Wasthra ceylon

Wasthra ceylon

The brand which brings Sri Lankan tradition to the customer.

10/04/2024

This Avurudu, choose the gift of tradition with Moksha. Share the joy, share the sweetness, and embrace a healthier way to cherish old customs.

Let Moksha be your delicious link to the past, present, and a sweeter future! 🍌🎁

Moksha Flavourful Pack | LKR 5000/-
Banana Muffins | 05
Banana Cookies | 05
Banana Bread Slices | 05
Whole Banana Cake | 1kg

Moksha Budget Pack | LKR 3000/-
Banana Muffins | 03
Moksha Signature Cookies | 03
Banana Bread Slices | 03
Banana Cake | 300g
Chocolate Cake | 300g

Moksha Cookies Pack | LKR 3000/-
Choco Chip Cookies | 05
Moksha Signature Cookies | 03
Creamy Cookies | 03

28/03/2024

✔️ Hambanthota Areas Only.

🔸Open Positions :

▪️Accountant
▪️Assistant Accountant
▪️Account Executive
▪️ Account Supervisor

🔸Requirements :

▪️Following a degree or any relevant qualification
such as AAT, ICASL- Part qualified, CMA - Part
qualified or successful completion of GCE A/L
examination At least one year of experience in a
comparable role.

▪️Proficiency in both independent work and
collaborative teamwork.

▪️Previous experience in an audit firm is preferable.

🔹An attractive remuneration package is on offer
based on experience & individual skills.

Apply Now ✔️
📧 [email protected]

Call For More Details
☎️0701657034

25/03/2024

𝐔𝐫𝐠𝐞𝐧𝐭 𝐇𝐢𝐫𝐢𝐧𝐠...❗
We are leading company in the innovations from banana.we are looking for a compliance/QA Executive for our organization in Hambanthota. If you have the following qualifications, please send a CV to [email protected]

1. Degree or diploma holder (Food Science, Food Technology, Microbiology, or related stream)
2. Minimum 1 year experience in the same role as QA experience.
3. Exposure to ISO 22000 FSMS implementation and maintenance.
4. Fluent in English.

Please mention "QAE - banana innovations" on the subject.

𝑶𝑵𝑳𝒀 𝑺𝑯𝑶𝑹𝑻 𝑳𝑰𝑺𝑻𝑬𝑫 𝑪𝑨𝑵𝑫𝑰𝑫𝑨𝑻𝑬𝑺 𝑾𝑰𝑳𝑳 𝑩𝑬 𝑪𝑨𝑳𝑳𝑬𝑫 𝑭𝑶𝑹 𝑨𝑵 𝑰𝑵𝑻𝑬𝑹𝑽𝑰𝑬𝑾.

06/03/2024

අපගේ නියමුවාණන් ලා‍ංකීය කර්මාන්තකරුවන් සමූහය නියෝජනය කරමින් නායකත්වය ගෙන දේශය නගාසිටුවීමට යන ගමනේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් !!!!!

Photos from Wasthra ceylon's post 01/03/2024

කෙසෙල් කෙන්දෙන් දිවි සරිකරගන්නා "නාරීන්"

අපේ හසරු අත්කම් නිශ්පාදන ඒකකයේ අත්කම් සියල්ල නිර්මාණය වෙන්නේ කෙසෙල් කෙන්ද මූලික කරගෙන.කෘශිකාර්මික අපද්‍රව්‍යක් උන කෙසෙල් ගහ අපි වාණිජ වටිනාකමක් ඇති නිමි භාන්ඩ 34කට වඩා නිශ්පාදනය කරනව.ඒ නිශ්පාදනයේදී අපද්‍ර්‍ය ලෙස ඉවත් වන කෙදි කොටස් අරගෙන අපි අපේ "හසරු හෑන්ඩ්ක්‍රාෆ්ට්ස්" නිර්මානය කරනව.ඔව්න් ඔබ දාන සෙරෙප්පුවේ සිට ඔළුවට දාන තොප්පිය දක්වාත් සංචාරක ආයිත්තම් දක්වාත් නිර්මාණ කරනව
ඒහෙම බැලුවම අපි zero waste .
මේ ඉන්නේ අපි විසින් නොමිලයේ දෙන ලද පුහුණුවීම් වලින් පුහුණු වෙලා මෙම සෙක්ශන් එකේ සුපවයිසර්ලා උනු කන්ඩායම.අපේ මුළු කන්ඩායම 82ක්.බදගිරිය ගම්මනයේ,වසම් 05ක පිරිසක් එක් රොක් වී ඉන්නවා ඒ පිටුපස.මේ ඒ අතරිනුත් ඉදිරියට ආව අය.ඉතින් මෙතුවක් කල් අපි එක්ක කැපකිරීම් කල ඒ අය අද තමන්ගේ ප්‍රතිලාභ BOC බැන්කුව හරහා ලබාගත්තා.
වස්ත්‍ර හරහා වක්‍රාකාර ලෙස ප්‍රතිලාභ ලබන්නේ සංඛ්‍යාව 93කට ආසන්නයි.
එක්ව නැගිටිමු - එක්ව ගොඩයමු

Photos from Wasthra ceylon's post 01/03/2024

අද සුභ දවසක් !
කෙසෙල් කෙන්දෙන් මිනිස්සු මුදල් හොයන්න පටන් අරන්.
අද (01/03/2024) උදෑසන 7.19ට යෙදුණු සුභ මොහතින් කෙසෙල් කෙදි නිශ්පාදනය කිරීමේ යන්ත්‍ර තුනක් භාවිතා කරමින් කෙසෙල් කෙදි නිශ්පාදනය කිරීමේ වැඩ භූමියක් සූරියවැවදි අද විවෘත උනා.
වස්ත්‍ර සන්නාමය කිය්න්නෙ මහජනයා මතින් ගොඩනැගෙන ආයතනයක්.මේ ව්‍යාපෘතිය මගින් ආයෝජකයකු හා එක්ව ක්‍රියාත්මක වන්නම්.අයෝජකයා හැරුනු කොට මුළු ප්‍රතිලාභීන් ගණන 7ක්,
පව්ල් ඒකක 7ක් මෙයින් දිවි සරි කරගැනීමට නියමිතයි.
ආර්ථිකමය වශයෙන් අඩපණව ඇති දේශයක,කුඩා හා මද්‍යපරිමාණ ව්‍යාපාර 267,300ක් වැසී ගොස් ඇති මොහතක අපි මේ අකාරයෙන් නව රැකියා අවස්තා උත්පාදනය කරමින් සිටින්නේ.
උඩුගං බලා පිහිනීමට දිරි ඇති මිනිසුනේ,එන්න අප හා එක්වන්න.
"එක්ව නැගිටිමු-එක්ව ගොඩයමු"

29/02/2024

Solar heater එකකින් වතුර boil කරන systems නිර්මාණය කරන අය කව්ද ඉන්නේ ?

Photos from Wasthra ceylon's post 26/02/2024

"Building sri lanka for sri lankans" ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වෙන Wasthra ceylon ආයතනයේ ස්තානීය පරීක්ශණයක් සදහා යුධ හමුදාපතිතුමාගේ සෘජු නියෝග යටතේ 12 වන සෙනාංකයේ සෙනාංකාධිපති මේජර් ජනරල් චමිල මුණසිංහ WWV RWP RSPUSPndc psc IG MSc තුමන් අද දින(26/02/2024) සහභාගී වූ අතර ආයතනය නිර්මානය කරවීම සදහාශ්‍රී ලංකා යුද්ධ හමුදාව දැක්වූ සහයෝගය පිළිබද ප්‍රධාන විධායක නිලදාරී තුමා සිය විශේශ ස්තුතිය පිරිනමන ලදී.එසේම යුද හමුදාව සදහා සේවය සැපයීම සදහා ඇතිකරගත් ගිවිසුම් නැවැත ක්‍රියාත්මක කරවීම පිලිබදවද මෙහිදී අවදානය යොමු කරන ලදී

17/02/2024

Indulge in the sweet simplicity of banana bliss with our delightful Banana muffin varieties 🍌🍰😋


#ගන්න_අපේ_දේ

Photos from Wasthra ceylon's post 16/02/2024

අප ආයතනයේ සේවකයින් සදහා කර්මාන්ත ගත ප්‍රථමාධාර පුහුණුවේ පලවෙනි අදියර 2024/02/15 දින ක්ශේත්‍රයේ ප්‍රවීන bub වීරතුන්ග මහත්මාගේ සම්පත් දායකත්වයෙන් ආයතන භූමියෙදි පැවැත්වෙන ලදී

Photos from Wasthra ceylon's post 05/02/2024

ලංකාවේ කෙසෙල් ගොවියන්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි කෙසෙල් වලට නරක් වෙන්න කලින් වෙළදපලක් සොයා ගැනීම.ඉතින් වස්ත්‍ර නවොත්පාදක කන්ඩායම ඒකට විසදුම් රාශියක් සොයාගනිමින් සිටියා.ඒ කියන්නේ VALUE ADD කරන්න ක්‍රම .මේ තින්නේ එයින් එකක්. " MOKSHA" ට්‍රේඩ් මාර්ක් එක යටතේ ඉදිරියට ඔබ අතට කෙසෙල් වලින් නිශ්පාදිත Pure Banana Ice Creams මිලදීගත හැකි වෙනවා.ඔබේ සංචාරක මද්‍යස්තානයටත් තොග මිලදී ගැනීම් කරන්න පුළුවන්.
විශේශත්වය තමයි මේ සියල්ල ඉතාම පෝශණදායී වීම සහ ශරීරයට අහිතකර කිසිදු ද්‍රව්‍යක් අඩංගු නොවීම.
ලංකාව පුරා වෙලදසැල් හරහා ඉදිරියේදී ඔබට මිලදීගත හැකි.
දැන්ම අමතන්න තොග මිලදීගැනීම් සදහා
මේ පින්තූර හැඩ කරන්නේ වස්ත්‍ර පව්ලේ තරුණයෝ දෙන්නෙක්
Calories: 120
Total Fat: 0g, 0%
Saturated Fat: 0g, 0%
Trans Fat: 0g
Cholesterol: 0mg, 0%
Sodium: 0mg, 0%
Total Carbohydrate: 31g, 11%
Dietary Fiber: 4g, 13%
Total Sugars: 17g
Added Sugars: 0g
Protein: 1g, 3%
Vitamin D: 0mcg, 0%
Calcium: 10mg, 0%
Iron: 0.35mg, 0%
Potassium: 500mg, 10%

Photos from Wasthra ceylon's post 05/02/2024

MOKSHA ට්‍රේඩ්මාර්ක් එක යටතේ අපි කරන අළුත්ම වැඩේ මේක.මේක තෑගී දෙන්න පුළුවන් පෝශණදායිම ක්‍රමය.මේ තින්නේ කස්ටර්මයිස් ෆුඩ් බොක්සස්.අපේ ප්‍රඩක්ට් රේන්ජ් එකෙ තීන ඕනම ෆුඩ්ස් අයිටම්ස් ටිකක් එකතු කරලා ඔබට පුළුවන් කස්ටර්මයිස් ෆුඩ් බොක්ස් එකක් ක්‍රියේට් කරගන්න.මේ තින්නේ එහෙම ඇනවුමකට අපි විසින් නිපදවපු 1KG ෆුඩ් ගිෆ්ට් බොක්සස්.
ඔෆිස් එකේ පාර්ටි එකකට,ගමනක් යනකොට රන් යන්න වගේ මේක ඉතාම ප්‍රයෝජනවත්.විශේශත්වය ලංකාවේ ඕනෑම තැනකට දවසක් ඇතුලත අපි මේක ඩිලිවර් කරනවා.
මෙතන තීන කෑම ජාති වෙන්නේ

PURE BANANA MUFFINS
BANANA Cookies
BANANA BREAD
BANANA CACKE
BANANA ChocolateCAKE

මේ හැම ප්‍රඩක්ට් එකක්ම ඉතාම පෝශණදායි විදියට තමයි නිශ්පාදනය වෙන්නේ.අමුද්‍ර්ව්‍ය කෙලින්ම් හෙනෙන් හෝ ගොවිපලෙන් තමයි අපි මිලදිගන්නේ.
එහෙනම් දැන්ම ඇනවුම් කරන්න.රසම රස බනනා ෆුඩ් වරයිටි ටිකක් එක්ක දිව පිනව ගන්න.
වැඩි විස්තර සදහා 0701657034 WHATSAPP වලට යොමු කරන්න

02/02/2024

සූරිය වැව ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයේදි මුන ගැසෙමු අපි.කෘශිකාර්මික අපද්‍රව්‍යයක් වෙන කෙසෙල් කදෙන් සල්ලි හොයන විදිය ඉගෙන ගන්න

01/02/2024

MOKSHA
"DEVINE DESIRE"
ට්‍රේඩ්මාර්ක් එක යටතේ අපි නිශ්පාදනය කරන මූලිකම ප්‍රඩක්ට්ස් 5ක් ගැන මේ විඩියෝ එකෙන් හදුනාගමු.කෙසෙල් මූලික කරගත් පෝශණදායි ආහාර රටාවකට හුරු වෙමු.
තොග මිලදීගැනීම් සදහා දැන්ම අමතන්න.
070 165 7034

Photos from Wasthra ceylon's post 27/01/2024

Wasthra ceylon සන්නාමය යටතේ එන මෝක්ශ කෙසෙල් ආශ්‍රිත නවෝත්පාදන ආහාර සන්නාමයට අප ආයතනය තොරාගත්තේ මාගම්පත්තුවේ අහිංසක ළමයි.ඉතාම දක්ශ ළමයි වෙච්ච එයාල මේ රටේ සම්පත් බෙදී යාමේ ක්‍රමයේ වැරැද්ද නිසා කැලෙට පරවෙල යන්න ගිය අයවළුන්.නමුත් අද වෙද්දි එයාල මේ රටේ අහාර සැකසීම පිලිබද තියෙන ප්‍රමුඛතම ආයතනයක් වෙන SL FOOD tech. - SLFT හි පාඨමලාව හදාරාලා විශයෙහි ප්‍රමාණිකයන් වෙන ගමන් මග ආරම්භ කලා.සන්නාමයක් ලෙස ප්‍රජාව වෙනුවෙන් මේ කරන දේ තමයි අපේ වෙනස.අපි ප්‍රජාව මතින් ගොඩ නැගෙන සන්නාමයක්.
ආයතනයක් ලෙස අපට තිබුනා මේ සුදුසු කම් සපුරපු අයවළුන් ව රැකියාවට බදවාගන්න.නමුත් වස්ත්‍ර අපේ එතික්ස් වෙනස්.බිස්නස් ක්‍රමොපායන් වෙනස්.අපි හදන්නේ මිනිස්සු.නව ලෝකය සමග අත්වැල් බැදගන්න මිනිස්සු.මේ ක්‍රමය ලෙහෙසි නැහ,දුශ්කරයි.නමුත් අප එය සිදු කරනවා.වස්ත්‍ර අපි මේ රටේ සංධිස්තානයක් වෙනව දවසක.ඒ පුරෝගාමී ලෙස ක්ශේත්‍රයේ වෙනස්කම් කල ආයතනයක් ලෙස.
ඉතින් ඔබේ හෙට දවසේ අහාර සුරක්ශිතතාව මේ අපේම යෙහෙලියන් විසින් ඉශ්ඨ කරයි.
#ගන්න_අපේ_දේ

19/01/2024

Wasthra ceylon කන්ඩායමේ සාඩම්භර සමාජිකයකු වන්නට ඔබටත් අවස්තාවක්

රැකියා ඇබෑර්තු ~
තිස්සමහාරාම මුතියම්මගම පිහිටි අප අහාර ඇසුරුම් නිශ්පාදන ආයතනයේ පහත රැකියා ඇබෑර්තු ඇත.

🧩අලෙවි නියෝජිත

- [ ] වයස අවුරුදු 20 - 30 ත් අතර අයකු විය යුතුය.
- [ ] මනා සන්නිවේදන හැකියාවකින් යුක්ත විය යුතුය.
- [ ] සුහදශීලි වීම
- [ ] පළපුරුද්ද අනිවාර්යය සුදුසුකමක් නොවේ.
[ ] ct 100 යතුරු පැදියක් තිබීම විශේශ සුදුසු කමක් වේ.
පුහුණුවකින් පසුව සේවයට යොමු කෙරේ.

අහාර පාන ,නිළ ඇදුම් හා
දීමනා සමගින් 80,000 ක වැටුපක් ලබා ගත හැක.

🧩කර්මාන්ත ශාළා සේවක/ සේවිකා

- [ ] විනය
- [ ] වගකීම් සහගත බව
- [ ] තිස්සමහරාම ප්‍රදේශයේ අයෙකු වීම
- [ ] වයස අවුරුදු 40 ට අඩු අයකු වීම්
- [ ] කැපවී වැඩ කල හැකි වීම.
- [ ] කන්ඩායම් හැගීම

මූළික වැටුප 20,000/=ක් වන අතර මාස 4ක පරිවාස කාළයකින් පසු 75000/= අධික මාසික වැටුපක් සියළු දීමනා සමග ලබාගත හැකිය.

ස්තිර වූ පසු සෞඛ්‍ය රක්ශණාවරණයක් ඇතුළු දීමනා රැසක්.
වැටුප් හා දීමනා පළපුරුද්ද හා හැකියාව මත තීරණය වේ.

වැඩි දුර තොරතුරු දැනගැනීමට 0701657034 කථා කරන්න.

ඔබගේ සම්පූර්ණ කරනලද අයදුම්පත 0701657034 whatsapp අංකය වෙත එවන්න.

එසේත් නොමැතිනම් 0701657034 අමතා විස්තර ලබා දෙන්න.

දක්ශතාවය හා හැකියාව මුලික සුදුසුකමක් වන අතර අධයාපන සුදුසුකම් අමතර සුදුසුකමක් සේ සැලකේ.

සම්මුඛ පරීක්ෂණයකින් සියළු තෝරාගැනීම හම්බන්තොට බදගිරිය ප්‍රධාන මූලස්තානයේදි සිදුකෙරෙනු ඇත.

15/01/2024

අපවත් වී වදාළ,
මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හම්බන්තොට ප්‍රාදේශීය සංඝ සභාවේ අනුවිජ්ජක ධූරන්දර, තිස්සමහාරාම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හා හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු උප සභාපති, දම්සර අධ්‍යාපන ආයතනයේ විදුහල්පති හා විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ඉන්ද්‍රෝභාෂ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, විශ්‍රාමලත් විදුහල්පති, තිස්සමහාරාම ඓතිහාසික මැණික් රජ මහා විහාරාධිපති, ශාසන කීර්ති ශ්‍රී ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී පූජ්‍යතර තංගල්ලේ ජිනරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

පැතූ බෝධියකින් අමා මහ නිර්වාණයම සාක්ෂාත් කර ගනිත්වා

අපගේ සාතිශය සංවේගය

-

Photos from Wasthra ceylon's post 12/01/2024

ජාතියේ මහා පහන් ටැඹ වස්ත්‍ර අපේද පහන් ටැඹයි.
නවෝත්පාදක ව්‍යසායකයෙකුට/නවෝත්පාදන ව්‍යාපාරයකට ලැබෙන ඉතා විරළ ගණයේ අත් දැකීමක් අප ප්‍රධාන විධායක නිළදාරී තනුජ චන්ඩ්‍රසේකර මහත්මාට පසුගියදාක (2024/01/11) අත් දකින්නට ලැබුනා.එනම් ලංකා බැංකු ප්‍රධාන මූලස්තානයෙන් ලංකා බැංකුව සමග සහ සම්බන්දය වර්ධනය කර ගැනීම සහ සුහද පිලිසදරක් සදහා ඇරයුමක් ලැබ ඒ අනුව සහකාර මහා කලමනාකාර සමන්ත මහත්මයා ඇතුළු ඔහුගේ කාර්‍ය මන්ඩලය සමග හමුවී වී අප ආ ගමන් මග ගැන සාකාච්චා කිරීමට ලැබීමයි.ඉතා සුහදශීලී සහ උණුසුම් පිලිගැනීමකින් සමන්විත වූ ඒ හොරා කිහිපයේදි ප්‍රධාන විධායක නිලදාරි තුමා අවදානය යොමු කරනු ලදුව හම්බන්තොට බදගිරි ප්‍රදේශයේ CDM යන්ත්‍රයක් සවි කිරීමට ලංකා බැංකුව කැමැත්ත පලකරන ලද අතර අප ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට අප ව්‍යාපෘතිය හා එක්වන කෙසෙල් ගොවියන් හා ස්වයං රැකියා ලාභීන්ට ඉතා පහල පොළී අනුපාතයක් යටතේ ව්‍යවසාය ණය ලබාදීමටද එකග වූ අතර ආයතන පරිශ්‍රයේ බැංකු ශඛාවක් ඇරබීමටද සහය පල කරන ලදි .

Photos from Wasthra ceylon's post 12/01/2024

යුද්ධ හමුදාවට භාරවෙල කරන් ආව රාජකාරි දැන් කරන්නේ කරන්නෙ අපේ නාරීන්.
වස්ත්‍ර සිලොන් සංචිතයෙන් 95%ක් ඉන්නෙ ස්ත්‍රීන්.අධ්‍යක්ශක මන්ඩලයද ඇතුලත්ව.මේ ආයතනයේදී ඔව්න් රැකියාව පමණක් නෙවෙයි ජීවීතයද ඉගෙන ගනිමින් සිටිනවා.වෘතීය පූහුණුව අපි කාන්තාවන්ට ලබාදෙන්නේ ලිංග බේදයකින් තොරව.දියුණු ලිබරල් රටවල් වල තියෙන කන්සෙප්ට් එකක් මේක.ඉතින් ලංකාවෙදි අපි ඒක ප්‍රැක්ටිස් කරනවා.ආයතන්‍යෙන් ඉවත්ව යන දවසක මේ සියළු කාන්තාවන් තමන්ගෙ වැඩ තමන් කරගනී.අපි වෙනස්.ඉක්මනින් ආයතන භුමියෙදි මුනගැහෙමු

#ගන්න_අපේ_දේ

Photos from Wasthra ceylon's post 08/01/2024

කෙසෙල් කෙදි මගින් අත්කම් නිර්මාණය කිරීමට පුහුණුව දෙනු ලැබූ පලමු කන්ඩායම සාර්ථකව එම පුහුණුව අවසන් කර තම නිශ්පාදන එලිදැක්වීමේ හමුවක් වස්ත්‍ර අත්කම් නිශ්පාදන ඒකකයේදී පැවැත් වුනි.



#ගන්න_අපේ_දේ

Photos from Wasthra ceylon's post 05/01/2024

ලංකා බැංකු තිස්සමහාරාම ශඛාවේ නිලදාරීන් අද දින අප ආයතන භූමීයට පැමින ආයතනයේ සේවක සේවිකාවන් 37 දෙනෙකු සදහා නව ගිනුම් අද දින ආරම්භ කරන ලදි..

Photos from Wasthra ceylon's post 01/01/2024

2024 ට අලුතින් පා තබමින් අපේ ගමනේ තවත් පියවරක් ඉදිරියට පැමිණ, කෑලිවලාන, බදගිරියෙහි Wasthra Ceylon Facility Center හි වැඩ ආරම්භ කිරීම,
ගම්වාසී ලෝවාසී සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් රෑ පහන් වන තුරු පැවැත් වූ පරිත්‍රාන ධර්මදේශනය Wasthra Ceylon Facility Center හි ප්‍රධාන විධායක නිළධාරී තනුජ චන්ද්‍රසේකර මහතාගේ මග පෙන්වීම මත සිදු කරන ලදී. (2023.12.31)

31/12/2023

උදා වූ 2024 නව වසර ලක්වාසී ලෝවාසී සියලුම දෙනා හට යහපත් වන සුභ නව වසරක් වේවා...!

26/12/2023
Photos from Wasthra ceylon's post 20/12/2023

"කෙසෙල් කෙන්දෙන් මුදල් ඉපයීම" යන තේමාව මුල් කර ගනිමින් ඊට අදාලව නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනයන් දැනුවත් කිරීම සහ කෙසෙල් කදෙන් කෙදි ලබා ගන්නා ආකාරය
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාලව සේවා කටයුතු කරන ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ඊට ආදාල අනෙකුත් නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් N.D.P. රණසිංහ මහත්මියගේ ආරාධනයෙන් පළාත් සභා නිලධාරී- වණ්නිආරාච්චි මහතා, කුඩා ව්‍යාපාර නිළධාරී - w.p. මනෝජ් මහතා සහ ශ්‍රීමාල් මහතාගේ මැදිහත්වීම මත වස්ත්‍ර සිලෝන් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී තනුජ චන්ද්‍රසේකර මහතාගේ මූලිකත්වයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2023.12.18 වන දින පවත්වන ලදී.

20/12/2023

හීන දකින්න, හීන පස්සේ හඹායන්න, දිවා රෑ නොබලා වැඩ කරන්න. සමාජයෙන් එන බාධක වලට සැලෙන්න එපා. විශ්වාසයෙන්, මහන්සියෙන් අවසානය තෙක් යන්න.

දෙසැම්බර් කලාපයේ වස්‍ත්‍ර සිලෝන් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී තනුජ චන්ද්‍රසේකර මහතා වෙනුවෙන් පළ වූ ලිපිය.
Thank you Team

Photos from Wasthra ceylon's post 13/12/2023

"සිසු නයු අභිසෙස්"
ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය - 2024 හම්බන්තොට බඳගිරිය ජාතික පාසල
පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී තනුජ චන්ද්‍රසේකර මහතා ප්‍රධාන ආරාධිත මහතා ලෙස සහභාගී වීම.

Videos (show all)

MOKSHA "DEVINE DESIRE"ට්‍රේඩ්මාර්ක් එක යටතේ  අපි නිශ්පාදනය කරන මූලිකම ප්‍රඩක්ට්ස් 5ක් ගැන මේ විඩියෝ එකෙන් හදුනාගමු.කෙසෙල...
මේ තින්නේ වස්ත්‍ර විසින් නිශ්පාදනය කරනු ලබන ෆයිල් කවර.100% පාරසරික හිතකාමී විදියට අප විසින් එය නිර්මාණය කර තිබෙනව.දැනට ව...

Telephone

Website