BeYond සීමාවෙන් එහා

BeYond සීමාවෙන් එහා

Promoting solar electricity systems while delivering the knowledge, information for a green srilanka

04/02/2022

නිදහසක අඬහැරය 🔥

සුද්දගෙන් නිදහස් වෙලා අවුරුදු 74ක්ද ,සුද්දා අපෙන් නිදහස්වෙලා 74ක් ද කියල අහන සාම්ප්‍රදායික තැනෙන් නැතුව නිදහස කියන දේ ගැන ඇත්තටම හිතල බලන්න ඕනි කාලයක් මේක...

ලංකාව සංස්කෘතිකයි...සාම්ප්‍රදායිකයි...එකක් ආසන්නම රට ඉන්දියාව නිසා එහි මුල්බැසගත්ත ආගමික ඇදහිලි,විශ්වාස ,කුලභේද වගේ දේවල් කරපින්නාගෙන ආ එහි ජානමය සහ වෙනත් අනු කොටස් මේ භූමියේ ස්ථාපනය වෙලා...

ඒකෙ කලාත්මක වටිනාකම් සෑහෙන්න තියනවා...ඒ උනාට මිනිස්සු ඒවගෙ ගන්නෙම ගන්න ඕනි නැති වල්පල් ටික...

නිදහස වර්ගීකරණය කරන්න පුලුවන්...
කාලයේ නිදහස,
මුදලේ නිදහස,
මානසික නිදහස,

48න් පස්සෙ ලංකාවේ ජීවත්වෙන සාමාන්‍ය මනුස්සයෙක්ට මේවගෙන් මොනවද ලැබිලා තියෙන්නෙ ?
48 ඉලක්කම ගන්නෙ ආතල් එකට...2500ක ඓතිහාසික කියල කිව්වමත් මොනව නැතත් ගොඩක් අයට ගැම්මක් එනවනෙ...

කාලය කොහොමත් සීමිතයි...ඒකෙ නිදහසක් හොයන්න බෑ...කාලයට නිදහසේ ගලායන්න ඉඩදීලා අපිට අපේ වැඩ ටික කරන්න පුලුවන්...

තිත්තගල්ලෙ හාමුදුරුවෝ අර අභිධර්ම වීඩියෝ එක පටන්ගන්න පළවෙනි විනාඩියේ කියනවා වගේම,අද දවස කලින් දවසට වඩා තව දවසක් ජීවිතෙන් අඩුවෙලා...තත්පරය ගානෙ ගතවෙන්නෙ අපේ ජීවිතෙන්...
මෝ.ඩකමට ගොඩක් අයට ඒක තේරෙන් නෑ...මොකද හිතන් ඉන්නෙ මැරෙන්නෙ නෑ කියලා...

එහෙම හිතන් ඉන්නකොට තමන්ට කැමති දෙයක් කරන්න වෙලාව තියන එක,
කාලයේ නිදහස කියල හිතුවට ප්‍රශ්නෙකුත් නෑ...ඒක තමන්ට සාපේක්ෂ කාරණාවක් නිසා...
ඒත් කාලය හෝ ගාලා යනවා...
පුලුවන්නම් නවත්තන්න 😀

ඒත් මුදල් එහෙම නෙමෙයි...යම්කිසි මට්ටමකට ආවම ඇති කියල හිතල,හම්බකරපු මුදල් වලින් සතුටින් ඉන්න පුලුවන්ද???

ඉටිගෙඩිය‼

එහෙම ඉන්නවනම් ඔක්කොම කෝටිපතියොයි,දේසපා.ලුවො ටිකයි,හම්බකරා ඇති කියල,ඔක්කොම නවත්තලා ගෙදරට වෙලා ඉන්න පුලුවන්නෙ...
ඒක එහෙම වෙන්නෙත් නෑ
එතකොට...???

මුදල්වලින් නිදහස හොයන්න ගියාම මුදල් කතාකරලා කියනවා තව හොයපන්,පිස්සුද දැන්ම නවත්තන්න හදන්නෙ කියල...
හීන සූම් කරල,ඒවට අමරණීය බවක් එකතුකරලා හිත ඇතුලෙ රාමුකරලා පෙන්නනකොට,මුදල්වලින් නිදහස හොයන්න හදපු මනුස්සයෙක්ව මුදලේ නිදහසට යටකරල දානවා...
ඒකත් මරු...👌
අන්තිමට ඌ දන්නෙත් නෑ තමන්ගෙ ජීවිතේට මොකක්ද මේ උනේ කියලා...
ඇයි ජීවිතෙන් තුන් කාලක්ම කරල තියෙන්නෙ ජීවත්වෙන්න කියල හිතන් සල්ලි හම්බුකරපු එක...

ඊටපස්සෙ අන්තිම එක මානසික නිදහස...
මානසික නිදහසට බලපාන්නෙ 99%/ක්ම බාහිර භෞතිකමය කාරණා...දෙයක් උනාම ඒක පිළිගන්නෙ නැතුව,ඒක ඕනිවට වඩා තර්ක කරන්න ගියාම,කොහොමත් මනස පීඩාවට පත්වෙනවා...

උදාහරණයක් විදිහට උදේ පාන්දර වැඩට යනකොට පාරෙ ලොකු රිය අනතුරක්...
පැය දෙකක් විතර තමන්ගෙ ගමන පරක්කුවෙනවා...
ඒක ගැන හිතල හිතලම හිත අවුල්කරගන්නවා...

රිය අනතුර වෙලා ඉවරයි...ඒක හිතෙන් පිළිගත්තම ,හිත ආයෙ ඒක ගැන හිතන එක නතරවෙනවා...
නැත්තන් වරු ගණන් හිත හිත හිටියා කියල අනිත් වැඩ ටිකත් අවුල් වෙන එක විතරයි වෙන්නෙ...

කාලයේ නිදහසක් නැති මිනිස්සු ,
මුදල් නැතුව මුදල් හොයන්න උත්සාහ දරන මිනිස්සු ,
මුදල් ඇතුව ඒ මුදල් තව ගොඩගහන්න ක්‍රම හොයන මිනිස්සුන්ට මානසික නිදහසක් තියනවද?

පිස්සුද එහෙම එකක් නෑ...

ඉපදුන දවසෙ ඉඳන් මෝ.ඩයො වගේ රැල්ලට දේවල් කරලා පරම්පරාවෙන් පරම්පරාවට ආයෙ ආයෙම, එකම දේ නොනවත්වා කරන් යනවා...
ඒකට අධ්‍යාපන මට්ටම බලපාන්නෙ නෑ...
පාරෙ ඉන්න මනුස්සයෙක්ගෙ ඉඳන් මහාචාර්යවරයෙක් දක්වා ගත්තත් තත්වය ඔච්චරයි...

අන්තිමට ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි බෙරේ පලුවයි,පදෙයි වෙන වෙනම තියනවා...සම්බන්ධයක් නෑ...නටලා තියෙන්නෙ වැරදි තාලෙකට,වෙන කොහෙවත් තිබ්බ තාලම්පොටකට 🤣

ඉතින් සුද්දට බැන බැන හිටියා කියලවත් දේසපා.ලුවොන්ට බැන බැන හිටිය කියලවත් ත්‍රිවිධ හමුදාව ඒක සංඛේතාත්මකව සැමරුවා කියලවත් ඔබේ නිදහස හම්බවෙන්නෙ නෑ...

ඔබ හිතන විදිහ වෙනස් කරන්න...
එතකොට හිතට නිදහසක් ලැබේවි...

සමහරු තර්කකරනවා කෝ සල්ලි නැතුව හිතේ සතුටක් තියනවද?
හිතේ සතුට ලැබෙන්න මුදල් බලපානවා නේද කියලා...
එතකොට මම ආයෙම කියන්නෙ පොඩ්ඩක් හිතන විදිහ වෙනස් කරල, ආපහු පොඩ්ඩක් හිතන්න ට්‍රයි එකක් දෙන්න කියලා...

නිදහසට නිදහසක් දෙන්න...ඒක හොයන්න යන්න එපා...
හම්බවෙන්නෙ නැතිවෙයි 😊😊

ඔව් අද ශ්‍රී ලංකාවෙ නිදහස් දිනය...එය අභිමානවත් ලෙස සමරන්න 🇱🇰

සටහන
උදාර මාලින්ද

25/09/2021

ඉරි තැලුණු වළා 🖤

අමරසිරි පීරිස් ශූරීන්ගෙ හඬ පෞරුෂයෙන්... සමන් අතාවුදහෙට්ටිගේ පද රචනයෙන් සහ තිස්සසිරි පෙරේරාගේ සංගීතයෙන් හැඩවන, ඉරි තැලුණු වළාවටත් දැන් අවුරුදු 10කට වැඩී....

මගේ ජීවිතේටත් යම්තාක් දුරකට සමීපවුන සිංදුවක් විදිහට හඳුන්වන්න පුලුවන් මේක...එදිනෙදා ඇහෙන සිංදු අස්සෙ අහල තිබ්බට... මේක හිතට කික් වෙන්නෙ DELL STUDIO එකේ මහේෂ් දෙනිපිටියන්ගේ නව සංගීත සංකලනයන් එක්ක සහ රුවන් හෙට්ටිආරච්චිගෙ "මා නොවන මම" වැඩසටහනේ මේ ගීතය ගායන කරන අපූර්වත්වයත් එක්ක...
2017 ස්ලිට් එකේ ගංතෙරේ මේ සින්දුව ගායනා කරන්නට අවස්ථාවක් හමුවෙන්නෙ ඒ පසුබිමත් එක්ක....

ලොකු විශ්වාසයක් තියනවා බහුතරයක් මේ සින්දුව අහල තිබ්බට නිශ්චිත තේරුමක් දන්නැතුව අහල ඇත්තෙ කියල...

ඉතින් අපි හැරෙමු සින්දුව පැත්තට...

ඉරි තැලූනු වළා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්

ඔබ ඉරි තැලුණු වළාවන් දැක තිබෙනවාද ??
ඔබ මුදු මෙළෙක් තාර පාරවල් දැක තිබෙනවාද???
රචකයාට වැරදිලාද???
නැහැ...ඔහු විස්තර කරන්නට පටන්ගන්නේ ඔබ මා ජීවත්වන සමාජය ගැනයි...
සියල්ල කනපිට හැරී ඇතිබව පසක් කරමින් ඔහු ගීතය ආරම්භ කරනවා...

තාර පාර සමාජයටත්, එහි ඇවිද යන්නට " ප්‍රේමිය" ලෙස ඔබටත්...ඔහු
ඇරයුම් කරනවා...
තාර පාරේ යනවිට ඔබට සතරදෙසින් හමුවන මෝටර්රථ ,සෙනඟ...ඔබට ජීවත්වීමට ඇති බාධක ,මුහුණදීමට සිදුවන ගැටලුකාරී/ රැවටිලිකාර ස්වභාවයන් පෙන්නුම් කරනවා...

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා
කහ ඉරෙන් එතර වීලා

කලින් සඳහන්කරා වගේම දැන් තාරපාර දිගේ යන ගමන් හම්බෙන දේවල් උපමාකරගෙන තමයි රචකයා ගීතය ලියාගෙන යන්නෙ...
විදුලි ඇස් කියන්නෙ මෝටර්රථ වල තියන ආලෝක ලාම්පු...
"ඔබ" යන විදිහ ගැන විමසිල්ලෙන් බාහිරින් ඉන්න අය බලන් ඉන්නවා...හිනාවෙනවා...විවිධ දේවල්වලට පොළඹවාගන්න ට්‍රයි කරනවා...ඒත් "ප්‍රේමිය" අප නොරැවටී අපේ ගමන යා යුතුයි...
කහ ඉර කිව්වම අපි පාර මාරුවෙන කහඉර මතක් උනා නේද ?
කහ ඉරක් කියන්නෙ ආරක්ෂිතව පාර මාරුවෙන්න හදල තියන සංඥාවක් ...මාර්ග නීතිය සමාජ සදාචාරයට උපමා කරනවා මෙතනැදී...අපි පාඩුවෙ නීත්‍යානුකූලව අපේ දෙයක් කරන් ඉමු වගේ අයිඩියා එකක් තමන්ගේ ගමන් සගයාට පවසනවා...

රිය පෙලේ කිරුල හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
කහ ඉරත් රැලි වැටීලා

පාසල් අධ්‍යාපනය ඉවරකරලා,කැම්පසුත් ගිහින් අන්තිමට ඒ කෙනා එකපාර සමාජයට උස්සලා අතාරිනවා...අපි කවුරු නෑ කිව්වත් සමාජයේ පංති භේද තියනවා...රිය පෙළේ කිරුළ හිමි රජවරුන් කියන්නෙ ධනපති පන්තියට...සල්ලි හොයාගන්න තියන උවමනාවට,ප්‍රශ්නවලින් බේරෙන්න තියන උවමනාවට මිනිස්සු හැමවෙලාවකම ධනපති පංතියේ අතකොළු බවට පත්වෙනවා...ඒත් "ප්‍රේමිය" අපි ඒවාට ප්‍රතිචාර නොදක්වා බිම බලන් යන්නට යමු....අනේ ඒත් කහ ඉරත් රැලිවැටිලා නේද?

රැළි වැටුනු කහ ඉරි???

ඔව්ව්...ඒකෙන් කියවන්නෙ නීතිය වල්වැදිලා කියන එක...කහ ඉරෙන් පාර මාරුවෙලා යන්නවත් අපට නිදහසක් නැති හැටි....

අපට ජීවිතේ විවිධාකාර මිනිසුන් හම්බවෙනවා...

නරක මිනිස්සු...
නරක වගේ පෙනෙන හොඳ මිනිස්සු..
බැලූ බැල්මට හොඳ වගේ,කාලයක් ආශ්‍රය කරාම නරක මිනිස්සු..
ඇත්තටම හොඳ මිනිස්සු...
මේ හැම වර්ගෙකින්ම අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා...

වෙන දේකට නෙමෙයි...අනිත් මඟුල් ඔක්කොම කරන අස්සෙ "මම" ගැන හොයාගන්න...

සමාජයක තිබෙන විෂමතාවන්,බාහිරින් වෙන්න පුලුවන් බලපෑම්,පන්ති භේදයන් ඉතා සූක්ෂම අයුරින් ගීතය ඔස්සේ ආමන්ත්‍රණය කොට තිබෙනවා...

ආපහු සැරයක් අහල බලන්න තේරුමත් දැනගෙනම...

ඉතින් මේ අබුද්දස්ස කාලයේ ඉරි තැලුණු වළා පිරුණු,රැළි වැටුණු කහඉරි ඔබට,මට දිනපතා හමුවේවි...

සර්ව සාධාරණ ,යුක්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදී,එකම නීතියක් යටතේ ක්‍රියාකරන දේශප්‍රේමී පාලකයන් රජකරන දවසක් පැමිණෙන තෙක් අපි සැම දෑස්දල්වා බලා සිටින්නේ එබැවිනි ‼️

තවත් ගීතයකින් හමුවෙමු...❤️

සටහන - උදාර මාලින්ද 🔥

18/09/2021

ආයෙමත් ආදරෙන් 🖤

ගොඩක් අය අහලත් ඇති...ගොඩක් අය බස් එකේ,රේඩියෝ එකේ ඇහෙනකොට තවත් බස්/මල් සින්දුවක් කියල ඉග්නෝ(ර්) /ස්කිප් කරලත් ඇති...

සින්දුවක් ඔහේ අහනවට වඩා ඒකෙ අර්ථයත් දැනගත්තම Value එකක් ඇඩ් වෙනවා...

සින්දුවක රසය තීරණය වෙන්නෙ ඒකෙ තාලෙවත්,පරණද අලුත්ද කියන එකටත් වඩා,
වචනවලින් කියවෙන දේට තම තමන්ගේ ජීවිතවල එක්ස්පීරියන්ස් ටිකත් එකතු කරගත්තම...

එතකොට සින්දුව හැඩවෙනවා...🤩

මටනම් මේක රිලීස් කරල අවුරුදු 10ක් උනාට.. එදා වගේම අදටත් ඕනිම වෙලාවක රසවිඳින්න පුලුවන් සිංදුවක් 😊

ආත්මා ලියනගේ කියන ගායකයගෙ වොයිස් එක ගොඩ දෙනෙක් සලකන්නෙ සැක්සෆෝනයක අවුට්පුට් එකට...ඒ කියන්නෙ හඬේ තියන මිහිරි බව...
1989 ලියතඹරා,එපා කඳුලැල් සලා වගේ සින්දුවලින් පටන්ගත්තම...කඳු පාමුල සිට,සිහින් සරින් වගේ ජනප්‍රිය/ ජනප්‍රිය නොවන සින්දු සිය ගණනක් ඇති...
ඕනිම කෙනෙක්ගෙ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් තියනවා වගේම...සාම්ප්‍රදායික බවෙන් මිදිලා, මියුසික් ලයිෆ් එක වෙනස් කරගන්න චාන්ස් එකක් එනවා...2011 දි ආත්මාට ඒ චාන්ස් එක හම්බෙනවා...

ඒ කවුරුත් දන්න(නොදන්න) හිරු එෆ්එම් එකේ සන්ග්ලාස් රැවුලා...තිළිණ රුහුණගේගෙ නව සංගීතමය සංයෝජනයන් එක්ක සෙට්වෙලා...

හිරු එෆ්එම් එකේ " හිනාවෙන්න බැරිතරමට" , "පැතු සෙනෙහේ සේයා රූ" වගේ සින්දුවල මියුසික් කරන්නෙත් පොරමයි...
එකම මියුසික් රිද්මෙකට හිරවෙලා හිටපු මිනිස්සුන්ව වෙනම තාලෙකට හුරුකරන්න,තිළිණ රුහුණගේට පුලුවන් වෙනවා..ඔහු විශිෂ්ටයෙක් 🔥

රචිත වාකිෂ්ට ගෙ පදයෙන් හැඩවුණු මේ සින්දුව වගේම ,ආත්මගෙ ජනප්‍රිය උන "හිත දුර හන්දා","මේ හිත තනියෙන්" කියන සින්දු දෙක ලියවෙන්නෙත් මොහු අතින්මයි...

පදරචකයෙක් සින්දුවක් ලියනකොට ඒක ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් වෙන්නත් පුලුවන්...නැත්තන් සමාජයේ ප්‍රස්තුතයක් අලලා ලියන එකක් වෙන්නත් පුලුවන්...කොහොම උනත් අහන කෙනෙක්ට ඒක තම තමන්ට දැනෙන හැඟෙන අයුරින් ඒක භාරගන්න පුලුවන්...ඒක තමයි කලා නිර්මාණයක නියම වටිනාකම...

කෙනෙක්ට සතපහකට වැඩක් නැති දෙයක් තවකෙනෙක්ට ජීවිතේම වෙන්න පුලුවන්...

කතා ඇති...සින්දුව පැත්තට යමු...

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

පෙනෙන නොපෙනන දුර කියන්නෙම ඒකෙ සීමාවක් නැතිකම...අපිට පෙනෙන සීමාවයි නොපෙනෙන සීමාවයි අතර දිගක් පළලක් මනින්න පුලුවන්ද ???

ඒ කියන්නෙ මේ කියන කෙනා... දන්න කෙනෙක් වෙන්නත් පුලුවන්...නොදන්න,අහම්බෙන් හමුවෙන කෙනෙක් වෙන්නත් පුලුවන්...
හිත කියන්නෙත් කිසිම වෙලාවක විශ්වාස කරන්න බැරි දෙයක්...නොකියාම සිතුවිලි ගොන්නක් එනවා...නොකියාම ඒවා අයින්වෙලා යනවා...ඒ වෙලාවෙ එන සිතුවිල්ලට අනුව අපි අනාගතය ගැන ප්‍රඩික්ෂන් කරනවා...

ගොඩක් අය ජීවිතේට එන්නෙ කියල නෙමෙයි...නොකියම...එහෙම ඇවිත් සමහරු අපේ ජීවිත මල් වලින් සැරසුණු දිව්‍යලෝක කරනවා...සමහරු බූත හොලමන් පිරිච්ච සුසානභූමි ඉතුරුකරනවා...

අන්තිම පදේ අන්තිමට ‼

දකින හිමිවන හීනේ, නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ, ජීවිතය තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ, උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක්, වගේමයි හිතුනා

මේ පද සෙට් එක තමා සින්දුවෙ අර්ථරසය වැඩිම තැන...මේකට විචාරයක් ලියන්න ඕනි කියලත් හිතුනේ මේ නිසාමයි...

අර හොරෙන් එකපාර හිතට ආවා කෙනා එක්ක කාලය ගතවෙන ගමන් එකේක හීන මවනවා...දකින්න,හමුවෙන්න,හිමිකරගන්න...තව තව චූටි බලාපොරොත්තු ගොඩයි...තමන්ට අනන්‍ය වූ හීනවල විශේෂ තැනක් මේ අලුතින් ආපු කෙනාට වෙන්කරනවා...
ආපහු මතක්කරනවා...නුඹ කොතැනද හිටියෙ??ඒක අද නෑ නේද කියල....🥺

ජීවිතේ කියන්නෙම මතක ගොන්නක්...මතකය සැමරුම් කරන එකයි අපි ගොඩක්වෙලාවට කරන්නෙ...ඒ මොහොතෙ ජීවත්වෙනවට වඩා පරණ දේවල් මතක් කරකර රසවිඳිනවා...ඒ මතකවල නවතිනවා...වෙන අරමුණු අමතකවෙනවා...අර "මතක" කියන කෑල්ල අස්සෙ හිරවෙනවා...විඳිනවා...විඳවනවා...

ජැකාගෙ ඝරසරප ෆිල්ම් එකේ ඒකයි කියන්නෙ...අතීතය කියන්නෙ ගිහින් බලල එන්න හොඳ තැනක් උනාට, නැවතිලා ඉන්න හොඳ තැනක් නෙමෙයි කියල...

හඬන හිනැහෙන හැම අවස්ථාවකදිම අනෙක් පුද්ගලයගෙ උරහිස පොදු මාධ්‍යයක් වෙනවා...සතුටකදි,දුකකදි එකිනෙකා වැළඳගන්නවා...

ඉතින් මේවා ඔක්කොම අස්සෙ රචකයට හිතෙනව,"ඇත්තමයි නුඹ අහසක්" කියල...ඒක පට්ටම උපමාවක්...අහස කියන්නෙ ඉතාම අවිනිශ්චිත දෙයක්...විචිත්‍ර ‍රූප සේයාවන් මවන තැනක්...වෙලාවකට නිල් අහස...වෙලාවකට වලාකුළු බරවෙලා...වෙලාවකට වහිනවා එකසියගානට...
උපමේය "නුඹ"

කාළගුණ දෙපාර්තමේන්තුවට බැනල වැඩක් නෑ...ඉමක් කොනක් පේන් නැති අහස ගැන කොහොමද එයාලා ටක්කෙටම අනාවැකි කියන්නෙ????
ඒ වගේ තමා " ඔයත් " 😀

නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

ඕනිම දෙයක් එක්ස්පීරියන්ස් කරනකම් නුහුරුයි...නුපුරුදුයි...හීන වලටත් ඒක පොදුයි....
තුරුල්වුන,අතින් අල්ලන් හිටපු,එකට එක්වුණ මතකය ආපහු පාරක් හිත අවුස්සනවා...

මිරිඟුවක හිත තියලා, නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ, තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්, හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ, ඔය නමත් රැඳුනා

මිරිඟුවක හිත තියන්න පුලුවන්ද ?
ඇත්තම වගේ පේන බොරුවක් /මායාවක් ...අපි ජීවත්වෙන ලෝකයත් හිතෙන් හදපු මායාවක්...ඒ ගැන පස්සෙ කතාකරමු...
මිරිඟුවක් අස්සෙ ආදරේ තිබ්බම...ආදරය අතුරුදහන් වෙන්න පුලුවන්‼️

කාලයත් එක්ක බලාපොරොත්තු ,හීන,හැඟීම් ඔක්කොම දීලා "නුඹ" දුරක ඇදෙනවා කියන්නෙ භෞතිකව අතාරින එක වෙන්නත් පුලුවන්...නැත්තන් හිතත් එක්ක කරන ගනුදෙනු හිමීට නවත්තන එක වෙන්නත් පුලුවන්...
දුර මනින්නෙ ඉන්න කිලෝමීටර ගානින් නෙමෙයි...හදවතට සමීපද,නැද්ද කියන එකෙන්...

යාලුවො,නෑදෑයො සීයක්... රංචු පිටින් හිටියත් අර අදාළ පුද්ගලයා නැතිවෙනකොට දැනෙන තනිකම වෙනම එකක්...ඒක කිසිම කමකට නැති හිස්ම හිස් බොල් ෆීලිං එකක්...වෙන උන් කොච්චර බණ කිව්වත් වැඩක් නෑ...අදාළ නෑ...

අච්චර හීන අස්සෙ තමන්ගෙ ලෝකෙ පර්මනන්ට් තාරකාව වෙන කෙනෙක්ගෙ හීනයක් අස්සෙ ඉන්නවා කියල දැනගත්තම/ දැකගත්තම අර බිල්ඩ් අප් කරපු ඔක්කොම හීන මන්දිර ඇසිල්ලකින් බිමට සමතලා වෙලා කුඩුපට්ටම් වෙනවා...ඒක වචන හයකින් විස්තර කරනවා කියන්නෙ සුපිරිම සුපිරී...

අරුතක් තියනවා කියල හිතන් හිටපු සෙනෙහස/ආදරය.. මොහොතකින් නැතිවෙලා... මෙයත් අනිත් අය වගේම තමා...ඔක්කොම එකයි...ඔක්කොම ඉවරයි කියන නිගමනයට, ක්ෂණිකව සිතුවිලි ධාරාවක් ඇඟ හරහා මොළේට යනවා...කරන්ට් එකක් වගේ...

ඔය නම"ත්" කියන එකෙන්, කලිනුත් නම් ගණනාවක් එක්වෙලා තියන බව අපට කියන්න පුලුවන් වෙනවා...
ආදරය එක්ස්පීරියන්ස් කරල තියන කෙනෙක් ‼️

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...
ආයෙමත් ආදරෙන්❤️...

අන්තිම පදය...
ආදර සම්බන්ධතා නැවැතුනාම ඒක හොඳ ව්දිහට ඉවරවෙන අවස්ථා හරිම අඩුයි...සෝෂල් මීඩියා එක්සාම්පල් එකක් ගත්තොත් එක්කො බ්ලොක් වීමකින්..කලින් තිබුණ පොටෝ ඩිලීට් කිරීමෙන් ඒ සම්බන්ධතාවය ඉවරවෙනවා...බොහෝවිට නැවත පාරක් කතානොකරන තත්වෙට...

ඒක වෙන්නෙත් හරිම අස්වාභාවික විදිහට...
හරියට මෙමරිකාර්ඩ් එකක් එක් ක්ෂණයෙන් ෆෝමැට් කරල දානවා වගේ..🙄

කාලයක් ලස්සනම මතක ගෙනාපු කෙනා,ආදරය දුන්න කෙනා...දවසකින් දෙකකින් කෙලින්ම කුණුකූඩෙට විසික්වෙනවා...කිසිම ඩිජිටල් සාක්ෂියක් ඉතුරුවෙන්නෙ නැති විදිහට...
තාක්ෂණයේ දියුණුව 😲
මනුෂ්‍යත්වයේ පරිහානිය ‼️
තව කෙනෙක්ට ඒක පෞද්ගලිකත්වය කියල අර්ථ දක්වන්නත් පුලුවන්...

ආදරයයි වෛරයයි අතර කෙස් ගහක වෙනසක් තියනවා කියන්නෙ ඒකයි...

ඒත් මෙතන වෙනස වෙන්නෙ
"අපි නවතිමු...ආයෙමත් ආදරෙන් හමුවෙමු"
කියන තැනක...💙💚💛🧡💜️🖤

වෛරය වෙනුවට ආදරය...මානුෂීය සම්බන්ධතා වඩාත් ලස්සන වෙන්නෙ එතැනදි....
ආයෙමත් එන්න කියල ආරාධනාවකුත් එතන තියෙනවා...😀

මේක මම දකින කෝණය...ඔබේ කතාව වෙනස් වෙන්න පුලුවන්...
අහල නැත්තන් අද ආපහු අහල බලන්න...වෙනස් විදිහට දැනෙයි...
තිළිණගෙ වයලීනය ඔබට කතාකරනවා වගේ දැනෙන්නත් පුලුවන් 🎻

තවත් ගීතයකින් හමුවෙමු 🔥
ඕඩියෝ ලින්කුව -
https://youtu.be/ep8H1CZNxI4

සටහන- උදාර මාලින්ද

29/07/2021

🤔

21/07/2021

🖤

20/07/2021
19/07/2021

😁

18/07/2021

ගිනි බත් 🖤

17/07/2021

🖤
දුව සහ නුඹ

16/07/2021

බෑ කියලා පුලුවන්ද ?

11/07/2021

💐

10/07/2021

ලෝකෙ ලස්සන අනිත්‍ය නිසා...
නිත්‍ය දේවල්වල ලස්සනක් තියනවද?🤔

08/07/2021

👁️

29/06/2021

සතර දිසා... 🧭

26/04/2021

24/04/2021

22/04/2021

17/04/2021

වචනය සහ ක්‍රියාව 🙂

16/04/2021

උත්සාහ කරන්න🙂

14/04/2021

Try 🙂

14/04/2021

😊

14/03/2021

සූදානම🙂

09/03/2021

සතුට🙂

05/03/2021

ධෛර්යය 🙂

28/02/2021

බලාපොරොත්තු 🙂

24/02/2021

විශ්වාසය🙂

19/02/2021

සාර්ථකත්වය 🙂

Telephone