Tech Guide LK

Tech Guide LK

Science,
Android, iOS, Windows, Computer related Tips, Tricks, Guide & News

23/12/2022

🔰 Dialog සමාගමෙන් සිය 3G ජාලය වසා දමයි 🔰

4G Broadband සදහා වැඩ වැඩි වර්ණාවලි ධාරිතාවක් ලබා දීම සදහා Dialog 3G network එක වසා දැමූ බව Dialog ආයතනයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙය අපිට බලපාන්නේ කොහොමද?
1. Dialog 4G වල data transfer වේගයේ වැඩි වීමක් වෙන්න පුළුවන්.

2. 3G පමණක් තිබෙන දුරකථන වලින්, Dialog sim පතක් හරහා internet connect වෙන්න බැරි වෙනවා.

3. Airtel, Dialog දෙගොල්ලොම 3G නවත්වලා තිබෙන නිසා ඔයාගේ 3G phone එකෙන් internet connect වෙන්න නම් Mobitel හෝ Hutch වෙත මාරු වෙන්න වෙනවා.

4. 2G Network එකට මොකුත් නොවුණු නිසා Normal calls වලට කිසිම බලපෑමක් වෙන්නේ නෑ. VoLTE active කරගත්තා නම් 4G Signal වලිනුත් call ගන්න පුළුවන්.

මේක එක පාරට කරපු වෙනස් කිරීමක් නෙවෙයි. 2022 ජුනි මාසයේදී Dialog එකෙන් 3G sim දෙන එක නාවත්වුවා. ඒ වෙලාවේ අපි ඔයාලව දැනුවත් කළා මතක ඇති. (https://t.me/TechGuideLKChannel/2057)

Tech Guide LK

25/11/2022

මීළග පරම්පරාවේ PlayStation 6 2028 දී නිකුත් වෙන ලකුණු.

එක්සත් රාජධානියේ තරඟකාරී වෙළඳපල අධිකාරිය විසින් ප්‍රකාශ කළ ලේඛනයකට අනුව මීළග PlayStation 6 gaming console එක 2027 වසර අවසානයේදී හෝ 2028 වසර මුලදී නිකුත් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ PS5 එක තවත් වසර 5 ක් යනකම් පරණ වෙන්නේ නෑ.

මේ ලේඛන නිකුත් වුනේ කොහොමද කියලා බැලුවොත්, Microsoft විසින් Call of Duty අයිති Activision blizzard සමාගම ඩොලර් බිලියන 68.7 කට අත්පත් කරගත්තා. මේ ගනුදෙනුවට විරුද්ධව Sony සමාගම කටයුතු කිරීම නිසයි මේ ලේඛන නිකුත් වෙන්නේ.

මේ ගනුදෙනුව නිසා Sony PlayStation වලට Call of Duty game එක අහිමි වෙනවා. තොරතුරු වලට අනුව මෙය 2027 දී සිදුවෙනවා. ඉන් පසු Call of Duty game එක Microsoft Xbox console වලට විතරක් සීමා වෙනවා.

Tech Guide LK

22/11/2022

Surprise 🫢

Black Adam Digitally නිකුත් වෙයි....

ඇයි මෙච්චර ඉක්මනට digital release කලේ...🤔, බොන්න ඕන ප්‍රශ්නයක්...

Tech Guide LK

18/11/2022

TikTok developer, ByteDance වෙතින් නොමිලේ ලැබෙන ජනප්‍රිය CapCut video editor එක දැන් Windows, Mac සහ Web version ලෙස ලබා ගන්න පුළුවන්.

ඔබට කරන්න තිබෙන්නේ පරිගණකයකින් capcut.com වෙත යාම පමනයි. ඉන් පසු ඔබට CapCut web version එක භාවිතා කරන්නත්, අවශ්‍ය නම් Windows හෝ Mac version එක download කර install කරන්නත් පුළුවන්. Windows සහ Mac Appstore වලින්ද ලබා ගන්න පුළුවන්.



Tech Guide LK

18/11/2022

ලෝකයේ බලවත්ම AI සුපිරි පරිගණකයක් තැනීමට Microsoft සහ Nvidia එක් වෙයි

Generative AI සඳහා වැඩිවන ඉල්ලුම හැසිරවිය හැකි ලොව බලවත්ම AI Supercomputers වලින් එකක් නිර්මාණය කිරීමට Microsoft සමග එකතු වුණු බව Nvidia සමාගම නිවේදනය කළා.

Tech Guide LK

18/11/2022

🔰 iPhone 15 වලට මන්දගාමී USB 2.0 data transfer speed එකක් ලැබෙන ලකුණු 🔰

යුරෝපීය රෙගුලාසි නිසා ඉදිරියේදී Apple උපාංග වලට Apple lightning port වෙනුවට USB Type-C port පැමිණීමට නියමිතයි.

මේ නිසා iPhone 15 series එක Apple lightning port වෙනුවට USB Type-C port සමග නිකුත් වෙන බවට තොරතුරු වාර්තා වෙනවා. මෙහිදී iPhone 15 Pro model සදහා USB-C 3.2 හෝ Thunderbolt 2 data transfer වේගයක් ලැබෙන අතර සාමාන්‍ය iPhone 15 model එක සදහා USB 2.0 data transfer වේගයක් ලැබෙන බව වාර්තා වෙනවා. USB 2.0 වේගය Apple lightning වලට සමාන වුවද, අද කාලයට නම් ගැලපෙන්නේ නැත.

👉 USB 2.0 Data transfer speed - 480Mbps
👉 USB 3.2 Data transfer speed - 5Gbps/ 10Gbps/ 20Gbps
👉 Thunderbolt 2 Data transfer speed - 20Gbps

Tech Guide LK

17/11/2022

🔰Xiaomi MIUI 14 ලාංඡනය නිල වශයෙන් නිවේදනය කරයි🔰

Xiaomi, Redmi, Poco දුරකථන වලට පැමිණීමට නියමිත මීළග ප්‍රධාන OS upgrade එක වන MIUI 14 හි නිල ලාංඡනය අද නිවේදනය කළා.

MIUI 14 නිකුත් වෙන දිනයක් පිළිබද තවම නිවෙදනය කර නොමැති අතර, බොහෝ සිට 2022 වසර අවසන් වීමට ප්‍රථම Xiaomi 13 series එක සමග චීනයට නිකුත් වීමට වැඩි ඉඩක් පවතිනවා.

Tech Guide LK

17/11/2022

🔰DuckDuckGo App Tracking Protection Beta දැන් Android හැමෝටම 🔰

DuckDuckGo App Tracking Protection Beta පහුගිය වසරේ සීමිත පිරිසකට පමනක් නිකුත් කළා. දැන් මෙහි public beta version එක සියලුම Android පරිශීලකයින්ට ලබා ගන්නා පුළුවන්.

DuckDuckGo App Tracking Protection කියන්නේ, Android apps වල තිබෙන 3rd-party trackers block කර අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන tool එකක්. මෙය DuckDuckGo browser එක සමග නොමිලේ ලැබෙන tool එකක්. Browser එකෙන්ම active කරන්න සහ පාලනය කරන්න පුළුවන්.

මේ හා සමාන "App Tracking Transparency" කියලා සේවයක් පහුගිය කාලයේදි Apple සමාගමෙන් iPhone වලට නිකුත් කළා. DuckDuckGo කියන විදියට Apple වල protection එකට වඩා DuckDuckGo protection එක ඉදිරියෙන් සිටිනවා.

App Tracking Protection එක enable කරලා බලන්න. ඔබේ පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමානයක් ඔබටවත් නොදනී වෙනත් අය අතට යන හැටි බලාගන්න පුළුවන්. ඒ වගේම ඒවා block කරන්න ඔබට දැන් පුළුවන්.

DuckDuckGo browser latest version එක Google Playstore හරහා දැන් ලබා ගන්නා පුළුවන්.
ඊට පස්සේ browser settings වලින් App Tracking Protection enable කරගන්න.

Tech Guide LK

21/02/2022

🔰 කාලෙකින් Post එකක් 😊

2022 ජනවාරි මස "Antutu Benchmark V9" වලට අනුව ගෝලීය Android දුරකතන අතරින් හොදම Performance සහිත දුරකතන.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK
Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

06/02/2022

🔰Apple Music නොමිලේ අත්හදා බැලීමේ කාලය අඩු කරයි🔰

🔹 Apple Music හි ආරම්භයේ සිට මේ දක්වා නව සාමාජිකයින්ට නොමිලේ මාස තුනක අත්හදාබැලීමේ කාලයක් ලබා දී තිබුණි. නමුත් මේ සතියේ සිට Apple Music හි නොමිලේ අත්හදාබැලීමේ කාලය මාසයක් දක්වා සීමා කර ඇත.

🔹 මෙම වෙනස එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, ජපානය, ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට පවා අදාළ වෙනවා. අත්හදාබැලීමේ මසක කාල සීමාව අවසන් වූ පසු ඔබ දිගටම Apple Music භාවිතා කරන්නේ නම්, මසකට ₹ 99 (LKR 269) ගෙවිය යුතුය.

🔹 මීට අමතරව නව HomePod Mini, AirPods, හෝ ඕනෑම Beats නිෂ්පාදන මිලදී ගන්නා පුද්ගලයින්ට තවමත් මාස 6ක Apple Music දායකත්වය නොමිලේ ලැබේ.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

06/02/2022

පැයක් ඇතුලත ඩොලර් මිලියන 07 ක්! 😮

Tech Guide LK

06/02/2022

🔰 Samsung Galaxy S22 Series Official 360° Renders!! 🔰

Source - Dohyun Kim
https://vimeo.com/showcase/9251495

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

06/02/2022

🔰 GTA 6 Confirmed! 🔰

🔹 වසර ගණනාවකට පසු Rockstar සමාගම මීලග Grand Theft Auto පරිගණක ක්‍රීඩාව ගැන පළමු නිල නිවේදනය සිදු කළා. නිවේදනයට අනුව මේ වන විට GTA 6 හි අභ්‍යන්තර සංවර්ධන කටයුතු හොදින් සිදුවෙන බව තහවුරු කරනවා.

🔹 මිට පෙර වාර්තා වුනු නිල නොලත් තොරතුරු වලට අනුව GTA 6 නිකුත් කිරීම 2024 හෝ 2025 වසරවලදී සිදු විය හැක. එමෙන්ම එය GTA 5 වලට වඩා කුඩා වන අතර ඉදිරි Updates මගින් සංවර්ධනය කිරීම සිදු කරනවා.

🔹 ඒ වගේම GTA 5/ GTA Online හි PS5 සහ Xbox Series S/X සදහා මාර්තු 15 නිකුත් වන update එක මගින්,
New Graphics modes with
- up to 4K
- up to 60FPS
- Texture and draw distance upgrade
- HDR & ray-tracing
- Fast loading
- 3D audio
- Haptic feedback සහ තවත් දෑ ලබා දෙනවා.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

04/02/2022

🔰 Redmi Note 11 vs Redmi Note 10 🔰

Upgrade වුනාට පාඩු නෑ😏.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

04/02/2022

🔰 ඉදිරියේදි Google Drive WhatsApp Backup සදහා මුදල් ගෙවීමට සිදු වෙයි! 🔰

🔹 මෙතෙක් කාලයක් ඔයාලා Google Drive upload කරන WhatsApp backup වලට Google drive space එක ගණනය වුණේ නෑ. ඔබ කොපමණ backup කලද ඔබට නොමිලේ ලබාදෙන 15GB ඉඩ අඩු වුණේ නෑ.

🔹 නමුත් WhatsApp beta info වලට අනුව ඉදිරියේදි WhatsApp backup සදහා Google Drive හි ඉඩ ගණනය කරනවා. ඒ කියන්නේ ඔබ backup කරන විට ඒ ඉඩ ඔබට ලබා දෙන 15GB ඉඩෙන් අඩු වෙනවා. 15GB අවසන් වූ පසු ඔබට තව backup කිරීමට ඉඩ මිලදී ගැනීමට සිදු වෙනවා.

🔹 වාර්තා වෙන තොරතුරු අනුව WhatsApp backup හි පළමු 2GB සදහා ඉඩ ගණනය නොවන අතර, ඉන් පසු upload කරන backup සදහා ගන්නය වෙනවා. (ඔබේ backup එකෙහි size එක 6GB නම්, 4GB ඉඩක් ඔබේ space එකෙන් අරගන්නවා.)

🔹 මේ නිසාම backup manage කරගැනීමට නව පහසුකමක් WhatsApp වෙත ඉදිරියේදි පැමිණෙනවා.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

Photos from Tech Guide LK's post 03/02/2022

🔰අලුත් වෙන YouTube 😇🔰

මේ දිනවල YouTube විසින් අලුත් UI එකක් ලබා දෙමින් පවතිනවා. ඔයාටත් මේ update එක දිලාද බලන්න, update check කරලා බලන්න.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

03/02/2022

🔰iMassage reactions, Google Message වෙතත්🔰

Google Message හි නවතම beta update එක මගින්, Apple iMassage හි reaction පෙන්වීමේ පහසුකම ලබා දී තිබෙනවා. මෙහිදි Apple දුරකතනයකින් යම් message එකකට react කළ විට ඊට සමාන emoji reaction එකක් Google Message පෙන්වනවා.

තවමත් beta මට්ටමේ තිබෙන මෙය Stable update එකක් ලෙස පැමිණෙන දවසක් නිශ්චිතව පවසා නෑ.

Google beta හා සම්බන්ධ වී දැන් මෙම පහසුකම ඔබට ලබා ගන්නා පුළුවන්. නැතහොත් නවතම beta APK file එක install කිරීමෙන්ද මෙම පහසුකම ඔබට ලබා ගන්නා පුළුවන්.

Beta app එක install කල පසු Settings > Advanced > Show iPhone reactions වෙත ගොස් ඔබට මෙම පහසුකම සක්‍රීය කර ගන්න පුළුවන්.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

Photos from Tech Guide LK's post 02/02/2022

ඔන්න WhatsApp ආයතනයෙන් ළගදීම WhatsApp වලට Message Reaction ලබා දෙන්න යන්නේ. මේක Android වගේම iOS සදහාත් ලබා දෙනවා.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

Photos from Tech Guide LK's post 01/02/2022

🔰පෙබරවාරි මාසයේදී Oppo දුරකථන සදහා Android 12 පාදක වුණු ColourOS 12 නිකුත් කරන ආකාරය 🔰

📌ColorOS 12 Beta පැමිණෙන දුරකථන

පෙබරවාරි 22 සිට
- Oppo Reno 5F
- Oppo Reno 4F
- Oppo F19 Pro
- Oppo F17 Pro

පෙබර්වරි 28 සිට
- Oppo Reno 4 Pro
- Oppo Reno 4

📌ColourOS 12 Stable පැමිණෙන දුරකථන

- Find X3 Pro 5G
- Find X2 Pro
- Find X2 Pro Automobili Lamborghini Edition
- Oppo Find X2
- Oppo Reno6 Pro 5G
- Oppo Reno6 Pro 5G Diwali Edition
- Oppo Reno6 5G
- Oppo Reno6
- Oppo Reno6 Z 5G
- Oppo Reno5 Pro 5G
- Oppo Reno5 5G
- Oppo Reno5 Pro
- Oppo Reno5 Z 5G
- Oppo Reno5
- Oppo Reno5 Marvel Edition
- Oppo F19 Pro+
- Oppo A74 5G
- Oppo A73 5G
- Oppo A54 5G

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

Photos from Tech Guide LK's post 01/02/2022

🔰Official marketing images of Galaxy S22 Ultra has been leaked 🔰

ඉදිරියේදි පැමිණීමට නියමිත නවතම Samsung Flagship එකක් වන Samsung Galaxy S22 Ultra හි marketing images අන්තර්ජාලයට leak වෙලා තියෙනවා. පිස්සු නේද 😍

Source - evleaks

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

01/02/2022

🔰සක්‍රීය Apple devices බිලියන 1.8ක්!🔰

🔹Apple ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් හෙළි කළේ Apple සතුව දැන් ක්‍රියාකාරී උපාංග බිලියන 1.8 ක් ඇති බවයි. මෙම අගය 2020 ජනවාරි වන විට බිලියන 1.5 ක් සහ 2021 ජනවාරි මස වන විට බිලියන 1.6 ක් ලෙස වාර්තා විය.

🔹Apple විසින් මෙම ගණනය කිරීම කරන්නේ, දින 90ක් තුළ Apple සේවා වෙත සම්බන්ධව සිටි Apple device මගිනි. එම නිසා මෙම බිලියන 1.8 ට විවිධ Apple devices අදාල වෙනවා (iPhone, iPad, Mac,...).

🔹මෙලෙස Apple බිලියන 1.8 ක සක්‍රීය උපාංග කඩඉම පසුකරන විට, Google දෙසින් වාර්තා වෙන්නේ 2021 වසර වන විට Google Play Store වෙත ප්‍රවේශ වන Android උපාංග බිලියන 3 කට අධිකව ඇති බවයි. Google Play Store භාවිතා නොකරන Android උපාංග සමග මෙම අගය මීට වඩා වැඩිය. ඒ වගේම 2022 ජනවාරි මස Microsoft වාර්තා කලේ, Windows 10 සහ Windows 11 භාවිතා කරන උපාංග බිලියන 1.4ක් සක්‍රීයව ඇති බවයි. මෙහිදී Xbox One සහ Xbox Series X / S උපංග Windows 10 ලෙස සලකා ඇත.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK
Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

01/02/2022

Tech Guide LK

01/02/2022

🔰ගෝලීය Redmi Note 11 series එක නිකුත් කරයි🔰

මෙවර ගෝලීය Redmi Note 11 series එක සදහා දුරකථන 4ක් නිකුත් කිරීමට Xiaomi සමාගම කටයුතු කළා.

- Redmi Note 11
- Redmi Note 11s
- Redmi Note 11 Pro 4G
- Redmi Note 11 Pro 5G

📌 Redmi Note 11 Specifications & Prices

- 6.Mi+43", AMOLED, 90Hz, 700 nits, 1000 nits
- Corning Gorilla Glass 3
- IP 53 dust and splash protection
- 179g weight
- Android 11, MIUI 13
- Snapdragon 680 4G (6 nm) SOC
- Adreno 610 GPU
- UFS 2.2 Storage
Main camera
- 50 MP, f/1.8, 26mm (wide), PDAF
- 8 MP, f/2.2, 118˚ (ultrawide)
- 2 MP, f/2.4, (macro)
- 2 MP, f/2.4, (depth)
Selfie camera
- 13 MP, f/2.4, (wide)
- Stereo Speakers
- Bluetooth 5.0, NFC, Infrared
- USB Type-C 2.0, OTG
- Side-mounted Fingerprint
- Li-Po 5000 mAh (33W) Battery

- 4GB+64GB $179 (~LKR 36,000)
- 4GB+128GB $199 (~LKR 40,000)
- 6GB+128GB $229 (~LKR 46,000)

📌 Redmi Note 11s Specifications & Prices

- 6.43", AMOLED, 90Hz, 700 nits, 1000 nits
- Corning Gorilla Glass 3
- IP 53 dust and splash protection
- 179g weight
- Android 11, MIUI 13
- Mediatek Helio G96 (12 nm) SOC
- Mali-G57 MC2 GPU
- UFS 2.2 Storage
Main camera
- 108 MP, f/1.9, 26mm (wide), 1/1.52", 0.7µm, dual pixel PDAF
- 8 MP, f/2.2, 118˚ (ultrawide)
- 2 MP, f/2.4, (macro)
- 2 MP, f/2.4, (depth)
Selfie camera
- 16 MP, f/2.4, (wide)
- Stereo Speakers
- Bluetooth 5.0, NFC, Infrared
- USB Type-C 2.0, OTG
- Side-mounted Fingerprint
- Li-Po 5000 mAh (33W) Battery

- 6GB+64GB $249 (~LKR 50,000)
- 6GB+128GB $279 (~LKR 56,000)
- 8GB+128GB $299 (~LKR 60,000)

📌 Redmi Note 11 Pro 4G Specifications & Prices

- 6.67", Super AMOLED, 120Hz, HDR10, 700 nits, 1200 nits (peak)
- Corning Gorilla Glass 5
- IP 53 dust and splash protection
- 202g weight
- Android 11, MIUI 13
- Mediatek Helio G96 (12 nm) SOC
- Mali-G57 MC2 GPU
- UFS 2.2 Storage
Main camera
- 108 MP, f/1.9, 26mm (wide), 1/1.52", 0.7µm, dual pixel PDAF
- 8 MP, f/2.2, 118˚ (ultrawide)
- 2 MP, f/2.4, (macro)
- 2 MP, f/2.4, (depth)
Selfie camera
- 16 MP, f/2.4, (wide)
- Stereo Speakers
- Bluetooth 5.1, NFC, Infrared
- USB Type-C 2.0, OTG
- Side-mounted Fingerprint
- Li-Po 5000 mAh (67W) Battery

- 6GB+64rGB $299 (~LKR 60,000)
- 6GB+128GB $329 (~LKR 66,000)
- 8GB+128GB $349 (~LKR 70,000)

📌 Redmi Note 11 Pro 5G Specifications & Prices

- 6.67", Super AMOLED, 120Hz, HDR10, 700 nits, 1200 nits (peak)
- Corning Gorilla Glass 5
- IP 53 dust and splash protection
- 202g weight
- Android 11, MIUI 13
- Snapdragon 695 5G (6 nm) SOC
- Adreno 619 GPU
- UFS 2.2 Storage
Main camera
- 108 MP, f/1.9, 26mm (wide), 1/1.52", 0.7µm, dual pixel PDAF
- 8 MP, f/2.2, 118˚ (ultrawide)
- 2 MP, f/2.4, (macro)
Selfie camera
- 16 MP, f/2.4, (wide)
- Stereo Speakers
- Bluetooth 5.1, NFC, Infrared
- USB Type-C 2.0, OTG
- Side-mounted Fingerprint
- Li-Po 5000 mAh (67W) Battery

- 6GB+64rGB $329 (~LKR 66,000)
- 6GB+128GB $349 (~LKR 70,000)
- 8GB+128GB $379 (~LKR 76,000)

සෑහීමට පත් වෙන්න පුළුවන්ද? 🤔

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK
Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

01/02/2022

🔰Apple විසින් ලැයිස්තුගත නොකළ Apps, App Store වෙත එක් කිරීමට කටයුතු කරයි🔰

🔹 ඉදිරියේදි Apple App Store වෙත ලැයිස්තු ගත නොකළ Apps එක් කිරීමේ හැකියාව ලබා දීමට Apple සමාගම කටයුතු කරනවා. මෙම Apps Search කර ලබා ගැනීමට නොහැකි අතර Apps සොයාගත හැකි වන්නේ Direct link මගින් පමණි.

🔹 මෙසේ ලැයිස්තු ගත කළ Apps,
- Apps සොයාගත හැක්කේ Direct link මගින් පමණි. App එකෙහි link එක තිබේනම් පමණි ඔබට ඒ App එක පෙන්වන්නේ සහ download කල හැකි වන්නේ.
- සීමිත පිරිසකට පමණක් App එක ලබා ගැනීමට හැකිය. (special event, members of an organization, research study participants, or a specific group of employees)

🔹 Application එක ලැයිස්තුගත නොකළ බවට පත් කිරීමට සහ direct link ලබා ගැනීමට, සංවර්ධකයින් පළමුව Apple වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි.

🔹 Android හි පහසුවෙන්ම APK install කළා හැකි නිසා මෙවැනි පොඩි කණ්ඩායම් වලට පමණක් නිර්මාණය කළ Apps මෙතෙක් කාලයක් Android වලට පමණක් සීමා විය. නමුත් දැන් මෙම පහසුකම මගින් Apple උපාංග වලටත් මෙවැනි Apps නිර්මාණය කළ හැකිය.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

26/01/2022

🔰Android සිට iOS වෙත WhatsApp Chat History Share කිරීමේ හැකියාව ළගදීම🔰

🔹 WhatsApp beta for iOS Version 22.2.74 update එක මගින්, ඔබේ chat history එක Android සිට iOS වෙත move කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

🔹 මීට පෙර ඔබ Android දුරකථනයක සිට Apple දුරකතනයක් වෙත මාරු වෙන විට WhatsApp chat history එක නව Apple දුරකතනය වෙත ගෙන යාමේ ක්‍රමයක් තිබුණේ නෑ. ඔබට අලුතින් මුල සිට chat ආරම්භ කිරීමට සිදු වුණා. නමුත් ඉදිරි update මගින් මේ ගැටලුව නිරාකරණය වෙනවා.

🔹 Apple දුරකථනයක සිට Android දුරකථන වෙත WhatsApp chat history share කිරීමේ හැකියාව බොහොම සීමිත දුරකථන කිහිපයකට පමණක් ලබා දී තිබෙනවා.

🔹 මේ සදහා ඔබට "Move to iOS" app එක අවශ්‍ය වෙනවා. මෙම app එක මගින් cable එකක් හෝ WiFi සබදතාවක් මගින් පහසුවෙන්ම Android දුරකථනයක සිට Apple දුරකථන වෙත WhatsApp chat history move කිරීමට පුළුවන්.

🔹 මෙලෙසම Apple දුරක්තනයක සිට Samsung, Pixel හෝ ඕනම Android 12 ධාවනය වන දුරකතනයක් වෙතද WhatsApp history move කිරීමේ හැකියාව දැනටමත් තිබේ.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK
Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

20/01/2022

🔰ලංකාවට නිල වශයෙන් නිකුත් කළා 😇🔰

8GB+256GB - Rs. 129,999

Tech Guide LK

🔰Xiaomi 11T Pro 5G Announced🔰

📌Specs
•6.67" FHD+ AMOLED, Dolby Vision, 1B colors, 120Hz, HDR10+, 800 nits (typ), 1000 nits (peak) Display
•Snapdragon 888 SoC (5nm)
•Android 11 / MIUI 12.5
•108+8+5MP Triple Cam
•16MP Selfie
•8K, 4K, 1080p, HDR10+ Video
•IP53, dust and splash protection
•Corning Gorilla Glass Victus
•128GB 8GB, 256GB 8GB, 256GB 12GB / UFS 3.1
•S-M Fingerprint
•NFC / WiFi 6
•Dolby atmos
•5000mAh battery (120W FC)

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

20/01/2022

🔰ලංකාවට නිල වශයෙන් නිකුත් කළා 😇🔰

8GB+128GB - Rs. 99,999
8GB+256GB - Rs. 105,999

Tech Guide LK

🔰Xiaomi 11T 5G Announced🔰

📌Specs

•6.67" FHD+, AMOLED, 1B colors,120Hz, HDR10+, 800 nits (typ), 1000 nits (peak) Display
•Mediatek Dimensity 1200 SOC
•Android 11 / MIUI 12.5
•108+8+5MP Triple Cam
•16MP Selfie
•128GB 8GB, 256GB 8GB
•UFS 3.1
•S-M Fingerprint Scr
•NFC / WiFi 6
•Dolby atmos
•5000mAh battery (67W FC)
•IP53
•Corning Gorilla Glass Victus

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

20/01/2022

🔰 අවුරුදු ගානකට පසු Realme Pro series එකට SOC upgrade එකක්. 😍 🔰

නිකුත් වීමට නියමිත Realme 9 Pro සමග Snapdragon 695 5G SOC එක පැමිණෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කාලයකට පසු Realme Pro දුරකථනයක SOC එක අලුත් වෙනවා.

1. Realme 6 Pro Snapdragon 720G 4G
2. Realme 7 Pro Snapdragon 720G 4G
3. Realme 8 Pro Snapdragon 720G 4G
4. Realme 9 Pro Snapdragon 695 5G

මෙය තවම Official තහවුරු කර නෑ.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

20/01/2022

මේ වන විට අන්තර්ජාලයට leak වි තිබෙන Redmi Note 11 Pro Product Videos...

Tech Guide LK

20/01/2022

🔰Google Play Games for Windows PC, beta testing වලට❗🔰

🔹 දකුණු කොරියාව, හොංකොං සහ තායිවානය යන රටවලට Google Play Games for PC Beta හදුන්වාදෙන බව Google සමාගම ප්‍රකාශ කරනවා. ඒ අනුව නොබෝ කාලයකින් ඔබට ඉතාමත් පහසුවෙන් ඔබේ Windows PC එකෙහි Android Games play කිරීමට පුළුවන්.

🔹 Google Play Games for Windows මගින් ඔබට ඉතා පහසුවෙන් Android සහ Windows සම්බන්ධතාව මගින් ඔබට games play කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය වැනි වෙනත් උපාංගයකින් ඔවුන්ගේ පරිගණකයට මාරු වන විට ඔවුන් නතර කළ ස්ථානයෙන් game එක ආරම්භ කරන්න පුළුවන් වෙනවා

🔹 දැනට Beta හරහා "Mobile Legends: Bang Bang", "Summoners War", "Sate of Survival: The Joker Collaboration" සහ "Three Kingdoms Tactic" වැනි ජනප්‍රිය Mobile Games සමග Games 25 ට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට හැකි වෙනවා.

✅මේ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. 😊 Tech Guide LK

Telegram Channel - https://t.me/TechGuideLKChannel
Telegram Group - https://t.me/techguidelk

Videos (show all)

මේ වන විට අන්තර්ජාලයට leak වි තිබෙන Redmi Note 11 Pro Product Videos...Tech Guide LK
Android iPhone Coming Soon❗Vivo එයාලගේ අලුත්ම OS එක ළගදීම එළිදක්වනවා. මේක නම් කරලා තියෙන්නේ OriginOS Ocean නමින්. පෙනුම ...
නිවැරදි තොරතුරු ලබා නේදෙන්නේ යයි පවසමින්, ලන්ඩනයේ Covid19 එන්නත් විරෝධී විරෝධතාකරුවන් පංක්‍රස් චතුරශ්‍රය පිහිටි Google ම...
Mi Mix 4 OLED Flexible Display
🔰LG Filed Patent of a Rollable OLED TV with Side Rolling Screen🔰✅මෙ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල ...
Anonymous හැකර් වරු Elon Musk හට අනතරු අඟවයි
Huawei P50 Series Official Promo⚡#Huawei#P50#TechGuideLK
HONOR 50 Series Finally Gets an Official Launch Date!🙃#Honor#Huawei#TechGuideLK

Website