Thakshina Ravishan Gamage

Thakshina Ravishan Gamage

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thakshina Ravishan Gamage, Digital creator, .

23/05/2024

ක්‍රි.පූ. 06වැනි සියවසේ උපත ලබා අදටද ජීවමානව පවතින ආගමික දර්ශනයකට නායකත්වය ලබා දුන් බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

බුද්ධ කාලීන සමාජීය විෂමතා හමුවේ අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති සමුදාය, වර්තමාන සමාජ ආර්ථික පරිසරය විසින් දුෂ්ටභාවයට ඇද දමන ලද සමාජයටද මඟපෙන්වීමක් ලබා දෙයි. කෙසේ වුවද පවතින තත්වයන් විසින් පුද්ගලයෙකුට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වෙතටත්, දර්ශනය වෙතටත් ආධ්‍යාත්මික වශයෙන් සමීපවීමට මානසික හා භෞතික බාධාවන් පමුණුවමින් සිටී. බෞද්ධ බැතිමතුන්ට පවා බුදු දහමින් පෝෂණය වූ ජීවිතයක් ගත කිරීම දිනෙන් දින අසීරු කරනු ලැබෙමින් පවතී.

මේ සියල්ල මධ්‍යයේ පවා පවත්නා දුෂ්ට සමාජ ආර්ථික ක්‍රමය තුළ ගිලී යාමට නොව ඉන් මිදෙන මඟ සෙවීමට බෞද්ධ දේශනාව අපට උගන්වයි. ඒ වෙනුවෙන් වන පෞද්ගලික අධිෂ්ඨානයක් අප සතු විය යුතු අතරම පොදුවේ පවරා ගත යුතු සමාජීය වැඩකොටසක්ද අප හමුවේ පවතී. එනම් බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වීමය. එම විමුක්ති මඟට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු!

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.05.23

23/05/2024
29/04/2024

හබරාදූව සමුපකාරයේ නව අධ්‍යක්ෂක මණ්ඩලයට උණුසුම් සුභ පැතුම්...❤️

13/04/2024

රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්දේ අදිටන් කරගනිමු. !!!

10/04/2024

ජනමාධ්‍ය නිවේදනයයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බැවින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කළ යුතුව තිබේ.

දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ නිර්මාණය වන්නේ අප පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් 2023.01.09 දින හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බවට කරන ලද ප්‍රකාශය සමගය. ඒ, සජිත් ප්‍රේමදාස මහතා විසින් විවිධ මාධ්‍යයන්හි ජාතික ජන බලවේගයට එරෙහිව කරුණු දක්වමින් සිටි තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද අදහස්වලට ප්‍රතිචාර ලෙසය.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා කවර හෝ හේතුවක් මත එම විවාදය පිළිබඳ අභියෝගය භාර නොගත් අතර පසුව ඒ වෙනුවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය සමග ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් කිරීම පිළිබඳ මාතෘකාවක් ඉදිරිපත් කර සිටියහ. දැන් විවාදය පිළිබඳ මුල් සංවාදය යටපත් කරමින් දෙවෙනුව ගෙනා විවාද යෝජනාව පිළිබඳ සංවාදයක් ඉදිරියට ගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් ගන්නා උත්සාහය ඊයේ (09) දින නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මගින් කූට ප්‍රාප්තියට පත්ව ඇති බව අපි නිරීක්ෂණය කරමු.

එම නිවේදනයේ ඔහු ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය විවාදය මඟහරිමින් සිටින බවටත් විවාදය සඳහා පළමුවෙන් යෝජනා කළේ තමන් බවටත් ජාතික ජන බලවේගය අතීතය අමතක කර ඇති බවටත් චෝදනා කරයි. එහෙත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයට ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන විවාදයක් මඟහැරීමේ අවශ්‍යතාවක් කිසිසේත් නොමැති අතර ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, ලොව දියුණු රටක් බවට ගොඩනැගීමට අදාළ උපායමාර්ගික සැලසුම් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් එය සතුය. විවාදයක් පිළිබඳව ගොඩනැගුණු මුල්ම සංවාදය අනුවත්, 2024 වර්ෂයේ එලඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙසත් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම විවාදය පැවැත්වීමේ අවශ්‍යතාව අපි නැවතත් අවධාරණය කරමු. එසේම මේ තත්වය තුළ අතීතය අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නේ කවුදැයි ජනතාවට අතිශය පැහැදිලි වනු ඇතැයිද සිතමු.

මේ සියල්ල සලකා බලමින් අපි පහත යෝජනා සමගි ජන බලවේගය වෙත ඉදිරිපත් කරනු කැමැත්තෙමු.

01. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයක් පැවැත්වීමට අප සූදානම්ය.

02. යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් හා ඒ අනුව එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම්ය.

මේ තත්වය තුළ විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත් සත්‍ය තත්වය නිවැරදිව තේරුම් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය
2024.04.10

05/04/2024
02/04/2024

01/04/2024

Youth අපි
Set එකම
Fit එකේ
මාලිමාවට .....!!

එකතු වෙන්න කැමති හැමෝම පලවෙනි කමෙන්ටුවේ ඇති ගූගල් ෆෝම් එක හරහා එකතු වෙන්න ....!!

Youth අපි
Set එකම
Fit එකේ
මාලිමාවට .....!!

එකතු වෙන්න කැමති අය පහත ලින්ක් එකෙහි ඇති ගූගල් ෆෝම් එක හරහා එකතු වෙන්න ....!!

https://docs.google.com/forms/d/e/1FAIpQLSeAkF7Ixxq8ERF8l6QKSQi9Md6LREN-cNE8ReJPzPfncwsDrA/viewform

30/03/2024

මාධ්‍යවේදිනිය : විප්ලවවාදියෙක්ට තියෙන්න ඕන හොදම ගුණාංගය මොකක්ද?

චේ: ආදරය

මාධ්‍යවේදිනිය : ආදරය ?

චේ : මම ඔයාට දෙයක් කියන්නද? ඒක නම් මහ විහිලුකාරී දෙයක් වේවී. සත්‍ය විප්ලවවාදියෙක්ට මග පෙන්වන්නේ ආදරයේ උසස් හැගීම්, මනුෂ්‍යත්වයේ - යුක්තියේ සහ සත්‍යයේ ආදර හැගීම්. මේ ගුණාංග නැතුව සැබෑ විප්ලවවාදියෙක් පහළ වෙන්නේ නෑ.

(1964 දී චේ ගුවේරා හා ABC මාධ්‍යවේදීනියක් අතර පැවැත්වුනු සම්මුඛ සාකච්ඡාවකින් කොටසකි)

(පිංතූරය - චේ සහ අලෙයිඩා මාර්ච්)

29/03/2024

ජාතික ජන බලවේගයේ කහවතුගොඩ කොට්ඨාස සභාව පිහිටුවීම....

29/03/2024

ජාතික ජන බලවේගයේ අහංගම නගර කොට්ඨාස සභාව පිහිටුවීම....

29/03/2024

කියුබානු තරුණ සම්මේලනය වෙනුවෙන් කතාවක් කිරීමට වරෙක චේ ගවේරාට ආරාධනාවක් ලැබුණි. ඔහු වේදිකාවට පිවිසෙමින් ප්‍රථමයෙන් කතාව ආරම්භ කරන ලද්දේ මෙසේය ....

සහෝදර සහෝදරියනි,

පළමුවෙන්ම මා මේ කෙටි දේශනය ආරම්භ කලයුත්තේ කොමියුනිස්ට්වාදියා යනු කවරෙක්ද යන්න පැහැදිලි කරමින්. කොමියුනිස්ට්වාදියා යනු මිනිසෙක්. නිකන්ම නිකන් මිනිසෙක් නොව ඔහු උදාර ගති පැවතුම් ඇති මිනිසෙක්.
අද මා ඔබ හමුවට පැමිණ ඇත්තේ කියුබානු තරුණ සම්මේලනය වෙනුවෙනි. මෙහි සිටින බහුතරය තරුණ තරුණියන්ය. මා ඔබ වෙනුවෙන් තරුණ කොමියුනිස්ට්වාදියා යනු කවරෙක්ද යන්න පැහැදිලි කර දිය යුතුය.
තරුණ කොමියුනිස්ට්වාදියා හැම විටම තමා ජීවත්වන සමාජයේ මිනිසුන් ගැන අවධානයෙන් සිටිය යුතුය. සෑම තරුණ කොමියුනිස්ට්වාදියෙකුම පළමුකොටම මිනිසෙකු වන අපේම මිනිස්කමේ ඉහලම ගුණාංග වෙත දිනෙන් දින ලඟා වෙන්නෙකු විය යුතුය. වැඩ කිරීම තුලින්ද ,ඉගනීම තුලින්ද තමා සමග සිටින ලෝකයේම ජනයා සමග සහෝදරාත්මක ලෙස වැඩ කිරීම් තුලින්ද , ඔහු මිනිස්කමේ උපරිමය පෙරාගත යුතුය. ලොව ඕනෑම තැනක මිනිසෙකු ඝාතනය කල විටක හිතට දැනෙන සංවේගය දිනෙන් දින වැඩිවන හා ලොවේ ඕනෑම කෙලවරක නිදහසේ බැනරයක් එසවූ බව දැනගත් විට ඔහු සතුටින් පිනා යා හදවතක් ඇත්තෙකු විය යුතුය.
තරුණ කොමියුනිස්ට්වාදියෙකුගේ චරිතයේ මා විශ්වාශ කරන පළමු හා ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඔහු තරුණ කොමියුනිස්ට්වාදියෙකු වීම පිළිබඳව ඔහු තුලම ඇති ගෞරවයයි. ඔහු තම හදවත පතුලින්ම හා ආත්මයෙන්ම පැනනගින තමා තරුණ කොමියුනිස්ට්වාදියෙකු වීම පිළිබඳව ගෞරවය අන් යට දැන්වීමට ඔහුට අවශ්‍ය විය යුතුය .
ඔහු සෑම ගැටළුවක් පිළිබඳවම ගැඹුරු සංවේදීතාවයකුත් , කවුරුන් විසින් සිදුකලද අයුක්තිය පිළිබඳව සංවේදීතාවයකුත් කවුරුන් විසින් සිදුකලද සෑම වරදකටම එරෙහිව කැරලි ගැසීමට බලකරන අධයාත්මයකුත් , නොතේරෙන ඕනෑම දෙයක් පෙරලා ප්‍රශ්න ස්වරුපයකුත් , පැහැදිලි නැති ඕනෑම දෙයක් පිළිබඳව පැහැදිලි කිරීම් ඉල්ලා සිටින හා සාකච්චා කරන , ඕනෑම ආකාරයකට යාන්ත්‍රික වීම් වලට එරෙහිව යුධ ප්‍රකාශ කරන , මිනිස් වර්ගයාගේ දිගු ඉතිහාසය තුල උකහා ගත් අත්දැකීම් ලබා ගැනීම උදෙසා ඕනෑම ආකාරයක නව අත්දැකීම් වලට විවෘතවන කෙනෙක් විය යුතුය.

26/03/2024

"අග්ගමහා පණ්ඩිත" උපාධියෙන් බුරුම දේශයේ දී සම්මානිත වූ.....
ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක
මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමියන්ට
සුභාශිංසන හා දිගාසිරි පතමු....!!!
#ජාතිකභික්ෂුපෙරමුණ

17/03/2024

ජාතික ජන බලවේගයේ අභිමානවත් තරුණ රැලියේ සමාරම්භය......

16/03/2024

YOUTH අපි
SET එකම
FIT එකේ හෙට (17) මාතරට ❤️❤️✊✊

16/03/2024

Youth එකේ හීන පාට කරන්න...
ඔබත්ත එන්න...
මාර්තු 17 මාතර ගගබඩ උද්‍යානයට.....
❤💪👍

Photos from Thakshina Ravishan Gamage's post 14/03/2024

*IMF සහ NPP නියෝජිතයින් අතර හමුවක්*

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි.
පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විමසීම් සිදු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ කැට්සියරිනා ස්විඩ්සෙන්කා Katsiaryna Svieydzenka සහ මානවී අබේවික්‍රම යන මහත්මීහුද සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගි වූහ.

13/03/2024

09/03/2024

These are the official social media profiles representing Anura Kumara Dissanayake.

Official pages:

Sinhala Language page:
- https://www.facebook.com/anurakumara
Tamil Language page::
- https://www.facebook.com/AnuraKumaraTamil
Official Facebook Profile:
- https://www.facebook.com/anurakdissanayake
Official YouTube Channel:
- https://www.youtube.com/
Official X (formerly Twitter) Profile:
- https://twitter.com/anuradisanayake
Official Instagram Profile:
- https://www.instagram.com/anurakumaraofficial/
Official LinkedIn Profile:
- https://www.linkedin.com/in/anuradissanayake/
Official TikTok Profile:
- https://www.tiktok.com/
Official WhatsApp Community:
- https://whatsapp.com/channel/0029VaBkJL9KWEKocWuzMx30
Official Telegram Channel:
- https://t.me/akdofficial
Official Threads Profile:
- https://www.threads.net/

Anura Kumara Dissanayake Leader of The People's Liberation Front (JVP) & National People's Power (NPP) in Sri Lanka | Member of Parliament

Tamil Language Page: https://www.facebook.com/AnuraKumaraTamil

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් 08/03/2024

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් අද (08) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido සහ ජාතික ජන බලව....

08/03/2024

06/03/2024

"අවලාද, මඩවලින් ජාතික ජන බලවේගය දුර්වල කළ හැකිව තිබූ කාලය දැන් අවසන්..."

05/03/2024

05/03/2024

15/02/2024

09/02/2024

History maker! 🔥🔥🔥

Pathum Nissanka smashes the record books with a historic double century, the first ever by a Sri Lankan batsman in ODIs!

07/02/2024

අනුර කුමාර දිසානායක: රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළින් ශ්‍රී ලංකාවේ පුනරුද ව්‍යාපාරයේ ගෝලීය මාවත විවර කිරීම...
අසාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික සූක්ෂම බවක් පෙන්වමින් අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වේදිකාවේ නව පරිච්ඡේදයක් ලියමින් සිටී. ඉන්දියානු මධ්‍යම රජය විසින් කරන ලද ආරාධනයකට අනුව ඔහු මේ වන විට නිරතව සිටින ඉන්දීය නිල සංචාරය ශ්‍රී ලංකා-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් බවට පත්ව ඇත. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජෙය ශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් ක්වාත්‍රා, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් වැනි ප්‍රධාන පුද්ගලයින් සමඟ සම්බන්ධ වෙමින් අනුර කුමාර දිසානායක, රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සම්බන්ධතා ගොඩනැගීම පමණක් නොව - ඔහු අවධාරණය කරන ශ්‍රී ලංකාවේ නව ජාතික පුනරුද ව්‍යාපාරයේ ගෝලීය අඩිතාලම දමමින් සිටින බව පැහැදිලිය. ලෝකය විමසිල්ලෙන් සිටින අතර, දිසානායක වටා රොක්වීම හුදු විකල්පයක් නොවන බව වඩ වඩාත් ඔවුන්ට පැහැදිලි වෙමින් පවතී - එය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් අනාගතයකට මග පෑදීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි.
දූරදර්ශී නායකත්වය: දිල්ලියේ ගෝලීය දැක්ම ඉදිරිපත් කිරීම
දිසානායකගේ දූරදර්ශී නායකත්වය ශ්‍රී ලංකාව තුළ දෝංකාර දී ඇති අතර එය දැන් ගෝලීය වේදිකාවේ දීප්තිය දල්වමින් සිටී. ශ්‍රී ලංකාවේ අභිලාෂයන් සමඟ පමණක් නොව කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වය සඳහා වූ පොදු දැක්මක් සමඟ ද සමපාත වන ප්‍රගතිය සඳහා සැලැස්මක් සහිත නායකයෙකු බවට අනුර කුමාර දිසානායක මේ දිනවල ඉන්දියාවේ පවත්වන සාකච්ඡා අවධාරනය කරයි - ජාතික සීමාවෙන් ඔබ්බට පිළිගත් පරිවර්තනීය න්‍යාය පත්‍රයක් ප්‍රකාශ කිරීමට ඔහුට ඇති හැකියාව පිළිබඳ එය කදිම සාක්ෂියකි.
ගෝලීය සහයෝගීතාව: ක්‍රියාවෙහි රාජ්‍ය තාන්ත්‍රික බුද්ධිය
අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේදී සිදු කරන අඛණ්ඩ කටයුතු ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාවයක් පෙන්නුම් කරයි. ඔහු ඉන්දියාවේ ප්‍රධාන පුද්ගලයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන විට, ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සඳහා ධනාත්මක සබඳතාවල වැදගත්කම අවධාරනය කරමින් ඔහුගේ නායකත්ව උපාය මාර්ගයෙහි ගෝලීය සහයෝගීතාවය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව පැහැදිලි වේ.
IMF නියෝජිත කණ්ඩායම: ආර්ථික ශක්තිය පිළිබඳ ගෝලීය විශ්වාසයේ ශක්තියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සමඟ කළ සාකච්ඡා, ඉන්දියාවේ ඔහුගේ ඉහළ පෙළේ රැස්වීම් සමඟින්, ආර්ථික නිපුණතාව සඳහා දිසානායකගේ ගෝලීය පිළිගැනීම අවධාරනය කරයි. ශ්‍රී ලංකාව තවදුරටත් දේශීය තරඟකරුවකු පමණක් නොවන අතර එය ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සහ අනුමත කරන ලද නායකයෙකුගේ ආර්ථික භාරකාරත්වය යටතේ ගෝලීය තරඟකරුවෙකු ලෙස මතුවෙමින් අනාගතයේ කල එලිබැසීමට නියමිත බවට දෙන ලද සහතිකයකි.
සංවේදනය සහ රාජ්‍ය තාන්ත්‍රිකත්වය: ජාත්‍යන්තර සබඳතා හැඩගැස්වීම
ආචාර්ය ජෙය ශංකර් සහ අජිත් දොවාල් වැනි ඉහළම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් සමඟ සම්බන්ධ වීමට දිසානායකට ඇති හැකියාව දේශපාලන සංවාදයෙන් ඔබ්බට යයි; එය සහකම්පන සහ රාජ්‍ය තාන්ත්‍රික යන දෙඅංශයෙන්ම නායකත්ව විලාසයක් විදහා දක්වයි. තම මව් රට තුල පමණක් නොව ජාත්‍යන්තර වේදිකාවේදීද ගැටළු අවබෝධ කර ගැනීමට සහ ආමන්ත්‍රණය කිරීමට අනුර කුමාර දිසානායකට ඇති හැකියාව ජාත්‍යන්තර සබඳතා සියුම් ලෙස හැඩගස්වාගත හැකි නායකයෙකු ලෙස ඔහුව ස්ථානගත කරයි.
දිසානායකගේ නායකත්වය සඳහා ගෝලීය ජනවරමක්
අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරය දිගටම කරගෙන යන විට, ආඛ්‍යානය ප්‍රාදේශීය නායකයෙකුගේ සිට ගෝලීය රාජ්‍ය නායකයෙකු දක්වා මාරු වෙමින් පවතී. ඉන්දියාවේ ප්‍රධාන පුද්ගලයින් සමඟ ඔහුගේ සම්බන්ධකම්, ඔහුගේ පසුගිය දෙසැම්බරයේ කල චීන සංචාරය තුල ඇති කරගත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා, ඔහුගේ නායකත්වය සඳහා ගෝලීය වරමක් සකස් කරයි. ශ්‍රී ලංකාව සඳහා වන තේරීම වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී: දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වේදිකාවේ පිළිගන්නා නායකයෙකු ලෙස අනුර කුමාර දිසානායක වටා රොක්වීම අහම්බයක් නොව නියතයක් බවට පත් වෙමින් ඇති බව පේන්නට ඇත. අනුර කුමාර දිසානායක පිටුපස ඇති ගෝලීය ගම්‍යතාව හුදෙක් අනුමැතිය දීමක් නොවේ; එය දේශසීමාවෙන් ඔබ්බට විහිදෙන නායකයෙකු වැලඳ ගැනීම සඳහා ශ්‍රී ලංකාවට කරන ලද ප්‍රබල ආයාචනයකි. දිසානායක පිටුපස පෙළ ගැසිය යුතු කාලය දැන් එළඹ ඇත, මන්ද ඔහු ශ්‍රී ලංකාවට පමණක් නායකයෙකු නොවන බැවිනි. ඔහු ජාතියේ ගෝලීය පුනර්ජීවනයේ නැවුම් නිර්මාණ ශිල්පියා වන නිසාවෙනි.

ශාන්ත ජයරත්න
සාමාජික-NPP ප්‍රතිපත්ති කමිටුව
හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)

Photos from Thakshina Ravishan Gamage's post 05/02/2024

සමුපකාර සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසින් සමුපකාර නිළවරණය නිසි පරිදි පැවැත්වීමට බලකරමින් සමුපකාර සමිති සාමාජිකයින් සමග සිදුකල උද්ඝඝෝෂණය අද දින (05) දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුව ඉදිරිපිටත්, පෙට්ටිගලවත්ත සමුපකාර සමිතිය ඉදිරිපිටත්, දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටත් සිදුකල අතර මේ අවස්ථාවේදී සමුපකාර සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසින් දකුණු පළාත් සමුපකාර කොමසාරිස්වරයාට සහ ආණ්ඩුකාරවරයා වෙත සමුපකාර නිළවරණය පිළිබඳ නීතීමය පැහැදිලිකිරීම් අඩංගු ලියවිල්ලක් භාර දෙන ලදි.

Videos (show all)

#AKD #nppsrilanka #NPP
#NPP #nppsrilanka #AKD
---------------  හබරාදුව ජනතාවට නලීන් සහෝදරයා ගෙන් පණිවිඩයක් . -------------
හබරාදූව පරිසරය සමඟ බැදුණු සංචාරක කර්මාන්තයත්, බිඳවැටුණු මව්බිමත් ගොඩනඟන විසඳුම රැගෙන 2023 ජනවාරි 15 වන දින පස්වරු 3.00 ට...
සුවිශේෂි ගාල්ලේ, විශේෂිත දිනයක, සුන්දර මිනිස්කැළක්, අපරිමිත ධෛර්යයෙන් සිදුකරන ලස්සන වැඩක්... ඔබත් එහි කොටස්කරුවෙක් වන්න,...
#npphabaraduwa #nppsrilanka #NPP #nppgalle #rathnagamage #NPPඅක්මීමනආසනසමුළුව
🇱🇰2020 පැරාඔලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාව  රනින් බැබලවූ ක්‍රීඩක දිනේශ් ප්‍රියන්ත හේරත්ට උණුසුම් ස...
දරුවනි, දෙමව්පියන්ට වඳින්න! ගුරුවරුන්ට වඳින්න! හැබයි දේශපාලකයන්ට වඳින්න යන්න එපා!  ඔබ ඔවුන්ට වැඳිය යුතු නැහැ!- මංගල සමරව...

Website