Best Insurance Solutions
All General lnsurance Services
🎈🎈අද වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල් මෙන්න.
(how to buy a vehicle)🎈🎈
👉වාහනයක පොතක් බලන්නේ කොහොමද?
👉ගොඩක් අය හිතාගෙන ඉන්නේ වාහනයක පොත හෙවත් ලියාපදිංචි සහතිකය බලන්න තමන් හොඳට දන්නවයි කියලයි. බලමු ඔබ කොච්චර දුරට හරිද කියලා. ගොඩක් අය පොතක් අරගෙන බලන්නේ අයිතිකරුගේ නම ලිපිනය, පරම අයිතිය, වාහනයේ නිෂ්පාදිත වර්ෂය, ලියාපදිංචිය වාගේ සරලම දේවල් විතරයි. ඔය ටික පොතේ මුද්‍රණය කරලම තියෙනවනෙ. ඕවා බැලූවා කියලා අපිට වාහනයේ නිරවුල් භාවය පිළිබඳව කිසිම නිගමනයකට එන්න බෑ. අපි වාහනයක පොතක් අරන් එහි අංක එකේ සිට සටහන් මෙහෙම බලමු.
👉ලියාපදිංචි කිරීමේ අංකය – කියලා දෙන්න ඕන නෑනෙ. කවුරුත් දන්නවනෙ.
👉චැසියේ අංකය – පොතේ තියෙන චැසි අංකයත්, වාහනයේ තියෙන චැසි අංකයත් පරීකෂා කරන්න. චැසි අංකය වාහනයේ දෙතැනක තියෙනවා. එකක් චැසියේම කොටා තිඛෙන එකක්. ඒක තමයි කියවගන්න ඕනෑ. එහි අංකවල සුළු හෝ වෙනසක් තිඛෙනවා නම් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකර නිරවුල් කරගන්නම ඕනෑ. බිංදුවට ඕ අකුර, නවයට පී අකුර, එක ට හතේ ඉලක්කම වාගෙ වැරදි පොතේ තියෙන්න පුලූවන්. ඒවා හදාගන්න ඕනෑ. 2004 වසරේ ලියාපදිංචි කළ බඩී වෑන්වල එහෙම වැඩිපුරම තියෙන්නේ චැසියේ මුල් කොටස විතරයි. දැන් මේකත් අපි හදාගන්න ඕනෑ.
👉චැසි අංක කොටන්න යන්න කවුරුහරි උපදෙස් දුන්නොත් හොඳවයින් දෙකක් කියන්න. ඒක නීති විරෝධීයි. එහෙම කොටලා තිඛෙන වාහන ගන්නත් එපා. දැන දැන ඇයි ප්‍රශ්ණවලට යන්නෙ?
🎈වර්තමාන අයිතිකරු.
👉“මම තමයි වර්තමාන අයිතිකාරයා” කිව්වට බෑ. ඔප්පු කරගන්න සාධක ඔබ සොයාගන්න. අයිඩී එක බලන්න. ලිපිනය බලන්න. හොරු ජාවාරම් කරන්නෙත් ඔය විදිහටම නිසා බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න වෙනවා. ඔහු විස්තර ඉල්ලද්දී මගහරිනවා නම්, හදිසි කරනවා නම්, කාර්ය බහුල බවක්ම පෙන්වනවා නම්, කේන්ති ගන්නවා නම්, ඔබත් එක්ක කතා නොකර කෝල් කර කරම ඉන්නවා නම් අතහැරලා එන එක තමයි හොඳ. ඔබ වියදම් කරන්න යන්නේ ලකෂ ගණනක්. වරද්දා ගත්තොත් ගොඩ එන්න පුලූවන්ද?
👉ඒ වගේම ලිපිනය කියවලා බලන්න. මුහුදුබඩ ප්‍රදේශවල වැඩි කළක් පාවිච්චි කළ වාහන දිරා යාමේ ප්රවනතාව වැඩියි. දිරන්නේ අහුමුළු. ලිපිනය දැක්කහම දිරුම් ගැන වැඩිපුර බලන්න. වාහනයේ වර්තමාන හිමිකරු සමාගමක් බව පොතේ සඳහන් වෙනවා නම් පැවරුමට අදාලව තවත් අමතර ලියකියවිලි අවශ්‍ය වෙනවා. පැවරුම් ලේඛණවල එම්බෝස් සීල් හෙවත් තෙරපුම් මුද්‍රාව තිබිය යුතුයි. තෙරපුම් මුද්‍රාව භාවිත නොකරන සමාගමක් නම් ඒ බවට වෙනම ලිපියක් ඕනෑ. සමාගමේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්. ෆෝම් 48 හෝ ෆෝම් 20 ලේඛණය. මෙම පැවරුමට විරුද්ධ නොවන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට සමාගම මගින් ලියනු ලබන ලිපිය.
🎈පොත ඩුප්ලිකේට්ද?
👉කොන්දේසි/විශේෂ සටහන් – පොත ඔරිජිනල් දල ඩුප්ලිකේට්ද කියලා මෙතන තියෙනවා. පොත DUPLICATE නම් එක් දින පැවරුම් ලබා ගැනීම අසීරුයි. ඒ නිසා ලීසිං ගියොත් අයිතිකරුට චෙක් එක දෙන්නේ සාමාන්‍ය පැවරුමකට පස්සෙ. කාලය ගත වෙනවා. සමහර මුල්‍ය ආයතන ඩුප්ලිකේට් සහතිකය සහිත වාහනවලට ණය මුදල් අනුමත කරන්නේ නැහැ. හැබැයි ඩුප්ලිකේට් පොත් සහිත හොඳ තත්ත්වයේ වාහන වෙළඳපළේ අනන්ත හමුවෙනවා. ඒත් ඉහත ලියකියවිලි ගැටළු හින්දා වටිනාකම අඩුවෙන් ගන්නත් පුලූවන්. විකුණන්න වෙන්නෙත් එහෙමයි. මෙම වාහනය ගෙන්වලා තියෙන්නේ බදු සහන යටතේ නම් ඒ ගැන මෙතැන තියෙනවා. ඒ නිසා ලියාපදිංචි දිනය බලන්න. එතැන් පටන් අවුරුදු හතරක් හෝ පහක් යනතුරු පැවරුම කරන්න බැහැ. එක්කෝ පැවරුම කරනවා නම් බදු ගෙවන්න වෙනවා. ඕවා නොදැන ගත්තොත් කරදරයි.
🎈ෆිනෑන්ස් තියෙන වාහනයක්ද?
👉පරම අයිතිකරු.- ලීසිං තිඛෙනවා නම් එක පාරටම බයවෙන්න එපා. ලීසිං අවසන් කළ බවට වන ඩිලීෂන් ලෙටර් එක තිඛෙනවද බලන්න. ඒ ලියුමේ තියෙන වාහන අංකයත්, ලීසිං සමාගමේ නාමයත්, මෝටර් ප්‍රවාහන කොමසාරිස්ට එඩ්රස් කළ ලියුමක්ද බවත් චෙක් කරගන්න.
🎈එන්ජින් අංකය බලමු.
👉එන්ජින් අංකය හොයාගන්න ටිකක් අමාරුයි. ඒත් ඒකත් චෙක් කරලා ගැළපෙනවද කියලා බලලම ගත්තොත් තමයි හොඳ. එන්ජින් එකක් අලූතෙන් තියලා ආර්එම්වී එකේ රෙජිස්ටර් කරලා නැති වාහන තියෙනවා. ඒවා රෙජිස්ටර් කරගන්න ඕනෑ. එන්ජින් එක ගත්ත බිලත් ඉදිරිපත් කරන්න ඕනෑ. 7 සිට 28 දක්වා පොතේ මුද්‍රිත තොරතුරු කියැවීමෙන් වාහනයේ නිරවුල්භාවය සමබන්ධ නිගමනවලට එන්න සාධක නැහැ.
🎈ඉන්ෂුවරන්ස් කන්ඩම් වාහනයක්ද?
👉21. පෙර අයිතිකරුවන් අතර රක්ෂණ සමාගමක නාමයක් දැක්කොත් හරි පරෙස්සමෙන්. හොඳට බලන්න. ඉතා කෙටි කලකින් රක්ෂණ සමාගම මෙම වාහනය නැවත පැවරීමක් කර තිබේ නම් දෙවරක් සිතන්න. මෙය ඉන්ෂුවරන්ස් කන්ඩම් කළ වාහනයක් විය හැකියි. දැඩි අනතුරුවල දී රකෂණ සමාගම් එම වාහන වන්දි ගෙවා ලබාගෙන අඩු මුදලට විකුණා දමනවා. ඇත්තෙන්ම ඒවා නැවත අලත්වැඩියා කර
👉පාව්චිචියට සුදුසු ඒවා නොවෙයි. ඒත් අපේ සමහර අය එවැනි වාහන අඩු ගානට ගෙනත් හොයන්න බැරිවෙන්න හදලා විකුණා දමනවා. මෙවැනි අලත්වැඩියාවන්වල ආයුෂ අඩුයි. යළි යළිත් කැඩී යාම්, වෙනස් වීම් සිදුවෙනවා. වාහනය අනතුරු දායකයි. 19 සහ 27 – ලීසිං ගන්නවා නම් නිෂ්පාදිත වර්ෂයත්, පළමු ලියාපදංචියත් බලන්න.
👉මොකද ලියාපදිංචියෙන් වසරක් තුළ පවරන වාහනයකට දැන් ලීසිං ලබාගන්න පුලූවන් සියයට පනහක් විතරයි. ලියාපදිංචියෙන් වසරක් ඉක්ම ගිහින් නම් සියයට හැත්තෑවක් පුලූවන්. පොතේ අක්ෂර රටා ගලපා බැලීමල ලොට් අංක පිරික්සීම, පොත මුද්‍රණය කළ දිනය බැලීම ආදියෙන් යම් යම් නිගමනවලට එන්න පුලූවන් වෙන්නේ ඒ ගැන හොඳ දැනුමක් සහ නිරන්තර අධ්‍යයනයක් ඇති අයට විතරයි.
🎈මේ විදිහටත් පොත බලන්න.
👉පොත නිල් එලිය සහිත ස්කෑනින් උපකරණයක් මගින් පරීකෂා කරගන්න පුලූවන් නම් තමයි හොඳ. මොකද පොතක කලර් ප්‍රින්ට් එකක් ගත්තොත් හරි පොතයි හොර පොතයි හොයන්න බැහැ. හරි පොත ස්කෑන් කළහම රාජ්‍ය ලාංඡනයත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේ ඉංග්‍රීසි අකුරු මණ්ඩලයත් පෙනෙන්න පටන් ගන්නවා.
🎈පොතේ තොරතුරු ඉන්ටනෙට් එකෙන් ගත්තොත් හරිද?
👉වාහනයක පොතේ තොරතුරු දැනගැනීමට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පුලවන්. ඒත් එහි සඳහන් වෙන්නේත් හොරා හොර පොතේ මුද්‍රණය කරගෙන එන්නේත් එම දෙයම නිසා මෙම තොරතුරු බලා ගත්තයි කියලා වැඩක් වෙයිද?
🎈සමහර වාහන පවරන්න බැහැ.
👉පොතේ විශේෂ කොන්දේසි සටහන් දෙස බලන්න. යම් කාලසීමාවකට යටත්ව පැවරුම තහනම් කළ වාහන තිඛෙනවා. බදු සහන මත ගෙනා වාහන තිඛෙනවා. බදු සහන ලබා ගත් වාහන ලියාපදිංචියෙන් වසර 4ක් හෝ පහක් ගතවනතුරු පවරන්න බැහැ. හොර පොත්වල අකුරු රටා, ලොට් අංක ආදියත් වෙනස්. මේවා සොයාගන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ.
🎈දඩයි බදුයි මට ගෙවන්න වෙයිද?
👉මෙම වාහනය පෙට්‍රල් වාහනයක් නම් එන්ජින් ධාරිතාව අනුවත්, ඩීසල් නම් එම ඉන්ධන විශේෂත්වය අනුවත් ටැක්ස් ගෙවන්න තිඛෙනවා. එහි කළින් නොගෙවූ හිග ටැක්ස් තිබුණොත් ඔබට ගෙවන්න වේවි. වාහනේ ගන්න කළින් මේ තොරතුරු නම් ආර්එම්වී එකට ගිහින් ගන්න පුලූවන්.
🎈ඔබ්ජෙක්ෂන් දාලා තිබුණොත්?
👉වාහනය විකිණීමට විරුද්ධව කිසියම් පාර්ශ්වයක් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වෙත විරෝධතා ගොනුකර තිඛෙන්න පුලූවන්. ඔබ වාහනයට මුදල් ගෙවා අතට ගත් පසුව මුදල් ලබා ගත් වාහනයේ හිමිකරු පසෙකට වෙනවා. ඔබේ නමට පැවරුම කරගන්න මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාට පස්සෙ තමයි වැඩේ පත්තු වෙන්නෙ. ට්‍රාන්සර් කරගන්න බෑ. විරෝධතාවක්. මෙවැනි ප්‍රශ්න කෙළවර වෙන විදිහක් ගැන කාටවත් කියන්න බෑ.
🎈එම්ටී සික්ස් ආර්එම්වී එවලද?
👉සමහර අවස්ථාවල ට්‍රාන්සර් එකට ගියාම කියනවා වෙනත් නමකින් පැවරුම් ලේඛණ එවලා තියෙනවා කියලා. ඔබේ පැවරුම ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රශ්නෙත් කෙළවර වෙන තැනක් කියන්න බෑ. ඔබ සල්ලි ගෙවලා ඉවරයිනෙ. සමහර වෙලාවට පැවරුම් ලේඛණයේ අත්සන වෙනස් කියන්න පුලූවන්. පැවරුම් ලේඛණවල සඳහන් දිනයේ සිට දින 14ක් ඉක්ම ගිහින් නම් එක් දිනකට රුපියල් සියය ගනනේ දඩ ගෙවන්නත් ලෑස්ති වෙලා යන්න. බැරිවෙලාවත් අවුරුද්දක් පරක්කු.
🎈වෙලා තිබුණොත් 36500ක් ගෙනිච්චොත් ඇතිනෙ නේද?
👉වයිෆ්ගෙ වාහනේ හස්බන්ඩ් විකුණලා. ගොඩක් අය විකුණන්නේ තමන්ගෙ නමට තියෙන වාහන නෙවෙයි. එහෙම වෙලාවට මේ ප්‍රශ්න වැඩියි. වාහනය විකුණන්නේ ලියාපදිංචි හිමිකරු වුනත් ප්‍රශ්න එන තැන් ඕන තරම්. බිරිඳගේ වාහනය සැමියා විකුණනවා. අම්මාගේ වාහනය පුතා විකුණනවා. සහෝදරයාගේ වාහනයල යාලූවාගේ වාහනය විකුණනවා. මේවාටත් විරෝධතා හා වෙනත් ගැටළු මතුවෙන තැන් අනන්තයි. ඉතින් හරි වැඩක්නෙ. කොහොමද මේ විදිහට අපි මේ
🎈ලංකාවෙන් වාහනයක් ගන්නේ?
👉ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි ව්‍යාපාරයක් වශයෙන් සිය දහස් ගණන් වාහන දිනපතාල සතිපතා, මාස්පතා, අවුරුදු පතා විකුණනකොට මොන තරම් ගැටලු එන්න ඕනද? ඒවා අවම කරගන්න අපි නම් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සැම විටම වාහනයේ අයිතිකාරයාට සම්පූර්ණ මුදල් ගෙවන්නේ ගැණුම්කරුගේ නමට පැවරුම සම්පූර්ණ කළ පසුවයි. අපි මෙහෙම කළත් ඔබ පෞද්ගලික කෙනෙකුගෙන් වාහනයක් ගන්නකොට ඒක කරන්න බෑනෙ. වාහනේ ඔබේ නමට පැවරුවාට පස්සෙ සල්ලි දෙන්නම් කියලා ඔබ වාහනේ අයිතිකාරයාට කිව්වොත් එයා කියයි හොඳට තියෙයි කියලා. වාහනේ හිමිකරුගේ පැත්තෙන් බලන්නත් ඕනනෙ. ඒ නිසා පෞද්ගලිකව වාහනයක් ගන්නකොට මේ අවදානම නම් තිඛෙනවා.
🎈මුදල් හදිසියකට වකුණමි.
👉විදෙස් ගතවීමට කියලා හරිල සල්ලි හදිස්සියට කියලා හරි වාහන විකුණන්න හදන අවස්ථා ගැන සැළකිලිමත් වෙන්න. මේ කලබලය භයානක ගැටළු මතු කරන්න ඉඩ තියෙනවා. වාහනය අපිට දීලා සල්ලි අරන් එයා රට ගියාට පස්සෙ ගැටලූවක් මතු වුනොත් කොහොමද නිරවුල් කරගන්නේ? රට ගිහින් එක්ක එන්නද? සල්ලි හදිස්සියකට කියලා වාහන විකුණන අයත් ඉන්නවා. හදිසියේ පැවරුම සම්බන්ධයෙන් ගැටලූවක් ආවොත්? සල්ලි හදිස්සිකාරයා හින්දා ඒ ටික ඒ හදිස්සියට වියදම් කරලා ඉවරත් ඇති. ආය කොහොමද සල්ලි ගන්නෙ? කරදරේ වැටෙන්නේ වාහනේ ගත්ත ඔබ නේද?
🎈වාහන විකුණන කලබලකාරයින්ගෙන් ප්‍රවේශම් වෙන්න.
👉වාහනයක් වෙළඳපලේ විකිනෙන මිලට වඩා අඩු මිලකට විකුණනවා කියලා දැන්වීම් එහෙම තියෙනවා නම් බොහොම කල්පනාවෙන්. ගැටළු සැඟවී සිටින්නේ මෙන්න මෙවැනි තැන්වලයි. අඩු ගානක් නිසා අපේ අය හරි කලබල වෙනවා. ඉක්මණට ගිහින් කිසිවක් හොයන්නේ බලන්නේ නැතිව සල්ලි ගෙවනවා. ඔබ වාහනේ ළඟට යනකොට තවත් අය එතැන කලබල කරනවා. එයාගෙ දුරකථනයටත් හෝ ගාලා කෝල් එනවා. ගැණුම්කාරයෙක් මග එනවා කියනවා. තවත් කට්ටියක් වාහනේ ගන්නම එනවා කියනවා. වාහනේ විකුණන්න හදන අයගේ කතා එහෙමනේ. ඉතින් මොකුත් බලන්නේ නෑ. අනිත් කෙනාට කලින් ඉස්සර වෙන්න හිතාගෙන සල්ලි ගෙවනවා. එක්කෝ ඊසි කෑෂ් කරනවා. බැංකු පොතට දානවා. ඔබට මොන කුවිතාන්සි දුන්නත්, මොන ගිවිසුම් ගැසුවත් ගැටළුව මතුවුනු වෙලාවට ඒවා වැඩක් වෙන්නෙ නෑ. වංචනිකයා ඒවා ගනන් ගන්නෙවත් නෑ. කිසි බයකුත් නෑ. මොන උසාවි ගියත්ල පොලිසි ගියත්, වංචනිකයාම ජයගන්නා වටපිටාවක් රට තුළ නිර්මාණය වී තියෙනවා. ඒ නිසා හොඳම දේ අපිම ආරක්ෂා වීමයි. වාහනයක් ගන්න යනකොට හොඳටම හඳුනා ගැනීමක් නැතිව ගනුදෙනු කරන්න යන්න එපා. වාහනේ ගන්න සල්ලි අරන් එනවා කියලා යන්නත් එපා. අද රට ඒ තරමටම වංචනිකයින්ගෙන් දූෂණය වෙලා.
👉වාහන, ඉඩකඩම් කියන්නේ ජාවාරම්කරුවන්ට එකවරම ලකෂ ගණනක් මුදලින් වංචා කරගත හැකි පහසුම ජාවාරමක් බවට පත්වෙලා. අපේ අහිංසක ජනතාව අහුවෙනවා. වාහන ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහකට නෙවෙයි. මොන මොන විදිහෙන්
👉👉එනවද කියන්න බැහැ. වෛද්‍යවරුන් වැනි විශේෂ වෘත්තීයවේදීන් හැටියට රඟපාමින් වංචා කරන පුද්ගලයින් ඉන්නවා. ඔබ ඔහුව දුටුවත් සැකයක් හිතෙන්නෙම නැහැ. ආගම දහමට ලැදි සැදැහැවතුන් ලෙසත්, කිසිවක් නොදත් ගැමියන් ලෙසත් රඟපාමින් වංචා කරන්නන්ද ඕනතරම්.....
Copied
ඔබේ ජීවනෝපාය සඳහා සුමට ගමනක් සහතික කරමින් ශ්‍රී ලංකාවේ හොඳම tuk tuk රක්ෂණ ආවරණය.
අමතන්න 071 64 63 325
පාසල් වෑන්/බස් පදවන රියදුරන් වෙතයි! ඔබේ වාහනයේ සහ සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කාලයයි.
අමතන්න 071 64 63 325
ඔබේ ඩිමෝ බට්ටා ලොරිය සඳහා වෙළඳපොලේ ඇති අඩුම රක්ෂණ වාරිකය ලබා ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න 071 64 63 325
දිරියෙන් ගොඩනැගූ ඔබගේ සිහින ව්‍යාපාරයට හොඳම රක්ෂණය අපෙන්!
අප වෙතින් ගෙන එන ව්‍යාපාර රක්ෂණය හරහා පුළුල් පරාසයක ප්රතිලාභ රැසක් අත්විඳින්න.
අනපේක්ෂිත අවදානම් හා හානි වලින් ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කරගැනීම සඳහා අදම අපට කතා කරන්න.
0716463325
ජීවිතේ විදින අපූරු රස්සාව..
පරිසරේ දකින්න තියෙන ලස්සනම දේවල් ඇස් වලින් දැකලා විදින්න පුළුවන් රස්සාවක්..
මහ පාරේ අනතුරු ඇස් පනාපිට දකින රස්සාවක්..
බස් එකක් නැතුව අසරණ වෙච්ච මනුස්සයෙක් නග්ගාගෙන යන්න ඕන තැනට ගිහින් දාලා සතුටුවෙන්න පුළුවන් රස්සාවක්..
ගිණි අව්වෙ කරවෙන වැස්සට නරි වගේ තෙමෙන රස්සාවක්..
කැඩුන Bike එක තල්ලු කරන් කිලෝමීටර් ගානක් ගිහින් හදාගෙන මහ රෑ ගෙදර යන්න පුළුවන් රස්සාවක්..
ගංවතුර ගලලා පාර යටවෙලා තියෙද්දී Bike එක බෝට්ටුවෙ දාගන ගිහින් වැඩට යන්න පුළුවන් රස්සාවක්..
පාරේ Traffic පොලීසියෙන් ලියනව දැකලා ඉස්සර එන වාහන වලට HeadLight ගහලා උදව් කරන්න පුළුවන් රස්සාවක්..
පාරේ ඉර කපලා Overtake කරලා පොලීසියෙන් නවත්තන්න හදද්දී නොදැක්කා වගේ කෙලගෙන ගිහින් අතුරු පාරකට දාලා හැංගෙන්න පුළුවන් රස්සාවක්..
Phone එක කනේ ගහන් ගිහින් මහ පාරේ වැටිලා කෑලි එකතු කරන්න පුළුවන් රස්සාවක්..
දවසෙම වතුර උගුරක් වත් නැතුව හවසට ගෙදර ඇවිත් හරකෙක් වගේ කන්න පුළුවන් රස්සාවක්..
Sales Commission එක මාසේ Target එක ඔලුවෙ තියන් දුවන රස්සාවක්..
Customers ලා ගෙන් Order එක පරක්කු උනාම කුණු බැනුම් අහලා Shape කරගන්න පුළුවන් රස්සාවක්..
මාසේ Sales අඩු වුනාම ලොක්කාගෙන් හොද එකෙන් අහගෙන හිනාවෙලා ගෙදර යන රස්සාවක්..
රෝද හතරකට යන්න හීන දකින්න මග පාදපු රස්සාවක්...
මචන්.. ඒ නිසා Marketing කියන්නෙ කලාවක්. විදපන් විදවන්නෙ නැතුව.
දැනට නිමි.
මංජු.😁
උපුටා ගැනීමකි.
රක්ෂණය යන වචනය ඇසූ පමණින්ම බොහෝ දෙනා සමහර විට බිය හෝ පිළිකුල් සහගත බවක් මෙන්ම නැතිනම් ආරක්ෂා සහගත බවක් දැනෙන්නේම ඔවුන්ගේම පෙර අත්දැකීම් පදනම් කරගෙනය.නමුත් මා අද ඔබට කියන්නේ තවත් රක්ෂනයක් විකිණීමේ අරමුණින්ම නොව නිවැරදි රක්ෂණ ආයතනයක් තෝරා ගන්නේ කෙසේද?යන්නයි..පොදුවේ ගත් කළ අපි ඕනෑම රක්ෂණ ආයතනයක් නිළධාරියෙක් පවසන්නේ තමන්ගේ රක්ෂණ ආයතනය "හොදයි." "අපි මෙහෙම ගෙවනවා" "ඔබතුමාට මේ ආවරණය තියෙනවා" "ඔබතුමා බය නැතුව ගන්න" එය අප සැමගේම අරමුණයි අපගේ සන්නාමය, ආයතනය ඔප් නංවාගැනීමට යෙදෙන මහන්සියයි.
නමුත් ඔබ මෙලෙස සිතන්න.වෛද්‍යවරයෙකුගේ සේවාව මනින්නේ ඔබ කෙසේද?මම හොදයි මම මෙහෙම බෙහෙත් දෙනවා කියාද? නැතිනම් රෝගීන් සුවවී ඔවුන්ගේ අත්දැකීම් මතද? රෝහල් වලින් විමසීමෙන්ද? රක්ෂණ වෘත්තියත් එසේමයි.මෝටර් රථවාහන සමග නිතර අත්දැකීම් ඇත්තේ ගරාජ හිමිකරුවන්ටයි,වාහන අමතර කොටස් සපයන ආයතන වලටයි,වාහන සේවා සපයන ආයතන වලටයි.ඔවුන්ගෙන් ගොස් ඔබ අසන්න. "බාසුන්නැහේ මේ වාහන වලට හොදට රක්ෂණ වන්දි ගෙවන්නේ කවුද?" ඔවුන් ඔබට කියයි නිවැරදිවම. බහුතරයක්..සිතා බලා තීරණ ගන්න.
මා එසේ බිය නැතුව ප්‍රකාශ කරන්නේ අප ආයතනය එය වෙළදපළේ තහවුරු කරගෙන ඇති නිසායි...
☎️ 0716463325
දිවයිනේ ප්රමුඛ පෙලේ රක්ෂණ සමාගමක ප්‍රධාන කාර්යාලය සදහා ( පුහුණු/ නුපුහුණු ) අලෙවි නියෝජිතවරුන්/ වරියන් අවශ්‍යයි.
අලෙවිකරණය තුලින් ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න
වැඩි විස්තර සදහා අමතන්න 072 35 33 253
අපිත් දකුණේ තමයි... මොකද? Road safety awareness program by Lions Club of Colombo Centennial.Special thank you to Dilantha MalagamuwaThe official YouTube Channel of Chooty Malli Podi M...
රක්ශණය ප්‍රධාන වශයෙන් කොටස් 5කි
* නිශ්චල දේපල
* සංචාරක සහ ප්‍රවාහන
* ජීවිත
* සෞක්‍ය
* රථවාහන
ශ්‍රී ලංකා මෝටර් රථ රක්ෂණයේ ප්‍රමුඛයා සමග ඔබත් එක් වී අපගේ නවතම ප්රතිලාභ අත්විදින්න.
මෝටර් රථ රක්ෂණයක් මිලට ගැනීම දැන් WhatsApp වෙත පණිවිඩයක් යැවීම තරම් පහසුය!
ඔබගේ Insurance එක Renew කරන්න.
හොදම ගාන අපි දෙන්නන්
Insurance එක Renew කරන්න තියෙන්නෙ
November , December ද ?
Whatsapp හෝ Inbox කෙටි පණිවිඩයක් එවන්න.
071 64 63 325
රෝහල් රක්ෂණාවරනය යටතේ ලබා දෙන ආවරණයන්
* විකල්ප ආවරණය - බරපතල රෝගාබාධ සහ පුද්ගල හදිසි අනතුරු ආවරණය
* විදේශ ප්‍රතිකාර සදහා ආවරණය
* හදිසි ගමන් වියදම් සදහා වූ ආවරණය
* දෛනික සැත්කම් ආවරණය
* ඕනෑම දරුවන් සංඛ්‍යාවක් සදහා ආවරණය
* අසාධ්‍ය රෝගාබාධ 5ක් සදහා වූ ආවරණය
* වන්දි හිමිකම් නොපෑමේ දීමනා
* රජයේ රෝහල්ගත වීමකදී මුදල් දීමනාවක්
* ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්
ඇතුළු ආවරණ රැසක් ඔබට ලබා ගත හැකිය
කතා කරන්න 071 6463325
(කොන්දේසි සහිතය)
වාහනයක රක්ෂණීය අයිතිය ඇත්තේ එහි වත්මන් අයිතිකරු වෙතයි. රක්ෂණාවරණයක් යටතේ හිමිකම් ලැබීමට අයිතියක් ඇත්තේ වාහනයේ රක්ෂණීය අයිතිය ඇති තැනැත්තාටයි. එනම් වාහනයේ වත්මන් අයිතිකරුටයි. ඒ අනුව, වාහනයක රක්ෂණාවරනය එහි වත්මන් අයිතිකරු නමින් තිබිය යුතුය. අනතුරකදී වාහනයේ පෙර අයිතිකරුගේ නමින් ඇති රක්ෂණාවරනය යටතේ හිමිකම් ලබා ගැනීමට ඔබට හැකියාවක් නැත
මේ යටතේ ඔබට පහත ආවරණයන් ලබා දෙන්නෙමු
* ගිනි, අකුණු වලින් වන හානි
* කුණාටු, සුලි සුළං සහ චන්ඩ මාරුත
* ගංවතුර, භූමිකම්පා සහ අනෙකුත් ස්වභාවික විපත්
* කැරලි කෝලාහල
නොමිලේ ලැබෙන ආවරණයන්
* කුලී අහිමි වීම
* විකල්ප නවාතැන් සදහා ගෙවීම්
* සුන්බුන් ඉවත් කිරීම
* මිනින්දෝරු හා ඉංජිනේරු උපදේශන ගාස්තු
* ඔප්පු සහ ආරක්ෂිත ලියකියවිලි සදහා වන හානි
* භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී සිදුවන හානි
අමතර වාරික ගෙවා ලබා ගත හැකි ආවරණයන්
* කම්කරු වන්දි ආවරණය අවමංගල්‍ය වියදම් ඇතුළුව
* මහජන වගකීම්
* මාර්ගස්ථ මුදල්
* වෘත්තීය වගකීම් හානිපූර්ණ්ය (ෆාමසි සදහා )
* පුද්ගල හදිසි අනතුරු ආවරණය
* පිලිස්සුම් සලකුණු රහිත විද්‍යුත් අමතර ආවරණය
ඇතුළු ආවරණ රැසක් ඔබට ලබා ගත හැකිය
කතා කරන්න 071 6463325
(කොන්දේසි සහිතයි )
මෝටර් රථ රක්ෂණයක හිමිකම් ගැනීමකදී අනුගමනය කල යුතු කරුණු හා පියවර,
මෙහිදී සෑම රක්ෂණ සමාගමක්ම රථවාහන හිමිකම් ඉක්මනින් ගෙවීමට යම් යම් සැලසුම් ඉදිරිපත් කරන අතර වර්තමානයේ සෑම රක්ෂණ සමාගමක්ම අනුගමනය කරන ප්‍රධාන ආකාර දෙකක් හදුනාගත හැක.
යම් අනතුරකදී පලමුව කල යුතු වන්නේ රක්ෂණ ආයතයේ හිමිකම් අංශය දැනුවත් කිරීමය.එම අනතුරු සිදුවුනු තැනදී එය කල යුතු බව මතක තබා ගත යුතුය.
යම් හෙයකින් ඉතා ජනාකීර්ණ තැනකදී සිදුවුනි නම් මාර්ග තදබදයක් නොවන විදිහට අයින් කර නැවැත් වුවාට කමක් නැත.වැදගත් වන්නේ රක්ෂණ තක්සේරුකරුට සත්‍ය ලෙසම අනතුරක් සිදුවුනු බව පසක් කරගැනීමට ඉඩ ලබා දීමය.
මෙහිදී තක්සේරුකරුවෙකු එවීමෙන් රක්ෂණ සමාගම බලාපොරොත්තු වන්නේ,
🤔එම රථය පැදවීමට ඔහුට නීතියෙන් වලංගු රියදුරු බලපත්‍රයක් තිබෙන බවට තහවුරු කරගැනීමට.
🤔එම රථයේ හිමිකාරිත්වය සම්බන්ධව තහවුරු කර ගැනීමට.
🤔 පැදවු රියදුරා බීමත්ව රිය පදවා ඇතිදැයි පරික්ෂා කිරීමට.
🤔එම රථය රක්ෂණය කර ඇත්තේ මොන පරිහරන ක්‍රමයකටද යන්න(Private ,Hiring ,Rent a Car)
🤔එම අනතුර සිදු වූයේ මෙම ස්ථානයේදීද යන්න වග.
මෙම කරුණු වලින් එකක් හෝ රක්ෂණයේ නීතියට පටහැනි නම් බොහෝ විට රක්ෂණ සමාගමට එම හිමිකම නොගෙවීමට අයිතියක් ඇත.
😮මෝටර් රථ අනතුරකදී රු 100,000 කට වඩා අඩු හිමිකම් ගරාජ් එකක ඇස්තමේන්තු(estimate ) බැලීමකින් තොරව ඔබට ලබා ගත හැක.අකමැති වන්නේ නම් ගරාජ් ඇස්තමේන්තුවක් අනුමත කරගැනීමෙන්ද හිමිකම ලබා ගත හැක.
මෙහිදී,
🚧ඔබට තක්සේරුක(Assessor) විසින් ලබා දෙන හිමිකම් පෝරමය(claim form ),රක්ෂණ ආයතනයට පුරවා ලබාදිය යුතුය.
🚧ඔබගේ වාහනයේ නෛතික අයිතිය ඇත්තේ කල්බදු පහසුකමක් ගත්ත ආයතනයක(Leasing ,Finance ,Bank)නම් එම ආයතනයෙන් ඔබගේ නමින් රක්ෂණ වන්දිය ලබා ගැනීමට විරුද්ධතාවයක් නොමැති(No Objection )ලිපියක් රක්ෂණ ආයතනය වෙත ලබා දිය යුතුය ,එවිට ඔබ නමින්ම හිමිකම ලබා ගත හැක☺️,
😔යම් හෙයකින් ඔබ නමින් හිමිකම් නොගෙවීමට ලිපියක් (Objection )කල්බදු ආයතනයෙන් ලැබුන හොත් එම ආයතනය නමින් හිමිකම් මුදල ගෙවීමට රක්ෂණ ආයතනයට සිදුවේ.
යම් අනතුරකදී ඔබට ගරාජ් ඇස්තමේන්තුවක් හරහා වාහනය යථා තත්වයට ගෙනඒමට වන්දි මුදල් ගැනීමේදි පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුය .
මූලික අවස්ථා වන රක්ෂණ ආයතන දැනුවත් කර තක්සේරුකරු අනතුර බැලුවායින් පසු ,
🚧ගරාජ් ඇස්තමේන්තුවක් රක්ෂණ ආයතනයෙන් අනුමත කරගතයුතුමයි.
🚧නැවත කොටස්(parts)අලුතින් දැමීමට ඇති නම් එම කොටස්(parts) ඇස්තමේන්තුවක් ද අනුමත කර ගතයුතුයි .
🚧හිමිකම් පෝරමය (claim form )හා කල්බදු පහසුකමක් ලබා ගෙන ඇත්නම් එහි Objection හෝ No Objection ලිපියක් රක්ෂණ සමාගමට බාර දිය යුතුය .
🚧අධීවේගී මාර්ගයක අනතුරු සිදු වුවා නම් පිටතට පැමිණ අනතුර රක්ෂණ සමාගමට දැනුම් දිය හැක.හිමිකම් පියවීමට අධිවේගී මාර්ගයෙන් ලබා දුන් Recipt එක ලබා දිය යුතුය.
🚧වාහනය සාදා නිමකර එහි සියලු බිල්පත් රක්ෂණ සමාගමට බාර දිය යුතුය.
🚧සාදා නිමකෙරූ වාහනය නැවත රක්ෂණ සමාගමට දැනුම් දී තක්සේරුකරුවෙකු ට පෙන්විය (After Repair Inspection )යුතුය.
🚧වාහනයේ අනතුරේදී යම් කොටස් නැවත යථතත්වයට ගතනොහැකි සේ ඇත්නම් එම කැඩුනු කොටස්(Parts )වෙනුවට අලුතින් කොටස් එකතු කල යුතුය.එහිදී ඉවත් කරන පරණ මුක්තාවශේශ(Salvages)රක්ෂණ සමාගමට බාර දිය යුතුය .
මේ සියලු දේ ලබා දුන් පසු ඔබගේ හිමිකම් මුදල ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාපටිපාටිය ආරම්භ වනු ඇත.
සැලකියයුතුයි.
🗿අනතුර සිදු වු ස්ථානයේදී ඔබ රක්ෂණ සමාගම දැනුවත් කිරීම අනිවාර්ය.
🗿ඔබට කැමති ගරාජයක වාහනය හැදීමට ඔබට අයිතියක් ඇත.
🗿රක්ෂණය ඔබ ලබා ගනුයේ මොන පරිහරණයකටද යන්න ඔබ හොදින් දැනුවත් වන්න.
🗿යම් අයකෙකුගෙන් වාහනයක් මිලදී ගෙන එම අයිතිකරුගේ නමින් ඇති රක්ෂණය තමන් ට භාවිතා කල නොහැකිය,වන්දි පිරිනැමීමක් කල නොහැකි වේ.
🗿ඔබට වාහනය සාදා ගැනීමට යාමේදී ගරාජය අත්තිකාරම් මුදලක් ඉල්ලු විට එය ලිපියක් ඉදිරිපත් කිරීමකින් රක්ෂණ ආයතනයට ලබා දිය හැක,එසේ ලබා දීමට කරන ඉල්ලීමේදී කල්බදු ඇත්නම් එම ආයතනික ලිවුමද රක්ෂණ සමාගමට ලබා දිය යුතුය.
🗿යම් විදිහකින් ගරාජය සම්පුර්ණ වසයෙන්ම එම ගරාජයේ වියදමින් ඔබේ වාහනය සදා දෙන්නේ නම්,එය ඔබ ලිපියක් මගින් රක්ෂණ සමාගමට ඉදිරිපත් කරතොත් ඉහත කී ගරාජයේ නමට වුව වන්දී මුදල ගෙවීමට හැක.
🗿නොසැලිකිලිමත් භාවයන් නිසා සිදුවන අනතුරු වල වන්දී හිමිකම් රක්ෂණ සමාගම නොගෙවා සිටීමට වුවද පුලුවන.
🗿රථවාහන රක්ෂණයකදී තමන්ට ලාභයක් ඇති නොවිය යුතු අතර එම වාහනය යථා තත්වයට පත් කරගැනීමට පමණක් රක්ෂණ සමාගම කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න.
නිකමට කතා කරලා බලපං ඉන්ෂුවරන්ස් පොරක් එක්ක.
ජීවිත අවධානම කියලා උඹ මැරෙන විදි දාහක් කියයි.
ඉන්ෂුවරන්ස් එකක් නොදා හදිස්සියේ උඹ මැරුනොත් උඹේ ගෑණි දරුවෝ මහ පාරට වැටිලා වාහනේ ෆිනෑන්ස් එකෙන් උස්සලා ව්‍යාපාරේ කඩන් වැටෙන විදිය කියයි බලන් හිටියා වගේ.
එහෙම තේරුම් කරන ඌට බනි බයිටටත් ගනී ඒත්,
ඇයි උන් එහෙම කරන්නේ ?
කහනවටද ?
නෑ බං. ඒ කතාවේ අමුතු භයානක ඇත්තක් තියෙනවා.
මේ මොහොතේ උන්න ගමන් මැරුනොත් නිකමට හිතපං පෙට්ටියක් ගන්නවත් අතේ පිච්චියක් නැති ෆැන්ටසි ලෝක වල සැරිසරන පොෂ් බුවාලා කොච්චර ඇත්ද?
මතක තියාගනින්. අපි මේ පය ගහලා ඉන්නේ මැරෙන්නත් සල්ලි ඕන කාලෙක.
අපිට කරදරයක් උනාම කවුද අපි එක්ක ඉන්නේ. බල්ලෙක්වත් නෑ.
ජීවිත අවධානම ඇඟට ගනින්.
මැරුණම ඉපදෙන්නේ දිව්‍යලෝකේද අපායෙද කන්‍යාවෝ අතරද කියන එක තම තමන්ගේ ආගම එක්ක ගැට ගහගනින්.
ඒත් තමන් මැරුනම ලෙඩක් දුකක් හැදුනම තමන්ගේ යැපෙන්නන්ට තමන් නැති අඩුව සල්ලි වලින් මකන්න බෑ කවදාවත්ම.
ඒත් උන් ණයකාරයෝ කරන්න එපා.
වාහනේකට අනිවාර්යයි ඉන්ෂුවරන්ස් එකක්. ඒත් අපිට තාම ඒකේ වටිනාකම දැනුනේ නෑ.
අපිටත් ඒක අනිවාර්යයි බං.
හැබැයි මේකට උපදෙස් ගන්න හරි කෙනෙක් තෝරා ගනින් මොකද ජිවිතයේ මුලු අවදානමම වෙනත් පාර්ශවයකට පැවරීම මෙයින් සුදුවන නිසා...
ඉන්ෂුවරන්ස් එකක් දාන්න කියන්නේ හම්බකරන් කන්න නෙමෙයි. හික්ගෑවුනු වෙලාවට පොඩි හරි සහනයක් වෙන්න.
විස්තර හොයලා බලලා බොලාගේ ආදායමෙන් කොටසක් තමන් වෙනුවෙන් අයින් කරපං. දවසක ඒක ඔයාලටම ආයෝජනයක් වෙයි
උපුටා ගැනීමකි
ඔබ මේ දකින්නේ Daimler Double Six 40/50 Sport Saloon කියන මොටර් රිය, නිශ්පාදිත වර්ශය 1932. මෙක නිශ්පාදනය කරලා තියෙන්නේ aircraft carrier එකක් විදියට බාවිතා කරන්න වුනත් windshield එකට ගුවන් යානයේ ඩෙක් එකට නොපෙනන නිසා එ අත් හදා බැලිම ආසාර්තක විය.
කෙසේ වෙතත් ඉන්පසු මෙම රට්ය මිනිසුන් අතරේද එතරම් ජනප්‍රියත්වයට පත් නොවූ නිසා නිශ්පාදන කිරිම නැවතිනි.
"මේ ඉන්ෂුවරන්ස් එක නම් අරන්ම බලන්න වෙයි"