Pasan Amaraweera
Official page of Pasan Amaraweera
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 72 වන සැමරුම් උත්සවය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින කොළඹ Monach Imperial උත්සව ශාලාවේදී අභිමානවත් අයුරින් සමරුවා.
"එක්වෙමු වෙනසකට" යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සැමරුම පැවති අතර දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් විශාල පිරිසක් එක් වුණා.
පුරා වසර හැත්තෑ දෙකක් තුළ තුල ශ්‍රී ලාංකීය දේශපාලනයට ලංකාවේ ප්‍රථම අගමැතිනිය පමණක් නොව ආසියාවේ රිදී සීනුව වන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා සහ ලාංකීය දේශපාලන ඉතිහාසයේ ප්‍රථම විධායක ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය යන ඓතිහාසික චරිත දායාද කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි වුණා.
සිංහල භාෂා පනත සම්මත කිරීම වැනි විශිෂ්ට තීන්දු තීරණ රැසක් ලංකා දේශපාලනයට එක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සිය 32 වසරක දේශපාලනය තුළ එදා සිට අඛණ්ඩව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ රැඳී සිටියා.
අභියෝග හමුවේ පක්ෂය සහ පාක්ෂිකයෝ අත් නොහැර එක සිතින් පක්ෂය සමග රැඳී සිටීම එතුමාට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපට ද මහත් අභිමානයක්!
කොළඹ තදාසන්න ප්‍රදේශවල කොරෝනා ඇඳිරි නීති තත්වය නිසා එදා වේල උපයාගැනීමට නොහැකිව අසරණ වෙලා ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙන්න අද අපිට හැකියාව ලැබුනා.
පරිසර ඇමතිතුමා විදියට මගේ තාත්තා හැමෝටම ආදර්ශයක් දෙන කෙනෙක්. පරිසර හිතකාමී දිරාපත් වන ලන්ච් ෂීට් වලින් ආවරණය කරපු අපෙ ගෙදරදිම හදා ගනිපු පිරිසිදු ආහාර ජනතාවට ලබා දෙන්න අපිට හැකි උනා.
මේ වෙලාවෙ මේ වගේ අසරණ මිනිස්සු ගොඩාක් මේ රටේ ඉන්නවා. අපි හැමෝම අපිට පුළුවන් විදියට අපේම ආදරණීය මිනිස්සුන්ට උදව් කරමු.
හැමෝම එකට එකතුවෙලා මේ අභියෝගය රටක් විදියට ජයගනිමු!
මගේ තාත්තා ගොඩක් දේශපාලනඥයින් වගේ දූෂිත කෙනෙක් කියලා කවදාවත් කවුරුවත් කියනවා මම අහලා නෑ. වසර තිහක් පුරාවට මගේ තාත්තා හොරකම් වංචා කොමිස් ගත්තා කියලා කිසිම කෙනෙකුට චෝදනා කරන්න බැරි විදියට මනාපයෙ ගෞරවය ආරක්ෂා කලා. පහුගිය මැතිවරණයෙදි මනාප ඡන්ද 123,730 ක් ලබලා දීලා හම්බන්තොට මිනිස්සු ඒ විශ්වාසය තවත් තහවුරු කලා.
මගේ තාත්තගේ දේශපාලනයට අවුරුදු තිහක් පිරෙන මේ වෙලාවේ රටේ ඇතිවෙලා තියෙන සෞඛ්‍යමය ගැටලුව මැද්දෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්න අඩු පෝෂණය සහිත සියලුම ගැබිනි මව්වරුන් වෙනුවෙන් පෝෂණ මල්ලක් ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. පසුගිය දවසක අම්බලන්තොට පැත්තෙ තිබුනු ඒ වගේ වැඩසටහන් කිහිපයකට සහභාගි වෙන්න මට හැකියාව ලැබුණා.
පුංචි කාලේ ඉඳලම තාත්තා මට වඩා හොයලා බැලුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්න මිනිස්සු ගැන. ඒ කාලේ මගේ තාත්තාට මම ගැන හොයන්න වෙලාවක් නෑ. ගොඩක් වෙලාවට කාලය ගත ගත කළේ දිස්ත්‍රික්කය ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න. ඉතින් ඉස්සර මම ගැන වැඩිපුර හොයන්නෙ නෑ කියලා හිතේ පුංචි දුකක් තිබුනට, අද මම මගේ තාත්තා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.
අවුරුදු තිහක් පුරාවට කරපු ඒ පිරිසිදු දේශපාලනය ගැන මම ගොඩක් නිහතමානීව සතුටු වෙනවා.
ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
සාමකාමී රටක, සහෝදරත්වයෙන් යුතු පුරවැසියන් වශයෙන් ශ්‍රී ලාංකේය ජනතාව නව වසර වෙනුවෙන් සූදානම් වනුයේ නැවුම් බලාපොරොත්තු රැසක් සමගිනි.
පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රටේ තරුණ ප්‍රජාව උද්යෝගයෙන් සටන් වදින සමයක ලැබුවා වූ නව වසර පරිසරය වෙනුවෙන් තම යුතුකම් උපරිම ලෙස ඉටු කිරීමට අදිටන් කරගනිමු.
නිමා වූ වසරේදී මග හැරණු අතපසු වුණු සියලූ කටයුතු මේ සුභ නව වසරේ සාර්ථක වේවා කියා මම ප්‍රාර්ථනා කරමි!
2021 නව වසර බුද්ධිමත් නිවරදි තීරණ ගත හැකි ශක්තිමත් තරුණ්‍යයක් බිහිවන සාමය සතුට සපිරුණු නීරෝගීමත් සුභ නව වසරක් වේවා!
මා සතුටින් තැබීමට ඔහුගේ සතුට නැති කර ගත්,
මගේ සතුට ඔහුගේ සතුට කරගත්,
සමාජයේ ඉහල තැනක මා දැකීමට හදවතින්ම ප්‍රර්ථනා කළ
මට හමු වූ අවංකම මිනිසා තාත්තාය.
Mahinda Amaraweera
නව වන පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දුන් මාගේ පියාණන් වෙත සුබ පැතුම් එක් කරමි.
හම්බන්තොට දිස්ත්‍රිකයේ ජනතාවට මගේ හදපිරි ප්‍රණාමය මෙන්ම, ඔබටත් උණුසුම් සුබ පැතුම් තාත්තේ 🌷🤟🏻
Mahinda Amaraweera
අතිගරු ජනාධිපතිතුමන් සමගින් හුංගම ජනහමුව අතරතුර
රටටත් ,ජාතියටත් ආශිර්වාද පිණිස ස්වාමීන් වහන්සේලා 500ක් නමකගේ සහභාගීත්වයෙන් මාගේ නිවසේ නිවසේදී පැවැත්වූ මහානුභාව සම්පන්න ජය පිරිත් දේශනය.
Covid19 වෛරස තත්වය නිසා ශ්‍රී ලංකාවාසී ජනතාව මුහුන දී අති ව්‍යවසනකාරී තත්වය ඉක්මනින් දුරුවී, මගේ රට පෙර පරිදි යතා තත්වයට පත්වීම උදෙසා සෙත් ප්‍රාර්ථනා කරමින් ඊයේ දින (23) කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ රුහුණු මහා කතරගම දේවාලය වැද පුදා ගනිමින් ආශිර්වාද ලබාගත්තේය.
මාගේ මාතෘභූමියටත් ආදරණීය ලක්වාසී ජනතාවටත් සෙතක්ම වේවා!
අගුණකොළපැලැස්ස සූරියපොකුණ සිරිසරණගම ගම්මානයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් China National Machinery ආයනයේ සහයෝගය ඇතිව වියලි ආහාර මලු ලබා දීම (මැයි 16) දින සිදුකෙරිණි.
Covid 19 වෛරසය නිසා පීඩාවට පත්වූ හම්බන්තොට පහල අන්දරවැව සහ එලල්ල ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් China National Machinery ආයනයේ සහයෝගය ඇතිව වියලි ආහාර මලු ලබා දීම ඊයේ දින (මැයි 16) සිදුකෙරිණි.
එහිදි නිරීක්ෂණයට ලක්වු අබලන් නිවසක් China National Machinery ආයතනයේ ප්‍රධාන කළමනාකරු Mr Haa විසින් ප්‍රතිසංස්කරණ කිරීම සදහා කටයුතු සලසා දෙන බව අවධාරණය කලේය.
මෝහාන්ධකාරය නසාලූ තිලෝගුරු බුදු තෙමගුල යෙදුනු මේ වෙසක් පොහොය දින රටම ව්‍යවසනයකට ලක්කෙරෙනු Covid19 වසන්ගතය හමුවේ සියලුදෙනා ආරක්ෂා වේවා! විශ්වයම අතැබුලක් කර ගෙන දෙමින් නුවණැස පෙරදැරිව සකල ලෝ වාසීන්ගේ රෝ දුක් බිය දුරු වේවා!
රෝ බිය පහව යන ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන නීරෝගීමත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
මගේ මිත්තනියගේ 06 වන ගුණානුස්මරණය සිහිපත් කරමින් සෑම වසරකම අප්‍රේල් 21වන දින මහා සංඝරත්නය විෂයයෙහි මහා දානමය පුන්‍යකර්මයක් අප නිවසෙහි සිදු කළත් මෙවර Covid- 19 වසංගතය නිසා පිරිසක් එක් රැස් කළ නොහැකි බැවින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ 600කට අධික සියලුම විහාරස්ථාන වෙත දානය සඳහා අවශ්‍ය සියලු වියළි ආහාර වර්ග මෙන් ම පිරිකරද පිරිනැමීමේ කටයුතු සිදු කරමින් පවති.
අද දින (23) වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විහාරස්ථාන කිහිපයකට වියලි ආහාර මලු ලබා දීම සිදුවිය.
මාගේ මිත්තණියගේ 06 වන ගුණානුස්මරණය සිහිපත් කරමින් අද දින (අප්‍රේල් 23) මිද්දෙණිය ශ්‍රී සුමංගල පිරිවන් විහාරස්ථානයේ වැඩවෙසෙන මහා සංඝරත්නය උදෙසා සදහා දහවල් දානය පූජා කරන ලදී.
සාමය සතුට පිරි නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා !
අම්බලන්තොට ඇත්බටුව කොට්ඨාසයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණයට උරදුන් පාක්ෂිකයින්ට ස්තූති කිරීමේ ජන හමුවක් ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (2019.12.22) මහවෙල සමන්ත මහතාගේ නිවසේදී පැවති අතර, ඒ සදහා මා හටද ඇරයුමක් ලැබුණි. නිවාඩුව ගත කරමින් සිටින මා වෙත ලැබුණු ඇරයුම ඉතා ආදරයෙන් පිළිගෙන ඒ සදහා සහභාගී විය.
එහිදී ගරු අමාත්‍යතුමාගේ කතාවට සවන් දෙමින් මා එහි පැමිණ සිටි පාක්ෂිකයින් සමග අසුන්ගෙන සිටියෙමි.
අගුණකොළපැලැස්ස-උඩයාල, තලුන්න, පට්ටියපොළ හරහා තංගල්ල ගමනාන්තය වන පරිදි නව බස් රථයක් අගුණකොළපැලැස්ස ශ්‍රියානි ලර්නර්ස් පුද්ගලික ආයතනය මගින් මගී ප්‍රවාහන කටයුතු සදහා සුභ මොහොතින් පසුගියදා (2019.12.22) ගමන් ආරම්භ කළ අතර, එම බස් රථය විවෘත කිරීම සදහා මා හට ආරාධනා ලැබිණි. ඒ පිළිබදව මා එහි අධිපතිතුමාට ස්තුතිය පුද කරමි.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා අමාත්‍ය ගරු එච්.ඩබ්.ගුණසේන මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී විය.
ASB ආයතනය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පාසල් ළමුන් සදහා ශිෂ්‍යාධාර ප්‍රධානය කිරීම (21)දින අගුණුකොලපෑලැස්ස මහින්ද අමරවීර අමාත්‍ය තුමාගේ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි, ඒ සදහා මාහටද ඇරයුම් කිරීම ඉතා අගේකොට සලකමි.