Tharuwi

Tharuwi

ජීවිතයක් ජීවත් කරවන
ඒ සොඳුරු හැඟුම නම්
ආදරයි....

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....

16/07/2023

නොලැබෙනා බව දැන දැනම
හිත පුරෝගෙන හිස්තැනක් නොමැතිවම
ඉපදෙනා ප්‍රේමයේ අවසන් හුස්ම වැටෙන තුරාවට
අයිතිකර ගන්නට නොහැකි දුරක
නුඹ ඉන්න බව පිලිගන්න
කැමති නෑ ප්‍රේමිය දඩබ්බර මගේ හිත

"නුඹ නිසාම ඉපිද දසත සරසවන
හිනහෙන්නේ හංගා කඳුලු දුක්බර
නුඹ නිසාම දුර්වර්ණව මිය යන
මගේ හිතේ උපන් උත්තරීර ⁣
ප්‍රේමයේ
තිබිය හැකිද හිඬසක්"

අසන හඬ ඇසුනා දවසක් මට
ඉරට කොඳුරා හඬාවැටෙමින්
සූරියකාන්ත මලක්....🌻🥺

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

16/06/2023

ගෙවා කර්කෂ ඉඩෝර අපමණ
පිය නගන්නේ වසන්තය සොයාගෙන
දෑතේ පැටලුනේ තනිව යන්නට නොව
උඹත් හයියක් කරගෙනම යන්නට
ගෙවා අවසන් නොවේ ඉඩෝරය
තවත් එනවා සත්තයි නොසිතන ලෙස
දරාගෙන ආදරයේ අමාරුම දවස් එකින් එක
ආදරෙයි කියන්නම් බරවෙලා පපුවට....

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

22/04/2023

ඔයා දන්නවද ආදරේ කියන්නේ හරී අමූතූ මායාවක්
අපි හිතන්නෙවත් නැති තැනකට අපිව ගෙනියනවා
මට මතකයි මම ලස්සන ප්‍රේමවනතියක් කරා
දන්නවද ඒ ආදරේට මම තාම ලෝභයි ඔයට හිතාගන්නවත් බැරි තරමටම
ඒ ආදරේම අද මම නන්නාදුන යාළුවෙක් කරලා
ඒත් ලමයෝ ඔයාට හිතාගන්න බැර වෙයි ඒ ආදරේටත් මම හරි ආසයි.. ඇයිද දන්නවද යාළුවෙක් විදිහට හරි ඔයා ඉන්නෙ මම ලඟනේ
දවසක අපිට ලස්සන ආදරේක, ලස්සන යාළුකමක මතක පොදියක් එකතු කරගෙන වෙන් වෙන්න පුළුවන්...
ආයෙම අහම්බෙන හම්බුන දවසක අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි... ගෙවිලා යන අතීතේට අපි ගොඩක් ආදරේ කරමු ලමයෝ....
අපි එකට හිනාවෙලා ඒ අමාරු අතීතේ දරාගමු....
ඒ තමයි අරුම පුදුම ආදරේ අපිට දුන්න තෑග්ග කියලා හිතමු මගේ ලමයෝ...

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/04/2023

බලාගෙන ඉන්න වරුවක් හිතයි ඔය ඇස් දෙක
ඒත් නෑ අවසරක් දන්නවා හොඳටම
මක් කරන්නද අකීකරු සිතක් මට තිබුනට
කැමතිම නැති දේ වුනේ පිලිගන්න ඒ බව
ඒත් කම් නැත ඉවසුවා මම තදකරන් මගේ හදවත
මටම උරුම වේ යැයි කියා ඔය ඇස්දෙක
බලාපොරොත්තුවක්ම වු හැටිත් අරුමයකි මට
තනිව කරනා ආලයත් හරි අමුතු යැයි හැඟුනේ මට
ලොවට සඟවා බලාහිද හිනවුන තැන

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

Photo-https://pin.it/5Ehr5Xo

13/04/2023

කිසිත් නොසිතා ගත්ත තීරණ
මැරුව බව දන්නෙ නෑ උඹ
මගේ ආත්මයම
කරාදැයි ආදරය මහමෙර තරමටම
සැකයි මට උඹ ගැන
ඉන්න විට අමතක කර නිහඬවම...
කම්නැත මැණික උඹ
දිනපම් ලෝකයම දවසක
මම දුරින් බලාගෙ හිද
අත්පුඩි ගහන්නම් උඹට හොරහිම...

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️
Photo- https://pin.it/5EyIfhU

09/04/2023

මැරෙන්නම හිතුනත් නෑ මැරෙන්නෙ නෑ
⁣කියලා හිත තද කරගන්න තරම්
සමීප මනුස්සයෙක් ඉන්නවනම් ඒ කෙනා තරම්
කවුරුත් වාසනාවන්ත නෑ මේ ලෝකේ....
පුළුවන් හැම වෙලාවේම තමන්ගේ ආදරනීයන්ට
උපරිම ආදරය කරන්න, ලෝකයක් ඉස්සරහා තනි වුනත් තමන් තනි වෙලා නෑ කියලා
දැනෙන්න ආදරේ කරන්න....
එහෙම කරාම ඔවුන් ඔබට හිතාගන්නවත් බැරි තරම්
ආදරය කරයි....
උඹේ ඕනම දේකට ලඟින්ම ඉදන් හයියක් වෙයි....
කියාගන්න බැරිකරම් ප්‍රශ්නයක හිටියත් තනි කරන්නෙ නැති
කෙනෙක් වෙන්න උත්සාහා කරන්න....
තනිවෙලා කියලා දැනෙන කෙනාට ඒකම ලොකු අස්වැසිල්ලක් වෙනවා....
එතනයි සැබෑ ආදරය ගැබ්වෙලා තියෙන්නේ
ආදරනීයන් තේරුම් ගන්න ඔවුන්ට ශක්තියක් වන්න....
දුක බෙදාගන්න පුළුවන් කෙනෙක් වෙන්න....
හිත නිවන හිත හදන පුද්ගලයෙක් වෙන්න...

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

Photo- https://pin.it/40q9aZA

06/04/2023

විටෙක අපි වැටෙනවා
මරණීය මංචේකට
ආයි පණ ගහනවා
මැරෙන්න හිත හයිය නැතිකමට
අසරණවන තරම
කාට කියන්නක ඒ වෙලාවට
තනිවම දරාගන්නවා මිස
හිනාව තවරා මුහුණ පුරා
තවත් කරුණක් මවන්නෙ කිමද
ලෝකයාට සිනාවෙන්නට අපිට
ඇයි ලෝකය මෙතරම්
අසරණ කරන්නෙ මිනිස්සු
දරාගන්න බැරිම තරමට.....
අපි තනිවෙනවා හිතාගන්න
බැරිම තරමට..

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

Photo-https://pin.it/7oijWUP

31/03/2023

හදන්නට පෙර පිටිය
වෙනදාමෙන් උඹෙන්
ඇරයුමක් ලැබුනා තරඟයට
ඇරඹුමේ වෙඩි මුරය
තබන්නට පෙර අදත් උඹ
පටන් ගත්තා තරඟය
ඉතින් හැමදාමදාම වගේ
උඹ හොර කරා නේද?
මොකද උඹ දන්නවා හොඳට
මම ආසම ඒ හොර වැඩේට
ඒත් දන්නවා නේද අපි දෙන්නම
ජය ගන්න හදිස්සි නැති බව
රෑ මැදියමේ ඇරඹී තරඟය
ඒ නිසයි උඹ ගෙන ගියේ
පහන්වන තුරුම මා එක්ක
දිනුවේ කවුදැයි හරිහැටි
නොදන්නේ මමත්
නොදැවිනි නිසාවෙන් උඹට....

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

28/03/2023

නිවිගිය පහන් සිළුව

පහනක් වුවද විකසිත
ගිණිදැල්ල නටනා විටයි
නිවිගිය පසු දැල්ල
විසිකරේ ඉවතට ඒ නිසයි
මගේ ජීවිත පහනත්
නිවි ගිය බව සැබයි
ඉතින් මම විසිවුනේ අහකට
නුඹලා පොළෝ යට සැගවුන දිනයි
ඉතින් එනවද මගේ අම්මේ, තාත්තේ
දල්වගෙන ගිනි සිළුව
එලිය කරන්නට අඳුරු මගේ ලොව
ලැබෙයි මටත් එවිට
විකසිත පහනක ගරුබුහුමන් සැමදින

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

Photo - https://pin.it/3YITQ6w

24/03/2023

උඹේ හඬ මගේ නිවයි දුක් කද
ඒත් ඇයි උඹ නොහිතන්නෙ ඒ වග
සිතා නොසිතා කරන අදහස
වචන හරි බරයි උඹේ ප්‍රේමිය

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

Photo- https://pin.it/739J7IK

23/03/2023

ඝණ අන්ධකාරය
වසාගෙන දසතම
අඳුරු සෙවණැලි
කරයි බාධක
පියවරෙන් පියවර
තබන බර අඩිවලට
නොපෙනෙනා මුත්
අප සොයන දොරටුව
අඬ ගසන හඬ ඇසෙයි
අනාගතයට..........
කරපින්නගෙන දැඩි ආයාසයෙන්
අගුලෙහි යතුර
හෙමින් පිය නගන්නේ
ලස්සන හෙට දවසට...

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

Photo-pinterest

19/03/2023

කුණාටුවක සේයාවක් දිස් වුනත්
ඔය මූණ මත
හිතන්නට දුන්නද වෙලාවක්
උඹ ඇවිලුනා ඇස් පිය ගසන
වේගෙට
ඉතින්,
මම නිවුනා මැණික
උඹේ උමතු හැඟීම් මැද
අපි අතරමන් වුනේ
අපිට නොදැනිම අපේ ලෝකේ...
තව මොකටද
උඹ මම ලඟ ඉන්න විට
මහමෙරක් ලැබුනා වගේ...😍😍

🖋️𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾

Photo- https://pin.it/7dKc3Fk

17/03/2023

නිදන් රකින බහිරවයෙක්
ලෙසයි රැක්කේ උඹේ නමින්
පපුව ගැඹුරේ උපන් සෙනහස
දැනුන නිම් නැති සතුට
උඹ පළමු ඇඬමෙන්ම
තාම ඇස් දෙක පාර පුරා දුවනවා
එයිද කියලා මේ අම්මා සොයා
දමා යන විට පාර අයිනේ
අඹ ගහ යට වැස්සේ
හිත ගලක්ද වු අරුමය
පුදුමයක් මයෙ පුතේ
මේ නාකි අම්මා උඹට
ලැජ්ජාවක්ද කියපම් පුතේ🥺🥺

𝒯𝓉𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

දසමසක කුස දරා
හැදුවේ බෝල පැටව්
දෙදෙනෙකි...
නැත අද සොයා ගන්නට
නරුම මිනිසුන් මැද
ලේ කිරි වුනේ දෙතනේ
දරුවනී උඹලා නමට🥺🥺
තනි වී හඬන උඹ
දුටු විගස මගේ හිතට
දලු දැමමේ දරුදුක
බීපම් පුතේ රසකර
උඹත් පැටියක් සිඟිති🥺🥺

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

ලොවම අඳුරු කරවන
අමාවක සඳ වුව කම් නැත
මගෙ නමින් නුඹේ පපුව
වසන්තය ගෙනේ නම්....🌸

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

අවැසි මොහොතට වාරු වෙන්නට ⁣දුන්න අවරස උරහිසට
පපුවේ ඉඩ ඇති බව දනී හොඳටම හඬන්නට මෙමට
අතේ එල්ලි කෝළ දඟකම් පෑවේ නිදහක් දැනුනී තදේට
ඉතිම් ප්‍රේමිය කිමද කව් ගී දෙහද බැදි ඒ ආදරේට...
❤❤❤🥺🥺

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

Photo- https://pin.it/L8eHpgz 🌟

17/03/2023

අතීය එල්ඹගත් මිනිසා සැම තැනකදීම
ලැබුවේ ගැරහුම් දමා බිම් තලයටම
බර අඩියෙන් නැගී සිටිනා බුද්ධිමතා
යන්නෙ අගාධයට යැයි නොදැනීම දුකය

ඇගිලි තුඩ හරි වේගවත් සැමගේම
කරයි හුදකලාවම ජීවිතය හා සමව
එකෙකු හා එකෙකු නැත දොඩමලුව
බොරු බැදීම් නොහදුනයි මිනිස්කම

යදම් ලා ගැටගසා සිරකොට හමාරය
මිදෙන්නට කිසිවෙකුට නැත වුවමනාවද
අඳුරු වුනු කල සැම අනාගතයම
බිහි කරන්නේ විකෘති මනසක්මය

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

ලෝ දහමෙහි ගැටෙයි මිනිසුන් දෙපිළක්
හොඳ නරක දෙකෙළවර බැඳි තරාදියක්
නරක ටික ටික බිමට නැමෙනා හැඬක්
සතුටට නොව හඬන්නට දෑස පැකිලෙත්

අරුම වන්නට නොමැත එහි තුළ දෙයක්
එකෙකු පරයා එකෙක් නසනා හැටි දුටොත්
මිනිස් සිත්සන්තානෙ තැන්පත් සිතුම් පොදියත්
අතින් ගත් අවි ආයුධ තරම් නොවෙයි ප්‍රබලත්

බලා තවකෙකු මුහුණ දෙස අපූරූවටම
මිතුදමෙන් හරි චාටුවෙන් නොපැකිලවම
තමන් ⁣හා අනෙක් සම බවක් නොසිතා නිතරම
අනී පිහිතුඩ වන් වචන ලැජ්ජා නැතුවම

දුටුවන් වශීකරවයි පිට ආටෝපය හැඬය
අවසන් වේ ක්ෂනයෙන් විවර වුවොත් දෙතොල
ගිණි දවා සතුටු වන්නටනම් අනෙකාව
වැසි තිබෙනු හොඳමය පිලිකුල් මුඛය

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

කප්පරක් දුක් කදක් ගැහෙයි හදවත සිසාරා
එලිවෙන රෑවෙන ලෝ නියතයම විනා
නැත වෙනසක් දිවිපෙවෙතේ වූයේ එකතැනම
තව තවත් වැඩි වූනේ දුක්කද නොසිතු ලෙස

ගතම ගිනි ගෙන දැවෙන සැටි පීඩිතය
දුටුවෙනම් එක වරක් හෝ ලෝකය
උස් හඬින් කට පුරවලා හිනා වෙනවා මිසක
තනිකර දමනවා මිස ලැබෙයිද පිහිටක් මෙමට

රුදුරු ඇයිදැයි නොහැකිය සිතන්නට මිනිසුන්
හිතක් පපුවක් නැති හැඬය ගස්ගල්
දනී හොඳටම ඔවුනුත් සමය මා මෙන්
ඉතින් හිනහෙමි කිසිත් නොවු මිනිසෙක් ලෙසින්

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

පපුවේ ගැඹුරුම පතුලේ සඟවා හරි පරිස්සමට
බෙදන ආදරේ නෑ කළේ වෙනසක් හැම දිනකම
ගෙවන තප්පරෙත් ගානේ වැඩි වුනා මිස සෙනෙහස
කිසිම දවසක නෑ කරන්නේ අහිතක් මෙම⁣ට

දැනෙන විට බියක් තිබේ දෙව්ර ඔබේ මගෙ නමට
ඉතිම් තව කුමට බියගුලුකමක් ඉන්නා විට ඔබ ලගම
දෙනෝදහසක් මැද වුවද මෙමට තනිය නොදැනෙන්න
ඔබෙන් ලද සුරක්ෂිතබව දැනුනේ නෑ අන්කිසිවෙකු ලඟ

දිනෙන් දින වෙනස්වන ලෝ දහම තුළ වෙසෙන
ඔබේ ලය පතුල ඔතරම් ගැඹුරුද නිදන් කරන්නට සෙනෙහස
වැටෙන තැනකත් වෙන්න හයියක් නැත මට ඔබ හැර
කවුද අකමැති තුරුළු වන්නට ආදරේ පිරි එවන් පපුවක

ආදරේ හරි රහට බෙදනා නිහඬ ආදරවන්තයා
තාත්තාම හැර ලොව වෙන කවුරුන් විය හැකිද....🥺🥺🥺🥺

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

ආදරේ කියන්නෙම මිනිසුන් වෙනස් කරන ඉන්ඳ්‍රජාලයක්
ඒක ඔයත් මමත් මිසක් කවුද හොඳටම දන්නේ.....
ඉතින් අපි අපිටම නැතුව බැරි කරපු ඒ මායාකාර ආදරේට
මම දන්නවා ඔයත් ගොඩාක් ආදරේ කරනවා කියලා....
මෑණික,
ඔයා දන්නෙ නෑ මේ හිත ඔයා නැති වුනාම අඬන තරම්
ඔයා බලන්න ඕනි කියලා හුල්ලන තරමක්.....
ඔය රූපේ මගෙ හිතේ හැම අස්සකම හැංගිලා
ඔයා දන්නවද තව කාටවත් එන්න ඉඩක් දෙන්නෙ නෑ.....
ඔයා වගේම ඔයාගේ රූපෙත් ඉරිසියාවෙන් පිරිලා
එත් ඒ ඉරිසියාකාර ආදරේට මම ලෝභ වෙලා
නැති කරගන්න බැරි තරමටම.....
උඹ වෙන කෙනෙක් දිහා බැලුවත් මට රැවෙන්නේ ඉබේටම
නපුරු නිසාම නෙවෙයි මැණික මම,🥺
ඒ තරමටම මම මමත් ඉරිසියාකාර ලෝභියෙක් කරලා
ඔයාගේ ආදරේ.....
ඉතින් මායාවන්ගෙන් පිරුණු ආදරේ ඇතුලේ යන රණ්ඩුත්
අපි තව තවත් ආදරෙන් පුරවන සුන්දර රණ්ඩුම නෙමෙයිද
ඒ හැමදේම එකතුවුන අපි අපිවම වෙනස් කරපු ඒ ආදෙරේ
අපි අපේ කරනවා....
ඉතින් මැණික මම ආදරෙයි ඔය හුස්මටත් හැමමොහොතකම....🥺🥺❤❤

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

අඳුරු කුටියක් හා සම වනා
ලොව එලිය කරවන්නට

පාට තවරමින් හීන් තුඩෙහි
එහා මෙහා ගෙන යයි
සිත්තරා හරි හරියට

ඇයත් නොමැතිව ලොවෙහි නැත
පැවතුමක් එය දනී සිත්තරා
හොඳටම...😍😍

ඒ නිසාවෙනි ඔහු
ඉවසමින් හැඬ කරනුයේ
ලොවේ අඟනා සිතුවම...

ඇයයි ගැහැණිය...❤❤❤
ලොව වටිනාම වස්තුව....

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

ඉමක් නොපෙනෙන ගමනක්
යා යුතුය තව බොහෝ දුරක්
බොහෝ මාවත් වැසී මුත්
ඝණ අඳුරින්
එළිය වෙයි නිමේෂයකින්
අඳුර පරයා දසතම
නොසිතු විලස
එයයි ජීවිතය.....
😊
𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾.... ✍️

17/03/2023

මමත් ආසයි ඉන්න නිදහසේ
වරද මගේද සතෙක් වුන එක
කම්බි කූරු හරිම තදයි මට
දැනෙන බය තේරුනෙ නැද්ද

පාලුව නම් බෑ දරාගන්නම
මතක් වෙන්නෙම නිරතුරුම
පුංචිකල බඩේ හැංගී ගස්වල
පැන පැන ගිය හැටියි අම්මා සමඟ

භායානක මුත් ඉන්න සතුන්
කෑළය රජදහනකි අපට
අනේ ඇයි මුදලට මෙතරම් ලෝභ
ඔබගේ නිදහසම අනේ මටත් දෙන්න
🥺🥺🥺
𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

සීත වැහි දියබිදු එකින් එක පොළොව සිප ගද්දි
දැනුනෙ තනිව යන ගමන කෙතරම් අසීරුද කියා
අනේ ඔයත් හිටියනම් ලඟ තප්පරයක් හෝ
දැනෙයි මේ නිමේෂය කල්පයක් කියා....🥺🥺🥺🥺

𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

ගිනි බෝලයක් මෙන් රත් පැහැව ගිය
ඉර ගිලින හැටි බලාහිටියෙමි මම නිහඬවම
සයුර කොනක සිට......
මටත් නොදැනීම ගියේ දුරකට
පරණ මතක අවුස්සමින් මසිත....
ඉතිම්
මේක මහා කරුමයක් යැයි විටෙක
මට සිතෙන එක වරදක්ද.....🥺🥺🥺🥺

𝒯𝓉𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

මටත් ඉන්නවා හොඳම යාළුවෙක්,
කිසිම මොහොතක මාව තනි නොකෙරූ😍😍😍😍
හරිම මඟ පෙන්නවන,
වැරද්දක් කරන විට ඉවෙන් මෙය එය දැනෙන
ලඟ නැති විට දැනෙන පාළුවේ තරම
කියා නිම කරගන්න බැරි,😊😊😊😊
වචන පටලා කතා කෙරු මුල්ම දවසේ සිට
හොඳම වචනම විතරක් මුවඟ රැදවු
වැටුන තැනකත් හිතට හයියක් ගෙන දුන්
මගේ හොඳම යාළුවාත්, පළමු යාළුවාත්
ඇයයි.....❤❤❤❤

අම්මා🥺🥺😘😘

𝒯𝒽𝓇𝓊𝓌𝒾....✍️

17/03/2023

*මහමෙරකි ජීවිතේ
ලඟම ඉන්නා විට ඔබ
අම්මේ........
බලා හිදින්නේ
ඔබ එනතුරුයි මමත්
ආසාවෙන්.....
සිපගන්න ඔය මූණ
හරි ආදරෙන්.....
දැනෙන්නේ නැද්ද
මට හරිම පාලූයි
ඔයා නැතුව ජීවිතයම
අඳුරුයි....🥺
එන්නකෝ මට තනියි
අම්මේ.....
𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾.... ✍️

17/03/2023

අර දේ කරන්න එපා, මේ දේ කරන්න එපා
කියන තැන, පමණ ඉක්මවා නීති දාන තැන
කවුද කැමති ඉන්න...💔💔💔

හිතන්න,

අපිම කැමතිද ඉන්න
නීතී දාහක් මැද, නෑ නේද....😒😒

ඉතිම්,

විස්වාසය තියෙනවා නම් තමන්ට
ඇයි බැරි දෙන්න නිදහස
තමන් ආදරය කරන කෙනාට

සීමාව කියා දී, තේරුම් කර දී,
නිදහස දුන්නම නොවේද
ආදරය වුනත් හිසට බරක් නොවෙන්නේ😊😊😊

ඒ නිසා,

තමන් ආදරය කරන කෙනාට
නිදහසත්, ආදරයත්
සමානව ලබා දෙන්න
රැක ගන්න ආදරය...❤❤❤

අපි හැමෝම ආදරයට ආදරය කරමු...

#𝒯𝓉𝓇𝓊𝓌𝒾....✍️

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

dpch..art association

Category

Telephone

Website

Address

Matara
Other Writers in Matara (show all)
Sadii Gurl Sadii Gurl
Matara, MATARA

𝙎𝙚𝙡𝙛 𝙘𝙤𝙣𝙛𝙚𝙙𝙚𝙣𝙘𝙚 𝙞𝙨 𝙩𝙝𝙚 𝙗𝙚𝙨𝙩 𝙬𝙖𝙮 𝙮𝙤𝙪 𝙘𝙖𝙣 𝙬𝙚𝙖𝙧____🐣✨💙🌈

Fairsha.lk Fairsha.lk
Matara

Sithmeth Gee Sithmeth Gee
Matara, 81730

ඔබේ හද රැඳී ගීතය මම ලියමි. එය ඔබට අවැසි නම් ඔබේ කරගන්න. නමුත් මගෙන් අහලා ගන්න. මේ ලියන්නෙ ඔබට නිසා. ❤

Jj typing Jj typing
Matara

For all type typing works

බට්ටා BTTA Offcical බට්ටා BTTA Offcical
Matara

හදට දැනෙන සුන්දර හැගීම් මගේ අකුරෙන් !

Sith Ahasa   I   සිත් අහස Sith Ahasa I සිත් අහස
Matara
Matara, 81000

ඔබේ අතින් ලියැවෙන නිර්මාණශීලී අදහසට...කවියට...ගීතයට...නිසදැසට... පන පොවන ඩිජිටල් අවකාශය...

Mr.EMiE Mr.EMiE
Ganhela Road
Matara, 81400

මේ ලියන්නෙ නුබට, මගෙ ජීවිතය බාර දුන් නුබට....!

Hiru හිරු Hiru හිරු
Deniyaya
Matara, HIRU

හදවතේ කැඩපත

Chandipa Chandipa
Matara

Content Writer | Poet | Lyricist | Social Media Marketer

Dima girl Dima girl
Matara

POSITIVE THINKING 👈POSITIVE OUT COME 👈💪