Dr medz
එදිනදා ජීවිතයේදී ඔබට එන බොහෝ සෞඛ්‍ය ගැටලු සදහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම අපේ අරමුණයි..
ඩෙංගූ....
ඩෙංගූ කියන්නේ අපි හිතනවට වඩා බොහොම දරුණු වසංගතයක්...හෙමින් හෙමින් කල එලි බහින වැස්ස එක්ක ඩෙංගු වසංගතය හිස ඔසවන දවස වැඩි ඈතක නෙවේ...
ඔබ ප්‍රවේසම් විය යුත්තේ ඇයි?
ඩෙංගු නිසා සිදුවන මරණ වලට වයසක් නෑ..පුංචි පාසල් යන දරුවන්ගේ පටන් තරුණ මහලු ඕනිම කෙනෙක්ට මෙය දරුණුවටම බලපාන්න පුලුවන්..ඩෙංගු නිසා වෛද්‍යවරයෙක් ලෙස මා අන්තිමටම අත්විදි ජීව්ත බිල්ල අහිංසක තරුණියක්.ඒ මතකයෙන් තවමත් අපේ හිත් ගැලවෙන් නැති තරම්!!වෙලාවකට ස්වභාවධර්මය හමුවේ වෛද්‍ය විද්‍යාව පවා අසරණ වියහැකී..නමුත් නිවැරදි වෙලාවට නිවැරදි ප්‍රතිකාර එවැනි සිදුවීම් අවම කරනවා නිසැකයි.!!එවැනි අහිමිවීම් ඔබට වුනොත්!!"ඔබේ ළගම කෙනෙකු ඩෙංගු වැනි ආරක්ශා වියහැකි රෝගයක් නිසා අහිමි වූවොත් කොයි තරම් දරාගැනීමට අපහසු වෙයිද? මිත්‍ර වරුනි....!!ප්‍රවේසමෙන්....!!!
ඩෙංගු රක්තපාතය!!!
ඩෙංගු රක්තපාතය රෝගියෙකු වාට්ටුවක සිටීනම් වෛද්‍යවරු,හෙදියන් ඇතුලු සියලු දෙනාම ඉතාමත් අවදානයෙන් ඉන්නේ...කොයිතරම් ද කියනවනම් එලෙස ඩෙංගූ රෝගීන් නිසා එක විනාඩියක් නිදි නැතිව බලා හිදි රාත්‍රීන් කීයක් තිබී ඇතිද??....හිතන්න ...ඒ තරම් බයානක වියහැකියි ඩෙංගූ...!ඔබ නොසිතන විදිහට මිනිත්තු දෙකකට පෙර ඔබ සමග කතාබහ කර කර සිටින ඔබේ සමීපතයෙකු ඊලග මිනිත්තුවේ මියගියොත්??ඔබට කෙසේ දැනෙනු ඇතිද??"ඒ නිසා සැලකිලිමත් වීම හරි වැදගත්!!!
ඔබ පිලිපැදිය යුතු උපදෙස් මොනවාද??
හරිම සරලයි....
*දින තුනකට වඩා උණ තිබේනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පමනක්ම නොව රුධිර පරීක්ශනයකට ලක් කිරීම ඉතා වැදගත්!!!
(ඔබ වෛද්‍යවරයෙකු වෙත යාමේදී රුධිරය පරීක්ශා කරනු ඇති)
*ඔබේ අවට පරිසරයේ වතුර රැදෙන තැන්,කැලිකසල සියල්ල ශුද්ධ පවිත්‍ර කරන්න..ඔබ පමනක් නෙවේ අසල්වැසියන් වත් දිරිමත් කරන්න.
*මදුරුවන් අධික ප්‍රදේශයකනම් මදුරු නාශක භාවිතය,මදුරු දැල් භාවිතය ඉතා වැදගත්..මන්ද යත් මෙය මදුරුවන් මගින් ඇතිවන රෝගයක් නිසා...
*ඔසුසලෙන් හෝ වෛද්‍යවරයෙකු නොවෙන පුද්ගලයින්ගේ අවවාද පිට NSAIDs වැනි ඖශධ රසායනික භාවිතය සිදුනොකිරීමෙන් විටෙක ඔබට ඔබේ හෝ ඔබේ සමීපතයෙකුගේ ජීවිතය රැකගත හැකී...ඩෙංගු සෙල්ලමක්නම් නෙවෙ....ප්‍රවේසමෙන්...
ඩෙංගූ කියන්නේ ජීවිත හානිවිය යුතු රෝගයක් නොවේ ...අප ප්‍රවේශම් විය යුතුම ....පහසුවෙන් අපට අවදානම අවම කරගත හැකි රෝගයක්...අපි අපේ ආදරනීයන් වෙනුවෙන් ප්‍රවේසම් වෙමු...!!"
Dr omesh s dahanayake - YouTube Share your videos with friends, family, and the world
දියවැඩියාවට ඔබව පාලනය කරන්න දෙන්න එපා..!!!
දියවැඩියාව කියන්නේ සංකූලතා (complications ) ගොඩක් බහුල රෝගී තත්වයක්..පෙර සටහනෙත් දැක්වු පරිදි දේහය තුල ග්ලූකෝස් මට්ටම ඉහල යාම හේතුවෙන් සාමාන්‍ය භෞතික ක්‍රියාවලිය ටිකක් විතර වෙනස් විදිහකට හැඩගැහෙනවා.
මේ නිසා ඇතිවෙන සංකූලතා microvascular සහ macrovascular කියන වර්ග දෙකට අයත්..microvascular වර්ගය බලපානේ ඉතා කුඩා රුධිර වාහිනී වලට .ඒවගේමයි ශරීරයේ විවිධ කොටස් වලටටත් බලපෑම් කරනවා.විශේෂයෙන්ම ඇස්,වකුගඩු සහ ස්නායු වලට.බොහෝවෙලාවට මුලින්ම ඇස් තමයි ගොදුර වෙන්නේ..ඇස් වල සුද,ග්ලූකෝමා වගේ තත්ව නිසා අන්ධ භාවයට පත්වීම දක්වා දියවැඩියා මාරයා දරුනු වෙන්න පුලුවන් .ඔබට දියවැඩියාව තිබේනම් ඔබේ පෙනීම තත්වය බලාගැනීම සහ අක්ශි වෛද්‍යවරයෙකු ලවා ඇස් පරීක්ශා කරගැනීම අතිශය වැදගත්.දියවැඩියාව මනා පාලනයක් තුලින් මේ තත්වය පාලනය කල හැකී.ඔබේ මූත්‍රා පෙන පෙන ලෙස පිටවේනම් ප්‍රෝටීන් පිටවීමේ තත්වයක් තිබිය හැකී.එනම් diabetic nephropathy නම් රෝගී තත්වය ඇති වූවොත් පසු කාලීනව දීර්ඝ කාලීන වකුගඩු රෝගය (chronic kidney disease) රෝගයට ගොදුරු වී මියයාම පවා සිදුවිය හැකී.එබැවින් ඔබේ දියවැඩියාව රුධිර පීඩනය පාලනය බොහොම වැදගත්..ඔබේ වෛද්‍යවරයා ප්‍රෝටීන පිටවේනම් ඒ සදහාද බෙහෙත් නිර්දේශ කරනු ඇති..ඒවා නිසිලෙස පිලිපැදීම හරිම වැදගත්.
වකුගඩු රහිතව ජීවත් වීම රෝගියාගේ මරණ සහතිකය හා සමානයි.dialysis වගේ ප්‍රතිකාර ක්‍රම නිසා එවැනි රෝගීන් පවා තාවකාලික සහනයක් ලබනු දක්නට පුලුවන් .ඒවගේමයි ස්නායු ප්‍රශ්න නිසා දරුනු කොන්දේ වේදනා,කකුල් අත පය හිරිවැටීම් වගේ neuropathy රෝග තත්වයට පත්වියහැකි.මෙයට හේතුවත් දියවැඩියාවම තමයි.එවැනි ස්නායු රෝග ඇති වූවහොත් පවතින් ප්‍රතිකාර ක්‍රම සීමිතයි.
Macrovascular සංකූලතා ලෙස හදවත් ආබාධ,අඝාත තත්ව/අංශභාග තත්ව වගේම කකුල් ආශ්‍රිත peripharal vascular disease නම් රෝගී තත්ව ඇතිවිය හැකි.අධි රුධිර පීඩනය,හෘදයාබාධ ,අංශභාග කෙරෙහි ප්‍රධානම හේතුවක් ලෙස දියවැඩියා මාරය හදුනාගත හැකී.මින් ප්‍රවේශම් වීමටනම් ඔබ කල යුත්තේ කුමක්ද.?
ඔබ අධික බර කෙනෙක් නම් bmi අගය (ශරීර ස්කන්ධ දර්ශකය) නිසි අගයේ තබා ගැනීම වැදගත්.ඒ සදහා තෙල් ,සීනි අධික ආහාර සීමාකිරීම අතිශය වැදගත්.ඒවගේම පෝශනවේදී අවවාද ලබා ගැනීමට ඕනෑම ප්‍රධාන රජයේ රෝහලකින් ඔබට හැකියාව තිබෙනවා..දියවැඩියා සායන වලත් මීට අදාල අවවාද ලබා දෙනවා.රතු බත්,මස් මාලු බිත්තර වැනි ප්‍රෝටීන් ලබා ගැනීම බැදුම්,ඩෙවල්,තෙම්පරාදු,ක්ශනික නූඩ්ලස් වැනි ආහාර සීමා කිරීමත් කේක්,පාන් වැනි පිටි ආහාර වලින් වැලකීමත් නිරන්තර සීනි දමා කිරි තේ ,කෝපි පානයත් වලක්වා ගැනීම හෝ අතිශය අවම කිරීම ඉතා වැදගත්.සතියකට මිනිත්තු 150ක් වන සේ දවසකට මිනිත්තු තිහක්වත් දාඩිය පිටවන තරමේ ව්‍යායාම වල යෙදීම ඉතාම වැදගත්.එමෙන්ම බෙහෙත් නිසි පිලිවෙලට ගැනීම හා මනා මානසික සෞඛ්‍යය ක් පවත්වා ගැනීමත් දියවැඩියා මාරයා මර්දනයට ලොකු රුකුලක්.
මීලග සටහන දියවැඩියාව නිසා ඇතිවිය හැකි තුවාල ,කකුල් අත පය අහිමිවීම් වලක්වා ගැනීම පිලිබදව......
Watch it.
මොකක්ද මේ වලිප්පුව හා අපස්මාරය කියන්නේ?
දියවැඩියාවෙන් බේරෙන්නේ කොහොමද?
දියවැඩියාව කියන්නේ බෝ නොවෙන වර්ගේ රෝගයක්.මේක සමාජය තුල බය ඇති කරන ,ඉතාමත් බහුල ලෙඩක්.ඇත්තටම දියවැඩියාවට ඔබ බයවෙන්න ඕනිද? ඔව් ඔබ බය විය යුතුයි.හේතුව දියවැඩියාවට පුලුවන් ඔබේ ජීවිතය නැතිකරන්න.ඔබට අතක් කකුලක් අහිමි කරන්න.ඔබේ අංශයක් පණ නැති කරල ඔබව එක්තැන් කරන්න.
දියවැඩියාව නිසා හදවත් රෝග,අංශභාග තත්ව, තුවාල හා විශබීජ පැතිරීම වේගවත් වෙනවා.වකුගඩු අක්‍රිය වීම,රුධිරයේ ප්‍රශ්න,පසුකාලීන පිලිකා අවදානම වැඩිකිරීම සිදුවෙනවා.. එකී නොකී රෝග සියගානකට මූලබීජය වෙන්න දියවැඩියාවට පුලුවන්. ඉතින් ඔබ බියවියයුතුමයි නේද?
ඔබේ පවුලේ දියවැඩියා රෝගීන් සිටීනම් ඔබට දියවැඩියාව ඇතිවීමේ හැකියාව වැඩිවිය හැකියි.එ නිසා ඔබ අවදානයෙන් සිටීම වැදගත්.ඇත්තටම දියවැඩියාව හැදෙන්නේ කොහොමද?
දියවැඩියාව හැදෙන ප්‍රධාන ආකාර දෙකයි.හැබැයි තවත් ආකාර තියෙයි. Type 1 හෙවත් පලමු ආකාරය ඇතිවෙන්නේ ඔබේ අග්න්‍යාශයේ ලැන්ගර්හැන්දීපිකා ආශ්‍රිතව ඉන්සියුලීන් ශ්‍රාවය නොවීමෙන්.මේ රෝගීන් බොහෝ විට ළමා අවදියේදීම හදුනාගත හැකී.ඔවුන් බොහෝ විට බඩේ වේදනාව,අධික වමනය සමග මූත්‍රා පිටකිරීම වැඩිවීම,අධික තිබහ වැනි රෝග ලක්ශන පෙන්නුම් කරනවා.බහුතරයක් හදුනාගන්නේ වෛද්‍යවරයෙකු සිදුකරන පරීකශාවකින්.ඇත්තටම මේ රෝගීන් බොහෝ විට හදුනාගන්නේ ඔවුන් diabetes ketoacidocis කියන හදීසී තත්වයේ ඉද්දී.මොකද ඔවුන්ව කලින් හදුනාගන්න හරිම අපහසු නිසා.නමුත් ඉන්සියුලින් නිසි පරිදි දිනපතා ලබා දීමෙන් හා ඔවුන්ට දෙන අවවාද පිලිපැදීමෙන් මේ රෝගය මනා ලෙස පාලනය කරගත හැකී..මේ diabetes ආකාරය හා පිලිපැදිය යුතු දේ පිලිබද ඊලඟ දවසක කතා කරන්නයි සූදානම.
Type 2 හෙවත් බහුලම දියවැඩියා ආකාරය ඇතිවෙන්නේ ඉන්සුලින් කෙරෙහි ශරීරයෙන් දක්වන ප්‍රතිචාරය අඩුවීමෙන්.මෙහෙම වෙන්න ගොඩක් හේතු තියෙයි.අපි ඕක resistance කියල හදුන්වනවා.වැඩිහිටියන් අතර බහුලම මෙන්න මේ දියවැඩියා ආකාරය.වැදගත් දේ තමයි අපි ඔය රෙසිස්ටන්ස් (resistance ) වීමෙන් වලකින්නේ කියන එක.
වැදගත්ම දේ තමයි ඔබේ ශරීරය පවත්වාගන්නා ආකාරය. ඔබ ස්ථූලයි නම් එහෙම නැත්නම් ඔබ මහතයිනම් ඔබට මේ රෝගය සෑදීමේ හැකියාව වැඩී.
ශරීර ස්කන්ධ දර්ශකය = බර ÷ [උස ×උස]
(B.M .I)
ලාංකිකයෙකුට මෙම දර්ශකය 18.5-22.9අතර පැවතීම සෞඛ්‍ය වත්. මෙම BMI අගය 22.9 ට වඩා ඉහල එනම් අධි බර දියවැඩියාවට ප්‍රධානම හේතුවක් වියහැකී.ඒ නිසා ඔබ අදම ඔබෙ BMI අගය ගනනය කරගන්න.සතියට මිනිත්තු 150ක් පමණ ව්‍යායාම කිරීම අතිශය වැදගත්.දිනකට අඩුම පැය භාගයක්වත් දහඩිය පිටවන සේ ව්‍යායාම කිරීම සහ අධික සීනි,පිටි හා තෙල් පවතින ආහාර පාලනය කිරීම මගින් ඔබේ BMI අගය නියම තත්වයේ පවත්වා ගත හැකී.කඩකෑම (instant foods/ෆ්‍රයිඩ් රයිස් වැනි ආහාර) ඔබේ දියවැඩියා අවදානම වැඩිකරයි.
ඔබ ගන්නා සීනි ප්‍රමාණය පිලිබදව අවදානය දීමත් ඉතා වැදගත්..අඩු සීනි ඔබ නිරෝගී කරයි.එමෙන්ම දුම් බීම ,අරක්කු නිතර පානයත් මීට හේතු විට හැකී.ඒ නිසා සිගරට් පානය කරයිනම් අනාගතේ දියවැඩියාව,පෙනහලු රෝග,පිලිකා,හදවත් රෝග බලාපොරොත්තු වෙන් පානය කල යුතුයි.ඒ පුරුදු නැවත්වීමත් ඉතා වැදගත්.
එමෙන්ම දියවැඩියාව නවත්වාගැනිමට නම් ඉහත අනාරක්ශිත තත්ව ඔබට පවතීනම් මාස 6කට වතාවක්වත් ඔබ දියවැඩියා පරීක්ශනයක් කරගැනීමත් අතිශය වැදගත්. ඒ සදහා පැය 10-12 අතර ආහාර ගැනිමෙන් වැලකී සිදුකරම FBS පරීක්ශනය,එසේ පෙර සූදානම් වීමෙන් තොරව සිදුකරන Hba1c පරීක්ශනය උනත් යොදාගත හැකී.
ඊගාව සටහන දියවැඩියා රෝගීන් සදහායි.ඔබට වැලදී ඇති රෝගය පාලනය කරගන්නේ කෙසේද යන්න ඊගාව සටහනින් බලාපොරොත්තු වන්න.
How to differentiate pain of gastritis and myocardial ischemia | Dr Medic | Medi Tips ගැස්ට්‍රයිටිස් හදුනාගැනීමරෝගලක්ෂණ අවදානම් තත්වරෝග සංකූලතාපූර්ව හදුනාගැනීම සහ ප්‍රතිකාර**වීඩියෝවේ සදහන් වන පප...
මොකක්ද මේ සීනි අඩුවීම හෙවත් HYPOGLYCEMIA ?
අපි දන්නවා අපේ ඇගට අවශ්‍ය ශක්තිය මූලික වශයෙන් ලැබෙන්නේ ග්ලූකෝස් මගින්.එහෙම නැත්නම් සීනිමය ආහාර මගින්.ඒ නිසා ශරීරය තුල තියෙන හදවත,මොලය වගේ ඕනෑම අවයවයක ක්‍රියාකාරීත්වයට සීනි අවශ්‍ය මයි.
සමහර අවස්ථා වලදී අපිට අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය ඇගට නොලැබී යාම hypoglycemia හෙවත් සීනි අඩුවීම ලෙස හදුන්වනවා .ඉතා වයසැති වැඩිහිටියන් අතර බහුලව සීනිඅඩුවීම දක්නට ලැබෙන අතර අලුත ඉපදුනු දරුවාගේ පටන් ඕනෑම දරුවෙක් hypoglycemia වට භාජනය වෙන්න පුලුවන් .
වැඩිහිටියන්ට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ දියවැඩියාවට ගන්න ඉන්සියුලින් ,glicazide වගේ ඖෂධ අධිමාත්‍රා වලින් ගැනීම.එහෙමත් නැත්නම් උපදෙස් දෙන පරිදි ආහාර නොගෙන ඉන්සුලින් වැනි බේත් පානය කිරීම. ඒ නිසා ඉන්සියුලින් ගැනීමට පෙර ආහාර ගැනීම හරි වැදගත්.
ඒවගේමයි දරුවන්ගේ උපතේ සිදුවන සංකූලතා,විවිධ syndrome තත්ව,වැරදි කිරි පෙවීමේ ක්‍රම දරුවන්ගේ hypoglycemia වට හේතුවෙනවා.
අද වනවිට hypoglycemia වට හේතු ලෙස බහුලවම දකිනුයේ උණ හැදීම /අසනිප වීම සමඟ ආහාර නොගෙන අත් හැරීමයි.මේ නිසා සීනි මට්ටම අඩු වී ඔබ නින්දෙන් මියයාම වුණත් වියහැකී.
බහුතරයක් වැඩිහිටියන් අධික නිදිමත,ක්‍රියාශීලීත්වයේ අඩු බව,ඇග පත හිරිවැටීම,හිසේ වේදනව,ක්ශනිකව මතකය අඩුවීම,ක්ලාන්තය වැනි රෝග ලක්ෂන සමග මෙන්ම සමහරු සිහි මූර්ජා වී පැමිනෙන අවස්ථාත් එමටයි.කුඩා දරුවන් නම්( fit) ෆිට් එක හෙවත් අපස්මාරය සමඟ රෝහල්ගත කෙරෙන අතර විටෙක හේතුවනම් සීනි අඩුවීම.
වැඩිහිටියෙක්ගේ සාමාන්‍ය යෙන් 70mg/dl සහ දරුවෙකුගේ 45mg/dl ට වඩා සීනි අඩු වීම වහා ප්‍රතිකාර කලයුතු තත්වයන්.මෙම අගයන් විවිධ අර්ථකතන අනූව යම් වෙනස්වීම් පැවති හැකි.
වැදගත්ම දේ නම් ඔබ නිවසේදී මෙවැනි තත්වයකට මූණ පෑමට පෙර ඉන් වැලකීම.ඔබේ දරුවා අසනීප තත්ව නිසා ආහාර නොගෙනම සිටීනම්,අධික වමනය හෝ බඩඑලිය යාම පවතීනම් වහා වෛද්‍ය වරයෙකු හමුවීම අතිශය වැදගත්.ඉතා පුංචි හේතුවක් නිසා අපි අපේ හිතවතෙකුගේ ජීවිතය මරණයෙන් කෙලවර කල යුතු නෑ ..ඒ නිසා දැනුවත් වෙමු..වහා ක්‍රියාකරමු.
සුබ දවසක් ඔබට! Dr medz අප FB පිටුව හරහා ඔබගේ සෞඛ්‍ය ගැටලු වලට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමට අපි සූදානම්.ඊට අමතරව ඔබ පොදුවේ මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු පිලිබද මේ හරහා දැනුවත් කිරීම් කෙරෙනු ඇතී.
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Nittambuwa
Nittambuwa
Herbal product , ayurveda treatment ,herbal plants ,ayurveda article ,herbal beauty treatment
Pulathisi Traditional Medical Farm . Wathupitiwala Nittambuwa
Nittambuwa
28 Kapruka Malwaththa Nittambuwa
Nittambuwa, 11880
We are the best place you can get sri lankan medi plants for the best price in the market
587/2, Kandy Road
Nittambuwa
"Branded & Safest Medicine at the lowest price"
No07, Hemali Pharmacy, New Bus Stand
Nittambuwa, 11880
We offer high-quality products at a very reasonable price, and we deliver fast and reliable service.