිර්මාණය වෙනුවෙන් ක්‍රියාපදයක🙏🇱🇰♥️

වැළලී ගිය අපේ රටේ ආහාර සංස්කෘතිය නැවත පණ නැංවීමට ඔබත් අප හා එක්වන්න🙏♥️

අප සමග එක් වී මෙසේ ඔබේ ගමටත්, නගරයටත් නීරෝගීකමේ පණිවිඩය රැගෙන යන ගමන් ඔබේම ව්‍යාපාරයක් අප ආයතනය හා සම්බන්ධ වී ආරම්භ කරන්න ඔබටත් දැන් අවස්ථාව ඇත.

වැඩි විස්තර සදහා අමතන්න
0716785245 - Sangeeth Perera

🌎 ゚

Photos from Apex Aura's post 18/04/2024

ඇපෙක්ස්අවුරා අපේ අවුරුදු 2024 🇱🇰♥️🥰

Photos from Travellogged's post 07/04/2024

අගය කල යුතුම ගෙවත්තක් 🥰♥️🇱🇰

Photos from Apex Aura's post 07/04/2024

Apex Aura අප ආයතනය හා අත්වැල් බැදගත් තවත් දිරිය කාන්තාවකගේ ව්‍යාපාරයට සාර්ථක ආරම්භයක් ලබාදීමට අපට හැකියාව ලැබුනා..

Aysha මහත්මිය ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා🙏♥️🥰🥰

ඔබත් මෙසේ වියදමකින් ,ආයෝජනයකින් තොරව අප ආයතනය හා එක් වී ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපිට කතාකරන්න 🇱🇰😍

0716785245 mobile
0741964844 whatsapp business

07/04/2024

හෙළ වෙදකමේ මහිමය ඉගිනි කෝපි සම්බන්ධයෙන් කරන ලද කතිකාවත ඔබ ඇසිය යුතුමයි🥰🙏♥️

07/04/2024

Champions 2014😍🇱🇰♥️♥️♥️

04/04/2024

සුදුලූණු වල මෙච්චර ගුණයක්😲😲😲

සුදුළුෑණු පෝෂ්‍ය පදාර්ථ රාශිකයකින් හෙබි ශාක
රාසයනිකයන් සහ තන්තු අඩුංගු අහාරයකි. එහිපොටෑසියම්, පොස්පරස් සින්ක් සහ සල්ෆර් බහුලව අඩංගු වන අතර මධ්‍යම ප්‍රමාණවලින් සෙලේනියම්, කැල්සියම්, මැග්නීසියම් ද මැංගනීස්, යකඩ, සහ සෝඩියම්, විටමින් A සහ C සහ B- කම්ප්ලෙක්ස් යන පෝෂණ සංඝටක ද අන්තර්ගතව ඇත.

☑️Apexaura Garlic Supplement භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

👉 ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි.
👉 රුධිර පීඩනය නියාමනය කිරීමේ හැකියාව ඇත.
👉 කොලෙස්ටරෝල් සංස්ලේෂණය නියාමනය කිරීමේ
හැකියාව ඇත.
👉 පිළිකා සෛලවලට එරෙහිව සටන් කරයි.
👉 ප්‍රතිජීවක ගුණ ඇත.
👉 ඇල්සයිමර් සහ ඩිමෙන්ශියාව වැළැක්වීමට උපකාරී වේ.
👉 ක්‍රීඩාවේ යෙදීමේදී දරාගැනීමේ ශක්තිය වැඩි කිරීමට
උපකාරී වේ.
👉 ඔබේ ශරීරයේ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.
👉රුධිර පරිවහනය පවත්වා ගැනීමට යොදාගත හැක.
👉 පිරිමි වඳභාවයෙන් මිදීමට උපකාරී වේ.
👉 ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි.
👉 ඔබේ අස්ථි සෞඛ්‍යය පවත්වා ගැනීමට යෝග්‍යයි.
👉හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
👉 ඉහළ පෝෂණ ගුණයෙන් යුක්තය.

🔸ආහාර අතිරේකය භාවිතා කරන ආකාරය
බෝතලයක අඩංගු ප්‍රමාණය කැප්සියුල් 90යි.
කැප්සූලයක සුදුළුෑණු කුඩු 400mg අන්තර්ගතය.
වරකට කැප්සියුල් 1ක් බැගින් දිනකට
කැප්සියුල් 3 ක් හෝ උපදෙස් අනුව ගන්න.

Apexaura Garlic Supplement ගෙදරටම ගෙන්වා ගන්න. (Delivery Free)

Whatsapp for Orders 0741964844

Photos from Apex Aura's post 03/04/2024

මෙදා පාර අවුරුද්දට නෑගම් යද්දි වෙනසක් කරමු ද ????????

නීරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් කියලා කරන ප්‍ර්‍රාර්ථනාව ඇත්තටම යථාර්ථයක් කරන්න ඇපෙක්ස්අවුරා නිෂ්පාදිත වලට හැකියාව තියෙනවා♥️

ඔන්න එහෙනම් මෙදාපාර නැගම් යද්දි අරන් යන්න
Herbal Gifts Packs 3ක් අපි හදුන්වලා දෙනවා🥰.

මේ නිෂ්පාදිත පිළිබද පූර්ණ අවබෝධයක් මගෙන් ලබාගෙන මේ අවුරුද්දේ වෙනසක් අරන් නෑගම් යමු🥰

For more details whatsapp 0741964844 /0716785245

20/03/2024

ඔයා තාම APEXAURA PRODUCTS TRY කලේ නැද්ද???

අනේ So SAD.........😢😢

ඔයත් Try කරලා බලන්න ..ම්ම්ම්ම්...ආස හිතෙයි🥰♥️💯💚

08/03/2024

Happy Women's Day to all the Hardworking Ladies😍♥️

04/03/2024

Congratulations Mrs.Madhuwanthi Ekanayake😍

පසුගිය සතියේ ඇයගේ සතියක ආදායම රු.ලක්ෂ 10 ඉක්මවූ බව සතුටින් දැනුම් දෙමු😍🥰

සිහින වෙනුවෙන් මහන්සි වී වැඩ කරන සියල්ලන්ම දිනනවාම යි.

04/03/2024

ජීවිතය දිනන්න වෙර දරන මිනිසුන්ගේ ඒ සොදුරු නවාතැන Apexaura 🙏♥️

Photos from Apex Aura's post 02/03/2024

සෑම ගෙදරකම සිටිය යුතු රිශිවරයා කියන්නේ මෙන්න මේ නිසයි මෙයාට♥️

ඔයාලම බලන්නකෝ මෙයාගේ වැඩ🥰

අපේ රටේ අපේ දේ🥰🇱🇰

20/02/2024

100%ක් දේශීය ආයතනයක් වන අපගේ ඇපෙක්ස් අවුරා ආයතනය හා සම්බන්ධ වී ගෙදර ඉදන් කොහොමද ආදායමක් ලබාගන්නේ කියලා දැනගන්න අවශ්‍ය අය අද මේ zoom එක miss කරගන්න එපා.

සතියකට අවම රු.10,000න් ආරම්භ වී තමන්ගේ උත්සාහය හා කැපවීම මත සතියකට උපරිම ලක්ශ 14ක් දක්වා ඉපැයිය හැකි ලෙස අපගේ මෙම ව්‍යාපාර අවස්ථාව පුළුල් කරලා තියෙනවා.

ඔබට මෙය කල හැකිද නොහැකි ද දැනගන්නත් ඔබ උත්සාහ කර බැලිය යුතුමයි.එසේ නොකරනතාක් කෙදිනකවත් කිසිම දෙයක් ඔබට හැකි ද නොහැකි ද යන්න දැනගත නොහැක.

අවශ්‍ය අය zoom link එක ඉල්ලන්න මට direct msg එකක් දාලා.නැතිනම් comment එකක් දාන්න ළමායි.

අවශ්‍ය කෙනෙකුට දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා🫶♥️

Whatsapp 0716785245 / 0741964844

Photos from Apex Aura's post 20/02/2024

Hair Oil එකක් කිව්වහම හැමෝටම මතක් වෙන්නේ කොණ්ඩේ නේද?
ඔව් ඔව් එහෙම තමා.

ඒත් මේ කියන්න යන්නේ ඊට ගොඩක් වෙනස් Oil එකක් ගැන.

ඒක කොණ්ඩේ සම්බන්ධ සියලුම ගැටලු වලට විතරක් නම් නෙමෙයි ඔයාට ඒක තුවාලයක් උනහම දාන්නත් පුළුවන් පැය 2ක් වගේ යද්දි තුවාලේ කැපුම හොද වෙනවා දකින්න පුළුවන් ඒ හම හා වෙනවා.

ඉතින් මේක හැම ගෙදරකම සිටිය යුතු රිශිවරයා කියලායි අපි නම් කියන්නේ.එයා තමා Rishi Oil😍..

මෙයාගෙන් Benefits තව ගොඩාක් තියෙයි.පහලින් දාලා තියෙන්නේ පාවිච්චි කරලා එයාලට ආපු Results ගැන feedbacks කිහිපයක් .ඒ ටිකත් බලලම ඉන්නකෝ.

මේක රු.890යි වෙන්නේ. අවශ්‍ය අය අපිට whatsapp msg එකක් දාන්න..

Photos from Apex Aura's post 20/02/2024

දින 30කින් සමට කිසිදු හානියක් නොමැතිව ස්වාභාවිකවම සමේ පැහැය වැඩි කරගන්න ඔයත් කැමතිද?

100%විශ්වාසයෙන් "Apex aura 🍃" Nature products වෙතින් නිෂ්පාදනය කරන ,

My turmeric මාසයක් වැනි කෙටිකාලයක් භාවිතා කර වෙනස ඔබම අත්විදින්න !

සමට රන්වන් (golden glow )එකක් ලබාගන්න අතීතයේ සිටම භාවිතා කරන කහ ශාකයේ curcumin සාරයෙන් නිපදවන Apex aura My turmeric භාවිතා කර,

🔸ස්වාභාවික
🔸දිගුලක් පවතින
🔸රන්වන්
🔸දිදුලන ,සමක් ඔබත් හිමිකරගන්න.

ISO-9001/ISO-22000/GMP සහතිකලත් සමාගමකි🍃

බෝතලයක අඩංගු ප්‍රමාණය_ කැප්සියුල් 90

Order කිරීමට inbox හෝ whatsapp 0741964844 පණිවිඩයක් යොමු කරන්න.

19/02/2024

Asela Gunarathna♥️🫶🇱🇰

Photos from Apex Aura's post 08/02/2024

මාළබේ පිහිටා ඇති අප ආයතනය හා සම්බන්ධ වී නිවසේ සිටම ආදායමක් ලබාගත හැකි වැඩපිළිවෙළක් අප විසින් සකසා ඇත.විස්තර අවශ්‍ය අය මා හට whatsapp msg එකක් දාන්න 0741964844.

21/01/2024

20/01/2024

ආයුබෝවන් 2024 ♥️🇱🇰
Apexaura♥️
Srilankan Food Culture to the World🇱🇰♥️🌎

27/12/2023

Dialog sim තියෙන අය, little heart අරමුදලට
star points ටික දෙමු. අවුරුද්ද ඉවර වෙද්දි star points ඉවර වෙනව ❤️
#141*6*4 #

09/11/2023

90% දෙනා මේක කියවන්නේ නැ.. ඔට්ටුයි.
හැබැයි පිලිකා වාට්ටුව ගැන දාන ඒවා නම් හොටු පෙරාගෙන් කියවල ශෙයා කරනවා. මේ මහ පොළවේ මැජිකල් දේවල් හැදෙනවා.. අපි දන්නේ නෑ හරියට.

මෙන්න මේ පැලේ දැකල ඇතිනේ, අපෝ, දැක්ක තැන ගලවල විසි කරනවා. ආයේ පැළවෙයි කියල පුච්චලත් දානවනේ? ඔහෙලා දන්නවද ඔය පැලේ ගුණ කොයිතරම්ද කියල? නෑනේ? ඔන්න එහෙනම් දැනගන්න මිත්‍රවරුණි. මේකට ඉංග්‍රිසියෙන් කියන්නේ Gooes Grass කියල, සිංහලෙන් නම් බැල තණ, සාමාන්‍ය මිනිස්සුන්ට වල් තණකොළ තමා 🥴
මේකට පුලුවන් පහලින් මම ලියන රෝග ටිකට කොරවෙන්න උත්තර දෙන්න.

පිලිකාව: මේකේ තියන AntiOxidant properties නිසා ඕනෑම ආකාරයක පිලිකා සයිල වලට දුවන්න පහර දෙන්න පුලුවන්.

ගර්භාශයේ ගෙඩි සහ තුවාල: මේකේ තියන පට්ට Antiinflamatory ගුණය නිසා කාන්තාවොන්ගේ reproductive system එකේ ප්‍රශ්ණ වලට මේ බැලතණකොල හොද උත්තරයක් කියල සැලෙකෙනවා.

වකුගඩු ආබාධ: මේ පොඩි පැලේට පුලුවන්ලු ශරීරයේ වතුර ප්‍රමාණය රදවගෙන අනවශ්‍ය ලුණු හෝ බැර ලෝහ මුත්‍රා හරහා ඉක්මනින්ම ශරීරයෙන් පිට කරන්න.

දියවැඩියාව: මේක අතීතයේදී දියවැඩියාව තියන අයට තේ වගේ වක්කරල බොන්න දීල තියෙනවා මේකේ Anti Diabetic properties තියන නිසා.

ලේගැලීම් සහ තුවාල: මේක නම් හැමෝම වගේ දන්නවානේ, ඉස්සර සෙල්ලම් කරනකොට ඇදගෙන වැටිල අතපය පතුරු ගියාම කරන්නේ මෙයින් ටිකක් හපල තියන එක. මේ පැලේ තියන සුපිරි හැකියාව ඇස් පනාපිට හුගක් අය දැකල ඇති.

පරපෝශකයින්ට: මනුස්සයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම සතෙක්ගේ ඇග ඇතුලේ ජීවත්වෙන් පරපෝශිත සත්තුන්ව විනාඩි ගානක් ඇතුලත හාන්සි කරන්න මේකට පුලුවන්, දැකල ඇතිනේ බල්ලෝ පූසෝ මේවා කාල ටික වෙලාවකින් වමනේ කරනවා.
අන්න ඒ ඒකට තමයි.

නියුමෝනියාව: මේක දවසට දෙපාරක් දවස් 5 ක් බිවුවාම ලෙඩාට නියුමෝනියාව හැදුනද කියල හොයාගන්න බැරිවෙන්න හොද වෙනවා.

අධිරුධිර පීඩනය: මේ පැල අමුවෙන් තම්බලා ආහාරයට ගන්න පුලුවන්නම් කොලෙස්ටරෝල් කම්බස්.

උණ: ඉස්සර අපේ ගම්වල මිනිස්සු මේක උණ රෝගීන්ට ඉස්ම විදිහට මීපැණි එක්ක කලවම් කරල දීල තියනවා උණ බහින්න.

කෙන්ඩ පෙරලුනාම: මේ පැලේ තලල තෙත ගතියට පෙරළුන තැන තිබ්බාම විනාඩි10-15 හොද වෙනවා කියනවා.

කොහොමද ? කොරනේ?

මේ ලෝකේ බෙහෙතක් නොවන කිසි ශාකයක් නැත කියල කතාවක් තියනවානේ?
ඔය කතාව ආවා කියල කියන්නේ , පුලස්ථි සෘශිවරයා රාවණ කුමාරයා කාලේ සියළු වෙදකම් උගන්වල කැලේට ගිහින් බෙහෙතක් නොවන ශාඛ කොටසක් අරන් එන්න කිවුවාලු, රාවණත් කැලේට රිංගල එලෝ මෙලෝ නැතුව ඇදිරි වැටෙනකම් හොයල හොයල හොයාගන්න බැරුව ආපහු ඇවිත් අනේ අංකල්, මට මුකුත් හොයාගන්න බැරිවුනානේ, ගස් වැල් ඔක්කෝම බෙහෙත් කියල කිවුවාම තමයිලු පොර ටෙස්ට් එකෙන් පාස් වෙලා තියෙන්නේ.

මම නම් රාවණා කියල කෙනෙක්ව පිලිගන්නේ නෑ, ඒත් ඔය කතාව ප්‍රභණ්ධයක් වුනත් කොහෙන් හරි පත්තුවෙලා ආපු ඒ සීන් එක නම් ඇත්ත.

බොරුවට අපි ලංකාවේ, අපි බෞද්ධ ,අරකයි මේකයි කියල පපුවට ගහගන්න ජෝකර්ලා නොවී අපි වගේ ජන්දේ නොදාන නිරාගමික උනුත් ඉගෙනගන්න මේ රටේ තියන පාරම්පරික සාස්තර ගැන ඉඩ තියන වෙලාවට නිකමට වගේ කියවල ඉගෙනගනිම් ඈ..

මම වෙදෙක් නෙවෙයි, ඒ වගේම මේවා මෙඩිකල් ඇඩ්වයිස් නෙවෙයි හොදේ.

මේ පැලේ ගැන පිටරට පේජ් එකක ලියල තිබුනා දැකල මටම ලැජ්ජ හිතිලා මේක ගැන හෑල්ලක් ලියන්න හිතුනේ.


මම,
ධමීෂ කරුණාරත්න 🤘

03/11/2023

ඔබ දැන සිටියාද අප්‍රිකාවේ මන්දපෝෂණය තුරන් වී යෑමට හේතුව?

අප්‍රිකානු මහද්වීපයේ විශාල වනස්පතීන් ලෙස වැඩෙන මෙම ශාකයේ ගුණ ඔවුන් හදුනාගනු ලබන්නේ වසර 2000න් මෙපිට ගෙවුනු දශක දෙකකට ආසන්න කාලය තුලයි.කොටින්ම ඔවුන් තුන් වේලට ම කෑවෙ මේවයේ කොල,පොතු,මල්,කරල්, ඇත්තටම එය ඔවුන්ගේ සියලු පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර අද වනවිට මන්දපෝෂණය ජයගෙන ඇත්තේ මේ "ජීවයේ ශාකය" ලෙස විරුදය ලත් අප නම් ගණනකට වත් ගන්නේ නැති "මුරංගා" වලට පින් සිදුවන්නට බව ඔබ දන්නාවද?
දුෂ්කර පාසල් වල සිසු දරුවන්ට දිනපතා ලබාදෙන කෑමවේලට අනිවාර්ය අංගයක් ලෙස මුරුංගා කොල නිර්දේශ කර තිබෙන්නේ මේ නිසයි. මෙහි ගුණ හදුනන යුරෝපීයන් මුරුංගා කොල වියලා කුඩු ලෙස සකසා ඔවුන්ගේ කෑම වලට පාන වලට යොදනවා.

පහතින් පලවන්නෙ සිළුමිණ පුවත්පත් ලිපියක්:-

මුරුංගා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්විය හැකිය. මන්ද මුරුංගා එපමණට ම පෝෂ්‍යදායි ආහාරයක් වන නිසාය. කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව තහවුරු වී ඇත.

මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% - 30% අතර ප්‍රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆි‍ෙනාලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.

එබැවින් මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළය. අනෙක් වැදගත් කාරණය වනුයේ ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide Dismutese) ග්ලුටතයෝන් පෙරොක්සිඩේස් (Glutathione Peroxydase) ග්ලුටතයෝන් රිඩක්ටේස් (Glutathione Reductase) සහ කැටලෙස් (Catalase) සක්‍රිය කිරීමේ හැකියාව මුරුංගා සතු වීමයි. මේ නිසා මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි වේ.

මුරුංගාවල ඇති ගුණ:-

* පිළිකා නාශක ගුණ ඉතා ඉහළ ය. විශේෂයෙන් මුරුංගා මොළයට විසරණය වන නිසා මොළයේ පිළිකා මර්දනයට ඇත.

* බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාව ඇත.

* හෘදය වස්තුව ආරක්ෂා කරයි.

* කොලෙස්ටරෝල් පාලනය කරයි.

* උණ අඩු කරයි.

* තුවාල සනීප කරයි.

* වලිප්පුව වළක්වයි.

* අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.

* මව්කිරි ස්‍රාවය වර්ධනය කිරීමේ හැකියාවක් ඇත.

* විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.

* මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩිය.

* මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව ඇත.

* ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව පවතී.

* මුරුංගා කොළ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට මනා ඖෂධයකි.

* මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව ඇත.

* මුරුංගාවල අඩංගු යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කරයි.

* මුරුංගා ඇටවල ටෝකොෆෙරෝල් වර්ග 3 ක්, එනම් විටමින් E ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් E වලින් ලැබෙන ගුණ ඉහළින් ම ලැබෙනු ඇත.

* මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්වය වළක්වයි.

* මුරුංගාවල ඇති ඩයියුරසිස් ගුණය නිසා වකුගඩු ආරක්ෂා වේ.

* මුරුංගා පොතුවල ඇස් සුව කිරීමේ සහ ස්නායු දුර්වලතා වැළැක්වීමේ ගුණ ඇත.

මුරුංගා කරල් ග්‍රෑම් 100ක පෝෂණය:-

* කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7

* ප්‍රෝටීන් ග්‍රෑම් 2.5

* විටමින් A මයික්‍රොග්‍රෑම් 1100

* විටමින් B1, මිලිග්‍රෑම් 0.05

* B2 මිලිග්‍රෑම් 0.06, B3 - 0.2

* විටමින් C මිලිග්‍රෑම් 120

* කැල්සියම් මිලිග්‍රෑම් 30

* මැග්නීසියම් මිලිග්‍රෑම් 24

* පොටෑසියම් මිලිග්‍රෑම් 259

* යකඩ මිලිග්‍රෑම් 5.3

මුරුංගා අමු පත්‍ර ග්‍රෑම් 100ක පෝෂණය:-

* කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13

* ප්‍රෝටීන් ග්‍රෑම් 6.7

* විටමින් A මයික්‍රොග්‍රෑම් 6800

* විටමින් C මිලිග්‍රෑම් 220

* විටමින් B 1 මිලිග්‍රෑම් 0.06

* විටමින් B2 මිලි ග්‍රෑම් 0.05

* විටමින් B3 මිලිග්‍රෑම් 0.8

* කැල්සිම් මිලිග්‍රෑම් 440

* මැග්නීසියම් මිලිග්‍රෑම් 24

* පොටෑසියම් මිලිග්‍රෑම් 259

* යකඩ මිලිග්‍රෑම් 7

* විටමින් E මිලිග්‍රෑම් 448

මුරුංගා වියළි පත්‍ර පවුඩර් ග්‍රෑම් 100ක පෝෂණය:-

* කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38

* විටමින් C මිලිග්‍රෑම් 17.3

* ප්‍රෝටීන් ග්‍රෑම් 27

* කැල්සියම් මිලිග්‍රෑම් 2003

* විටමින් A මයි‍ක්‍රොග්‍රෑම් 16,000

* මැග්නීසියම් මිලිග්‍රෑම් 368

* විටමින් B1 මිලිග්‍රෑම් 2.6

* B2 මිලිග්‍රෑම් 20

* B3 මිලිග්‍රෑම් 8.2

* පොටෑසියම් මිලිග්‍රෑම් 1324

* යකඩ මිලිග්‍රෑම් 28

* විටමින් E මිලිග්‍රෑම් 113

මුරුංගාවල අඩංගු විටමින් C ප්‍රමාණය දොඩම්වල මෙන් 4 - 5 ගුණයකි. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණකි. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වල මෙන් 3 ගුණයකි. යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන් 2 - 3 ගුණයකට වඩා ඉහළය.

මේ අනුව මුරුංග‍ා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමකින් යුතු එළවළුවක් ලෙස නම් කළ හැකිය. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් මෙකී ගුණ නොඅඩුව ලබාගත හැකිය. සාමාන්‍යයෙන් ඉස්සන් කකුළුවන් පිස ගැනීමේදී මුරුංගා කොළ ඊට එක් කිරීම ගෘහණියන්ගේ සිරිතකි.

ඊට හේතුව, ආහාරවල විෂ ඉවත් කිරීමේ හැකියාව මුරුංගා කොළ සතු වීමයි. මුරුංගා කොළ, කරල් පමණක් නොව ගසේ පොතු ද ඖෂධීය ගුණයෙන් ඉහළය. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුරුංගා පොතු යොදා ගන්නේ එබැවිනි. මුරුංගා පත්‍ර වියළවා කුඩු කර පාවිච්චියට ගැනීම අපේ රටේ දක්නට නොලැබුණ ද ඉන්දියාවේ මුරුංගා කොළ පිටි කර පාවිච්චියට ගනු ලැබේ.

ආහාරවල සියලුම ගුණ මෙන් ම ඖෂධීය ගුණ අඩංගු මුරුංගා කොළ සොබා දහමේ අපූරුතම නිර්මාණයක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.



වැලිසර ළය රෝහලේ වෛද්‍ය,

-නිරෝෂ් සමරවික්‍රම-

Copied

Photos from Apex Aura's post 29/10/2023

වකුගඩු රෝගයට ගුණ දෙන “ඉගිනි” ගැන ඔබ අසා තිබෙනවාද?

මේ ගස් වැල්, සතා සිවුපාවා, ඇළ දොල, ගංගා යන සියල්ලේම අයිතිකරුවා වන්නේ සොබාදහමයි. මිනිසාටත්, අන් ජීවීන් සියල්ලන්ටමත් අවශ්‍ය වන සියලුම දේ සොබාදහම විසින් ලබාදී ඇති බවට කිසිදු සැකයක් නැත. මේ පරිසරය තුළ බොහෝමයක් ශාක ඇති නමුත් ඒවායෙන් ඔබ දන්නා ශාක ඇත්තේ ඉතාම අල්පයකි. මෙම ශාක වල ඇති ගුණාත්මක බව පිලිබඳව අප බොහෝ දෙනෙකු නොදන්නා තරම්ය. ශ්‍රී ලංකාව වූ කලී එවන් වටිනා ශාක බොහෝමයකට උරුමකම් කියන පින්වත් දේශයකි. මෙම ලිපිය දිග හැරෙන්නේ එවන් අපූරූ ශාකයක් පිලිබදවයි.

මොනවද මේ ඉගිනි?

“ඉගිනි” යන ශාකය සහ එහි ගුණාත්මක බව පිලිබදව කරුණු දන්නා සහ නොදන්නා සියලුම දෙනා වෙනුවෙන් මෙම විස්තර උපකාරී වනු ඇත. ඉගිනි යනු ඉතා උසට වැඩෙන ශාකයකි. මෙම ශාකය හදුන්වන තවත් නමක් වන්නේ, “නිර්මලී” යන්නයි. ඉගිනි වලින් සාදාගත් පානයන් තුළින් අපේ මුතුන් මිත්තන් බොහෝ වාසි ලබාගත්තෝය. ඉපැරැණි වැව් වටා මෙම ශාක වැවීම තුලින් වැව් ජලය පිරිසිදු කිරිම ස්වාභාවිකවම සිදු විය. නිර්මලී ලෙස මෙම ශාකය හදුන්වනු ලබන්නේ ද ඒ නිසාවෙනි. වර්තමානයේ රජරට ප්‍රදේශය ආශ්‍රිතව බොහෝමයක් ජනයා අතර පවතින අති විශාල සෞඛ්‍ය ගැටලුවක් ලෙස වකුගඩු රෝගය ගත හැකිය. ජලයේ ඇති බැර ලෝහ මීට ප්‍රධාන හේතුවක් වේ. ඉගිනි ශාකයට මෙවැනි බැර ලෝහ සමග බන්ධන සාදා ගැනීමට හැකියාවක් තිබෙන අතර එනිසාවෙන් ස්වාභාවිකව ජලය පිරිසිදු කිරීමේ විශේෂ හැකියාවක් මෙම ඉගිනි ශාකයේ ඇට වලට තිබේ. තවත් බොහෝමයක් වටිනාකම් සහිත දිව්‍යමය ශාකයක් ලෙස මෙම ඉගිනි ගස දැක්විය හැකිය.

විල්පත්තුවටත් අහිමි වන ඉගිනි

බොහෝ දෙනෙක් මෙම ශාකය ගැන නොදැන සිටීමට හේතුව වන්නේ ඉගිනි ශාකය බොහෝමයක් පෙදෙස් වලින් වද වී යාමට ලක් වී තිබීමයි. වර්තමානය වන විට විල්පත්තුවෙන් ද මෙම ශාකය අහිමිවෙමින් පවතියි. ඉගිනි ශාකය සාමාන්‍යයෙන් මීටර් 5-15 ත් අතර උසට වැඩෙන දේශීය ශාකයක් වන අතර එය බහුවාර්ෂික ශාකයකි. මෙම ගසේ පොත්ත රලු ස්වාභාවයක් ගන්නා අතර ඉරිතැලී ගිය බවක් පෙන්නුම් කරයි. මෙම ශාකයේ පත්‍ර දිගැටි වන අතර දිලිසෙන සුලු වේ. ඉගිනි ශාකයේ මල් සුදු පැහැයක් ගන්නා අතර ඉතාම සුගන්ධවත් වේ. මෙහි වූ කුඩා ගෙඩි ඉදුණු පසුව ලා කහ පැහැයක් ගනියි. ඉගිනි අයත් වන්නේ Loganiacea පවුලටය. මෙහි විද්‍යාත්මක නම වන්නේ Strychonus potatorum ය. මෙම ශාකයෙන් ලබාගන්නා මුල්,පොතු, ගෙඩි ආදී සෑම කොටසකම ඉතා සුවිශේෂී ගුණයන් රාශියක් අඩංගු වේ.

වකුගඩු රෝග සමනය කිරීමට හැකියාව ඇති ඉගිනි

දිනෙන් දින ශ්‍රී ලංකාව තුළ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව ඉහල යන බව අප සැවොම දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙම රෝගය සදහා මුහුණ පෑමට සිදුව තිබෙන්නේ රජරට කලාපයේ අහිංසක ජනතාවට වීම තවත් කනගාටුදායක කරුණකි. මෙම රෝගී තත්වය පිලිබඳව බොහෝ පිරිස් පර්යේෂණ සිදු කොට ඇති අතර ඒ බොහෝමයකින් සනාථ වී තිබෙන ආකාරයට මෙම රෝගයට හේතුව ලෙස එම ප්‍රදේශ වල භූගත ජලයට එකතු වී ඇති බැර ලෝහ දක්වා තිබේ. ගොවිතැන් කටයුතු සඳහා අධික ලෙස රසායනික පොහොර වර්ග සහ කෘමිනාශක භාවිතය මෙම ගැටලුවට ප්‍රධාන ලෙස බලපා ඇත.

අතීතයේ විසූ ජනයා තුළ විද්‍යාත්මක් දැනුමක් නොතිබුනු නමුත් විශ්වය සමග ඔවුනට ඉතා විශාල සබදතාවක් තිබූ බව නම් සැබෑය. මෙම සම්බන්ධයත් සමග ඔවුන්ට එදිනෙදා මුහුණ පෑමට සිදුවන විවිධ ගැටලු සදහා ප්‍රත්‍යක්ෂ, ස්වාභාවික ප්‍රතිකර්ම තිබුනි. ඔවුහු ජලය පිරිපහදු කිරීම සඳහා ඉගිනි ඇට යොදාගත්තෝය. ඉගිනි ඇට ජල ප්‍රභව වලට දැමූ විට මඩ ගතිය නැති වී ජලය පිරිසිදු වන බව ඔවුන් අත්දැකීමෙන් දැනගත්තේය. මෙයට හේතුව වන්නේ ඉගිනි ශාකයේ ඇට වල ඇති ආම්ලික බවයි. අතිතයෙ ළිං පිරිසිදු කිරිමේදී ඉගිනි ඇට කීපයක් ලිදට දැමීමෙන් අපේක්ෂා කලේ එලෙසින් ජලය පිරීසිදු කර ගැනිමයි. වර්තමානයටත් මෙම පිරිපහදු ක්‍රමය ඉතා හොදින් ගැලපෙන්නේ ය. භූගත ජලයේ තිබෙන බැර ලෝහ සමග ඉගිනි ඇට වලට බැදීමට හැකියාවක් තිබෙන නිසා මෙම වකුගඩු රෝගය වලක්වා ගැනීමට ඉගිනි ඇට පොට්ටනි එම පළාත්වල ළිං වලට දැමීම කළ හැකිය. මෙම ක්‍රියාවලිය දියුණු කිරීම මගින් වකුගඩු රෝගයට සම්පුර්ණයෙන්ම පාහේ තිත තැබිය හැකිය.

ඉගිනි පානය සහ ඉගිනි බෙහෙත් කරල් දැන් ඔබට මිලදී ගත හැකියි

මේ තරම් වටිනාකමක් සහිත ඉගිනි පානය වර්තමානය වන විට පිටි කිරි වෙනුවට භාවිත කල හැකි බව ඔබට දැන් වැටහෙනු ඇත. මෙම පානය කිරි වර්ගයක් ලෙසින් ඔබටත් දැන් භාවිත කිර්රිමට පුලුවන. මේ වන විට වෙළදපොලේ මෙම ඉගිනි කිරි පානය පහසු මිලට ලබගැනීමට ඔබට අවකාශය පවතියි. ඔබත් මෙවැනි පානයන් එදිනෙදා ජීවිතයට එකතුකොට ඔබේත් දරුවන්ගේත් සෞඛ්‍ය නංවාගැනීමට කටයුතු කරන්න.

ඉගිනි බෙහෙත් කරල් (capsule) ද මේ වන විට වෙලදපොලේ පහසු මිලට තිබෙන අතර ඔබට ගුණයෙන් ඉහල තත්වයෙන් උසස්, දේශීය ඉගිනි කරල් වෙළදපලෙන් මිලදී ගත හැකිය.

වටිනාකම මිල කළ නොහැකි ඉගිනි රැකගමු

තව ද, ඉගිනි ගසෙන් ලබාගන්නා බීජ වල ඇති පොලිසැකරයිඩ් නම් සංයෝගය හේතුවෙන් එයට ඇලෙන සුලු ස්වභාවයයක් ලැබේ. මේ නිසාවෙන් මෙම බීජ, කඩදාසි සහ පේෂ කර්මාන්තයට ද යොදාගැනේ. මෙරට තුළ දේශීය වශයෙන් කඩදාසි සහ රෙදිපිළි කර්මාන්ත දියුණු කරගැනීමට මෙම ශාකය යොදාගත හැකිය. තවත් බොහෝමයක් ප්‍රයෝජන සහ සෞඛ්‍ය ගුණයන් සහිත මෙම ඉගිනි ශාකය රැකගැනීම සියලුම දෙනාගේ වගකීමකි.

Want your business to be the top-listed Health & Beauty Business in Malabe?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

ඔබේ ආහාරජීර්ණ පද්ධතිය පිරිසිදුද?
ඔබේ ආහාර ජීරණ පද්ධතිය පිරිසිදු ද??අපිරිසිදු නම් අපිට Inbox පනිවිඩයක් යොමු කරන්න.අපි ඔබට උදව් කරන්නම්.#apexaura
APEXAURA අපි නිරෝගිමත් සමාජයක් ප්‍රතිනිර්මාණය වෙනුවෙන් ක්‍රියාපදයක🙏🇱🇰♥️වැළලී ගිය අපේ රටේ ආහාර සංස්කෘතිය නැවත පණ නැංවීමට ...
හෙළ වෙදකමේ මහිමය ඉගිනි කෝපි සම්බන්ධයෙන් කරන ලද කතිකාවත ඔබ ඇසිය යුතුමයි🥰🙏♥️#Apexaura #inginee #ceylon #wellness #gastriti...
ජීවිතය දිනන්න වෙර දරන මිනිසුන්ගේ ඒ සොදුරු නවාතැන Apexaura 🙏♥️#Apexaura #Passiveincome
රිශී Oil තියෙනකන් කොණ්ඩේ සම්බන්ධ ප්‍රශ්න වලටනම් බය වෙන්න ඕනි නැහැ💯♥️🥰
සුදුලූණු බොමු ද??#garlic #dietarysupplement #apexaura
We are Apexaura🇱🇰♥️අපේ රටට ඩොලර් ගේන අපේම ආයතනය 🇱🇰අප හා සම්බන්ධ වී ඔබත් නිවසේ සිටම ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපිත් එක...
🥀Symplo Oil Apexaura                                                 💮ඔබත් හන්දි ප්‍රදාහය ( ආතරයිටීස් ) රෝගයෙන් පීඩා විද...
One of our customer's  feedback 😍#Apexaura #ontherasoap #feedback
❤️Apexaura My Turmeric Capsule❤️❤️බොහෝ දෙනෙක් සුදු වෙන්න හිතාගෙන කෘත්‍රිම බ්ලීචින් ක්‍රීම් වර්ග වගේම විවිධ ඖෂධ වර්ග භාවි...

Telephone

Address

Apexaura Pvt Ltd
Malabe
10730