Dulanjalee Ranaweera

As a human �

Photos from Dulanjalee Ranaweera's post 20/04/2024

මදක් නැවතී කියවන්න. 👍

(මීගමුව / සීදුව / ජාඇල / වත්තල / ගම්පහ / කොළඹ )

ඔබ මේ අවට නම් අදම අපට කතා කරන්න.📞

ඔබව සවිබල ගන්වා,රටක් සවිබල ගන්වන්න.💪🏻

ඔබ,
📌පවුලේ ආර්ථිකයට ශක්තියක් වන්නට ඔබ කැමතිද?
✔️ ❌

📌හෙට දවසේ දරුවන්ගේඋසස් අධ්‍යාපනය වෙනුවෙන් අරමුදලක් ගොඩනගන්නට ඔබ කැමතිද?
✔️ ❌

📌ඔබ ඔබගේම අවශ්‍යතා වෙනුවෙන් ආදායමක් උපයාගැනීමට කැමතිද?
✔️ ❌

📌ඔබගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් අරමුදලක් ගොඩනගා ගැනීමට ඔබ කැමතිද?
✔️ ❌

📌අනපේක්ෂිත සෞඛ්‍ය ගැටලු හමුවේ ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔබ වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කර ගැනීමට ඔබ කැමතිද?
✔️ ❌

🛑ඔබ මේ ප්‍රශ්න වලින් එකකට හෝ “ඔව්” පිළිතුර දුන්නේ නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට මේ සුදුසුම කාලයයි.

↪️මේ අලුත් අවුරුද්දේ ශක්තිමත් ජාත්්‍යන්තර කාන්තාවකට සුදුසුම සේවා ස්ථානයක රැකියාව අරබන්න.
අප ඔබට සහය වන්න සූදානම්. ↩️👍

වැඩි විස්තර සදහා ඔබේ නම,ගම වයස මා වෙත එවන්න.
070 2354 384

01/02/2024

ජීවිතේ හරි පුදුමයි,
මුණගැහෙන විවිදාකාර මිනිස්සු
ආදරණිය මිනිස්සු
සංවේදී මිනිස්සු
ගුප්ත කුහක මිනිස්සු ...
ඔය හැමෝම එක්ක ජීවිතේ ගැටෙන්න ඕනී
ඇයි දන්නවද?
ආදරණීයම හරි ලස්සන මිනිස්සුන්ගෙ
වටිනාකම ගොඩාක් දැනෙන්නෙ
නපුරු මිනිස්සුන්ගෙන් බැටකාපු මනුස්සෙකුට විතරමයි ...
ඉතින් මන් හරි ආදරෙයි ආදරණීයන්ට.. 🤍🌻💫
©️ copied

31/12/2023

අපේ ජීවිතේ අපිට වැඩිම බලපෑමක් කරන්න පුලුවන් පිරිස ඉන්නේ අපේ Comfortable zone එකේ එහෙම නැත්තම් අපේ Inner Circle එකේ, මොකද ඒ අය තමයි දවසේ වැඩිම වෙලාවක් අපිත් එක්ක කතා බහ කරන පිරිස...

ඒ නිසා හැම වෙලාවෙම ඔය Inner Circle එක නැත්තම් Comfortable zone එක, Positive කරගන්න. පොසිටිවු අදහස්, විවෘත්ත අදහස් තියන අය විතරක් ඇඩ් කරගන්න..

ඔයාව රිද්දන, ඔයාට දුකක් වේදනාවක්, කලකිරීමක් ඇති කරන Toxic අයව ඔයාගෙ zone එකෙන් ඈත් කරලා තියන්න. හැම වෙලාවෙම ඔයාව මෝටිවේට් කරන, ඔයාව අගය කරන, ඔයාට ආදරය කරන, ඔයාට වටිනාකමක් දෙන මිනිස්සු විතරක් තියාගන්න..

සමහර විට ඔයාට හිතෙන්න පුලුවන් අනේ මට එහෙම අය නෑනේ කියලා, පොඩ්ඩක් සමාජෙට ඇවිත් කතා බහ කරලා ආශ්‍රය කරලා බලන්න, හොඳ ලස්සන අදහස් තියන, හරි ලස්සන, ජීවිතේට එකතු කර ගන්න ඔිනි හරි ලස්සන මිනිස්සු අපි අතර ඉන්නවා..

"නිතරම ඔයාගේ Comfortable zone එක Positive Vibe එකක තියාගන්න"..

Copied

30/12/2023

කවදමහරි තනිවෙන බව දැනගෙන අල්ලගන්න 😌

ඒ දවස කවදද,කීයටද කියන්න බෑ තමයි..
ඒත් අපි නොහිතන වෙලාවක
අපි හුඟක් ආදරේ කරන බැඳීම් වලට සමුදෙන්න වෙන බව
ආයේ ආයෙම තමන්ගේ මතකයේ තියාගන්න...

ඉවසාගන්න බැරි තරමට දුකක් දැනේවී තමයි...
ඒත් ඒ දුක ඔයා කොහොමහරි එදාට දරාගනීවි...
නොහිතුව විදිහට කඩාගෙන වැටෙන්න තිබ්බ ඔයාගේ ජීවිතේ
යන්තමින් හරි බේරගෙන
ආයෙම උඩට එන්න පුළුවන් වේවි...

සතුට වගේම දුකත් විඳින්න හිත් හුරු කරගන්න...
ජීවිතේ කියන්නේ අපි නොහිතන දේවල් සිද්දවෙන තැනක් වගේම හිතන දේවල් සිද්දනොවෙන තැනක්...

ඉතින් බැඳෙන්න...
කවදමහරි තනිවෙන්න සිද්දවෙන බව තේරුම් අරගෙන...
එදාට මේ ජීවිතේදි
අනුන් නිසා අඬන්න වෙනඑක ටිකක් හරි අඩුවේවි...

29/12/2023

මං දැකල තියෙනවා සමහර කෙල්ලන්ට කොල්ලෝ අමු තිත්ත
කුණුහරපෙන් බනිනවා.. වටපිටාවේ කව්ද ඉන්නේ කියලා බලන්නේ නෑ
ගහනවා.. සැර කම්මුල් පාරවල් කෙල්ලෝ කනවා මගෙ ඇස් දෙකට මං
දැකල තියෙනවා.. ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි කෙල්ලව නොන්ඩි
කරනවා ඒකී මගෙ පස්සෙන් එනවා කියලා.. බදින්නත් කලින්
කොල්ලන්ගෙන් ගුටි කකා ඉන්න අපහාස අහ අහා ඉන්න කෙල්ලෝ
කියන කතාවක් තමයි " අයියා එහෙම කරන්නේ මාව හදාගන්න
බුද්ධිමත් පිරිමි හදවතක් තියෙන පිරිම ගෑනුන්ට අපහාස කරන්නේ නෑ..
ඔයා ඕක ආදරේ කියලා හිතනවා නම් ඔයා දැකල නෑ ආදර කතා
බදින්න කලින් කතා කරන්න දන්නේ නැති එකා බැන්දට පස්සේ
හැදෙන්නේ නෑ බදින්න කලින් ඔයාට අත උස්සපු එකා බැන්දම ඒවා
නවත්තන්නේ නෑ කසාදේ කියන්නේ මැජික් එකක් නෙවෙයි මිනිස්සු
වෙනස් කරන. අනික ඔය ඉන්නේ ලෝකේ අන්තිම කොල්ලත් නෙවෙයි..
කසාද බැන්දේ නෑ කියලා මිනිහෙක් මැරෙන්නේ නෑ හැබැයි හැබැයි
වැරදි කෙනා බැන්දොත් විඳව වුදව ජිවත් වෙන්න වෙනවා. සල්ලිවත්
සෙක්ස්වත් නෙවෙයි ජිවිතේ කියන්නේ ඔයාව අගය කරන ඔයාට
රෙස්පෙක්ට් කරන පිරිමියෙක් ගාව නවතින්න ජිවිතේම සුන්දර වෙයි.....

28/12/2023

බිඳීම් රිදීම් සමග අපි වෙනස් වෙනවා. පෙරට වඩා රළු විය හැකි වුවත් ඇතැම් විට ඒ රළු බව තුළද පෙර නොතිබූ සුන්දරත්වයක් නිර්මාණය වී තිබිය හැකි බව යථාර්ථයයි.

ජීවිතයේදී අද මේ මොහොතේදී අපව කුමණ ආකාරයකින් බුම හෙලුනත් ඊලඟ නිමේෂයේදී නැවත සවිමත් වීම ජීවත් වීමයි.

පළුදු, කැලැල් තිබුණදෙන්. ඒවා පෙන්වාවි ඔබ පසුකල අසීරු අමිහරි වකවානු. තීරණය ඔබ සතුයි. පිරියම් කරන මැළියම් සකසාගත යුත්තේ ඔබමයි.

28/12/2023

හැමදේටම සුදුසු කාලයක් තියෙනවා.. හරි දේ හරි විදියට ඔයාගෙ ජීවිතේට ළඟා වෙයි.. ඒ නිසා ඉවසීමෙන් බලාගෙන ඉන්න 🖤🙏

Photos from Dulanjalee Ranaweera's post 27/12/2023

මනුෂ්‍ය ජීවිතේ, හොඳම කාලය.. එන්නෙ 'අවුරුදු 30'
පසුවුනාට, පස්සෙ...🖤

ලංකාවේ, ගොඩක් දෙනා.. වයස 'අවුරුදු 30' සම්පූර්ණ
වෙනවත් එක්කම මානසිකව වැටෙනවා.

දැන් වයසයි, කියලා.. හිතනවා.

ඒත්, වයස 'අවුරුදු 30' කියන්නෙ තාරුණ්‍යයේ ආරම්භය...🥰❤️

කාන්තාවකට, වයස අවුරුදු 60 වෙනකන් ලස්සනට ඉන්න
පුළුවන්.

ඕනෑම කාන්තාවක්, වයස අවුරුදු 60 වෙනකන් තරුණයි...

කාන්තාවකගේ, සුන්දරත්වයේ උපරිමය එන්නෙ අවුරුදු 30
සම්පූර්ණ වීමත් එක්ක...🥰

ඒ.. සුන්දරත්වය වයස අවුරුදු 60 දක්වාම තියෙනවා...🥰

අවුරුදු 60 න් පසුව, තමයි.. වියපත් වීම, ආරම්භ වෙන්නෙ...😌

අවුරුදු 60ට, කලින් සුන්දරත්වය නැතිවෙන්න බලපාන්නෙ
තමන්ගෙ මනස...

දැන් වයසයි කියලා.. හිතනකොට ඉබේම රූපය අවලස්සන
වෙනවා.

එහෙම නොහිතන තාක්කල් ස්වභාවික රූපෙට හානියක් වෙන්නෙ නැහැ.
මේක තමයි ලංකාවේ වගේම ලෝකයේත් හැම කාන්තාවකටම පොදු සනාතන දහම...🤍
______________________________________☘️

ඊළඟට දක්ෂතාව ගැන කතා කළොත් කාන්තාවකගේ වගේම පිරිමියෙකුගේත් දක්ෂතාවයේ උපරිමය එන්න අවුරුදු 30 සම්පූර්ණ වෙන්න ඕනෙ.

අධ්‍යාපන කටයුතු කරලා, හැදෑරීම් කරලා, ජීවිතේ අත්දැකීම් අරගෙන, වැටි වැටි නැගිටලා.. වයස අවුරුදු 30 සම්පූර්ණ වෙනකොට ඉන්නෙ පරිණත මනුස්සයෙක්…🥰🖤

______________________________________🍀

කාන්තාවක් නම්,🩷

ඇයගේ, සුන්දරත්වයේ උපරිමය...🤍
සාර්ථකත්වයේ උපරිමය...🤍
දක්ෂතාවයේ උපරිමය...🤍
ජනප්‍රියත්වයේ උපරිමය...🤍

පිරිමියෙක් නම්,🩶

ඔහුගේ, කඩවසම් බවේ උපරිමය...❤️
ජව සම්පන්න බවේ උපරිමය...❤️
සාර්ථකත්වයේ උපරිමය...❤️
දක්ෂතාවයේ උපරිමය...❤️
ජනප්‍රියත්වය උපරිමය...❤️
______________________________________🍀

මනුෂ්‍ය ජීවිතයේ, හොඳම කාලය.. පටන්ගන්නේ.. වයස අවුරුදු 30 දී...🥰අවුරුදු 30 න්, පසුව.. ජීවිතේ හොඳම කාලය..❤️ මගනොහැරිය යුතු, වටිනාම කාලය.. 🥰❤️

- උපුටා ගැනීමක්-

27/12/2023
26/12/2023

" නරකම හැඟීම වන්නේ බලාසිටිය යුතුද නැතහොත් අත් හැරිය යුතුද යන්න ඔබ නොදන්නා එක වගේම
ගොඩක් වෙලාවට මනුස්සයෙක්ට දරාගන්නම බැරිම හැඟීම
තමන් ව දැනෙන තේරුම් ගන්න පුලුවන් කිසිම එකෙක් තමන්ගෙ ජීවිතේ නෑ කියන එක.

20/12/2023

සංවේදී නුඹ හින්දම මම විදින දුක පේනවද?
නිදහසේ එක මොහොතක් මට ඉන්න දෙනවාද?
මේ තරම් දේවල් දරාගන්නේ ඇයි කියනවාද?
ඉතිං අහපන් හදවත , දැන්වත් පොඩ්ඩක් ගල් ගැහෙනවද?

17/12/2023

දවසක ඔයාට 🫵 සතුටු වෙන්න පුළුවන් විදිහට ...

16/12/2023

ඇබ්බැහි උනු දේවල් එහෙම ලේසියෙන් අමතක කරන්න බෑ ...
හිතලම කලොත් මිසක්.... 💔

15/12/2023

මේ ගමනේ හමුවන හැම හමුවීමක්ම
අපේ ජීවිත වලට
පාඩම් ඉතුරු කරලා යනවා...
අපි තනියෙන් ඉගෙන ගන්න සමහර දේවල් මිනිස්සු දාහක් ආශ්‍රය කලත්
ඉගෙන ගන්න බෑ......
මිනිස්සු පිස්සො උනේම
නැතුව ඉන්න බැරි තරමට ම
අමතක කරන්න බැරි තරමට ම
හිත් අස්සේ බැදීම් හදා ගත්ත නිසයි.......

15/12/2023

මං හිතන්නේ ,
අපි ජීවිතේ කා එක්කවත්ම තරහක් තියාගන්න ඕනී නෑ !

බැදීම් දවසක නැති වේවී ,
මිනිස්සුන්ට අපිව අමතක වේවී ,
කරපු කියපු දේවලුත් ,
දවසක අමතක වෙලාම යාවී !

අපි ලගින් හිටපු ,
එකෙක් දෙන්නෙක්ට ටික කාලයක්
මතක් වේවී !
ඊට පස්සේ ,
උන්ටත් අලුත් දේවල් මුනගැහේවී !

ඉතිං දවසක ,
අපි මේ හැමදේම දාලා යන්නම යාවී !
ඉතිං මොකටද හිත් අමනාපයක්...

15/12/2023

දැනුණු කෙනාට මගහැරෙන්න දෙන්න එපා. සමහරවිට නැවත එහෙම කෙනෙක් මුණ ගැහෙන එකක් නැති වෙයි.....

15/12/2023

බිඳීම් රිදීම් සමග අපි වෙනස් වෙනවා. පෙරට වඩා රළු විය හැකි වුවත් ඇතැම් විට ඒ රළු බව තුළද පෙර නොතිබූ සුන්දරත්වයක් නිර්මාණය වී තිබිය හැකි බව යථාර්ථයයි.

ජීවිතයේදී අද මේ මොහොතේදී අපව කුමණ ආකාරයකින් බිම හෙලුනත් ඊලඟ නිමේෂයේදී නැවත සවිමත් වීම ජීවත් වීමයි.

පළුදු, කැලැල් තිබුණදෙන්. ඒවා පෙන්වාවි ඔබ පසුකල අසීරු අමිහරි වකවානු. තීරණය ඔබ සතුයි. පිරියම් කරන මැළියම් සකසාගත යුත්තේ ඔබමයි.

14/12/2023

නැත්තං තනියෙන් ඉන්න 🫵

12/12/2023

විශාදය තත්වයට පත් වන්නේ දරා ගැනිමේ උපරිමය සීමවටත් එහා යමින් මානසික ශක්තිමත් බව පිරිහීගිය විටකදීය ...

නමුත් මෙහිදී විශාදමය තත්වයට පත් වු බෝහෝ අයෙක් දුක්මුසු ස්වරුවයක් බාහිර සමජයට නොපෙන්විය ....
ඔවුන් සිනහවෙන් පිරුණු ජිවිතයක් ගත කරයි ... නමුත් ඔවුන්ගේ එම සිනහව පිටුපස ඇති වේදනාත්මක පිඩනය හදුනා ගැනිමට අපහසුය ...

බොහෝ දෙනෙකු සිතන්නේ සියදිවිනසා ගැනිම හුදෙක් ප්‍රේමයනියන් හි පරාජය මත පදනම්ව සිදුවන බවකි ...
නමුත් එය එසේ නොවේ
තම ජීවිතයේ සිදු වු අහිමිවීම, ලැබු පරාජයන්, විශ්වාසය බිද වැටීම් තම ආදරණීයන්ගෙ වෙනස් වීම් තමා වෙනුවෙන් කාලය වෙන් නොවීම් යනාදී හේතුවෙන්ද විශාදමය තත්වයට පත් විය හැක...

පිටතින් ශක්තිමත් යැයි පෙනෙනා පුද්ගලයින් අභ්‍යන්තරයෙන් ඉරිතලා ගොස් ඇති බව වටහා ගැනීම ඉතා අපහසුය ... ඔවුන් සිය වෙදනාව සගවා ගැනිමට දක්ෂ වෙති ..නිතර සිනහවෙන් සිය ලැබැදියන් සමග කටයුතු කරයි ..නමුත් සිය ජීවිතයේ අවශ්‍යතා මොහොතකදි තම පිඩනය දරාගත නොහැකිව සිය ජීවිතයෙන් නික්ම යන්නට තිරනය කරනු ලබයි ....

ඒ බැවිනි ==සවන් දෙන්නෙකු== ඔවුන්ගේ ජීවිතය තුල සිටියා නම් දිවිය අහිමි කරගන්නට ඔවුන් නොසිතනු ඇත...

ආදරය දීම මෙන්ම ආදරය ලැබිමද වාසනවකි.. එ බැවින් ඔබගේ ලැබැදියන්ගේ සිනහව පිටුපස ඇති වේදනාව ඔබට හදුනාගත හැකිනම් ඔබ සුවිශේෂී පුද්ගලයෙකුගේ ජීවිතයට මනෝ උපදේශකයෙකු මෙන්ම සවන්දෙන්නෙකුද වේ...

ඒ බැවින් ඔබ ඔබගේ ආදරණීයන් වටහා ගැනීමට උත්සාහ කරන්න 🙏 🙏 🙏 ♥️

උපුටාගැනීමකි!

12/12/2023

'සාර්ථක වූ පසු පැමිණෙන ප්‍රේමයක් නොව,
සාර්ථක වන තෙක් ඉඩෝරයේ ළඟ රැඳී සිටිය හැකි ප්‍රේමයක් හැමෝටම මුණගැසේවා !'🖤
✍️ දුලාංජලී රණවීර

11/12/2023

" පණිවිඩ නොතියාම මිනිසුන්ට
සමුගැනීමට හැකි බව
සිහිතබා ගන්න "

11/12/2023

❤️බහුතර ගෑණු අතර

වටිනා ගැහැණියක් වීමට නම් ❤

🌸අත හැරපු කෙනෙක්ව කිසිම විටක නැවත ජීවිතේට ලංකර ගන්න එපා.

🌸සාක්ෂි නැති කේලම් විශ්වාස කරන්න එපා.

🌸වෙනත් ගැහැණියකගේ සාදාරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට මැලි වෙන්න එපා.

🌸මෝඩයො එක්ක වාදෙට යන්න එපා.

🌸සමාජයේදී , මග තොටේදී අසාදාරණයක් වූ විටක නිශ්ශබ්දව ඉන්න එපා.

🌸උගත්කම , බුද්ධිය හෝ මනුස්සකම නැති පිරිසට ලං වෙන්න එපා.

🌸මොළේ නැති මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරන්න වෙහෙසෙන්න එපා.

🌸එකම වරදට දෙසැරයක් සමාව ඉල්ලන්නත් / දෙන්නත් එපා.

🌸තමන්ගෙ රූපය ගැන ලෝකයාගෙන් අදහස් අහන්න එපා.

🌸ආදරය , යාළු කම , සල්ලි මේ තුන නිසා කිසිවෙකුටත් බාල්දු වෙන්න එපා.

🌸තනිවෙන්න බයවෙන්න එපා.

🌸අනුන්ගෙ පිරිමි ළඟ හුරතල් වෙන්න එපා. කාගෙවත් පවුල් ජීවිතේකට හවුල් වෙන්න ගිහිං අනිත් ජීවිත අවුල් කරන්න එපා.

🌸ප්‍රසිද්දියේ බොළඳ වෙන්න එපා.

🌸ලේසියෙන් කඳුළු පෙන්නන්න එපා.

🌸විවාහයෙන් පස්සේ තමන්ව නැති කරගන්න එපා.

🌸දෑවැද්ද විදිහට උගත්කම අරන් යන්න අමතක කරන්න එපා.

🌸මිනිසුන්ගෙ ක්‍රියාව මිස වචන වලට විශ්වාස කරන්න එපා .

🌸කසාදය , දික්කසාදය ගැන අනුන්ට උපදෙස් දෙන්න හෝ අනුන්ගෙ උපදෙස් ගන්න එපා.

🌸අනුන්ගෙ පවුල් ජීවිත වලට එබෙන්න එපා, ඔබේ පවුල් ජීවිතයට කිසිවෙකු ලංකර ගන්නත් එපා.

🌸අකමැත්තෙන් කිසිම කෙනෙක්ගෙන් ගුටි කන්න එපා.

🌸වැඩිහිටි වූ පසු උපයන්නෙක් මිස යපෙන්නෙක් වෙන්න එපා.

🌸ජීවිතේ විඳින්න ගැහැණු කම බධවක් කරගන්න එපා.

🌸අන් කිසිම ගැහැණිය කගේ චරිතය වචන වලින් විනාශ කරන්න එපා.

🌸කාටවත් ඔබව පාවිච්චි කිරීමට ඉඩ දෙන්න එපා

🌸දත් තියන කාලෙ ඇති තරම් හිනාවෙන්න අමතක කරන්න එපා.

🌸බුද්ධියෙන් මිස හදවතින් තීරණ ගන්න එපා.

🌸තමන්ට නැති දේවල් බොරුවට මවා පාමින් තමන්වම රවටගන්න එපා.

🌸ගැහැණුකම බොහෝ වටිනා ආඩම්බර ආභරණයක් බව අමතක කරන්න එපා.

🌸57% ක් වන ලංකාවේ ගැහැණු ජනග්‍රහණය අතර කශේරුකාවක් ඇති පෞරුෂවත් ගැහැණියක් වීමට පමා වෙන්න එපා..

Credits goes - අනිශා ජයකොඩි 🖤🌸(උපුටා ගැනීමකි )

10/12/2023

ගොඩක් වෙලාවට මිනිස්සු සමාජෙන් ඈත් වෙලා තනියම ඉන්න කැමති වෙන්නෙ ලොකුකමක් හෝ වෙනත් කිසිම ආත්මාර්ථකාමී හැඟීමක් නිසා නෙමෙයි.

ඒකේ කියාගන්න බැරි තරම් මොකක්දෝ උපරිම මානසික නිදහසක් තියෙන නිසයි.

තමන්ටම කියලා පොඩි Circle එකක් හදාගත්තම ඒක ඇතුලෙ ,

කේලම් නෑ, මිනිස්සුන්ගෙ බොරු මවාපෑම් නෑ. විවේචන නෑ. හිත් රිදීම් නෑ.

කොටින්ම කිව්වොත් තනිවෙන, පාඩුවෙ ඉන්න ගොඩක් මිනිස්සු වැඩිපුරම සතුටින් ඉන්නෙ තමන්ගෙ ඒ පුංචි Circle එක ඇතුලේ.

මේ ලෝකෙ හැම මිනිහෙක්ම ජීවිතේ එකම එක කාලයකදි හරි තනි වෙන්නම ඕන.

මොකද,
තමන්ට කොතැනකදි හරි මග හැරුණු තමන්ව හොයාගන්න පුලුවන් හොඳම විදිය තියෙන්නෙ එතන නිසා. 🖤

- Upmind

08/12/2023

කිරුළක් නොදැරුවත්,
ගැහැණියක් ඔයාට පණ ඇරලා ආදරේ කරනවා නං ,
හොදට මතක තියාගනිම්
ඒ කි ට උබ රජෙක් 👑️

පරිස්සම් කරගන්න ඒ ආදරේ
ඒක ඔයාට ලැබෙන අන්තිම අවංක ආදරේ වෙන්න පුළුවන් ....

✍️ දුලාංජලී රණවීර

08/12/2023

Be Stong 💪

07/12/2023

වරක් අපහාස කරපු, වරක් වංචාවක් කරපු, වරක් අයහපතක් කරපු, වරක් ඔබට නින්ද කරපු අසත්පුරුෂ ගති වලින් යුතු අයෙක් ආයෙත් ඔබට හොඳ මුහුණ පෙන්වමින් ලංවෙන්න හදනවනම්, බුද්ධිමත් විය යුතුය.

අනුකම්පාව කරුණාව මෛත්‍රිය යනු එවන් කපටි වංචනික අසත්පුරුෂ මිනිසුන් හට නැවත නැවතත් හසුවීම නොවේ,

කිසිවෙකුට ඔබ වෛර නොකරන්න. සමාවක් දිය නොහැකි තරම් ඔබට විපත් කල අයට පවා සමාව දෙන්න. ඒ ඔබගේ සැනසීම නිසාමය. නමුදු විශ්වාස නොකරන්න. ඔවුන් ඔබ හට සිදුකල අයහපත් ක්‍රියා සිතින් අතහැර ඔබ ඔබේ ගමන යන්න.

(උපුටා ගැනීමකි )

07/12/2023

අපි එක පිට එක අසාර්ථක වෙද්දිත් - අපිට ආයෙ නැඟිටින්න පුලුවන් කියලා විශ්වාස කරන,

අපි හැමදේම අවුල් කරගනිද්දිත් - අපේ හැකියාවන් ගැන තවදුරටත් විශ්වාස කරන,

අපිට අපේ වටිනාකම් අමතක වෙන වෙලාවට - අපි කවුද කියලා අපිට මතක් කරලා දෙන,

අපි අපේ හැකියාවන් ගැන අවතක්සේරු කරද්දි - අපිට කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා පෙන්නලා දෙන,

අපි කඩාගෙන වැටෙන වෙලාවට - අපිව ආයෙ ආයෙම චියර් අප් කරන,

සරලවම කිව්වොත් අපි ගැන, අපේ හැකියාවන් ගැන දිගින් දිගටම විශ්වාස කරන, එහෙම කරමින් අපේ ළඟ ඉන්න, මිනිස්සු එක්කෙනෙක් හෝ කීප දෙනෙක් අපි හැමෝටම වගේ ඉන්නවා.

ජීවිතේ මේ තරම් දුරක් අපි අල්ලාගෙන ආවෙ එයාලගෙන් ලැබුණු ඒ හයිය නිසා. ඒ ආදරය නිසා. ඒ දිරි ගැන්වීම් නිසා.

ඉතිං,
ඒ අපේ අම්මා හරි තාත්තා හරි වුණත්,
යාලුවෙක් හරි සහෝදරයෙක් හරි වුණත්,
පෙම්වතා, පෙම්වතිය නැත්නම් සැමියා හෝ බිරිඳ වුණත්,

අපිව විශ්වාස කිරීම වෙනුවෙන් එයාලට අපි හදවතින්ම ස්තූතිවන්ත වෙන්න ඕනි..!

මොකද,
එහෙම මිනිස්සු අපි වටේ නොහිටියා නම්,
අපි අපිව විශ්වාස කරන එක කොයිම වෙලාවක
හරි නවත්තන්න තිබුණා.
ජීවිතේ මේ වගේ දුරක් හෙමි හෙමින් හරි නොඑන්න තිබුණා..!

ඒ නිසා, ඒ දිරි ගැන්වීම් වෙනුවෙන් ඒ ආදරණීය මිනිස්සුන්ට හදවතින්ම ස්තූති කරමු..!

06/12/2023

දැකලා තියෙනවද මෙහෙම මිනිස්සු ...

සල්ලි ගොඩාක් තියෙනවා වගේ පෙන්නලා ලෝකෙටම ණය තියෙන මිනිස්සු

ගොඩාක් සතුටින් ඉන්න වගේ පෙන්නලා රෑ එළිවෙනකන් අඩන මිනිස්සු

ගොඩාක් ආදරෙන් ඉන්නවා වගේ පෙන්නලා මුලු පවුල් ජීවිතේ ම අනාගත්ත මිනිස්සු

හැමදේම හොදින් කියලා පෙන්නලා ඇතුලාන්තයෙන් මැරුණු මිනිස්සු

එහෙම අය ඕන තරම් අපි ඉස්සරහ ඉන්නවා.ඒත් අපි දන්නෙ නෑ.. මොකද අපි හැමදාම බැලුවේ පොතේ පිට කවරේ මිසක් ඇතුල නෙවෙයි ......

✍️ දුලාංජලී රණවීර

05/12/2023

ලඟින් ඉද්දී පරිස්සම් කරගන්න බැරි උන ආදරේ ගැන,ගියාට පස්සේ පසු තැවිල වැඩක් නෑ...

ගිය දේවල් වලට දුක් වෙලා වැඩක් නෑ...ඉන්නකොට පරිස්සම් කරගන්නයි ඔනි

Want your public figure to be the top-listed Public Figure in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Negombo

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Other Entrepreneurs in Negombo (show all)
AE - Medical Coats Suppliers AE - Medical Coats Suppliers
Negombo

Medical Coats & Uniforms Suppliers

Power of Wonder Power of Wonder
Kimbulapitiya
Negombo, 11500

Charm of Timber Charm of Timber
422/35/03, Golden Heaven Estate, South Kadirana
Negombo, 11410

Takes simplicity to a whole new level. We do customized design and manufacturing of Timber household

Loomy sarees Loomy sarees
Negombo

sarees

𝐴𝑙𝑜̃𝑟𝑎𝑎 𝐿𝑎𝑣𝑒𝑛𝑑𝑒𝑟 𝐴𝑙𝑜̃𝑟𝑎𝑎 𝐿𝑎𝑣𝑒𝑛𝑑𝑒𝑟
Negombo, 11500

Hɪ ᴛʜᴇʀᴇ , Wᴇʟᴄᴏᴍᴇ ᴛᴏ ᴀʟᴏʀᴀᴀ ʟᴀᴠᴇɴᴅᴇʀ ᴛᴏ sᴜʀ?

Regaleo Regaleo
176/3, St. Joseph Street
Negombo, 11500

Silk & Lace Dreams Silk & Lace Dreams
Negombo

Women’s Loungewear, Sleepwear and Lingerie Collection.

The little bumble bee The little bumble bee
Negombo
Negombo, 11500

fancy Stationeries and gift item

Success way Success way
Negombo

I am Mrs. j.nirosha i have one baby and I am working women

Sltradingnexgen Sltradingnexgen
Negombo

🌱 Our Goal Is To Make Mentally Strong Traders Who Can Execute The Plan Knowing The Market Risks 😈

BePretty.lk BePretty.lk
City
Negombo

Be awesome with Be_Pretty.lk and empower women in their own business.