Charu S
� Life as a Song �
� Try to Sing it Nicely �
20_20.....🏌️♂️
අල්ලා ගැනීම හා
අතහෑරීම අතර හිඩැස ,
ජීවිතය නම් විය.....🚶
ජීවිතේ
කළකිරීමක් නැතුව ගෙවන්නේ,
තමන්ට ලැබුණ ඕනෑම චරිතෙකට
සාධාරණයක් කරපු මිනිස්සු....🏃
හූල්ලන විට පපුව අතගා
රිදුම් උදුරා පිලිස්සූ,
ඇබින්දක් හරි ළඟින් හිදිමින්
හුඟක් හඳවත සැනැස්සූ,
ඇසක කදුලක සතුට ගිල්වා
හිනාවෙන්නට සැලැස්සූ,
හරිම අඩුවෙන් මුන ගැහැන්නේ
හිතට දැනෙනා මිනිස්සු.......🚶
උ.ගැ....
මඩ වලක වුව
පිපෙන්නට හැකිය ,
නමුත් ඊට පෙර නුබ
නෙළුමක් විය යුතුය....🚶
අපි යන පාරට මල් දාන මිනිස්සු
දවසක අපිට ගල් ගහනවා...
ගල් ගහපු මිනිස්සු , දවසක මල් දානවා...
ඒ අවස්ථා දෙකම ජීවිතයට ආශිර්වාදයක් කරගන්න...🚶
සොඳුරු මතක පිටු.....🚶
” ඔයා කැමතිම වචනෙ මොකක් ද ? "
හ්ම්......
ඔහු මඳක් කල්පනා කළේ ය...
අවිනිශ්චිතව ඇඟිලි කොනක් සැපී ය....
අනතුරුව හඬ අවදි කළේ ය....
අනේ මන්ද..!
පුංචිම කාලෙ නම් අම්මා...!
ඊට පස්සෙ හොඳ ළමයා...
එතනින් පස්සෙ පළවෙනියා...!
ශිෂ්‍යත්වෙ..!
ඒ දහය...! ඒ තුන...! බැච් ටොප්...!
රස්සාවක්..! වාහනයක්..! "
”එතකොට දැන්.”
ඔහු ,
කියවිල්ල නැවැත්වී ය...
පුටුවෙහි හරි බරි ගැහුණේ ය....
අනෙකා දෙස එක එල්ලේ බැලී ය....
පිළිතුරු දුන්නේ ය....
"... බ ම් බු ව ..."
ගැහැණු පිරිමි ඇතැමෙක්
තලතුනා වයසට පත්
නැටුම් බලා ප්රීතිවෙත්...
ගැනබලා සතයක් දෙකක්
ගෙන ටින් කබලට දමත් ,
පතා දෙව් මිනිස් සැප
කෙලවර මොක සැපත්...
ටින් පියන ගෙන අතකින්
හති දම දමා ආ කල
නිමා කොට තම නැටුම ඒ දැරිය,
අනාගතයෙහි දිනෙක
අඳුරු මං වීදි වල සරන්නට වරම් ලද....
තැබී ඔහු සුදු මහත
රුපියලේ කාසියක් ඒ මතෙහි,
බලා ඇත්දැයි කිසිවෙකු
බලා වට පිට සැකයෙන්
බලා සිටියොත් කිසිවෙකු
උන් සිතන්නට පුළුවන
“රුපියලක්ම දුන් මේකා පිස්සෙක්මය”
රුපියලක්ම ලැබුණු හෙයින්
ඒ දැරිය ප්‍රීතියෙන් ඉපිලෙතැයි
විස්මපත් වනු ඇතැයි
සිතූමුත් ඔහු ,
ගියා ඈ ඉවතට
ඊළඟ මගියා වෙතට
කිසිවක් නොදත් විලසට...
නොසතුටක් පහලවිය ඔහු සිතෙහි
ඉන්පසුව ගැටළුවක් පහලවිය ඔහු සිතෙහි...
ඇයි මා ඈගෙන් පැතුවේ
මන පිනවන ප්‍රතික්‍රියාවක් ?
දුන්නේ රුපියලක්ම මම
'මම' සතුටු කරන්නද ?
ඇය සතුටු කරන්නද ?
" ලොකු සාදු මේ අහන්නකෝ "
පාට සමනලු පියාඹන කොට
සෙල්ලමටමයි හිත
ගාථා ටික පාඩම් කරන්නට
මම විදින මේ දුක
ඇත්තමයි මම මේ කියන්නේ
අපේ ලොකු සාදුට
බනින්නට නම් එපා මා හට
දුකයි මට එතකොට
වෑන්ජන හැම පිරිලා තිබුනට
කන්න නම් නෑ හිත
අම්මා දුන් ඒ හීල් බත් වල
දැනුනෙ ආදර රස
පේර මාදං හිඹටු මොර වල
තිබුන ඒ රස ගුන
ඇපල් මිදි චෙරි දොඩං ගෙඩිවල
දැනෙන්නේ වස විස
අඩනවා හෙම නෙමෙයි මේ මම
ඇඩෙනවානෙ මට
පඬු සුවඳ අතරින් දැනෙන්නේ
ඇගේ සුවඳයි මට
මතක් වෙනකොට කඳුළු ගලනවා
නවත්වන්න බෑ මට
ඔලුව අතගා නලව ගන්නට
අම්මා නෑ නොවැ ලඟ...
✍️ ℕ𝕒𝕕𝕖𝕖𝕣𝕒 𝕄𝕒𝕟𝕒𝕞𝕡𝕖𝕣𝕚...
මිනිස්සු බයම
තමන්ගේ යටි හිත එක්ක ගණුදෙනු කරන්න...
මොකද , තමන් ගැන ඇත්තම දන්නේ
තමන්ගේ යටි හිත විතරක් නිසා.....🚶
ඒ කාලේ අපිට තිබ්බ ලොකුම හීන...🥰
දේවල් පේන්නේ
තම තමන්ගේ ඇබ්බැහිකම් අනුව....🚶
අලුත් ගේකට - හයිය වෙන්නට
බැඳී මිරිකෙති - හුඟක් වැලි කැට
අලුත් ගෙබිමට - වැලි නේන්නට
ඔවුන් අල්ලති - ටයිල් මිදුලට
මෙහෙම කිව්වට - ගෙයක් ඇතුළට
අපි වුනත් ගන්නවද - වැලි කැට
ඕනි තැනකට
හරි වෙලාවට
" ඇවිත් යන එක
හොඳයි ඇත්තට ......😊
පොතකින්.....📖️
රහසිගතව
තබාගත යුතු
දේවල් තුනක්......🥴
"තුම්හෙ කාලාම අත්තනාව ජනෙයාථ,
ඉමේ ධම්මා කුසලා ඉමෙ ධම්මා අකුසලා,
ඉමේ ධම්ම සාවජ්ජා..."
කවරකු හෝ කීයූ පමනකින් ද,
පොතපතේ තිබූ පමනින්ද,
තර්කයට ගැලපෙන නිසාවෙන්ද,
පරම්පරාවෙන් පැවතෙන්නක් නිසාවෙන්ද,
යමක් පිළි ගැනීම නොකල යුතුය...
එය නුවනින් විමසා අවබෝධයෙන්ම
වටහා ගැනුම මැනවි.."
(කාලම සූත්‍රය)
Saranankara Bilingual Mission Pirivena
𝕊𝕒𝕣𝕒𝕟𝕒𝕟𝕜𝕒𝕣𝕒 𝔹𝕚𝕝𝕚𝕟𝕘𝕦𝕒𝕝 𝕄𝕚𝕤𝕤𝕚𝕠𝕟 ℙ𝕚𝕣𝕚𝕧𝕖𝕟𝕒 - ℙ𝕖𝕝𝕞𝕒𝕕𝕦𝕝𝕝𝕒
දිනක් සංචාරකයින් පිරිසක් කිඹුල් ගොවිපලකට නැරැඹීමට පැමිණියා...🚶
ඔවුන් කිඹුලුන් විශාල ප්‍රමාණයක් සිටින විලක් මැද යකඩයෙන් සැදු පාවෙන මතුපිටක් මත හිඳ කිඹුලන් නරඹන්නට විය...🥴
එක්වරම ගොවිපල හිමිකරු කෑගැසමින් මෙසේ පැවසීය,😕
“කවුරුන් හෝ වතුරට පැන මේ කිඹුලන් අතරින් ගොඩබිමට පීනන්නේ නම් ඔහුට ඩොලර් මිලියන 10ක් ත්‍යාගයක් ලෙස ලැබෙනු ඇති බවයි...
සියලුම දෙනා නිහඬ විය...😟
හදිසියේම මිනිසෙක් වතුරට පැන්නේය....🤔
ඔහුව කිඹුලන් විසින් ලුහුබැඳ ගිය නමුත් විශාල වාසනාවකින් ඔහුට දිවි ගලවාගෙන ගොඩබිමට යාමට හැකි විය...🤑
හිමිකරු නිවේදනය කළේ,
"ඔව්.. අපට ජයග්‍රහාකයෙකු සිටී.."
යන්නයි...🥰
ඔහුගේ ත්‍යාගය ඔහුට හිමිවිය. ඉන් පසු එම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ හෝටල් කාමරයට ආපසු ගියහ...🥱
ඔහු තම බිරිඳට මෙසේ පැවසුවේය...
"මම විලට පැන්නේ නැහැ ඕයි, කවුරුහරි මාව තල්ලු කළා.."😮💨
ඔහුගේ බිරිඳ සිනාසෙමින් පැවසුවේ,
“අයියෝ... ඒ මම අනේ..”
යනුවෙනි...😇
"සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම, ඔහුට කුඩා තල්ලුවක් දීමට සෑම විටම කාන්තාවක් සිටී.."
😂😂😂😂😂
මිත්‍රයා නුඹ කරේ වැරැද්දක්.... 🍃
අවදානම් ලැයිස්තුවට දාලා
හයිය අරටු කියක් නම්
කපලා අදීවිද ඉස්සරහට මුන්....🚶
බ්ලුබෙරි..🍇
ගොඩක් කාලෙකට ඉස්සර ඇමරිකාවේ තිබුණා ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් හදන සමාගමක්...
ඒ අය හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම හරිම ප්‍රසිද්ධයි...
ඒ අයිස්ක්‍රීම් ඉතා මිල අධික උනත් ඒ රටේ හැම පලාතකම ජීවත් උන මිනිස්සු ඒ අයිස්ක්‍රීම් වල රස බලන්න පුරුදු වෙලා හිටියේ...
හේතුව තමයි ගුණාත්මක භාවය සහ රසය අතින් ඒ අයිස්ක්‍රීම් ගොඩක් ඉහල මට්ටමක තිබුණ එක...
• දවසක් ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහතාට ඇරයුමක් ලැබෙනවා ඒ පලාතේ පාසැලක තිබුණ උත්සවයක ප්‍රධාන අමුත්තා හැටියට ඇවිල්ලා පාසැලේ දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වන්න...
ඔහු ඒක සතුටින් භාරගෙන එදාට ඒ උත්සවයට සහභාගි වෙලා දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වනවා...
ඒ කතාව ඔහුගේ ජීවිත අත්දැකීම් හා ව්‍යාපාර මූලධර්ම මත පදනම් වූ ඉතාමත් ආදර්ශමත් හා සාරවත් කතාවක්...
හැබැයි ඔහු ඔහුගේ දේශනය අවසන් කරේ ටිකක් වෙනස් විදියකට...
ඔහු මෙහෙම කිව්වා.
"මම මේ රටේ තියන අධ්‍යාපන ක්‍රමයටනං කොහෙත්ම කැමති නෑ"
"විශේෂයෙන්ම ආණ්ඩුවේ පාසල් වලට සිසුන් ඇතුලත් කිරීමේ පටන් ඔවුන්ට පාසල් තුල දැණුම ලබාදෙන පිලිවෙල දක්වා වෙන ක්‍රියාදාමයම සම්පූර්ණයෙන්ම වැරදියි.. "
"ඒ ක්‍රමවේදය දැනුම මූලික සමාජයකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ"
"රජයේ පාසල් වල තියෙන අනෙක් ලොකුම ගැටලුව තමයි ගුරුවරු"
"මේ ගුරුවරු වෙනස් වෙන්න කැමතිම නෑ. හිතන්නෙම පරණ විදියට "
" එයාල හිතන්නෙ එයාලගෙ කාලෙ තමයි හොදම කාලෙ කියලා. "
" ඒ වගේම මේ ගුරුවරු හරිම සාම්ප්‍රදායිකයි"
" වේවැලක් නැතුව තාම මේ ගුරුවරුන්ට උගන්වන්න බෑ"
මේ කතාව අහගෙන හිටපු ගුරුවරුන්ගේ හිත් හරියට රිදුනා...😔
ඒත් හැමෝම බිම බලාගෙන හිටිය මිසක් කව්රුවත් කතා කලේ නෑ...
ඒත් මේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයගේ දේශනය අවසන් වෙනකොටම එක ගුරුවරියක් විතරක් ✌අත ඉස්සුවා.
ඇය පාසලේ හිටපු ඉංග්‍රීසි ගුරුවරිය...
ඇය ව්‍යාපාරිකයගෙන් මෙහෙම අහනවා,,,
"සමාවන්න මහත්මයා.."
"මට පුළුවනිද ඔබ තුමාගෙන් එක ප්‍රශ්ණයක් අහන්න...?"
ඔහු තරමක් පුදුමයට පත් උනත් ඇයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න කැමති උනා...
🏆️ ගුරුවරිය මෙහෙම ඇහුවා,
" සර්.. ඔබතුමා ඇමරිකාවෙ තියන ප්‍රසිද්ධම හා විශාලතම අයිස්ක්‍රීම් නිශ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා"
"ඔව් ඔබතුමිය නිවැරදියි"
" ඇමරිකාවේ හොදම අයිස්ක්‍රීම් හදන්නෙ අපි"
ඔහු ඉතා ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා...
ගුරුවරිය මෙහෙම කියනවා,
"ඒක කොච්චර හොඳද"
"ඒ අයිස්ක්‍රීම් කොච්චර රසද.. ඒවා සුදු හිම වගේ හරිම මෘදුයි"
ගුරුවරිය ව්‍යාපාරිකයගෙන් තවත් ප්‍රශ්ණයක් අහනවා,
" ඔබතුමා මොහොතකට හිතන්න ඔබ මේ දැන් ඇවිල්ල තියෙන්නේ ඔබගේ ඔය රසම රස අයිස්ක්‍රීම් හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය මිලදී ගන්න යන තැනකට කියලා"
" හිතන්න… මෙතන තියනව කියලා ඒ අයිස්ක්‍රීම් වලට දාන්න ගන්න ඕන බ්ලූබෙරි ලොරියක්.."
"ඒත් සර්…"
"ඒ බ්ලූබෙරි ලොරියේ තියන බොහොමයක් බ්ලූබෙරි නරක් වෙලා.. "
" දැන් ඔබතුමා මොකද කරන්නෙ..? "
ව්‍යාපාරිකය ටිකක් කල්පනා කරල කලබල නැතිව ඇත්තම කිව්වා...
" නරක් වෙච්ච බ්ලූබෙරි අපි කවදාවත් බාරගන්නේ නෑ.. "
" ඒව දාල අයිස්ක්‍රීම් හදලා අපේ නිෂ්පාදන වලට තියන හොද නම කැත කරගන්න අපිට ඕන නෑ"
" අපි ඒ බ්ලූබෙරි ලොරියම ප්‍රතික්ෂේප කරනවා "
ගුරුතුමිය හිනාවෙලා මෙහෙම කියනවා,
" හැබැයි සර්… අපිට එහෙම කරන්න බෑ "
"අපිට හම්බවෙන සමහර බ්ලූබෙරි ලොකු පවුල් වල… සමහර බ්ලූබෙරි හරිම දුප්පත් පවුල් වල.. "
" සමහර බ්ලූබෙරි හොර මත්පැන් පෙරන පවුල් වල.. "
" සමහර වෙලාවට අපිට ඒ බ්ලූබෙරි එන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැති පවුල් වලින්."
"සමහර වෙලාවට.. අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු කරන පවුල් වලින් "
" සර් දන්නවද __? "
" සමහර බ්ලූබෙරි අපිට එනකොටම පුංචි කාලෙම අතවරවලට ලක්වෙලා හිත් හොදටම නරක් වෙලා.. හරියට අර ඔබතුමාට හම්බ උන ලොරියේ තිබුණ නරක් වෙච්ච බ්ලූබෙරි වගේ.. "
" හැබැයි සර්…අපිට ඒ කිසි එකක් භාරනොගෙන ආපහු යවන්න බෑ.. "
" අපි ඒ හැම බ්ලූබෙරි ගෙඩියක්ම භාරගන්නවා.. "
" භාරගන්නව විතරක් නෙවෙයි.."
" අපි ඒ බ්ලූබෙරි වලින් අයිස්ක්‍රීම් හදනවා.. "
" ඔබලා හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම බෙදාහරිනවා.. "
" ඒක නොදන්න කෙනෙක් නෑ.. ඒක ඇත්ත.. "
" ඒත් සර්.. අපි අපිට හම්බවෙන ඒ බ්ලූබෙරි දාල හදන අයිස්ක්‍රීම් ඇමරිකාවේ විතරක් නෙවෙයි.. ලෝකේ ගොඩක් තැන් රසවත් කරන්න බෙදාහරිනවා… "
මෙච්වර වෙලා නිශ්ශබ්දව තිබුණ ශාලාව විනාඩි කිහිපයක් යනකල් අත්පොලසන් හඩින් ගිගුම් දෙන්න ගත්තා.
තමුන්ට වැරදුනු බව විධායක නිලධාරී මහතා තේරුම් ගත්තා.
පසු සටහන
*************
අද මට මේ සටහන අකුරු කරන්න "අ" යනු" ආ" යනු ලියන හැටි මුලින්ම කියල දුන්නු ප්‍රාථමික පංතියේ පටන් , උසස් අධ්‍යාපනය දක්වා මට සිප් සතර ඉගැන්වූ සියලු ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ටත්, අනේක දුෂ්කරතා විඳිමින්ද, විටෙක අවලාද අසමින්ද ජාතියේ වර්තමාන සිසු දරු පරම්පරාවේ නැණ නුවණ පාදන්නට අදටත් වෙහෙසෙනා සියලු ගුරුමෑණි වරුන්ටත් පියවරුන්ටත් මේ සටහන ගෞරවයෙන් පිලිගන්වමි.....❤️🙏🧡
හිස් ගොඩක් - ගොඩක් හිස්
උබ මැරුනම ,
උබට මුලින්ම නැති වෙන්නේ
උබේ නම...📖️
" මිනිය ගෙනාවද......?
සෙල්ලම් වයසට
ඉන්නේ කෝමද
කියන්න පොඩි හාමුදුරුවනේ...🙏❤
ගොඩක් තුවාල පෑරෙන්නේ
සනීප වෙන්න කියලා ගහන
ප්ලාස්ටරෙන්______💉
පාටියකදී ,
නටන්න බැරි මට
නටන්න කතා කරාම........🥴
සුපිරි වැයුම්______❤
පුදුම වනු ඇත__________🚶
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the school
Telephone
Address
Rathnapura
Ratnapura, 70000
ICT Knowledge ,Model Papers,Revision Papers & you can join our ICT Classes. You can see Viral Videos ,Technological Videos.
Pelmadulla
Ratnapura, 70070
Information and Communication Technology | Grade 6 to 11 | Mobile - 071998 1649
Veralupa Old Road
Ratnapura, 70000
වසර 18 කදී රත්නපුර දිස්ත්‍රීක් ප්‍රතමයන් 17 ක් සමග විශිෂ්ඨයින් රැසක් සහබාගි වූ පන්තිය.
Ratnapura
Physics Tutor & Government School Physics Teacher [MSc (reading,UOC), BSc (Phy,UOR), Dip in Eng (SUSL), Dip in HRM(CIPM)]