Energy බලශක්ති
All about energy and energy saving Energy බලශක්ති
වෘත්තීය විදුලිකාර්මිකයින්ට හැදුනුම්පත් නිකුත් කිරීම-2023
විදුලිකාර්මික ශිල්පය පිළිබද ජාතික වෘත්තීය සුදුසුකම් 3 මට්ටම හෝ ඊට ඉහල මට්ටමක් ලබා ඇති විදුලිකාර්මික ශිල්පීන්ට වෘත්තීය විදුලිකාර්මික හැදුනුම්පත සදහා දැන් අයදුම් කල හැකියි
අයදුම්පත පිරවීමට පෙර පහත උපදෙස් කියවන්න
අයදුම්කිරීම සදහා මෙම ලින්ක් https://bit.ly/3ImFne3 එකේ ඇති ගූගල් පෝරමය පිරවිය යුතු වේ.
පෝරමය කොටස් 2කි
පළමු කොටසෙන් ඔබ නම ආදි තොරතුරු සැපයිය යුතු වේ.
දෙවන කොටසට ගොස් ඔබේ ඡායාරූපය අයදුම්පත සමග අප්ලොඩ් (ඇමිණිය යුතුය) කල යුතු ය
නම ලිවිය යුත්තේ මුලකුරු සමග අවසාන නමයි. වාසගම දීර්ඝව ඇති සම්පුර්ණ නාමය ලියන්න එපා.
ඔබේ සහතිකයේ මුල් පිටුවේ ඇති සහතික අංකය (Certificate Reference) නිවැරැදිව පුරවන්න
ඔබ අතට සහතිකය ලැබී නැත්නම් මෙම ලින්ක් එකට (Link: https://bit.ly/3VXqLVU) ගොස් ඔබේ හැදුනුම්පත් අංකය යොදා ප්‍රථිඵල හා සහතිකයේ විස්තර බලාගත හැකිය.
මුල් කොටසේ විස්තර පිරවීමෙන් අනතුරුව දෙවන කොටසට යන්න
දෙවන කොටසේ අදාල විස්තර සපයා ඡායාරූපය අප්ලොඩ් කරන්න. ඡායාරූපය ස්ටුඩියෝ එකකින් ම ගන්න.
එය ඔබේ හැදුනුම්පත් අංකයෙන් සේව් කර අප්ලොඩ්කරන්න
ඔබට ගැටළු ඇතොත් සහාය සදහා ඔබේ දිස්ත්‍රික් භාර නිලධාරියා පහත අංක ඔස්සේ අමතන්න
කොළඹ, ගාල්ල, රත්නපුර, මාතර, හම්බන්තොට = 071 862 2800
කළුතර, කෑගල්ල, මහනුවර, බදුල්ල, පොලොන්නරුව = 078 385 5250
කුරුණෑගල, පුත්තලම = 076 427 1030
ගම්පහ, අනුරාධපුර, නුවරඑළිය, මොනරාගල = 071 439 3018
මඩකලපුව, අම්පාර, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මන්නාරම = 076 239 9071
අයදුම්පත පිරවීමට මෙතනින් පිවිසෙන්න https://bit.ly/3ImFne3
මාසික විදුලි පරිභෝජනය ඒකක 10,000 ට වැඩි ආයතනයක්නම් අදම ලියාපදිංචි වන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeyAxEE6qKmG26oSUoPD4xeqFFtVworLykY26_2Xpobst7Tog/viewform
Ranjan Priyantha අයියා දැකපු දුර්ලභ දර්ශනයක් මට inbox එවලා තිබ්බා.. ඒ ගැන එවපු විස්තරය සංශෝධනයකින් තොරවම මට එවපු විදිහටම දානවා..
///සර් මේ පොටෝ ටික වැදගත් වෙයි කියල හිතුන. මේ කූඩුව ලංකා රාජ අලියා කියන පක්ෂියගෙ කුඩුවක්. කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. අපේ දරැවො තියා මමත් දැක්කමයි. මේ කුඩුව දිගින් අඩි 6 කට වැඩියි. උස අඩි 4 විතර වෙනව. සාමන්‍යයයෙන් දර කෝටු හොන්ඩර 5 කට වැඩියි. මනුස්සයකුට නිදා ගන්න තරම් විසාලයි. මේ කුඩුව හදල තියෙන්නෙ පොලව මට්ටමේ සිට අඩි 150 පමන උසින්. අපි වැඩ කරන ටවර් එකක මුදුනෙ. නොරොච්චෝලෙ බලාගාරයෙ විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ කනුවක.////
මුල් අයිතිය - Ravi Gunawardana
ඉන්ධන බෙදා හැරීමට ඇප් එකක් සඳහා සාකච්ඡාව
🔔Join us tomorrow for an informative session!
✅ WHAT? The webinar will introduce the types of hydrogen based on colours along with its classification based on quantifying the content or footprint of the hydrogen produced. The webinar will gather insights through a panel discussion presenting hydrogen initiatives from government and industry representatives.
✅ FOR WHOM? This informative session is tailored for the Member States, including government and national hydrogen experts, industry, and the private sector.
➡️ HOW TO ATTEND?
1) Registration link: https://lnkd.in/gtVjC97t
2) Enter your user name as follows: [COUNTRY] LAST NAME, First name
3) Enter password: 908070
✅ Number of participants in the webinar room is limited!
Find out more👉https://bit.ly/3yhLJF3
ටර්බයින ක්‍රියාත්මක නොකර ජලය මුදා හැරීමෙන්,
රන්දෙණිගල පාඩුව රු. මිලියන 300 ක්..!
පසුගිය ජුනි 8 වනදා රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වලින් වාරි කටයුතු සඳහා ජලය නිකුත් කිරීමේදී එම ජල විදුලි බලාගාර වල ටර්බයින ක්‍රියාත්මක නොකිරීම නිසා විදුලි ඒකක 140,000 ක ශක්ති ප්‍රමාණයක් අපතේ ගොස් ඇත. ඒ මන්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා ජලය ඝන මීටර මිලියන 1.3 ක් මුදා හරින තුරුත් ටර්බයින ක්‍රියාත්මක නොකිරීම නිසාය.
එම අවස්ථාවේ රටේ ඉල්ලුමට අවශ්‍ය අමතර විදුලි උත්පාදනය සඳහා තාප බලාගාර ( West coast ඒකකයක් රු. 99.6 සහ Sojitz ඒකකයක් රු. 85 බැගින් ) ක්‍රියාත්මක කරවීම නිසා වූ පාඩුව රු. මිලියන 300 කි.
දත්ත- කෝප් කමිටු සාකච්ඡා
#බලශක්ති ුවෝ
විදුලිබල මණ්ඩලයෙන් සුපිරි වැඩක්
පියැසි මත සූර්ය පද්ධති සඳහා අයදුම් කිරීම දැන් අන්තර්ජාලය හරහා. දැනට ඉදිරිපත් කර ඇති අයදුම්පත් වල ප්‍රගතියත් ජංගම දුරකතනයෙන් පරීක්ෂා කිරීමේ පහසුව CEBCare වෙතින්.
https://cebcare.ceb.lk/
#බලශක්ති
The Alumni Association of University of Moratuwa is organizing a webinar on “Short and Medium-Term Solutions for the Power Crisis in Sri Lanka”. The webinar will be held as a virtual event where the interested stakeholders will be exchanging views on the current status of the energy situation, short and medium-term solutions, as well as the future business opportunities in the energy sector.
Please register in advance and feel free to circulate among your friends too.
For the registration: https://learn.zoom.us/meeting/register/u5MkceqhpzktHdPNt92iARCmOpovfnPL1byV
Resus ආයතනයේ රු. බිලියනයක ආයෝජනයෙන් මහියංගනයේ රිදීමාලියද්දේ ඉදි කෙරුණු මෙගාවොට් 6 ක ධාරිතාවයෙන් යුත් සූර්ය බල පධතිය පසුගියදා ජාල ගත කරන ලදී. මෙමඟින් අපේක්ෂිත වාර්ෂික විදුලි උත්පාදනය ඒකක මිලියන 9 කි.
#බලශක්ති
Panel discussion on,
Off grid and Hybrid Power Solutions
දෙමුහුම් සහ ජාලයෙන් බැහැර විදුලි බල පද්ධති පිළිබඳ විද්වත් කථිකාව
ජාත්‍යන්තර සංවර්ධනය සදහා එක්සත් ජනපද නියෝජිතායතනයේ යුලීඩ් YouLead වැඩසටහනේ පුර්ණ අනුග්‍රහයෙන් නොමිලේ පැවත්වෙන විශේෂ පාඨමාලාවකි
සොලර් තාක්ෂණික ශිල්පියකු ලෙස කේෂත්රයට පිවිසීමට වරම්.
වයස අවුරුදු 18 ත් 35 ත් අතර නම් අදම අයදුම් කරන්න.
දෙදින සහතිකපත්‍ර පාඨමාලාව ජුනි මස සිට.
පාඨමාලාව පැවත්වෙන ස්ථාන.
1. ගම්පහ
2. කිලිනොච්චි
3. කළුතර
4. හම්බන්තොට
5. කොළඹ
6. මාතලේ
7. අම්පාර
8. ත්‍රිකුණාමලය
9. නුවරඑළිය
විමසීම් 0714393018
අයදුම්කරන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSfvoLcSzhDQRMDVFq7bvSa9DzGEgedGV0tqh28y0sZGRSV-iw/viewform?vc=0&c=0&w=1&flr=0
ඉන්ධන පිරවුම්හලේ තෙල් සංචිත පිළිබඳ දැන ගැනීමට දුරකතන යෙදවුමක්...1
කිරි සයුරේ කළු හදවත
අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය වන ක්ෂීර පථයේ (Milkyway Galaxy) මධ්‍යයේ ඇති අති දැවැන්ත කළු කුහරය (supermassive black hole) පළමුවරට සේයාරුවට නැගීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.
Sagittarius A* ලෙස නම් කර ඇති මෙම කළු කුහරය පොළොවේ සිට ආලෝක වර්ෂ 26,000 ක් ඈතින් පිහිටා ඇති අතර එය අපගේ සූර්යා මෙන් 4,000,000 ගුණයක් තරම් විශාල වේ. මෙතරම් දුරකින් පිහිටි කළු කුහරයේ ඡායාරුව ගැනීමට දශක ගණනක් තිස්සේ විද්‍යාඥ්‍යන් උත්සාහ කළ අතර එය සැබෑ කළේ EHT (Event Horizon Telescope) ආධාරයෙනි.
මෙය කළු කුහරයක් සේයාරුවට නැඟූ දෙවෙනි අවස්ථාව වන අතර මීට පෙර එසේ ඡායා රුවට නැගුවේ 2019 දී පෘථිවියෙන් ආලෝක වර්ෂ මිලියන 55ක් ඈතින් පිහිටි M87 නම් කළු කුහරය යි. එය Sagittarius A* මෙන් දහස් ගුණයක් විශාල කළු කුහරයකි. පුදුමයනම් මෙම කළු කුහර දෙකම එකම හැඩයෙන් යුතු වීමයි.
- බලශක්ති
#බලශක්ති
මෙවර වෙසඟේ,
ඇස පිනවන - විදුලි ආලෝකය අවම කර,
සිත පහන් කරන - කුසල් ආලෝක පතුරමු..!
ධර්මාලෝකය උතුම්ම ආලෝකයයි...
ඔබට පින්බර වෙසක් මංගල්‍යක් වේවා..!
#බලශක්ති
ඊයේ විදුලියෙන් අඩක් ජල විදුලියෙන්. 14%ක් සුළඟින්.
#බලශක්ති
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් අදියරක් බිඳවැටීම නිසා ජාතික පද්ධතියට මෙ.වො. 270ක ධාරිතාවයක් අහිමි වී තිබේ. එය යථා තත්වයට පත් කිරීමට දින පහක්වත් ගතවනු ඇති බව මන්ඩලය පවසයි.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු.
#බලශක්ති
ලයිට් මහත්තයා
"කවුද කියලා දන්නෑ හැබැයි උබ මාර පොරක් බං.
UB-2303 ඩිස්කවරි බයික් එක. ඉංගිරියෙ ඉඳං හඳපාන්ගොඩ 10km මම උබගෙ පස්සෙන් ආවෙ.
බයික් එක තැන් 10ක් විතර පාර දෙපැත්තෙ නවත්තලා පාරෙ ලයිට් ඕෆ් කර කර එනවා.
නවත්තන වෙලාවක් ගානේ පෙට්‍රල් වැඩියෙන් පිච්චෙනවා. පැය බාගෙ ගමනට ඔයාට පැයක් යනවා.
උබ මාර පොරක් බං. ජය වේවා මිත්‍රයා."
ඉහත සටහන උපුටා ගත්තේ ෆේස්බුක් සටහනකින්. අපි තවම දකිනවා මහ දහවල් වෙද්දීත් දල්වෙන වීථි ලාම්පු. කලාතුරකින් කෙනෙක් තමයි තමන්ගෙ වෙලාවෙන් පොඩ්ඩක් වැය කරල ඒව නිවා දමන්නෙ. ඉතිං මේ වගේ ම් ඉනිස්සු වාසනාවක්, රටට.
#බලශක්ති
බුදු දහම කියා දෙන පරිසර සංරක්ෂණය හා අරපිරිමැස්ම මැයෙන්
දහම් පාසල් ළමුන්ට රචනා තරඟයක්, සුනිත්‍ය බලශක්ති අධිකාරිය
#බලශක්ති
ඉන්දියාවෙන් ලංකාවට විදුලි සම්ප්‍රේෂණය (CBET) සඳහා සාකච්ඡා
ලංකාව සහ ඉන්දියාව අතර විදුලි සම්ප්‍රේෂණ සබඳතාවයක් සඳහා සාකච්ඡා ඇරඹුනේ මීට දශකයකටත් පෙරයි. එහිදී බලාපොරොත්තු වූයේ ලංකාවේ සූර්ය, සුළං සහ අක්වෙරළ සුළං වැඩි ප්‍රමානයක් පද්ධතියට සම්බන්ධ කර අතිරික්තයන් සහ විචල්‍යයන් අසල්වැසියාට සම්ප්‍රේෂණය කිරීමයි.
නමුත් වර්තමානයේ ලංකාව මුහුන දෙන උග්‍ර බලශක්ති අර්බුදය නිසා මෙම සාකච්ඡා නැවත වටයකින් ඇරඹී ඇත. මෙ අභිප්‍රාය ඉන්දියාවෙන් ලංකාවට විදුලිය ආනයනයයි. මූලික අදියරේදී මෙගා වොට් 1000ක සම්ප්‍රේෂණයක් සඳහා පෝල්ක් සමුද්‍ර සන්ධිය හරහා කි.මී. 40ක පද්ධතියක් සලකා බැලේ. මෙමඟින් මෙරට පද්ධතියට එක් කළ හැකි විච්ල්‍ය පුනර්ජනන බලශක්ති ධාරිතාවයද ඉහළ යනු ඇත.
#බලශක්ති
ගාළු මුවදොර අරගල බිමටත් සූර්ය බලය
මේ දිනවල ගාළුමුවදිර පැවැත්වෙන අරගල භූමියේ අවශ්‍යතාවයන් සඳහා සූර්ය බලශක්ති පද්ධතියක් ලබා දීමට DIY Off Grid Sri Lanka group සමූහයේ සාමාජිකයින් පිරිසක් කටයුතු කර ඇත. කි.වො. 3 ඉන්වර්ටරයක්, කි.වො. 1 ක පැනල් සහ බැටරි වලින් සමන්විත මෙම පද්ධතියෙන් අරගල බිමේ පුස්ථකාලය, පුරවැසි සභාව, St. John ගිලන් රථ සේවාව, ආයුර්වේද මධ්‍යස්ථානය ඇතුලු කූඩාරම් කිහිපයටත් දුරකතන charge කිරීමේ ස්ථානයටත් අවශ්‍ය විදුලි බලය
දවස පුරා ලබා දෙයි.
හෙට පැය 11 ක් විදුලිය...
ලාබ රුසියන් තෙල් වෙනුවට, වැඩි මිලට ඩුබායි තෙල්
© Harsha Wickramasinghe
උසේන් බෝල්ට් මැරතන් එකක..!
උසේන් බෝල්ට් කිව්වම නොදන්නා කෙනෙක් නැතිව ඇති. ඔහුට කියන්නෙ විශ්වයේ වේගවත්ම මිනිසා කියා. විශ්වයේ කෙසේ වෙතත් ලෝකයේ වේගවත්ම මිනිසා ඔහු බවට තීරණය උනේ 100m තරගයේ ඔහුගේ වාර්තාගත ජයග්‍රහණය (තත්පර 9.58) නිසා. මම මිනිහට කැමති දිවිල්ලටත් වඩා ජයග්‍රහණය සමරණ විධිය නිසා..! ඒක ("To De World" pose එක) හරිම ලස්සනයි. මිනිහ මැරතන් එකක් දිව්වොත් මොනව වෙයිද.? එය 100m වගේ හාරසිය විසි දෙගුණයක් (42.195km) දුරෙන් වැඩියි. ඒ වේගෙන්ම දිව්වොත් විනාඩි 67කින් මැරතන් එක ඉවරයි. නමුත් ඔලිම්පික් පදක්කම් ලාභී එලියුඩ් කිප්චෝගේ මැරතන් එක දිනන්නෙ විනාඩි 128 කුත් පහු කරල. අපරාදෙ උසේන් ම දාල ඒකත් දිනන්න තිබුණ..! ලංකාවෙ මේ වෙනකොට තියෙන විදුලි අර්බුදයට පිළියම් ගෙනෙන ඇතැමුන් විදුලි කෝෂ නැතිනම් බැටරි ගැන කියන කතා නිකං මේ වගේ.. මම නම් හොඳින් දන්නව උසේන් දාල මැරතන් දිනන්න බැරි බව. නමුත් එහෙම පුළුවන් කියල කියන අය අඩුවක් නැහැ... ඉතින් මම කල්පනා කළා විදුලි කෝෂ ගැන තිබෙන මගේ පරිමිත දැනුම බෙදා ගන්න...
විදුලි කෝෂ ගැන කිව්වම අපිට නිතරම ඇහෙන ගැටෙන බැටරි වර්ග කීපයක් තියෙනව. ඔරලෝසු බැටරි (මර්කරි බැටරි කියලත් කියනව), සින්ක් සහ කාබන් අඩංගු AAA සහ AA වැනි පෙන්ලයිට් බැටරි, ටෝච් බැටරි, ෆෝන් බැටරි (ලිතියම් අයන්) සහ කාර් බැටරි. මේවයින් වැඩි හරියක් නැවත චාර්ජ් (ආරෝපණය) කරන්න බැරි එක් වතාවක් පමණක් භාවිත කල හැකි විදුලි කෝෂ. නමුත් ෆෝන් බැටරි සහ කාර් බැටරි නැවත නැවත ආරෝපණය කර පාවිච්චි කරන්න පුළුවන්. අද දවසේ කතා කරන විදුලි කෝෂ වල ඉතා වැදගත් ගුණාංගයක් තමයි කී වරක් එය ආරෝපණය කර භාවිතා කරන්න පුළුවන්ද කියන එක. ඉංග්‍රීසියෙන් කියනවා useful charging cycles (ප්‍රයෝජනවත් ආරෝපණ වාර ගණන). මම කලින් කියපු කෝෂයක් නම් එක වාරයයි. ෆෝන් බැටරියක් හෝ ලැප්ටොප් බැටරියක් නම් වාර 1,200ක් පමණ. ඒ ගණන ඉවර උනහම තමයි අපි කියන්නෙ "මේක පැයෙන් බහිනව.....බිංදුවට බැහැල තිබිල චර්ජරේ ගැහුවම විනාඩියෙන් 70%ක් පෙන්නනව.....මේකෙ දැන් චාර්ජ් එක අල්ලන්නෙ නැහැ " වැනි කතා. චාර්ජ් එක කිව්වම අපිට පුරුදු කාර් බැටරියේ තියෙන්නේ Ah නැතිනම් ඇම්පියර් පැය වලින් ගාණක්. කාර් එකක නම් 45Ah වගේ - ලොකු ලොරියක නම් 120Ah උනත් වෙන්න පුළුවන්. මේ ඇම්පියර් පැය ගණන බැටරියේ විභවයෙන් (voltage එක) වැඩි කලහම එනව අගයක් 45Ahx12V = 540Wh = 0.54kWh. ඒ කියන්නේ කාර් බැටරියක ගබඩා කරන්න පුළුවන් විදුලි බල මණ්ඩලෙන් ගන්න විදුලි ඒකක (යුනිට්) භාගයයි..!
කාර් බැටරි වල නරක දේ තමයි මේ ගහල තියෙන මුළු ධාරිතාවම ප්‍රයෝජනයට ගන්න බැරි වීම. තියෙන ධාරිතාවෙන් භාගයයි (50%) ප්‍රයෝජනවත්. ඉතිරි ටික පාවිච්චි කළොත් බැටරිය අකල් මරණයකට යනව. ඒ අතින් ෆෝන් - ලැප්ටොප් බැටරි වල තියෙන හොඳ ගතිය තමයි ඒව සම්පුර්ණ ධාරිතාවම වගේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් වීම. ඒකට කියනවා depth of discharge කියල. හිතන්න වතුර වීදුරුවක්. අපි ඒක කට ළඟටම පුරවන්නෙ නැහැ. ඒ වගේම අන්තිම බින්දුව තෙක් බොන්නෙ නැහැ - මැනර්ස් ඉතිරි කරනව. ඉතින් වීදුරුවෙ පරිමාව මිලි ලීටර් 100 නම් පුරවන්නෙ 90යි - මැනර්ස් ඉතිරි කරනව 5ක්. එතකොට බොන්න පුළුවන් 85යි. අන්න ඒක තමයි usable capacity. බැටරියේ ගහල තිබුනොත් 5kWh කියල ඒකෙන් කියවන්නෙ නැහැ මුළු 5kWh ම භාවිත කරන්න පුළුවන් කියා. ඒ වගේම බැටරිය නැවත නැවත ආරෝපණය කරමින් පාවිච්චි කරනකොට ඒ 85ත් අඩු වෙනව. හිතන්න අර මුලින් කියපු වතුර වීදුරුවෙ වතුර බොන වාරයක් පාසා මොනවා හරි ඝනකම දෙයක් බැඳෙනවා කියල. අන්තිම කාලේදී චාජරේට ගහපු ගමන් 70% පෙන්නන්නෙ ඒ නිසයි. එතකොට කෝෂයේ සැබෑ ධාරිතාව මුල් ප්‍රමාණයෙන් 20%කටත් අඩු අගයක්. ගන්න දෙයක් නැහැ අළුත් ෆෝන් එකක් ඕන වෙනව. මේ බැටරි හරියට මැරතන් ක්‍රීඩකයෝ වගේ. හුඟක් දුර දුවන්න පුළුවන් - හැබැයි හැල්මෙ.
දැන් අපි බලමු කාර් බැටරි ගැන - උසේන් බෝල්ට් වගේ. මාර හයිය ඇඟක් - සුළු වෙලාවකින් මහා ශක්තියක් මුදා හරින්න නිර්මාණය වෙච්ච. ඒ වගේම පිටියේ ආයුෂ හුඟක් අඩුයි - මැරතන් දුවන අය වගේ නෙවෙයි. ඒ කියන්නෙ useful charging cycles හරි අඩුයි. 450-650ක් පමණ. depth of discharge උනත් හුඟක් අඩුයි. එම කෝෂ සම්පුර්ණ ආරෝපණ ධාරිතාව විසර්ජනය (discharge) කලොත් cycle ගාන අඩු වෙනව 150කට පමණ. මේවායේ කෝෂ රසායනය (battery chemistry) ඊයම් සහ අම්ල (lead acid). සමහර ඒවා ද්‍රව අම්ල සහිතයි සමහර ඒවා ජෙල් අම්ල සහිතයි. මොනව කරත් මේවා එක්ක විදුලි වාහන දුවන්න හෝ ලයිට් ගිය වෙලාවට කරන්ට් එක ගන්න බැහැ. මොකද උසේන් බෝල්ට් ට මැරතන් දුවන්න බැරි නිසා. කාර් බැටරි වල අවශ්‍යතාව තමයි ඉතා වැඩි බලයක් සුළු මොහොතකට ලබා දී එන්ජිම කරකවා පණ ගැන්වීමට සැලැස්වීම. හරියට 100m තරගයක් වගේ... නමුත් AGM (absorbent glass mat) කියල මේවායේ දියුණු කල වර්ගයක් නම් ටෙලිකොම් කර්මාන්තයේ ජයට භාවිතා වෙනවා - ඒවා මුද්‍රා තබල තියෙන ඕන අතකට සවි කරන්න පුළුවන් ජාතියක්...කාර් බැටරි වගේ ඇසිඩ් වැක්කෙරෙන ලෙඩක් නෙවෙයි...
Nissan Leaf රථයේ තියෙන්නෙත් Tesla වල තියෙන්නෙත් ලිතියම් අයන් කෝෂ. මම දන්න විධියට Nissan Leaf එකක් 500,000-600,000km විතර ආයුෂ තියෙන්න හදපු කෝෂ. නමුත් ලංකාවෙදි බොහෝ වාහන වල ඒක 150,000km වලදී කෝෂ අළුතින් දමන්න වෙලා. මගේ හොඳම හිතවතෙක් අළුත් කෝෂ හොයමින් රස්තියාදු වෙනව කොවිඩ් වලටත් කලින් සිට - විසඳුමක් නැතිලු. ඒක හරියට මැරතන් එකේ 10km යනකොට කකුලේ අබාධයක් ආපු ක්‍රීඩකයෙක් වගේ... තරගයෙන් ඉවත් වෙලා... අනික් Nissan Leaf අයිති අයගෙන් මම කැමතියි ඇත්ත කථාව දැන ගන්න.
තව වැදගත් ගුණාංගයක් තමයි round trip efficiency (පූර්ණ කාර්යක්ෂමතාව). මෙහිදී සලකා බලනව කෝෂයට ආරෝපණය සඳහා වැය කල විදුලි ඒකක වලින් කීයක් ආපසු ප්‍රයෝජනවත් කාර්යක් සඳහා විසර්ජනය කරගත හැකිද කියා. මේ සඳහා බලපාන ප්‍රධාන දෙයක් තමයි ආරෝපණ වේගය සහ විසර්ජන වේගය - වේගය වැඩි වන තරමට කාර්යක්ෂමතාව අඩු වෙනව, කෝෂයේ ආයුෂත් අඩු වෙනව. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය (internal resistance) සහ ස්වයං විසර්ජනය (self discharge) කියන ගුණාංගත් හරිම වැදගත් කෝෂයක දීර්ගකාලීන කාර්ය සාධනය සඳහා. කාර් බැටරියක පුර්ණ කාර්යක්ෂමතාව 70%ක් වගේ අඩු අගයක්. ඉස්තරම් ලිතියම් අයන් කෝෂයක 95% පමණ. මේ ගුණය වැඩිම ප්‍රවාහ කෝෂ (flow battery) වල. ඒක වෙනම ජාතියක්. එහි සාමාන්යෙන් විද්‍යුත් විච්ඡේදක ද්‍රාවන වශයෙන් දෙකක් තිබෙනවා. ඒවා පොම්ප මගින් සංසරණය කරනවා ඇනෝඩ සහ කැතෝඩ හරහා. ප්‍රවාහ කෝෂ වල හොඳම ලක්ෂණය තමයි එහි ගැබ්වී ඇති විද්‍යුත් ශක්තිය කැමති වේගෙකින් විසර්ජනය කිරීමේ හැකියාව. ඒ කියන්නේ එයින් එළියට විසර්ජනය වන බලය අඩු වැඩි කරන්න පුළුවන් (power - energy decoupled). ඉතින් ලයිට් කැපෙන වෙලාවට හොඳම විසඳුම එන්නේ ප්‍රවාහ කෝෂ වලින් කියලයි මම හිතන්නෙ. මේ කෝෂ වල ඉතා වැදගත් සොයා ගැනීමක් උනා එක ද්‍රවයකින් (single liquid) වැඩ කරන කෝෂයක් නිමවා ගැනීම. ඒකෙ නිර්මාතෘ අපේ මොරටුව සරසවියෙන් බිහි වූ පසිදු පල්ලවෙල. දැන් ඉන්නෙ ස්කොට්ලන්තේ... ඔහුගේ සොයාගැනීම දැන් නිපදවන්නේ Stortera කියල වෙළඳ නාමයකින්. එය ලංකාවෙ නිෂ්පාදනය වන්නේ Storlion වෙළඳ නාමයෙන්. ඒවායේ ආයු කාලය බොහෝ දිගයි cycle 10,000ක් පමණ - දවස ගානේ සුර්ය බලයෙන් ආරෝපණය කර රෑට විසර්ජනය කලොත් වසර විසි පහක් කතා නැතිව දුවතහැකි..!
වැදගත්ම කාරණේ - මේ විදුලි කප්පාදු කාලේ මේ වගේ කෝෂ යොදා ගත් ක්‍රමයකින් ගෙදරට අඛණ්ඩ විදුලිය ලබා ගත හැකිද..? ඒක කරන්න නීතිමය අවසරය විදුලිබල මණ්ඩලය ලබා දී තිබෙනව 2020 නොවැම්බර් 30 දින සිට. එම ක්රමයේ නම මණුපස (behind the meter) කෝෂ පද්ධති. සුර්ය බල පද්ධතියක් සාමාන්‍ය ප්රතිලෝමකයක් (inverter) එකක් සමග මේ වැඩේ කරන්න බැහැ. ඒකට අවශ්‍යයි දෙමුහුන් (hybrid) ප්රතිලෝමකයක් - කෝෂ සහ සුර්ය කෝෂ දෙකම කළමනාකරණය කරගන්න පුළුවන් ආකාරයට. වැදගත් කරුණක් තියෙනව දැනගන්න - දෙමුහුන් ප්රතිලෝමකය තරමක් මිළෙන් ඉහළයි සාමාන්‍ය සූර්ය ප්රතිලෝමකයකට වඩා. ඒ කෝෂයෙන් වැඩි බලයක් සුළු කාලයකට විසර්ජනය කරන්න විධියට හදල තියෙන නිසා. එත් එක්කම, මේ වගේ battery පද්ධතියක හදවත තමයි කෝෂ කළමනාකරණ පද්ධතිය (battery management system) නැතිනම් BMS එක. එය හරියට විභාග මධ්‍යස්ථානයක ඉන්න පරීක්ෂකයෙක් (invigilator) වගේ. හැම ළමයම හොඳින් විභාගය කරනවද? ප්‍රශ්න පත්‍ර ලැබිලද? කොපි කරනවද? කෑ ගහනවද කියල බලන invigilator කෙනෙක් වගේ තමයි BMS එක. සෑම කෝෂයක් ගැනම වෙනවෙනම බලාගෙන තමයි ඒවායේ කෙටිකාලීන සහ දිගු කාලීන සෞඛ්‍ය රැක දෙන්නෙ. නැතිනම් කෝෂ වල ඵලදායි ආයුෂ ඉතා කෙටි විය හැකියි. මගේ පළවෙනි ජංජාල (off-grid ව්‍යාපෘති වල තියෙන සමාජ සංස්කෘතික ප්‍රශ්න නිසා ඒවාට අපේ අය විහිළු කරන්නෙ ජංජාල projects කියල..!) ව්‍යාපෘතියේ lead acid deep cycle කෝෂ මාස කිහිපයකින් විනාශ උනා BMS අවුලක් නිසා.
ගෙදර විදුලිය මසකට ඒකක 150kWh පමණ අවශ්‍ය ගෙදරකට මේ වගේ එකක් රුපියල් ලක්ෂ අටකට - දහයකට සවි කරගන්න පුළුවන්. ඒ ලිතියම් අයන් ෆොස්ෆේට් (LiFePO4) වර්ගයේ බැටරි සමග.
මේවා ගෙදරක සවි කරගත්තහම කල්පනාකාරී වෙන්න ඕනෙ. මොකද සූර්ය බල පද්ධතියක් නම් අව්ව පායපු ගමන් වෝල්ට් 800,-1,000 වැනි අධිසැර විදුලියක් ගේ ඇතුලෙ. විනාඩි තුනකින් 230V සාමාන්‍ය විදුලියත් ගේ ඇතුලෙ - ආණ්ඩුවේ කරන්ට් එක තිබුනත් නැතත්..! වදින්න පුළුවන්, මැරෙන්නත් පුළුවන්. බැටරියක් තිබුනොත් එහි ආරෝපණය තියෙනකම් වදින්න පුළුවන් - බොහෝ LiFePO4 සහ LiION කෝෂ 48V - ශ්‍රේණිගත නම් 96V - 192V වගේ විභවයක් තියෙන්න පුළුවන්. තව LiION බාල ගණයේ කෝෂ නිකම්ම ගිණි ගන්න ඉඩ තියෙනව - සමහර Power Bank වගේ. ඉතින් සවි කිරීම අනිවාර්යෙන් සුදුසුකම් ඇති ශිල්පියකු අතින් කරගන්න ඕනෙ. පොඩි ළමයි එහෙම ගැවසෙන තැන් වල තියන්න සුදුසු නැහැ - නමුත් හොඳ උසකින් බිත්තියේ සවි කරගන්න පුළුවන්. හොඳ වර්ගයේ ඒවා වල ගොඩක් ආරක්ෂණ ක්‍රම සහිතව ගෙදරක යෙදවීමට සුදුසු ලෙස සාදා තියෙනව - නමුත් මිළ අධිකයි.
වයස හෝ විවිධ අබාධ නිසා පිටියෙන් සමු ගත්ත මැරතන් ධාවකයින් (භාවිතයෙන් ඉවත් කරපු කෝෂ) අපි දකිනව ප්‍රදර්ශන තරග වල - බොහෝ විට ආරම්භය වර්ණවත් කිරීමට ඔවුන්ට ආරාධනා කරනවා - අර ආරම්භක සංඥාව හැටියට අහසට වෙඩි තියන්න..! නැතිනම් පොඩ්ඩක් දුවල ධෛර්ය දෙන්න. ඉතින් ආයෝජනය කරන්න කලින් බලන්න ඒ ක්‍රීඩකයින්ට 42.195km දුවන්න පණ තියෙනවද කියා. විශ්‍රාම ගිය ක්‍රීඩකයින් තරග ආරම්භයට නැගල යනව තමයි... නමුත් තරගයෙන් ඉක්මනටම ඉවත් වේවි. මැරතන් ඉවරෙටම දුවන්නනම් හොඳ තරුණ ක්‍රීඩකයෙක් තෝරාගන්න. හැබැයි උසේන් බෝල්ට් ට මැරතන් බැහැ - එලියුඩ් කිප්චෝගේට 100m බැහැ.
ඔය පින්තුරෙ තියෙන්නෙ එළුවයිතිවූ දුපතේ තියෙන විදුලිබල මණ්ඩලෙන් ක්‍රියාත්මක කරන සුළං / සුර්ය / ඩීසල් තෙමුහුන් බලාගාරයේ විශාල බැටරි එක්ක ඒ දූපත දැන් සාර්ථකව පැය විසිහතරේ විදුලිය ලබනව. ඉස්සර මුලින්ම මම ගිය දවසෙ ඒ දුපතේ පැය විස්සක් විදුලි කප්පාදු. විදුලිය තිබුනෙ පැය හතරයි. ඇයි එළුවයිතිවූ දුපතේ පුළුවන්නම් ලංකා දූපතේ බැරි ඇයි කියල කෙනෙක් අහන්න පුළුවන්. ඒක සංකීර්ණ ප්‍රශ්නයක් - මේකෙ කතා කරන්න බැහැ...
නමුත් විද්‍යුත් කෝෂ අපිට නිතරම අතපත ගාන්න පුළුවන්දෙයක් බවට පත්වේවි ඉක්මනටම. මම ඒ දවස ගැන ලොකු බලපොරෝතුවකින් ඉන්නේ....
(හර්ෂ වික්‍රමසිංහ මහතාගේ ලිපියක උපුටනයකි)
බලශක්තියට අපමන අගයක්..!
මේ වන විට ලංකාව, මෑත ඉතිහාසයේ මුහුණ දෙන බරපතලම බලශක්ති අර්බුදයට මුහුණ පා සිටී. ඉන්ධන ආනයන සඳහා අවශ්‍ය විදෙස් විනිමය හිඟ වීම නිසා ඉල්ලුම සැපිරීමට අවශ්‍ය තරම් ඉන්ධන නොමැති වීමත්, ලෝක වෙළඳ පොලේ බලශක්ති මිල ඉහළ යාම සහ විනිමය අනුපාත ඉහළ යාම නිසා පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන මිළ ඉහල යාම යන දෙයාකාරයෙන්ම ජනතාව පීඩා විඳී. මේ වන විට සියළු ෆොසිල ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමින් ඉඅහළ ගොස් ඇති අතර, විදුලි බිල ඉහළ දැමීම සඳහා ද සාකච්ඡා වෙමින් පවතී.
#බලශක්ති
උතුරට මෙගාවොට් 500ක සූර්ය් පධතියක්
ඉන්දියාවේ මෝඩි අගමැතිගේ හිතමිත්‍ර, (කු)ප්‍රකට ව්‍යාපාරික අදානි මහතා විසින් පසුගිය වසර ඔක්තෝබර් මාසයේ මෙරට අගමැති සහ ජනපති අතර සිදුවූ සාකච්ඡා වල ප්‍රතීපල ලෙස බලශක්ති ක්ෂේතයේ මහා පරිමාණ ආයෝජන කිහිපයක් සඳහා මූලික අවබෝධතා ගිවිසුම් ාත්සන් තබා ඇත.
ඒ අනුව මන්නාරම සහ පූනරින් ප්‍රදේශ සඳහා මෙගාවොට් 500ක සූර්ය බල පධතියක් යෝජනා වී ඇත. අපේක්ෂිත ආයෝජනය ඇ.ඩො. 500 කි. මේ සඳහා පාර්ශව ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියානු තාප බලශක්ති සංස්ථාව එක් වේ. පවතින තරඟකාරී මිලගණන් කැඳවීමෙන් තොරව සිදු වූ එකඟතාවයන් නිසා මෙම ව්‍යාපෘතියෙන් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයක මිල ගැන නිශ්චිත සඳහනක් නොමැත.
#බලශක්ති
සාම්පූර්හි මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක්..
කලකට පෙර මෙ.වො. 500 ක ගල් අඟුරු බලාගාරයක් ලෙස යෝජිතව පැවති පසුව ස්වභාවික වායු (LNG) බලාගාරයක් ලෙස යෝජනාවකට පමණක් සීමා වූ ඉන්දීය - සාම්පූර් බලශක්ති ආයෝජන ව්‍යාපෘතිය මෙවර මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මූලික එකඟතා පසුගියදා අත්සන් තැබිණ.
ඩොලර් මිලියන 100ක ආයෝජනයක් වන මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය සඳහා ත්‍රිකුණාමල බලශක්ති කම්පැණි ලිමිටඩ්, ඉන්දියා තාප බලශක්ති සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය යන ආයතන අත්සන් තැබූ අතර එම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල නියෝජිතයින් ද සහභාගී විය.
ඉවුම් පිහුමට - ගෙදර මුළුතැන
ගෑස් අහිමිව - සුසුම් ලන දන
විකල්පයකට - පාර පෙන්වන
වැඩසටහන , 17 වන දා
බලශක්ති විෂම චක්‍රය
#බලශක්තිය නෑ..!
96න් පසු දීර්ඝතම විදුලි කප්පාදුව
මේ දිනවල ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටී. එය කෙතරම්ද යත් අත්‍යාවශ්‍ය ඉන්ධන ගෙන්වීමට තරම්වත් විදේශ විනිමය නොමැති වීමෙන් ප්‍රවාහන සහ විදුලි උත්පාදනය සඳහා බාධා පැමිණ තිබේ. මේ හේතුවෙන් 1996 න් පසු සිදුවන දීර්ඝතම විදුලි කප්පාදුව එනම් දිනකට පැය 7 ½ ක් දක්වා විදුලි කප්පාදුවක් සඳහා උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
#බලශක්ති නෑ..!
දිනකට පැය 22ක් අඛන්ඩ විදුලිය
පවතින ඉන්ධන අර්බුදය සහ වියළි කාළගුණිත තත්ව යටතේ පවා කලාප තුනක් ලෙස, දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහාම දිනකට පැය 22ක අකණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට මන්ඩලය සහ කොමිසම කටයුතු යොදා ඇත.
විදුලිය නොලැබෙන කාල සටහන,https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/Power-Interruption-Schedule-21-02-2022.pdf
විදුලි උත්පාදනයේ කාබන් විමෝචනය
රටවල් සහ ප්‍රාන්ත කිහිපයක දෛනික විදුලි උත්පාදනයේ දී සිදුවන කාබන් විමෝචනයන්ගේ විචලතාවය ඒකක උත්පාදනයක් සඳහා කාබන් ග්‍රෑම් ලෙස මෙහි දක්වා ඇත. යුරෝපා රටවල ඉලක්කය 2030 වන විට ඒකක විදුලි උත්පාදනයක් සඳහා කාබන් විමෝචනය ග්‍රෑම් 100 ට අඩුවෙන් තබා ගැනීමයි.
#බලශක්ති
source: api.electricitymap.org
වැලන්ටයින් පණිවිඩය,
ඉංජිනේරු පර්යේෂණ සහ අධ්‍යන කටයුතු සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස යාපනය විශ්ව විද්‍යාල කිලිනොච්චි පරිශ්‍රයේ ඉදිවුන ලංකාවේ පළමු පාවෙන සූර්ය පද්ධතිය. ධාරිතාවය කි.වො. 46ක් වන මෙම පද්ධතිය පසුගිය වසරේ ජාලගත කරන ලදී.
සේයාරුව: Keshan Samarasinghe
රෑට රෙදි සේදීමෙන් වළකිමු..!
2022, ශක්තිමත් සුබ නව වසරක්..!
#බලශක්ති
Our Story අපේ කතාව
බලශක්තිය අපට එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා අත්‍යවශ්‍යම පහසුකමකි. රටේ සංවර්ධනයේ වේගය තීරණය කරන්නේත් ස්ථාවර බලශක්ති සැපයුමයි. නමුත් ඒ සඳහා අප අධික මිලක් ගෙවන්නෝ වෙමු. දේශීය බලශක්ති පරිභෝජනයෙන් 40%ක්ම සැපිරෙන්නේ ආනයනික ඉන්ධන මතයි. රටේ අපනයන ආදායමෙන් 40%ක් වැය වන්නේත් ඉන්ධන ආනයනය සඳහාය. ෆොසිල ඉන්ධන භාවිතය නිසා ඇති වී ඇති පාරිසරික සහ සමාජයීය ගැටලූ වෙනුවෙන්ද අපි අධික මිලක් ගෙවමු.
දේශීය සුනිත්‍ය බලශක්ති ප්‍රභව වෙත යොමු වීම, බලශක්ති සංරක්ෂණය සහ බලශක්ති නාස්තිය අවම කිරීම ආදිය ඒ සඳහා අපට කළ හැකි දේය. ඒ සඳහා ජනතාව දැනුම්වත් කිරීම සහ අදහස් වලට ඉඩ දීම “Energy බලශක්ති’ පිටුවේ අරමුණයි. මෙම පිටුවෙන් ඔබට බලශක්ති ක්ෂේත්රය සම්බන්ධ පුවත්, දැනුම සහ ආයෝජන අවස්ථා ගැන යාවත්කාලීන වූ තොරතුරු ලබා ගත හැක.
ඔබගේ අදහස් [email protected] වෙත එවිය හැක.
- ඇඩ්මින් මඬුල්ල: energy_බලශක්ති