Comprehension Class by Zoom

Comprehension Class by Zoom

In a knowledge society
දැනුමෙන් පිරිපුන් සමාජයක්

අගමැතිකම භාරගැනීම ප්‍රතික්ෂේප කළාද ? - සජිත්ගෙන් ජනපතිට යළිත් ලිපියක් ... - LNW Sinhala 14/05/2022

අගමැතිකම භාරගැනීම ප්‍රතික්ෂේප කළාද ? - සජිත්ගෙන් ජනපතිට යළිත් ලිපියක් ... - LNW Sinhala එමෙන්ම ජන මතයට පිටින් දැනටමත් පිහිටුවීමට යන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට සමගි ජන බලවේගයේ කිසිවෙකුත් සහභාගී නොවන බව ද ...

19/10/2021

# තනි පද - සිංහල භාෂාවේ අදහස් ප්‍රකාශ කිරීමේ දී අදහස් සමුහයක් තනි පදයකින් ප්‍රකාශ කිරීමට හැකියාව ඇති පද සමුච්චය ලෙස තනි පද සැලකේ. මෙය සංක්ෂිප්තකරණයට සහ සාරාංශකරණයට එකසේ වැදගත් වෙයි.

https://chat.whatsapp.com/FQqxNLcdlc54TqwXP1up8O

13/10/2021

https://chat.whatsapp.com/E1kqF5eUsLa8Ij5gMN1cXY

🛑 අවබෝධය | රාජ්‍ය සේවා තරග විභාග | Comprehension class by zoom සම්බන්ධ වීමට ඉහත ලින්ක් එක භාවිතා කරන්න. (මුදල් අයකරනු නොලැබේ), පන්තියට සහභාගිවීමට කැමති වෙනත් අයට ද ශෙයා කරන්න !
✅ අවබෝධ ශික්ෂණයේ හරි මඟ :
✅ නොමිලේ දේශනයට සහභාගිවී, සාරාංශකරණයේ දී අනුගමනය කළ යුතු පියවර ආකෘතියක් දැන ගන්න.
✅ සාරාංශකරණය :

දීර්ඝ පාඨයක් කියවා ඒහි අදහස් කැටි කොට ගැනීම හෝ දීම අද බලාපොරොත්තුවන කුසලතාවයකි. දිගු කතාවක්, නව කතාවක් කියවා එහි අන්තර්ගත ප්රලධාන දේ සැකෙවින් කීමට හැකි වීම ශාස්ත්රයවන්තයකුගේ ලක්ෂණයකි.
සාරාංශයෙහි සුවිශේෂ ගුණය මහිමය මෙතෙකැයි අගය කළ නොහේ. එහි මිම්ම සන්නිවේදන අවබෝධ සාධක වටිනාකම පමණක් නොවේ. කාලය, අවකාශය හා අන්තරය පිළබඳ වූ පිරිමැසුම හා ඉතිරිය ද වෙයි. බොහෝ තැන සරල බව, රසවින්දනය, කියවීමේ, ඇසීමේ රුචිය වැනි අගයයන් එහි ඇතුළති. පියවර ආකෘතිය පහත වෙයි.

I. දෙන ලද පාඨය තරමක් වේගයෙන් වරක් කියවා ප්රහධාන තේමාව සහ ඒහි මධ්යේගත කල්පනාවලිය තේරුම් ගැනීමට උත්සාහ කරන්න.
II. දෙවන වර සාවධානව අඩු වේගයකින් කියවා මුඛ්ය තේමාවට අනුකූල අවශ්යත කරුණු හා සිද්ධි තීරණය කර යටින් ඉරි ගැසීමෙන් හෝ කෙටි සටහන් මඟින් හෝ සලකුණු කර ගන්න.
III. දෙවන කියැවීමේ දී ග්රෙහණය කළ කරුණු ආවර්ජනය කොට ප්රඅමුඛ සිද්ධි සටහන් කොට ගන්න.
IV. තෙවන වරද කියවා සිද්ධිවල ප්රණමුඛත්වය අනුව සටහන් ගළපා දළ සාරාංශයක් ලියන්න. මෙය කටු සටහනක් වශයෙන් යොදා ගැනීම ප්රියෝජනවත් විය හැකිය.
V. දළ සාරාංශය කියවා මුල් පාඨය සමග සසඳා බලා අඩුවක් හෝ වැඩියක් තිබේදැයි බලා වචන ගණන් කරන්න. අවශ්යු ප්ර මාණයට වඩා වචන වැඩි නම් අත්හළ හැකි අදහස් සොයා අස් කිරීමෙන් හෝ තිත් පද යෙදීමෙන් හෝ සංක්ෂිප්ත කරන්න. වචන ගණන අඩු නම් තවත් අදාළ අදහස් ඇතුළු කරන්න.
VI. ඉක්බිති පැහැදිලි සාරාංශය ලියා වචන සංඛ්යා.ව ගණන් කොට සඳහන් කරන්න. කටු සටහනෙන් සකසා ගත් සංශෝධිත සාරාංශය විශේෂයෙන් ම විභාගවල දී පිළිතුරු ලිවීමට අගනා උදව්වක් කර ගත හැකි ය.
VII. අවශ්යස වේ නම් හෝ ඉල්ලා තිබේ නම් හෝ සුදුසු මාතෘකාවක් යොදන්න.

සාරාංශකරණය පිළිබඳව ඔබට සපයන මෙම උපදෙස් මාලාව යළි කල්පනාවෙන් කියවන්න. සාරාංශ ලිවීමේ දී ඉතාම වැදගත් අවශ්යල ම කරුණ නම් දෙන ලද පාඨයෙහි මුඛ්යා අදහස් හෝ අදහස තෝරා ගැනීමයි. සොයා ගැනීමයි. මෙය මැනවින් කළ හැක්කේ දෙන ලද පාඨය හොඳින් අවබෝධ කර ගත් කල්හි ය.

1️⃣ අවබෝධය : හැදින්වීම

මිනිසාගේ චින්තනයෙහි මාධ්ය භාෂාව ගැනෙයි. භාෂා උගතුන් කියයි. අපට එදිනෙදා සිදුකරන සෑම ක්රිසයාවකදී ම අපට සිතන්නට, ලියන්නට, කියන්නට හැකි වූයේ එම භාෂාවේ මහිමයෙනි. සිතීමේ උපකරණය වූ භාෂාව නිවැරදිව හැසිරවීමට නිරවුල් චින්තනයටත්, ප්රිකාශනයටත් වැදගත් ය.
මේ සා වැදගත්කමක් ඇති භාෂාව හා සම්බන්ධ අනෙක් මාධ්යල ‘අවබෝධය’ යි. අවබෝධය යන්නෙහි සාමාන්යැ අදහස ලෙස සැලකෙන්නේ තේරුම් ගැනීමයි. නැතහොත් අදහස් ග්ර හණය කර ගැනීමට ඇති ශක්තිය යි. තව දුරටත් අර්ථ විග්රුහ කළහොත් ඉන් අදහස් වන්නේ ලේඛකයාගේ නැතිනම් සන්නිවේදකයාගේ සිතැගිය හා චින්තනය වටහා ගැනීමයි.
දෛනික ජීවිතයේ දී පුද්ගලික හෝ කාර්යාලයක දී හෝ අවබෝධය විෂය මිනිසාට වැදගත්ය. ඉලක්ක සපුරා ගැනීමට මෙන්ම ගැටළු නිරාකරණයයෙ දී අතිශය වැදගත් වෙයි. එබැන් අද බොහෝ රටවල රාජ්යඉ සේවයට බදවා ගන්නා තරඟ විභාගවල ප්රීධාන විෂයන්ට අවබෝධය ඇතුළත්ව ඇත.
එදිනෙදා රාජ්යඟ පාලනයේ දී ත් රාජ්යර ව්යාඅපාර පරිපාලනයේදී ත් මෙම විෂය වැදගත් කොට සැලකෙයි. එනම් ජනතා ප්රරශ්න විසදන පරිපාලන නිලධාරියෙකුට හෝ ව්යාවපාර පරිපාලනයේ නිරත කළමනාකරුවෙකුට නිවැරදි ඉලක්කගත තීන්දු ගැනීමට අවබෝධය වැදගත් වෙයි.
එනම්, ප්ර්කාශනයක්, ලේඛනයක, පාඨයක දත්ත විශ්ලේෂණයක දී හෝ අන් කවර ප්රයකාශනයක හෝ ඇති ප්ර්මුඛ අදහස, එහි ගැබී වී ඇති ගැටළුව, අර්ථය, ධර්මය, පණිවුඩය, උපහාසය, හාස්යමය, ධ්වනිතාර්ථය, පදර්ථ ආදිය පැහැදිලිව නිරවුල්ව වටහා ගැනීමය.
මේ වූකලි වෙසෙසින්ම කියන, කියවන, අසන, අසන, ඇසෙන, හැඟෙන දේ තේරුම් ගැනීම පිළිබඳ අවබෝධයයි. අසීමිත ධර්මතාවයක් නැතහොත් ප්රවතිභාවක් වන අවබෝධයෙහි, එය ඒක් ව්යතවහාරික පරිමාණයක් පමණි. සමස්තයක් වශයෙන් මෙනෙහි කරන කළ අවබෝධය පෙනෙන, අසන, රස පහස ලබන දේ හා වරණය පිළිබඳ සංස්ථාගත වටහා ගැනීමේ සිට උත්තරීතර ඉන්ද්රියයානුසාරී සඥාවෙනුත්, විඥානයෙනුත් සන්තාන ගතවන ප්රඋතිභාපූර්ණ සම්ප්රුජානය තෙක් විහිදෙයි. ඒහි කෙළවර ඇත්තේ පුද්ගලයා හා ලෝකය පිළිබඳ යථා තත්ත්ව අවබෝධයයි. යථාභූත ඥානය යයි හැඳින්වෙන එම උත්තරය අවබෝධය මුහුකුරා යෑමෙනි.
බුදුන් වහන්සේ ප්රබත්ය ක්ෂ කොට ලොවට ප්රූදානය කළ චාතුරාර්ය සත්යඋය වටහා ගත හැකි වන්නේ පෙර නො අසන ලද්දාවූ ධර්ම විෂයයේ ඇස, නුවණ, ප්රඥඥාව, විද්යාිව ආලෝකය, උත්පාදනය කරන එවන් අවබෝධය සීල සමාධි ප්රදඥා අභි වර්ධනයේ අග්රය ඵලයයි.
අවබෝධය මහත් සංකීර්ණ විෂය පද්ධතියකි. එය පහත පාඨයෙන් තේරුම් ගැනීමට හැකිවනු ඇත.
“ලෝවැස්සන්ගේ අවබෝධය බොහෝ විට හරිවාට වඩා වැරදි ය. එයට හේතුව, වැරදි අවබෝධයට මිනිස් මනසෙහි ඇති ධාරිතාව ඇත්ත වශයෙන් ම, අසීමිත බවයි.”
මිනිසාගේ එදිනෙදා පැවැත්මෙහි බොහෝ ගැටලු තැන්හි ප්රතධාන සාධකය අවබෝධයේ වැරදි විය හැකිය. මිනිසා කරන කියන සිතින විදින හැම දෙයටම සීමාවක් ඇත. සීමාව නැත්තේ යැයි පෙනෙන්නේ වැරදි අවබෝධයට හෙවත් වරදවා තේරුම් ගැනීමට පමණි. ආපසු හැරී හැකිතාක් දුරට ස්වාර්ථ විරහිතව මධ්යවස්ථ මතධාරීව විගනනය කරන්නේ නම් පෘථග්ජන කවුරුන්ගේ මුත් අත්දැකීම් මෙම කිය‍මනට දෙස් දෙන්නේ යි. සනාථ කරන්නේයි.
දිවිමගෙහි පා වැරදීමෙන්, වළගොඩැලි වල වැටීමෙන්, වල්මත් වන්නන්, ඇද වැටෙන්නන් සහ නැසෙන්නන් කවදත් දිග් ගමනාන්තයක් තෙක් හරිමග යන්නන්ට වැඩි සංඛ්යාහවේ වන්නේ වැරදි අවබෝධ හේතු වෙනි. එලෙසමයි මීනිසුන් වෙසෙසින්ම ඔවුනතර වඩා ක්රිලයාන්විත කොටස වන වැඩෙහි නියුතු වූවන්, තෘප්තියට වඩා අතෘප්තියට, සැනසිල්ලට වඩා නොසැලකිල්ලට ගොදුරුව සිටින්නේ. මෙය ලොව වැඩි වෙමින් පවත්නා ප්ර්වණතාවක් ද වේ.
අවබෝධ ශික්ෂණයෙහි අගය එදිනෙදා ජීවිතයේ දී බොහෝ දෙනා යොමු කළ යුතුව ඇති හරි දැක්මේ හා හරිමඟ යෑමේ සංස්ථානනය පිණිස පමණක් නොවේ. මතු සඳහන් පහළ මඟ ගත් අවබෝධ ජෛව සම්පත සමහරු යමින් සිටින හා වෙනත් කවුරුනුත් කවදාමුත් සැරිසැරිය යුතු වන, ඉහළ මාවත ද සුමග කරවන ආනිශංසයන් වන්නේ ය. මේ අනුව අවබෝධය මහත්පල සම්පන්නක් වන්නේ හෝ විලෝමව නිහීත සාපයක් වන්නේ හෝ එ වෙනුවෙන් හුරු පුරුදු කෙරුණු ව්ය වහාරික ශෛලීය අනුව යැයි නිගමනය කළ හැක.
මෙසේ විවරණය කෙරෙන පසුබිම් මතින් ලියැවෙන මෙම අවබෝධ අධ්යියන අභ්යායස සංග්රාහය මෙතැන් සිට ව්යාකවෘත වන්නේ කියන, කියවන, අසන, ඇසෙන දේ නිවැරදිව අවබෝධ කර ගැනීමේ පුරුද්ද තහවුරු කිරීම හා ඒහි ලා කුසලාතා දියුණු කර ගැනීම වෙනුවෙනි. විභාග පරික්ෂණ ඇගයුමට භාජන වන පරිශීල සම්ප්ර ජානය හා අවබෝධ කුසලතා වඩාලීම කෙරෙහි මෙහි ඇති අවධාරණය වෙසෙසින් ම උසස් තරග විභාග අපෙක්ෂකයන් හා ආධුනික විචාරය උදෙසාය.
2️⃣ කියැවීමෙන් අවබෝධය වර්ධනය :
කාර්යාලයක දී හෝ තරග විභාගයක දී හෝ පරිශීලනයට ලැබෙන ලියවිල්ලක අර්ථය නිවරදි ලෙස අවබෝධකර ගැනීම සඳහා එම ලිපිය බොහෝ විට එක්වරකට වඩා කියවිය යුතු වෙයි. තරග විභාගයක කාලය සමග සටනක යෙදිය යුතු බැවින් කියවීමට වැඩි කාලයක් ගතහොත් කාල කළමනාකරණ ගැටළුවට මුහුණදීමෙන් බොහෝ පිරිස් විභාග අතහැරදමයි.
එබැවින් ඊට සාර්ථකව මුහුණදීමට අවබෝධය විෂය ප්ර.ගුණ කිරීම වැදගත්ය. සාමාන්යායෙන් ප්රාවීනයකුට වුව ද, දක්ෂයෙකුට වුව ද උක්ත ලේඛනය වරක් පමණක් කියැවීමෙන් එහි අන්තර්ගත විෂය කරුණු සියල්ලම එක එල්ලේම තේරුම් ගැනීමට අපහසුය. ඒ සඳහා ඇති එකම පිළියම අභ්යාගස කිරීමයි.
බොහොමයක් තරග විභාග අවබෝධය පැය 2 ක ප්රාශ්න පත්ර ය මගින් අපේක්ෂකයා සතු කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව, සන්නිවේදන කුසලතාවය, සාරාංශකරණය, වවිරණය හා නිර්මාණාත්මක බව ආදී කුසලතා මැනීම සඳහා සකස්කරනු ලබන වාස්තවික ප්රුශ්නවලින් යුක්ත වේ.
තරඟ විභාගයක දී සෑම විෂයකටම උපරිම ලකුණු සංඛ්යාලවක් ගතයුතු බැවින් “අවබෝධය” ඉක්මනින් ලබා ගැනීමට වැදගත්ය. ඒ සඳහා අර්ථාන්විතව කියැවීමේ වේගය ඇතිකර ගැනීම අවශ්යෂවේ. ඒ සඳහා තමා විසින් ශිල්ප ක්රදම අත්හදා බැලිය යුතුය. එකම ක්රකමයක් නොමැති අතර තමාට පහසු ආවේනික ක්ර මයක් තෝරාගත යුතුය.
✅ කියවන ලද දේ සිහියේ තබා ගැනීමට වැදගත්වන කරුණු.
I. මේ සඳහාත් යටින් ඉරි ඇඳි සලකුණු කර ගත් පද හා අදහස් උපයෝගී කර ගන්න.
II. කාලය තිබේ නම් කියැවීමට දෙන ලද ඡේදයෙහි, නිබන්ධයෙහි සැකිල්ලක් හෝ ආකෘතියක් කටු සටහන් කර ගැනීම කියවන දේ සිහියේ රඳවා ගැනීමට උපකාරී වේ. බොහෝ විට මෙම සටහන් කර ගන්නට වන්නේ මානසිකවය.
III. අදාළ වන ස්ථාන, පුද්ගල නම් ගම්, දින දාතම්, කාල නියමයන් හා සංඛ්යාි දත්තයන් ආදි තොරතුරු වැදගත් වන කල්හි ඒවා සිත්හි රඳවා තබා ගැනීමේ සිහි කල්පනාවෙන් යුක්ත විය යුතුය

3️⃣ තරඟ විභාගයක දී අපෙක්ෂකයාගේ අවබෝධය මැන බැලීමට ක්රපම කිහිපයක් යොදා ගැනේ.
1. යම් ලිපියක ඡේදයක් හෙවත් කෙටි පාඨ ගණනාවක් අපේක්ෂකයා වෙත ලබාදෙයි. එම පාඨ දී එහි අර්ථය එක් වාක්ය යකින් ප්රහකාශ කරන ලෙස දෙයි. මෙය සංක්ෂිප්ත කරණය ලෙස ද හැදින්වෙයි.
2. තවත් අවස්ථාවක යටින් ඉරි ඇදි පදවල විවරණ (අදහස පැහැදිළි කිරීම) සැපයීමේ ප්රරශ්න දෙනු ලැබේ.
3. තවත් අවස්ථාවක ඡෙදයක් දී එහි අදහසට සමාන අදහස් ඇති විකල්ප ප්රළකාශ සහිත වාක්යය කිහිපයක් දී අපේක්ෂකයා විසින් වඩාත්ම උචිත ප්රිකාශය තොරා ගැනීම කළ යුතුය.
4. ඡේදයක් ලබා දී ඒ මඟින් අපේක්ෂකයා වෙත ප්රොශ්න කිහිපයක් ඉදිරිපත් කරනු ලබන අතර, ඒවාට නිවරදි පිළිතුරු දීම අපේක්ෂා කෙරේ.
5. තවත් ඉහළ ලකුණු හිමිවන අවබෝධය මැනීමේ ක්රොමයක් ලෙස සාරාංශ ලිවීම ද අපෙක්ෂකයාට සිදු වෙයි.
මෙවැනි අවබෝධය විෂය සම්බන්ධව ඉහළ ප්රවතිභාව ඇතිකර ගැනීම මසකින් හෝ දෙකකින් හෝ වැනි කෙටි කාලයක දී සපුරාගත හැක්කක් නොවේ. කලක් තිස්සේ කියැවීමේ පළපුරුද්ද ලබාගත්ත අයකුට නම් ඉක්මනින් උක්ත ලිපිය කියවන්නටත්, එහි අර්ථය මෙන්ම හරය ද උකහා ගැනීමටත් එතරම් ආයාසයක් නොවන්නට පුළුවන.
එහෙයින් මේ හැකියාව ක්රයමිකව වර්ධනයකර ගත යුක්තකි. ඒ සඳහා උපරිමයෙන් නිතොර, නිතොර පත පොත විවෙක මෙන්ම සිහි බුද්ධියෙන් යුක්තව කියැවීමෙන් ම මෙය ලබා ගත හැකි වෙයි. කිය වූ දෑ සම්මර්ශනය කිරීමෙන්, තර්කානුකූලව සිතා බැලීමෙන් හා අභ්යාිස කිරීමෙන් මේ දස්කම් හැකියා විදහා දැක්ක හැකි වෙයි. මෙහි දැක්වූ අභ්යාිස කිරීම ඉහළ පරිපූර්ණත්වයක් උදෙසා දායකත්වයක් වනු ඇත.
රාජ්ය සේවා තරග විභාග සඳහා ද, අනෙකුත් තරඟ විභාග හා උසස් විභාග සඳහා ද, “අවබෝධය” විෂය හා සම්බන්ධ අවබෝධය ඇගයෙන විවිධ ශිල්පක්රකමයන්ගෙන් සමන්විත ප්ර ශ්න පත්රසයක් දීම එම විභාගවල ආරම්භයේ සිටම සිදුකර ඇත.
අවබෝධ නිපුනත්වය පිළිබඳ දක්ෂතා කුසලතා මැනීමේ දී බහුලව උපයෝගී කර ගන්නා ඇගයීමේ ක්ර්මයක් නම්, කියැවීම හා පරිශීලනය යි. නිරීක්ෂණයට දෙනු ලබන නිබන්ධනයක හෝ පත පොතක හෝ අන්තර්ගතය පිළිබඳව යම් යම් ආකාරයේ ප්රයශ්න ඇසීමය. එම ප්රබශ්න උසස් තරඟ විභාග ආදියේ දී පහත සඳහන් ප්ර භේදයන්ගෙන් සමන්විත වෙයි.
1. සංක්ෂිප්තකරණය.
2. සාරාංශකරණය.
3. උචිත විකල්ප තේරීම් හා පදාර්ථ නිරූපනය.
4. බහුවරණ ප්රපකාශයන් අතරෙන් උචිත විකල්ප ලකුණු කිරීම.
5. ජේද ආශ්රිරත ප්ර ශ්න.
6. රචනා.
7. සමස්තාර්ථය දැක්වීම.
ඉහත දැක් වූ ආකාරයේ ඇගයීම් ක්රඅම යටතේ අවබොධය පිළිබඳ ශක්තිය පරික්ෂාකරනු ලැබේ. මෙවැනි අවබෝධය ඇගයීමේ ප්රාශ්නවලට ස්වභාවය බොහෝ විට, දෙන ලද ඡේදයක හෝ ප්රනකාශයක හෝ පාඨයේ හෝ අන්තර්ගත පහත සඳහන් ආකාරයේ ප්රසශ්න ගැන අවබෝධයක් ඇතිකර ගැනීම වටී.
1. දෙන ලද ඡේදයක හෝ නිබන්ධනයක කේන්ද්රි්ය චින්තනය වෙන්කර හඳුනා ගැනීම.
2. දෙන ලද ඡේදයක හෝ නිබන්ධනයේ සඳහන් විශේෂ අරමුණු සහ ඉලක්ක සොයා දැක්වීම.
3. දෙන ලද පාඨවල හෝ නිබන්ධනයෙන් ගම්යව වන අනුමිති හෙවත් අනුමානයන් හා විශේෂයෙන් ව්යංනගයන් සොයා දැක්වීම.
4. දෙන ලද ඡේදයක හෝ ලිපියක ලේඛකයාගේ සිතේ ඇති වූ හැඟීම හෙවත් මනෝභාවය තේරුම් ගෙන ප්රරකාශනය.
5. ලේඛකයා තම අදහස් ප්රිකාශ කිරීමට උපයෝගී කර ගත් විශේෂ ක්රනමවේදයන් සහ චින්තනය වටහා ගැනීම හා ප්රයකාශ කිරීම.

4️⃣ අවබෝධයේ පදනම තීරණයවන ස්වභාවය :-
ප්රීධාන වශයෙන් සංක්ෂිප්තකරණය හෝ සාරාංශකරණය හෝ වෙනත් පෙර සඳහන්කරන ලද ගැටළුවක දී ජේදයක හෝ වාක්යා ඛණ්ඩයක් පිළිබඳව අවබෝධය පිරික්සීමට යෙදෙන සමහර ප්රවශ්නවලට එක එල්ලේ ම පිළිතුරු දිය හැකි අවස්ථා ඇත. ඒ කෙසේද යත් දෙන ලද ඡේදය කියවා බැලීමේ දී සමහර විට සමහර අවස්ථාවල දී ඡේදයෙන් අසන අපේක්ෂිත ප්ර ශ්නයට උත්තරය කෙළින්ම එහි දැක්වේ නම් උචිත සෘජු උත්තරය සැපයීම ඉතා පහසු වෙයි. පහත නිදසුන් මගින් එය නිරවුල්ව පැහැදිළි කෙරේ.
(i). උත්තරය පහසුවෙන් හදුනාගත හැකි ඡේද ආශ්රිදත ප්රයශ්න :
අභ්යාාසය 01 :-
“රටක උපරිම සෞභාග්ය1ය ළඟා කර ගත හැක්කේ සම්පත් පවත්නා සියලුම මාර්ගයන්ගේ කාර්යක්ෂමතාවෙන් උපයෝගී කර ගැනීමෙන් සහ ඒවායේ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමෙනි”
ඉහතින් ඇති වාක්යඋ පාඨය පිළිබඳ පහත දැක්වෙන ප්රිශ්නය ඇසුවහොත්, උත්තරය කෙළින් ම වාක්යද පාඨයේ පෙන්නුම්ව ඇති හෙයින් එය හදුනා ගැනීම මෙන්ම උචිත උත්තරය සැපයීම එතරම් ම අපහසුවක් නැත.
ඉහත පාඨයෙ අසන ප්රිශ්නය :
උපරිම සෞභාග්ය ය ළඟා කර ගත හැක්කේ කෙසේ ද ?
උත්තරය :
1. සම්පත් කාර්යක්ෂමව නිෂ්පාදනයෙහි යෙදවීමෙනි.
2. නිෂ්පාදන කාර්යයෙහි කාර්යක්ෂම සම්පත් උපයෝගීතාවයෙනි.

(ii). උත්තරය පහසුවෙන් හදුනාගත නොහැකි ඡේද ආශ්රිවත ප්රමශ්න :
තවත් විටෙක අසා ඇති සමහර ප්ර ශ්නවලට කෙළින් ම ඡේදය බලා උත්තර සැපයීම අපහසු අවස්ථා තමයි වැඩිපුරම තිබෙන්නේ. එවැනි ප්රශශ්නවලට උත්තර ඡේදයෙහි තිබුණ ද උත්තරය අපට නිර්මාණයකර ගැනීමට සිදු වෙයි. වචන ඒ මේ අත යෙදීමෙන් සහ ඒ මේ අත හසුරුවා ගැනීමෙන් උත්තරය සපයා ගත යුතු වේ.
අභ්යාවසය 02 :-
කඳු බෑවුම්වල වනාන්තර හෙළි කිරීම හේතු කොට ගෙන පස සෝදා යෑමෙන් හෙවත් සෝදා පාළුවෙන් සශ්රීෑක පළතුරු උද්යාරනවලට සිදු වූ අලාභ හානි වෙත ක්රිවස්තු පූර්ව සතර වන සියවසේ දී ප්ලෝටෝ අවධානය යොමු කළේ ය. සදාතනවම ම ජාතියක ආර්ථිකයට වනාන්තර නිරන්තරයෙන් ම වැදගත් බලපෑමක් ඇති කරයි.
ඉහත පාඨයෙ අසන ප්ර ශ්න :
ඉහත සඳහන් ඡේදය කියවා පහත දැක්වෙන ප්රටශ්නවලට උත්තර සපයන්න.
1. වනාන්තරයන්හි ඇති වැදගත්කම කවරේ ද ?
2. ජාතියක ආර්ථිකයට වනාන්තර බලපාන්නේ කෙසේ ද ?
ඉහත දැක්වුණු ප්රරශ්න දෙකට උත්තර කෙළින් ලබා දිය නොහැකි ය. ඡේදය සාවදානව කියවා එහි ව්යාං ග අර්ථය උකහා ගෙන වචන ඒ මේ අත හසුරවමින් ඉඟියෙන් ද යමක් තෝරා ගැනීමෙන් පැහැදිළි නිශ්චිත උත්තර සැපයිය යුතුය.
පළමු පශ්නයට පිළිතුර :
වනාන්තර තිබීම නිසා සෝදා පාළුව අඩු වේ. එහෙයින් පසෙහි සාරය විනාශ නොවී පසෙහි සරු බව රැකේ.
ඒ ආකාරයට දෙන ලද ඡේදයේ ‘පෙළි අතරින් කියවා’ පිළිතුර සොයා ගත යුතුය. එය බොහෝ අවස්ථාවක දී ඇති ඡේදයෙහි සැඟවුණු ඉඟියක් දෙනු ලබන අර්ථ විය හැකියි. එ වැනි අර්ථයට අපි ව්යාංරග්යා්ර්ථය යයි කියන්නෙමු. එ හෙයින් ව්යාංෙග්‍යාර්ථය සොයා ගැනීමට ඡෙදය සාවධානව කියැවිය යුතුයි. බුද්ධිය මෙහෙයවා කියවා බැලිය යුතුයි.
දෙවැනි ප්රයශ්නයට පිළිතුර :
පස සෝදා පාළුව වළක්වා පරිසර ආරක්ෂා කර කෘෂිකර්මාන්තයේ වර්ධනයට දායක වීම මඟින් ජාතික ආර්ථිකයට සිදුවන බලපෑම.
අභ්යා ස 03 :-
ගුත්තිලයෙහි එන මේ කවිය බුද්ධිය මෙහෙයවා සාවධානව කියවා බලන්න.
හිමි ඔබ ඉදිරි යේ
වැයුවත් වෙණ ඉදිරි යේ
සිල්ප එක සරි යේ
එයින් දුන මැනවි පඩි සරි යේ
මේ කවියෙහි අවබෝධය සම්බන්ධයෙන් උසස් අර්ථයක් සපයයි. කවියෙහි වාච්යාඟර්ථය ඉතා පහසුවෙන් තේරුම් ගත හැකියි. රචකයාගේ දක්ෂතාවය අනුව ධ්වනිත වන සියුම් අර්ථයක් ගැබ්කර තිබේ. එය නම් මේ කවියේ කියවෙන මූසිලයා පෙරළිකාරයකු බවත් එම සමාජයේ මෙ තෙක් පැවැති සම්ප්ර්දායට එරෙහිව නැඟී සිටි යි. එකල සමාජයේ ගුරුවරයාට එරෙහිව නැඟී සිටි ශිෂ්යමයෝ නො වූහ. සම්ප්ර දායට පිටුපා මූසිල නැඟී සිටියේ ය. වාදනයෙහි ගුරු ගෝල දක්වන්නේ එක හා සමාන හැකියාවක් සහ දක්ෂතාවයක් නම් සමව වැටුප් නො ගෙවන්නේ ඇයි දැයි ඔහු රජුගෙන් අසයි. සම පඩි නොදීමෙන් රජු කරන්නේ වරදක්යැයි මූසිල ඉඟියෙන් මෙන් පවසයි. මේ අයුරින් ව්යාං ග්යාමර්ථය අවබෝධ කර ගැනීමට දෙන ලද ඡේදය බුද්ධිමත්ව කියැවිය යුතු වෙයි.

චන්දන රණුපරගේ
B.Sc Management (Public) Administration Special Degree
Master of Mass Communication
Postgraduate Diploma In Writership & Communication
L.L.B

🛑 අවබෝධය | රාජ්යr සේවා තරග විභාග | Comprehension class by zoom
🛑 රාජ්යD සේවයේ දීප ව්යායප්ත සේවාවන්හි iii ශ්රේaණියේ, විවෘත සහ සීමීත පදනමින් බඳවා ගැනීම සඳහා විභාග පැවැත්වීමට නියමිතව ඇත.
I. ශ්රීව ලංකා පරිපාලන සේවය.
II. ශ්රී‍ ලංකා ගණකාධිකාරි සේවය.
III. ශ්රී‍ ලංකා ක්රාමසම්පාදන සේවය.
IV. ශ්රී‍ ලංකා අධ්යාිපන පරිපාලන සේවය.
V. ශ්රීශ ලංකා විද්යා්ත්මක සේවය.
🛑 රාජ්ය් සේවයේ විවෘත (පොදු තරග විභාගය) සහ සීමිත තරග විභාග සඳහා ද, අනෙකුත් තෝරා ගැනීමේ තරග විභාග හා සමත් වීමේ උසස් විභාග සඳහා ද ‘අවබෝධය’ පිළිබඳ ප්ර ශ්න පත්රගයක දීම, එම විභාගවල ආරම්භයේ සිටම සිදුවෙමින් පවතී. එය ඒ ඒ විභාග සඳහා අවබෝධය විෂය පිළිබඳ නිර්දිෂ්ට විෂය නිර්දේශ පහත දැක්වෙයි.
🛑 රාජ්යප සේවයට බඳවා ගැනීමේ තරග විභාග සඳහා සුදානම් වන්නන්ට අවබෝධය විෂයක් ලෙස ප්රයගුණ කරවන විධිමත් අධ්යැයන පාඨමාලාව තුළ, අවබෝධයේ සිද්ධාන්ත සහ විභාගානුරූපී ප්ර‍මිති ප්රීශ්න පත්ර , පසුගිය විභාග ප්රයශ්න සහ ඉලක්ක ගත ප්රඅශ්න වලට පිළිතුරු සැපයීම මඟින් ඔබට සාර්ථක ගමනකට අත්වැලැක් වීම ඉලක්ක කොට ඇත !

🛑 අවබෝධය විෂය පිළිබඳ නිර්දිෂ්ට විෂය නිර්දේශය.

I. අවබෝධය යනු කුමක් ද?
II. අවබෝධය ඇගයීමේ විධි.
III. අවබෝධය ඇගයීමේ තවත් විධි.
IV. අවබෝධ ශක්තිය පිළිබඳ කුසලතා මැණීමේ විදි.
• සංක්ෂිප්තකරණය.
• සාරාංශකරණය.
• පදාර්ථ නිරූපණය.
• බහුවරණ ප්රූකාශයන් අතරේන් උචිත විකල්ප ලකුණු කිරීම.
• සමස්තාර්ථය දැක්වීම.
V. කියැවීමේ අවබෝධය වැඩි දියුණු කරගැනීම.
VI. පරිශීලන සම්ප්ර ජානය.
VII. ලේඛන ශක්තිය වැඩි දියුණුකර ගැනීම.
VIII. වාග් කොෂය.
IX. පාරිභාෂිත වදන් මාලාව.
X. සිංහල අක්ෂර මාලාව.
XI. පිලි භාවිතය.
XII. අක්ෂර වින්යානසය
XIII. පද සාධනය.
XIV. ලිවීමේ විධි.
XV. රචනා ලිවීමේ විධි.
XVI. උක්ත අනුක්ත රූප භේදය.
XVII. උක්තාඛ්යාමත සම්බන්ධය.
XVIII. වචන වෙන් කිරීම.
XIX. විරාම ලකුණු.
XX. විභාගානූරූපී ප්රාමිති ප්රරශ්න පත්ර .
XXI. පසුගිය විභාග ප්රබශ්න පත්රරය.
XXII. පසුගිය විභාග ප්රබශන පත්රර විසඳුම්.
🛑 අවබෝධය විෂය සඳහා සිංහළ භාෂාවේ නිපුනතාවය ඉතා වැදගත් වන බැවින්, එම කොටස් අවශ්ය මට්ටමින් පාඨමාලාවට ඇතුළත් කර ඇත.

🛑 දේශන පැවැත්වෙන වෙලාවන් සහ දිනයන් :

I. සති අන්තයේ පාඨමාලාව :
සෙනසුරාදා : පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා.
සෙනසුරාදා : පෙරවරු 5.00 සිට පස්වරු 8.00 දක්වා.

II. සති අන්තයේ පාඨමාලාව :

ඉරිදා : පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා.
ඉරිදා : පෙරවරු 5.00 සිට පස්වරු 8.00 දක්වා.

III. සතියේ දින පාඨමාලාව :
අඟහරුවාදා : පස්වරු 7.00 සිට පස්වරු 10.00 දක්වා.
බ්රරහස්තින්දා : පස්වරු 7.00 සිට පස්වරු 10.00 දක්වා.

🛑 නව කණ්ඩායම් : නවක සිසුන්ට සහභාගි විය හැකිය
ඔක්තෝබර් - 16 සහ 17
1. ඔක්තෝබර් 16 :
• කණ්ඩායම 01 : පෙරවරු. 10.00 සිට පස්වරු. 1.00 දක්වා.
• කණ්ඩායම 02 : පස්වරු. 5.00 සිට පස්වරු. 8.00 දක්වා.

2. ඔක්තෝබර් 17 :
• කණ්ඩායම 03: පෙරවරු. 10.00 සිට පස්වරු. 1.00 දක්වා.
• කණ්ඩායම 04: පස්වරු. 5.00 සිට පස්වරු. 8.00 දක්වා.

🛑 ගාස්තු :
🟩 පළමු දිනය නොමිලේ.
I. පසු , එක්දිනක් සඳහා රු 500.00
II. ලියාපදිංචිය සඳහා රු. 1000.00 (පළමු දේශනයෙන් පසු පන්තියට සහභාගි වන අයගෙන් පමණක් අයකරණු ලැබේ)

🛑 දේශන පැවැත්වෙන ආකරය :
I. දේශනයට දින කිහිපයකට පෙර නිබන්ධන WhatsApp හෝ ඊමෙල් ලිපිනයට ලබාදීම.
II. දේශනය Zoom තාක්ෂණය යටතේ පවත්වන අතර, WhatsApp හො ඊමෙල් ලිපිනයට පටිගත කරන ලද දේශනය ලබා ගත හැකිය.
III. ඊට අමතරව පන්තියේ ළමයි ඇතුළත් වන පරිදි WhatsApp කණ්ඩායමක් නිරිමාණය කර සියලු දේශන සහ නිබන්ධන upload කරණු ලැබේ.
IV. ඉහත පරිදි WhatsApp කණ්ඩායමයට එකතුවීම අකමැති අයගේ අකයට එවනු ලැබේ.
🛑 zoom පන්තියට ලියාපදිංචි වීම සඳහා ඔබගේ පහත තොරතුරු එවන්න.

1️⃣ 📞 0714424103 වෙත, අංකයට, නම/ WhatsApp හෝ mobile /email , අංකය සහ පන්තියට සහභාගිවීමට කැමති දිනය සහ වෙලාව එවන්න/විභාගය සඳහන් කරන්න.

2️⃣ Messenger වෙත, ඔබගේ අංකයට, නම/ WhatsApp හෝ mobile /email , අංකය සහ පන්තියට සහභාගිවීමට කැමති දිනය සහ වෙලාව එවන්න/ විභාගය සඳහන් කරන්න.

[email protected] අංකයට, නම/ WhatsApp හෝ mobile /email , අංකය සහ පන්තියට සහභාගිවීමට කැමති දිනය සහ වෙලාව එවන්න/විභාගය සඳහන් කරන්න.
🛑 ඉහත පාඨයන්හි වචනවල අකුරු වෙනස් විය හැකිය. මක්නිසාදයත්, ඔබගේ පරිගණකයේ හෝ දුරකථයේ හෝ පවතින මෘදුකාංගවල ප්රේබලතාවය මත එය තීරණය වනු ඇත. නමුත් සුගම පරිහරණයට ඒවා බාධවක් නොවන තරමේය යනු අපගේ විශ්වාසයයි. ! බොහෝ ටියුෂන් පණ්ඩිතයෝ දැනුම නොව අක්ෂර මාලාව ගැන සැලකිලිමත් වනු ඇත.

Postgraduate Diploma In Writer ship & Communication

Videos (show all)

Sources of the History of Sri Lanka ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මූලාශ්‍රhttps://youtu.be/ZCQuVivFYZQ

Telephone

Website