ලෝක ඉතිහාසය World History

ලෝක ඉතිහාසය World History

ලෝක ඉතිහාසය ගැන තොරතුරු දැන ගන්න, බෙදා ගන්න

02/03/2024

Watch Prof. Raj Somadeva; one of the greatest archeologists' logical and historical explanations over the History of Sri Lanka

https://www.youtube.com//videos

24/12/2023

Unique Gesture,
Unique Voice

Photos from ලෝක ඉතිහාසය World History's post 11/12/2023

අදුනනවද?
අපගේ ළමා කාලයට රසවත් සහ අර්ථවත් අදටත් අමතක කල නොහැකි ටෙලි කතා මාලාවන් දායද කල පුද්ගලයන් දෙදෙනෙක්

04/09/2023

ලෝකයේ ඉතිහාසය ගැන තොරතුරු දැන ගන්නව වගේම උපන් රට වුණු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැනත් දැනගැනීම අපි හැම කෙනෙක්ගෙම වගකීමක්. ලංකා ඉතිහාසය දැනගන්න තියෙන හොඳම පොතක් තමයි මහාවංශය කියන්නේ. මහාවංශය නොකියපු ශ්‍රී ලාංකිකයෙක් වෙලා වැඩක් නෑ. අතිශෝක්තීන් ඇතුලත් වුනත් හෙළ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය මහාවංශයයි.

ආගම වෙලඳ භාණ්ඩයක් කරගත්තෙ හා දේශපාලනය දූෂිත නොවුනානම් අද මේ රට කොතනක තියේවිද කියල අමුතුවෙන් කියන්නට ඕනේ නෑ.
රටට ඇත්තටම ආදරේ මනුස්සයෙක් නම් ජීවත් වීමත් එපා වෙන මේ වගේ කාලයක දේශාභිමානී ගීතයක් අහන්න. කොයිම වෙලාවකවත් උපන් රට හෙළාදකින්නෙපා. වර්තමානයට හේතුව රටේ නොව මිනිස්සුන්ගෙ වැරද්ද කියල තේරුම් ගන්න. ඒ වැරදි නිවැරදි කරගන්න තනි තනිව හෝ ක්‍රියාකරන්න. දේශාභිමානී ගීයක් ඉස්සරම අහද්දි නොදැනුනු, නොහැගුණු දේශප්‍රේමිත්වයකුයි හිත සසල කරවන කම්පාවකුයි එනව කියන්නෙ ඔබ සැබෑ ලාංකිකයෙක්.

Photos from ලෝක ඉතිහාසය World History's post 03/09/2023

- Sir Oswald Mosely -
බ්‍රිතාන්‍යයේ හිටපු දේශපාලඥයෙකු හා බ්‍රිතාන්‍ය ෆැසිස්ට් සංගමයේ පුරෝගාමියා.

විශාල ජනතා ආකර්ෂණයක් සහිතව තම ෆැසිස්ට් ව්‍යාපාරය දියත් කල මුත් 1939 වන විට යුරෝපය තුල නැගී ආ ෆැසිස්ට්වාදි යුද්ධාකල්පත් මොස්ලිගේ බි්‍රතාන්‍ය ෆැසිස්ට් සංගමයේ ප්‍රචණ්ඩත්වයත් නිසා ලෝක යුද්ධය අවසන් වන තෙක් නිවාස අඩස්සියට පත් වූ අතර 1980 වසරේ මියෙන තෙක්ම නැවත සක්‍රීය දේශපාලනයේ යෙදීමට අපහොසත් විය. ෆැසිස්ට්වාදය තෝරා නොගත්තානම් බ්‍රිතාන්‍ය අගමැති පදවියට චර්චිල් සමග කරට කර තරග කිරීමට සිටි හා ජය ලැබීමට විශාලතම ඉඩකඩක් තිබූ පුද්ගලයා වන්නේත් මොහුමයි.
Peaky Blinders කතාමාලාවට ප්‍රියයන්ට මෙම චරිතය අමතක නැති බව නොඅනුමානයි

Photos from ලෝක ඉතිහාසය World History's post 02/09/2023

අහම්බයකින් දුටු ඡායාරූපයක් හේතුවෙන් තැබීමට සිතුනු සටහනක්....

ජීවිතයේ සැදෑ සමය ගෙවන සැමටත්, සම්භාව්‍ය සාහිත්‍යයට ප්‍රිය තරුණ පරම්පරාවේ බොහොමයකටත් හුරුපුරුදු එනමුදු බහුතරයකට අමතක, නොදන්න, ඇන්ටන් චෙකොෆ්ගේ les miserable මනුතාපය ලෙස සිංහලට පරිවර්තනය කල, කෘෂිකර්මය විශයක් ලෙස අධ්‍යාපනයට එක්කල, තාක්ෂණික හා ප්‍රයෝගික අධ්‍යාපනය පුලුල් කල එහෙත් අධ්‍යාපනයටම ප්‍රතිසංස්කරණයන් එක්කිරීමට ගොස් 1970දී ස්වකීය දේශපාලන දිවිසැරියත් 1971 දී ස්වකීය දිවිසැරියත් නිමකල හිටපු අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය, ඉමියා මුදියන්සේලාගේ රෆායෙල් අභයවංස ඊරියගොල්ල හෙවත් IMRA ඊරියගොල්ල

15/08/2023

Che සහ Barbie

විප්ලවීය නායක චේ ගුවේරා නොහදුනන කෙනෙක් නැති තරම්. පහත දැක්වෙන්නේ 1964 වසරේ අසාර්ථක වූ බොලිවියානු විප්ලවයෙන් පසු බොලිවියානු රාජ්‍ය හමුදාභාරයට පත් වූ චේ ගුවේරායි.

චේ අතරට ආ බාබි කවුද?
මේ බාබි(Kalus Barbie) යනු vichy France හෙවත් නාසිපාලනයට නතු වූ ප්‍රංශයේ ලියොන් (Lyon) කලාපයේ නාසි රහස් පොලිස් (Gestapo) ප්‍රධානියායි. ඔහු එවකට යුදෙව්වන් හා ප්‍රංශ නාසි විරෝධීන්ට අත්කර දුන් දරුණු වධ බන්ධන නිසාම ලියොන්හි මස් මරන්නා ලෙස ප්‍රසිද්ධව සිටියා. නාසි ජර්මනියේ පරාජයෙන් පසු ලතින් ඇමරිකාවට පලා ගිය තවත් ඉහල පෙලේ නාසි නිලධාරියෙක් ලෙසත් Klaus Barbie හදුන්වා දිය හැකියි. එසේ පැන ගිය පසු මොහු ඇමෙරිකාවේ CIA, ආජන්ටිනාවේ ජුවාන් පෙරොන් යටතේ විවිධ මෙහෙයුම් වලට සම්බන්ධවූවා. එසේ සම්බන්ධ වූ හා මෙහෙයවූ වැදගත්ම මෙහෙයුමක් ලෙස බොලිවියානු සමාජවාදි කැරල්ල මර්ධනය පෙන්වා දිය හැකියි. එනම් චේ ගුවේරා දඩයමේ තිරය පිටුපස සිට විශාලම රාජකාරිය කල චේ ගුවේරාගේ ඉරණම්කරුයි Klaus Barbie.

Photos from ලෝක ඉතිහාසය World History's post 08/05/2023

හිට්ලර්ගේ සියදිවි නසා ගැනීමත් සමගම යුරෝපය තුල ලෝක යුද්ධය අවසන් වී අදට වසර 78යි

V-E Day

78 years to the end of WW2
8th May, 1945

05/05/2023

වසර අසූවකට පසු ක්‍රෙම්ලින් මන්දිරයට ගුවන් ප්‍රහාරයක්.

ඊයේ (මැයි 3) රුසියානු ජනපති නිවස්නය වන ක්‍රෙම්ලින් මන්දිරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූවා. කෙසේ වෙතත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර දෙකම සාර්ථකව මැඩ පැවත්වූවත් ගිනිගෙන දැවුනු ඩ්‍රෝන යානවක් කඩාවැටී ක්‍රෙම්ලින් මන්දිරයේ සෙනට් ගොඩනැගිල්ලේ වහලයට සුලු හානි වී තිබුනා.
අවසන් වරට ක්‍රෙම්ලින් මන්දිරයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇත්තෙ බාබරෝසා මෙහෙයුම යටතේ එවකට සෝවියට් සමූහාණ්ඩුව ආක්‍රමණය කල හිට්ලර්ගේ නාසි හමුදාවෙන්. ඒ 1942 වසරේ මාර්තු 29 වනදා අධිබලැති නාසි ගුවන් ප්‍රහාරක බෝම්බයක් මගින්.

Couple of drones attacked the Kremlin

Yesterday (May 3rd) Kremlin was attacked by suicidal drones led by Ukrainian AF. Anyway both dromes were shot by the Russian elctronic air defense system while a burning drone had caused burned patches on Kremlin's senate building roof.
Last time the Kremlin was attacked from the air was by N**i army under the operation Barbarosa on March 29th, 1942 through a high-explosive n**i aerial bomb.

30/04/2023

පිහියෙන් ඇන, වෙඩි තබා, වස දීත් මැරිය නොහැකි වූ රස්පුටින්.
1916 දී අසාර්ථක වූ විදි ගණනාවකින් පසු රුසියානු රජ පවුලේ ළගම සගයකු වූ ග්‍රිගොරි රස්පුටින්ව දියේ ගිල්වා ශරීරය කෑලි කෑලි කොට මරා දමන ලදී

25/04/2023

පණපිටින් වැලලූ මහා ඇලෙක්සැන්ඩර්

මැසිඩෝනියානු අධිරාජ්‍යය උතුරු ඉන්දියාව තෙක් විහිදවූ මහා ඇලෙක්සැන්ඩර් වයස 33දී රෝගාතුරුව ක්‍රි.පූ.323 දී අකාලයේ මිය ගියේය. නමුත් නවතම සොයාගැනීම්වලට අනුව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට ස්නායු රෝගයක් වැලඳීම හේතුවෙන් මාංශපේශි අකර්මන්‍ය වී හුස්ම ගැනීම අතපය චලනය කිරීම වැනි දේ කරගැනීමට නොහැකිව සහ වෙදදුරන්ට ඔහුගේ චලනය සොයා ගැනීමට නොහැකිව මරණයට පත් වූ බව නිගමනය කොට වලලා දමා ඇත. නමුත් වත්මන් සැකයට අනුව ඔහු සත්‍ය වශයෙන්ම මිය ගොස් නොමැතිව හැගීම් දැනීම් සහිතව මිහිදන් වී ඇත.

Photos from ලෝක ඉතිහාසය World History's post 15/04/2023

රුසියාව සහ වොඩ්කා අතර ඇත්තේ වෙන්කල නොහැකි බැදීමකි.
නමුත් 1945 දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් ජයග්‍රහණයකින් කෙලවර කල බව එකල සෝවියට් සමූහාණ්ඩුවේ නායක ජෝෂප් ස්ටාලින් ජාතිය අමතා පවසා පැය 22ක් ගතවූ විට මුලු සෝවියට් දේශයේම වොඩ්කා අවසන් වී ඇත. ඒ ජය සැමරුම් සඳහා යොදා ගැනීම නිසාවෙනි.

Photos from ලෝක ඉතිහාසය World History's post 14/04/2023

අවදි කරන්නෝ :Knocker Uppers
බ්‍රිතාන්‍යය, අයර්ලන්තය හා නෙදර්ලන්තය වැනි රටවල 1970 දශකය පමණ වන තෙක්ම උදෑසන දොරවල් හා ජනෙල්වලට තට්ටු කොට ගෙහිමියන් අවදි කරවීමට යොදවා සිටි පුද්ගලයන් මෙනමින් හැදින්විය.
කාර්මික විප්ලවයත් සමග මොවුන්ගෙ රැකියාව ඉස්මතු වී ආ අතර එලාම් ඔරලෝසුවල කාර්යක්ෂමතාව පිලිබදව සහ එලාම් ඔරලෝසු නාදයට අවදි නොවීම හේතුවෙන් මොවුන් එකල වැසියන්ට ප්‍රයෝජනවත් විය.
දිගු දණ්ඩ සහ මිටිය ඔවුන්ගේ ආම්පන්න ලෙස භාවිතා විය.

Photos from ලෝක ඉතිහාසය World History's post 12/04/2023

ලින්කන්ගෙ රෙස්ලින් වාර්තාව

ඇමරිකානු හිටපු ජනපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් දේශපාලනයට පිවිසීමට පෙර අසහාය රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධව සිට ඇත.
අඩි 6 අගල් 4 උසකින් යුත් ඔහු ඉලිනොයිස් (Illinois) ප්‍රාන්තයේ රෙස්ලින් තරග 300ක් ජයගත් එක තරගයක් පමණක් පරාජය වුනු අසහාය වාර්තාවකට හිමිකම් කියයි

10/04/2023

1912 සිට 1952 දක්වා වූ ඔලිම්පික් උළෙලයන්හි සාහිත්‍යය, ගෘහනිර්මාණ ශිල්පය, සංගීතය සහ මූර්ති යන ලලිත කලා සඳහා පදක්කම් පිරිනමා ඇත.
ඒ සඳහා වූ කොන්දේසියක් වූයේ ඉදිරිපත් කරනු ලබන සියලු ලලිත කලාවන් ඔලිම්පික් ක්‍රීඩා නිරූපණය කල යුතුයි යන්නයි.

In 1912 to 1952 olympics, medals were awarded for fine arts including literature, architecture, music, painting and sculpture.
But all these fine arts had to address olympic games as a condition.

Photos from ලෝක ඉතිහාසය World History's post 09/04/2023

වසර 300කට අධික රුසියානු සාර් රජ පෙලපතත් රොමනව් වංශයත් අවසන් කරමින් 1918 වසරේදී දෙවැනි නිකොලොස් සහ ඔහුගේ පවුල බොල්ෂෙවික්වරුන් විසින් ඝාතනය කරන ලදී.
ඝාතනය අවස්තාවත් ඝාතනයෙන් පසු එම ස්ථානයෙ සැබෑ ඡායාරූපයකුත් පහත දැක්වේ.

Tsar Nicholas ii and his family were arrested by Bolsheviks in 1917. On July 17, 1918 tsar and his family were executed ending 300+ years of Romanov dynasty as well as tsarism; one of the Europe's oldest dynasties.
Below attached an illustration during the ex*****on and the real photograph of the place after the ex*****on.

09/04/2023

හාවුන්ට පැරදුනු නැපෝලියන්

ප්‍රංශයේ ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් වරක් තම සෙබලුන් සමග හාවුන් දඩයමේ ගොස් ඇත. වනයේ හාවුන් දඩයම් කිරීම අපහසු බැවින් ඔහු විසින් ගොවිපලවල්වල ඇති කරන ලද හාවුන්ව දඩයමට පෙර වනයට මුදා හරින්නට අණකොට ඇත. නමුත් හාවුන් කූඩු වලින් මුදා හැරි විගස ඔවුන් අසල සිටි නැපෝලියන් වෙත කඩා පැන ඇත්තේ තම අවිය හෝ හාවුන්ට එරෙහිව යොදවා ගන්නට තරම්වත් ඉඩක් නැපෝලියන්ට නොතබමිණි. සෙසු සෙබලුන් පසුව හාවුන් පන්නා දමා නැපෝලියන්ව මුදා ගෙන ඇත.

08/04/2023

රෝමානු කාන්තා ග්ලැඩියේටර්වරියන් - Gladiatrices (singular : Gladiatrix)

රෝමය සහ ග්ලැඩියේටර්වරුන් අතර සම්බන්ධය කුඩා දරුවෙක්ගෙ පටන් සිල්ලන්ම දන්නා කරුණකි.
නමුත් රෝමයේ ගැහැණු ග්ලැඩියේටර්වරියන් සිටි බව ඔබ දැන සිටියාද?
රෝමානු ඉතිහාසය පුරාවටම කාන්තා ග්ලැඩියේටර්වරියන් ගැන සටහන් වන්නෙ ඉතාමත් කලාතුරකිනි. පිරිමි ග්ලැඩියේටර්වරුන් මෙන්ම ද්වන්ධ සහ බහු සටන්, රුදුරු වනසතුන් සමග සටන් සඳහා ඔවුන්ව යොමු කොට ඇත. නමුත් සටන්බිමක නිකරුණේ මියයාමට වඩා ප්‍රයෝජනයක් ඇගෙන් කාන්තා වහලියක් ලෙස ලබා ගැනීමට හැකි බව රෝමානුවන්ට වැටහීම කාන්තා ග්ලැඩියේටර්වරියන් ඉතිහාසයෙ කලාතුරකින් දක්නට හැකිවීමට විශාලතම හේතුවක් වී ඇති බව විශ්වාසයයි.

Photos from ලෝක ඉතිහාසය World History's post 25/03/2023

අභිමානවත් රෝමානු ගෘහනිර්මාණ ශිල්පය

ග්‍රීක ගෘහනිර්මාණශිල්පය පදනම් කොට ගෙන ගොඩ නැගුණු රෝමයටම ආවේණික ගෘහනිර්මාණ ශිල්පය. උස් කණු, කුලුණු සහ පුලුල් ආරුක්කු මත ගොඩ නැගුණු මෙම ගොඩනැගිලි සහ පාලම් රෝමාණු ගෘහනිර්මාණ ශිල්පයේත් ඉන්ජිනේරු තාක්ෂණයේත් අභිමානය කියා පානවා. පසුකාලීන ලෝකයෙහි ගෘහනිර්මාණ ශිල්පයට විශාල බලපෑමක් මෙමම රෝමානු ගෘහනිර්මාණ ශිල්පය විසින් ඇති කර තිබෙනවා.
රෝමානු අධිරාජ්‍යයේ බලය සහ ප්‍රතාතපවත්බව මෙම ගෘහනිර්මාණ ශිල්පය හරහා පෙන්වීමට එකල රෝමානු ශිල්පීන් උත්සුක වී ඇත.
කිසිවෙක් ඔබගෙන්,
"රෝමය ශ්‍රේෂ්ටත්වයට පත් කලේ මොනවාගෙන්ද"
ඇසුවොත් නොපමාව පවසන්න,
"යුද්ධයෙන් සහ ගෘහනිර්මාණශිල්පයෙන්" ලෙස.
මක්නිසාද යත් කලාව, විද්‍යාව, තාක්ෂණය හා ශක්තිය මේ දෙකෙහිම ගොනුකර ඇති නිසා.

22/03/2023

මුසෝලිනි සහ ෆැසිස්ට්වාදයය

උඩගු සෘජු බැල්මත්, අලු පැහැති නිල ඇදුමත්, දිගු කල දකුණතත්, නුපුරුදු යුද හිස්වැස්මත් (the fez) සහිතව දශක දෙකකට ආසන්න කාලයක් ඉතාලියේ පාලකයා වූ බෙනීටෝ මුසොලීනි (Benito Mussolini) ; නූතන ලෝක ඉතිහාසයේ වඩාත් කතාබහට ලක්වූ අදටත් ජනප්‍රිය චරිත අතර ඉදිරියෙන්ම සිටින චරිතයකි.

1883 වසරේ ජූලි 29 වනදා ඉතාලියේ Predappio නගරයේ ඉපිද 1945 වසරේ අප්‍රේල් 28 වනදා Dongo නගරය ආසන්නයේ ඝාතනය වන තෙක් වූ වසර 62ක් තුල සමස්ත ලෝකයේම එක්තරා ආකාරයක iconic character එකක් ලෙස මුසෝලිනිව හැදින්විය හැක.

කෙටි යුධ සෙබල අත්දැකීමක් සහ දිගු කාලීන සමාජවාදි කතෲවරයෙක් ලෙස ලබා ගත් අත්දැකීම් මගින් ඔහු ලොවට තවත් එක් නව පාලන ක්‍රමයක් හදුන්වා දුන්නේය. එය අප සැවොම අසා ඇති ෆැසිස්ට්වාදයයි (Fascism). පුරාණ රෝම අධිරාජ්‍යයේ ආධිපත්‍යය පෙන්වීමේ සංකේතයක් වූ ආරක්ෂක පොරවක් ( fasces axe) තම පක්ෂයේ සංකේතය ලෙස යොදා ගනිමින් එමගින් එහි අනුගාමිකයන් ෆැසිස්ට්වාදීන් සහ එහි න්‍යාය ෆැසිස්ට්වාදය ලෙස ප්‍රචලිත කරමින් මුසෝලිනි සිය සංකල්පය ඉතාලිය පුරා විහිදුවන්නට කටයුතු කලා. 1915 වසරේ පිහිටවූ ෆැසිස්ට් පක්ෂයත් එමගින් බිහිකල කලුකමිස ඇගලාගත් උග්‍ර ජාතිකවාදීනුත් පලමු ලෝක යුද්ධයෙන් පසු කඩාවැටී තිබූ ඉතාලියට තම යටපත් වී ගිය රෝමානු අධිරාජ්‍යයේ නව මුහුනතක් නව රෝමානු අධිරාජ්‍යය ලෙස ගොඩනංවන බව පවසමින් ඉතාලිය පුරා උග්‍ර ජාතිකවාදයක් ස්ථාපනය කිරීමට පටන් ගත්තා. මෙහි අවසන් ප්‍රතිඵලයක් ලෙස 1922 සිදුවූ සුප්‍රසිද්ධ කලුකමිසකාරයින්ගේ රෝමානු පා ගමනින් පසු (the black shirts' roman march) ඉතාලියේ රජු වූ වික්ටර් එමැනුවෙල් විසින් මුසෝලිනිව අග්‍රමාත්‍ය ධුරයේ හෙබවනු ලැබුවා. නමුත් 1925 දී මුසෝලිනි විසින් පාර්ලිමේන්තුවේ දි කල කතාවෙන් ඔහු තමන් ඉතාලියේ අසහාය නායකයා ලෙස හැදින්වූවා. 1926 වන විටඉතාලියේ සම්පූර්ණ බලය මුසෝලිනි වටා කේන්ද්‍රගත වූවා. Duce හෙවත් නායකයා ලෙස තමන් හදුන්වාගත් මුසෝලිනි දරදඩු එහෙත් සාර්ථක පාලනයක් ඉතාලිය තුල දියත් කලා. කඩාවැටී තිබූ ආර්ථිකයත්, උග්‍ර රැකියා හිගතාවයත්, දිලිදුකමත්, ළමා මන්දපෝෂණය, අධ්‍යාපනයේ ගැටලු ආදිය තුරන් කරමින් ඔහුගේ රෝමානු අධිරාජ්‍ය පිහිටුවීම සඳහා මුසෝලිනි කටයුතු කරන්නට වුවා.

මුසෝලිනි එවකට බලය තමාවටා කේන්ද්‍ර ගත කරගනිමින් සිටි හිට්ලර්ගේ ප්‍රියතම නායකයා බවටද පත්වුනා. පසුව ගොඩ නැගුනු රෝම-බර්ලින් සහයෝගිතාව නිසාත් ප්‍රචණ්ඩකාරී නාසිවාදයේ සංකල්ප තම පාලනයට ඇතුලත් කරගනිමින් යුදෙව් විරෝධි ප්‍රතිපත්තියකට ඇතුලු වීමත් අවේලාවක දෙවන ලෝක සංග්‍රාමයට සහභාගී වීමත් නිසා තමා ගොඩ නගාගත් සියලු ප්‍රතිරූපයන් බිදගනිමින් තවත් එක් ප්‍රචණ්ඩ ඒකාධිපතියෙක්ගේ තත්ත්වයට 1940 ආරම්භයේ සිට මුසෝලිනි ඇද වැටුණා. මෙම ත්ත්වය දුරදිග යාමත් සමග 1943දී ඉතාලියේ සමාජවාදීන් ප්‍රමුඛ ෆැසිස්ට්විරෝධීන් විසින් දශක දෙකක පමණ මුසෝලිනි පාලනය මුසෝලිනිව බලයෙන් නෙරපා දමමින් අවසන් කලා. ඉතාලියට කල සේවය සැලකිල්ලට ගනිමින් මරණයට පත් නොකල මුසෝලිනිව නිවාස අඩස්සියේ තැබීමට නව ඉතාලි පාලනය කටයුතු කලා. කෙසෙවෙතත් මෙහිදී තම සන්ධානය අමතක නොකල හිට්ලර් මුසෝලිනිව සිය ss විශේෂ බලකා මෙහෙයුමකින් මුදවා ගෙන නාසි පාලනයට නතු කරගත් උතුරු ඉතාලියේ පාලකයා බවට පත්කලා.

නව රෝමානු අධිරාජ්‍යක් ගොඩ නගා එහි Duce වීමට සිහින මැවූ මුසෝලිනි අවසානයේ නාසි රූකඩයක් බවට පත් වූවා. උතුරු ඉතාලියේ නාසි සංහාර සියල්ල මුසෝලිනි මත පැටවුනා. මෙයත් සමගින් මුසෝලිනි කෙරෙහි තිබූ ජනතා ප්‍රසාදය නැත්තටම නැතිවී ගියා. 1945 වසරේ නාසි පරාජයන් නිසාම ඉතාලියෙන් පලා යමින් සිටි මුසෝලිනිව '45 අප්‍රේල් මසදී ඉතාලි දේශසීමාවේදි ඔහුගේ පුත්‍රයාත්, එවකට බිරිඳ Petacciත් සමග ඉතාලි සමාජවාදී දේශප්‍රේමී (Partisans) හමුදාවක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන්පසු 1945 අප්‍රේල් 28 වනදා මුසෝලිනි, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඇතුලු සිව්දෙනෙක්ව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. ඉන්පසු හිස පහලට සිටින සේ එල්ලා තැබූ මේ මළසිරුරු මිනිසුන් විසින් විකෘති කර දමා තිබුනා.
පසුව මිහිදන් කල මුසෝලිනිගේ දේහ කොටස් නැවත් ගොඩ ගෙන මේ වන විට ඔහුගේ උපන් ගමෙහි පවුලේ සුසානයක තැන්පත් කොට තිබෙනවා.

නාසිවාදයට ගැතිවීමනිසා අප්‍රසාදයට ලක්ව ඝාතනය වූ නමුත් අදටත් ඔහුගේ සුසානයට විශාල ෆැසිස්ට් අනුගාමිකයින් පිරිසක් පැමිණෙනවා. ඔහුගේ උපන් ගමේ බෝහෝ දෙනෙක් මුසෝලිනි නිසා උදම් අනනවා. ඔහු බිහිකල ෆැසිස්ට්වාදය ඉතාලි දේශපාලනය තුල තවමත් සක්‍රීයව පවතිනවා. කොටින්ම එදා මෙන් අදත් මුසෝලිනි කෙරෙහි ප්‍රසාදයක් බොහෝ ඉතිලියානුවන් තුල තිබෙනවා.

Sono Tornato නම් ඉතාලි චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර මුසෝලිනි මෙන් හැදපැලඳ මෝටර් රථයේ ගමන් කරන අවස්ථාවේදි බොහෝ පිරිසක් කිසිදු පැකිලීමකින් තොරව ඔහුට ෆැසිස්ට් ආචාරය පිරිනැමීම ඔහුට 21වන සියවසේදී පවා ඇති ප්‍රසාදය පෙන්නුම් කරනවා. (find the clip in comments)

"The best blood will at some time get into a fool or a mosquito"
- Benito Mussolini -

Photos from ලෝක ඉතිහාසය World History's post 11/03/2023

ට්‍රෝජන් යුද්ධය පුරාවෘත්තයක්ද?

හෝමර්ගේ ලෝකප්‍රකට ග්‍රීක පුරාවෘත්තයන් දෙකක් වන ඉලියඩ් සහ ඔඩිසි මගින් විස්තර කල ට්‍රෝජන් යුද්ධයත් ඔඩිසිගේ වීරක්‍රියාත් සහ ඒවාගේ සත්‍ය අසත්‍යතාව පිලිබදවත් ලෝකයා සැමවිටම පල කලේ කුතුහලයක්.

ට්‍රෝයි දේශයේ පැරිස් කුමරුන් මයිසිනියා දේශයේ හෙලෙනාවන් පැහැර ගැනීමෙන් ඇරඹි, ඇග්මෙම්නම් යටතේ තමාගේ ග්‍රීක අභිමානය රැකගෙන හෙලෙනාවන් ආපසු රැගෙන ඒමේ පරමාර්ථයෙන් එක්සේසත් වූ ග්‍රීක හමුදාව විසින් වටලන ලද ට්‍රෝයි නුවරත්, එම වැටලීමට ප්‍රබල අභියෝගයක් එල්ල කල ට්‍රෝජන් හමුදාවත්, දෙපිලෙහිම සටන් වැදුනු ග්‍රීක හා ට්‍රෝජන් යුධවීරයන් ගැනත් අතිශය වර්ණනාත්මක කතාවක් ඉලියඩ්හි අඩංගුය.

මෙය දෙවියන්, දේව පහස ලද්දන්, අර්ධ මනුෂ්‍යයින් හා මනුෂ්‍යයින් සියල්ලන්ගේම මැදිහත් වීමකින් කෙරුණු යුද්ධයක් බව හෝමර් අතිශයෝක්තියෙන් පැවසූ නිසාත් වෙනත් කිසිදු සාක්ෂියක් නොමැති නිසාත් ඉලියඩ් කතාවත් එහි විරුවනුත් ට්‍රෝයි දේශයත් හුදු මිත්‍යාවක් බවට ලෝකයා නිගමනය කරන්නට විය.

නමුත් මෑතකාලීනව කෙරුණු කැණීම් ආදියෙන් ගිනිබත් කලායැයි සැලකෙන ට්‍රෝයි නුවර තූර්කියෙන් මතු වීමත් සමගම ඉලියඩ් හුදෙක් පුරාවෘත්තයක්ම නොවන බව බොහෝ පිරිසකගෙ විශ්වාසය වී ඇත.
ක්‍රි.පූ.1500 තරම් පැරණි කාලයක මෙම යුද්දධය කෙරුණු බවට සැලකෙන අතර එය 100% සත්‍යයක් බවට ඔප්පු වුවහොත් ලෝකයෙ පැරණිතම යුධ වැටලීමක් බවට ට්‍රෝජ්න යුද්ධය පත්වේ.
අතිශයෝක්තියෙන් කෙරෙණ වර්ණනාවක් නිසා විශ්වාස කිරීමට අපහසු වුවත් ඇකිලීස්, යුලිසීස්, ඇජැක්ස්, හෙක්ටර් වැනි රණශූරයින් දෙපිලෙහිම සිටින්නට ඇත. එමෙන්ම එකල තිබූ පූරාණ වැටලීම් උපකරණ (siege weapons) භාවිතා කොට ට්‍රෝජන් අශ්වයෙක් වැනි නිර්මාණයක් කරන්නට ඇති බවත් මේවන විට අනුමාන කොට ඇත. එමෙන්නම එය ට්‍රෝයි වැසියන් විසින් ඔලමොට්ටලයින් මෙන් නගරය තුලට රැගෙන නොඑන්නට ඇත. එය පසුපස තවමත් හෙලිනොවූ කතාවක් තිබිය හැක.

ඉතින් මිත්‍යාවෙ අදුරු සෙවනැල්ලෙන් මිදෙන ට්‍රෝජන් යුද්ධය ඇත්තක් විය හැකි ද? ඔබේ මතයත් ප්‍රකාශ කරන්න....

29/12/2022

ගොඩගත් පොම්පෙ නගරය
The excavated City of Pompei

Pompeii, Archaeological Park.

Photo by on Instagram

Praetorian Guard; The Elite unit of the Imperial Roman Empire 13/06/2021

Look through my newest article about
>>PRAETORIAN GUARD;THE ELITE UNIT OF THE IMPERIAL ROMAN EMPIRE

Praetorian Guard; The Elite unit of the Imperial Roman Empire Praetorian Guard was the most important and most dangerous once most powerful unit of the Imperial Roman Empire. Praetorian Guard was mainly used by the emperor of the Roman empire to secure

the history fact - Blog 13/05/2021

Visit the web page below to access more interesting historical facts
mention any of your ideas to mold the website and any facts to be turned in to a more interesting article.
guest articles are warmly welcomed

https://the-history-fact.mozello.com/

the history fact - Blog The Trafalgar Square was built in memory of the victory of the British Naval fleet over the combined French-Spanish Naval Fleet on the 21st of October 1805 during the Napoleonic Wars. Trafalgar Square is located in the City of Westminster, London, England with the geographical coordinates, 51 ̊30.....

The Trafalgar Square; a story lies behind it 24/04/2021

Have you heard about the Trafalgar Square?
or
Do you know the story behind it?

***Click below to Read about the Trafalgar Square and the Story behind it ***

https://the-history-fact.mozello.com/blog/params/post/2902465/the-trafalgar-square-a-story-lay-behind-it

The Trafalgar Square; a story lies behind it The Trafalgar Square The Trafalgar Square was built in memory of the victory of the British Naval fleet over the combined French-Spanish Naval Fleet on the 21st of October 1805 during

Photos from ලෝක ඉතිහාසය World History's post 23/03/2021

>>හැනිබාල් බර්කා

උපත: ක්‍රි. පූ. 247 දී ටියුනීසියාවේ කාතේජ් හිදි
මරණය: ක්‍රි. පූ. 183 Gebze, තූර්කිය

හැනිබාල් බර්කා සැලකෙන්නෙ මහා ඇලෙක්සැන්ඩර් පමනක් දෙවනිවන යුධ ජෙනරාල්වරයෙකු ලෙසටයි. ඔහු රෝමය බියෙන් මුසපත් කල කාතේජියානු යුධහමුදාව මෙහෙයවු එම හමුදාවෙ ප්‍රධානියායි. ඔහුගෙ ලමා කාලය හැර ඉතිරි සියල්ල ගෙවි ඇත්තෙ රෝමය සමග කල යුධ සඳහායි.
කාතේජය එකල උතුරු අප්‍රිකාවෙ පිහිටා තිබූ බලසම්පන්නතම වෙලඳ නගරයයි. රෝමයට මහත් හිසරදයක් හා තර්ජනයක් වී තිබූ කාතේජයට රෝමය විශාල බියක් දැක්වූවා.
හැනිබාල් බර්කාගේ පියා, හැමිල්කා බර්කා ද රෝමයට එරෙහිපලමු පියුනික් යුධයේදී කාතේජ හමුදාවේ සිටි වීරතම යුධ ජෙනරාල්වරයෙක්. පියාගේ ආභාෂය නිසාම කුඩා කල සිටම හැනිබාල් බර්කාටත් උවමනා වී තිබුනේ පියා මෙන්නම යුධ ප්‍රධානියෙක් වීමටයි. වරක් හැනිබාල් බර්කාට පියා සමග අයිබීරියානු අර්ධද්වීපයට යාමට අව්‍යශ වී තිබුනා, නමුත් හැමීල්කා බර්කා එයට කැමති වී නැහැ. නමුත් හැමිල්කාගෙ පෙරෙත්තය නිසාම ඔහුව එහි එක්කගෙන ගොස් තිබුනේ පොරොන්දුවක් පිටයි, ඒ, "හැනිබාල්, නුබ සඳහටම රෝමයේ සතුරකුව සිටිය යුතුයි" යන්නයි. හැනිබාල් බර්කා රෝමයට එරෙහීව සදාකාලික යුද්ධයකට පැටලීමට හේතුව එයයි.

>හැනිබාල්ගේ ඇල්ප්ස් කදුවැටි තරණය හා දෙවන පියුනික් යුද්ධය<

වෙලඳ ආධිපත්‍ය සඳහා තිබූ දැඩි තරගය නිසාම රෝමය හා කාතේජය අතර නිරන්තරයෙන් එදිරිවාදිකමක් පැවතුනා. මේ හේතු නිසාම සහ හැනිබාල් බර්කාට රෝමය යටත් කර ගැනීමට තිබූ අවශ්‍යතාවය නිසාම ඔහු යටතේ ටිකෙන් ටික කාතේජ හමුදාවන් විවිධ නගර යටත් කරගනිමින් බලසම්පන්න වීමට පටන් ගත්තා. කාතේජ හමුදාව ස්පාඥ්ඥයේ සැගන්ටම් (Saguntum) යටත් කර ගැනීමත් සමගම බිය වූ රෝම හමුදාවන් සැගන්ටුම් නුවර තුල කාතේජයට එරෙහි යුද්ධයක් ආරම්භ කලා. දෙවන පියුනික් යුද්ධය එයයි. රෝමය ඇරඹූ යුද්ධය රෝමයටම ගෙන ගොස් රෝමයට පාඩමක් ඉගැන්වුමට හැනිබාල් තීරණය කලා. මෙහීදි මුහුදින් ගොස් ගොඩ බැසුම බලසම්පන්න රෝම නාවික හමුදාව සමග කීරීම අනතුරුදායක බව සිතූ නිසාම ඔහු තම හමුදාවන් ඇල්ප්ස් කදුවැටිය හරහා මෙහෙයවූවා. එය එකල සිදුකිරීමට නොහැකි දෙයක් බව රෝමයත් අනෙක් සෑම කෙනෙක්මත් විශ්වාස කල අතර හැනිබාල්ගෙ තර්ජන අවසන් යැයි සිතා රෝමය සතුටු වූවා. නමුත් හිටි හැටියේම කාතේජ හමුදාවන් ඇල්ප්ස් තරණය කරමින් රෝම දේශසීමාවන්ට කඩා වැදුනා. ඉන්පසු එක දිගට ජය පැන් බොමින් හැනිබාල් බර්කා රෝමය මුසපත් කල නමුත් දිගින් දිගටම යුධ කිරීමෙන් සම්පත් හිග වූ නිසාම හැනිබාල් ක්‍රි. පූ. 203 දී ආපසු කාතේජය බලා පසුබැස්සා. ඉන්පසු නැවතත් සංවිධානය වී ක්‍රි. පූ. 202 දී රෝමය ආක්‍රමනය කලත් සාමා හිදී සිදුවූ අවසන් පියුනික් යුධයෙන් හැනිබාල් පැරදීමත් සමගම කාතේජය සහ රෝමය ගිවිසුමකට එලබුනා. ඉන්පසු ටික කලක් යනතෙක් විශිෂ්ඨ රාජතාන්ත්‍රිකයෙකු ලෙස හැනිබාල් කටයුතු කලත් රෝමයට එරෙහි සිතුවිලි සැම විටම ඔහුගේ හිතෙ තිබුනා. මේ නිසාම ඔහු තූර්කියට ගොස් එහි සිට සේන සංවිධානය කොට රෝමය සමග නැවත යුධයක් ඇරබුවා. නමුත් එය හැනිබාල් සිතූ තරම් සාර්තක වූයෙ නෑ. පරාජයන්, පාවාදීම් හා රෝම ජෙනරාල් ස්කිපියොගෙ උපාය මාර්ග නිසාම හැනිබාල්ට පරාජය වීමට සිදුවුවා. මෙවර කාතේජය සමග ගිවිසුම්ගත නොවූ ස්කිපියෝ හැනිබාල් පසුපස පන්නන්නට වූවා. අවසානයේදී පාවා දීමක් මගින් රෝම හමුදා හැනිබාල් සිටි ස්ථානය වැටලු අතර සතුරාට යටත් වීමට අකමැති වූ නිසාම හැනිබාල් බර්කා සිය දිවි හානි කර ගත්තා.

Photos from යූධ ඓතිහාසික සටහන්'s post 03/02/2021
Photos from දෙවන ලෝක යුද්ධය - සිංහලෙන්'s post 16/12/2020

Videos (show all)

Unique Gesture,Unique Voice
වසර අසූවකට පසු ක්‍රෙම්ලින් මන්දිරයට ගුවන් ප්‍රහාරයක්.ඊයේ (මැයි 3) රුසියානු ජනපති නිවස්නය වන ක්‍රෙම්ලින් මන්දිරයට ඩ්‍රෝන ...

Telephone