AMC Cinema English
මෙම පේජයේ ඉන්ගිලිශ් පමනි
💽 All the Old Knives (2022)
📀 පැරණි මතකයන්ගේ අභිරහස
📀 English
📀 Thriller/Drama
📀 6.1/10 IMDB
━━━━━━━👁️━━━━━━━━💌
2012 වසරේදී ඉස්ලාම් ත්රස්තවාදීන් පිරිසක් තුර්කි ගුවන් යානයක් පැහැරගෙන ජර්මනියෙන් සහ ඔස්ට්‍රියාවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරනවා. මේ සිද්ධියට වියානා නගරයේ ඉන්න CIA සංවිධානය මැදිහත් වෙලා විසඳන්න උත්සහ කලත් අන්තිමේදී ඛේදවාචකයකින් මේ සිදුවීම අවසන් වෙනවා. ඊට අවුර්දු 8කට පස්සේ මේ සිද්දියට අදාල ත්‍රස්තවාදී නායකයෙක් අල්ලගන්න CIA සංවිධානයට පුළුවන් වෙනවා. මේ ත්රස්තවාදියාගෙන් ප්‍රශ්න කරද්දි ඔවුන්ව මවිත කරවන තොරතුරක් දැනගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මීට වසර 8කට කලින් උන ගුවන් යානා කොල්ලයට CIA සංවිධානය ඇතුලෙ කෙනෙක් ත්රස්තවාදීන්ට උදව් කරලා තියෙනවා කියලයි. ඉතිං මේ වගේ තොරතුරක් CIA වගේ ලෝකේ ඉහලින්ම ඉන්න සංවිධානයක් එහෙම ලේසියෙන් ඉවත දායි කියලා හිතන්න බෑනේ. ඒ නිසා මේ සිද්ධිය ගැන නැවත විමර්ශනය කරන්න බොහොම දක්ෂ නිළධාරියෙකු වෙන හෙන්රි පැල්හැම්ට පවරනවා. හෙන්රිට කරන්න තියෙන්නේ මීට අවුරුදු 8කට කලින් CIA සංවිධානයේ හිටපු අයව විමර්ශනය කරලා ත්රස්තවාදීන්ට ඔත්තු සපයපු ද්‍රෝහියව හොයාගන්නයි. ඒක ඒ තරම්ම ලේසි නෑ කියලා ඔයාලටත් පැහැදිලිනේ, වසර ගාණකට කලින් කළු පැල්ලමක් උන සිද්ධියක වගකිව යුත්තා හොයාගන්න හෙන්රිට පුළුවන් වෙයිද ? ඔයාලත් හරිම පරිස්සමින් මේක බලන්නකෝ අන්තිම මොහොතේ ඔක්කොම උඩුයටිකුරු වෙන, හිතපු දේවල් සම්පූර්ණයෙනම වරදින දෙයක් තමයි වෙන්නෙ.
එහෙනම් විස්තර කිව්වා ඇති එහෙනම් ෆිල්ම් එක රසවිඳලම ඉන්න..
━━━━━━━👁️━━━━━━ 💢
💢 AMC Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉන්දියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
💥
https://www.facebook.com/groups/156891478941590/?ref=share
💌 MOVIE LINK
👉
https://m.facebook.com/events/381366113841926?view=permalink&id=381386363839901
💥💥 AMC CINEMA💥💥
💽 The Pyramid (2014)
📀 පිරමීඩයක සිදුකල මරණීය ගවේෂණය
📀 English
📀 Horror/Thriller
📀 4.6/10 IMDB
━━━━━━━👁️━━━━━━━━💌
ද පිරමීඩ් චිත්‍රපටිය, ඊජිප්තු පුරාවිද්‍යා පුරාවෘත්ත හා බැදුණු අති බිහිසුණු චිත්‍රපටියක් කිව්වොත් වරදක් නැහැ. එක්තරා පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩජයමක් පිරමීඩයක් තුල සිරගත වුණු සත්‍යක් සොයා ගවේෂණය කරන්න උත්සුක වෙන මෙම පුරාවිද්‍යා කණ්ඩායමට එකී රටින් දැඩි බලපෑමක් එල්ල වෙනවා . (මේක හරියට කෙවිලිය කපුටගේ කූඩුවේ හොරාට බිත්තර දානවා වගේ වැඩක්.. මම එහෙම කියන්නේ ඇයි කියලා චිත්‍රපටිය බැලුවම ඔයාට තේරේවි..) ඔය හැම බලපෑමක් හමුවේ ඉදිරියට යන අපේ කණ්ඩායමේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි., තමන්ගේ මවු රටිනුත් අවවාද ගලා ගෙන එනවා, එක්තරා දිනයකදී තමන්ගේ මව් රටම කියනවා පැය 24 ක් ඇතුලත, ඔතනින් පිටවෙන්න කියලා. අපේ පුරාවිද්‍යා කණ්ඩායමට පුරාවිද්‍යා පිපාසය දැනිලා,අඩි ගණනක් වැලලුණු මේ සොහොනට කකුල් උස්සලා ගමන් කරනවා (..විෂය ගැන උනන්දුවක් තියෙන මිනිස්සු එහෙමයි කියලා ප්‍රායෝගිකව මෙතනින් ඔප්පුවෙනවා) කතාව පටන් ගන්නේ එතැනින්.
ඉන් අනතුරුව සිදුවන්නේ සෑම කෙනෙක්ම බලාපොරොත්තු තබාගත්තේ නැති කතාන්දර ගොන්නකින්…
━━━━━━━👁️━━━━━━ 💢
💢 AMC Cinema♾️ English upload group
(අපගේ ඉන්ග්ලිශ් ෆිල්ම්ස් අප්ලොඩ් ගෘප් එක)
💥
https://www.facebook.com/groups/1205091316903757/?ref=share
💌 MOVIE LINK
👉
https://m.facebook.com/events/647479483210641?view=permalink&id=647518453206744
💥💥 AMC CINEMA💥💥
💽 Turning Red (2022)
📀 විදින්න මෙයයි ජීවිතය
📀 English
📀 Family/Comedy
📀 7.1/10 IMDB
━━━━━━━👁️━━━━━━━━💌
කතාව ගැන කියනවානම් මේ කතාව 2002 වර්ෂයෙ සිදුවූ සිදුවීමක් විදියට තමයි තියෙන්නෙ. Toronto නගරයෙ මෙයිලින් ලී කියල පොඩි කෙල්ලෙක් ඉන්නව.ඉතින් මේ කෙල්ල ගොඩක් දේවල් වලට දක්ෂයි.ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අම්ම මෙයාගෙ ජීවිතේ හැම දේකටම ඇඟිලි ගහනව.මේව ඔක්කොම ඉවසන් ඉද්දි මේ කෙල්ලට පොඩි අකරතැබ්බයක් වෙනව.ඒ අකරතැබ්බය මොකක්ද කියල මං කියන්න යන්නෙ නම් නෑ.මෙන්න මේ සිදුවීම එයාගෙ මුළු ජීවිතේම වෙනස් කරනව.ඒ කියන්නෙ ප්‍රශ්න එක්ක සතුටත් අරන් එනව.ඒත් මේ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙන්න මේ මෙයිලින් ලීට බෑ.මොකද ඒක එයාගෙ ජීවිතේට බලපෑමක්.
මෙයා මේ ප්‍රශ්නත් එක්ක කොහොම ජීවිතේ ජය ගනියිද?.
━━━━━━━👁️━━━━━━ 💢
💢 AMC Cinema ♾️ Film upload group
(අපගෙ සිනමා අප්ලොඩ් ගෘප් එක)
💥
https://www.facebook.com/groups/156891478941590/?ref=share
💌 MOVIE LINK
👉
https://m.facebook.com/events/687562649335564?view=permalink&id=687579619333867
💥💥 AMC CINEMA💥💥
💽 Project Gemini 2020
📀 English
📀 ජෙමිනි ව්‍යාපෘතිය
📀 Science Fiction / Adventure
📀 3.4/10 IMDB
━━━━━━━👁️━━━━━━━━💌
කතාව ගැන කියනවනම් වෛරසයක් නිසා පෘථිවිය වඳවීමේ තර්ජනයට ලක් වෙනව ඒත් අන්තිමට ජීවය නිර්මාණය කරන්න පුලුවන් උපාංගයක් හොයා ගත්නව. ඒ නිසා අපේ ග්‍රහලෝකයට සමාන වායුගෝලීය තත්වයන් අඩු වැඩි වශයෙන් තියන TESS නම් අලුත් පෘතුවියකට යන්න හදන්නෙ.
━━━━━━━👁️━━━━━━ 💢
💢 AMC Cinema♾️ upload group
(අපගේ සිනමා අප්ලොඩ් ගෘප් එක)
💥
https://www.facebook.com/groups/156891478941590/?ref=share
💌 MOVIE LINK
👉
https://m.facebook.com/events/306698691562333?view=permalink&id=306699344895601
💥💥 AMC CINEMA💥💥