Kottawa DVD Center

Kottawa DVD Center

Latest movie dvd
Phone accessories & other products
Sounds electronic products
Other some electro Phone accessories & services

Photos from Kottawa DVD Center's post 15/06/2024

Photos from Kottawa DVD Center's post 08/06/2024

Photos from Kottawa DVD Center's post 01/06/2024

Photos from Kottawa DVD Center's post 17/05/2024

Photos from Kottawa DVD Center's post 13/05/2024

04/05/2024

නරඹන්නට මග බලා සිටි.. එහෙත් .... නරඹන්නට නොහැකි වූ ඔබට ...
අශෝක හඳගම රංග කාර්යයක්
ANTIQUE කඩයක මරණයක්
මැයි 12 ඉරිදා රෑ 10 ට ITN බලන්න.

Photos from Kottawa DVD Center's post 27/04/2024

Photos from Kottawa DVD Center's post 12/04/2024

Photos from Kottawa DVD Center's post 11/04/2024
Photos from Kottawa DVD Center's post 07/04/2024

**ra

07/04/2024

මේ වෙනකන් ආපු Science පැත්තෙන් ගොඩක් Accurate දේවල් තිබුන ෆිල්ම් මොනවද කියලා දැනගන්න ඔයාලා කැමතිද...?

ඇත්තටම මේ අතරෙ ඔයාලා කොහෙත්ම අනුමාන කරන්නෙ නැති ෆිල්ම් පවා තියෙනවා. හැබැයි ඉතින් 2000-2015 අතරෙ මේ වගේ ලොකු මහන්සියක් අරගෙන නිර්මාණය කරපු ෆිල්ම් ආවට ඉන්පස්සෙ නම් එහෙම ඒවා එන එක සෑහෙන අඩු උනා කියලත් කියන්න ඕන. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු මොනවද මේ ෆිල්ම් කියලා..

🔸 Finding Nemo (2003)

ඔන්න ඉතින් පටන්ගත්ත ගමන්ම මාලු කතාකරන ජාතියෙ ෆිල්ම් එකක් Scientifically accurate කියාගෙන ආවා කියලා බනින්න එපා. මේකේ accurate පැත්ත තියෙන්නෙ මාලු කතාකරන එකේ නම් නෙමේ. මාලුන්ගෙ හැසිරීමේ, personality එකේ.. උන්ගේ පිහිනීමේ ක්‍රම වල...

Finding Nemo නිර්මාණය කරද්දි Animators ලා marine biologists ලව හයර් කරලා එයාලාගෙන් මුහුදේ වැවෙන ජලජ පැලෑටිවල ස්වභාවයන්, මසුන් පිහිනන ක්‍රම, උන් හැසිරෙන විදිය ගැන හොඳ අවබෝධයක් අරගෙන තමයි සෑම මත්ස්‍යයෙක්ම නිර්මාණය කරලා තියෙන්නෙ.. උදාහරණයක් විදියට ෆිල්ම් එකේ අපිට Nemo මුහුදට නිදහස් වෙන්න ගහන Escape Plan එකේ මහමොලකාරයා වෙන Gill ව ගන්න පුලුවන්. මතකනෙ Gill කියන්නෙ මුල ඉදලම තමන් ඉන්න මාලු ටැංකියෙන් කොහොමහරි කවදහරි පැනලා යන්න හිතාගෙනම ඉන්න කෙනෙක්. ඒකට එයා එකක් ඇරුනම තව එකක් විදියට ප්ලෑන් ගාණක් ගහනවා.

ඉතින් දන්නවද... මේ Gill ව නිර්මාණය කරලා තියෙන්නෙ Moorish Idol කියන මත්‍ස්‍ය වර්ගයකින්. මේ මත්‍ස්‍යයින් ටැංකිවල ඇතිකරන්න තරමක් අපහසු මසුන් වර්ගයක් විදියට තමයි සැලකෙන්නෙ. ඉතින් දැන් හිතාගන්න පුලුවන් නේද Gill අනිත් අයට සාපේක්ශව තමන්ගෙ ටැංකියෙන් පැනලා යන්න සෑහෙන උත්සාහයක් ගන්නෙ මොකද කියලා. ඔන්න ඔහොම තමයි Pixar ලා තමන්ගෙ Animation චරිත වල හැසිරීම් වලින් එයාලව සැබෑ ලෝකයත් එක්ක සම්බන්ධ කරන්නෙ.. ඊට අමතරව Finding Dory එකෙත් මේ හා සමාන accurate facts අපිට බලාගන්න පුලුවන්..

🔸 Contact (1997)

Carl Sagan විසින් රචිත sci-fi novel එකක් පාදක කරගෙන නිර්මාණය උන Contact සිනමාපටය සැලකෙන්නෙ එදාමෙදා තුර නිර්මාණය උන වඩාත්ම විද්‍යාත්මක වශයෙන් නිවැරැදි තොරතුරු තියෙන සිනමාපටයක් විදියටයි.. මේකේ තියෙන්නෙ විශ්වයේ වෙනත් ජීවී විශේෂයක සංඥාවක් ඇත්දැයි සොයන ගඟනගාමීන් පිරිසකගෙ කතාවක්..

මේ වෙද්දි SETI චන්ද්‍රිකාව රේඩියෝ තරංග යොදාගන්න ආකාරයටම තමයි මේ ෆිල්ම් එකේදි යොදාගෙන තියෙන්නෙ. ඒවගේම මේකෙදි කතාකරන physics theories එහෙමත් සෑහෙන accurate. මේකේ නිෂ්පාදකයෙක් විදියට කතාවෙ රචකයා උන Carl Sagan ත් සම්බන්ධ වීම නිසාම ෆිල්ම් එක විද්‍යාත්මක පැත්තට බර කරලා නිර්මාණය කරන්න ගොඩක් සැලකිලිමත් වෙලා තියෙනවා.

🔸 Minority Report (2002)

Philip K. Dick විසින් රචිත විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් පාදක කරගෙන Steven Spielberg විසින් නිර්මාණය කල විශිෂ්ට සිනමාපටයක් තමයි Minority Report කියන්නෙ.. අනාගතය දකින්න පුලුවන් විශේෂ ඒකකයක් හරහා අපරාධයක් වෙන්න කලින්ම අදාල අපරාධකරුවන්ව අත්අඩංගුවට ගන්න පොලිස් ඒකකයක් සහ එහි ප්‍රධානියාට සිදුවෙන අසාමාන්‍ය සිද්ධියක් වටා තමයි මෙහි කතාව ගලාගෙන යන්නෙ. මේ කතාවට පාදක වෙන අනාගතය 2052 ඒ කියන්නෙ ෆිල්ම් එක නිර්මාණය වෙන 2002 ඉදන් අවුරුදු 50 ක අනාගත කාලයක් තමයි මෙහි නිරූපණය වෙන්නෙ..

ඉතින් මේ නිසා අවුරුදු පනහක් අනාගතයෙදි වෙන්න පුලුවන් තාක්ශණික වෙනස්කම් නිර්මාණශීලීව වගේම වර්තමාන තාක්ශණික දියුණුව එක්ක අනාගතයෙදි මොනවගේ වෙනස්කම් වෙයිද කියලා හොඳට හිතලා මතලා scientifically accurate විදියට ඒ අනාගත තාක්ශණයන් නිර්මාණය කරන්න Spielberg සැලකිලිමත් වෙලා තියෙනවා. මේ වැඩේට විද්‍යාඥයින් සහ විද්‍යා ප්‍රබන්ධ කරුවන්වත් සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් තොරතුරු විමසමින් තමයි Spielberg වැඩේ ගාණට කරලා තියෙන්නෙ.

ෆිල්ම් එකේ තියෙන retinal scanners හෙවත් අක්ශි කාච ස්කෑන් කිරීමෙන් අනන්‍යතාවය හඳුනාගත හැකි යන්ත්‍ර, motion-trailing computer interfaces අත් පා චලන භාවිතයෙන් හැසිරවිය හැකි පරිගණක අතුරුමුහුණත්, සහ personally targeted advertising හෙවත් අද කාලෙ facebook, google හරහා වෙන පුද්ගල දත්ත පාදක කරගෙන එක් එක් පුද්ගලයා ඉලක්ක කරගනිමින් දැන්වීම් ප්‍රදර්ශනය වගේ තාක්ෂණයන් උදාහරණ විදියට දක්වන්න පුලුවන්. ඉතින් ඔයාලා දන්නවනෙ 2002 ඉදන් අවුරුදු විසි දෙකක් වෙන අපේ මේ කාලෙ වෙද්දිත් මේවා වේගයෙන් දියුණු වෙමින් පවතින තාක්ශණයන් බවට පත්වෙලා තියෙනවා. ඉතින් ඒක 2002 වගේ කාලෙකදි නිවැරැදිව අනුමාන කිරීමත් මොනතරම් දක්ශකමක් ද ?

🔸 Gattaca (1997)

Gattaca සිනමාපටයෙන් නිරූපණය වෙන්නෙ දෙමාපියන් විසින් මුදල් ගෙවීමෙන් පසුව තමන්ගෙ දරුවාට ලැබෙන්න ඕන හැකියාවක් තමන් විසින්ම තීරණය කිරීමේ අවස්තාව ලබාදීමෙන් සුපිරි මිනිසුන් බිහිකරන අනාගතයක් වටායි.. මේකෙදි ජානමය වශයෙන් සුපිරි හැකියාවන් ලබාගත් දරුවන් අතරෙ සාමාන්‍ය දරුවන් කොන්වීමට බඳුන්වෙන ආකාරය වගේම අනාගතයේ සමස්ථ මනුශ්‍ය වර්ගයාම සුපිරි මනුශ්‍යයින් බවට පත්වීමේ ඉහල සම්භාවිතාවය ගැන පෙන්වා දෙනවා.

ඉතින් මේ ෆිල්ම් එක නිර්මාණය උන 1997 දී මේ තාක්ශණයන් බොහොම ලදරු මට්ටමේ තිබුනත් වර්තමානය වෙද්දි ඇතිවෙලා තියෙන ජාන තාක්ශණික දියුණුව එක්ක Gattaca සිනමාපටයේ පෙන්වන ආකාරයේ අනාගතයක් නිර්මාණය වීම බොහෝදුරට සිදුවිය හැක්කක්. මේ වෙද්දිත් ධනවත් පවුල් ඔවුන්ගේ දරුවන් නිරෝගී දරුවන් බවට පත්කරගන්න විවිධාකාරයේ ජානමය වෙනස්කම් සිදුකරන්න පෙලඹීමත් එක්ක මේ තාක්ශණයන් වඩාත් වේගයෙන් දියුණු වී සිනමාපටයේ ආකාරයට දරුවන්ගෙ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුලුව සෑම දෙයක්ම වෙනස් කිරීමේ හැකියාව සාමාන්‍ය සමාජයටත් ලැබෙන කාලය වැඩි ඈතක නෙවෙයි කියන්න පුලුවන්.

🔸 The Martian (2015)

අඟහරු ග්‍රහයා මත සිදුවන මෙහෙයුමකදී අත්වැරදීමකින් අතරමං වෙන අභ්‍යවකාශගාමියෙකු යලිත් පෘථිවියට යන්න දරණ උත්සාහයක් නිරූපණය කරන The Martian කියන්නෙත් සෑහෙන Scientifically accurate නිර්මාණයක්. මේක නිර්මාණය වෙද්දි ser designers ලා NASA ආයතනයෙ අභ්‍යවකාශ යානාවල blueprints වගේම අභ්‍යවකාශ ඇඳුම්වල designs පවා විශ්ලේෂණය කරලා තමයි සිනමාපටය වෙනුවෙන් පසුතල නිර්මාණය සහ ඇඳුම් නිර්මාණය කරලා තියෙන්නෙ.

ඊට අමතරව රංගනයෙන් දායක උන matt damon ඇතුලු පිරිස සැබෑ අභ්‍යවකාශගාමීන් සමග සාකච්ඡා කරලා තියෙනවා. Mark Watney නැවතිලා ඉන්න නැවතුම්පොළ, Mark අල වවාගන්න ගොවිපල, වගේම ඔහුගේ අභ්‍යවකාශ ඇඳුමත් NASA ආයතනය භාවිතා කරන නවතම තාක්ශණයන්ට සමාන ආකාරයෙන් නිර්මාණයකර ඇති බව තමයි වාර්ථා වෙන්නෙ..

🔸 Interstellar (2014)

Scientifically accurate ෆිල්ම් එකක් කිව්වම ඉතින් අනිවාර්යයෙන් ම මතක් වෙන නමක් තමයි Interstellar කියන්නෙ. Christopher Nolan විසින් මේ විශිෂ්ඨ සිනමාපටය නිර්මාණය කිරීමේදි Theoretical physicist කෙනෙක් වෙන Kip Thorne ගේ සහය ලබාගන්නවා. මේකෙදි Thorne ට උවමනා වෙනවා දැනට තියෙන භෞතික විද්‍යා නියමයන්ට අනූකූලව පමණක් සිනමාපටයේ තිබෙන සියලුම සිදුවීම් නිරූපණය කරන්න. ඉතින් Nolan කියන්නෙත් හැමවෙලේම වගේ accurate details තමන්ගෙ සිනමා නිර්මාණ වලට ඇතුලත් කරන්න මහන්සි වෙන කෙනෙක් නිසා එයත් මේ අදහසට කැමති වෙනවා..

ඒ අනුව Kip Thorne ගේ ගණනය කිරීම් වලට අනුව තමයි Gargantua නම් අති දැවැන්ත කලු කුහරයේ design එක නිර්මාණය වෙන්නෙ. ඉතින් පහුගියදා විද්‍යාඥයින් විසින් සැබෑවටම කලු කුහරයක දල සටහනක් නිර්මාණය කිරීමේදි ඒක සෑහෙන දුරට Interstellar හි අප දුටු Gargantua හි පෙනුමට සමාන උනේ අන්න ඒ නිසයි.. ඊට අමතරව කතාව ඇතුලෙ සිදුවෙන සියලුම සිදුවීම් භෞතික විද්‍යා නියමයන්ට අනුකූලව නිර්මාණය කරන්න Kip Thorne සහ Nolan දෙපල සමත්වෙලා තිබුනා..

🔸 Apollo 13 (1995)

Ron Howard විසින් අධ්‍යක්ෂණය කර Tom Hanks ප්‍රධාන චරිතය ලෙසින් රංගනයෙන් දායක වූ Apollo 13 සිනමාපටයෙ දැක්වෙන්නෙ NASA ආයතනය මගින් සිදුකල චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතීන් අතරෙන් අසාර්ථක උන Apollo 13 නම් ව්‍යාපෘතිය ගැනයි. මේක සාමාන්‍ය ෆිල්ම් එකකට වඩා Documetery එකකට සමාන විදියට සත්‍ය ආකාරයෙන්ම නිරූපණය කරන්න Ron Howard ට උවමනා වෙලා තිබුනා..

ඉතින් ඒ වෙනුවෙන් ප්‍රධාන චරිත රඟපෑ නලු නිලියන් සියලු දෙනාටම Astronaut Training එකක් දෙන්න, NASA ව්‍යාපෘති සටහන් අධ්‍යයනය කරන්න දෙන්න වගේම අභ්‍යවකාශ ගමන්වලදි දැනුවත් වෙලා ඉන්න අවශ්‍ය භෞතික විද්‍යා දැනුම පවා ලබාදෙන්න ඔහු කටයුතු කරලා තිබුනා. ඊට අමතරව අභ්‍යවකාශයෙදි ඇති ශූන්‍ය ගුරුත්ව අත්දැකීම දැනෙන ආකාරයෙන් පසුතලයන් නිර්මාණය කරලා රංගන ශිල්පීන්ට ඒ අත්දැකීම එක්ක රඟපාන්න මේ සිනමාපටය හරහා අවස්තාව ලැබිලා තියෙනවා.

🔸 2001: A Space Odyssey (1968)

1968 දි නිර්මාණය උනාට ඒක නිර්මාණය උන කාලයට වඩා දශක කිහිපයක්.ඉදිරියෙන් පවතින සිනමාපටයක් තමයි 2001: A Space Odyssey කියන්නෙ. මේක නිර්මාණය කරද්දි මොනතරම් accurate විදියට නිර්මාණය කරලා තිබුනද කිව්වොත් ඇමෙරිකාව Apollo 11 හරහා සිදුකරපු සඳ තරණය බොරුවක් බව විශ්වාස කරපු පිරිස හිතුවෙ ඒ සම්පූර්ණ වැඩපිලිවෙල ම 2001: A Space Odyssey හි අධ්‍යක්ෂවරයා උන Stanley Kubrick ගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය උන වීඩියෝ ක්ලිප් එකක් කියලයි.. ඉතින් සඳ තරණ වැඩපිලිවෙල සහ 2001: A Space Odyssey සිනමාපටයේ දර්ශන අතරේ ඒ තරමටම සමානකම් තිබිලා තියෙනවා.

මේ සිනමාපටය ඇතුලෙදි අභ්‍යවකාශයේ ඇති අසාමාන්‍ය නිහඬබව, අභ්‍යවකාශගාමීන් ගේ ආහාර වගේම මීට අවුරුදු පනහකටත් වඩා ඈත අතීතයෙදි අනුමාන කරපු දියුණු කෘත්‍රීම බුද්ධි වැඩසටහනක් උන HAL 9000 වැඩසටහන පවා පුදුමාකාර විදියට details එක්ක නිරූපණය කරලා තිබුනා.. ඉතින් සිනමාපටයේ දැක්වුන විදියට HAL 9000 පරිගණක වැඩසටහන මුලදි මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කලත් පසුව තමන්ගෙ පැවැත්ම ආරක්ශා කරගන්න මිනිසුන්ව විනාශ කිරීමට පවා පෙලඹීම තුලින් අනාගතයේදි මිනිසුන් සහ කෘත්‍රීම බුද්ධිය අතර ඇතිවිය හැකි පරස්පරයන් අපූරුවට නිරූපණය කර ඇති බවයි සිනමා විචාරකයන්ගෙ අදහස වෙන්නෙ..

🔸 Arrival (2016)

Denis Villeneuve විසින් නිර්මාණය කල විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ සිනමා නිර්මාණයක් ලෙසින් සලකන Arrival සිනමාපටය පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවීන් පිරිසක් හා අදහස් හුවමාරු කරගැනීමට උත්සාහ කරන භාෂා විශේෂඥවරියකගේ කතාව නිරූපණය කරනවා..

මේ සිනමාපටය තුල Louise Banks නම් වාග් විද්‍යාඥවරිය පිටසක්වල ජීවීන් හා සන්නිවේදනයේ යෙදීමට භාවිතා කරන ආකාරයන්, පිටසක්වලයන්ගෙ භාෂාව සහ ඔවුන් ඒ භාෂාව හරහා ඔවුන්ගේ අරමුණ සන්නිවේදනය කරන ආකාරය විද්‍යාත්මකව නිවැරැදි ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. සිනමාපටයේ නිර්මාණකරුවන් ඒ කොටස් රූගත කිරීම සඳහා සැබෑම වාග් විද්‍යාඥයින් කිහිපදෙනෙකුගේ සහ ශබ්ද විද්‍යාව පිලිබඳ විශේෂඥයෙකුගේ උපදෙස් ලබාගෙන තියෙනවා. ඉතින් ඔය වගේ ලොකු මහන්සියක් දරලා විද්‍යාත්මකව මේ දර්ශනයන් නිරූපණය වූ නිසාම Arrival සිනමාපටය සාමාන්‍ය Sci-fi action සිනමාපටයකට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අපූරු සිනමාපටයක් බවට පත්වී ඇතිබව කියන්න පුලුවන්.

🔸 Deep Impact (1998)

පෘථිවිය හා ගැටෙන අති දැවැන්ත ග්‍රාහකයක් හා බැඳුනු කතා තේමාවක් අනුව නිර්මාණය උන Armageddon සහ Deep Impact යන සිනමාපටයන් ද්විද්වය ම එකම අවුරුද්දෙ තිරගත උනා. ඒ අතරෙන් විද්‍යාත්මකව සෑහෙන අවුල් තිබුන Armageddon සිනමාපටය එහි තිබුන උද්වේගකර දර්ශන නිසාම Box office ආදායම් වාර්තා තබමින් සාර්ථකව තිරගත උනත් එකම වසරේ එකම තේමාවෙන් ආපු නිසා Armageddon සිනමාපටයෙ සෙවනැල්ලෙන් වැසී ගිය Deep Impact සිනමාපටය හැම අතින්ම Armageddon ට වඩා විද්‍යාත්මකව නිවැරැදි දත්තයන් නිරූපණය කරමින් නිර්මාණය උන සිනමාපටයක් ලෙසින් විචාරකයන්ගේ පැසසුමට බඳුන් වූ නිර්මාණයක්. මේක ජනප්‍රිය තාරකා භෞතික විද්‍යාඥයෙක් වූ Neil deGrasse Tyson විසින් පවා ඉහල ඇගයීමකට ලක් කල නිර්මාණයක්.

ග්‍රාහකය පෘථිවිය හා ගැටෙන ආකාරය, ගැටීමෙන් ඇතිවන බලපෑම සහ සිනමාපටයේ දැක්වෙන ග්‍රාහකය මත ගොඩබෑමෙ දර්ශන පවා විද්‍යාත්මක න්‍යායන් කඩ නොකරමින් ඉතා නිවැරදිව භාවිතා කර ඇති ආකාරය Neil deGrasse Tyson අගය කරලා තියෙනවා. කවදහරි අභ්‍යවකාශගාමීන් පිරිසක් වල්ගාතරුවක් මත ගොඩබැස්සොත් සිනමාපටයේ දක්නට ලැබුන ආකාරයේ අත්දැකීමක්ම අත්විඳින්නට ඔවුන්ට අවස්ථාව ලැබේවි කියලා ඔහු පැවසීමෙන්ම මේ සිනමාපටය මොනතරම් accurate details එක්ක නිර්මාණය උන සිනමාපටයක්ද කියලා ඔයාලට අදහසක් ගන්න පුලුවන් වෙයි...

🔸 Moon (2009)

Sam Bell නම් අභ්‍යවකාශගාමියා සඳේ තනියම සිදුකරන් helium-3 කැනීමේ මෙහෙයුමක් අතරවාරයේ සිදුවෙන අසාමාන්‍ය සිදුවීම් පෙලක් නිරූපණය කරන Moon සිනමාපටය කියන්නෙත් ජනප්‍රිය sci-fi action ධාරාවෙන් මිදුන නමුත් විද්‍යාත්මක වශයෙන් නිවැරැදි පුරෝකථනයන් ඇතුලත්වෙන සිනමාපටයක්. මේකෙ නිරූපණය වෙන සඳේ helium-3 කැනීම් සිදුකිරීම මේ වෙද්දිත් NASA ආයතනය අනගතයේදි සිදුකිරීමට සැලසුම් කරමින් පවතින මෙහෙයුමක් බව සඳහන් වෙනවා.

මේ සිනමාපටය මොනතරම් විද්‍යා ක්ශේත්‍රය තුල පැසසුමට ලක් උනාද කිව්වොත් NASA ආයතනය තමන් සිදුකරපු දේශන මාලාවකදි සිනමාපටයෙ කොපියක් තිරගත කරලා පෙන්වන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ අතරතුරේදි විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ අභ්‍යවකාශගාමීන් අතරෙ මේ සිනමාපටයෙ ඇති අනාගත විද්‍යාත්මක භාවිතයන් පිලිබඳව සාකච්ඡාවක් පවා සිදුකරලා තියෙනවා..

🔸 Eternal Sunshine of the Spotless Mind (2004)

අනාගතයේ දිනක මිනිසුන් මතකයන් මකා දැමීමේ තාක්ශණයක් සොයා ගතහොත් එයින් මිනිසුන්ගේ බැඳීම් වලට මොනවගේ බලපෑමක් එල්ලවෙයිද කියලා නිරූපණය වන අපූරු සිනමාපටයක් තමයි Eternal Sunshine of the Spotless Mind කියන්නෙ. මේකත් සෑහෙන නිවැරැදි විද්‍යාත්මක කරුණු ඇතුලත් වන සිනමාපටයක් වශයෙන් ප්‍රසිද්ධයි..

විශේෂයෙන්ම සිනමාපටයේ දැක්වෙන Lacuna, Inc සමාගම භාවිතා කරන neuroscientific තාක්ශණයන් පුදුමාකාර ලෙස නිවැරැදි බව විද්‍යාඥයින් පවා පැසසුමට ලක්කරලා තියෙනවා.. ඒවගේම මෙවන් තාක්ශණයක් අනාගතයේදි භාවිතා උනොත් ඒකෙන් මිනිසුන්ගේ මනසට, බැඳීම් වලට ඇතිවියහැකි බලපෑම ගැන හොඳ අදහසක් ගන්න මේ සිනමාපටය නරඹන ප්‍රේක්ශකයන්ට හැකියාව ලැබෙනවා...

ඉතින් ඔන්න ඔය සිනමාපට තමයි 2020 වසර දක්වා නිර්මාණය උන Scientifically accurate සිනමාපට විදියට සඳහන් කරන්න පුලුවන් වෙන්නෙ. ඉතින් මේවට අමතරව Oppenheimer වගේ මෑතකදි තිරගත උන සිනමාපටත් මේ ලැයිස්තුවට ඇතුලත් කරන්න පුලුවන්. තව ඔයාලට හිතෙන මේ ලැයිස්තුවට ඇතුලත් වියයුතු නිර්මාණ තියෙනවා නම් comment එකක් දාගෙන යන්න.. එහෙනම් තවත් මේ වගේ සටහනකින් හමුවෙනකන් සමුගන්නවා. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා ✌️✌️

#තතුසිනෙරූ

Telephone

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00