Covid 19 Focal Center, District General Hospital, Kalutara

Covid 19 Focal Center, District General Hospital, Kalutara

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Covid 19 Focal Center, District General Hospital, Kalutara, Medical and health, Covid 19 Focal centre, .

Photos from Anesthesia's post 18/07/2020
15/04/2020
රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම 13/04/2020
13/04/2020
Timeline photos 07/04/2020

1100 Fabric face masks were donated by The authority of St. Michael's Church, Nagoda,Kalutara
Relevant stuffs were handed over by Revfr.Priyadharshana to the executive coordinator of the Corona focal point, Dr.Hasitha Janakantha.
We really appreciate their kind corporation at this crucial moment .

Photos from Covid 19 Focal Center, District General Hospital, Kalutara's post 30/03/2020

Collecting Nasopharyngeal swabs from Highly suspicious communities for covid-19 by the staff of covid 19 focal point at District general hospital- Kalutara.

Total no of 14 samples were taken today.

Photos from Covid 19 Focal Center, District General Hospital, Kalutara's post 30/03/2020

කළුතර ගංගාරාමවාසී පූජ්‍ය හෙට්ටිපොල ශ්‍රීවලි ස්වාමින් වහන්සේ විසින් පරිත්‍යාග කරනු ලැබූ විශේෂිත විදුලි පංකාව අප රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය N K C ගුණරත්න මැතිණිය වෙන භාරදුන් අවස්ථාව

Timeline photos 30/03/2020

We really appreciate the donation of Fabric face masks ( Quantity - 1000 ) given by CHITRASUMANA MOTORS, MALABE
The donation was handed over to Deputy director, Dr.N K C Gunarathna / DGH- Kalutara by company representatives.
Donation process was coordinated by Dr.Malinda ( GMOA Secretary/ DGH kalutara)

29/03/2020

මුඛ ආවරණ නොපැලඳ සිටින අයව අගතියට පත් නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා දැනුම් දීම සිදු කිරීමට හේතුව කුමක්ද?

Surgical Masks හෙවත් ශල්‍යාගාර මුඛ ආවරණ නිර්මාණය කර ඇත්තේ අරමුණු දෙකක් ඉෂ්ට කරගැනීමටයි.

1. රෝගයක් සහිත පුද්ගලයෙකුගේ හෝ ශල්‍යාගාරයක සිටින සෞඛ්‍ය සේවකයෙකුගේ මුඛයෙන් හා නාසයෙන් පිටවිය හැකි විෂබීජ තමා සමීපයේ සිටින පුද්ගලයෙකුට හෝ ශල්‍යකර්මයට භාජනය වන රෝගියාගේ ශරීරය තුළට ඇතුළුවීම වැලක්වීමට.

2. ශල්‍යාගාර මුඛ ආවරණයෙහි පිටත ඇති ජල ප්‍රතිරෝධී ආවරණය නිසා එය මතට ලේ බිඳිති හෝ විෂබීජ සහිත දියර බිඳිත්තක් වැටුනහොත් එය පැළඳ සිටින පුද්ගලයාගේ මුඛය සහ නාසය වෙතට සම්ප්‍රේෂණය වීම වැලැක්වීමට.

ශ්‍රී ලංකාවේ මේ වන විට, සමාජය තුළ හඳුනා නොගත් පුද්ගලයින් හරහා COVID-19 රෝගය සම්ප්‍රේෂණයක් සිදුවීම හෙවත් ‘Active Commiunity Transmission’ සිදු වන්නේ නැත.

ශල්‍යාගාර මුඛ ආවරණයක් සාමාන්‍යයෙන් එක් වරක් පමණක් පැලඳිය හැකි අතර එය නැවත නැවත සෝදා භාවිතා කළ හැකි දෙයක් නොවේ. එලෙස කිරීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිවිටෙකත් ලබාගත නොහැක.

මෙම අවස්ථාවේ දී ශල්‍යාගාර මුඛ ආවරණ අවභාවිතා කර, මෙම සීමිත සම්මත අවසන් කිරීම මඟින් සිදු වන්නේ, ඔබට අනාගතයේ යම් දිනයක COVID -19 රෝගය වැළඳුනහොත්, ඔබ ඇසුරු කරන ඔබගේ දෙමාපියන් ආදරණීයන් ඇතුළු අධි අවදානම් පුද්ගලයන්ට රෝගය බෝවීම වැළැක්වීමට පැළඳිය යුතු මුඛ ආවරණය සොයා ගැනීමට නොහැකි වීමයි. ඔබ මෙන්ම වෙනත් රෝගී පුද්ගලයෙකු සඳහාද මෙවැනි මුඛ ආවරණයක් අවශ්‍ය විටදී නොමැති වුවහොත්, එම පුද්ගලයාගෙන් ඔබට රෝගය වැළඳීම වැළැක්වීමටද අපහසු වනු ඇත.

නිසි ප්‍රමිතියට සාදන ලද ‘ශල්‍යාගාර මුඛ ආවරණ’ සීමිත සම්පතක් වන අතර එය පරිස්සමෙන් සහ වගකීමෙන් භාවිතා කිරීම අප සියලු දෙනාගේම යුතුකමකි.

මෙම රෝගය තරාතිරම්, ඇති නැති කම් බලා වැළඳෙන රෝගයක් නොවන අතර, රටක් ලෙස අප සියලු දෙනාම එකමුතු වී ජයගත යුතු වසංගතයකි.

‘වගකීම් විරහිත පරිභෝජනය’ තුලින් මුළු රටක් අගතියට පත් නොකොට, පුද්ගල දුරස්ථභාවය සහ දෑත් පිරිසිදුව තබා ගැනීම මගින් මෙම රෝගය පැතිරීම වැළැක්වීමට සහයෝගය ලබාදෙන්න.

යම්කිසි අවස්ථාවක දී ශ්‍රී ලංකාව තුළ සමාජය හරහා රෝගය පැතිරීමේ අවදානමක් ඇති වුවහොත්, ඒ පිළිබඳව ඔබ සියලු දෙනා ක්ෂණිකව දැනුවත් කරන අතර, එම අවස්ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට බැඳී සිටිමු.

නව කොරෝනාවෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද? 29/03/2020

නව කොරෝනාවෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද? COVID19 පැතිරෙන ආකාර මොනවාද යන්න පිළිබඳව අපගේ පාඨකයන් අපේ ෆේස්බුක් පිටුවේ තැබූ Commentවලට පිළිතුරක් වශයෙන්, නව කොරෝනාවෛර.....

Timeline photos 29/03/2020

Telephone

Website