Purni Abesekara
Education is the key of success
අපේ ගෙදර උදවිවට ළඟදි ආපු සෝමා රහට කෑම උයනව, වැඩිපුර ගෙදර නැති මං ගෙදර ඉන්න වෙලාවට අක්කලාගේ පොඩි උන් ටික වට කරන් කෑම කනවා, කාල ඉවර වෙලා වතුර බොන්න කුස්සියට දුවන පොඩි උන් තුන් දෙනාම,
"සෝමා ඇන්ටී කෑම රහයි"
කියල කෑගහනව...
දවසක් සෝමා මා ළඟට ඇවිත් හිටගෙන ඇඹරෙනව...
"මොකද සෝමා?"
"සර්, මං ගිය කිසි ගෙදරක ළමයි කෑම කාල රසයි කියල කියල නෑ... සර්ද කීවේ එහෙම කියන්න..?"
"නෑ සෝමා...ඒ පුතාල පුරුදු වෙලා තියෙන හැටි.."
සෝමා ගෙ ඇස්වල කඳුලු..
"ඉතිං සෝමා ගෙ කෑම රහයිනෙ, එහෙම කියන එක වරදක් නෑනෙ.."
"නෑ සර්... එහෙම ඇහෙන එකම සතුටුයි.."
සෝමාට මේක මෙච්චර දැනුණෙ ඇයි කියල මං තනියෙම කල්පනා කළා...
මං කුඩා කාලයෙ අපෙ ගෙදර දැක්ක දෙයක් තමයි අම්මා ගෙදර වැඩ ඇතුළෙ කන කට්ට තාත්තා වචනයෙන් අගය කළේ නැහැ, තාත්තා ගෙදරින් එළියෙ කන කට්ට අම්ම වචනයෙන් අගය කළේ නැහැ...
ඒ අගය කිරීම හිතේ නැතුව නෙවෙයි, හැබැයි වචනයෙන් කියන්නෙ නැහැ. ඒ පරම්පරාවේ හැටි වෙන්නැති...
හැඟීම් හිත ඇතුළෙ තද කරන් ඉන්න එක ඒ පරම්පරාවේ ලාක්ෂණික දෙයක් වගේ...
ඒක ගැන මගෙ කියවීම විවේචනයක් නොකර මං පොඩිවුන්ට කියල දුන්න කෑම කාල "අම්මෙ කෑම රහයි", "ඇන්ටි කෑම රහයි"
කියල කියන්න...
මම විදේශ පුහුණුවට ඉද්දී දැක්ක දෙයක් තමයි පුංචි දෙයක් පවා"අගය කරන" එක.
"ඔබ හොඳින්ද" කියල අහන එක.
වෛද්‍යවරයා පිටිපස්සෙන් එන පිරිසිදු කරන සේවකය එනකන් "දොර අල්ලන්" ඉන්න එක.
"ඔබ අද ලස්සනයි" කියන එක.
තමන් එක්ක එකට වැඩ කරන කෙනාව "අගය" කරන එක...
සරලවම මේ හැම දෙයින්ම වෙන්නෙ අනිත් මනුස්සයට "වටිනකම" දෙන එක,
සමහරු කියන්න පුලුවන් මේව මූනිච්චාවට කරන ඒව කියල.. හැබැයි මේවගෙන් ඇතිවන ප්‍රතිපලය හොඳ දෙයක්...
ගෙදරක් ඇතුළෙ නම් බිරින්දෑ කරන පුංචි දෙයක් පවා අගය කරන්න...
ඉඳල හිටල හෝ ඇය ලස්සන බව කියන්න...
උන්දැ නැතුව තමන්ගෙ ජීවිතේ හිස් බව පිළිගන්න...
මහත්තය ගැනත් එහෙමයි...
ඔහු කරන කුඩා දෙය අගය කරන්න...
ඔහු ළඟ ඇති උණුසුම වටින බව කියන්න...
"වචනයෙන් කියන්න.."
කාර්යාලයෙදි සුලු සේවකයා පවා අගය කරන්න...
ඔහු කාර්යාලය පිරිසිදුව තබා ගන්නා බව කියන්න...
හදල ගේන තේ එක රස බව කියන්න...
තමන්ගෙ සහෝදර සේවකයෙක් හොඳට වැඩ කරනව නම් ඒ බව කියන්න...
පිටට තට්ටුවක් දාල කියන්න...
"වචනයෙන් කියන්න.."
තමන්ගෙ වෘත්තීය සගයන් අතරෙ දක්ෂයන් ඉන්න පුලුවන්, ඒ බව පිළිගන්න...
ඔවුන්ගෙ හැකියාවන් අගය කරන්න...
අගය නොකිරීමට හේතුවක් හොයා ගන්නවාට වඩා අගය කරන්න හේතු හොයන එක ලේසියි... අගය කරන්න...
"වචනයෙන් කියන්න.."
මේ කිසි දෙයක් සතපහක වියදමක් දරන්න උවමනා වැඩ නෙවෙයි. මැරුණට පස්සෙ මළගෙදර කරන ගුණකථනයකට වඩා, රස්සාවෙන් අස්වෙන දවසෙ ලොකු වියදමක් දරන ෆෙයාවෙල් එකකට වඩා, රට අතහැරල යන දවසෙ කරන සෝබන කතාවකට වඩා මේ වචන ටික වටිනව නේද..?
ඒ හින්ද,
අගය කරන්න පුරුදු වෙන්න...
ඒක පුරුද්දක් වුනාම,
ඔබ මනුෂ්‍යයෙක් වශයෙන් නිදහස් වෙනව...
හිතේ සැහැල්ලුව හැදෙනව...
ජීවිතේ සතුට හැදෙනව...
අනිත් මනුස්සය නිර්ලෝභීව අගය කරන මිනිහ මනුස්සකමේ සෑහෙන දුර ගිය කෙනෙක්...
ජය ❤❤
(මුල් අයිතිය ලක්මාල් කුලසේකර වෛද්‍යවරයා සතුවේ)
Few clicks from last weekend ♥️
(35 weeks of pregnancy 😍)
♥️
Individual Class
Grade 3 😍
බුදුසරණයී...! 🌻🙏
මොන ක ර ද ර ජ ර ම ර තිබුනත් ලස්සනට ඇදලා දරැවත් ඉනේ ග.හ.ගෙ.න,එයාගෙ කෑම ටිකත් හදාගෙ හිනා වෙලා එදිනෙදා ජීවිතයට මූන දෙන්න වෙන කාලයක් හැම පුංචි ගෑ.නු ළමයෙකුටම එනවා..ඒ කාලය ඉතිං රොබෝ කාලයක්..ඒකට කමක් නැ...ඔය කාලය හරිම ටිකයි..ගෙවිලා යන හැටි ඔයා වත් දන්නේ නැ පුංචි ගෑ.නු ලමයො...💜
හැමදාම මව්කිරි දෙන්නේ නැ.. හැමදාම කිරි ඇත්තෙත් නැ.. ඉතින් නින්දෙන් හරි,රිදි රිදි හරි අඩ අඩා හරි හිනාවෙලා හරි ඒ ටික දෙන්න පුංචි ගෑ.නු ලමයො.ඒ තමයි දරැවෙකුට මෙ ලෝකෙ ලැබෙන දිව්‍ය ආහාරය..ඒක ටික කාලයයි..💜
හැමදාම එයාලා අඩන්නෙ ඇහැරලා ඉන්නෙ නැ..ටික කාලයයි.. කාලයකදී මූන බිම ඔබාගෙන හොදට නිදියනවා.. ඇහැරලාත් වට පිට බල බල ඉන්නවා..අඩන්නෙ නැ.. ඉතිං දැං ඔය තියෙන පීඩාව අමතක කරන්න පුංචි ගෑ.නු ලමයො..ඔය කාලය හරි කෙටි එකක්..💜
හැමදාම බෙරිබත හදාගෙන ගේ වටෙ දුවන්න වෙන්නෙ නැ..වැලමිට රිදෙනකම් උස්සගෙන ඉන්න ඕනෙ නැ.. යන්තම් උගුර හැදිලා හනුශක් තිමත් වෙලා කෑම ටික හරියට උගුරෙන් පහලට දා ගන්න තේරෙනකොට එප්‍රන් එකක් දාලා පැදුරක් එලලා කෑම එකත් එක්ක බිමින් තියන්න..ඔයා ලගින් ඉන්න.. කතාවක් කියන්න.එයා ලස්සනට කනවා..මෙ පුංචි කාලෙ ඔය බෙරිබත හරි රහට හදලා ඉවසීමෙන් සතුටින් කවන්න එයාට පුංචි ගෑ.නු ලමයො....ඔය කාලය ආය එන්නෙ නැ..💜
වැක්සින් ගහලා උන එනකොට එයා අඩනකොට එයාට පුංචි පුංචි ලෙඩ එනකොට ඔයාටත් ඇඩෙනව මැ.රෙ.න්න හිතෙනව තමයි පුංචි ගෑ.නු ලමයො..මොනව කරන්නද ශක්තිමත් මනුස්සයෙක් බිහිවෙන්න ප්‍රතිශක්තිය හැදෙන්ණ ඒ දේවල් වෙන්නම ඕනනේ...ඒ කාලය හැමදාම නැ.... ටික කාලයක් යනකොට වේදනාව අපහසු කම් කියන්න එයාලට තේරෙනවා.. එතකොට බය වෙන්න ඕන නැ... දරුවෝ එක්ක එයාලාගෙ පුංචිම කාලය ගෙවද්දි ඒ කාලය ඉවසීමෙන් ආදරෙන් කරැනාවෙන් ගෙවන්න පුංචි ගෑ.නු ලමයො..,💜
පුලුවන් තරම් එයා චූටි කාලෙ එයා ලග ඉන්න බලන්න.යන තැනක අරං යන්න..ගෙවල් හැඩිව තිබුනදෙන්..ඔයා චුට්ටක් මහත් උන දෙන්.. අනිත් හැම දේම මග ඇරැන දෙන්..ඔයාගෙ කාලය හරි ඉක්මනට එනව පුංචි ගෑ.නු ලමයො... ඉතිං සතුටින් ඉන්න....ජිවිතෙ මොන අභියෝග ආවත් ඒවට පවුල රැකගෙන ශක්තිමත්ව මූන දෙන්න පුංචි ගෑ.නු ලමයො... දවසක මනුස්ස ලෝකෙට හොද අම්මෙක් වෙලා පායන්න.. පුංචි ගෑ.නු ලමයො ❤️
✍️ ජනාලි මදුරසිංහ.
උපුටා ගැනීමකි .
දරුවන්ට දැනෙන්න ආදරේ කරන්න ❤️
දරුවන් කියන්නේ මේ ලෝකෙම අනාගතය . බැදීම් ලස්සන කරන හැරවුම් ලක්ශය.😍 ආදරණීය බන්ධනය. එකී මෙකී නොකී හැමදේම දැරුවන්. පුංචිම වයසෙදි එයාලා සුදුපාට කඩදාසියක් වගේ. 🥺හරිම පිරිසිදුයි. ඒ කඩදාසිය ලස්සනට පාට කරන්නේ හෝ අවලස්සන කරන්නේ වැඩිහිටියන් . හිම පියලි වගේ පිරිසිදු නැවුම් පුංචි මනස පොඩ්ඩ පොඩ්ඩ විසෙන් හෝ ගුණෙන් පුරවන්නේ වැඩිහිටියන් . 😯
දරුවන් අහිංසකයි . එයාලා හරි ආසයි අම්මා තාත්තා ළඟ උණුසුම් වෙන්න. උණුසුම ලබන්න . ඒ වගේම අම්මා තාත්තා ආදරෙන් ඉන්න හැටි දකින්න. සංසාර හුරුවට කුසට ආව දවසේ ඉදලා එයාලට ආදරණීය දේවල් දැනෙන්න ඕනී. අම්මා තාත්තා ගෙ ආදරණීය බව විශේශයෙන්ම. එයාලා ආදරෙන් ඉන්න එක තමයි දරුවන්ගේ ලොකුම සතුට.😍
දරුවන්ට දැනෙන්න ආදරේ දෙන්න ඕනී. එයාලට ආදරණීය ස්පර්ශය තරම් බලගතු දෙයක් නැහැ. 🥺 දරුවන් ඉදිරියේ රණ්ඩු වෙනවා නම් රණ්ඩු දකිනවා නම් ඇත්තටම ඔබ දරුවන්ට දෙන ආදරේ අපරාධයක් .😑 අම්මා තාත්තා අතර ගැටුම් වචන හුවමාරු කියන්නේ දරුවන්ට විශාල මානසික පීඩාවක්.දරුවාගේ පුංචි මනස වර්ධනය වෙන අවදියේ නොදැනුවත්ව ම ඔබ දරුවා මානසික කම්පනයක් සහිතව සමාජගත කරන බව නම් නොඅනුමානයි. 🤨
අනේ පුංචි හිත් හරිම මෘදුයි. හරි අහිංසකයි . එයාලට වැරදි ස්පර්ශය හා නිවැරදි ස්පර්ශය කියා දෙන්න. පිටස්තර බැදීම් වල භයානක පැති අවුරුදු 4ක් 5ක් වෙද්දි කියා දෙන්න. ස්වාධීන කරන්න . හොද කශේරුකාවක් සහිතව. පිරිමි දරුවෙක් ද ගැහැණු දරුවෙක් ද අදාල නෑ මානසික රෝගියෙක් නොකර දරුවා ආදරණීය ලෙස ලෝකයට දෙන එකේ ලොකුම වගකීම් තියෙන්නේ අම්මා සහ තාත්තා ට. 👨👩👧👧
එතනින් එහාට හැම වැඩිහියෙක්ම හැම දරුවෙක්ට ආදරණීය විය යුතුමයි. මගේ දරුවා ඔබේ දරුවා ලෙස වෙන් නොකර ආදරණීය වෙනවනම් පුංචි පැටව් ආදරෙන් ලොකු වේවි. 💓 ඔවුන්ට නිතරම දැනෙන්න ආදරේ දෙන්න. ආදරණීය තරවටු , ආදරණීය දඩුවම් පමණක් දෙන්න. හැම මොහොතක්ම අත්දැකීමක් කරන්න. ජීවිතේ ඔවුන්ම ඉගන ගනීවි.🤗
පුංචි දරුවන් එක්ක කරන ගනුදෙනුවෙදි වැදගත් ම දේ ආදරේ .❤️ ආදරේ විතරමයි.
අම්මා තාත්තා රණ්ඩු වෙනවනම් , ඔවුන් නිතරම argument විතරනම් මතක තියා ගන්න කෝටි ගනන් වියදම් කරත් දරුවන්ට ආස දේ දුන්නත් ඔබ නිර්මාණය කරන්නේ මානසික ආතතියෙන් පිරුණු දරුවෙක් බව.🥺 ඔබ මොනවා නොදුන්නත් positive හැගීම් එක්ක අම්මා තාත්තාගේ ශක්තිමත් බැදීම දරුවට කෝටියකට වඩා වටින බව මතක තියා ගන්න. 😍මොකද දරුවන් අනුගමනය කරන්නේ අම්මා තාත්තා විතරමයි. 🥰
පුතෙකු නම් අම්මාට ආකර්ෂණ වෙමින් තාත්තා අනුගමනය කරන්නත් 😊දුවෙකු නම් තාත්තා ට ආකර්ෂණ වෙමින් අම්මා අනුගමනය කරන්නත් පටන් ගන්නේ කුඩාම අවදියේ ඉදලයි. ❤️ඉතිං ආදරණීය බැදිමක් ඔවුන් ආදරණීය ශක්තිමත් වැඩිහිටියන් කරාවි. 🤗
මතක තියා ගන්න දරුවන්ට දැනෙන්න ආදරේ කරන්න .❤️
Sajana perera
Grade 3 English Class
Perfect English Academy - Pallegama
Grade 2 - English Class
Kalukale
Grade 3 English Class
T & T Academy - Kalukale
Grade 1 English Class
Perfect English Academy
Pallegama
Don't look back & ask WHY
Look ahead & ask WHY NOT ❤️
ගෙදර ඉන්න දරැවො එක්ක ගෙදර දේවල් කතා කරන්න....
දරැවො කාමර වල තියලා අම්මයි තාත්තයි තනියම ජීවිතෙ එන ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියොත් දරැවො කවදාවත්ම දන්නෙ නෑ එදිනෙදා ප්‍රශ්නයකට මූන දෙන්නෙ කොහොමද කියලා..ඊට පස්සෙ ප්‍රශ්නයක් ආවම,ගෘප් වල දාලා උත්තර හොයනවා.ඩිප්රෙෂන් හදා ගන්නවා, රැවටෙනවා..
⏬ඔයා පාඩම් කරන්න මම ඒවා බලාගන්නම්
⏬ඔයා කුස්සියට එන්නෙපා එක දෙක කරනවා
⏬මැෂින් එකට රෙදි දාන්න එපා ඔයා දන්නෙ නෑ
⏬අයන් එකට අතපිච්චෙයි අයන් කරන්න එපා
⏬ගෑස් එකට කොන්ඩෙ වැටෙයි ලිප ලගට යන්න එපා
⏬ඔයා අතුගෑවට මට හරියන්නෙ නෑ ඕක මමම කරන්න ඕන.
ලමයි කාමර වලින් එලියට අරං ලග තියාගෙන පුලුවන් වෙලාවට ඔය හැම දේම පරෙස්සමෙන් කරන හැටි කියලා දෙන්න.. කළමනාකරණ කරගන්න හැටි කියලා දෙන්න.. ගෙදර ඇති නැති දේ සහා පිරිමසා ගැනීම ගැන කියලා දෙන්න.වෙලදපොලෙ ආහාර වල මෙන්ම අනෙකුත් දේ වල මිල ගනන් සාකච්ඡා කරන්න...
⏬හාල්වල මිල මේ වගේ..අපි බත් විසි කරන්න හොද නැ..
⏬මස්මාලු මෙ දවස්වල මිල අධිකයි..සතියට කීප වතාවක් පමණක් පරිභෝජනය ගැනීමට මීල් ප්ලෑන් එකක් අපි හදන්න ඕනේ
⏬එළවලු වර්ග කීපයක් සතියකට ගෙනවිත් සොදා පිරිසිදු කර ශීතකරණයෙ තබමු.
මෙ වගෙ පුංචි දේවල් වලින් පටන් ගන්න.. අධ්‍යාපනය වගේම භාහිර දැනුමිනුත් සංවර්ධන උන දරැවෙක් නිර්මාණය කරන්න.කොහෙ ගිහින් විසි උනත් ලස්සනට පැල වෙන්න ජීවිතේ පුහුණු කරන්න.. දෙමව්පියන් අසනිප උනොත් අඩපන උනොත් කොටින්ම මියගියොත් දරැවෙකුගෙ ජීවිතෙ ආත්මශක්තිය,තනිව තමන්ගෙ වැඩ ටික කරගන්න, බතක් මාළුවක් තෙ එකක් හදා ගන්න පුළුවන් විදියට පුහුණු කරන්න
ගෙදර වතුර මීටරය, ලයිට් මීටරය තියන තැන,ටැංකියට වතුර ටික යන විදිය,ෆියුස් ටික තියන විදිය දැනුවත් කරලා තියන්න...
ගේට්ටුව අරින්න ඕන කාටද,තනියම ඉන්න වෙලාවට කවුරු හරි බෙල් කරාම ගෙදරට ආවාම කතා කරන්නෙ පිලි ගන්නෙ ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා දෙන්න..
බව්වා පූසට කෑම ටික දෙන්න ,පුළුවන් නම් එයාලව පිරිසිදු කරන්න එලියට ගියාම කතා කරලා ගෙට ගන්න වත්තට ගන්න කියලා දෙන්න
මොනවා උනත් දවස පුරා සිද්ධ උන හැමහැම දෙයක්ම අම්මා තාත්තා එක්ක කියන්න,තනිව තීරණ ගන්න පුහුණු කරන්න..
දරැවන්ට කිරි එක හදලා දීලා ඔයා කහට බීලා දරැවන්ට දුක හංගන්න එපා..දරැවට බිත්තරය දීලා ඔය දෙන්නා සම්බෝල බත් කන්න එපා..දරැවට බැරි ගානෙ බ්‍රෑන්ඩඩ් දීලා ඔයාලා පෙමන්ට් එකෙ ඇදුම් හොයන්න එපා..හැම දේම දරැවො ලග තියාගෙන එක වගෙ සමානව කරන්න..දුක සැප දෙකම හුරු කරන්න.. ශක්තිමත් ජිවිත වලට හුරැ කරන්න..දවසක ඔයාට නිදහසේ මැරෙන්න හරි පුලුවන්..
✍️ ජනාලි මදුරසිංහ.
😌❤️
End of the busy weekend ❤️😌
But i feel happy & satisfied bcoz i love what i do 💪
HAPPY WEEKEND ❤️
Success is not given it is earned 👑️