Clarence Wijewardena
Clarence Wijewardane (August 3, 1943 – December 13, 1996) is a legendary Sri Lankan musician, who
අදින් විසිහත් වසරකට පෙර අපට අහිමිවූ "පුදනු නොලැබූ පිදියයුත්තා."
නැවතත් එතුමා පිළිබඳ මතකාවර්ජනයකට රසික අපට ඉඩහසර විවරව ඇත.
1943 වසරේ අගෝස්තු 03 වන දා හපුතලේ උපන් ක්ලැරන්ස් විජේවර්ධන මහතා මෙරට සංගීත ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නිර්මාණකරුවා ලෙස අගය කළයුත්තේ ඇයි?
මේ මතකාවර්ජනය එතුමා වෙනුවෙනි,
නෙවිල් ප්‍රනාන්දු මහතා මෙරටට බිහිකළ කණ්ඩායම් සංගීතය පොදු ජනයා අතරට ගෙනයාමේ ගෞරවය ක්ලැරන්ස් විජේවර්ධනයන් සතුවේ.
ගිටාරය වැනි බටහිර වාද්‍ය භාණ්ඩයක් දේශියකරණය කළ යුග පුරුෂයා ලෙස ක්ලැරන්ස් විජේවර්ධනය මහතා හඳුන්වා දිය හැක.
එය බොහොදෙනා දන්නේ ගිටාරය දේශීයකරණය කළ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියා ලෙස අන්වර්ථයෙනි.
"The God Father of Sri Lankan Pop"
ලෙස එතුමාට තේමාවක් ද වර්තමානය වන විට ගොඩනැගී ඇත.
ගී පද රචනය, සංගීත නිර්මාණය ගායනය යන අංශවල අති දක්ෂයෙක් වූ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ වපසරය එතැනින් එහාට විහිදී යන්නේ ශබ්ද පරිපාලනය, තනු නිර්මාණය, ගිටාර්වාදනය යන තවත් බොහෝ අංශවලට තිබූ දක්ෂතාවයන් නිසාය.
මේ නිසා එතුමන් අනෙක් ශිල්පීන්ගෙන් විශේෂ වූ නිර්මාණකරුවෙක් විය.
ඉතා කෙටි වේලාවක් තුළ ගීතයක් නිර්මාණය කිරීමට එතුමාට තිබූ හැකියාව අද එතුමන් නොමැති වූවද බොහෝදෙනා කතාබහට ලක් කරන්නකි.
එතුමා ගැයූ ගීත මෙන්ම,
තමා විසින් ම රචනා කර තම හිතවතුන්ට, සහෝදර ගායන ශිල්පීන්ට නිර්ලෝභීව එතුමා කළ අතිවිශිෂ්ට නිර්මාණ අදටත් අතිශය ජනප්‍රියව පැවතීමට හේතුව කුමක්ද යන්න දන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මහතා ම පමණි.
එතුමන්ගේ කෙටි ජීවිත කාලය තුළ නිර්මාණය කරන ලද ගීත ගණන මෙතෙක් යැයි ගණනය කර නැතත්. ඔබත් මමත් ශ්‍රවණය කළ නොකළ එතුමාගේ බොහෝ ගීත කාලයේ වැලිතලා අතර සැඟවයමින් ඇතැයි විටෙක සිතෙයි.
අවර ගණයේ විකෘති නිර්මාණ බිහිවන මේ කාලයේ එතුමාගේ ගීත ප්‍රමාණය ඉලක්කම් කරනවාට වඩා ඒ ගීත සොයා රසවින්දනය කිරීම හා ඒ ගීතවල ඇති අර්ථවත් බව විචාරය කිරීම වටිනා බව කාලයත් සමග දැන් වැඩි වැඩියෙන් දැනෙමින් පවතී.
මූන්ස්ටෝන්ස් යනු ලංකාවේ සංගීත ඉතිහාසය වෙනස් කළ අපූර්වතම කණ්ඩායම යැයි කිව්වත් වරදක් නැතැයි සිතමි.
ඒ වෙනසක ආරම්භය ඇත්තේ එම කාලයේ නිසාවෙනි.
පසුව ගෝල්ඩන් චයිම්ස්,
සුපර් ගෝල්ඩන් චයිම්ස්,
මදාරා වැනි වටිනා සංගීත කණ්ඩායම් රැසක් බිහි කළ, මගපෙන්වීම් කළ යුග පුරුෂයෙක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධන මහතා හඳුන්වා දිය හැකිය.
බොහෝ ගායක, ගායිකාවන්ගේ සාර්ථකත්වය පිටුපස සිටි දැවැන්ත ම සෙවනැල්ල ක්ලැරන්ස් විජේවර්ධනයන් ය.
ක්ලැරන්ස් විජේවර්ධන මහතා මුල්වරට සංගීත අධ්‍යක්ෂණය කළ "සිකුරුලියා" චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා මහතා ගැයූ "කොමළ ලියා බොළඳ ලියා" ගීතය මෙන්ම ඇනස්ලි මාලවන මහතා ගායනා කරන "උඩරට නිළිය හැඩ වගේ" වැනි ගීත ක්ලැරන්ස් බටහිර සංගීතයේ ගැත්තෙකු ලෙස කොන්කර දැමූ බොහෝදෙනාට ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් දේශීයත්වයෙන් පිළිතුරු දුන් විශිෂ්ඨ නිර්මාණ ලෙස හඳුන්වාදිය හැක.
මෙරට ටෙලිවිෂන් කලාවට නවුම් අත්දැකීමක් එකරමින් සංගීතය පදනම් කරගත් විශිෂ්ට නිර්මාණයක් ලෙස බිහිවූ "සුසීමා" ටෙලිනාට්‍ය වැනි ටෙලිකෘති අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූයේ එහි පැමිණි ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් නිර්මාණ කළ අපූර්ව වූ ගීත නිසාමය.
* දෑස පියාගත් කළ මැවෙන්නේ ඔබෙ රුව...
* මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ.....
* තටු සලා යන්න නම් අවකාශයේ.....
* රෑ රෑ තරාකාවෝ මුමුණා කියයි......
* දේවතාවන් සිතන දේවල්......
වැනි අති සුන්දර ගීත රැසක් මේ ටෙලිකෘතිය ජනතාව අතර අදටත් කතා කරන්නට තරම්
සමීප කරවන්නට ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.
"නිදිකුම්භා මල්" ටෙලි කෘතිය වෙනුවෙන් කළ නිර්මාණයන් ද එකසේ ජනතාව අතර ප්රචලිතවීම එතුමන්ගේ නිර්මාණවල සාර්ථකත්වය මනාවට දෘශ්‍යමාන කරන්නකි.
මෙවැනි ප්‍රතිභාවක් තිබූ ක්ලැරන්ස් විජේවර්ධන මහතා වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෙක් අපට අහිමිව විසිහත්වසරක් සපිරෙන අද දිනයේ එතුමන්ගේ නාමය කාලයේ වැලිතලා අතර සැඟවී යාමට ඉඩ නොදී මතකාවර්ජනයක් ලෙසින් ඔබ වෙත මෙම සටහන ඉදිරිපත් කරමි.
පින්වත් වූ ඔබේ සිතුවිල්ලේ බලෙන්....
වේදිකාව නෑ තිරයෙන් වැසී ගියේ....
සටහන
Janith Liyanage
Clarence Wijewardena fan club
Clarance Wijewardana(ගී සංරක්ෂණ හවුල)
වෙනුවෙනි.
Late & Great
Legend
Mr. C L A R E N C E W I J E W A R D E N A
[1943 - 1996]
Copied
හිරු සඳු මැකිලා...
Vocals by Nilanka WickramaArachchi
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
299/D, Swarnapaya Watta, Madapatha Road, Piliyandal
Piliyandala, 10300
welcome To ABG_Music Make Your Own Way✓ No Life Without Music°^°