Moon Glow Night Cream

අත් කකුල් වල අවපැහැය නිසා කොට ඇදුමක් අ

21/04/2023

පායන කාලෙට ඇග cool වෙලා යන්න හැදුවා ලැසී. (LASSI) 🤗 🤗

අවශ්‍ය දේවල්

🔸යෝගට් හෝ මී කිරි කප් 2
🔸රස අනූව සීනි
🔸අයිස් කැට ටිකක්

මුලින්ම බේලෙන්ඩර් එකට යෝගට් හෝ මී කිරි දාන්න. ඉන්පසු අයිස් කැට සහ සීනි දමා වතුර ටිකකුත් දාලා ක්‍රීම් එකක් වනතුරු බ්ලෙන්ඩ් කරන්න.

ඕනි නම් අඹ හෝ වෙනත් පලතුරු එක්කර හදා ගන්න පුළුවන්.. තවත් රසවත් 🤗

දැන් වීදුරුවකට දමා රස බලන්න. ඕනි නම් කජු, වියළි මිදි දමා සරසා ගන්න

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

20/04/2023

🟠මංගල දිනයේදී මනාලිය විදිහට ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. ඉතින් එහෙනම් මේ දවස්වල Saloon එකට යන්න නැතුව දුකින් ඉන්න ඔයාට නිවසේදී ම ඉතා පහසුවෙන්ම කරගත හැකි ප්‍රතිකාර කිහිපයක් ගැන කතා කරමු.
* පැහැපත් වෙන්නේ කොහොමද ?

මගේ කලින් article එකකත් පැහැපත් වීම ගැන නම් මම කතා කරා. ඊට අමතර ව ඔබට නිවසේදී කල හැකි වෙනත් ප්‍රතිකාර කීපයක් ගැන මෙහිදී සලකා බලමු.

🛑කෝමාරිකා ජෙල්
කෝමාරිකා කොලයක් ගෙන මැදින් කපා, සුරා මදය එකතු කර එය මුහුණේ ගලවන්න.

🛑සුදු හඳුන්
සුදු හඳුන් කැබැල්ලක් ගෙන, එය ඇල් වතුරින් ගලේ උරච්චි කර ආලේප කිරීමෙන්, පැහැපත් සමක් හිමිකර ගත හැකි ය. වියළි සමකට නම්, සුදු හඳුන් එතරම් සුදුසු නැත.

🛑පළතුරු බොහෝමයක ලෙලි
දොඩම් ලෙල්ලේ සුදු පාට කොටස මුහුණ මත ඇතිල්ලීමෙන් සමට දීප්තියක් එක් වෙනවා.
ඉදුණු ගස්ලබු ලෙලි කුණු කූඩයට විසි කරන්නේ නැතිව එය ශීත කරණයේ තියලා තරමක් සීතල වුණු පසු මදය පැත්ත මුහුණේ ආලේප කරන්න.

🛑පිරිසිදු ජලය
සම පැහැපත් කර ගැනීමට නම්, සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම ඉතාමත් ම වැදගත් ය. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට දිනපතා හොඳින් ජලය පානය කරන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

19/04/2023

😍කුරුලෑ ගැන වද වෙනවාද?

මුහුණේ කුරුලෑ හට ගැනීම, සාමාන්‍ය සමක ඇතිවන සාමාන්‍ය තත්වයක්. ඇත්තටම, මේ කුරුලෑ මගින් අපේ සමේ ඇතුලතින් තියෙන අනවශ්‍ය දෑ පිටත දමනවා. නුමුත් මේ එන කුරුලෑ වලට බැක්ටීරියා අසාදිත වෙලා, ඒවා විශාල වී සැරව පිරී තිබෙනවානම්, ඒක ඇත්තටම ආසාධිත තත්වයක්. මෙන්න මේ ප්‍රශ්නය ගැන අපේ තරුණ තරුණියන් ගොඩක් වද වෙනවා. ඉතින් අපි බලමු, කොහොමද මේ කුරුලෑ සැදීම වලක්වා ගන්නේ, අඩු කර ගන්නේ කොහොමද කියල.
කුරුලෑ පාලනයට පුංචි ටිප්ස් ටිකක්

01. දිනපතා නිවැරදි අයුරෙන් සම පිරිසිදු කරන්න - මුහුණේ තෙල් ගතිය වැඩියි කියල හෝ කුරුලෑ වැඩියි කියල දිනකට වාර ගණනාවක්ම
මුහුණ සෝදන්න එපා. හරි විදියට මුහුණ දෙවතාවක් සේදුවොත් ඇති කියල තමයි රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය කියන්නේ.
හැබැයි මේ හෝදන වෙලාවට, ඔයාගේ සමට ගැලපෙන ක්ලේන්සර් එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මුහුණ සෝදන්න කලින්, අත් හොදින් පිරිසිදු කර ගත යුතුයි. ඒ වගේම මුහුණ තදින් පිරිමදින්න එපා. මුහුණ පිසීමට පිරිසිදු ටවල් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම මුහුණේ අලේප කිරීමට ආලේපන තෝරා ගැනීමේදී ලනොන්-අජනෙ-ගෙනිජල ආලේපන තෝරා ගන්න ටුය් කරන්න.

02. මී පැණි මුහුණේ ආලේප කිර්ම - මී පැණි කියන්නේ බැක්ටීරියා වලට විරුද්ධව ක්‍රියා කරන දෙයක්. ඉතින් මේ මී පැණි ස්වල්පයක් මුහුණේ ආලේප කර විනාඩි 10-20 පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

03. මුහුණට හුමාලය අල්ලන්න - මුහුණට හුමාලය ඇල්ලීමෙන් පසු සිසිල් වතුරෙන් මුහුණ සෝදන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

18/04/2023

දත් කැක්කුම තප්පරෙන් හොඳ කර ගන්න

දෙහි කෑල්ලක් තියන්නදත් කැක්කුම තප්පරෙන් හොඳ කර ගන්න දෙහි කෑල්ලක් තියන්න

කරනා ආකාරය :- දෙහි කෑල්ලක් අරගෙන වේදනාව තිඛෙන ස්ථානයේ අතුල්ලන්න.එවිටද දත් කැක්කුම අඩු කර ගත හැකියි. දෙහි කැබැල්ලේ තිබෙන සිට්රික් ඇසිඩ් සහ විටමින් c දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙනවා.

කරනා ආකාරය :- දෙහි කෑල්ලක් අරගෙන වේදනාව තිඛෙන ස්ථානයේ අතුල්ලන්න.
එවිටද දත් කැක්කුම අඩු කර ගත හැකියි. දෙහි කැබැල්ලේ තිබෙන සිට්රික් ඇසිඩ් සහ විටමින් c දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙනවා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

17/04/2023

☺️සම පැහැපත් කරවන විශ්මිත පානය ‘රණවරා’

ගොඩක් දෙනක් සම පැහැපත් කර ගන්නවට වඩා සුදු කර ගන්න හරියට මහන්සි වෙනවා. එත් විවිධ ආලේපන නිතරම ආලේප කිරීම නිසා සමට වෙන්න තියෙන හානිය ඉතා වැඩියි. ඒවායේ ඇති අවදානම හඳුනා ගෙන අහිතකර ආලේපන වලින් මිදිලා ස්වභාවික ආලේපන හා ස්වභාවික දෑ මඟින් ශරීරයට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය ලබා දුන්නොත් ලෙඩ නොවී හැඩ වෙන්න පුළුවන්.

දිනපතා රණවරා මල්, කොළ තැම්බූ වතුර, රණවරා කැඳ ආදිය පානය, රණවරා කොළ මැල්ලුම ආහාර වේලට එක් කර ගැනීම මඟින් ලේ පිරිසිදු වෙනවා. ඒ මඟින් සම වඩා පැහැපත් වෙනවා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

14/04/2023

💁 ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට , ආදරය ❤ හා නීරෝගීකම පිරුණු සෞභාග්‍යමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🥰

13/04/2023

අවශ්‍ය ද්‍රව්‍ය

උළුදු පිටි 250g. හාල් පිටි 250g.පාන් පිටි75g. පොල් කිරි 100g. බැදිමට තෙල්.කිතුල් පැනි කාලක්.වතුර ටිකක්

සාදන ආකාරය.

මුලින්ම පිටි වර්ග එකට දමා කවලම් කර ඉන්පසු වතුර එකතුකර කවලම් කර මිශ්‍රණය පැය පහක් පමන තබන්න පැය පහකට පසුව බිටරයකින් හොදින් බීට් කරගන්න ඉන්පසු ප්පයිපින් බෑග් එකට මිශ්‍රනය ටිකක් දමා තෙල් මතට රවුමට වක්කරන්න වලලු බැදෙන්න පටන් ගන්නකොට පැනි ටික රත්කර එයට බැදුනු වලලු දමා විනාඩි 3 ක්පමන තබා එලියට ගන්න ඉන්පසු වලලු එලියට අරගෙන සිසිල් වෙන්න තබා රස බැලිය හැක

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

12/04/2023

උගුරේ ආබාධ සදහා යෝග්‍ය ඖෂධීය ආහාර

⭐මී පැණි දිනකට මී පැණි තේහැදි දෙකක් පමන ප්‍රමාණයක් ගැනීම යෝග්‍ය බව තහවුරු වී තිබේ.

⭐ඉඟුරු වයසට යාම පාලනය කරන ආහාරයක් ලෙස නම් දරා ඇති ගම්මිරිස්, තේ සමඟ ඉඟුරැ දවසට 5වරක් පානය කිරීමෙන් උගුර ආහුත ආසාධන යටපත් කර හැකිවේ.

⭐දෙහි දෙහි බින්දු කීපයක් උණු ජලය සමග මිශ්‍ර කොට පානය කිරීම මගින් උගුර ආශුත ආසාධන සුවපත් කර ගැනීමට හැක.

⭐කහ උණු ජලය සමඟ මිශ්‍ර කොට දිනකට කීපවරක් පානය කිරීම තවත් ප්‍රයෝජනවත් ක්‍රමයක්වේ.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

11/04/2023

⭕⭕ලේසියෙන්ම කරන්න පුළුවන් කොණ්ඩේට හොද සත්කාර කිහිපයක් 😍

1- යෝගට් එකකට බිත්තර කහමදයක්,විටමින් E කරලක් දාලා නාන්න පැයකට කලින් ගාන්න....

2- හාල් වතුර සත්කාරය මේකට නම් කොණ්ඩේ ඉක්මනින් වැවෙනවා
(හැබැයී කොණ්ඩේ ඩ්‍රයී වෙලා ඉස්සොරි ඇතිවෙන නිසා හාල් වතුර එකට දෙහි කෑල්ලක් දාලා පාවිච්චි කරන්නත් පුලුවන් )

3- කොණ්ඩෙ යන එක නතර කරගන්න නම් කරාබූ නැටි කිහිපයක් පැය 24 වතුරට දාලා තියලා ඒ වතුර කොණ්ඩෙට ස්ප්‍රේ කරලා පැයකින් නාන්න පුලුවන්.

4-ලූණූ යුෂ හැමෝම අහනවා ලූණූ යුෂ කොණ්ඩේට හොදයිද කියලා ඔව් ගොඩක් හොදයි..බ්‍රෙන්ඩර් කරලා යුෂ ගන්නත් පුලුවන්..බ්‍රෙන්ඩර් කරන්න විදිහක් නැතනම් වංගෙඩියේ කොටලා ගන්න..නාන්න පැයකට කලින් කෙස් මුල ,අග ගාලා මසාජ් කරලා නාන්න පුලුවන්

5-එඩරු තෙල් මේකත් කොණ්ඩෙට ගොඩක් හොදයි..එඩරු තෙල් මේස හැදි දෙකකට විටමින් E කරලක් දාලා පුලුන් කෑල්ලක් ආධාරයෙන් කෙස්මුල ගාලා හිමීට මසාජ් කරලා පැයකින් නාන්න පුලුවන්,කොණ්ඩෙ ඝොඩක් යනවා නම් තදින් මසාජ් කරන්න එපා😊

10/04/2023

කුරුලෑ , කුරුලෑ ලප නිසා පීඩනයට ලක් වෙලා ඉන්න ඔයාලට විසදුමක්..

ගොඩාක් දෙනෙක් බොහෝ මුදල් වැය කර විවිධ වර්ගයේ දේවල් භාවිතා කරල , ඒත් කිසිම ප්‍රතිඵලයක් නැතුව ඉන්නවා...😐

ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න විදියක් මම අද කියන්නම්...

තක්කාලි ගෙඩියක් අරගෙන දෙකට කපලා, ඒක මැදට සිනී දාලා සීනි ටික තක්කාලි කෑල්ලට අල්ලගන්නකම් විනාඩි 3 ක් විතර තියන්න. ඊට පස්සෙ මූණේ හොදට ගාලා තක්කාලි කෑල්ලෙන්ම ස්ක්‍රබ් කරන්න. විනාඩි 20 ක් තියලා, කූල් වතුරෙන් සෝදන්න... ( ඇල් වතුරෙන් උනත් කමක් නෑ..) පැහැපත් වෙලා මූණට ශයින් එකක්ත් එනව...🥰 සතියට දවස් 4 ක් කරන්න... ( හැමදාම කරත් ගැටලුවක් නෑ )

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

07/04/2023

මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරි හි ඔහුගේ මරණය සිහිපත් කරන කිතුනු නිවාඩු දිනයකි. එය Paschal Triduum හි කොටසක් ලෙස ශුද්ධ වූ සතිය තුළ නිරීක්ෂණය කරනු ලැබේ. එය ශුද්ධ සිකුරාදා, මහා සිකුරාදා, මහා සහ ශුද්ධ සිකුරාදා සහ කළු ෆ්‍රීඩා ලෙසද හැඳින්වේ.

07/04/2023

🍊🍊දොඩම් කියන්නේ විටමින් C සහිත ආහාරයක්.ඒත් දොඩම් ලෙල්ල

සතු සුවිශේෂී ගුණ ගැන ඔබ දන්නවද?

දොඩම් ලෙල්ලට අපේ රුධිරයේ කොලොස්ටරෝල් අඩු කිරීමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා.මේ හැකියාව කොලොස්ටරෝල්වලට ලබා ගන්නා
සමහර ඖෂධවලටත් වඩා ප්‍රභලයි.

ඒ විතරක් නෙවෙයි හදවත් රෝගවලින් අපව ආරක්ෂා කිරීමේ හැකියාවත් තියනවා.දොඩම්වලට විතරක් නෙවෙයි දොඩම්
පවුලේ අනිත් පළතුරුවලටත් මේ හැකියාව තියෙනවා.

එහෙම කීවට දොඩම් ලෙල්ල පිටින්ම ආහාරයට ගන්න බෑ. ඒ නිසා දොඩම් ලෙල්ල කුඩා කෑලිවලට කුඩු කර ආහාරවලට එකතු කරගන්න

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

06/04/2023

ගුල්ලන්ගෙන් ධාන්‍ය ටික ප්‍රවේසම් කරගන්න, මේ සරල උපක්‍රම ටික කරලා බලන්න...

🔶. කරාබු නැටි කීපයක් හාල් වලට කලවම් කර තැබීම.

🔷. දෙහි කොළ ටිකක් වැඩියෙන් අරගෙන හාල් ඇතුලට දාලා බලන්න. දෙහි කොළ වල තියෙන පැගිරි සුවඳට මේ ගුල්ලන් වහනවා අඩුයි. දෙහි කොළ සෝදා වේලා දාන්න වග බලා ගන්න. තෙත ඉවත් වු පසුව මේ ධාන්‍ය වලට එකතු කරන්න. සුළං වදින්නේ නැති වෙන්න වසා තියන්න.

🔶. වේලපු මිරිස් කරල් දාන එකත් හොද පිළියමක්. මේක ඉතාම සාර්ථක ක්‍රමයක්.

🔷. අනිත් එක අමු කහ පොතු ඇරලා පෙති කපා වියළා හාල් වලට එකතු කරන්න. මේකත් අත්දැකීමෙන් ඉතා සාර්ථක ක්‍රමයක්.

🔶. කරපිංචා හා රම්පෙ කොළ හාල් වලට දැම්මම
ගුල්ලන් ගහනවා අඩුයි. මේවාත් එකතු කරලා බලන්න. හොයා ගන්නත් අමාරු නැහැ.

🔷. සමහරු ගම්මිරිස් ඇට කුඩු කරලා ධාන්‍ය වර්ග වලට එකතු කරලා තියෙනවා. ඒකත්
සාර්ථක ක්‍රමයක්.

🔶. කුරුඳු පොතු හා කුරුඳු කොළත් ධාන්‍ය වර්ග වලට එකතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.

🔷.කොහොඹ කොළ අපිට හොයා ගන්නත් පුලුවන්. මේකත් ගුල්ලන් සදහා හොඳ විසදුමක්.

🔶. තවත් ක්‍රමයක් තමයි සුදුළූණු දාන එක. මේ ක්‍රමයටත් කරලා බලන්න. පරිප්පු වගේ දේවල් වලට මෙය ගොඩාක් සුදුසුයි.

🔷. ශීතකරණයේ තියා ගන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි. ගුල්ලන් ගහන්නෙම නැහැ. අපිට ගොඩාක් ශීතකරණයේ තියා ගන්න බැරි එකයි ප්‍රශ්නෙ.

🔶. අපිට පුලුවන් සතියකට සැරයක් වගේ අව්වට දාලා වේල ගන්න. මේ ක්‍රමයට ගුල්ලන් ගහන්නෙම නැහැ. ඒත් අපේ වැඩ එක්ක ඒක කරන්න හරි අමාරුයි.

🔷. තව හොඳ ක්‍රමයක් තියෙනවා. ලුණු කුඩු කළවම් කරලා අව්වේ තියලා ගුල්ලන් ඉවත් කර ගන්න එක. ඉන්පසු ශීතකරණයේ තියලා ගන්න ඕනේ. දවස් හතරක් හෝ පහක් විතර තියලා පාවිච්චියට ගන්න.

🔶. දෙහි පොතු, ලෙමන් ගෙඩි වල පොතු වේලා හාල් හා ධාන්‍ය වර්ග වලට දාලා තියන්නත් පුලුවන්. ඒකත් හොඳ ක්‍රමයක්.

🔷. සුළං නොවදින සේ වීදුරු බෝතල් වලට දමා ගැනීමත් හොඳ ක්‍රමයක්. මේ ක්‍රමය මමත් අත්හදා බලලා තියෙනවා. සාර්ථකයි.
කරාබු නැටි කීපයක් එක්ක දාන්න පුලුවන් නම් වඩා හොඳයි.

🔶. හාල් බෑග් ගෙනාපුවාම කාලයක් එකම පැත්තට තියන්න එපා. සතියකට සැරයක් බෑග් එක හොලවලා පැත්ත මාරු කරලා තියන්න. එයින් හාල් පුස් කාලා ගුල්ලෝ ගහන එක වළක්වා ගන්න පුලුවන්.

🔷. හාල් ලූස් ගෙනාවම සිලි සිලි බෑග් වලින් අයින් කරලා හොඳට පිරිසිදු කරපු හාල් බෑග් වලට දාලා කට හොඳින් ගැට ගහලා තියන්න ඕනේ.

🔶. මේ කරුණු වලට අමතරව ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් මේකට එකතු කරන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

05/04/2023

✨ලක්දිව දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත්වූයේත්, බුදුරදුන්ගේ සවනස් රැස් නඳින් මුළු හෙළදිව ආලෝකමත් වුයේත් දහම් අමා මිහිරෙන් නොයක් දෙන නිවී සැනසී ගියෙත් මේ පොහෝදා වේ.

✨බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුදවදිමින් සිටි චුල්ලෝධර - මහොදර නාරජුන් දෙදෙනාට ධර්ම දේශනා කිරීම ද සිදු වූයේ මේ පින්බර පොහෝදිනයේදීය.

🙏 ඔබ සැමට පින්බර බක් පොහොය දිනයක් වේවා! තෙරුවන් සරණයි

04/04/2023

🧝‍♀ ඔයාගෙත් මුහුණ වැක්ස් කරලා ත්‍රෙඩින් කරලා එපා වෙලාද? දිගින් දිගටම ත්‍රෙඩින් කරලා ඔයාගෙ මුහුණෙත් කුරුලෑ ඇවිල්ලද?

🤗 අපි බොහෝ දෙනෙක් මුහුණ ත්‍රෙඩින් කරන්න සහා වැක්ස් කරන්න පෙළඹිලා ඉන්නවා. මොකද කරන්න දෙයක් නැහැනේ ඉතිං මුහුණෙහි රෝම තියෙන නිසා මුලු මූණම අදුරුයි සහා අපිලිවෙලයි. ඒ වගේම තමයි අපි මේ භාවිතා කරන ක්‍රමයන් නිසා අපේ සමට අතුරු හානිද බොහෝ සෙයින් සිදු වෙනවා.

👉 මම ඔයාලට අද මේ කියලා දෙන්න යන්නේ මුහුණට කිසිදු හානියක් නොවන සම පෝෂණය කරනවා වගේම අනවශ්‍ය රෝම ඉවත් කරගන්න හා රැලි වැටීම් ඉවත් කරගන්න පුලුවන් ෆේස් වැක්ස් ප්‍රතිකාරයක්.

☝හොදින් මතක තියාගන්න පහත කරුණු,

🔹සාමාන්‍ය සමක් සහා වියලි සමක් සමක් තියෙන කෙනෙකුට නැවුම් කිරි
ටිකක් රත් කරගන්න,
🔹 තෙල් සහිත හා කුරුලෑ ඇති සමක්නම් ජලය උණු කර ගන්න

👉උණු කරගත් නැවුම් කිරි හෝ ජලය තේ හැදි දෙක්කට ජෙලටින් තේ හැදි දෙකක් යොදා එයටම මී පැණි මේස හැන්දක් හා කහා තේ හැදි කාලක් සමග තක්කාලි යුෂ තේ හැදි බාගයක් එක් කර හොදින් මිශ්‍ර කර පේස්ට් එක සදා ගන්න.

👉 භාවිතා කරන ආකාරය
මුලින්ම මුහුණ හොදින් පිරිසිදු කර ලා රස්නියක් සහිත හුමාලයට අල්ල ගන්න , මොකද මුහුණෙහි ඇති රෝම කූප අපි විවෘත කරගන්න ඕනී. ඉන් පසුව බ්‍රෂ් එකකින් මෙය ආලේප කර හොදින් වේලෙන්න තියන්න.පැයක් පමණ ඉන්න වෙයි ඉතිං..😁

ඔන්න කතා කරන්න ඔට්ටු නෑ.🙊කන්නත් බැහැ.😉
වේලූනායින් පසුව රෝම තියෙන පැත්තට නෙවේ විරුද්ද පැත්තට හෙමීට ගලවන්න. චුට්ටක් රිදෙයි මුහුණත් ටිකක් රතු වෙයි.

✳ අනිවාර්යයෙන්ම ,
1⃣සේරම ගැලවිමෙන් පසු අයිස් කැටෙකින් මුහුණ සම්බාහනය කරගන්න.
2⃣ඉන්පසුව ටෝනර් කර ගන්න.
3⃣ ඔයා භාවිතා කරන ක්‍රීම් එක ආලේප කරන්න.
🤩 බලන්න්කෝ ඔයාට පලමු වාරයෙන්ම වෙනසක් බලාගන්න පුලුවන්'

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

03/04/2023

#මුරුංගා ගැන නොදත් දේ ~

වැටකට පැළ ඉන්නක් වු මුරුංගා ශාකය ඖෂධීය ගුණයෙන් අති ඉහලය. මුරුංගා ගසේ සියලුම කොටස් ඖෂධ ලෙස භාවිතා කෙරෙයි. පැරන්නෝ බොහෝ දෙනා අච්චාරුවකට මුරුංගා පොතු කැල්ලක්, ඉස්සො දැල්ලෝ වැංජනයක් පිලියෙල කරන විට මුරුංගා කොල මිටක් දැමීමට අමතක නොකලේය. විද්‍යාත්මක දැනුමක් නොතිබුණත් ඔවුන් එසේ කලේ ආහාරයේ රස වැඩි කිරිමට මෙන්ම උෂ්ණ ආහාර නිසා ශරීරයේ ඇතිවිය හැකි ආසත්මිකතා පාලනයට මුරුංගා වල ඇති ගුණය පිළිබදව සහජයෙන් දන්නා ඥානය නිසාය. අද අපි ඒ අරුම පුදුම මුරුංගා පිළිබදව ඉගෙනගනිමු.

01) ඉහල විස නැසීමේ ගුණයකින් යුතුය.
02) වේදනා නාශක ගුණයෙන් ඉහළය.
03) ශරීරයේ කුෂ්ඨ සඳහා ගල්වයි.
04) සර්පයන් දෂ්ඨ කලවිට විස නැසීමට භාවිතා කරයි.
05) සැරවගෙඩි පුපුරායාම ඉක්මන් කරයි.
06) කර්ණ වේදනාව පාලනය කරයි.
07) ආමවාත සන්ධි වේදනා පාලනය කරයි.
08) මුත්‍රාශයේ ඇතිවන ගල් සමනය කරයි.
09) මුත්‍රාවල අඩංගු අධික ආම්ලිකතාවය නැති කරයි.
10) මදසරු භාවයට ප්‍රතිකර්මයකි.
11) ප්‍රතිජීවක ඖෂධීය ගුණයෙන් යුක්තය.
12) බල්ලන් සපා කෑ විට විස නැසීමට භාවිතා කරයි.
13) යකඩ, කැල්සියම්, පොටෑසියම්, ප්‍රෝටීන, හා විටමින බහුලව අඩංගුය.
14) මුරුංගා තෙල් වලින් අණ්ඩකෝෂ ඉදිමීම පාලනය කරයි.
15) ශරීර වේදනාව නැති කරයි.
16) ආහාර දිරවීමේ ඉහළ ගුණයක් ඇත.
17) අතීසාර රෝගීන්ට ගුණදායකය.
18) හිසේ කැක්කුමට භාවිතා කෙරේ.
19) බරවා ඉදිමුම අඩු කරයි.
20) ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග පාලනය කරයි.
21) මුරුංගා කැද පැය ගණනක් නිරාහරව සිටින අයට අවශ්‍ය ශරීර ශක්තිය ලබාගැනිමට උපකාරීවේ.
22) මුරුංගා මල් එලකිරි වලට මිශ්‍රකර පානය කිරීමෙන් ශරීර ශක්තිය වර්ධනය වේ.
23) කිරිදෙන මව්වරුන්ට හා කුඩා දරුවන්ට වඩාත් යෝග්‍යය.
24) හන්දිපත් ඉදිමීමේදී භාවිතා කරයි.
25) මුත්‍රා අඩස්සිය නැතිකිරීමට කසාය ලෙස භාවිතා කරයි.
26) වෛරස් දිලීර සහ බැක්ටීරියා ආසාදනයන්ට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරයි.

* අම්ලපිත රෝගීන්ට ගුණදායක නොවෙයි.
* අධිරුධිර පීඩනය ඇති අයට මුරුංගා ආහාරයට ගැනීමෙන් රෝගි තත්වය උත්සන්න විය හැකිය.

මෙකි නොකී මුරුංගා වල ගුණදායකභාවය පිළිබදව දැනගෙන ඔබත් ආහාරයට මුරුංගා කරලක් , කොලයක්, පොත්තක් එකතු කරගන්නට උත්සහ කරන්න.

👥 Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න share කරන්න

02/04/2023

කෙස් වල වර්ධනයට, කෙස් ගැලවීමට රටේම නැති තෙල් වර්ග ගෙන්නලා ගානවද.🥺 අභ්‍යන්තර සෞඛ්‍ය පිලිබද සැලකිලිමත් නොවන්නේ නම් ඒ කිසිවකින් පලක් නැත .

😍බෙහෙත් නෙල්ලි ඉතාමත් ඉහල ඖෂධීය වටිනාකමකින් යුත් ආයුර්වේදීය ඖෂධයක් ලෙසින් පිළිගැනෙනවා. හිසකෙස් වර්ධනය සඳහා නෙල්ලි නිතරම භාවිත කරනවා. එහි තිබෙන වටිනාකම් පිළිබඳව දැනුවත් වීම ඔබට බොහෝ සෙයින් වැදගත් වූ ඇතැයි නිරෝගා අපි විශ්වාස කරනවා..

😍ප්‍රතිශක්තිකරණ ගුණයෙන් ඉහලයි
බෙහෙත් නෙල්ලි වලට ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහල නැංවිය හැකි අතර ශරීරය ආසාදන වැලි වැළක්වීමේ හැකියාවක්ද පවතිනවා. දිනපතා නෙල්ලි භාවිත කළ හැකි නම් ඔබට ඇතිවන ආසාදන තත්වයන් මග හරවා ගත හැකියි.

😍දන්ත සෞඛ්‍යය රැක දෙයි
දිනපතා නෙල්ලි ආහාරයට ගැනීමෙන් දත් වල ඇතිවෙන කුහර, මැලියම් සහ ආබාධ වලකා ගන්නට පුලුවන්. නෙල්ලි වල තිබෙන ක්ෂුද්‍ර ජීවින් මර්ධනය කිරීමේ ගුණය නිසා එය ඔබේ මුඛ සෞඛ්‍යය රැක දෙනවා.

😍සමේ පිළිස්සුම් කැළැල් සුව කරයි

හිරු එලියට නිරාවරණය වීම නිසා සමේ ඇතිවන පිළිස්සුම් කැළැල් සුව කිරීමට නෙල්ලි වලට හැකියාවක් තිබෙනවා. නෙල්ලි බ්ලෙන්ඩර් කර පිළිස්සුම් තුවාල මත ආලේපකිරීම මගින් ඒවා සනීප කර ගත හැකියි.

😍ආහාර ජීර්ණය පහසු කරයි

ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ජීරණ ක්‍රියාවලිය හොඳින් පවත්වාගෙන යාමට නෙල්ලි තුල විශේෂ හැකියාවක් ඇත. එමගින් දේහයේ පරිවෘත්තීය වේගය වර්ධනය වන අතර බර ද අඩු වේ.

😍ආමාශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි

සිරුරේ ආමාශගත රෝග ඇති වීම ඉතා වේදනාකාරී එකකි. මෙම තත්ත්වයන් සමනය කිරීමේ හැකියාව බෙහෙත් නෙල්ලි සතුය. බෙහෙත් නෙල්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ආම්ලික ගතිය අවම කරවන හෝර්මෝන ශ්‍රාවය වීම උත්තේජනය කරයි.

😍දියවැඩියාව පාලනය කරයි

බෙහෙත් නෙල්ලි ඔබගේ රුධිරගත සීනි සාන්ද්‍රණය පාලනය කරයි. එමෙන්ම රුධිරයේ කොලේස්ටරෝල් මට්ටම අඩු කිරීමටද නෙල්ලිවලට හැකිය. ඒ නිසා හදවත සුරක්ෂිත කිරීමට බෙහෙත් නෙල්ලි හොඳ ඔසුවක්.
👥 Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න share කරන්න

01/04/2023

අක්මා සෞඛ්‍යට අහිතකර ආහාර

අක්මා රෝග ඇති වීමේ අවදානම ඉහළ නංවන ආහාර කිහිපයක් ද පවතිනවා.එබැවින් ඔබ අක්මා රෝගයකින් පෙළෙනවා නම් සහ අක්මා රෝග ඇති වීමේ අවදානම අවම කර ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් ආහාර පරිභෝජනය හැකිතාක් සීමා කිරීම යෝග්‍ය වෙනවා.

වළක්වා ගත යුතු ආහාර

• මේද ආහාර ,ඒ කියන්නේ ගැඹුරු තෙලේ බැදගත් ආහාර, සුලු කෑම, චිප්ස්, ක්‍ෂණික ආහාර සහ ඇසුරුම් කළ ආහාර පරිභෝනය හැකිතක් සීමා කිරීමට කටයුතු කරන්න.මන්දයත් මෙම ආහාර වල සංතෘප්ත මේදය අධික ප්‍රමාණයක් අඩංගු වන අතර එම ට්‍රාන්ස් මේද අක්මාවට ඉතාමත් අහිතකර ය.

• සීනි සහ ධාන්‍ය වර්ග, බේක් කළ ආහාර සහ කැන්ඩි වැනි සීනි සහිත ආහාර ගැනීම සීමා කිරීම අක්මාවේ ආතතිය අඩු කිරීමට උපකාරී වෙනවා.

• අධික ලුණු සහිත ටින් කර සැකසූ මස් හෝ එලවළු, අච්චාරු වර්ග යනාදියත් ඔබේ අක්මාවට අහිතකරයි.

• මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්වීම අක්මාවට වන හානිය අවම කිරීමට උපකාරී වෙනවා.

• පාන්, පැස්ටා, කේක් හෝ බේක් කළ ආහාර වැනි පිෂ්ඨය සහිත පිරිපහදු කළ ආහාර පරිභෝජනය ද සීමා කිරීම සුදුසු ය

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

31/03/2023

💁‍♀ ඔන්න මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ ඕටිස් වලින් රසම රස කෑමක් හදාගන්න විදිය. ඔයාලගේ බර අඩු කරගන්න තියෙන තවත් එක කෑමක් තමයි ඕටිස් කියන්නෙ ...

👉 ඕට්ස් ග්‍රෑම් 90 පමණ අරගෙන පිටි වෙන්න බ්ලෙන්ඩර් කරගන්න, ඉන්පසුව බිත්තරයක් හොදට ගහගන්න, ගහගත්ත බිත්තරේ සමග ඕටිස් ටික එකතු කරගෙන ඒකට පොල් කිරි මේස හැදි 6ක්, ලුණු චුට්ටක් , සිනි මේස හැදි එක හමාරක්, වැනිලා තේ හැදි බාගයක් , සදික්කා චුට්ටක් සහා බ්‍රේකින් සොඩා සමග හොදින් කවලම් කරන්න. නැවතත් පොල් කිරි මේස හැදි 3ක් එකතු කර පේස්ට් එක හදාගන්න . ඉනපසුව අපි පෑන් කේක් හදන්නේ.. අන්න ඒ වගේ හදාගන්න තියෙන්නෙ.

😇 රස බලලා බර අඩු කරගෙන අපිටත් කියන්නකෝ එහෙනම්.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.
— feeling ජීවිත කාලෙම නිරෝගීව ලස්සනට ඉන්න දවසට තුන් වරක් හෙල්ත් ටී

30/03/2023

🎃වට්ටක්කා ඇට අපි කවදාවත් වට්ටක්කා ව්‍යංජනයට දාන්නේ නෑ, වැරදිලා හරි වැටිලා තිබුණොත් අපි ඒ ඇටය අයින් කරනවා.

ඒත් වට්ටක්කා ඇට කෝප්ප භාගයක දිනකට අශ මැග්නීසියම් ප්‍රමාණය අන්තර්ගතයි කියලා පක්ෂණවලින් සොයාගෙන ගියෙනවා.මැග්නීසියම් අඩු වූ විට හෘද රෝග, ඔයා පොරෝසිස් සහ මුවේ කැක්කුම වගේ රෝග ඇතිවෙන්න පුළුවෙන්.ඒ වගේම මේවගේ යකඩ සහ ප්‍රෝටීන්ද අන්තර්ගතයි.

වට්ටක්කා ඇටුවල තවත් සුවිශේෂි ගුණාංගයක් වන්නේ අනවශ්‍ය කොලොස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවයි.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

29/03/2023

මත්පැන් ඔබේ මානසික සෞඛ්‍යය ද අවුල් කළ හැකිය.

ඔබේ ශරීරය ඇල්කොහොල් පරිවෘත්තීය කිරීමට ක්‍රියා කරන නිසා, ඔබේ ස්වාභාවික REM නින්ද චක්‍රවලට බාධා ඇති වන අතර, කෙටි නින්ද කාලසීමාවන් සහ දුර්වල රාත්‍රී නින්දක් ඇති කරයි.

මත්පැන් ඔබේ මානසික සෞඛ්‍යය ද අවුල් කළ හැකිය. මත්පැන් මොළයේ විවිධ ස්නායු මාර්ගවලට බලපාන නිසා එක් දිනක් පානය කිරීම පවා "පානීය මානසික අවපීඩනයට" හේතු විය හැක.

මත්පැන් පානය කිරීමෙන් ඔබට දැනට හොඳ හැඟීමක් ඇති වුවද, එය ඉතා ඉක්මනින් “drinkig depression” ඇති කරයි, එහිදී ඔබට කාංසාව, නුරුස්නා බව සහ මානසික අවපීඩනය වැනි හැඟීම් අත්විඳිය හැකිය.

අවසාන වශයෙන්, සහ බොහෝ විට දන්නා පරිදි, අධික ලෙස මත්පැන් පානය කිරීම ආමාශයට සහ අක්මාවට හානි කළ හැකිය. මත්පැන් ආමාශයේ සහ අක්මාවේ ශ්ලේෂ්මල පටලය වටා දැවිල්ල ඇති කරයි, එය පානය කරන්නාට අපහසු උදර වේදනාවක් ඇති කරනවා පමණක් නොව, වණ සහ මේද අක්මා රෝග වැනි බරපතල හානිවලටද හේතු විය හැක.

සෞඛ්‍ය සම්පන්න පානීය තේරීම් කරන්නේ කෙසේද?

මධ්‍යස්ථ ප්‍රමාණවලින් මධ්‍යසාර පානය කිරීම ඔබේ සමස්ත සෞඛ්‍යයට යහපත් යැයි සලකනු ලැබුවද, මත්පැන් අත්හැරීම කිසිවිටෙක නරක අදහසක් නොවේ.

සංජානන පරිහානිය කනස්සල්ලට කරුණක් නම්, ඔබේ මධ්‍යසාර පරිභෝජනය සතියකට සම්මත බීම හතරකට සීමා කිරීමට ඔබට තෝරා ගත හැකිය (සම්මත පානයක් අවුන්ස 12 බියර්, අවුන්ස 5ක වයින් වීදුරුවකට හෝ අවුන්ස 1.5ක සැර වැදීමකට සමාන වේ. මත්පැන්).

මෙය ඔබේ සමස්ත නින්දේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට, ඔබේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ ඇතැම් රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට ද උපකාරී වේ.

ඔබ එය සම්පූර්ණයෙන්ම කපා හැරීමට බලාපොරොත්තු වන්නේ නම්, "සිහිල් කුතුහලයෙන්" ඉතා ජනප්රිය වී ඇත.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

28/03/2023

එළුකිරි පානයෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි 6ක්.
අපි සාමාන්‍ය පුරුද්දක් විදියට උදේට සවසට කිරි බොන්න පුරුදු වෙලා ඉන්නවා.පිටිකිරි එහෙමත් නැතිනම් එළකිරි තමයි බහුලවම හැමෝම වගෙ ගන්නෙ.එළු කිරි කියන්නෙත් සාමාන්‍යයෙන් අපිට බීමට ගන්න පුලුවන් ඉතාමත් ගුණදායක පානයක්.අපි බලමු එළු කිරි පානයෙන් ඔබට ලැබෙන සෞඛ්‍යමය වාසීන්.

(1) ප්‍රතිශක්තිකරණය වඩවයි.

ශරීර ප්‍රතිශක්තිකරණය දියුණු කරන්න කියාපුම ඖෂධීය පානය තමයි එළුකිරි කියන්නෙ.මෙහි අඩංගු සෙලේනියම් කියන ඛනිජ ලවණ වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා ප්‍රතිශක්තිකරණය දියුණු කරමින් ඔබව බොහොමයක් ලෙඩරෝග වලින් ආරක්ෂා කරයි.

(2) හදවතට ඉතාමත් ගුණදායකයි.

එළකිරි වලට වඩා මේද අම්ල වැඩි ප්‍රමාණයක් අඩංගු අතර එය ශරීරයෙ කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වෙයි.හෘදයාබාධ ඇති අයට ගුණයි.ඒ වගේම ආඝාතය සහ කිරීටක ගැටලු වලට ගුණ දෙයි.

(3) තරබාරුව මට්ටු කිරීමට.

එළු කිරි වල මේද අම්ල ප්‍රමාණයක් අඩංගු වන නිසා එයින් අනවශ්‍ය මේදය කපා හරිමින් මේදය වැඩි වීමද වලකාලයි.තරබාරුවෙන් පෙලෙන අයට එළුකිරි කියන්නෙ කදිම පානයක්.

(4) ඉදිමුම් සහ ප්‍රදාහයන්ට සුවයි.

ශරීරයෙ ඇතිවන දැවිල්ලන්,ප්‍රදාහයන් සහ ඉදිමුම් සදහා ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරයි.මෙහි අඩංගු ප්‍රති බැක්ටීරියා මගින් මෙය සිදු කරයි.සෑම දිනකම උදෑසන පානය කරන්නේ නම් ශරීර දැවිල්ලන් සුවපත් කරගත හැකිය.

(5) හිසකෙස් වලට හොද පෝෂණයක්.

කැල්සියම්,ප්‍රෝටීන,පොස්පරස්,පොටැසියම් සහ විටමින් B අඩංගු බැවින් හිසකෙස් වලට ඉතා හොද පෝෂකයක් ලෙස ක්‍රියා කරයි.හිසකෙස් දිගු හා ශක්තිමත් කරයි.දීප්තිමත් නිල්වන් හිසකෙස් ලබාදීමට උදව් වෙයි.

(6) අස්ථි වර්ධනය කරයි.

සාමාන්‍යයෙන් කිරි වලින් අස්ථි වලට ලැබෙන්නෙ ඉතා හොද පෝෂණයක්. එළකිරි වලට සාපේක්ෂව එළුකිරි වල හිතකර කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු බැවින් අස්ථි ශක්තිමත් කිරීමට බොහෝසෙයින් දායක වෙනවා.ඒ වගේම දත් ශක්තිමත් වීමටද උපකාරී වෙයි.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

27/03/2023

🍃 කොහොඹ කියන්නේ ආයුර්වේදයේ සහා රූපලාවණ්‍ය ද්‍රව්‍ය වල අතර ඉදිරියෙන්ම ඉන්න ඖෂධීය ශාකයක්.

💁 ඒ අතරින් කොහොඹ වලින්,
🔹 කුරුලෑ වලට
🔹 කෙස් වලට
🔹 හිස්හොරි සදහා
සත්කාර අද අපි කියලා දෙන්න හදන්නේ ඔන්න.ගොඩාක් ප්‍රයෝජනවත් වේවි ඔයාලට.

කොහොඹ වලින්,
🔹 කුරුලෑ වලට - කොහොඹ කොල ටිකක් අරගෙන උණු වතුරෙන් තම්බා ගන්න.මද රස්නිය තියෙද්දි පුලුන් ගුලියක් අධාරයෙන් පොගවාගෙන මුහුණ පුරා ආලේප කරන්න.
🔹 කෙස් වලට - කොහොඹ තෙල් ටිකක් ඇගිලි තුඩු වලට අරගෙන හිස් කබලේ ආලේප කරන ගමන් හොදින් සම්භාහනය කරන්න.
🔹 හිස්හොරි සදහා - කොහොඹ කුඩු වලට ජලය දමා තලපයක් සදාගෙන හිසෙ ආලේප කර පැයක් පමණ තබා ආලේප කරන්න.

✍ තව ගොඩාක් දේවල් කරන්න පුලුවන් ඉස්සරහට කියලා දෙන්නම්කෝ.....

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

26/03/2023

😎 ඉතිං යාලූවනේ මම අද කියලා දෙන්න යන්නේ සම ලස්සන වෙන්න කොහොමද Juice එකක් හදා ගන්නේ වගේම මේ Juice සම්බන්ධයෙන් තියෙන ගැටලු සම්බන්වයි.

☝මේ ගැන කතා කරනකොට මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාට එන්න පුලුවන්,

♦ගොඩාක් දෙනෙකුට හිතෙන්න පුලුවන් එළවළු , පළතුරු වලින් Juice හදාගන්නේ නැතුව නිකන්ම හපලා කන්න පුලුවන්නේ කියලා.

🔸 ඒ වගේම

♦අපි Juice එකක් හදා ගත්තාම ඒක බොන්න වෙලාවක් තියෙනවද ?

♦ඔයාට ලස්සන වෙන්න Juice එකක් නිවැරදිව හදා ගන්නේ කොහොමද ?

පළතුරක් විදියට භාවිතා කරනවාට වඩා මෙය Juice එකක් විදියට භාවිතා කරනවනම් එය අපේ ශරීරයට ඉක්මනින් ජීර්ණය වී පෝෂණය ඉක්මනින් ශරීරයේ තැම්පත් වේ. ඇත්තටන සපලා කනවට වඩා Juice එකක් ආකාරයෙන් බොන එක හොදයි.

♦ Juice එකක් බොනවනම් බොන්න ඕනී උදේ කාලේ හිස්බඩ. එවිට හේතූව උදේට ආමාශය එනසයිම සහා පෝෂණ පදාර්ථයන් උරා ගන්නවා. එවිට Juice එක ඉක්මනින් ජීර්ණය වෙලා ඉක්මනින් ප්‍රතිපල ලබා ගන්න පුලුවන්.

❇ ජූස් සාදනකොට ජලය සිනී නොදා හදනවනම් ඉතාම ගුණදායකයි .
අපිට ඕනීම පළතුරක් හෝ එළවළුවක් ජූස් එකක් ලෙස සාදා ගන්න පුලුවන්.
මන් බොන්න ආසම ජූස් එක තමයි ගස්ලබු සමස දොඩම් , කොමඩු සමග දොඩම් ජූස්. ඔයාට තියෙන්නෙ කැමති ප්‍රමාණයන්ගෙන් අරගෙන බ්ලෙන්ඩර් කරන්න විතරයි යාලූවනේ.....
ඔයාත් අද ඉදන් දිනකට ජූස් එකක් අමතක නොකර බොන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.
— නිරෝගී-ලස්සන ජීවිතයේ හොඳම ආභරණය කරගන්න සතියකට පැය 3ක් ව්‍යායාම කරන්න.

25/03/2023

😋වියළි පලතුරු සතු විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ

වියළි පලතුරු (Dry fruit) කියන්නේ වියලීමේ ක්‍රම මගින් ජල ප්‍රමාණය සියල්ලම පාහේ ඉවත් කර ඇති පලතුරු වලට. මෙම ක්‍රියාවලියේදී ගෙඩි හැකිලී අතර කුඩා, ශක්ති ඝන වියළි පලතුරක් අවසානයේ ඉතිරි වෙනවා. ඒ වගේම මේ වියළි පලතුරු, විජලනය වූ පලතුරු (dehydrated fruit)කියලත් බොහෝ දෙනෙක් හදුන්වනවා.

1. ප්‍රතිශක්තිකරණ බූස්ටරයක් ලෙස ක්‍රියා කරයි.

වියළි පලතුරු පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, සින්ක්, පොස්පරස් සහ විටමින් A, D, B6, K1 සහ E වැනි විවිධ විටමින් වලින් පොහොසත් වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියකට අත්‍යවශ්‍ය වේ.

අධ්‍යයනයකට අනුව අනාවරණය වී තිබෙන්නේ ඉහළ පොලිෆෙනෝල් සහිත වියළි පලතුරු ප්‍රති-ප්‍රදාහ අවුලුවන බලපෑම් පෙන්නුම් කරමින් ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වන බවයි . එයට හේතුව වියළි පලතුරු කිහිපයක ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයයි. එය නිදහස් රැඩිකලුන් ඉවත් කිරීමට සහ ඔක්සිකාරක ආතතිය සමනය කිරීමට ද උපකාරී වේ.

වියළි පලතුරු පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, සින්ක්, පොස්පරස් සහ විටමින් A, D, B6, K1 සහ E වැනි විවිධ විටමින් වලින් පොහොසත් වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියකට අත්‍යවශ්‍ය වේ.

අධ්‍යයනයකට අනුව අනාවරණය වී තිබෙන්නේ ඉහළ පොලිෆෙනෝල් සහිත වියළි පලතුරු ප්‍රති-ප්‍රදාහ අවුලුවන බලපෑම් පෙන්නුම් කරමින් ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වන බවයි . එයට හේතුව වියළි පලතුරු කිහිපයක ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයයි. එය නිදහස් රැඩිකලුන් ඉවත් කිරීමට සහ ඔක්සිකාරක ආතතිය සමනය කිරීමට ද උපකාරී වේ.

2. බර අඩු කර ගැනීමර සහාය වේ.

වියළි පලතුරු කාබෝහයිඩ්රේට සහ ආහාර තන්තු වලින් පොහොසත් ය. ආහාර තන්තු ඔබව දිගු කලක් ඔබව තෘප්තිමත් කරන අතර ආහාර වේල් අතර ආහාර ගැනීමට ඇති ආශාව පාලනය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබේ කැලරි පරිභෝජනය අඩු වේ. ඒ අතරම ආහාරමය තන්තු සෞඛ්‍ය සම්පන්න බඩවැල් සඳහා හොඳ වන අතර බඩවැල් චලනය වැඩි දියුණු කරයි.

ඒ ආකාරයට ආහාරමය තන්තු වලින් පොහොසත් වියළි පලතුරු බර අඩු කර ගැනීමට උපකාරී වේ.

3 බඩවැලේ සෞඛ්‍යය වැඩි දියුණු කරයි.

බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කිරීම වියළි පලතුරු වල ඇති ආහාරමය තන්තු වල තවත් වාසියකි. වියළි පලතුරු ද්‍රාව්‍ය සහ දිය නොවන ආහාරමය තන්තු වලින් පොහොසත් ය.එබැවින් වියළි පලතුරු සෞඛ්‍ය සම්පන්න බඩවැල් චලනය පවත්වා ගැනීමට උපකාරී වේ.

4අස්ථි සෞඛ්‍යට ගුණදායකයි.

වියළි පලතුරු මැග්නීසියම්, බෝරෝන්, විටමින් K සහ කැල්සියම් වැනි සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ය. මෙම පෝෂ්‍ය පදාර්ථ අපගේ අස්ථි සෞඛ්‍යයට බලපායි. විශේෂයෙන් ඒවා අස්ථි ආශ්‍රිත ගැටළු වළක්වා ගැනීමට සහ අපගේ අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ.

ඒ වගේම ශරීරයේ කැල්සියම් ඌනතාවය ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වලට හේතු විය හැක. මෙම තත්වය තුළ අස්ථි බිඳෙනසුලු වන අතර එය අනපේක්ෂිත අස්ථි බිඳීමේ සම්භාවිතාව වැඩි කරයි. එබැවින් වියළි පලතුරු ආහාරයට ගැනීමෙන් ඔස්ටියෝපොරෝසිස් ඇතිවීමේ සම්භාවිතාව අඩු කර ගත හැකිය.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

24/03/2023

🔴ඒසී රූම් එකක වැඩි වෙලාවක් ඉන්න කෙනෙක්ට ස්කින් කෙයා (Skin Care) ටිප්ස්

අපි කවුරුත් ඉතින් ඔෆිස් එකට ගියාම වැඩි හරියක් ඉන්නෙ ඒසී එකේ. ගෙදරත් ඒසී තියෙනව නම් තවත් වැඩිපුර කාලයක් අපි ඒසී එකට නිරාවරණය වෙනවා. ඉතින් ඒසී වල ඉන්නකොට හම ගොඩක් වේලෙන්න බලනවා. ඒ වගේම තොල් පැලීම් උනත් වෙන්න පුළුවන්. ඉතින් සම සහ තරුණ පෙනුම ගැන හිතන කෙනෙක්ට ඒසී එකක ඉද්දි ඇතිවෙන්න පුළුවන් මේ ගැටළු වලට සාර්ථක විසඳුම් ලබාගන්න වැදගත් වෙන ටිප්ස් ටිකක් තමයි මේ කියලා දෙන්න යන්නෙ.

1. නිතරම මොයිස්චරයිසර්, බොඩිලෝෂන් සහ ලිප්බාම් භාවිතා කරන්න.

සම වේලීම වැළැක්වීමට දිනකට දෙතුන් ​වතාවක් අත් පා වල මොයිස්චරයිසර් ගැල්වීමෙන් ඒසී එකෙන් හමට වෙන හානිය ගොඩක් වළක්වගන්න පුළුවන්. ඒ වගේම මුහුණටත් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මේකප් කරන්න කලින් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරලා මේකප් කරන්න. හොඳ බ්‍රෑන්ඩ් එකකින් ක්‍රීම් එකක් ගන්න වගබලාගන්න. ඒ වගේම සම වියලීමත් එක්ක තොල් පැලෙන්න බලනවා. ඒකට විසඳුමක් විදියට හොඳ ලිප්බාම් එකක් යූස් කරන එකත් පුරුද්දක් කරගන්න. ඔයාලගෙ ගෙදර බෙඩ් රූම් එකත් ඒසී කරලා නම් අනිවාර්යයෙන් රෑට මුළු ඇඟටම බොඩිලෝෂන් එකක් ආලේප කරන්නත්, ලිප් බාම් සහ මූණට නයිට් ක්‍රීම් එකක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.

2.නිතරම ජලය පානය කරන්න.

ඒසී එකේ ඉන්නකොට හම වගේම ශරීරයම විජලනයට පත් වෙනවා. ඒ නිසා අපේ ඇඟට වතුර ගොඩක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් දවසට වතුර ලීටර් 3ක්වත් බොන්න ඕනේ. දවසම ඒසී වල ඉන්නකොට ඉතින් ඒ ප්‍රමාණය නොවරදවාම බොන්න පුළුවන් නම් ඇඟට ගොඩක් හොඳයි. සාමාන්‍ය වතුර වගේම ඩීටොක්ස් වෝටර් ඒ කියන්නෙ වතුරට කසකසා ඇට, පිපිඤ්ඤා, මිංචි කොළ එහෙම දාලා තියලා බොනවනම් ඒකත් ඇඟට ගොඩාක් හිතකරයි. ඔෆිස් අරන් යන්න පුළුවන් ලස්සන ඩීටොක්ස් වෝටර් බොට්ල්ස් ඕන තරම් ගන්න තියෙනවා.

3එළවළු, පළතුරු හා කොළ වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගන්න.

සමට පිටතින් විතරක් කරන ප්‍රතිකර්ම සමේ නිරෝගී බව රැකගන්න ප්‍රමාණවත් නැහැ. සම ඇතුළතින්ම පෝෂණය කරන්න ඕන. ඔයාලගෙ එදිනෙදා ආහාර රටාවට එළවළු හා පළතුරු එකතු කරගැනීම ගොඩක් වැදගත්. ඒසී එක නිසාම හම වියළිලා යන එක වළක්වගන්න වගේම සමේ පැහැපත් බව රැකගන්න, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නත් මේ වගේ ආහාර රටාවක් ඔයාට ගොඩක් වැදගත්.

4.හියුමිඩිෆයර් එකක් භාවිතා කරන්න.

ඒසී එක නිසා අවට පරිසරය වේළෙන එක නවත්තන්න, පැය ගාණක් ඒසී එකේ ඉන්න නිසා වාතයේ තෙතමනය රඳවගන්න ඕනවෙන උපකරණයක් තමා මේ. ඔයාට මේ වගේ උපකරණයක් සොයාගන්න අපහසු නම් වතුර භාජනයක් ඒසී එක කිට්ටුවෙන් තියන්නත් පුළුවන්. එතකොට ජලය ටික ටික වාෂ්ප වෙලා ආර්ද්‍රතාවය පවත්වගන්න උදව් වෙනවා. ඒ වගේම ඒකෙන් සම වියළෙන එක වැළැක්වෙනවා.

5.විනාඩි කිහිපයකට කවුළු විවෘතව තබන්න.

මේක ඒසී කරපු ඔෆිස් වල වෙන්නෙම නැති දෙයක්. හැබැයි ගෙදර නම් කරන්න පුළුවන්. ඒසී එක එළියට යන නිසා අපි හැමවෙලේම කාමර වල ජනෙල් සීල් කරලා තියනවනේ. ඒත් කාමරයෙන් එළියට යනකොට ඒසී එක ඕෆ් කරලා ඉඳල හිටලා හරි ජනෙල් පොඩ්ඩක් ඇරියොත් එළියෙ පිරිසිදු හා නැවුම් වාතය ඇතුළට ඇවිල්ලා ආර්ද්‍රතාව සමතුලිත කරනවා. ඒ වගේම නැවත කාමරයට ආවම ඒසී එක ඔන් කරලා කවුළු වසා දමන්න.

6.එක දිගට පැය ගණනාවක් ඒසී එකට නිරාවරණය නොවී සිටීම

පැයකට සැරයක්වත් පොඩ්ඩක් නැගිටලා එසී නැති තැනකට හෝ වොෂ් රූම් එකකට ගිහින් එන්න පුළුවන් නම් ඔයාගෙ හමට වෙන ඩැමේජ් එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඒසී රූම් එකක ඉඳලා අව්වට වගේ යනවනම් අනිවාර්යෙන්ම සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න වගබලාගන්න. සාමාන්‍ය වැසිබර සීතල කාළගුණයක් තියෙනකොට පුළුවන් තරම් ඒසී නැතුව ඉන්න උත්සහ කරන්න. මේක ඔෆිස් එකේදි කරන්න අමාරු වුණත් ගෙදර ඒසී පාවිච්චි කරන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

23/03/2023

🔴ආකර්ෂණීය දෙපා යුගළකට හිමි කම් කියන්නේ කොහොමද?

දැන් කාලයේ සෑම කාන්තාවක්ම තම දෙපාවල සුන්දරත්වය ගැන හිතන්න යොමු වෙලා ඉන්නවා. ඒ කාන්තාවන්ට තම සිරුරේ සුන්දරත්වය විදහා පෑමට ඇය සතුවන ආකර්ෂණීය සිහින් දෙපා සමත් වන නිසා. ඒ අනුව කකුල්වල මහත අඩු කර ගැනීම තවදුරටත් ප්‍රශ්නයක් නම් නෙවෙයි.

🔸කකුල් මහත් වන්නේ ඇයි?

ඔබ මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. අක්‍රමවත් ආහාර පුරුදු මෙන්ම විවිධ ශාරීරික ඉරියව් ද මේ සඳහා බලපානවා. දෛනික ජීවිතයේ අප සිදු කරන්නා වූ ක්‍රියාකාරකම් අඩුවීමද කකුල් මහත් වීමට බලපානවා.
ඒ වගේම කාන්තාවන් වයසට යාමත් සමග ක්‍රියාශීලී බව අඩුවීමද, මේද දහනය අඩු වීම වැනි හේතු ද මේ සඳහා බලපා බලපානවා

🔴සිහින් දෙපා ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රම

🔸සමබල ආහාර වේලක් ගැනීම

මුළු ශරීරයේ වගේම පාදවල මහත වැඩි වීමටත් අහිතකර ආහාර පුරුදු
බලපානවා.ඒ නිසා ඔබ පළමුවෙන් කළ යුත්තේ නිවැරදි ආහාර රටාවකට යොමු වීමයි.

🔸ව්‍යායාමවල නිරත වීම

වේගවත් හා කාර්යක්ෂම ලෙස කකුල් වල් මහත අඩු කරග ගැනීමට ශාරීරික ව්‍යායාම අවශ්‍යයි. ඒ මගින් කකුල් සිහින් කර ගැනීම මෙන්ම ශාරීරික යෝග්‍යතාවය මනා ලෙස පවත්වා ගැනීමට ද හැකි වනවා.

🔸දිවීම

සිහින් දෙපා ඔබට ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් සතියකට දින හතරක් වත් දිවීම සිදු කළ යුතුයි.

🔸සම්භාහන ක්‍රම මගින්

දෙපා සම්භාහනය කිරීම මගින්ද පාදවල මහත අඩු කර ගන්න හැකියාව තියෙනවා.පාද සම්භාහනය මෙයට ඉතා කඩිනම් විසදුමක්.ඒ අනුව මද උණුසුම් ජලයෙන් කකුල් සෝදා පසුව ආමන්ඩ් හෝ පොල්තෙත් යොදා සම්භාහනය කළ හැකියි.ඒ මගින් රුධිර සංසරණය වැඩී වීම නිසා කකුල්වල තැම්පත් වී තිබෙන අනවශ්‍ය මේදය ඉවත් වනවා.දිනකට විනාඩි 20ක් මෙලෙස සිදු කිරීම ප්‍රමාණවත්.

🔴දෙපාවල ආකර්ෂණීය බව වැඩි කර ගන්නෙ කොහොමද ?

🔸දිනපතා පිරිසිදු කිරීම

🔸අනවශ්‍ය රෝම ක්‍රමවත්ව ඉවත් කිරීම

🔸සතියකට එක් වතාවක් හෝ දෙවතාවක් දෙපා scrub කිරීම

Glowing packඑකක් භාවිතා කිරීමට යොමු වීම

මෙම ක්‍රම අනුගමනය කිරීම මගින් කකුල්වල මහත අඩු කර ගනිමින් දෙපාවල ආකර්ෂණීය බව වැඩි කර ගැනීම තවදුරටත් ප්‍රශ්නයක් නම් නෙවෙයි. වඩාත් හොද ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නම් ඉතා ඉවසීමෙන් එම ක්‍රම අත්හදා බලන්න අමතක කරන්න එපා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.
— ජීවිත කාලෙම නීරෝගිව ලස්සනට ඉන්න දවසට තුන් වරක් හෙල්ත් ටී බොන්න

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Address

22/2A, Pangiriwatta Mawatha, Mirihana
Nugegoda
10250

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 09:00 - 18:00
Other Skin Care Services in Nugegoda (show all)
Gluta Frozen Face care Gluta Frozen Face care
No 343/4
Nugegoda

we care your beauty...

Moon Glow Body Whitening Moon Glow Body Whitening
22/2A, Pangiriwatta Mawatha, Mirihana
Nugegoda

අත් කකුල් වල අවපැහැය නිසා කොට ඇදුමක් අදින්න තියෙන අපහසුතාවය දුරුකර, ඇඟත් මුහුණ වගේම සුදු කරනවා.

Herbal Shop Herbal Shop
Nugegoda, 204187

We always care about our customers

Beautyma Fashion Beautyma Fashion
Nugegoda

Fashion & Cosmetics

Beauty Cosmetic Beauty Cosmetic
Nugegoda

We will provide the best beauty products for your face.

SL spa SL spa
425/3 Dutugamunu Street
Nugegoda

Salon CUTS Salon CUTS
304, Gamsabha Junction, Highlevel Road
Nugegoda

Salon CUTS is a simple one. To give our discerning customer the very best in quality hair and beauty care in keeping with the latest in the world fashion.

Glamour Bridal Glamour Bridal
Boralasgamuwa
Nugegoda, 10250

Bridal Dressing, Hair and Makeup, Makeover and dressing for functions and Glamour makeup

Collagen beauty cosmetic Collagen beauty cosmetic
Nugegoda

Cosmetic and foods, much more items

The Beauty Bay The Beauty Bay
No. 901, 5th Floor, Sausiri Building, High Level Road
Nugegoda, 10250

Beauty Bay provides solutions for all types of skin concerns with world's best skin whitening products which are globally approved&trusted.

Salon Orange Plus Beauty Clinique Salon Orange Plus Beauty Clinique
17, Stanley Thilakarathna Mawatha
Nugegoda

AUSH AUSH
253 2/1, Stanley Thilakaratne Mawatha
Nugegoda, 10250

All about your Hair and Skin Care