Ministry of Power Sri Lanka
සැමට විදුලිය Electricity is a key ingredient of socio-economic development of the country. a.
Adequate and reliable supply of electricity is an important pre-requisite for attracting both domestic and foreign investment. The Government has given top priority to the development of the sector considering its importance in overall development of the country. The Government has set the goal of providing electricity to all citizens by 2012. Media Unit was established in December 2010 under the
විදුලිබල ක්ෂේත්‍රය උන්නතිය වෙනුවෙන් මාසික ප්‍රගති සමාලෝචන හමුව
මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් බාධාවකින් තොරව දිවයින පුරා සංචාරය කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීම
සෝලා යුනිවර්ස් පුද්ගලික සමාගම විසින් වව්නතිව්හි ඉදිකරන ලද මෙගාවොට් 10කින් යුත් සූර්ය බල විදුලිබලාගාරය ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සුරතින් විවෘත කිරීම.
මේ අවස්ථාව සදහා ගරු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ හා ඩී. වී. චානක යන අමාත්‍යවරුන් දෙපළ ද සහභාගි විය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නිරීක්ෂණය
මෙගා වොට් 350ක ධාරිතාවකින් විදුලි උත්පාදනය කළ හැකි කෙරවළපිටිය සොබාදනවි විදුලිබලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සිදුකරන ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ හා ඩී. වී. චානක යන අමාත්‍යවරුන්
මෙගා වොට් 300ක ධාරිතාවකින් යුත් කෙරවළපිටිය යුගදනවි දිත්ව චක්‍රී විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරීකාව.
මේ අවස්ථාව සදහා ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ හා ඩී. වී. චානක යන අමාත්‍යවරුන් දෙපළ ද සහභාගි විය.
"විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ අඛණ්ඩ මෙන්ම ගුණාත්මක සේවාවක් වෙනුවෙන් නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සුවිශාල ශක්තියක් වේවි"
- අමාත්‍ය කංචන විජේසේකර -
"ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට පවතින තත්ත්වයෙන් ගොඩගැනීමට අපි පියවර ගෙන තිබෙනවා. ජනතාවට අඛණ්ඩ මෙන්ම ගුණාත්මක සේවාවක් ලබාදෙමින්, අදාල ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙනඒම කඩිනම් කිරීමට අද දින වැඩ අරඹන රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා මට මහත් ශක්තියක් වේවි කියා බලාපොරොත්තු වෙනවා" යැයි විදුලබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් අද ( 09) පෙරවරුවේ දිව්රුම්දුන් ඉන්දික අනුරුද්ධ හා ඩි.වී. චානක යන මහත්වරුන් සිය අමාත්‍ය ධූරයන්හි නිල වශයෙන් රාජකාරි ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විදුලිබල අමාත්‍යංශ පරිශ්‍රයේදී සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයන්හි නිල වශයෙන් සිය රාජකාරි කටයුතු අරඹන ලදී. ඉතාමත් කෙටි මෙන්ම චාම් අවස්ථාවක් වූ මේ සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මෙන්ම ඊට අදාළ අනෙකුත් ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.
Videos (show all)
Telephone
Website
Opening Hours
Monday | 08:00 - 16:15 |
Tuesday | 08:00 - 16:15 |
Wednesday | 08:00 - 16:15 |
Thursday | 08:00 - 16:15 |
Friday | 08:00 - 16:15 |