H.M. Gamini Wijaya Bandara

H.M. Gamini Wijaya Bandara

politician

08/05/2024

● සත්‍ය කතාවකි...●

" හෙලෝ...මේ අක්කා තමුසෙ වැඩ ඉවර වෙන්න කොච්චර වෙලා යයිද...?"

මම ෆයිල් ගොඩක මූණ ඔබන් ඉද්දී මල්ලි කෝල් එකක් ගත්තෙ...📁

" තව පැය භාගයක් තියෙනවා හලෝ..හදිස්සි මොකද මම එනකම් පාක් එකේ ඉන්නවා..."

මම කියුවෙ කේන්තියෙන්..හැමදාම ඔහොමයි...මාව එක්කන් යන්න ආවම විනාඩියක් පරක්කු වෙන්න බෑ,

" එහෙනම් මම තක්ෂිලා එක ලගට ගිහින් ටාර් ගාලා එන්නම්..."

" අර කෙල්ලව බලන්න නෙහ්..? "

" හරි හරි ඉන්නවකෝ..."

මනමාල හිනාවත් දාලා මල්ලි ෆෝන් එක කට් කලා..වෙලාව ගලන් යන්නෙ හෙමිට කියලා හිතුනා..හැමදාම හවසට මෙහෙමයි...හවස් වරුව ගලන් යන්නෙ හෙමිහිට...⌚

ආයිත් ෆෝන් එක රින්ග් වෙනවා...📱
ආයිත් නම්..මෙයාට එන්න කියන්නෙ නෑ එක්කන් යන්න...

මම හිතින් බැන බැන ෆෝන් එක ආන්සර් කලා..
" හෙලෝ...මේ මේ ෆෝන් එක අයිති මල්ලිගේ කවුද...?"

එහා පයින් කතා කල කෙනාගෙ කලබලේට මට පෑනත් ඇතෑරුනා...🖊

" මගෙ මගෙ මල්ලි..ඇයි...? "

" නංගි එයා ඇක්සිඩන්ට් වෙලා...එයාට සිහිය නෑ...උඩම තිබ්බ නම්බර් එකට මං මේ ගත්තෙ...අපි එයාව හොස්පිටල් අරන් යනවා එන්න..."

මට දැන්නෙ ලෝකෙම මං වටේ කැරකෙනවා කියලා...

" දෙයියනේ සුදූ..."

මං කෑ ගැහුවා..

" ඉමාලි ඇයි ඇයි...?"

ඔෆිස් එකේ කට්ටිය මං වටේ රොක් උනා...ඔෆිස් එකේ අයගෙ වාරුවෙන් මං හොස්පිටල් එකට ආවා...වෑන් එකෙන් බැහැපු ගමන් මං කොරිඩෝව දිගේ මගෙ සුදූව හොයාගෙන...

" ඉමාලි මිස් ඉන්න..."

ඔෆිස් එකේ කවුද මගෙ පස්සෙන් එනවා කියලා මට නවතින්න උවමනාවක් තිබ්බෙ නෑ...මට මගෙ පන ටිකගෙ මූණ බලන්න ඕනි උනේ...😥

" මිස්...මිස්...දැන් දැන් බයික් එක හැප්පිලා ගෙනාවෙ එයා එයා..."

මං එතන හිටපු නර්ස් කෙනෙක් කෙනෙක්ගෙන් ඇහුවා...🙇‍♀

" ආ...ඩොක්ටර් එයාව බලන ගමන් ඉන්නෙ...ඔයා එන්නකො...මට ලෙඩාගෙ නම කියන්න..."

" අනෙ මිස් මට මල්ලිව බලන්න ඕනි..."

මම කියුවෙ වෙන කිසිම දෙයක් වැදගත් නැති නිසා...

" ඩොක්ටර් බලනවනේ...ඉවර උනාම යන්..එතකම් මට මේ විස්තර ටික දෙන්න.."

ඇයි කියුවෙ කරුණාවබර විදිහට

" නම මොකක්ද මල්ලිගෙ...?"

" ඉමාල්...ඉමාල් මදුශංක..."

මං විස්තර ටික උඩින් පල්ලෙන් කියලා දැම්මා...

මට ඇහුනෙ මල්ලි වේදනාවෙන් කෙදිරි ගාන සද්දෙ...දෙයියනෙ මගෙ පණ..මං එතනට දිව්වා...

මගේ අහිංසකයගෙ මූණ අදුරගන්නවත් බෑ...කකුල හොදටම ඉදිමිලා...බෙල්ලට දාලා තිබ්බ ප්ලාස්ටර් එක නිසා හෙලවෙන්නවත් බෑ..එක අතක ඇගිලි දෙකක් නැද්ද මන්දා..ඉදිමිච්ච කකුලෙන් ලේ ගලනවා හොදටම...උඹට රිදෙනවද මහත්තයෝ...පොඩි කාලෙ උඹව වැටෙනවටවත් මං කැමති නෑ මල්ලී..උඹට රිදෙනකොට මටත් රිදුනා..ඒත් අද උඹ,කොහොමද මේ දරා ගන්නෙ...උඹට රිදෙනවද සූදූ...

" ඩොක්ටර්...ඩොක්ට මගෙ මල්ලි.."

මං බලාපොරොත්තු කෝටියක් තියාන් ඒ මූණ දිහා බැලුවා...කොල්ලෙක් වෙච්ච ඩොක්ටගේ මූණත් හොදටම අවුල් වෙලා...

" ඔළුවට තමයි ගොඩක් ඩැමේජ්...ඔයා පොඩ්ඩක් එහායින් ඉන්නකෝ..."

ඔහුගේ හඩින් මං පසෙකට උනා..

" මිස් රීට් ටියුබ් දාමු..හරි අප්...මෙයාට බීරිතින් ඩිෆිකල්ට්.."

ඩොක්ට නර්ස්ට මොනාදෝ කියුවා..ඇයත් හනි හනිකට මොනාද ඩොක්ටට දුන්නා..

මං බලන් ඉද්දිම මොනාදෝ බට වගයක් ගහලා මල්ලිව මැශින් එකකට සම්බන්ධ කලා...

" ඔයාද මෙයාගෙ අක්කා,මේ ෆෝන් එක..මල්ලි ගිහින් තියෙන්නේ සීයට...ඉස්සරහින් ආපු ලොරියෙ හැප්පුනේ මං බලන් ඉද්දී...ඕකෙ තිබ්බ හෝම් කියන නම්බර් එකට මං කෝල් කලා නංගි...තව සුදු බබා කියලා ගර්ල් කෙනෙකුත් කතා කලා...මං එයාටත් කියුවා..."

පිරිමි කෙනෙක් මට මල්ලිගෙ ෆෝන් එක ගෙනත් දුන්නා මට අම්මලට කියන්නත් අමතක උනා...දෙයියනේ ඒ මිනිස්සු මේ දේවල් කොහොම ඉවසන්නද...😖😰

රත්තරං උඹට කොච්චර කියලා තියෙනවද හෙමින් පලයන් කියලා...දෙයියනේ ඒ හැම වෙලේම උඹ කටකාර කතාවක් කියලා අපිව විහිලුවකට ගන්නවා...

" හෙමින් යන්න නම් බයික් මොකටද හලෝ..."

උඹ කියන්නෙ එහෙම...ඒත් රත්තරං කොහොමද අද උඹ මෙහෙම ඉන්නවා බලන් ඉන්නෙ...

එක පාරටම පංති ගිය පොඩි නංගිලා කීප දෙනෙක් එතනට දුවන් ආවා..එක ගෑණු ළමයෙක් හොදටම අඩනවා...😰

" මේ ඉන්නෙ බලනවා බෝනික්කි වගේ ඕයි...මට පට්ට ලෝබයි,මං මේකි නැති උනොත් මැරෙනවා බං අක්කේ..."💔

එක දවසක් ඒ කෙල්ලගෙ ෆොටෝ එක පෙන්නලා ඔයා කියුවා මතකයි..

" සුදු බබා.."

මං ඒ නංගි ළගට ගිහින් කතා කලා...මල්ලි කතා කරන විදිහටම

" අක්කා.."

කෙල්ල කෑ ගහගෙන මාව බදා ගත්තා...

" අනේ අක්කා මට අයියව බලන්න ඕනි අක්කා...අනේ අක්කා...මට අයියව බලන්න ඕනෙ...අනේ අර බට ගහලා එයාට රිදෙනවා ඇති අක්කා...මට ඕනි.."

කෙල්ල හොදටම අඩනවා..මං මොනා කියන්නද රත්තරන්...මාත් අඩනවා උඹ අපි හැමෝවම ඇඩෙව්වා මල්ලි...උඹ සනීප උනාම මං උඹේ කණ රතු වෙනකම් මිරිකන් ඉන්නවා...

" අඩන්න එපා මැණික...එයා කොහොමද ඔයාව දාලා යන්නෙ...මාව දාලා යන්නෙ එයාට බෑ ඒක කරන්න අඩන්න එපා..."

මං කිව්වෙ කෙල්ලව තුරුල් කරන්..

" අනේ බලපන් මගේ පණ...උඹේ සුදු බබා අඩනවා...උබ කැමති නෑ නේද එයා අඩනවට..."

" නංගි මේ නංගිගේ අම්මලට කෝල් කරන්න...මෙයාව එක්කන් යන්න එන්න කියන්න..."

කෙල්ල එතනින් යන්න අකමැති නිසාම...මං එයාගෙ යාලුවන්ට කියුවෙ පුංචි කෙල්ලෙක් මෙහෙම තියන් ඉන්න බැරි නිසා...

" ලොක්කි කෝ මල්ලි...මං උඹට කිව්වා ඌට බයික් එක අරන් දෙනකොට...පුතේ..."

අම්මට සිහි නැති වෙනකොට ගෙදරින් ආපු කීප දෙනෙක් අම්මව අල්ලා ගත්තා...

" දෙයියනේ මං නේද මේ බයික් එක අරන් දුන්නේ...මගෙන් බ‍ර්ත්ඩේ එකට ඉල්ලුවේ බයික් එකක් මහත්තයෝ උඹ...මම ලීසින් කරලා ගෙවන්න බයික් එකක් අරන් දුන්නේ තියෙනවට නෙමෙයි...උඹට හැබෑ නොවුන හීන තියෙන්න බැරි නිසා..."

මං කණුවක ඔලුව ගහ ගත්තා..

" අක්කා ඇයි මේ...?"

මල්ලිගෙ දගයො ටික ඇවිත් මාව අල්ල ගත්තා..ඒ දගකාර මූණු මැලවෙලා...ඇස් වල කදුලු...බලපන් උඹ කීදෙනෙක් අඩවලද මහත්තයෝ...නැගිටපන් ඉක්මනට...

" මගෙ පණ සනීප වෙයි නේද මල්ලි..."

" ඉමාලයා කොහොමද අපිව දාලා යන්නෙ...එහෙම උනොත් මං ඕකව තියෙන්නේ නෑ අක්කා...ඔයාගෙ මනමාලයගෙ කකුල් හෝදලා මුද්ද ගන්න ඌ ඉන්නෙ..ඌ කොහොමද ඔයා මනමාලියක් වෙනවා නොබලා යන්නෙ..."

ඒ කොල්ලො ටිකත් අඩනවා...

එක පාරටම උඹ හිටපු කාමරේ ඩොක්ටර් නර්ස්ලා වේගෙන් එහේ මෙහෙ දුවන්න ගත්තා...අපිට උඹව නොපෙනෙන ගානට...එයාලා උඹේ වටේ රත්තරං...මගෙ පපුව නැවතුනා..

😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

සුදූ...

ඩොක්ට උඹේ මූන වහද්දී සුදු රෙද්දෙන් මං පිස්සෙක් වගේ කඩාගෙන උඹ ලගට දිව්වා...

" මල්ලී..."

" පොඩි පුතේ..."

" සුදු අයියේ.."

" ඉමල්කයා..."

වටේම හිටපු මම,අම්මා,උඹේ රෝස බෝනික්කි,යාලුවො කෑ ගහනවා උට ඇහෙන්නෙ නැද්ද මහත්තයෝ...

අම්මට අඩන්නවත් සිහි නෑ...උඹ අම්මා අඩනවට කැමති නෑ නේද රත්තරන්...තාත්තා අම්මා එක්ක පොඩ්ඩක් රණ්ඩු උනොත් උඹට කේන්ති යනවනෙ...උඹ කොහොමද අම්මව මෙහෙම අඩවන්නෙ...උඹේ රෝස බෝනික්කි උඹේ පෙට්ටිය ලගම පුටුවක් තියන් වාඩි වෙලා මහත්තයෝ...උඹට පේන්නෙ නැද්ද ඒකි තාම වතුර උගුරක් බීලා නෑ...උඹේ දගයො සෙට් එක සැරින් සැරේ ගෙට ඇවිත් උඹේ මූණ දිහා බලන් ඉදලා කදුලු පිහලා ආයි යනවා...

" අක්කා උඹව බදින එකා උඹව ඇඩෙව්වොත් ඒක තමා ඌ ජීවත් වෙන අන්තිම දවස..."

කරන්න බැරි උනත් උඹ මට තිබ්බ ආදරේ ඒ වචන වල තිබ්බා...එහෙව් උඹ කොහොමද අක්කව මෙහෙම ඇඩෙව්වේ...කියපන් මල්ලී...උඹේ අක්කා අඩනවා පේන්නෙ නැද්ද...

උඹ ඇල්ලෙ ගිහින් අර ගල උඩ ගත්ත ෆොටෝ එකට සුදු මල් මාලයක් දාලා...මං කොහොමද මහත්තයෝ ඉන්නෙ...

" උඹව ගෙනියන්න හදන්නෙ...ඇහෙන්නෙ නැද්ද අම්මා කෑ ගහන සද්දෙ...රත්තරන් මල්ලි...නැගිටපන් මහත්තයෝ...මේ අක්කට උඹ නැතුව ඉන්න බෑ රත්තරන්.අනේ මගේ පණ උඹ මල්ලී...එපා නුවන් මල්ලී අනේ මගේ මල්ලිව එක්කන් යන්න එපා...එයාව අරන් යන්න එපා මල්ලි...වෙනද වගේ එයාගෙ කරට අත දාන් එක්කන් යන්න...ඇයි ඔයාලගෙ කර උඩ මල්ලි..."

" බලපන් මගෙ රත්තරනේ ඇස් ඇරලා උබේ සුදු බෝනික්කිගෙ දිහා...ඒකිට උඹේ මිනිය අරන් වල ගාවටවත් යන්න පනක් නෑ මහත්තයෝ...ඒකිගේ පන කාගෙවත් කර උඩින් යද්දී කොහොම ඉවසනවා ඇතිද...උඹට පේන්නෙ නැද්ද රත්තරනේ..."

බලපන් උඹේ යාලුවො දිහා...ඒ කොල්ලො ටිකටත් උඹේ පෙට්ටියට කර ගහන්නවත් හයියක් නෑ බං...උන් එකාට එකා බදාගෙන අඩනවා...වරෙන් සුදූ මල්ලි ගිය තැනකින්...අපිට උඹ නැතුව බෑ...

" හැමදාම අම්මා මුලින්ම බත් බෙදුවෙ උඹට බං...මේ අම්මා ආයෙ බත් බෙදලා කතා කරන්නෙ කාටද මහත්තයෝ...අම්මා ගැන හිතලා ඉන්න..."

" උඹට ගානක් නෑ මහත්තයෝ...එදා උඹ දුවලා දිනපු වෙලාවෙ උඹේ යාලුවො කර තියන් යනවා වගේ උඹ උජාරුවෙන් යනව...ඒත් අපි..."

උඹේ යකඩ හීන අපිට තිබ්බ හැම හීනයක්ම උදුරා ගත්තා...රත්තරන්....
( copied )

😞😞😞😞😞😞😞😞🙏

හැම කොල්ලෙක්ම දෙපාරක් නෙමේ සිය දහස් වතාවක් හිතන්න...මේ දවස් වල දවසට කී දෙනෙක් නැති වෙනවද...අයියෙ මල්ලියෙ උඹලා උඹේ පවුලෙ උන්ගෙ පන බං...කවුරුත් කෙලින් නොකියුවට උඹලා තමයි...අපේ ජීවිතේ..අනේ හෙමින් පලයන්...

වදින්නම්...උඹලට උඹලා වටින්නෙ නැති උනාට අපිට ගොඩක් වටිනවා...( 👈චූටි ඔයාට කියන්නේ )

පරණ උනත්,වටින Story එකක්❤️
තව කොල්ලෙක්ට කියවන්න ශෙයා කරන්න.🙏

𝐋𝐢𝐤𝐞 𝐔𝐬 𝐎𝐧 𝐌𝐢𝐬𝐤𝐲😊❤️
__________________







🇱🇰

Photos from Wijeyadasa Rajapakshe's post 27/04/2024
15/04/2024
01/01/2021

රෝග බියෙන් තොර
සෞඛ්‍යාරක්ෂිත
ප්‍රීතිමත්
සුබ නව වසරක් වේවා !....

Telephone

Website