TM Craft
TM Craft 🌼
❤️🥰
❤️ 🌼
🌼 ❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා ..!
සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා .🙏
𝙃𝙖𝙥𝙥𝙮 𝙑𝙖𝙡𝙖𝙣𝙩𝙞𝙣𝙚'𝙨 𝘿𝙖𝙮 ! ♥️
පෙබරවාරි 14ක් උදා නොවී
පෙබරවාරි 13 අද දවස ගෙවී නොතියෙනවා නම්..
මොකද ඒ තමා මගේ ජීවිතේ මං විඳින්න බයම දවස..
වෙන මුකුත් නිසා නෙවේ..
අද ගෙවිලා හෙට එළිවෙද්දී මගේ හිත හුඟක් පෑරෙන දවසක් හැම අවුරුද්දකම එන නිසා...
හිත අස්සේ මහා හුඟක් විඳින්න ආසාවක් තිබුනත්
මගේ ජීවිතේ මේ වෙනකල් කවදාවත්ම සමරන්න නොලැබුනු දවසක් එන නිසා...
ඔව්.
ඒ ආදරවන්තයන්ගේ දවස..
හතරවටින් ඒ දවස ගැන කියන කතා ඇහෙද්දී
මහා අමුතු බයක් එක්ක වෙන කිසි දවසක නොදැණුනු තනිකමක් මගේ හිත අස්සේ මහා අමුතු හැඟීමක් වගේ දෝංකාර දෙනවා...
බැඳීමක් රැකගන්න කොයිතරම් මහන්සි වෙන කෙනෙක් වුනත්
මගේ ජීවිතේ හැම අවුරුද්දකම වුනේ ඒ දවස තනියම ගෙවලා දාන්න...
ජීවිතේට කොයි තරම් අය ආදරේ අරගෙන ඇවිල්ලා ගියා වුනත් ඒ කිසිම කෙනෙක් මගේ ළඟ ඒ දවසට ඉඳලා නෑ...
වෙන උන් වගේ ඒ දවසට සතුටින් හිනාවෙලා ඉඳලා නෑ...
ඒ දවසේ ආදරවන්තයෙක්ට දැනෙන හැඟීම ලස්සන ආදරයක් එක්ක විඳලා නෑ...
ඔව්..ඒ දවසට මං හැමවතාවකම පැරදුණු කෙනෙක්.....
පෙබරවාරි 14 වෙනිදට හැමදාම මං පරාජිත ආදරේක
අයිතිකාරියක්.....
ආදරේ මතකයන් එක්ක විතරක් තනියම ජීවත් වෙන කෙල්ලෙක්...
වෙන උන් ආදරෙන් ඉන්න දිහා බලලා මං මටම හූල්ලගන්න කෙනෙක්.....
මගේ ආදරේ අද මං ළඟ තිබුනා නම් හිතාගෙන දවස ගෙවන හැටි ගැන හිතින් මවාගෙන හීන දකින කෙනෙක්...
ඉතින් මං ඒ හැඟීමට පට්ට බය කෙල්ලක්.....
ඒ දවසට මං පට්ටම බය කෙනෙක්.....
ඒත් එක අතකට ඒ මගේ ලැබීම වෙන්න ඕනේ මේ ජීවිතේ...
අපිට නොලැබුනා කියලා අනිත් උන්ට ඊරිසියා කරලා බෑනේ...
අපෙන් දුරට ගිය උන්ට සාප කරලත් බෑ..
ආදරේ කියන්නේම දරාගැනීමක්..
කැපවීමක්..පරිත්‍යාගයක්...
මං ආදරෙන් ඉගෙන ගත්තේ එච්චරයි..
ඉතින් උන් කොහේ හරි,කා ළඟ හරි සතුටින් ඉඳීවී...
අපිටත් උරුම නම් ලැබෙන දවසක ලැබේවී...
ගිය හැමවතාවකම වගේ මේ අවුරුද්දෙත්
එහෙම හිතලා
මාවම රවට්ටගෙන අද,හෙට දවස් දෙකත් අමාරුවෙන් හරි ගෙවලා දානවා...
වෙනදා පුළුවන් වුනා නම් මේ වතාවෙත් බැරිවෙන එකක් නෑ...
මතකයන් හිත අස්සේ තියෙන නිසා හදාගත්තු හිත ටිකක් පෑරෙයි..
හුඟක් මතක් වෙයි..
ඇස්වලට කඳුළුත් පිරෙයි..
ඒත් ඒ කඳුළු පිහදලා
හැබැයි මම ආයෙම හිනාවෙනවා සත්තයි...
මොකද මගේ හිතට මම නියමම ආදරවන්තියක් නිසා...
හිමිවුණ ආදරේට කවදාවත්ම බොරුවක් නොකරපු නිසා..
පණවගේ පරිස්සම් කරගන්න කැපවුණු නිසා...
ආදරේට දෙන්න ඕනේ හැම ගෞරවයක්ම මගේ අතින් ලැබුණු නිසා...
ඉතින් අන්තිමට තනිවුණාට කමක් නෑ...
අඬබෙර ගහලා ගුණ වයන්න කෙනෙක් අද මගේ ළඟ නොවුනට
මමත් මගේ හිතට හොඳ ආදරවන්තියක්....
මමත් ආදරේදී ලස්සනට ආදරේ කරන්න දන්න කෙනෙක්....
ඉතින් අනිත් උන්ට වගේම මටත් මේක
ලස්සනම ලස්සන ආදරවන්තයින්ගේ දිනයක් වේවා!
VALENTINE'S DAY
✒️ Tharu Tharu 📝
පිංසාර හැගීම් දැනෙනෙත්
සංසාර පුරුද්දට වෙන්න ඇති ... 🌸
ඒකයි හුරුපුරුදු හැගිමෙන් ම
මේ ගමනේ නුඹ හමු වෙන්න ඇත්තේ....
නුඹට මා මට නුඹව හිම් ව
එක සිතින් පේ උනාවේ ....
කරන්නට කුසල්ම නුබ සමගින්
හිම් උනෙත් සත්තකින්
පෙරපිනක මහිමයක්ම වෙන්න ඇති ....
ඉතිං පිං පුරමු සසර කෙලවර එකට දකින්නට මේ අත්භවේකදී ..♥️😘
❤️ කි.ව.3 සියවසේ රෝමය පාලනය කල ක්ලොඩියස් නැමැති අධිරාජයාගේ නියමයට අනුව යුද්ධය කිරිමට සෙබලුන් අවශ්‍ය නිසා පිරිමි පුද්ගලයන්ට විවාහය තහනම් කරනු ලැබීය ඒ විවාහ වූ පසු සෙබලුන් යුද්ධයට නොපැමිණෙයි යන්න සිතේ ඇතිවූ සිතිවිල්ල නිසාය ඒ කාලයේ වැලන්ටයින් නැමති පදිලිවරයා ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරය කරන අතරතුර හොරෙන් පිරිමි ලමයි ගැහැනු ලමයි විවාහ කර දෙනු ලැබීය.මේය අධිරජුට දැනගන්නට ලැබී පදිලිවර්යා සිරගත කරනු ලැබීය එහිදි සිරගෙදර භාර ජෙලර්වරයාගේ දියණියට දෑස් නොපෙනුන නිස මොහු ඇයව සුවපත් කරනු ලැබීය පසුව ඇය සමග ප්‍රේම සම්බන්දයක් ගොඩ නගාගත් අතර අදිරජු පදිලිවරයා මරණදණ්ඩණයට නියම කෙරිණි ඒ පෙබරවරි 14 දිනය ඒහිදි ඇයගේ පෙම්වතියට ඔහු ලියුමක් ලියනව from your velantine යනුවෙන් සදහන් කර එහිදි එම පදිලිවරයා වැලන්ටයින් බව පසක් වනවා.. ඉන් වසර 200 පසුව යුරෝපය ක්‍රිස්තියානි බවට මුලුමනින්ම පත්වූ විට එම කාලයේ පාප් වහන්සේ විසින් වැලන්ටයින් පදිලිතුමා කිස්තියානි දර්මය වෙනුවෙන් දිවි පිදුවා සේ සලකා වැලන්ටයින් සන්තුවරයා ලෙස නම් කරනු ලබනවා...එම කාලයේ පැවැති කාන්තාවන්ගේ ආදර දිනය නැමැති උත්සවය හා වෘක දෙනුවක් දරැවන් දෙදෙනෙකුට කිරි දී හදාවඩාගත් යන ජනප්රවාදයට අනුව පැවති උත්සවය හා සම්මිශ්‍රව මේ දිනය සැකසෙනව.
❤️
ආදරය ♥️
ඔව් අකුරු හතරක් වෙන්නැති..
ඒත්,
අකුරු හතරකින් එකතු උන
ලෝකේ ලස්සනම දේ
ජීවිතේ වටිනම දේ
මිනිහෙක්ට ලබන්න පුලුවන් ආදරණීයම හැඟීම..
සතුටට හේතුව ඔය අකුරු හතරෙන් හැදෙන බලාපොරොත්තු ගොන්න..
හිතුවේ නැති දවසක
හිතන්නැතිව ලන් උන දවසක,
ලස්සන මතක
නුබ දුන්නා
අහසක් උසට බලාපොරොත්තු...
ඒ බලාපොරොත්තු හැම එකක්ම
ඉශ්ට කරගන්න මට ඕන මැනික..
මන් දන්නවා
මගේ ජීවිතේ අයිතිකාරි ඔයා කියලා
ඔයාගේ ජීවිතේ අයිතිකාරයා මන් කියලා
ඔව් අපි බැඳුනා
හිත් වලින්
ආදරණීය ආත්මයන් වලින්
නුබ ඉන්න ඕන
මගේ ලෝකෙ,
අවසන් හුස්ම පොද තුරාවටම
මගේ රැජින වෙලා
මගේ හුස්ම වෙලා..
ඇටමිඳුලු වලටම
ඒ ආදරණීය ආදරය ඕන මැනික
අදි මාත්රාවලින්ම..
📝 senanayaka
හිතේ එක්කෙනෙක් තියාගෙන තව කෙනෙක් ට,
ආදරේ කරන්න එපා බන් කවදාවත්..
සමහරවිට උබට ඒක ආතල් එකක් වෙන්න ඇති..
ඒත් එහ් ඉන්නේ උබට බොක්කෙන් ම love කරන
එකෙක් නම්...
එහ් කෙල්ල හරි කොල්ල හරි,
උබ හින්දා උබට ආදරේ කරපු හින්දා
කවදාවත් විදලා නැති තරමට ගොඩක් දුක් විදියි..
ඉවසයි උබට ආදරේ හින්දා හැම දුකක් ම
ඒත් හැමදාම නෙමෙයි
කොච්චර ඉවසන කෙනෙක් උනත්,
දවසක් එනවා බං ඉවසීමේ limit එක පනින..
එදාට උබට තේරුම් අරන් හිටියත් හැමදේම
එහ් කෙනාට එපා උන දේ තිත්ත කසායක්ම විතරයි..
පුලුවන්නම් හිත සුද්ද කරලා දාපන්..
පොඩි මතකයක්වත් නැති වෙන තරමට..
ආදරේ කරපන් අලුතින් තනි හිතක් එක්ක..
කවදාවත් ආදරේ විදපු නැති කෙනෙක් විදිහට..
කවදාවත් නටබුන් වෙලා ගිය අතීතයක් නිසා,
උබට ලස්සන අනාගතයක් හදලා දුන්න,
උබ වෙනුවෙන් පන උනත් දෙන්න බලන් ඉන්න
කෙනෙක්ව නැති කරගන්න එපා කවදාවත්..
නැති කාලේ දුක් නොවෙන්න
ඉන්න කාලේ ඇති වෙන්න ආදරේ කරපන්... !
Credits goes - මධූ 🌸🖤
Click here to claim your Sponsored Listing.