HAPPY LIFE
Medical and Health
Psychology
Counseling
🌞 HAPPY NEW YEAR 2024 🌞
stammering – ගොතය
ගොත ගැසීම් සමහර වෙලාවට අපිට මේ වන විට දක්නට ලැබෙන තවත් එක් සුලභ අවස්ථාවක්. යම් අවස්ථාවකදී මානසික්ව පීඩාකාරී තත්ත්වයකට එහෙමත් නැත්නම් මානසික කැළඹීමකට පත්වුණ කෙනෙක්, බියට පත්වූ අයෙක්හෝ, අනපේක්ෂිත පීඩාවකට පත් වුණ අයෙක් මෙලෙස එක් වරම ගොත කැසීමකට ලක් විය හැකියි. උදාහරණයක් ලෙස සමාජ භීතිකාව එහෙමත් නැත්නම් social phobia කියන අවස්ථාවලදී මේ තත්ත්වය බොහෝවිට දක්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස යම් පිරිසක් ඉදිරියේදී කතාව දී කතාවක් පැවැත්වීමට ඔබට අවස්ථාවක් උදා වුවහොත්, ඔබ සමාජ භීතිකාව එහෙමත් නැත්නම් social phobia වලින් පසුවන අයෙක් නම් එවැනි විටෙකදී ඔබට ගොත ගැසීමක් ඇතිවිය හැකියි.
එසේම අවුරුදු 2ත් 5ත් අතරේ විශේෂයෙන්ම පෙරපාසල් යන අවධියේදී දී සමහර දරුවන් කතා කරන විට වචන පැහැදිලි වන අවස්ථා තියෙනවා.නමුත් එය සාඒ සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි හඳුන්වන්නේ එයට හේතුව එම වයසේ දරුවන් කතා කිරීමට පටන් ගන්නා උත්සාහ ගන්නා කාලය නිසාවෙනි. නමුත් එම තත්ත්වය දිගු කාලීනව පවතිනවා නම් අප ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.එමෙන්ම දරුවන්ගේ මාන මානසික මට් මට්ටම ද මෙම ගොතය ඇතිවීමට බලපාන තවත් හේතුවක් වෙනවා.
ගොතය ඇතිවීමට බලපා බලපාන හේතු
භාෂාමය හැකියාවන් අඩුවීම
පෞරුෂය හා ආවේගශීලී හැඟීම්
කථන හා භාෂා හැකියාව
ජාන මගින්
පවුල් පරිසරය
මොලයේ ක්‍රියාකාරිත්වය
ගොත ගැසීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු අවස්ථා
වයස අවුරුදු පහට වඩා වැඩි දරුවෙක් නම්
කතා කිරීම මගහරිනවා නම්
එකම වචනය කිහිපවිටක් පවසනවා නම්
වචන උච්චාරණය වෙන්ස් වූ විට
වචන කතා කරන විට හෝ වචන උච්චාරණයේ මුහුණේ ඉරියව් වල දැඩි වෙහෙසකාරී බවක් පෙන්නනවා නම්
දරුවාගේ කතාවේ 10% වඩා වැඩි ප්‍රතිචාර ප්‍රතිශතයක් ගොත ගස් ගසනවා නම්
පැවසීමට අවශ්‍යය වචනය වෙනුවට වෙනත් වචන ආදේශ කර කතා කරනවානම්
මෙවැනි අවස්ථාවකදී ගෙදරදී කල් හැකි දේවල්
දරුවාට හොඳින් සවන් දෙන්න.
දරුවාට ආදරය රැක රැකවරණය වැඩිපුර ලබා දෙන්න.
දරුවා සමග කතා කිරීමට සරල වැකි භාවිතා කරන්න.
දරුවා සමග කතා කරන විට වචන දෙකක් අතර කුඩා පරතරයක් සිටින ලෙස වචන හසුරවන්න.
දරුවගාගෙන් ප්‍රශ්න අසන විට පළමු ප්‍රශ්නයට පිළිතුර දුන් පසු දෙවැනි ප්රශ්නය අසන්න දරුවාගේ ගැටලු පිළිබඳ දරුවා ඉදිරියේයේ දී අන් අය සමඟ හෝ දරුවන් සමග කතා නොකරන්න.
දරුවන් ගොත ගසන විට ඍණාත්මක ප්‍රතිචාර නොදක්වන්න.
දරුවාව විවේචනයට ලක් නොකරන්න.
⁃ විස්තර කිරීමට අපහසු තනිකමක් නිතර ඇතිවීම
⁃ අධික ලෙස නිදාගැනීම හෝ හරියට නින්ද නොයාම
⁃ කෑම අධිකව ගැනීම හෝ කෑම නිසිලෙස නොගැනීම
⁃ ඉස්සර ආසාවෙන් කරපු දේවල් වලට දැන් පෙළබීමක් ඇති නොවීම
⁃ එදිනෙදා ඔයාට කරන්න තියන දේවල් කරදරකාරි ලෙස දැනීම
⁃ අනවශ්‍ය බියක්, අනාරක්ෂිත බවක් කල්පනා වීම
⁃ ඔයා හොඳින් ඉන්නේ කියලා අනිත් අයට පෙන්වන්න උත්සහ ගැනීම
⁃ කිසිම අරමුණක් නොමැති බවක් දැනීම
⁃ මතකය සම්බන්ධව විවිධ ගැටලු. (ඉක්මනින් දේවල් අමතක වීම)
⁃ යම් දෙයකට අවධානය යොමු කරගැනීමට අපහසු වීම
⁃ ජීවිතය කිසිම තේරුමක් නැහැ කියලා නිතර සිතීම
⁃ ඔයාට විවිධ හානි කරගැනීම් කිරීම හෝ කරගන්න සිතීම
⁃ වෙනදාට වඩා ගොඩක් තරහා යාම
⁃ දවසේ වැඩි වෙලාවක් ඇඳට වෙලා හෝ කාමරයටම වෙලා සිටීම
⁃ අනිත් අයව නුරුස්නා බවක් නිතර ඇතිවීම
⁃ කළකිරුණු ස්වාභාවයක් දැනීම
⁃ මොනවත් නොකර ඉදලත් ඇඟට යම් මහන්සියක්, තෙහෙට්ටුවක් දැනීම
ඒ වගේ විවිධ ලක්ෂණ සති දෙකකට ආසන්න කාලයක් තියනවා නම් ඔයා මනෝ උපදේශන සේවාවක් වෙත යොමුවීම සිදු කරන්න
HAPPY LIFE
දරුවන්ගේ screening time
අලියන්ට ළමයින්ට දගලන්නටමයි හිත.පුංචි දරුවො එක්ක දවසක් ගත කරනවා කියන්නේ, ඇත්තටම ඉතිං අම්ම කෙනෙක්ට ලොකු අභියෝගයක් තමයි.මොකද ගෙදර වැඩ කටයුතු එක්ක දරුවෙක් බලා ගැනීම ලේසි පහසු කටයුත්තක් නම් නෙවෙයි. ඒ වුණා උනාට ඉතින් අම්මත් ආසයි පුංචි වී විවේකයක් අරන් ටිකක් සැහැල්ලුවෙන් ඉන්න.ඒත්.. අපි හැමදේම කරන්නේ අපේ දරුවන් වෙනුවෙන් නම්, අපිට මගහැරෙන සුළු මොහොතකින් අපි කරපු සියලුම දේවල් වලින් ප්‍රයෝජනයක් නැති වෙන්න වුණොත්..?
ඔව්.. දරුවන් එක්ක ඉන්න අම්මලා ගොඩක් වෙලාවට ගෙදර වැඩ ඉවර කරලා විවේකයක් ගන්න ඕන උනාම කරන්නේ බබාට ටීවී එක දාලා දෙන එකයි.මොකද එතකොට අම්මට පුළුවන් ටිකක් සැහැල්ලුවෙන් ඉන්න.ඒත් ඔබ දන්නවද? දවසකට පැය දෙකකට වැඩි කාලයක් screen time එකේ ඉන්න දරුවාට හානි වන බව?
ඔයාලා සමහරවිට අහල ඇති ඔටිසම් රෝගය ගැන.මම මීට් කලිනුත් ඒ ගැන ලිපියක් පලකරලා තියෙනවා .ඉතින් මනෝ විද්‍යාඥයන්ගේ අලූත්ම සමීක්ෂණවලින් දැන් කියන්නේ වැඩි කාලයක් screen time ඉන්න දරුවන් මෙම ඔටිසම් රෝග ලක්ෂණ මෙන්ම ADHD එහෙමත් නැත්තම් අධික්රියාකාරී ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් බවට පත් වෙනවා කියලයි.
හැබැයි බොහෝ වෙලාවල් වලට අපේ සායන වලට යොමුවෙන සමහර ඔටිසම් රෝග ලක්ෂණ සහිත දරුවන් හැමෝම ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් නම් නෙමෙයි. ඉතිං මේ ලෙස දිනකට වැඩි වේලාවක් screen time ගත කරන දරුවකුගේ බුද්ධි මට්ටම ක්‍රමයෙන් පහළ යන බවත් මනෝ විද්‍යාඥයන් පවසනවා.
වැඩි වේලාවක් තිරය මත ගත්කරන දරුවන්ගේ දැකිය හැකි ලක්ෂණ
බුද්ධි මට්ටම ක්රමයෙන්යෙන් පහළ යෑම
නිර්මාණශීලී හැකියා හැකියාවන් අඩුවීම
භාෂා භාවිතයේ ප්‍රමාදය (කතා කිරීමට ප්‍රමාද වීම)
වචන උච්චාරණයෙ ගැටලු
අවධානය අඩුව වීම
හැඟීම් පාලනය කර කර ගැනීමේ නොහැකියාව
අධි ක්‍රියාකාරි ලක්ෂණ
“සතුටින් සිටින පවුල් එක හා සමානයි වගේ, දුකින් සිටින සියලු පවුල් ද දුකින් සිටින්නේ තමන්ගේ ආකාරයටයි “ – Leo Tolstoy .
හැම පවුලකටම ආවේණික වූ පීඩාකාරී දුක් බර තත්ත්වයන් තිබුණද, ඒවා වෙන් වෙන් ආකාරයකට සිදු වුව ද , බොහෝ දෙනකු පීඩා කරන පොදු පවුල් ගැටලු ඇත. සමහර විටෙක ඔබට ඔබේ ගැටලුව ඔබට පමණක් ඇති දෙයක් ලෙස හැඟෙන්නට පුළුවන. නමුත් බොහෝ විට මෙම ගැටළු ලොව පුරා ඇති පවුල් ගැටලු විය හැකිය.
එය පිළිගැනීමට ඔබ මැළි වුවද අපගේ Happy Life පිටුව පුරා ඇති ගැටලු මෙන්ම, අන් අයගේ ගැටලුත් නිවැරදි උපදේශනයට යොමුවීම මගින් විසදාගත හැකිය.
පවුල් ගැටලු ඇතිවීමට බලපාන ගැටලු ලෙස,
දුරස්ථ භාවය (Distance)
දුර රැකියාව හෝ වෙනත් හේතු නිසා හොඳ සම්බන්ධතාවයක් පවුල තුළ නොතිබිය හැකි නිසා පවුල් ප්‍රශ්න බොහොමයක් ඇතිවිය හැකිය. නිදසුනක් ලෙස, ඔබට දරුවෙක් සිටී නම් එක කාලයක් ඔවුන්ගෙන් ඈත් වී සිටීමට ඔබට සිදුවිය හැකිය. ඔබ ඔවුන්ගෙන් ඈත් වී සිටීමේ කාලය වෙනස් කිරීමට ඔබට නොහැකි නම් ඔබේ පවුල සමග ඇති දුරස්ථ භාවය අවම කර ගැනීමට ඔබට කළ හැකි දේ බොහෝය. තාක්ෂණික දියුණුවත් සමගම මෙම Digital යුගයේ දී තාවකාලික දුරක් පවත්වා ගැනීම සඳහා බොහෝ විසඳුම් ඔබට ඇත. එනමුදු දුරස්ථ ගැටලු පැන නගින්නේ දුරස්ථ භාවය නිසා ම පමණක් නොව ප්‍රමාණවත්.
දුරක් ඔබ හා ඔබ සමීපතමයා තුළ නො තිබීමෙනි තිබීමෙන් විය හැකිය. දෙදෙනෙකු එකිනෙකාට ආදරය කරන්නේ නම් ඔවුන් දෙදෙනා මුළු කාලයම එකට ගත නොකරාට ගැටලුවක් නොමැත යන්න ජනමාධ්‍ය විසින් නිරන්තරව අප වෙත ගෙන එන මිථ්‍යාවකි.
අවුල් සහගත කාල සටහන් (A Cluttered Schedule)
තරගකාරී ලෝකයක ජීවත්වන අප ජීවන අරගලයක පැටලී සිටීම නොරහසකි. නමුත් දෙමව්පියකු ලෙසින් ඔබට කාලය නොමැති බවක් පෙනුනත් ඔබ නිශ්චිත කාලසටහනකට අනුව ඔබේ වැඩ, රැකියාව, ගෙදර දොර වැඩකටයුතු සහ දරුවන්ගේ සිදුවීම් පෙළ ගස්වා ගතහොත් ඔබට අවශ්‍ය කාලය කළමනාකරණය කර ගත හැකිය.
එක් විසඳුමක් ලෙස මෙම කාල සටහන් ක්‍රමය නිශ්චිතව භාවිතා කිරීම මගින් ඔබට වඩාත්ම වැදගත් දෙයකට ප්‍රමුඛතාවය දිය හැකිය. සතියකට වරක් වත් දරුවන් නැරඹීමට අසල්වාසීන් හෝ මිතුරන් සමග ගිවිසුමක් ඇති කර ගත හැකිය.
තර්ක හා සිත් රිදවීම් (Arguments and Fights)
අපි එකිනෙකා එකිනෙකාට වෙනස්ය. මේ වෙනස් වීම නිසාම අපි හැමෝම අපගේ මත තිබේ. එකඟ එකඟ නොවී සාමාන්‍ය . හොඳ සන්නිවේදනයක් අඩු වන විට සාකච්ඡා වැඩිවීමත් තර්ක විතර්ක කිරීමට පටන් ගනී. ඒක නිසා ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ, දරුවන් සමග මෙන්ම පවුලේ සාමාජිකයන් තුළ ද, පවුල තුළ ද දැඩි ආතතීන් ඇති කළ හැකිය. එකග නොවී, බහින්බස්වීම් වල ප්‍රතිඵලයක් ලෙස, සබඳතා වලට ගිරවා හානි කළ හැකිය. එම නිසා තර්ක විතර්ක හැසිරවීම ඉතා පරිස්සමින් සිදුකළ යුතුය. එය ඔබට ධනාත්මක හැඟීම් ඇති කර ගැනීමට ඉඩ නොදෙයි.
දෙමව්පිය සම්බන්ධ මතභේද (Disagreements On Parenting)
දෙදෙනෙකු එක් වහලක් යටට නව ජීවිතයක් ඇරඹීමට එන්නෙ වෙනස්ම ආකාරයේ පවුල් සංස්කෘතීන් දෙකක් තුළිනි. මෙම වෙනස් පවුල් පරිසර පද්ධති දෙකක් තුලින් එන පුද්ගලයන් දෙදෙනා, එකට ජීවත් වීමට ආවත්, ඔවුන් පැමිණ තිබෙන පරිසරයන් දෙකේ වෙනස්වීම් නිසා දෙමාපිය නොගැළපීම් සිදුවිය හැකිය. එම නිසා විවිධාකාර වූ මතභේද ඇති විය හැකිය. එවිට ඔබගේ අදහස් බොහෝ විට දෙමවුපිය අදහස් හා නොගැළපීම් සිදුවිය හැකිය. මෙහිදීද ගැටලුකාරී තත්වයන් පවුල තුළ උද්ගත විය හැකි ය.
රැකියා දිවියේ සමබරතාවය (Work-Life Balance)
කලින් පැවසූ පරිදි ජීවිත අරගලයෙන් නිසා සෑම පුද්ගලයෙකුම තරගකාරීත්වයට යෙදී සිටි පුද්ගලයෙකු තම පවුලේ මූල්‍යමය ආර්ථිකමය අවශ්‍යතා සැපයීම වෙනුවෙන් යෙදෙන නිසා, ඔවුන් සමග ශාරීරික හා මානසික පෙනී සිටීමට ඇති කාලය අවම විය හැකිය. මෙම අවශ්‍යතා දෙක අතර හිර වීම නිසා පවුල් තුළ ආතතිය වැඩි විය හැකිය.
ආර්ථීක ගැටලු (Economic Problems)
මූල්‍යමය නැතහොත් ආර්ථික ගැටලු නිසා පවුල් ජීවිතය තුළ ආතතිය වැඩි වේ. ආර්ථික අපහසුතා නිසා බොහෝ පිරිසක් රැකියා තෘප්තිමත්භාවය කින් තොරව වැඩ කරයි. එය ගැටලු ඇති කිරීමට බලපාන තවත් ප්‍රධාන සාධකයකි.
මත්පැන් (Alcohol)
මත්පැන් සහ පවුල් ගැටලු නිතරම අත්වැල් බැඳ ගන්නා බව රහසක් නොවේ. මත්පැන් හෝ මත්පැන් වලට ඇබ්බැහි වීම සැබවින්ම පවුල් ගැටලුවකි. බොහෝ අවස්ථාවන්හීදී, මත්පැන් පානය කරන්නන්ගේ පවුල ඇත්ත වශයෙන්ම දුක් විඳිනවා. මූල්‍යමය, චිත්තවේගීය, නීතිමය සහ ශාරීරික ඇතුළුව පවුලක සෑම අංශයකටම මත්පැන් බලපායි. මේ නිසා, මත්පැන් නිසා පවුල් ගැටලු රාශියක් ඇතිවිය හැකිය. ඇත්ත වශයෙන්ම, මත්පැන් යනු විවාහ ගැටලු, දික්කසාදය, ගෘහස්ථ හිංසනය, ළමා අපයෝජනය සහ නොසලකා හැරීම සහ දෙමාපියන් සහ දරුවන් අතර සබඳතා බිඳ වැටීම පිටුපස ඇති ප්‍රධාන සාධකයකි.
පවුල් ගැටලු වලට බලපාන මත්පැන් පානය නිසා ඇතිවන තවත් හානියක් නම් සම්බන්ධතා ගැටලු මතුවීමයි.
මත්පැන් අනිසි භාවිතය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ පවුල් බොහෝ විට තම පවුල් ඒකකය තුළ පවා ශක්තිමත් චිත්තවේගීය බැඳීමක් ඇති කිරීමට වෙහෙසෙති. මෙය ආරම්භ වන්නේ දෙමව්පියන්ගෙන්.
ඊට අමතරව, මත්පැන් සමඟ පොරබදින පුද්ගලයින් ඔවුන්ගේ තත්වය පිළිබඳව බොරු කීමට නැඹුරු වන අතර එමඟින් පවුලට එහි බලපෑම වැඩි වේ. මෙය විශ්වාසය විනාශ කරන අතර අනෙක් පවුලේ සාමාජිකයින්ට පුද්ගලයා සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීම දුෂ්කර කරයි.
අවිශ්වාසය (Unbelief)
තවත් බොහෝ හවුල් ගැටලුවලට හේතුවක් වන්නේ අවිශ්වාසයයි. පවුලක් මෙන්ම විවාහ ජීවිතයක් තුළ තිබිය යුතුම දෙයකි විස්වාසය. තම සහකරු හෝ සහකාරිය යම්හෙයකින් තමාට වංචාවක් කළ විට එය දරා ගැනීමට ඇති නොහැකියාව නිසාම, විවාහය නැවත එකට තබා ගන්නෙ කෙසේද යන්න පිළිබඳ ගැටලු මතුවන අවස්ථා ඇත. එම නිසා නිරන්තරයෙන්ම ප්‍රශ්න මතුවේ. යම්කිසි අවස්ථාවක දී සැකය නිසා ද අවිශ්වාසයක් ඇති විය හැකිය. නමුත් සැකය හේතු ඇතිව මෙන්ම හේතු නැතිව ද ඇතිවිය හැකිය. නමුත් තමාට ඇති වූ එක් සිතිවිල්ලක් පමණකින්ම හෝ එම සිතුවිල්ල පමණක්ම මුල් කරගෙන තම සහකරු හෝ සහකාරිය පිළිබඳ තීරණ වලට එළඹීම කොහෙත්ම සුදුසු නැත. යම් හෙයකින් ඔබට මෙවැනි විසඳාගත නොහැකි සිතුවිල්ලකට හෝ යම් කිසි සිදුවීමකට මුහුණ පෑමකට සිදු වුවහොත්, ඔබ ආතතියට පත් වෙයි. එම නිසා එම සිදුවීම දෙස නිවැරදිව බැලීමට ඔබට නොහැකි අවස්ථාවකදී එයට හොඳම ප්‍රතිකාරය වන්නේ උපදේශනයි.
දරුවන්ගේ ගැටළු (Difficult Children)
සමහර අවස්ථාවලදී අධික්රියාකාරී හෝ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් මෙන්ම දරුවන්ගේ ගැටලුකාරී අවස්ථා ද තිබිය හැකිය. මෙම දරුවන්ගේ ගැටලුකාරී අවස්ථා නිසා ද පවුලේ සම්බන්ධතාවය බිඳී ගොස් පවුල තුළ ප්‍රශ්න මතුකරයි. එම නිසා පවුලේ සියලුම සාමාජිකයන් මානසික පීඩාවට ලක් වේ. එම නිසාම පවුල් ප්‍රශ්න මතුවේ. අනිත් අතට ගත් කළ යම් පුද්ගලයකුගේ පෞර්ෂයට සෘජුව බලපාන සාධකයක් නම් ළමා කාලයයි. මන්ද මානසික අවපීඩනය නිසා නිතර රණ්ඩු සරුවල් ඇති කර ගන්නා දෙමාපියන් හා එවැනි දෙමාපියන් ඇති පවුල් තුළ ඇති දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයට විශාල හානියක් සිදු වේ.