Sri Ariyamiththa Daham Pasala
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Ariyamiththa Daham Pasala, Religious organisation, Pannipitiya.
ශිෂ්‍යයෙකු දැනුමෙන් සන්නද්ධ වන්නා සේ ම ආකල්ප කුසලතාදියෙන් පරිපූර්ණ වූ මානව ගුණධර්මයන්ගෙන් හෙබි පුරවැසියෙකු බවට පත්වීමේ ක්‍රියාවලිය තුළ එම දරුවාගේ පෞරුෂත්වය ඔප්නංවනා එක් සන්ධිස්ථානයක් වන්නේ නිසි නායකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීමයි. ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ දුවා දරුවන්ට එම අවස්ථාව ලබා දෙනු වස් 2024/2025 වර්ෂය සඳහා තෝරා පත් කරගන්නා ලද ශිෂ්‍ය නායක නායිකා දූ දරුවන්ගේ නායකාභිශේක මංගල්‍යය වර්ෂ 2024ක් වූ අගෝස්තු මස 18 වන ඉරු දින පවත්වන්නට යෙදුණි.
මෙදින උත්සව සභාවේ මූලාසනය සඳහා කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය, තලවතුගොඩ ගනේලන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, පන්නිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය ගැමුණුපුර සෝමවංශ නායක ස්වාමීන් වහන්සේ වැඩමවා වදාළ අතර සිරි ගුණසේකර ධර්මායතනාධිපති, ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ ප්‍රධානාචාර්ය, කොට්ටාව ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය පූජ්‍ය රම්මලේ අරියවිසුද්ධි ස්වාමීන් වහන්සේ ඇතුළු ධර්මායතනවාසී මහා සංඝරත්නය උත්සව සභාවට වැඩමවීය.
කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිනි දිස්නා ශිරෝමනී වැලිකල මහත්මිය, විශේෂ ආරාධනයෙන් මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර ධර්මායතන කාර්ය සාධක සමිතියේ භාණ්ඩාගාරික බී එල් අබේවික්‍රම මහතා, විශාකා කුළඟන සමිතියේ සභාපතිනි ධම්මි ද අල්විස් මහත්මිය ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන්,සම්භාවනීය ආරාධිත අමුත්තන්, දෙමව්පියන් හා දූ දරුවන් මෙම උත්සවය සඳහා සහභාගි විය.
මෙදින ශිෂ්‍ය නායක මණ්ඩල නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ විශේෂ දේශනය සිදුකළේ දෙමළ භාෂාව පිළිබඳ කථිකාචාර්ය, සිංහල භාෂා උපදේශක ආචාර්ය ධම්මික සුභසිංහ බණ්ඩාර මහතා විසිනි.
නදීෂා ලක්මිණී
ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන්.
වස් තුන් මාසයේ කලල්ගොඩ, සිරි ගුණසේකර ධර්මායතනයේ සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනා පින්කම් මාලාව
ධර්ම ශ්‍රවණය පිණිස ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා !!!
🙏 🙏 🙏 නිරුදක කතරට වැටි දිය පොදක් සේ සුවහසක් දන සිත් සුවපත් කළ
තරු පිරි අඹර එළිය කරමින් පෑයූ පුන් සඳක් සේ
පන්නිපිටිය, කලල්ගොඩ ග්‍රාමය සිරිගුණසේකර වෙහෙරෙන් එකළු කළ
"අපේ ලොකුහාමුදුරුවෝ"
දැවෙන සසර අනියත බව
සිත් හි සනිටුහන් කරමින්
වැඩිය ද නිවන් මග සමීප තවත් භවයකට
තවමත් අප හදවත් හි ජීවමාන ව
වසන බව නම් සත්‍යයයි.
වසර නවයකට පෙරාතුව අපවත් වූ සිරි ගුණසේකර ධර්මායතනාධිපතිව වැඩ විසූ පූජ්‍යපාද ලේනබටුවේ මිත්තාලෝක නායක මාහිමිපාණන් වහන්සේ සිහිපත් කරමින් පින් පැමිණවීම උදෙසා මෙවර ද උතුම් පින්කම් රාශියක් සිදුවිය.
ඒ වෙනුවෙන් පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක හිමිගේ වැඩමවීමෙන් ජුනි මස 22 දින සුමධුර සදහම් දේශනයක් පැවැත්වූ අතර ජූනි මස 23 වන දින අර්ධ ශතාධික මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි.
මෙම සියලු පින්කම් වත්මන් ධර්මායතනාධිපති, කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද රම්මලේ අරියවිසුද්ධි නායක ස්වාමීන්වහන්සේ මූලිකත්වයෙන් හා අනුශාසකත්වයෙන් ඉතා අනර්ඝ ආකාරයෙන් සිදු විය.
එසේ ම ධර්මායතනයට අනුබද්ධ ශ්‍රී අරියමිත්ත දහම් පාසල, විශාඛා කුලඟන සමිතිය, කාර්යසාධක සමිතිය ආදී කොට සියලු සමිති සමාගම්හි සාමාජික සාමාජිකාවන් එකමුතුව, ඉතා ඕනෑකමින් යුක්තව මෙම පින්කම සිදු කිරීමට වෙහෙස මහන්සි වෙමින් දායකත්වය දැරීය. ධර්මායතනයට ලැදි සතරපේරුවේ දායකකාරකාදීන් සියලුදෙනා ද මේ උතුම් පින්කම සඳහා සහසම්බන්ධ විය.
එමෙන් ම ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා ඇතුළු තරුණ පිරිස නිර්මාණය කළ දැකුම්කළු ධර්මාසනය දින ගණනක වෙහෙසකර කටයුත්තක අගනා ප්‍රතිඵලයක් ලෙස පෙනෙන්නට තිබිණි.
පින්කම් මාලාවේ තවත් ප්‍රධාන කටයුත්තක් ලෙසින් පූජ්‍යපාද ලේනබටුවේ මිත්තාලෝක මාහිමි ගුණානුස්මරණ වැඩසටහන මගින් සිදු කෙරෙන අසරණ සරණ වැඩසටහනේ තුන්වැනි නිවස ඉදි කරමින් පවතිනුයේ ඉතා රෝගී වූ කාන්තාවකට ප්‍රදානය කිරීම උදෙසාය. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ධර්මායතනාධිපති පූජ්‍ය රම්මලේ අරියවිසුද්ධි නායක ස්වාමීන්වහන්සේට එහි කටයුතු සම්පූර්ණ කිරීමට අවශ්‍ය දායකත්වය, ශක්තිය, ධෛර්යය ලැබේවා!!!
මෙම උතුම් පින්කම් හි ආනුභාවයෙන් පූජ්‍යපාද ලේනබටුවේ මිත්තාලෝක නායක ස්වාමීන්වහන්සේ සසර ගමන කෙළවර අමා මහ නිවනට පැමිණෙත්වා. !!!
නදීෂා ලක්මිණී
ශ්‍රී අරියමිත්ත දහම් පාසල වෙනුවෙන්
ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ නිර්මාතෘවර අපවත් වී වදාළ සිරි ගුණසේකර ධර්මායතනාධිපතිව වැඩ විසූ පූජ්‍යපාද ලේනබටුවේ මිත්තාලෝක නාහිමිපාණන් වහන්සේගේ නව වැනි ගුණ සමරු පින්කම 2024 ජුනි 22 සහ ජුනි 23 දිනයන්හි දී පැවැත්වේ. කෘතවේදිත්වයට ලැදි පින් කැමැත්තෝ මේ සඳහා සහභාගී වෙත්වා !!!
කුල දරුවෙකු උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් කිරීමේ පින්කමක් පසුගිය වෙසක් පුරපසළොස්වක පොහෝ දින (2024.05.22) සිරි ගුණසේකර ධර්මායතනයේ දී සිදු කෙරිණි. තිස්සමහාරාම උඩමත්තල ග්‍රාමයේ පදිංචි සසුන් නිම්සිත නම් කුල කුමරු සිරි ගුණසේකර ධර්මායතනාධිපති රම්මලේ අරියවිසුද්ධි නායක ස්වාමීන්වහන්සේගේ ආචාර්යත්වයෙන් උඩමත්තල සුගතවිසුද්ධි යන නාමයෙන් සසුන්ගත විය. 🙏
2024 ශ්‍රී අරියමිත්ත දහම් පාසල් බක්මහ උළෙලේ සොඳුරු අවස්ථා අතරින්....
🙏
අවුරුදු පොළ සිරි කැන්දූ
සිනා කිකිණි මල් රැන්දූ
කලල්ගොඩ ශ්‍රී අරියමිත්ත දහම් පාසල
අවුරුදු පොළ 2024
වර්ෂ 2024 මාර්තු 31 වන ඉරු දින
PC: RV Photography
අවුරුදු පොළක් / ආහාර සැණකෙළියක්
වෙනස් අත්විඳින්න.....
- අලුත් එළවළු, පලතුරු, පලා වර්ග ...
- රස්නෙට කූල් සරුවත්...
- රස වෑහෙන පලතුරු සැලඩ්...
ඒ විතරක් නෙමේ.......
- උණු උණු ආප්ප, වඩේ, ඉඟුරු ප්ලේන් ටී එක්ක...
- පොඩි බබාලට ලොකු බබාලට 🍦
- එළවළු සුප් සමඟ කොච්චි buns
- සැරට රසට සීනි සම්බල් buns
- අතේ ඇති මුදලට නිවසට අවශ්‍ය කරන තව බොහෝ දෑ....
ශ්‍රී අරියමිත්ත දහම් පාසල් අවුරුදු පොළ 2024
කවද්ද - මාර්තු 31
කීයටද - උදෑසන 8 සිට
කොහේද - කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතන දහම් පාසල් පරිශ්‍රයේ දී...
ප්‍රමාද වන්න එපා. වෙලාවට කලින් ම එන්න...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Vidya Samadhi International Buddhist Centre
Pannipitiya, 10230
"Let's build a world of good people dedicated to others"
Pannipitiya, 10230
So do not fear, for I am with you; do not be dismayed, for I am your God. I will strengthen you and help you; I will uphold you with my righteous right hand. Isaiah 41:10
Arawwala Road
Pannipitiya, 10230
Christ King Church was established in year 1928 by Rev. Fr. Sakarias Dabarera who was appointed as the parish priest St. Thomas' Church, Kotte.