The Family Clinic
Family care with the love and compassion.......
Pay Yourself First❗පළමු ගෙවීම ඉතුරු කරන්න❗මේ ඔබ ආර්ථික අපහසුතා වලින් ගැලවීමේ සරලම නීතියයි. ඔබට ලැබෙන ආදායමෙන් භාහිර පාර්ශව වෙනුවෙන් කරන ගෙවීම් එනම් බිල්පත් ගෙවීම්, ණය ගෙවීම්, ආහාර සහ වෙනත් අත්‍යවශ්‍යය දෑ මිළදී ගැනීම් වෙනුවෙන් කරන ගෙවීම් පළමුව සිදු කිරීම වෙනුවට, පළමු කොටස ඔබ වෙනුවෙන් වෙන් කරගන්න. එනම් පළමු කොටස ඉතුරුම් හා ආයෝජන වෙනුවෙන් වෙන් කරන්න.
අප පුරුදුව සිටින්නේ සියලු දේ ගෙවා අවසානයේ යමක් ඉතුරු වුවහොත් පමණක් ඉතිරි කිරීමට හෝ ආයෝජන අවස්ථා වලට යොමු වීමයි. මෙය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවලියකි. බොහෝ විට වියදම් සියල්ල සිදු කළ පසු ඉතිරි කිරීමට කිසිවක් ඉතිරි නොවේ.
ඔබ කොපමණ මුදලක් ඉපයූවද තවමත් පොහොසත් වී නොමැති බව හැගේ නම් සහ තවමත් ජීවිතයේ පටන් ගත් තැනම බව පෙනේ නම් එයට හේතුව ඔබ තමාගේ කොටස වෙන් කර නොගෙන අන් අය වෙනුවෙන් ගෙවීම් සිදු කරමින් සිටීමයි.
අවම වශයෙන් ලැබෙන සෑම ආදායමකින්ම 5%-10% ක් වත් අපහසුතා මධ්‍යයේ ඉතිරි කිරීම් වලට යොමු කිරීමට පුරුදු වන්න.එසේ කිරීමේදී වියදම් වලට ආදායම ප්‍රමාණවත් නොවන බව පෙනේ නම් විකල්ප ආදායම් මාර්ග සොයා ගැනීමට උත්සාහ කරන්න. ඉතිරි කරන මුදල් තව තවත් ආදායම් ලැබෙන ආයෝජන මාර්ග වලට යොමු කරන්න.
දැඩි අපහසුතා මධ්‍යයේ වුවද පොහොසත් වීම අපහසු නොවේ. අවශ්‍ය වන්නේ වුවමනාව සහ විනය පවත්වා ගැනීම පමණි.
ඔබට පුලුවන්! Yes You Can 💪
🖋️වෙරානි ජයසේකර
පුද්ගලික මූල්‍ය උපදේශිකා/ජීවන උපදේශිකා
(මෙවැනි ලිපි කියවන්න,ඔබේ ජංගම දුරකථනයටම ගෙන්වා ගැනීමට එකතුවෙන්න)
👉WhatsApp Channel -සිංහල
https://whatsapp.com/channel/0029Va6WKs1EAKW7Th8CEg1m
👉Telegram Channel-සිංහල/English
https://t.me/verani_jayasekara_official
යොවුන් වියේදී ඇතිවන විශාද තත්ත්වයන් | Anuradha Herath | Adaraneeya Jeewithaya යොවුන් වියේදී ඇතිවන විශාද තත්ත්වයන් | Anuradha Herath | Adaraneeya Jeewithaya | 20 - 02 - 2024The First and the Only 4K ULTRA HD Television channel in Sri L...
ඉක්කාවක් කියන්නේ මොකද්ද ?
වෛද්‍ය විද්‍යාත්මකව ඉක්කාව හදුන්වන්නේ 'Singultus' කියන නමින්.ඉංග්‍රිසියෙන් නම් hiccups.
ඉක්කාව කියන්නේ අපේ ශරිරයේ ඇතිවන ප්‍රතීකචාපයක්.ප්‍රතීකචාපයක් කියන්නේ කුමක් හෝ උත්තේජනයකට අපේ මොළයේ මැදිහත් වීමක් නොමැතිව අවයව කිහිපයක් හෝ ශරීරයේ කොටස් කිහිපයක් සම්බන්ධ වී ලබාදෙන ප්‍රතිචාරයකට.ඉක්කාව සමග ප්‍රධාන වශයෙන්ම මැදිහත් වෙන්නේ උරස් කුහරය සහ උදර කුහරය අතර තිබෙන මහා ප්‍රාචීරය සහ ස්වසන පද්ධතිය හා සම්බන්ධ කොටස්.
ඉක්කා වැටෙන්නේ කොහොමද ?
මුලින්ම මහා ප්‍රාචීරයහි එකවරම ගැස්මක් එහෙම නැත්නම් සංකෝචනයක් ඇතිවෙනවා.ඒ සංකෝචනය නිසා අපිට හුස්ම ගැනීමට උදව් වන උරස් කුහරයේ සහ උදරයේ තිබෙන මස්පිඩුවලත් සංකෝචන ඇතිවෙනවා.මේ සංකෝචන නිසා එකවරම වාතය වේගයෙන් පෙනහලු තුලට එනවා.එසේ වාතය මුඛය සහ ස්වාසනාලය හරහා පෙනහලු වලට එන විට අපේ ස්වරාලයේ තිබෙන අපිජීහ්විකාව / epiglottitis කියන පියනක් වැනි කොටස වැහෙනවා.ඒත් සමග ස්වර තන්තු / vocal cord වල ඇතිවෙන කම්පනය නිසා ඉක්කා වැටෙන විට ඇතිවන ' hic ' යන ශබ්දය ඇතිවෙනවා.මේ ක්‍රියාවලියට තමයි අපි ඉක්කාවක් කියන්නේ.
ඉක්කා වැටෙන්න හේතු මොනාද ?
වෛද්‍ය විද්‍යාත්මකව යම් ඉක්කා වැටීමක් පවතින කාල පරාසය අනුව වර්ග තුනකට බෙදා විස්තර කරනවා..
01. Transient Hiccups
මෙහිදි ඉක්කාව පවතින්නේ තත්පර හෝ විනාඩි ගණනක් පමණයි.බොහෝ විට මේ තත්වය රෝගී තත්වයක් ලෙස සලකන්නේ නැහැ.Transient hiccups සදහා හේතු වන්නේ අපේ ආමාශය පමණට වඩා ඇදීමට / විශාල වීමකට ලක්වීම.එසේ වීමෙන් ආමාශය මහා ප්‍රාචීරය සමග ගැටීම නිසා ඉක්කාව ඇතිවෙනවා.එසේ වීමට හේතු ලෙස
▶️ තරමක් විශාල ආහාර වේලක් ලබාගැනීම
▶️ කාබනේට් දියර වර්ග පානය කිරීම
▶️ ඇල්කොහොල් භාවිතා කිරීම
▶️ කෑම ගන්නා අතරතුර කතා කිරීමට යාම
▶️ එකවර බියට හෝ ආතතියට පත්වූ විට
වැනි හේතු ගත හැකියි..
02. Persistent Hiccups
ඉක්කාව පැය 48කට වඩා පැවතුන විට අපි එය persistent hiccups ලෙස හදුන්වනවා.මේ තත්වය බොහෝ ඇතිවන්නේ මහා ප්‍රාචීරයට ස්නායු සැපයුම කරන ස්නායු වලට බලපෑම් වන හේතු නිසා.සැත්කම් සදහා නිර්වින්දනය කිරීමේදි සහ හදිසි රෝග තත්ව වලදි කරනු ලබන මුඛය තුළින් යවන ටියුබ් / intubation නිසා මේ ස්නායු වලට විවිධ බලපෑම් ඇතිවිය හැකියි.එම නිසා එවැනි ක්‍රියා වලට පසුව persistent hiccups තත්වය ඇතිවේ.
03. Chronic Hiccups
මාසයකට වඩා කාලයක් පවතින ඉක්කාව මේ ලෙස හදුන්වනවා.මේ තත්වය ඇතිවීම සදහා හේතුවන්නේ දීර්ඝකාලීනව ඉහත කී ස්නායු වලට හානි පැමිණිය හැකි රෝගයන්.
▶️ හෘදයේ ඇතිවන ප්‍රදාහ තත්ව - Pericarditis
▶️ ස්වරාලයේ ඇතිවන ප්‍රදාහ තත්ව - Laryngitis
▶️ ආමාශයේ ඇතිවන ප්‍රදාහ තත්ව
▶️ බෙල්ලේ සහ අන්නස්‍රෝතයේ ඇතිවන ගෙඩි
▶️ දීර්ඝකාලීනව වකුගඩු රෝග ඇති අයට
▶️ මොළයේ ඇතිවන ප්‍රදාහ හෝ රෝග තත්ව
▶️ විවිධ ඖෂධ වර්ග
Chronic hiccups සදහා හේතුවිය හැකියි.
එනම් යම් පුද්ගලයෙකුට ඉක්කාව දිර්ඝකාලිනව පවතී නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී තවදුරටත් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාගත යුතුවේ.
පොඩි බබාලට නිතර ඉක්කා වැටෙන්නේ ඇයි ?
ඒකට හේතුවත් ඉහතින් විස්තර කරපු විදියටම ආමාශය පමණට වඩා විශාල වී එයාලගේ මහා ප්‍රාචීරයට බලපෑම් ඇතිවීම.ඒකට ගොඩක්ම හේතුව වෙන්නේ බබාලට ඕනවට වඩා කිරි පෙවීම.ඒ නිසා බබාලට කිරි පොවනකොට ඕනවට වඩා කිරි දෙන්න යන්න එපා.ඒ වගේම සෙමින් කිරිදෙන්න.නිසිලෙස ' ගුඩුස් ' යැවීමෙනුත් බබාලට ඉක්කා වැටීම වළක්වා ගන්න පුලුවන්.
ඉදලා හිටලා ටික වෙලාවකට හැදෙන ඉක්කාව හොද කරගන්නේ කොහොමද ?
මේකට නම් විවිධ ක්‍රම උපක්‍රම තියෙනවා.සමහරු එක හුස්මට කවි කියනවා , වතුර කෝප්පයක් එක හුස්මට බීගෙන බීගෙන යනවා , සීනී අහුරක් කනවා , සීතල වතුර ටිකක් මූනට දාගන්නවා , හුස්මක් අරන් ඒක පිට නොකර තත්පර කිහිපයක් ඉන්නවා , මොනාහරි කරලා බය කරනවා වගේ නොයෙක් දේවල් කරනවා.ඒ වගේම ඒ වගේ දේවල් කලාම ඉක්කාව හොද වෙනවා.
මේ කරන දේවල් පිටිපස්සේත් තියෙන්නේ එකම ක්‍රියාවලියක්.ඒ තමයි හුස්ම ගැනීම නවතා උරස් කුහරයේ පීඩනය වැඩි කිරීම මගින් මහා ප්‍රාචීරය මත පීඩනයක් යෙදීමෙන් එහි සිදුවන සංකෝචන නවත්වන එක.
මේ වගේ දේවල් කිරීමෙන් ඉහතින් විස්තර කරපු Transient hiccups හොද කරගන්න පුලුවන්..
නමුත් ඔබට මාසයකට වඩා දීර්ඝකාලීනව ඉක්කාව පවතිනවා නම් වෛද්‍යවරයෙක් වෙත යොමු වී පරික්ෂා කරගන්න එක වඩා සුදුසුයි.
✍️ Dr Nalin Sandaruwan - MBBS | EUSL
"දියවැඩියාව නිසා ජීවිතේ නවතින්න එපා"
ජේෂ්ඨ කථිකාචාර්ය, අන්තරාසර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දුලානි කොට්ටහච්චි
දියවැඩියාව ද?
ඔබ මේ ගැන දැනුවත් ද?
වෛද්‍ය
ගිෂාන් බුද්ධික
ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි
( දියවැඩියාව සහ හෝමෝන රෝග පිළිබඳ )
ජයවර්ධනපුර මහ රෝහල
නොවැම්බර් 09 උදේ 9 ට FM 107 න්
බෙහෙත් බොන්න ඕනේ කොහොමද?
දියවැඩියාව අධි රුධිර පීඩනය වගේ දීර්ඝකාලීන රෝග තත්ත්වයන් වලදී අපිට බොහෝ කාලයක් දිනපතා ම බෙහෙත් බොන්න වෙනවා. ඒ කෙසේ වෙතත් සායනයට එන සමහර රෝගීන්ගේ රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම හෝ කොලෙස්ටරෝල් පාලනය වෙලා නැහැ. ඒකට එක හේතුවක් තමයි නිර්දේශ කළ ප්‍රතිකාර නිවැරදිව භාවිතා නොකිරීම. බෙහෙත් නිවැරැදිව භාවිත නොකිරීමට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. සමහර රෝගීන් විවිධ හේතු නිසා නිර්දේශ කළ ප්‍රතිකාර නිර්දේශ කළ ආකාරයට වඩා අඩුවෙන් භාවිතා කරනවා. බෙහෙත ගන්න තියෙන බිය, බෙහෙත් වල අතුරු ආබාධ සහ අමතක වීම, ඒ වගේ හේතු කිහිපයක්.
ඒ මොන හේතු තිබුනත්, රෝගය පාලනය කරන්න ඊට වඩා වැඩි බෙහෙතක් නිර්දේශ කරන්න වෛද්‍යවරයාට සිදුවෙනවා. ඒ නිසා නිරපරාදේ බෙහෙත් අපතේ යාමත්, රෝගය පාලනය නොවීම නිසා සංකූලතා ඇතිවීමත්, බෙහෙත් වැරදි ප්‍රමාණවලින් ගැනීම නිසා අතුරු ආබාධ ඇතිවීමත් යන සියලුම කාරණා සිදු වෙනවා.
ඒ නිසා වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගන්නා විට ප්‍රතිකාර ගන්නා පිලිවෙල නිවැරදිව ප්‍රකාශ කරන්න. එය වෛද්‍ය නිර්දේශ වඩා වෙනස් නම් ඒකට හේතුවක් පැහැදිලි කරන්න. වෛද්‍යවරයාගේ එකඟතාවයත් රෝගියාගේ එකඟතාවයත් මත අදාළ ප්‍රතිකාර වෙනස් කරගන්න. ඒ මගින් ඔබගේ රෝග පාලනය කරගන්න අවස්ථාවක් ලැබේවි.
ඔන්න මට වුන එක සිද්ධියක් නිසා කාලෙකින් ලිපියක් ලියන්න හිතුනා..
එදා මං හොස්පිටල් එකට ලෙඩ්ඩු ඇතුලත් කරන තමයි රාජකාරියේ යෙදිලා හිටියේ..
රේස් එකේ හෙඩ් ලයිට් ගහගෙන වීල් එකක් ඇවිල්ලා නැවැත්තුවා.දඩ බඩ ගාලා දෙන්නෙක් වීල් එකෙන් බැහැලා ඇතුලේ ඉන්න ආච්චි කෙනෙක් හනි හනිකට ඇතුලේ එලියට අදිනවා..
ආච්චි මර ලතෝනි දෙනවා..
එතන එකම යුද්ධයක් 🥵🥵🥵
ටක්ගාලා අපේ වැඩ කරන දෙතුන් දෙනෙක් එතනට ගිහින් හරි විදියට ආච්චි අම්මාව ට්‍රොලියකට ගත්තා.
ආච්චි අම්මා තාම වේදනාවෙන් කෑගහනවා..
අම්මෝ...පුතේ මගේ කකුල..ඉන්න බෑ...
මාත් ඉක්මනට ආච්චි ගාවට ලංවුනා.. ලගටම වෙලා ආච්චි අම්මගේ පුතාත් හිටියා..
මොකද වුනේ අම්මා ????
අම්මා ටොයිලට් එකේ ලිස්සලා වැටුනා ඩොක්ටර්..දැන් මෙතන උකුල රිදෙනවා කියනවා..
හ්ම්...ආච්චි අම්මාගේ මට බලන්න තිබ්බේ කකුල තියාගෙන ඉන්න විදිය විතරයි..
රිදෙනවා කියන පැත්තේ කකුල එලිය පැත්තට හැරවිලා.ඒ මදිවට අනික් කකුලට වඩා කොටත් වෙලා..
හෑ.....
ඔව් ඔව්.. එහෙම තමයි ගොඩක්ම වයසක අය ලිස්සලා වැටුනට පස්සේ උකුල් ඇටේ ගාව රිදෙනවා කියාගෙන එන අය එන්නේ.
Femoral Neck Fracture
සිංහලෙන් කියනවා නම් අපේ උර්වාස්ථිය ( femur ) ශ්‍රෝණි මේකලාව ( pelvic girdle ) සමග සම්බන්ධ වෙන තැන එන අස්ථි බිදියාම
( ඔය රූපේ විදියට මේ අස්ථි බිදීයාම සිද්ධ වෙන්න පුලුවන් )
කලින් කිව්වා වගේ ගොඩක්ම වයසට ගිය අය ඉදගැස්සෙන්න වගේ ගිහින් පිටිපස්සට වැටුනොත් මේ වගේ අස්ථි බිදීයාමක් වෙන්න පුලුවන්..
බහුතරයක් අය කරන්නේ වැටුන පාරට ආමාරුව වෙන්න ඇති කියලා ඇදට වෙලා දවසක් දෙකක් යනකල් ඉන්න එක..
මොකද මෙහෙම වුනාට පස්සේ ඇවිදගන්නත් බැරිවෙනවා...ඉවසන්න බැරි තරම් කැක්කුමක් එන්නත් පුලුවන්.
අර කලින් කිව්වා වගේ අස්ථි බිදී යාම වුන පැත්තේ කකුල එලිය පැත්තට හැරවිලා අනික් කකුලට වඩා කොට වෙන්නත් පුලුවන්.
ගොඩ වෙදකම් කර කර කැක්කුමට වාත පෙත්තක් දීලා නම් මේ වැඩේ ගොඩදාගන්න බෑ..
මොකද මේ අස්ථි බිදී යාම උර්වාස්ථියේ ස්ථාන කීපයකින් වෙන්න පුලුවන්.සමහර ස්ථාන වලින් බිදීයාමක් වුනොත් ඒ ස්ථානයට සපයන රුධිරය අඩාල වෙනවා.ඊට පස්සේ අස්ථිය මිය යනවා..
ඉතින් තත්වය බරපතල වෙනවා..
ඒ නිසා මෙහෙම දෙයක් වුනොත් සැකයක් තියෙනවා නම් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න.පුලුවන් නම් හොස්පිටල් එකට යන්න.
Xray පරීක්ෂණයක් කරගන්න ඕන මේක හරියටම දැනගන්න නම්.
තත්වය ඒක නම් ඔපරේෂන් එකක් කරන්නත් වෙනවා මේක හරිගස්සගන්න.
මට කියන්න ඕන වුනේ මෙහෙම අය හොස්පිටල් එකට අරන් එනකොට දෙකට නවලා ත්‍රීවීල් අස්සේ දාගෙන එන්න එපා කියන්න..ඒකෙන් අස්ථි බිදී යාම ඩබල් වෙන්න පුලුවන්..
වැටිලා ඉන්න කෙනෙක් බෙල්ල කොන්ද උකුල් අස්ථිය ආශ්‍රිතව රිදෙනවා කියනවා නම් හොස්පිටල් එකට අරන් එන්න ඕන හොදම ක්‍රමය සමතලා තැනක හාන්සි කරවලා පොඩි ලොරියක වගේ දාගෙන.
නැත්නම් 1990 ගිලන් රථයක්..
වෙන්න පුලුවන් ගොඩක් නරක දේවල් අඩුකරගන්න ඒකෙන් පුලුවන්
✍️ DR Nalin Sandaruwan - MBBS-EUSL
ළමා වාට්ටුවක වැඩ කරලා තියෙන නිසා... මේ කතාව සහතික ඇත්ත බව කියන්න පුළුවන්. ගොඩක් දේවල් ගැන හොයා ගන්න වෙලා යනවා. මොකද දරුවෝ කතා කරන්න ගන්නේ අපි එයාලව විශ්වාස කරන බව තේරුනොත් විතරයි.
අම්මලා තාත්තලා කියවන්නම ඕනේ කතාවක් !
ලින්ක් එක පළමු කමෙන්ටුවේ..
link in first comment
"දියවැඩියාවේ අතුරු ආබාධ"
අන්තරාසර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක
ශ්‍රී ලංකා ජාතික රෝහල, කොළඹ
ඔන්න මේ දවස් වල ඇස් ලෙඩ ටිකක් වැඩියෙන් පැතිරිලා යනවා.
පොඩි ලොකු කියලා වෙනසක් නැතුවම..
▶️ ඇස් රතුවීම
▶️ ඇස් කැසීම
▶️ අසාමාන්‍ය ලෙස කදුලු ඒම
▶️ අසාමාන්‍ය ලෙස ඇස් වලින් කබ ගැලීම
▶️ ආලෝකය දිහා බලන්න අමාරු වීම
▶️ මද උණ ගතිය
වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ටිකක් පරිස්සම් වෙන්න.සැලකිලිමත් වෙන්න.වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න..
එහෙම අමාරු තියෙනවා නම්
නිතර ඇස් අල්ලන්න යන්න එපා
ඇස් කසන්න එපා
ඇස් ලෙඩ තියන අය පාවිච්චි කරන ඇදුම් තුවා පාවිච්චි කරන්න එපා
හදවත් රෝග වළක්වන්න පඩිපෙළ නගින්න....
පඩිපෙළ නගිනවට වඩා lift එක පාවිච්චි කරන්න අපි කවුරුත් කැමතියි. නමුත් දිනපතා පඩිපෙළක් නගිනවා අයගේ හදවත් රෝග අඩු වෙන බව ඇමරිකාවේ Tulane විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් හඳුනා ගෙන තියෙනවා. ඒ නිසා අනිත් දවසේ පඩිපෙළ මගහැර යන්න එපා.....
Health Promotion Bureau Health Promotion Bureau is the centre of excellence for health communication, health education, heal
ප්‍රතිකාර කරන වේලාවන්....
වෛද්‍ය ඉන්ද්‍රලාල් මහතා - සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා සවස...
වෛද්‍ය ගෝතමී මහත්මිය - සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා හවස
පුරුද්දට, ආසාවට, Fun එකට කරන වියදම් අදුරගන්න. මේ තමයි දන්නෙම නැතුව සල්ලි වාෂ්ප වෙන ක්‍රම 😊👇
සියලුම පියවරුන්ට....
දියවැඩියාව සහ ඔබේ දෙපා
මහජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගි වීමට ඔබට කෙරෙන ඇරයුමයි.
දිනය - 2023 අගෝස්තු මස 27 වන දින සවස 7.00 සිට.
මාතෘකාව - දියවැඩියාව සහ ඔබේ දෙපා
පහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ දේශනයට සම්බන්ධ විය හැක.
https://us02web.zoom.us/j/81662645511
මං ඉන්ටර්න් කාලේ අපේ surgery වෝඩ් එකට ක්ලින්ක් එකට නිතර එන ආච්චි අම්මා කෙනෙක් හිටියා...
කෙට්ටුම කෙට්ටු...
හරියට දුශ්කර ක්‍රියා කරපු බුදුහාමුදුරුවන් වහන්සේගේ පිළිමයක් වගේ...
ඇටසැකිල්ලයි හමයි විතරයි තිබුනේ ආච්චි අම්මට...
ඒ ආච්චි අම්මට තිබුනේ කෑම බීම ගිලින්න බැරි ලෙඩක්.පොඩ්ඩකට හිතලා බලන්න තමන් කන බත් කට ගිලගන්න බැරි වුනොත්...
පොඩි කාලෙකට නෙමේ.අවුරුදු දෙක තුනකට... සොරිම තමයි නේද ???
ඉතින් ඒ ආච්චි අම්මටත් තිබුනේ ඒ අමාරුව..මුලින් මුලින් කෑම ගිලගන්න බැරි වුනාම වතුර එක්ක හරි අමාරුවෙන් කාලා... ටිකක් ඒ වැඩේත් අමාරු වෙනකොට තමයි ආච්චි අම්මා හොස්පිටල් එකට ආවේ...
ඉතින් අදාල පරික්ෂණ ටික ඔක්කොම කරලා බලනකොට තිබුනේ අන්නස්‍රෝතයේ පිළිකා තත්වයක්..සිම්පල් විදියට කියනවා නම් අන්නස්‍රෝතයේ ගෙඩියක්...
තේරෙන්න කියනවා නම් අපි ඔන්න මොනාහරි කෑමක් කනවා කියලා හිතන්නකෝ..ඒක මුලින්ම මුඛය හරහා අන්නස්‍රෝතයට වැටෙනවා. ඒ හරහා තමයි අපි කන බොන දේවල් ආමාශයට යන්නේ.එතකොට අන්නස්‍රෝතය කියන්නේ මුඛය හා ආමාශය අතර තියෙන ආහාර අරන් යන්න උදව් වෙන බටයක් / නාලයක් වගේ දෙයක්..වගේ නෙවෙයි.නාලයක් තමයි...
ඉතින් ඔය නාලයේ කොහෙන්හරි අසාමාන්‍ය ගෙඩියක් වගේ දෙයක් හැදුනොත් අපිට ගිලීමේ අපහසුතා එන්න පුලුවන්...
මේ ආච්චි අම්මාට තිබුනේ මේ වගේ දෙයක්...
❎ ගිලීමේ අපහසුතා කියන එක තව දුරටත් විස්තර කරනවා නම්....
⏺️ මුලින් මුලින් අපි කන කෑමක් ගිලිනකොට පොඩි අමාරුවක් දැනෙන්න පුලුවන්.ඒ අමාරුව කාපු ගමන්ම දැනෙන්නත් පුලුවන්.නැත්නම් පොඩි වෙලාවකින් පස්සේ දැනෙන්නත් පුලුවන්
⏺️ සමහරවිට කෑම ගිලිනකොට කැක්කුමක් එන්නත් පුලුවන්
⏺️ මුලින් මුලින් ඝන ආහාර ගන්නකොට මේ අමාරු ඇවිත් කල් යද්දි වතුර බොනකොට පවා මේ අමාරු එන්න පුලුවන්.ඒ කියන්නේ ලෙඩේ නරක පැත්තට තමයි යන්නේ..
⏺️ සමහර අයට කාපු ආහාර නැවත උගුරට එන එක එහෙමත් වෙනවා..
⏺️ උදර අමාරුකම්
⏺️ කෑම අරුචිය
⏺️ ඇග කෙට්ටු වීම වගේ රෝග ලක්ෂණත් මේ සමග එන්න පුලුවන්
❎ මෙහෙම වෙන්න හේතු ?????
⏺️ ප්‍රධානම වගේම බහුලතම හේතුව අන්නස්‍රෝත පිළිකා තත්ව
ඊට අමතරව...
⏺️ දීර්ඝකාලීනව පවතින ගැස්ට්‍රයිටීස් තත්ව
⏺️ අන්නස්‍රෝතයේ ඇතිවෙන පිළිකා නොවන ගැටිති
⏺️ තයිරොයිඩ් ග්‍රන්ථයේ ඉදීමීම් නිසා
⏺️ පෙනහලු පිළිකා නිසා
⏺️ හෘදයේ ඇතිවන අසාමාන්‍යතා නිසා
⏺️ ස්නායු ආබාධ තත්ව නිසා
⏺️ අංශභාග තත්ව නිසා
⏺️ උගුරේ සිරවන ආගන්තුක ද්‍රව්‍ය නිසා
⏺️ ශ්වසන රෝග / සෙම්ගෙඩි තත්ව
වගේ දේවල් වලටත් ගිලීමේ අපහසුතා එන්න පුලුවන්...
හැබැයි හොදම දේ මෙහෙම අමාරුවක් දැනිලා තියෙනවා නම් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගන්න එක..මොකද වැඩේ ජෝන්බාස්ට ගියාට පස්සේ අමාරුයි...
විශේෂයෙන්ම පිළිකා තත්වයක් නම් එය මුල් කාලයේදිම දැනගන්න එක තමයි වඩා සුදුසු...
ඉතින් අන්නස්‍රෝතයේ ඇතිවෙන පිළිකා එහෙම නැත්නම් ගෙඩි වගේ දේවල් එන්ඩොස්කොපි / endoscopy මාර්ගයෙන් හදුනාගන්න පුලුවන්..ඒ කියන්නේ කැමරාවක් දාලා බලන පරීක්ෂණය...
ඊට අමතරව සීටී පරික්ෂණ ස්කෑන් පරීක්ෂණ xray වගේ පරීක්ෂණ වලින් රෝගය තහවුරු කරගන්නත් පුලුවන්...
ඔය ටික කරගන්න නම් හරි වෙලාවට ( හරි වෙලාව කිව්වේ වැඩේ ජෝන්බාස්ට යන්න කලින් ) රෝහලක ශල්‍ය සායනයට තමයි යන්න ඕන.
එහෙම නැත්නම් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕන...
ඉතින් අපේ වෝඩ් එක බාර විශේෂඥ වෛද්‍ය තුමා ඇතුලු කට්ටියම ආච්චිට අවාශ්‍ය ඔපරේෂන් එක කරලා ලෙඩේ හොදකරා...
පස්සේ ක්ලිනික් එකට ආපු ආච්චි අම්මා අවුරුදු දෙකකට පස්සේ අමාරුවක් නැතුව කෑම කනකොට දැනෙන ෆීලින්ස් අපට විස්තර කරා....
😌😌😌
✍️ Dr Nalin Sandaruwan - MBBS-EUSL
දරුවාගේ මුල් මාස හයේදී පූර්ණ පෝෂණයට අවශ්‍ය වෙන එකම ආහාරය මවුකිරියි.
රැකියාවේ නියැලෙන මව දොවා තබා යන කිරි සෞඛ්‍ය ආරක්ෂිතව දරුවාට ලබා දෙන්නට ඇයට ආදරයෙන් සහාය වෙමු.
⦿ මව්කිරි දෙවීමට හා දෙවූ මව්කිරි දරුවාට ලබාදීමට පෙර සබන් යොදා අත් සෝදමු.
⦿ කිරි දෙවීම සඳහා සබන් යොදා පිරිසුදු කර ගත්, කට පළල් භාජනයක් භාවිතා කරමු.
⦿ ආහාර දැමීමට සුදුසු වීදුරු, මල නොබැඳෙන වානේ හෝ ප්ලාස්ටික් භාජනයක් මේ සඳහා භාවිතා කළ හැකිය.
⦿ මව්කිරි දොවා ගත් පසු භාජනය හොඳින් වැසෙන පියනකින් වසන්න.
⦿ දොවාගත් මව්කිරි 25° C හෝ කාමර උෂ්ණත්වයේ උපරිමය පැය හතරක් දක්වා කල් තබාගත හැකිය.
⦿ දෝවාගත් මව්කිරි ශීතකරණයේ, එනම් 4° C ක උෂ්ණත්වයේ උපරිමය දින හතරක් දක්වා කල් තබා ගත හැකිය.
⦿ මව්කිරි ගබඩාකරණ භාජනයේ දොවාගත් දිනය සහ වේලාව සටහන්කරන්න.
⦿ දොවාගත් මව්කිරි කිසිම විටෙක ශීතකරණයේ දොරෙහි ගබඩා කිරීමෙන් වලකින්න.
⦿ මුලින් දොවාගත් මව්කිරි දරුවාට මුලින් ලබා දීම සුදුසු වේ.
⦿ ශීතකරණයේ තිබූ මව්කිරි දරුවාට ලබාදීමට පෙර මද උණුසුම් දිය බඳුනක බහා තබා කාමර උෂ්ණත්වයට (25° C) පත් කර ගන්න.
⦿ ශීතකරණයෙන් පිටතට ගත් දොවාගත් මව්කිරි පැය දෙකක් ඇතුළත දරුවාට ලබාදිය යුතුය.
⦿ ඉතිරි වූ මව්කිරි ඉවත් කරන්න. නැවත ශීතකරණයට දැමීමෙන් වළකින්න.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දැනුවත් කිරීමක්....