Kuveni's Kitchen
Travel, food security, less known edible plants, healthy eating, earth friendly, good vibes
Follow this page for exciting recipes
තිලාගෙ කෑම පිටුව
ගමරාළට නම පැටළුණු වෙල්ල වැහුම්
By Panchamee
කොච්චි කොකිස් by Panchamee
බ්‍රවුන් බ්‍රෙඩ් ඔම්ලට් බ්‍රවුන් බ්‍රෙඩ් ඔම්ලට්ඉතා කෙටි කාලයකින් සකසා ගත හැකි රසවත් වගේම සෞඛ්‍යයට හිතකර පෝෂණය කැටිවුණු උදෑසන ආහාරයක් ල.....
ළපටි වැල් දොඩම් වෑංජනය - කාලා නැත්තං හදන හැටි බලන්න 🌿🌿🍈🍈
Durian season is back .....
Happy Thai Pongal !
வெண் பனிப்பாழ்
மூட்டத்தை விரட்டியே
வந்திருக்கும்
கண்ணான பொங்கல் நாளில் பொங்கட்டும் பொங்கல்! நெஞ்சில்
பூக்கட்டும் மகிழ்ச்சி! எங்கும் தங்கட்டும் வண்மை! ஓங்கித் தழைக்கட்டும் இன்பம்! தூக்கில் தொங்கட்டும் துயரம்! நன்கு துலங்கட்டும் நலங்கள்!' என்றே மங்கலச் சொற்களாலே
வாழ்த்துகிறேன்..
என்றென்றும் வாடாத
மனதுடன்...
Kuveni's Kitchen
කිතුල් පැණි පොංගල් கித்துல் தேன்பாகு சர்க்கரை பொங்கல் Jaggary Palm Treacle Sakkarai Pongal තෛ පොංගල් උත්සවයට අලුත් විදියට කිතුල් පැණි පොංගල් හදන හැටි බලන්න..ප්‍රථම වතාවට Kuveni's Kitchen වෙතින්.....வழக்கமாக செய்கின்.....
🌺🌸 අලුත් අවුරුද්දේ මල්වලින් තේ හදමුද?🌺🌸
🍂තරුණී පුවත්පත 2022. 01. 02
වෙහෙස මහන්සිය දැනෙන වෙලාවට සිරුරට නව පනක් දෙන්න තේ කෝප්පයක් බොන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා.
හැමදාම බොන තේ එකට සෞඛ්‍යමය වෙනසක් එක්කරගන්න හැටි තමයි මේ කියන්නේ. බඩු මිල ඉහළ යාමත් එක්ක තේ කොළ මිලත් ඉහළ ගිහින් තියෙන එක අපේ ආර්ථිකයට එතරම් හොඳ දෙයක් නෙවෙයි. නමුත් අපේ වටපිටාවේ තියෙන මල් සහ කොළ වර්ග වලින් අපේ සිරුරේ ලෙඩ රෝග නසන අපව සෞඛ්‍ය සම්පන්නව තියන තේ වර්ග හදාගන්න එක එච්චර අමාරු නෑ. මේ විදියට තේ හදාගන්න පුළුවන් මල් සහ කොළ වර්ග මොනවද කියලා දැනුවත් කමක් විතරයි අපට ඕන වෙන්නේ. අතීතයේ අපේ මුතුන් මිත්තන් වටා පිටාවෙන් හොයාගත්ත කොළ, මල්, මුල් වර්ග තම්බලා තේ වගේ පානයක් හදාගෙන තියෙනවා.
වට පිටාවේ තියෙන මල් වර්ගවලින් තේ හදාගන්නකොට මල් හොඳින් සෝදාගන්න ඕන. පෙති තැලෙන්නෙ නැති වෙන්න තමයි මල් ටික හෝදගන්න ඕන. ඒ වගේම පළිබෝධ හෝ කෘමි නාශක ඉසින් ලද මල්වර්ගත් පානයට ගන්න එක සුදුසු නෑ.
🌸සමන් පිච්ච මල් තේ🌸
මිහිරි සුගන්ධයක් තියෙන පිච්ච මල් වේළලා තේ පානයක් සකසා ගන්න පුළුවන්. ආයුර්වේදයේ සඳහන් අන්දමට සිරුර සිසිල් කිරීමේ හැකියාවක් පිච්චමල් සතුව තියෙනවා. ඒ වගේම සිරුරේ විෂ ඉවත් කරන්නත් පිච්ච මල් තේ එකට පුළුවන්. ඇස් පෙනීම වර්ධනය කරන්න වගේම රුධිරගත සීනි මට්ටම පාලනය කරන්නත් සමන් පිච්ච තේවලට හැකියාව තියෙනවා.
සමන් පිච්චමල් වේලා ගැනීමෙන් කල් තබා ගන්න පුළුවන්. වතුර ටිකකට වේලා ගත්ත පිච්ච මල් දාලා විනාඩි 4-5ක් පමණ උතුරුවා ගන්න. ඊට පස්සේ මල් ටික පෙරලා අයින් කරන්න. සීනි ටිකක් එකතු කරලා හරි කිතුල් හකුරු කෑල්ලක් එක්ක හරි පිච්ච මල් තේ රස බලන්න පුළුවන්. හොඳ සුවඳක් වෙනස්ම රසයක් වගේම ශරීර සෞඛ්‍යයටත් හොඳ පානයක් තමයි පිච්ච මල් තේ.
🌸වැල් දොඩම් මල් තේ🌸
නිතර පානයට ගන්නෙ නැති නමුත් ඖෂධීය ගුණයෙන් ඉහළ පානයක් ලෙස වැල් දොඩම් මල් තේ හඳුන්වන්න පුළුවන්. නින්ද නොයන පුද්ගලයින්ට සුවදායක නින්දක් ලබා ගැනීමට වැල් දොඩම් මල් උපකාර වෙන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ආයුර්වේද වෛද්‍යවරුන් නින්ද නියන රෝගීන්ට වැල් දොඩම් මල් තේ එකක් නින්දට පෙර ලබා ගන්න උපදෙස් දෙනවා. සිරුර ඉහිල් කරන්නත් ඇඟපතේ වේදනාව නැති කරන්නත් වැල් දොඩම් මල් තේ ගුණදායකයි.
බටහිර වෛද්‍ය විද්‍යා පර්යේෂකයින් සොයාගෙන ඇති අන්දමට වැල් දොඩම් මල් තේ මානසික ආතතිය නැති කිරීමටත් උදව් වන පානයක්.
අමු වැල් දොඩම් මල් වගේම වේලාගත් වැල් දොඩම් මලුත් තේ හදන්න ගන්න පුළුවන්. වැල් දොඩම් මල් වේලාගෙන කල් තබා ගන්න පුළුවන්.
වැල් දොඩම් මල් තේ කෝප්පයක් හදාගන්නෙ මෙහෙමයි.
වේල ගත්ත වැල් දොඩම් මල් දෙකකට වතුර එක්කරලා තම්බා ගන්න. ඉන්පසු මල් ටික පෙරා ගෙන සීනි ටිකක් එක්කරලා උණුසුම්ව පානයට ගන්න පුළුවන්. හකුරු කෑල්ලක් එක්ක වුණත් වැල් දොඩම් මල් තේ රස බලන්න පුළුවන්.
🌸නිල් මානෙල් තේ🌸
ලංකාවේ ජාතික පුෂ්පය ලෙස සැලකෙන නිල් මහනෙල් ඖෂධීය ගුණයෙන් පිරි මලක්. ආයුර්වේදයේ විවිධ රෝග සඳහා නිල් මහනෙල් මල් භාවිත කරනවා. අතීතයේ පටන් විවිධ රටවල නිල් මහනෙල් තේ පානයක් ලෙස ජනප්‍රියව තිබුණා.
සුව නින්දක් ලබා ගැනීමට වගේම සිරුරේ ශක්තිය වඩවා ගැනීමට නිල් මහනෙල් තේ උපකාරී වෙනවා. මානසික ආතතිය දුරුකර සිතේ සතුට ඇති කිරීමටත් නිල් මහනෙල්වලට හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.
නිල් මහනෙල් තේ සකසා ගැනීමට අමු නිල් මහනෙල් මලක් උතුරන වතුරට දමා විනාඩි 5ක් පමණ වසා තබන්න. ඉන්පසු මල් ඉවත්කර සීනි එක්කර පානයට ගන්න පුළුවන්. මී පැණි එක්කර ගන්න පුළුවන් නම් රසය වගේම ඖෂධීය ගුණයකුත් ලබාගන්න පුළුවන්.
✍️📷සටහන, ඡායාරූප- ආහාර පිළිබඳ පර්යේෂිකා පංචමී හේවාවිසෙන්ති
☕️ අඩ ☕️
🍃අවශ්‍ය ද්‍රව්‍ය 🍃
පිටි ග්‍රෑම් 500ක්
සීනි ග්‍රෑම් 250ක් හෝ පැණි රස අවශ්‍ය පමණට
බටර් ග්‍රෑම් 50ක්
බිත්තරයක්
ආප්ප සෝඩා තේ හැන්දක්
යීස්ට් ස්වල්පයක්
මිටි කිරි කෝප්පයක්
ලුණු ස්වල්පයක්
🍃සකසා ගන්නා ආකාරය 🍃
භාජනයකට සීනි, බිත්තර සහ බටර් දමා සීනි සහ බටර් හොඳින් දියවන සේ මිශ්‍ර කරගන්න. මිටි කිරි කෝප්පයෙන් බාගයක් මේ මිශ්‍රණයට එක්කරන්න. ඉන්පසු ප්‍රවේශමෙන් පිටි ටික ටික එක්කරමින් මිශ්‍ර කරගන්න. ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. ඊට පස්සේ යීස්ට් සහ ආප්ප සෝඩා දාලා කලවම් කරගන්න.
දැන් මේ මිශ්‍රණය වහලා රැයක් පිපෙන්න තියන්න.
පහුවදා උදේට මේ මිශ්‍රණයෙන් අඩ හදාගන්න පුළුවන්. වර්තමානයේ අඩ ක්‍රම දෙකකට සකසනවා. එකක් සාම්ප්‍රදායික ක්‍රමයට. අනිත් ක්‍රමය තමයි නූතන ක්‍රමයට බේක් කරගන්න එක. ලෙහෙසිය සහ පහසුව නිසා බොහෝ දෙනෙක් බේක් කරගන්න කැමති වෙන්න පුළුවන්.
බේක් කරගන්නෙ මේ විදියට,
අවන් එක සෙල්සියස් අංශක 160 ට ප්‍රී හීට් කරගන්න.
කප් කේක් හදන ට්‍රේ එකක තෙල් ටිකක් ගාලා ඒකට මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා විනාඩි 8-10ක් බේක් කරගන්න.
සාම්ප්‍රදායික විදියට අඩ හදන්න ටිකක් අමාරුයි. ඒ සඳහා දර ලිපක් තියෙන්න ඕන. තාච්චියක තෙල් ටිකක් ගාලා ඒක ලිපේ තියලා ටිකක් රත් වුණාම අඩ මිශ්‍රණයෙන් පොල්කටු හැන්දක් විතර දාන්න. ඊට පස්සේ මේ තාච්චිය වහන්න තවත් වළඳක් වගේ දෙයක් ඕන කරනවා. මේ වළඳට පොල් කටු හරි පොල් ලෙලිවල හරි අඟුරු දාගන්න ඕන. මේකෙන් තමයි තාච්චිය වහගන්න ඕන. මඳ ගින්නේ ටික වෙලාවක් අඩ ටික පුළුස්සගන්න ඕන. ලිපෙන් ලැබෙන ගින්දර වගේම උඩින් ලැබෙන රස්නයත් නිසා තමයි අඩ හොඳට පිළිස්සිලා එන්නේ.
අපේ රටේ සාම්ප්‍රදායික කෑමක්. ඔබත් හදලා බලන්න
✍️📷 Text and Pix- Panchamee Hewavissenti
Have a Blue Christmas 🤶🎅🧑🎄
Happy Holidays🥰 Get warmed up with a cup of Cappuccino in this season of cold ☕️
🥕🍒 ඩ්‍රැගන් ෆෘට් පලතුරු ෆ්‍රයිඩ් රයිස් 🥕🍇
📸✍️ සටහන, ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
(වර්තමානයේ ඉහළ ගොස් ඇති බඩු මිල නිසා මේ fried rice එක සැකසීමට තරමක වැඩි වියදමක් දැරීමට සිදු වේ)
ෆ්‍රයිඩ් රයිස් කියන්නේ වයස භේදයකින් තොරව ලොකු කුඩා කවුරුත් කන්න කැමති කෑමක්. කෑම කන්නෙ නැති පොඩ්ඩන් වෑංජනයි බතුයි කන්න අදිමදි කළාට ෆ්‍රයිඩ් රයිස් නම් ඉතා ආසාවෙන් කන බව දන්නවනෙ. ඉතින් මේ හදන්න යන්නේ අපි වෙනදට හදන ෆ්‍රයිඩ් රයිස් එකට වඩා ටිකක් වෙනස් එකක්. වෙනදට එළවළු දාලා හදන ෆ්‍රයිඩ් රයිස් එක වෙනුවට මේ හදන්න යන්නේ පලතුරු ෆ්‍රයිඩ් රයිස් එකක්. පලතුරු ෆ්‍රයිඩ් රයිස් එකක් කිව්වම අපිට ටිකක් නුහුරුයිනෙ. ඒ අපිට ගොඩක්ම හුරු එළවළු ෆ්‍රයිඩ් රයිස් නිසා. අලුත් අත්දැකීමක් ගන්නත් එක්කයි, පොඩ්ඩන්ට ආසාවෙන් රස බලන්න දෙන්නයි පලතුරුවලින් ෆ්‍රයිඩ් රයිස් එකක් හදමු. පොඩ්ඩො ගොඩාක්ම ආසාවෙන් පලතුරු ෆ්‍රයිඩ් රයිස් එක රස බලයි. පොඩ්ඩො විතරක් නෙවෙයි ලොකු අයත් මේක ආසාවෙන් රස බලයි. හැමදාම ඉල්ලලා කෑවත් ගැටළුවක් නෑ. මොකද පලතුරුවල යහගුණයත් පෝෂණයත් ලැබෙනවනෙ.
රස වගේම ලස්සන පෙනුමකුත් තියෙන නිසා කෑම කවා ගන්න අමාරු පොඩ්ඩන්ට වුණත් ලේසියෙන්ම මේ ෆ්‍රයිඩ් රයිස් එක කවාගන්න පුළුවන්. මේ ෆ්‍රයිඩ් රයිස් එකේ විශේෂත්වය තමයි මේක හදන්න ඉතිරි වෙලා තියෙන බත් පාවිච්චි කරන්නත් පුළුවන් වෙන එක. ඒ නිසා බත් නාස්ති වෙන එක අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්තන් මේ වෙනුවෙන් අලුතෙන්ම බත් එකක් හදා ගන්නත් පුළුවන්. කීරි සම්බා, බාස්මතී වගේ හාල් වර්ගයක් මේ ෆ්‍රයිඩ් රයිස් එකට වඩාත් ගැලපෙනවා.
මේ පලතුරු ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ඕන කරන්නෙ අන්නාසි, වියළි මිදි, දෙළුම්, ඇපල් සහ ඩ්‍රැගන් ෆෘට්. ඩ්‍රැගන් ෆෘට් ටිකක් මිල අධිකයි. ඩ්‍රැගන් ෆෘට් ගන්නවා නම් ඇතුළත තද දම් පාට තියෙන ඩ්‍රැගන් ෆෘට් එක තෝර ගන්න ඕන. ඒකෙන් තමයි ෆ්‍රයිඩ් රයිස් එකට ලස්සන, දැක්කම කන්න ආසා හිතෙන දම් පාටක් එන්නේ. ඉතින් විවිධ වර්ණවලින් තියෙන පලතුරුවල තියෙන විටමින් වර්ග නිසා කුඩා දරුවන්ගේ පෝෂණ ඌණතා මග හරවා ගන්නත් හොඳ ආහාරයක් තමයි මේක.
🥕අවශ්‍ය ද්‍රව්‍ය🥕
කලින් පිසගත් බත් කෝප්ප 3ක් හෝ 4ක්
ඇපල් ගෙඩි බාගයක්
අන්නාසි පෙති කිහිපයක්
වියළි මිදි මේස හැඳි 2ක්
දෙළුම් ඇට මේස හැඳි 3ක්
ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක්
ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැන්දක්
කුරුඳු කැබැල්ලක්
කරපිංචා කොළ කිහිපයක්
රතු ලූනු ගෙඩි 3ක්
එනසාල් කරල් දෙකක් පමණ
ගම්මිරිස් තේ හැඳි කාලක් හෝ රස පමණට
බටර්
ලුණු
🥕සකසා ගන්නා ආකාරය🥕
මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න අපි ගන්නේ ඉතිරි වුණු බත්. ඉතිරි වුණු බත් ගන්නවා නම් ඒ ටික ස්ටීම් කරලා ගන්න ඕන. අන්නාසි, ඇපල් කුඩා කෑලිවලට කපා ගන්න. වියළි මිදි හොඳින් සෝදලා වතුරට දාල පොඟවා ගන්න. දෙළුම් ඇට ටිකකුත් සූදානම් කරගන්න. ඩ්‍රැගන් ෆෘට් ගෙඩියේ පිට පොත්ත අයින් කරලා ඇතුළත මදය කුඩා කෑලිවලට කපා ගන්න.
භාජනයකට බටර් ටිකක් දාලා ඒක මඳ ගින්නේ රත් කරන්න. බටර් ටික දිය වුණාට පස්සේ ඒකට කුරුඳු කැබැල්ල, කරපිංචා සහ ඉඟුරු සුදු ලූනු පේස්ට්, තලාගත්ත එනසාල් ටික එකතු කරලා ඒවාගෙන් හොඳ සුවඳක් විහිදෙනතුරු ටිකක් වෙලා තෙම්පරාදු කරගන්න. ඒකටම කපාගත්ත රතු ලූනු, අන්නාසි, ඇපල්, පොඟවා වතුර මිරිකාගත්ත වියළි මිදි එකතු කරලා විනාඩි කිහිපයක් මඳ ගින්නේ තෙම්පරාදු කරගන්න. ඊට පස්සෙ ස්ටීම් කරගත්ත බත් ටික එකතු කරලා ඒත් එක්කම ලුණු, සහ කුඩාවට කපාගත්ත ඩ්‍රැගන් ෆෘට් කෑලිත් එකතු කරලා බත් ටික තෙම්පරාදු කරගන්න. ඩ්‍රැගන් ෆෘට් කෑලි එකතු කරගත්තට පස්සේ ෆ්‍රයිඩ් රයිස් එකට ලස්සන දම් පාටක් එකතු වෙනවා. ෆ්‍රයිඩ් රයිස් එකෙන් හොඳ සුවඳක් විහිදෙන්න ගත්තම මේක ලිපෙන් බාගන්න. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකයි දෙළුම් ඇට ටිකයි එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරන්න.
පාට පාට පලතුරු ෆ්‍රයිඩ් රයිස් එක දැන් රස බලන්නයි තියෙන්නේ.
ඉඹුල් කිරිබත් 🍁🌿🌱
ශ්‍රී ලංකාවට ආවේණික හීන් බෝවිටියාවලින් ලෝකයේ ප්‍රථම වරට සකසන ලද මේ කෑම වර්ග පිළිබඳ තොරතුරු ප්‍රථම වරට ඔබ වෙත ගෙන එන්නේ ගෙන එන්නේ තරුණී පුවත්පතෙනි. 🌿
🌿හීන් බෝවිටියා අයිස් ක්‍රීම්
🌿හීන් බෝවිටියා අයිස් පලම්
🌿හීන් බෝවිටියා මිල්ක් ෂේක්
🌿 හීන් බෝවිටියා වෑංජන
🌿 හීන් බෝවිටියා සම්බෝල
මේ සතියේ තරුණී නොවරදවාම බලන්න.. 🌻🍁
2022 නොවැම්බර් 14 සඳුදා තරුණී
🌿හීන් බෝවිටියා වලින් මහ ගුණැති කෑම🌿
අපි හැමෝම අලුත් කෑමක් රසවිඳින්න කැමතියි. ඉතිං ගෙදර ඉඳලාම කටට රසට හදාගන්න අපූරු කෑම වට්ටෝරු පෙළක් අද ඉඳලා අපි ඔයාලට අරගෙන එනවා...
අලංකාර දම් පැහැ මලක් පිපෙන අපේ රටේ පමණක් දක්නට ලැබෙන හීන් බෝවිටියා පැළ කිහිපයක් ඔබේ ගෙවත්තේ ද වගා කොට රස ගුණ පිරි ආහාර වේලක රසය විඳ ගනිමු.
වස විස නැති ආහාර පාන හැකි තරම් පරිභෝජනයට ගන්න අපි උනන්දු විය යුතුයි. ඒත් වර්තමානයේ වෙළෙඳපොළ ප්රවණතාවන් හේතුවෙන් සියයට සියයක්ම වස විස නැති ආහාරපාන ගැනීම ලෙහෙසි වෙන්නේ නෑ. එනිසා සිරුරට දිනපතා එක්වන වසවිස සිරුරෙන් ඉවත් කිරීමට උපකාරී වන ආහාර පාන පරිභෝජනය කිරීමෙන් යම්තාක් දුරට හෝ එයින් සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල මගහැර ගැනීමේ හැකියාවක් ලැබෙනවා.
අධික ලෙස වස විස අඩංගු ආහාර පරිභෝජනය නිසා රුධිරයට ඉහළ ප්‍රමාණවලින් විෂ පදාර්ථ එකතුවීමක් දක්නට ලැබෙනවා. මේ නිසා විෂ පදාර්ථ බිඳ දැමීම සිදු කරන්නේ අක්මාවයි. එවන් ප්‍රතික්‍රියාවලදී හට ගන්නා අතුරුඵල අක්මාවට හානි කිරීමෙන් අක්මාවක් නිසි පරිදි ක්‍රියා කිරීමක් සිදු වන්නේ නෑ.
කොහොම වුණත් රෝගී වූ සහ හානි වූ අක්මාවක් ඖෂධ සහ ආහාර මගින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හීන්බෝවිටියා කියන්නේ හානි වූ මෙන්ම රෝගී වූ අක්මාවක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව සහිත අපේ පොළොවේ පමණක් වැවෙන අපූරු ශාකයක්. අක්මාවට හිතකර ඖෂධ පැළෑටියක් වන හීන් බෝවිටියා නොදැනුවත්කම නිසා ජනතාවගෙන් ඈත්වී යන වටිනා ආහාරයකි.
සිරෝසිස් ආදි රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයන්ට හීන් බෝවිටියා කැඳ ලබා දෙන්නත් දේශීය වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබනවා. දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ මහතා පවසන්නේ අක්මා රෝග සඳහා හීන් බෝවිටියා කැඳ සැකසීමේදී පොල්කිරි හෝ ලුණු එක්කර නොගෙන රෝගියාට කැඳ සකසා පානයට දිය යුතු බවයි.
අක්මා ප්‍රදාහය, අධික මත්පැන් පානය නිසා ඇතිවන සිරෝසිස් රෝගය සහ මත් පැන් නිසා ඇති නොවන තත්ත්වයක් වන නන් ඇල්කොහොලික් සිරෝසිස් සහ ස්ථුල අක්මාව හෙවත් ෆැටී ලිවර් යන රෝග තත්ත්ව සඳහා හීන් බෝවිටියා ප්රත්යක්ෂ ඖෂධයක්. ඒවගේම සෙංගමාල රෝගීන්ටද හීන් බෝවිටියා ඉතා ගුණදායකයි.
අක්මා රෝග සඳහා හීන් බෝවිටියා භාවිතය ද ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්රමයේ පමණක් දැක ගත හැකි දෙයක්. ඉන්දීය සම්භවයක් සහිත ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙම චිකිත්සාව දැක ගත නොහැකියි. ඒ හීන් බෝවිටියා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකයක් නිසා.
හීන් බෝවිටියා කොළ සහ දල් භාවිතයෙන් සැකසිය හැකි මෙම කෑම සහ බීම වර්ග ඔබ වෙත ප්‍රථම වරට ගෙන එන්නේ තරුණී පුවත්පතෙනි.
🌿රුව වඩවන මිල්ක් ෂේක්🌿
හීන් බෝවිටියා මිල්ක් ෂේක් හදන්න අපිට මෙන්න
මේ දේවල් වුවමනා කරනවා
හීන් බෝවිටියා කොළ ග්‍රෑම් 100ක් පමණ
අයිස් ක්‍රීම් ග්‍රෑම් 100ක්
රතු සීනි තේ හැඳි 2ක්
වතුර කෝප්ප බාගයක්
එහෙනම් අපි බලමු කොහොමද හීන්බෝවිටියාවලින් මිල්ක් ෂේක් හදාගන්නෙ කියලා.
හීන් බෝවිටියා කොළ හොඳින් සෝදා බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්ප බාගයක් පමණ එක්කරගන්න. හොඳින් කොටාගෙන යුෂ පෙරා ගන්න. බ්ලෙන්ඩරය සෝදා ගෙන එයට අයිස් ක්‍රීම්, සීනි සහ පෙරාගත් හීන් බෝවිටියා කොළ යුෂ එක්කර නැවත බ්ලෙන්ඩ් කරගන්න.
වීදුරුවලට වත්කර අවශ්‍ය නම් අයිස් ක්‍රීම් උඩින් දමා පිළිගන්වන්නත් පුළුවන්
************************
🌿හීන්සැරේ රහට කන්න අයිස් පලම් හදාගන්න🌿
හීන් බෝවිටියා කොළ ග්‍රෑම් 250ක් පමණ
පිරිසුදු මී පැණි රස පමණට වතුර
මුලින්ම හීන් බෝවිටියා කොළ සෝදා වතුර දමා ගෙන බ්ලෙන්ඩ් කරගන්න. සිහින් සිදුරු සහිත පෙරණයකින් පෙරා හීන් බෝවිටියා කොළ යුෂයට රස පමණට මී පැණි එක්කරගෙන හොඳින් මිශ්‍ර කරගත යුතු වෙනවා.
ඉන්පස්සෙ අයිස් පොප්ස් මෝල්ඩ් එකකට සකසා ගත් පානය දමා පැය 8ක් පමණ අධිශීතකරණයක තැබිය යුතුයි.
වෙළෙඳපොළේ ඇති රසකාරක සහ වර්ණකාරක සහිත අයිස් පොප්ස් වෙනුවට කුඩා දරුවන්ට නිවසේදීම ඖෂධීය හීන් බෝවිටියා අයිස් පොප්ස් සකසා දිය හැකි නම් සෞඛ්‍යයට එය ගොඩක් හිතකර වෙනවා.
**************************
🌿අමුත්තන්ව පුදුම කරන කිරි අයිස් ක්‍රීම්🌿
හීන් බෝවිටියා කොළ ග්‍රෑම් 200ක්
උකු පොල්කිරි කෝප්ප 2ක්
අයිසින් සීනි කෝප්ප 3/4ක්
හෙවි ක්‍රීම් කෝප්ප 1 1/2ක්
උකු කිරි මි.ලී. 200ක්
හීන් බෝවිටියා කොළ වංගෙඩියකට දමා කොටා ගත්තට පසු වතුර ස්වල්පයක් දමා, පිරිසුදු කපු රෙදි කැබැල්ලකට කොටා ගත් හීන් බෝවිටියා කොළ දමා යුෂ මිරිකා ගත යුතු වෙනවා. පසුව භාජනයකට හෙවි ක්‍රීම් සහ අයිසින් සීනි දමා හෑන්ඩ් බ්ලෙන්ඩර් එකකින් විපින් ක්‍රීම් එකේ ප්‍රමාණය දෙගුණයක් වී පුළුන් වගේ වන තුරු බ්ලෙන්ඩ් කරන්න. හෑන්ඩ් බ්ලෙන්ඩර් එකක් නැත්නම් අතින් වුණත් මේක කරන්න පුළුවන්.
මේ අතරම වෙනත් භාජනයකට උකු පොල්කිරි සහ උකු කිරි දමා හොඳින් මිශ්‍ර කරගත්තාට පස්සෙ ඒ මිශ්‍රණයටම හීන් බෝවිටියා යුෂ දමා නැවත මිශ්‍ර කර ගත යුතු වෙනවා.
පොල්කිරි, උකු කිරි සහ හීන් බෝවිටියා යුෂ මිශ්‍රණයෙන් බාගයක් අරගෙන බ්ලෙන්ඩ් කරපු හෙවි ක්‍රීම් සහ අයිසින් සීනි මිශ්‍රණයට එක්කර මිශ්‍ර කරන්න. පැතලි හැන්දක් භාවිතයෙන් හොඳින් මිශ්‍ර කරගන්නත් පුළුවන්. මිශ්‍ර කරගැනීම ඉතා සෙමෙන් කළ යුතුයි. එතකොට වායු බුබුළු වැඩි ප්‍රමාණයක් ඇතිවීම සිදු වෙනවා. එවිට අයිස්ක්‍රීම් එක මෘදු වේ. ඉතිරි ප්‍රමාණයත් ඒ විදියටම මිශ්‍ර කරගන්න.
දැන් මේ මිශ්‍රණය නොගැඹුරු භාජනයකට දමා පොලිතීන් හෝ ෆොයිල් එකකින් වසා පැය 8ක් පමණ අධිශීතකරණයේ තබාගත යුතු වෙනවා.
හෙවි ක්‍රීම් භාවිත කළ නිසා නිතර නිතර අයිස්ක්‍රීම් එක පිටතට ගෙන මිශ්‍ර කිරීම අවශ්‍ය වෙන්නේ නෑ.
අයිස් ක්‍රීම් පිළිගන්වන්න විනාඩි 5කටවත් කලින් අයිස් ක්‍රීම් එක අධිශීතකරණයෙන් පිටතට අරගෙන තබාගැනීම තමයි හොඳම ක්‍රමය.
************************
🌿වෙනම රහට බෝවිටියා කරිය🌿
හීන් බෝවිටියා දලු ග්‍රෑම් 250ක්
මධ්‍යම ප්‍රමාණයේ
බී ලූනු ගෙඩියක්
සුදුලූනු බික් 2ක්
කරපිංචා කොළ කිහිපයක්
අමු මිරිස් කරලක්
කුරුඳු පොතු කුඩා කැබැල්ලක්
රම්පේ කැබැල්ලක්
දියකිරි
මිටිකිරි
මිරිස් කුඩු තේ හැඳි 3/4ක්
කහ කුඩු තේ හැඳි 1/4ක්
තුනපහ කුඩු තේ හැන්දක්
පොල් තෙල් මේස හැඳි 2ක්
අබ ඇට තේ හැඳි බාගයක් පමණ
ලුණු
දැන් බලමු අපි හීන් බෝවිටියා වෑංජනය සකස් කරගන්නේ කොහොමද කියලා.
හීන් බෝවිටියා අතුවලින් කොළ කඩා සෝදාගත්තාට පස්සෙ ලූනු සහ අමු මිරිස් කපා ගන්න. සුදුලූනු තළා ගන්න.
මැටි භාජනයකට සෝදාගත් හීන් බෝවිටියා කොළ, කපාගත් ලූනු, අමු මිරිස් එක්කරගෙන එයටම කරපිංචා, රම්පේ සුදු ලූනු සහ කුරුඳු කැබැල්ල දමා ගන්න. මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු සහ ලුණු ද එක්කර කලවම් කරගත්තාට පස්සෙ එයටම දිය කිරි එක්කර අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර වන සේ හැඳි ගා ලිපේ තියන්න.
විනාඩි 20ක් පමණ තබා ඒ අතරතුර වෑංජනය කිහිප විටක් හැඳිගාගන්න. වෑංජනය උතුරුවාගත් පසු එයට මිටිකිරි එක්කරගෙන තවත් විනාඩි 5ක් පමණ ඉදවා ගත යුතු වෙනවා.
පසුව තාච්චියක් ලිප තබා රත්කර ගත්තාට පසු එයට රත් වූ පසු පොල්තෙල් එක් කරගන්න. රත් වූ පොල් තෙලට අබ එක් කරගන්න. අබ පුපුරන විට එම තෙල් මිශ්‍රණය පිසගත් හීන් බෝවිටියා වෑංජනයට එක්කර කලවම් කරගන්න.
හීන් බෝවිටියා වෑංජනය තරමක් ඇඹුල් රසයකින් යුක්ත නිසා දෙහි යුෂ, තක්කාලි හෝ ගොරකා එක්කර ගැනීමක් කරගත යුතු නෑ.
🌿හීන් බෝවිටියා දලු සම්බෝලය හදාගන්න අපිට උවමනා වෙන්නෙ මෙන්න මේ දේවල්
හීන් බෝවිටියා දලු ග්‍රෑම් 100ක් පමණ
රතු ලූනු ගෙඩි 4ක්
අමු මිරිස් කරලක්
ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්
පොල් පීරිසි කෝප්ප 2ක්
තක්කාලි බෑයක්
උම්බලකඩ කැබැලි මේස හැන්දක්
මිරිස් කුඩු හෝ අඹරාගත් මිරිස්
ලුණු
සම්බෝලය සඳහා සුදුසු වන්නේ හීන් බෝවිටියා දලුය.
හීන් බෝවිටියා දලු හොඳින් සෝදා ගෙන ඉන්පසු සිහින්ව ලියාගන්න.
රතු ලූනු, අමු මිරිස් සහ තක්කාලි ද සිහින්ව කපා ගෙන කුඩා වංගෙඩියකට කපාගත් රතු ලූනු, අමු මිරිස් සහ උම්බලකඩ කැබැලි දමා යාන්තම් කොටා ගන්න. එයටම ගම්මිරිස්, තක්කාලි, ලුණු, පොල් සහ මිරිස් කුඩු දමා කොටා ගන්න. දැන් මෙම මිශ්‍රණය භාජනයකට දමා එයට සිහින්ව ලියාගත් හීන් බෝවිටියා දලු එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
උපදෙස් සහ ඡායාරූප
සූප පර්යේෂිකා පංචමී හේවාවිසෙන්ති
https://www.tharunie.lk/%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB-%E0%B7%83%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA/2022/11/14/6677/%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84-%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8
දිය බෙරලිය ඩෙවල්, මැල්ලුම් සහ වැංජනය- Diya Beraliya, an invasive edible w**d with medicinal value
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
(English text included)
"දිය බෙරලිය දළු නෙළන්න ගියදා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනෙහෙ මට මතකයි කිරි අම්මේ"
බොහෝ දෙනෙක් අහලා තියෙන මේ ගීතයෙන් කියවෙන "දියබෙරලිය දළු" පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් පිරිපුන් ආහාරයක් කියලා නම් බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. වර් තමානයේ දිය බෙරලිය දළු ආහාරයට ගැනීම අභාවයට ගිහින් තිබුණට අතීතයේ ග්රාමීයව ජීවත් වූ ජනතාව දිය බෙරලිය කැඳ, මැල්ලුම සහ වෑංජන යන විවිධ ක්‍රමවලට ආහාරයට ගෙන තිබුණා. කුඹුරුවල මෙන්ම ජලය ආශ්‍රිතව වැඩෙන මේ පැළෑටිය ආක්රමණික ශාකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. "ආහාරයට ගත හැකි නම් ශාකය ආක්රමණික වුණාට මොකද? එතකොට අපේ ආහාර සුරක්ෂිතතාවයත් හොඳටම තහවුරු වෙනවානේ"
අතීතයේ අපේ මුතුන් මිත්තන් වෙලේ ඕවිටේ හැදෙන කොළ වර් ග ගෙඩි වර් ග තමයි වෑංජන සහ මැල්ලුම් ලෙස ආහාරයට එකතු කරගත්තේ. ඉතින් ඒ අතර දිය බෙරලියවලටත් විශේෂ තැනක් තියෙන්න හේතුව මේකෙ තියෙන රසය නිසා විතරක් නෙවෙයි, ඖෂධීය ගුණයත් නිසයි.
🍁ඖෂධීය ගුණ🍁
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චි මහතා පවසන අන්දමට දිය බෙරලිය කියන්නේ ශරීරය සිසිල් කරන ඖෂධීය ආහාරයක්. දිය බෙරලියවලින් හින්දන තෙල් හිස කෙස් ආශ්රිත ගැටළුවලටත්, උන්මාද රෝගවලටත් ගුණ දෙන බව ආයුර් වේදයේ සඳහන්. දේශීය වෛද්‍යතුමා පවසන ආකාරයට දියබෙරලියවල ගුණ,
🌱මූත්‍රකාරකයි
🌱වකුගඩුවලට ගුණදායකයි
🌱අක්මාවේ සහ වකුගඩුවල විෂ ඉවත් කරනවා
🌱රුධිරය පිරිසුදු කරනවා
🌱චර් ම රෝගවලට ගුණ දෙනවා
🌱සම නීරෝගී කරනවා
🌱නින්ද නොයන අයට සුව නින්දක් ලබා දෙනවා
🌱මල බද්ධයට ගුණදායකයි
🌱දිය වැඩියාවටත් ගුණදායකයි
🌱රුධිර පීඩනය අවම කරනවා
🌱හදවතට ගුණදායකයි
🌱දියවැඩියා රෝගීන්ගේ අත්පා දැවිල්ල සමනය කරනවා
🌱ඇස් පෙනීම වර් ධනය කරනවා
දම් පාට තරමක මලක් පිපෙන දිය බෙරලිය සමහර ප්‍රදේශවල දිය හබරල කියලත් හඳුන්වනවා. විද්‍යාත්මකව Monochoria veginalis කියලා හඳුන්වනවා. නමුත් බොහෝ දෙනෙක් දිය බෙරලිය කියලා කියන්නේ කොළ ලොකු දම් පැහැති මල් පිපෙන ආක්රමණික ශාකයක් වන ජපන් ජබරවලට. ජපන් ජබර ආහාරයට ගන්නෙ නෑ.
🥘පරිප්පු එක්කළ දිය බෙරලිය වෑංජනය🥘
අවශ්‍ය ද්‍රව්‍ය
පරිප්පු ග්‍රෑම් 250ක්
දිය බෙරලිය දළු ග්‍රෑම් 250ක්
රතු ලූනු ගෙඩි 5ක්
අමු මිරිස් කරල් 3ක්
සුදු ලූනු බික් 3ක්
කුරුඳු කැබැල්ලක්
තක්කාලි බෑයක්
රම්පෙ කැබැල්ලක්
කරපිංචා කොළ කිහිපයක්
මිරිස් කුඩු තේ හැඳි එක හමාරක්
තුනපහ කුඩු තේ හැඳි එක හමාරක්
කහ කුඩු
දිය කිරි
මිටි කිරි
පොල් තෙල් ටිකක්
ලුලූණු
දෙහි යුෂ ස්වල්පයක්
සකසා ගන්නා ආකාරය
ලූනු, අමු මිරිස් සිහින්ව කපා ගන්න. සුදු ලූනු තලා ගන්න. තක්කාලි කපා ගන්න. භාජනයක් ලිප තබා රත්වූ පසු එයට තෙල් දමා රත් කරගන්න. එයට කුරුඳු කැබැල්ල, කරපිංචා, රම්පේ එක්කරගන්න. ඉන්පසු කපාගත් රතු ලූනු, තලාගත් සුදු ලූනු එක්කර ටික වේලාවක් තෙම්පරාදු කරගන්න. ඉන්පසු තක්කාලි සහ අමු මිරිස් එක්කර තවත් ටික වේලාවක් තෙම්පරාදු කරගෙන සෝදා ගත් පරිප්පු එක්කරගන්න. විනාඩියක් පමණ තෙලෙන් තෙම්පරාදුකොට එයටම මිරිස් කුඩු, තුනපහ කුඩු, සහ කහ කුඩු එක්කරගෙන විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න. දිය කිරි සහ ලුණු එක්කරගෙන පරිප්පු ඉදවා ගන්න. පරිප්පු තැම්බෙන අතර දිය බෙරලිය සූදානම් කරගන්න.
දිය බෙරලිය දළු හොඳින් සෝදා ගෙන තරමක කැබලිවලට කපා ගන්න. කපාගත් දිය බෙරලිය දළු තැම්බුණු පරිප්පුවලට එක්කරගන්න. මිටි කිරි එක්කර තවත් විනාඩි 6ක් 7ක් පමණ ඉදවා ගන්න. ලිපෙන් බාගත් පසු දෙහි යුෂ ස්වල්පයක් එක්කරගන්න.
🍲දිය බෙරලිය දළු ඩෙවල් 🍲
අවශ්‍ය ද්‍රව්‍ය
දිය බෙරලිය දළු ග්‍රෑම් 250ක්
බී ලූනු ගෙඩියක්
තලාගත් සුදු ලූනු බික් 6ක්-7ක්
තක්කාලි ගෙඩියක්
කෑලි මිරිස් තේ හැන්දක්
ලුණු
පොල් තෙල්
සෝයා සෝස්
සකසා ගන්නා ආකාරය
තෙල් ටික තාච්චියක දමා රත් වූ පසු එයට තලාගත් සුදු ලූනු සහ කපා ගත් බී ලූනු එක්කරගන්න. ටික වේලාවක් තෙම්පරාදු කරගෙන කපාගත් තක්කාලි, අමු මිරිස් සහ කපාගත් දිය බෙරලිය දළු එක්කරගන්න. ඉන්පසු එයට ලුණු, කෑලි මිරිස් සහ සෝයා සෝස් එක්කරගන්න. ටික වේලාවක් තෙම්පරාදු කරගන්න.
🥙දිය බෙරලිය මැල්ලුම🥙
අවශ්‍ය ද්‍රව්‍ය
දිය බෙරලිය දළු
ගාගත් පොල්
රතු ලූනු
සුදු ලූනු
ලුණු
තෙල් ස්වල්පයක්
සකසා ගන්නා ආකාරය
දිය බෙරලිය දළු සිහින්ව කපා ගන්න. රතු ලූනු ද සිහින්ව කපා ගන්න. සුදු ලූනු තලා ගන්න. මැටි භාජනයක් ලිප තබා රත් වූ පසු තෙල් ටිකක් එක්කර රත් කරගන්න. රත් වූ තෙලට ලූනු, සුදු ලූනු එක්කරගන්න. සිහින්ව ලියාගත් දිය බෙරලිය, පොල් සහ ලුණු හොඳින් කලවම් කරගෙන තෙලට එක්කරගන්න. වැඩි ගින්දරේ විනාඩි කිහිපයක් දිය බෙරලිය දළු මලවා ගන්න. කලවම් පලා මැල්ලුමකට ද දිය බෙරලිය දළු එක්කරගත හැක.
🌿Diya Beraliya, an invasive edible w**d with medicinal value 🌿
✍️✍️Text and pix by Panchamee Hewavissenti
Diya Braliya which is also known as Diya Habarala is commonly regarded as an invasive w**d in paddy fields. This is a semi-aquatic herbaceous plant and is scientifically known as Monochoria vaginalis. This has many English names such as oval-leafed pondw**d and heartleaf false pickerelw**d. The leaves are heart-shaped and the plant bears purple colour flowers.
This paddy w**d is native to the Asian continent. Apart from paddy fields, this can also occur in swamps, marshes, ditches, drains, mudflats, and shallow-water ponds. This highly competitive plant requires a constant supply of water for better growth. This grows as an annual w**d in paddy fields and is perennial in constantly watered conditions.
Since oval-leafed pondw**d is highly competitive, rapidly growing and requires minimal conditions for growth despite a constant supply of water, this has become a threat to paddy cultivation. Since the plant is comparatively larger than other w**ds, manual elimination is easy.
Nevertheless, habitat loss has been a threat to the existence of this plant. Unsustainable developmental activities, destruction of wetlands and marshes, excessive use of pesticides and harmful agro-chemicals have also been identified as threats to the existence of Diya Beraliya in Sri Lanka.
🍂Medicinal uses 🍂
Diya Beraliya is used in Sri Lankan ethnomedicine mainly as detoxification, healing and cooling agent. As per ethnomedical practitioner Dr. Palitha Sri Geegana Arachchige, Diya Beraliya is the main ingredient in popular Nilyadi Thailaya which is used as a topical application for head.
“Diya Beraliya has an excellent cold potency. The oil prepared using Diya Beraliya is used for treating hair-related problems as well as mental illnesses. This is diuretic and is good for the kidneys. This detoxifies the liver and the kidneys. Purifies blood and helps obtain clear skin. This helps control diabetes and cures constipation. Diya Beraliya reduces high blood pressure. This herb helps keep the heart in good condition. Reduces body inflammation produced by excessive heat in the body. This also helps improve vision’ says Dr. Geegana Arachchige.
🍂Food value 🍂
Since the w**d has a food value, the invasive nature of this plant can be beneficial in assuring food security. This w**d can well be used as a vegetable to fight food as well as nutrient insecurity and prevent malnutrition. In the past, people did not bother about the invasive nature of this plant, instead benefitted from that. Since the w**d has food and ethnomedicinal value, people in the past did not consider Diya Beraliya as a bothersome w**d. They incorporated the plant in their meals as well as in ethnomedicine.
Sri Lankans have a wide range of culinary applications with this invasive w**d. Villagers commonly consume tender Diya Beraliya leaves whereas, stem and flowers are edible too. Villagers prepare a curry with Diya Beraliya by adding red lentils (Parippu) or jack seeds (Kos Ata). Diya Beraliya is prepared as a salad and Melluma too. Some add Diya Beraliya leaves in herb porridge (Kola Kenda).
Although people in the past immensely benefitted from this invasive plant, the present generation is least aware of the culinary as well as medicinal uses of this plant. Awareness should be raised in the public of the edibility of Diya Beraliya and how it can be used during a food shortage. Since this wild vegetable can be procured without any cost, it is economical too. Laden with vitamins, minerals, and anti-oxidants, Diya Beraliya is a nutritious vegetable that can fight malnutrition in children.
🍲Curried Diya Beraliya🍲
Although new to many people, Diya Beraliya curry is a delicacy enjoyed by our predecessors. Diya Beraliya Vanjanaya is still one of the favorite curries among villagers in remote areas. Tender Diya Beraliya leaves are widely used for culinary uses while some prefer adding the stem too.
🌱Preparation of Diya Beraliya curry🌱
Ingredients required
Tender Diya Beraliya leaves -250g
Red lentils- 100g
Spring onions- 5
Green chili- 2
Garlic- 3 cloves
A small piece of cinnamon
Curry leaves
Pandan leaf
Curry powder- 1 ½ teaspoon
Chili powder- 1 ½ teaspoon
Turmeric powder- ¼ teaspoon
First extract of coconut milk
Second extract of coconut milk
Coconut oil- 2 tablespoons
Salt
Lime juice
Method
Finely chop spring onions. Chop green chili and tomatoes. Slightly crush garlic and jack seeds. Heat a clay pot and add coconut oil. When the oil is heated, add cinnamon, curry leaves, pandan leaf. Sauté for a few seconds and add chopped spring onions and crushed garlic. Sauté for two minutes. Then add chopped tomatoes and green chili and sauté for a few minutes until the raw smell from the ingredients vanishes. Add curry powder, chili powder and cleansed red lentils and sauté for two minutes. Add turmeric powder. Then add second extract of coconut milk and salt. Cook until the dhal become tender. Wash Diya Beraliya leaves well. Chop and add in the cooked dhal. Add the first extract of coconut milk and cook for another 5-6 minutes while stirring to prevent coconut milk from forming lumps.
Remove from heat and add lime juice and stir well.
🌿Devilled Diya Beraliya🌿
Ingredients required
Tender Diya Beraliya leaves- 250g
Onion- 1
Crushed garlic- 5 or 6 cloves
Tomato-1
Green chili- 1
Chili flakes one tablespoon
Coconut oil
Soy sauce
Salt
Preparation
Heat a pan and add oil. When the oil is heated add crushed garlic and chopped onion. Sauté under medium heat until onion becomes translucent. Then add chopped tomato, green chili, and well-washed tender Diya Beraliya leaves. Add salt and sauté until the Diya Beraliya leaves are withered in the hot oil. Then add chili flakes and soy sauce. Mix and sauté for a couple of minutes.
කාමරංකා චට්නි රස බලන ගමන් මේ සතියේ Pink Magazine එකත් කියවන්න.
Link එක 👇
https://www.facebook.com/100077505040069/posts/188234640436703/?d=n
🪴කාමරංකා චට්නි🪴
ශ්‍රී ලංකාවට ආවේණික නොවුණත් අපේ රටේ සාරවත් පසේ හොඳින් වැඩෙන කාමරංකා අනෙකුත් පලතුරු මෙන් ජනතාව අතර එතරම් ජනප්‍රිය නෑ. සතිපොළවල්, පලතුරු වෙළෙඳසැල් සහ සුපිරි වෙළඳසැල්වල බහුලව දක්නට නැති පලතුරක් විදියට කාමරංකා හඳුන්වන්න පුළුවන්. ඉදුණු කාමරංකා පලතුරක් විදියට බොහෝ වෙලාවට අපේ රටේ ආහාරයට ගත්තත්, කාමරංකාවලින් වෙනත් කෑම වර්ග නම් හදන්නේ ඉතා කලාතුරකින්.
කාමරංකා කියන්නේ ඖෂධීය ගුණයෙන් පිරි පලතුරක්. දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ මහතා පවසන අන්දමට කාමරංකා සතුව පහත සඳහන් ගුණ ඇත.
🍁සිරුරේ ප්‍රතිශක්තිය වඩවයි
🍁මතක ශක්තිය වඩවයි
🍁සෙම්ප්‍රතිශ්‍යාවට ගුණදේ
🍁දියවැඩියාවට ගුණදායකය
🍁කාම ශක්තිය වඩවයි
🍁මඳ සරුභාවයට ප්‍රතිකර්මයකි
🍁අස්ථි ශක්තිමත් කරයි
🍁ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට උපකාරී වේ
කෙසේ නමුත් වකුගඩු සහ මුත්‍රා රෝග සහිත පුද්ගලයින්ට කාමාරංකා ආහාරයට ගැනීම ඒ තරම් සුදුසු නොවන බවයි වෛද්‍යතුමා පවසන්නේ.
කාමරංකා පලතුරක් ලෙස ආහාරයට ගැනීමේදී මෙන්ම කාමරංකාවලින් වෙනත් ආහාර වර්ග සැකසීමේදී කාමරංකා ගෙඩියේ පිටත ඇති දාර මෙන්ම ඇතුළත ඇති සුදු පැහැති කොටස් ද ඉවත් කරගත යුතු වෙනවා. ඒ ඒවායේ සිරුරට අහිතකර ඔක්සලේට් වර්ගයක් අඩංගු වන නිසා. කාමරංකා ගෙඩිය කැපූ විට තරුවක් මෙන් දිස් වුණත්, මෙය ආහාරයට ගැනීමේදී තරු ආකාරයට කපා නොගෙන පිටත මෙන්ම ඇතුළත ද ඇති විෂ සහිත කොටස් ඉවත් කර කපාගන්න ඕන.
🌳අවශ්‍ය ද්‍රව්‍ය🌳
හොඳින් පැසුණු කාමරංකා ගෙඩි 5ක්
කිතුල් හකුරු ග්‍රෑම් 50ක්
පොල්තෙල් මේස හැඳි 2ක්
අබ
එනසාල් කරල් 2ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
🌳සකසා ගන්නා ආකාරය🌳
කාමරංකා ගෙඩි සෝදාගෙන පිටත දාර කපා ඉවත් කරන්න. ඉන්පසු හතරට පළා ඇතුළත ඇති සුදු පැහැති දාර ද කපා ඉවත් කරගන්න. ඉන්පසු හතරැස් කැබලිවලට කපාගන්න. හකුරු කුඩු කරගන්න. එනසාල් ද පොත්ත ඉවත්කර කුඩු කරගන්න.
මැටි වළඳක් ලිප තබා රත් කරගන්න. එයට පොල්තෙල් එක්කරගන්න. තෙල් රත්වූ පසු අබ එක්කරන්න. කුඩුකරගත් එනසාල් එක්කර විනාඩියක් පමණ මඳ ගින්නේ තෙම්පරාදු කරගන්න. ඉන්පසු කපාගත් කාමරංකා එක්කර විනාඩි කිහිපයක් තෙම්පරාදු කරගන්න. ඉන්පසු මිරිස් කුඩු එක්කර මිශ්‍ර කරන්න. ටික වේලාවක් පිසගෙන කුඩු කරගත් කිතුල් හකුරු එක්කර මිශ්‍ර කරන්න. වතුර පීරිසි කෝප්පයක් පමණ එක්කර වතුර අඩුවී කාමරංකා කෑලි මෘදු වනතුරු පිස ගන්න.
කාමරංකා චට්නි සැකසීමේදී මැටි භාජනයක් සහ පොල් කටු හැන්දක් භාවිත කරන්න. කාමරංකාවල ඇති අම්ල යකඩ සහ ඇලුමිනියම් බඳුන් සමග මිශ්‍ර වීමේදී සිරුරට අහිතකර විෂ සංඝටක ඇතිවිය හැක.
Text and Pic 📸✍️ Panchamee Hewavissenti
🍂චුට්ටක් විතර මත් වෙමුත? එහෙනං එන්න මේ පැත්තට🍂
සීනි වඩික්කු (පැණි වඩික්කු/ සීනි වඩිච්චි)
Sini Wadikku, an exotic energy drink of Southern coastal dwellers
✍️📸Panchamee Hewavissenti
සීනි වඩික්කු, පැණි වඩික්කු එහෙමත් නැත්නම් සීනි වඩිච්චි කියන්නේ බොහෝ දෙනෙකුට අහලා පුරුදු නමක් නෙවෙයි. සීනි වඩික්කු කියන්නේ කෑමක සහ බීමක සංකලනයක්. මේ නම සිංහල භාෂාවට හුරු නමක් නොවෙන නිසාත් විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක ජනප්‍රිය ආහාරයක් නිසාත් සීනි වඩික්කු හෙවත් සීනි වඩිච්චි කියන්නෙ පිට රටකින් මෙරටට පැමිණි ආහාරයක් කියලා කියන්න පුළුවන්. දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණ මුහුදුබඩ ප්‍රදේශයේ පදිංචි වූ කුඩා ජනකොට්ටාශයක් එය මෙරටට හඳුන්වා දුන්නා කියලා හිතන්න පුළුවන්.
විශේෂයෙන්ම දකුණු පළාතේ ගාල්ල, රත්ගම සහ සීනිගම වගේ ප්‍රදේශවල අතීතයේ මේක ඉතා ජනප්‍රිය ආහාරයක් වෙලා තිබුණා කියන්න සාධක තියෙනවා. ඔය කියන මුහුදුබඩ ප්‍රදේශවල ජීවත්වෙන තරුණ පරම්පරාව සීනි වඩික්කු ගැන නොදන්න තරම්. මැදිවියේ සහ වැඩිහිටි උදවිය සීනි වඩික්කු රස බලලා තියෙනවා වගේම ඒ ගැන දන්නවා.
බොහෝ දෙනෙක් කියන්නෙ නම් ලේසියෙන් හදාගන්න පුළුවන්කම තියෙන නිසාත්, මේකෙ තියෙන සියුම් මත් ගතිය නිසා මෙන්ම ඉමිහිරි රසය නිසාත් තරුණයින් අතර සීනි වඩික්කු ජනප්‍රියයි කියලා. කෙසේ නමුත් මේක රට අභ්‍යන්තරයේ ජීවත්වන ජනතාව අතර ප්‍රචලිත නෑ.
දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශවල පොල්ගස් බහුලව තිබීමත් කුරුම්බා ගෙඩියෙන් සකසන සීනි වඩික්කු ඒ ප්‍රදේශයේ ජනප්‍රිය වීමට එක් හේතුවක්.
සීනි වඩික්කු පිළිවඳව තොරතුරු සොයා යෑමේදී දැනගන්නට ලැබුණේ මෙම ආහාරය අතීතයේ මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත් වුණු එක්තරා කුලයකට පමණක් සීමා වී තිබුණු බවයි. නමුත් වර් තමානයේ මෙය එක් වරක් රස බලන කවුරු වුණත් ආයෙත් මේක හදලා රස බලන්න පසුබට වෙන්නේ නෑ. ඒ නිසා දැන් සීනි වඩික්කු ගාල්ල දිස්ත්‍රික්කයේ මුහුදුබඩ එක්තරා කුලයකට පමණක් සීමා නොවී බොහෝ දෙනෙක් රස බලන ආහාරයක් බවට පත් වෙලා.
වර් තමානයේ සීනි වඩික්කු හදන්න කුරුම්බා වතුර, කුරුම්බා ලොඳ, බටර් විස්කෝතු, පැණි කොමඩු හෝ රතු පැහැති පැණි බීම භාවිත කරනවා. බටර් විස්කෝතු මෙරටට හඳුන්වා දෙන්නට පෙර සීනි වඩික්කු හදලා තියෙන්නේ කුරුම්බා ලොඳ, පැණි සහ හබල පෙති භාවිතයෙනුයි. පසු කාලීනව හබලපෙති වෙනුවට බටර් විස්කෝතු සහ පැණි වෙනුවට සීනි භාවිතා කරන්නත් පුරුදු වෙලා තියෙනවා. මේකට පැණි කොමඩු යුෂ හෝ රතු පාට පැණි බීමක් එක්කරන්නේ එයට අලංකාර රතු වර් ණයක් ලබා ගැනීමට. කොහොම නමුත් ශරීර සෞඛ්‍යය ගැන උනන්දු වෙනවා නම් සීනි වඩික්කු හදන්න රතු පැණි බීම වෙනුවට පැණි කොමඩු යුෂ යොදාගන්නවා නම් හොඳයි. පැණි බීමවල අඩංගු වර් ණක ආදි රසායන ද්‍රව්‍ය ශරීරයට අහිතකර වන්නට පුළුවන්. පැණි කොමඩු ශරීරයට ශක්තිය දෙන විටමින් ඇතුළු පෝෂක බහුල පලතුරක් නිසා පැණි වඩික්කු හදන්න පැණි කොමඩු යුෂ එකතු කර ගැනීම හොඳයි.
බටර් විස්කෝතුවල තියෙන පිපුම්කාරක නිසා කුරුම්බා වතුර සහ සීනි සමග ප්‍රතික්‍රියා කිරීමේදී ඉතා සුළු ඇල්කොහොල් ප්‍රමාණයක් නිකුත්වන නිසා සීනි වඩික්කුවල පොඩි මත් ගතියකුත් නැතුව නෙවෙයි. දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ මහතා පවසන අන්දමට සීනිවඩික්කුවල සුළු මත් ගතියක් තිබුණත් මෙය ශක්තිජනක ආහාරයක්. එනිසා මහන්සි වී වැඩකරන දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශවල ජනතාව අතර ජනප්‍රිය ආහාරයක් වෙලා තියෙනවා.
"කුරුම්බා ලොඳ, කුරුම්බා වතුර, කොමඩු යුෂවල විටමින් ආදි බොහෝ පෝෂක අඩංගුයි. ඒ විතරක් නෙවෙයි කුරුම්බා වතුර, පැණි කොමඩු යුෂ සහ සීනි එක්කරන නිසා ඉක්මනින් සිරුරට ශක්තිය ලබා දෙන්න සීනි වඩික්කුවලට පුළුවන්. මහන්සිවෙලා වැඩ කරනකොට වැඩිපුර දාඩිය පිටවෙද්දි සිරුර විජලනයෙන් වළක්වන්න විතරක් නෙවෙයි, සිරුරට අහිමි වෙලා යන ඉලෙක්ට්‍රොලයිට් නැවත් ලබා දෙන්න පුළුවන්. බටර් විස්කෝතුවල පිෂ්ටය තියෙන නිසා ශක්තිය වගේම බඩගින්නත් නැති වෙනවා. කුරුම්බා ලොඳත් බඩගින්න නැති කරනවා. ඒ නිසා සීනි වඩික්කු කියන්නේ පරිපූර් ණ ආහාරයක්.සාම්ප්‍රදායිකව සීනි වඩික්කු හදන්න භාවිත කළ හබල පෙති කියන්නෙත් ශක්තිය ලබා දෙන, කුසගිනි නිවන පෝෂණීය ආහාරයක්. ඒනිසා සීනි වඩික්කු කියන්නේ ශක්තිජනක සහ පෝෂණීය ගුණයෙන් ඉහළ ආහාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්" වෛද්‍ය ගීගන ආරච්චිගේ මහතා පවසන්නේය.
🌿සීනි වඩික්කු සකසා ගන්නා ආකාරය🌿
🍂අවශ්‍ය ද්‍රව්‍ය🍂
කුරුම්බා ගෙඩියක්
බටර් විස්කෝතු කිහිපයක්
සීනි
තරමක පැණි කොමඩු ගෙඩියක්
🍂සකසා ගන්නා ආකාරය🍂
කුරුම්බා ගෙඩිය කපාගෙන වතුර වෙනත් භාජනයකට ඉවත්කර ගන්න. මෝරපු නැති ළපටි කුරුම්බා තමයි සීනි වඩික්කු හදන්න ගන්නෙ. කුරුම්බා ගෙඩියේ ලොඳ කුරුම්බා ගෙඩියේ තියෙද්දීම සූරා ගන්න. දැන් මේකට කුරුම්බා වතුර ටික දාගන්න. සීනි ටිකක් දාලා බටර් විස්කෝතු කිහිපයකුත් කඩලා එක්කරගන්න. පැණි කොමඩුවලට වතුර දාන්නේ නැතුව යුෂ ටික මිරිකාගෙන කුරුම්බා ගෙඩියටම එක්කරගන්න. හැන්දකින් හොඳින් මිශ්‍ර කරලා වහලා පැය බාගයක් විතර තියෙන්න අරින්න.
පැය බාගයකට පස්සේ මිශ්‍රණයෙන් බුබුළු ස්වල්පයක් දකින්න ලැඛෙනවා. ඒ කුරුම්බා ගෙඩිය ඇතුළේ තියෙන අමුද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීම නිසා. හැන්දකින් කුරුම්බා ලොඳයි හොඳටම පෙඟිලා තියෙන බටර් විස්කෝතුයි කන ගමන කුරුම්බ සහ පැනි කොමඩු මිශ්‍ර රසවත් බීම බොන්න පුළුවන්.
සාම්ප්‍රදායික විදියට සීනි වඩික්කු හදන්නේ හබල පෙති භාවිතා කරලා. කුරුම්බා ගෙඩියේ වතුර වෙනත් භාජනයකට අයින් කරලා කුරුම්බා ලොඳ ටික සූරගෙන කුරුම්බා ගෙඩියෙම තියෙන්න අරින්න. දැන් මේකට හබල පෙති ටිකක් සහ පැණි ටිකක් එක්කරලා මිශ්‍ර කරන්න. කුරුම්බා වතුර ටිකත් එක්කරන්න. විනාඩි 10ක් විතර තියෙන්න අරින්න. හබල පෙති හොඳටම පෙඟෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ටිකක් හැපෙන්න තමයි තියෙන්න ඕන.
ටිකක් වෙනස් කෑමක් වුණත්, නම අපට නුහුරු වුණත් වත්තේ පොල් ගහක් තියෙනවා නම් කුරුම්බා ගෙඩියක් හදාගෙන සීනි වඩික්කු හදලා රස බලන්න. ලේසියෙන් හදාගන්න පුළුවන්නෙ.
ගංජා භාවිතා කළාට පස්සේ සීනි වඩික්කු බිව්වොත් මත් වෙන ගතිය වැඩි කියලත් අපට දැනගන්න ලැබුණා.
Link to this article on Sunday Observer👇
https://www.sundayobserver.lk/2022/10/30/sini-wadikku-exotic-energy-drink-southern-coastal-dwellers
🍂Sini Wadikku, an exotic energy drink of Southern coastal dwellers🍂
The Southern Province has its own distinct food tradition. Some foods can only be found in this province. Among many such uncommon foods found in the Southern part of the country, Sini Wadikku is an exotic food which can also be categorised as a drink. This delicacy is also known as Pani Wadikku and Sini Wadichchi by Southerners.
As per Nelka who is a resident of Sinigama in the Galle district, in the past Sini Wadikku had been a tidbit enjoyed by a small group of people living in the coastal areas in Galle. “Sini Wadikku had not been a popular drink among all the people in the Southern coastal area in antiquity. It was popular only among a small group of people belonging to a particular cast. Later, however, this had spread across the coastal areas in Galle”, she said.
Surprisingly though, Sini Wadikku failed to reach the connoisseurs of food beyond a few villages in the Southern coastal belt.
Nelka said that Sini Wadikku cannot be of Sri Lankan origin due to its strange name and it might have been introduced to Sri Lanka from another country. “I have no clear idea of the origin of Sini Wadikku. But, I am sure it had been introduced to the Southern coastal belt by some foreigners,” she said.
Considering the name and the areas where Sini Wadikku is popular, surmises can be raised that it had been introduced to Sri Lanka by a group of people from another Asian country.
🥤Popular drink🥤
Sini Wadikku had been a popular drink in areas such as Ratgama, Sinigama, and Galle. The majority of the youth in these areas is not aware of Sini Wadikku. Elderly people in those areas still reminisce how they used to enjoy Sini Wadikku those days, which has now gone into oblivion.
Sini Wadikku is prepared using tender coconut. Coconut trees are abundant in coastal areas. Hence, it can be said that due to the high availability of tender coconut in the coastal areas the delicacy had been enjoyed often.
In modern days, Peni Wadikku is prepared using tender coconut, Batar Viskothu, sugar and a red drink or fruit juice such as watermelon. Sini Wadikku is delicious to taste and also provides instant energy. Due to the ingredients used and the way of preparation, this drink is lightly intoxicating. The Batar Viskothu or Hulan Viskothu is prepared using yeast and when it is mixed with coconut water and sugar and left to be reacted for about half an hour, it produces a slight alcohol content which makes Sini Wadikku a little intoxicating.
As Nelka said, Sini Wadikku had been prepared in the past in a different manner. “The Sini Wadikkuwe is made today differently from its traditional recipe. My father used to prepare this often for us when we were small. He never used red drink or watermelon to colour the drink. My grandmother prepared Sini Wadikku differently. She used Habala Pethi (flattened rice) and treacle. Nowadays Batar Viskothu is used in place of Habala Pethi and sugar instead of treacle,” Nelka said.
Today’s food enthusiasts have given Peni Wadikku or Sini Wadichchian attractive bright red colour. The drink is given this red colour either using a sugary cola drink or watermelon juice. However, the delicacy becomes more healthful if watermelon juice is used instead of colas or sugary colourful drinks which are laden with sugar, artificial colours and preservatives.
🥤Energy drink🥤
Ethnomedical practitioner Dr. Palitha Sri Geegana Arachchige said that Sini Wadikku had been the energy drink of hard-working southerners who dwelled in coastal areas.
“Due to the chemical reactions of the ingredients used in the preparation of Sini Wadikku, this has a negligible intoxication. The tender coconut water, the kernel and the watermelon contain a high nutrition content. Those ingredients as well as sugar provide instant energy. Sini Wadichchi also provides electrolytes and instantly hydrates the body. Hence, this is ideal for hardworking people to restore their lost electrolytes and hydration while giving instant energy. The starch in Batar Viskothu also provides energy. Batar Viskothu and tender coconut kernel alleviate hunger. So, this van be called an energising meal,” Dr. Geegana Arachchige said.
🍂Preparing Sini Wadikku🍂
🌿Ingredients🌿
A tender coconut
Batar Viskothu
Sugar
Water melon juice - 2 cups
🌿Method🌿
Remove the upper part of the tender coconut. Transfer its water to another container. Scrape the tender kernel inside and leave them inside the coconut shell itself. Then add one or two tablespoons of sugar depending on the size of the tender coconut. Break some Batar Viskothu into the tender coconut shell. Extract watermelon juice without adding water. Add watermelon juice and the tender coconut water which is in another container, into the tender coconut shell. Mix well, close and leave aside for half an hour.
After half an hour, we can see that bubbles have formed in the mixture. That is due to the chemical reaction of the ingredients. This makes Sini Wadikku slightly intoxicating.
Using a spoon, you can now taste Sini Wadikku.
When making Peni Wadikku in the traditional way, Habala Pethi and treacle can be used. That too has a distinct taste.
This is super easy to make, highly nutritious, slightly intoxicating and provides instant energy
Link to the video on pinkline youtube channel
👇
https://www.youtube.com/watch?v=svT2oqln1SY&t=291s
#සීනිවඩිච්චි #ගාල්ල #දකුණ