හසාගේ පන්හිඳෙන්

හසාගේ පන්හිඳෙන්

ආදරයෙන් ජිවිතය කියවන්න, ජීවිතයේ විවි?

18/08/2022

🥲ගබ්සාව කතා කරයි>>>>>>

අම්මේ ,,,, අම්මට රිදුනද.....
ඇයි අම්මේ තාත්තා අම්මට ගැහුවේ .........
අඩන්න එපා මගේ සුදු අම්මේ........
තාත්තා මට ආදලේ නැද්ද අම්මේ.......
ඉන්නකෝ මන් ඉක්මනට ආවම.......
තාත්තට චූටි ගුටියක් දෙන්නම්.......
මන් ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි.....

අම්මේ.....මට බඩගිනි.....
ඔයා අද මුකුත්ම කෑවේ නෑනේ.....
අම්මා කන අර රසම රස කෑම ටිකක් කමුදා .....
අම්මා දන්නවද එලියට ඇවිල්ලා.....
මගෙ සුදු අම්මගෙ කොන්ඩේ අල්ල අල්ලා....
කුක්කු තුට්ටක් බොනකන් ඉවිසිල්ලක් නෑ......
මගෙ සුදු අම්මගේ මූන දකින්න.....
හරිම ආසයි අම්මේ.......
ම්ම්ම්ම්..මට දොයි මතයි අම්මේ ....මන් දොයි .....

අම්මේ....කොහෙද මේ යන්නේ උදෙන්ම.......
තාත්තගේ කටහඩත් ඇහෙනවා......
පරිස්සිමින් යමු අම්මේ......
අම්මා දන්නවද....මන් දැන් සම්පුර්නයි .....
මට කකුල් ,අත් ,ඇස් ,කටක් තියෙනවා.....
ආඅ තූටිම තූටි නහයකුත් තියෙනවා....
අම්මේ අපි කොහෙටද මේ ආවේ.....
මෙ සුවද හරි සැරයි අම්මේ........

අම්මේ..... ඇයි අපි ඩොක්ටර් ලගට ආවේ.....
මොකක්ද අම්මේ ගබ්සා කියන්නේ......
මොනාද මේ වෙන්නෙ අම්මේ.....
අම්මේ අම්මට මාව ඕනා නේද ......
මන් හරිම චූටි සස්සන බබෙක්......
ආආව්....අම්මේ....මට රිදුනා.....
මේ ඩොක්ටර් මමා කූරකින් අනිනවා......
අනේ සුදු අම්මේ බලන්නකෝ.....

ආඅව්ව්...අනේ අම්මේ මගේ කකුලක් කැපුවා......
අනේ අම්මේ මට රිදෙනවා . ......
තාත්තා මාව එපා කිව්වා.....
මගේ සුදු අම්මටත් මාව එපාද......
ආඅව්ව්ව් අම්මේ මගේ.....
ඇගේ බාගයක්ම නෑනේ......
අම්මා අඩනවද ,,, අඩන්න එපා අම්මේ....
මන් ඉවසගෙන ඉන්නම්......

මගෙ සුදු අම්මත් මට ආදරේ නෑනේ.....
ඒකනේ මාව මරන්නේ....
මන් වැරැද්දක් කරාද අම්මේ.....
මේ දඩුවම ලොකු වැඩීනේ......
අම්මේ මන් හරිම ආසාවෙන් හිටියේ......
අම්මගේ තුරුලේ දොයියන්න....
රෑ එලි වෙනකන් කියෝ කියෝ ඉන්න.....
මන් අම්මා එක්ක තරහ නෑ.....
අම්මා ගුටි කන්නෙ මන් නිසානේ....
මන් අයේ එන්නේ නෑ අම්මෙ.....

අම්මේ මගෙ හදවත ගන්න යන්නේ....
මන් යනවා අම්මේ..........
(උපුටා ගැනීමක්)

27/07/2022

හැඟීම් මාත්‍රික ආදරය ❤

ජීවිතේ පටන් ගැනීමේ සිට මරණය දක්වාම විවිධ අවධි සහ විවිධ වූ මිනිසුන් සමඟ ආදරයෙන් බැඳෙනවා. නමුත් මේ කියන ආදරය ඇතැම් තැන් වල අමෘතයක් වන විට තවත් තැනක හරියට වහ වගේ.
වහක් නොවී අමෘතයක් වන්නට නම් ආදරය කරන්න වගේම පෙරලා ආදරය ලබන්නත් එක්තරා වාසනාවක් තියෙන්න ඕනි. මෙන්න මේ වාසනවා ඇති වන්නට නම් ඔබටත් ඔබේ ආදරය ලබන කෙනාටත් හැඟීම් මාත්‍රික ආදරය තිබිය යුතුයි ❤❤❤❤❤

මොකක්ද මේ හැඟීම් මාත්‍රික ආදරය කියන්නේ.🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
ඒක වචන කරන්න බෑ. හරියට ටෙලිපති වගේ. එකිනෙකාගේ පුංචිම ඉරියව්වක පවා වෙනස වැටහෙන, ගන්න හුස්මක බර පවා ක්ෂනිකව හඳුනන , වචනයෙන් නොකියන දේ පවා තේරුම් ගන්න පුලුවන් .......

එහෙම පුලුවන්ද ඉතිං ?????

ඔව්. එහෙම ආදරේ විඳින මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. එකිනෙකාට අවංකව ආදරේ කරන, එකිනෙකා වෙනුවෙන් කැප වූ, එකිනෙකාගේ සතුට පමනක් දකිමින් අසීමිතව ආදරේ කරන අයට එහෙම දැනෙනවා. ලඟ නොවුන්නත් දුරක ඉන්න විට දී පවා ලෙඩක් දුකක් හැදුනත් ඒ බව දැනෙන. කරදරයක් වෙන්න යනකොට දැනෙන, ඒවගේ හැඟීම් මාත්‍රික ආදරයක් ලබන්න නම් ඇත්තටම පිනක් තියෙන්නම ඕනි.

ඔබේ ආදරේ තවම එහෙම එකක් නොවේ නම් ඔබ ඔබගේ ආදරේ හොඳම පරිච්ඡේදයට තවම පිවිසිලාවත් නෑ.

#හසාගේ_පන්හිඳෙන් .....

14/04/2022

පුද්ගලිකව සුභ පැතුම් එක් නොකරාට අමනාප නොවන්න!

ලක් මාතාව බේරගන්න අරගල කරන අපේ හයිය පාරට වැටුනු රටක,
කිරිබතක් උයන්නට හාල් මිටක් ගන්නට වත්කමක් නැතුව සා ගින්නෙන් පෙලෙන මිනිසුන් සිටින රටක,
රෝහල් ඇඳන් මත බෙහෙත් නොමැති අවසන් හුස්ම එක්ක පොර බඳින මිනිසුන් ඉන්න රටක,
පුංචි පැටවුන්ට අලුත් ඇඳුම් කෑල්ලක් අරන් දෙන්නට සවියක් නැතුව කඳුලු හංඟන දෙමාපියන් ඉන්න රටක, මේ හැම එකකින්ම අනාගතය විනාස වෙන පැටව් ඉන්න රටක අද කොයින්ද අලුත් අවුරුදු ? මේ වන් සාපයක් කවදා නිම වේද? එක සිතින් ප්‍රාර්ථනා කරන්නම් ලබන අවුරුද්දෙවත් සතුටින් සමරන්න පුලුවන් අලුත් අවුරුද්දක් ලැබෙන්න කියා අපි හැමෝටම !
හසා.....

17/02/2022

හැමෝටම ආදරේ අවශ්‍යයි .❤

එක්තරා විවාහ මංගල උත්සවයක් අතරතුර බලු පැටව් දෙන්නෙකු සම්බන්ධ වීඩියෝ පටයක් හුවමාරු වෙනවා දුටුවා.

මටත් මා ගැන ලැජ්ජාවක් ඇතිවුණා. මමත් හිතාගෙන හිටියේ ලස්සන බලු පැටියෙක් අරගෙන ආදරෙන් හදාවඩා ගන්න. ඒත් ඇයි ආදරේ කරන්න ලස්සන එකෙක්?
අන්න ඒ නිසයි මමත් මගේ සිතුවිලි ගැන ලැජ්ජ වූයේ. මේ වීඩියෝ පටය මගෙත් ඇස් පෑදූ එකක් වුනා.

අපි හැම කෙනෙක්ම ආදරේ කරන්න වගේම පෙරලා ආදරේ ලබන්නත් ආසයි. නිකමට හිතන්න ඔයා ආදරය සෙනහස අපේක්ෂාවෙන් ඉන්නවා. නමුත් ඔයාගේ රූපය අඩුකම හරි මොකක් හෝ භෞතික හේතුවක් මත ඔයාව ප්‍රතික්ෂේප වෙලා ඒ කියන දේවල් තියෙන කෙනෙකුට ඒ ආදරය ලැබෙනවා. ඒ හැඟීම කොහොම දැනේවිද.

කතා කරල කියන්න තේරෙන්නෙ නැති. බඩගින්නක් , පිපාසයක් කියන්න බැරි අහිංසක සත්තු කොච්චර නම් අපි වගේ මිනිසුන්ගේ ක්‍රියා නිසා දුක් විඳින්න ඇතිද?

ලොන් හැලුනු වල් බල්ලව ගහල එලවන ගමන් කඩෙන් වෙනම මස් මාලු ගෙනත් අරටේෂන් මේ ටේෂන් උන්ට කවන්න ඇත්ද?

ලෙඩක් උනාම සල්ලි දීල ගත්ත සතුන්ට දක්වපු ප්‍රතිකාර, ඒ විදිහට වියදම් කරල අනික් අයට කරාවිද?

ඇත්තටම සතුන්ට ආදරේ නම් ඒක පෙනුම, වටිනාකම මත වැනි කාරණා වෙනස් නොවිය යුතුයි. එසේ වෙනස් වෙනාවානම් එතන සැබෑ අදාරයක් හෝ කරුණාවක් නැත. ඇතැම් විට ඇත්තේ තම සමාජ තත්වය පිළිඹිබු කිරීමක්

ඒ අතර බොහෝම අතලොස්සක් ඇත්තටම සතුන්ට ආදරේ කරන අය ඉන්නේ. මේ පින්තූරයේ ඉන්නෙත් එහෙම ආදරයක් ලබන මගේ මිත්‍රයෙකුගේ බලු පැටියෙක්.

අපි හැමෝටම පුලුවන් නම් හැමෝටම එක විදිහට සලකන්න, අපි හැමෝටම පුලුවන් නම් හැම සතෙකුටම කරුණාවෙන් සලකන්න. මේ ලෝකය හුගාක් ලස්සන වේවි.

හසා❤❤❤❤

Photos from හසාගේ පන්හිඳෙන්'s post 17/02/2022

සේරිවානිජ වෙළෙඳ පරපුර අතගහන ඕනම ස්වභාවික අහාරයක් වස විස පිරුනු බන්දේසියක්.

15/02/2022

ජීවිතේ සමහර මතක තියෙනවා අමතක කරන්න ඕනි උනත් අමතක කරගන්න බැරි. ඒ මතක හරියට විසිරුණු නුල් බෝලයක් වගේ. එකින් එක බැඳිලා. පුංචි කොනක් ඇති ඒ මතක ආයෙත් හිතේ මැවෙන්න. හිතට Delete බොත්තමක් නොතිබිණු හේතුවට සාප දෙනවානම් ඒ අනිවාර්යයෙන් අමතක කරන්න බැරි රිදුම් දෙන මතකයක්...හසා!❤

01/01/2022

තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු
ජෝන් තනිකඩ ජීවිතයක් ගත කලේය.
ඔහුගේ මව අනෙකුත් නෑයන් සමඟ
යාබද ගමක විසූහ.
නමුත් ජෝන් තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේ ම ජීවත් විය....
එක් පොහොය දවසක ජෝන් තම මවට
දිවා අහාරයට ආරාධනා කලේය.
මව තම පුතාගේ ආරාධනය සතුටින් පිළිගත්තාය.
මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය.
ජෝන්ගේ මෙහෙකාරිය
ඉතා ආකර්ෂණීය මෙන්ම...
හොඳ හැඩකාරියක් ද බව දිවා අහාරය අතරතුරදී ජෝන්ගේ මවට දැකගත හැකි විය.
මෙහෙකාරිය දුටු වෙලේ සිට
මවගෙ ඔළුවෙ වද දෙන්නට වූයේ.....
මොවුන් දෙදෙනා අතර මීට වඩා සම්බන්ධතාවක් තිබිය නොහැකිද යන්නය...
තම මව....
තමා දෙසත්,
තම මෙහෙකාරිය දෙසත්....
සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් ජෝන් මෙසේ පැවසීය...
“අම්මා හිතන විදිහෙ කිසිම දෙයක්
අපි අතරෙ නෑ...!,
ඒ මගේ වැඩකාරි....එච්චරයි!!!”
ඊට දින තුනකට පමණ පසු ජෝන් වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය...
“මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ....
මහත්තයගේ අම්මා වැරදිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ.....”
“හ්ම්ම්.. වෙන්න බෑ....
කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්”
ජෝන් පිළිතුරු දුනි!
ජෝන් තම මවට මෙසේ ලිවීය :
“ ආදරණීය අම්මේ,
මම කියන්නෑ.....
අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා...
ඒවගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ....
කියලා මම කියන්නෙත් නෑ!
මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති වුනේ...
මීට
- ජෝන් පුතා ”
දින කිහිපයකට පසුව ජෝන්ට
තම මව ගෙන් ලියුමක් ලැබිනි.
ඇය මෙසේ ලියා තිබුණාය,
“ජෝන් පුතේ...,
මම කියන්නෑ....
පුතා වැඩකාර ගෑණිත් එක්ක
නිදාගන්නවා කියලා...
ඒවගේම පුතා ඒකිත් එක්ක
නිදාගන්නෙ නෑ....කියලා
මම කියන්නෙත් නෑ!
මොකද...
මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ
ඔය වැඩකාර ගෑනි
තාම එක දවසක්වත්
ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ....
නැත්නම් ඔය කියන රිදි හැන්ඳ
මෙලහකට හම්බවෙලා!
මීට
- ආදරණීය අම්මා
(උපුටා ගැනීමකි)

22/11/2021

දෑස නොපෙනුනත්
ලොවම දකින්නට නුඹට නොහැකි නැතුවා
හිත නොපෙනෙනමුත් හිතම පිරෙන්නට
සෙනෙහස බෝමා......

කඳුල නොපෙනුනත්
කඳුලු අහන්නට නුඹට නොහැකි නැතුවා
ලඟින් ඉඳන් මගෙ ළය පිරිමදිමින්
නුඹට ඉන්න බැරි නෑ.......

ලොවම නොපෙනුනත්
ලොවට කලින් මට නුඹව දකිනු බැරි නෑ
අත්වැල විසිකොට දිවි ගමනේ ඉම
අපට යන්න බැරි නෑ........

#හසාගේ_පන්හිඳෙන්....

22/11/2021

#අසම්මතය

අසම්මත යන වචනයම සම්මත රාමුවෙන් එපිට ඇති බවයි.

"සම්මතයෙන් පිට ප්‍රේමෙක බැඳිලා....."

මෑත දිනයක අයියගේ අන්සතු ඔබ ගීතය යූටියුබ් හරහා දැක විඳින්න පුලුවන් කම ලැබුනා. ඒක අමු පිස්සුවක්. හදවත ඇතුලෙම කොහෙද තැනක කිඳාබැහැලා ගලවන්න බැරි තරම් තදින් මුල් දුවපු අධිමාත්‍රාවක්.

මේ ගීතයත් එක්ක සමාජයේ අසම්මතය ගැන ටිකක් වැඩිපුර කතා බහ කරන්න පටන් ගැනීම නිර්මාණයක සාර්ථකත්වයයි.

මොකක්ද මේ අසම්මතය....🤔🤔🤔🤔

ලංකාව කියන්නෙ අවුරුදු ගණනාවක් පැරණි සංස්කෘතියක් තියෙන රාමුගත තැනන්. මේ කාලය පුරාවට මේ රාමුවෙන් පිට යමක්, වේ නම් එතන ඔය කියන අසම්මතය ගොඩනැගෙනවා.

මෙතැනදි ආදරය, බැඳීම් ගැන කතා බහ වන නිසාම මගේ කියවීමත් ඒ පැත්තෙන් කියවන්නට සිතුවෙමි.

#සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක් එක්ක විවාහ වීම මේ රාමුවට, සංස්කෘතියට අනුව අසම්මතයි. එතනදි ආගම් දෙකක දෙදෙනෙක් අතර ඇති බැදීම ඔවුනට සම්මතයක් වෙද්දි සමාජයට, මේ රාමුවට , සංස්කෘතියට අසම්මතයි .

# විවාහ වූ දෙදෙනෙකුන් කෙනෙක්, ගැහැනියක් නම් වෙනත් පිටස්තර පිරිමි පුද්ගලයකු සමග බැදීමක් ඇත් නම්, එයද අසම්මතයි.
පිරිමියෙක් නම් තවත් ගැහැනියක් සමග බැදීමක් වේ නම් එයත් මේ සමාජයට, රාමුවට අනුව අසම්මතයි. නමුත් ඒ අසම්මත බැදීමම ඔවුන් ජීවත් කරවන හුස්ම පොද විය හැකිය. එතනදි එය ඔවුනට සම්මතයි.

#සමරිසි පිරිමි හෝ ගැහැනු , එනම් පිරිමියෙක් තවත් පිරිමියෙක් සමග හෝ ගැහැනියක් තවත් ගැහැනියක් සමග බැදීමක්, ආදරයක් ඇත් නම් එයද මේ කියන සංස්කෘතික රාමුව තුල අසම්මතයි. නමුත් ඔවුන්ගේ ලෝකයේ ඔවුන් සතුටින්. එය ඔවුනට සම්මතයක් .

#තුන්කොන් ප්‍රේමයක්..... ඔව් එයත් මේ සමාජයේ අසම්මතයි . මේ රාමුවට නොගැලපේ....

නමුත් කාලීනව මිනිස් හැඟීම්, රුචි අරුචි කම් මත මෙකී මිනිසුන් මෙකී රාමුවට , සංස්කෘතියට පටහැනි මෙකී අසම්මතයේ වෙලෙනවා නොවෙද? එය ඇත්තෙන්ම අසම්මත ද?

ප්‍රේමය, ආදරය, සෙනෙහස මේවාට මේ බහුබූත සම්මතයෙන්වත් අසම්මතයෙන්වත් වැඩක් නැත. හිතට දැනුනු තැන ඔවුන් නවතිනවා.

අසම්මතය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට සාපේක්ෂයි. එහෙම බැලුවම සම්මතය සේම අසම්මතයත් මේ සමාජයේ තිබිය යුතුමයි. විය යුත්ත නම් මේ රාමුව, මේ සංස්කෘතිය කාලීන වීමයි.

https://youtu.be/P0ExCpQL_lA

#හසාගේ_පන්හිඳෙන් ....

23/09/2021

#අප්පච්චී
නුඹේ මරණ මංචකයේ
සුසුම් සැරෙන් උඩ අදිනා
පෙම්බර අප්පව්චී........
හීන රටින් නුඹ අවා අප්පව්චී .......

ඇඳ පලුවක නුඹ වැතිරී
මං එන තුරු ඉකිබිඳිනා
ඇස් අස්සෙන් එබී බලා
පපුවෙම මම අප්පව්චී .........

මට මගහැරි ඔය උණුහුම
රෑ හීනෙන් දැනෙන හැඟුම්
මට ලෝබයි නෑ විඳින්න
මළගම් ගිය අප්පව්චී ..........

#හසාගේ_පන්හිඳෙන් .....

19/09/2021

මුතු මාළ හතක් බර වැඩි නැතුවා
නුඹ දුන්නු හීන වල බර හොඳටම දැනුනා
මනමාල ඇතුන් පෙරටුව ඇදෙනා
ඒ ප්‍රේම හැඟුම් අද පෑල දොරෙන් පැනලා

අතීතයේ එක දවසක
දෑඟිලි පටලන් අපි දෙඩුවා
ඒ දොඩමළු ලඟ සෙනෙහස දැනුනා
ලං වෙන්න කලින් නුඹ
වෙන් වෙන බව කීවා

දෙමංසල ආ අප දෙදෙනා
තුංමන්සල වී නැවතුනදා
හමු වීම ප්‍රේමයම නොව
වෙන්වීම ප්‍රේමයම බව
නුඹ ආයෙම කීවා...........

#හසාගේ_පන්හිඳෙන් ……

08/08/2021

#හාදුවක්

ආදරය කියන හැඟීම දැනුනු ඕනෑම කෙනෙක් හරි ආසයි එකිනෙකාව හරි ආදරයෙන් සිපගන්න. නමුත් ලාංකික සමාජ සංස්කෘතිය තුල එය ඇත්තෙන්ම සාපරාධී වරදක් විදිහට මිනුසුන්ගේ ඔලුගෙඩි වල ඔඩු දුවපු ලොකුම ලොකු වරදක්.

මිනිසුන් නිතර ගැවසෙන මහ පාරක පුරුෂ ලිංගය එලියට දමාගෙන මූත්‍රා කිරීම සාමන්‍ය දෙයක් වෙද්දි ආදරණියන් දෙදෙනෙකු සිපගැනීම වරදක්,

තම බිරිඳට හෝ සැමියාට මහ මග අමු කුනුහරපයෙන් බැන වදිද්දී එය සාමන්‍යක් වෙද්දි සිපගැනීම අමු කුනුහරපයක් වෙලා,

කෙලින් යන්න පණ නැති වෙනකන් බීමත් වූවන් නිර්වස්ත්‍රව පාරේ යද්දි එය සාමන්‍යක් වෙද්දි සිපගැනීම අසාමාන්‍යක්......

අපේ සමාජය ඇත්තෙන්ම ආදරයට නිසි ඉඩක් නැති සීමා මායිම් වල හිර කරගත්තු බොරුවකින් වැහිච්චි තුප්පැහි සමාජයක්. අපි හැම කෙනෙක්ම කා සමග හෝ ආදරයෙන් බැඳිලා ඇති. ඒ අයව සිපිගන්න අපි කොච්චර නම් ආසද. ඒ මොහොත වෙනුවෙන් කොච්චර ආසාවෙන් ඉන්නවද? අවාසනාවකට අද සිපගන්නRoom යන තත්ත්වයට පත්වෙලා. ආදරයට ඉඩක් නැති සමාජයක් මනුෂ්‍යත්වය කිසි විටකත් පවතින්නේ නෑ.

මෑත කාලයේ බිහිවූ කතා කල යුතුම මාතෘකාවක් මේ වගේ ගීතයක් ඔස්සෙ අහන්න දකින්න ලැබීම ද විය යුත්තකි.

https://youtu.be/f_dI9Pz5giY

28/07/2021

#ආදරය
අද වෙද්දි ආදරය බිස්නස් එකක්.
එකිනෙකාගෙ අඩුපාඩු පියවාගන්න, ජීවිතේ දිනනකන් ඉණිමඟක් කරගන්න, දින්නම ඒ ඉණිමඟට පයින් ගහල ඊට වඩා හොඳ ඉණිමඟක් හොයාගන්න.......සරලවම ආදරය විකිනෙනවා අවශ්‍යතා ඉදිරියේ..........

ඒත් ඔය හැමදේම යටයි ඇත්තටම හදවතට දැනෙන ආදරයක් ලඟ නැවතුනාම. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අනෙකාගේ සතුටම දකින, අනෙකාට වංචා නොකරන්න, ඇතැම් විට තමා තමාටම නීති දාගෙන ආදරේ කරන්න. හැම මොහොතක්ම හැම මතකයක්ම හිතේ තියන් මොහොතින් මොහොත ආදරේ දළුලන, හොඳම දේ නම් ඒ වගේ අයෙක් හමුවුනාම ජීවත් වෙන්න ආස හිතෙනවා. සිතුවිලි ලස්සන වෙනවා . ඒත් එවැනි හමුවීම් විරලයි. හැමෝටම එහෙම ආදරයක් ලැබෙනවානම් හුගාක් අයට බිස්නස් අඩුවේවි

#හසාගේ_පන්හිඳෙන් .....

22/07/2021

දෙනොදාහක් නෙතු පියන් මැද
දෙමංසල වි හමු වුනේ
අනෝරාවක් වී වහින්නද
වියළිලා ගිය සිත් කොනේ.....

පැටලිලා දෑඟිලි බැඳන් අපි
ගුලිවෙලා උන් සයනයේ
මතකයන් තව ඉහිරිලා ඇති
ගිමන් හල ඔය පපුතුරේ.....

හීනයක් වී ඇවිත් යන්නට
දෙමංසල වුව කම් නැතේ
උණුහුමට ගුලි වී හිඳින්නම්
මියදෙනා තුරු මම ලඟින්...

#හසාගේ_පන්හිඳෙන්

20/07/2021

සීතල වැස්ස වහින දවසක කාත් කවුරුත් නැතුව, දුර ගමනක් යන කෝච්චියක ජනේලයක් අයිනේ වාඩිවෙලා, ජීවිතේ තදින්ම රිදුම් දෙන මොහොතක් දැනෙනකොට...........😥

08/06/2021

ඔයත් පිට කවරෙන් මිනිස්සු මනිනවාද?

මිනිස්සුත් හරියට පොත් වගේ. ඒත් කීයෙන් කීයද හරියට කියවන්නේ? 🤔🤔🤔🤔🤔🤔❤

අපි හැමෝම ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙද්දි විවිධ මිනිසුන් ඇසුරු කරන්න, ඒ අයගේ උදව් උපකාර ලබාගන්න , ආදරය කරන්න , පෙරලා ආදරය දෙන්න... මේ හැම ගණුදෙනුවක්ම අපිට මිනිසුන් එක්ක කරන්න වෙන්නෙ.

ඉතිං අපි මිනිසුන් කියවලා තියේද එක මොහොතකටවත්?.... නැතුව ඇති.

ඇත්තටම අපි දකින, අපි හිතන විදිහට වඩා හුගාක් ඇතුලාන්තයෙන් ඒ මිනිසා වෙනස් වෙන්න පුලුවන් . නමුත් අපි හරි ඉක්මනින් ලේබල් කරනවා. හොරෙක්, බේබද්දෙක්, වංචාකාරයෙක් , බඩුවක්, මේ වගේ විවිධ ලේබල් අලවනවා අපි ඇත්තටම ඒ මනුස්සය ගැන චුට්ටක් දන්න පමනින්. නමුත් අපි දකින ඇත්තට වඩා සැබෑම ඇත්ත ඊට හුඟාක් වෙනස් වෙන්න පුලුවන් .

ඇතැම් වෙලාවට අපි පොතක් ගන්නෙ ඒ පොතේ පිටකවරය කොච්චර ලස්සනද බලලා. මිනිස්සුත් එහෙමයි. ලස්සන මිනිසුන් තමා ඇසුරු කරන්නෙ. නමුත් ඒ ලස්සන මිනිසුන්ගේ ඇතුල හිස් වෙන්න පුලුවන් , නිසරු වෙන්නත් පුලුවන් . හැබැයි මේ නිසා හොඳම පොත ඔයාට මග හැරෙන්න පුලුවන් . සරලවම කිව්වොත් කවරය ලස්සන නැති හොඳ පොත් වගේ ඇතුලාන්තය ලස්සන මිනිසුන් ඔයාට මඟ හැරෙන්න පුලුවන් ...

තවත් වෙලාවට අපි පොත ගන්නෙ ඒ පොතේ මිළ බලලා නේද? ලොකු ලොකු ගනන් වල පොත් හොඳයි කියල නිගමනයකට යද්දි ඊට වඩා ගොඩක් අඩු පොතක ඊට වඩා ගොඩක් හොඳ දෙයක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුලුවන් වේවි. ඒ නිසා මගහැරගන්න එපා හොඳම පොත.

තවත් වෙලාවට අපි පොත ලියපු කෙනා බලල පොත තෝරගන්නවා. ඒකත් හරියට ඒ අයගෙ දෙමාපියන් , නෑදෑයන් බලලා ඒ අය ඇසුරු කරනවා වගේ. නමුත් කවුරුත් නොදන්න ලියන්නෙකුගෙ පොත ඊට වඩා හුගාක් හොඳ වෙන්න පුලුවන් . ඒ වගේම කොච්චර හොද වටපිටාවක හැදුනත් ජරා විදිහට හැදුනු අය ඕනි තරම් ඉන්නවා. ඉතිං එහෙම පොතක් වගේ එහෙම මිනිසුන් ඇසුරු කරන්න කලින් හරියට කයවන්න හිතන්න.

ඇතැම් විට පොතේ පටුන, නැත්තම් පිටු කිහිපයක් කියවලා මුලු පොතම ගැන පූර්ව නිගමනයකට ඇවිත් ඒ පොත විසි කරලා දානවා. ඒත් නොකියූ ඉතිරි පිටු ටිකේ ඊට වඩා ගොඩක් හොඳ දේවල් තියෙන්න පුලුවන්. මිනිස්සුත් ඒ වගේ. දවසක් දෙකක් ඇසුරු කරලා ඒ අය ගැන නිගමනයන්වලට එනවා. සමහරක් විට ඒ මොහොත වෙද්දි හොඳ මිනිසුන් ඔයා අහිමි කරගෙන ඇති.

ඉතිං අපිට පොතක් කියවලා අවසානයේ ඒක තේරුම් ගන්න පුලුවන් . නමුත් මනුස්සයෙක් එච්චර ලේසියෙන් කියවන්න බෑ ඒත් යම් මට්ටමකට කියවගන්න පුලුවන් නේද. පිට කවරෙන්, පිටු කීපයකින්, මිලෙන්, වටිනාකමින්, ලියපු කෙනාගෙන් ...... මෙන්න මේ වගේ නැතුව මොහොතක් ඔවුන් එක්ක ගත කරන්න , ඔවුන්ව කියවගන්න උත්සාහ කරන්න .....

හොඳ පොත් ජීවිතය ලස්සන කරනවා වගේ හොඳ මිනිසුන් ඔයාගේ ජීවිතය හරි ලස්සන කරයි. ඉතිං ඉවර වෙනකන් කියවන්න. පොත් වගේම මිනිස්සුත් ආදරෙන්.....

#හසාගේ_පන්හිඳෙන් ......

26/05/2021

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

23/05/2021

ඔබ මගෙන් වෙන්වෙලා
මා දමා යන්නෙ නම්
කඳුලු අඩු නැත සෝ සුසුම් මැද
ඇවිලී මා හදේ........

ඔබගෙ සිනා නද දැන් දැන්
ඇසේ සවන් අතරින්
කෙසේ සිතන්නද නැති බැව්
මගේ ලොවේ නුඹ දැන්
පියාඹා එන්නදෝ..... මා පෙම් කුමරියේ

ඔබව දුරයි මට නොපෙනෙයි
හදෙහි තැවුල් වැඩි වී
මගෙ සිත හඬනව ඉල්ලා
ඔබව යලිත් සිහිවී
පියාඹා එන්නදෝ..... මා පෙම් කුමරියේ ...

#හසාගේ_පන්හිඳෙන් ......

20/05/2021

ඵලබර වෙලා උතුම්ම පදවිය ලබලා
ගැබ්බර වුනේ දාහක් පැතුමන් පුරලා
දකිනා තුරුම ඔය මුව ඉවසුම් නැතුවා
දින සති ගෙව්නේම හෙමිහින් දැයි සිතුවා

පේවී උන්නෙ කිරිකැටි නුඹ රැක ගන්න
නින්දක් නොවුනි දිව රෑ දවසෙම ඔන්න
බිඳ බිඳ වැඩුනෙ මගෙ රන් කඳ හරි හැඩට
ඉවසන් උන්නෙ දුක් ගිනි දුන් නෑ නුඹට

මිනිහත් නැතුව මගෙ වෑයම උඹ දිනවන්ට
කන්දක් උසට උතුරා සෙනෙහස උඹට
වැලේ ගෙඩි වැලට බර නැතුවා ඔන්න
මගෙ පන පුතේ උඹ රජු අම්මට ඉන්න

කර දඬු උස් මහත් වී දින්නම ලෝකේ
මගෙ බර දැනුනෙ කෝම ඉවසනු සෝකේ
කඩමලු ටිකත් විසිකොට යන්නට වෙච්චී
හිස හැරුනු අත යනවා මට නෑ නිච්චී

දරු දුක උසයි මහ කඳු නොපෙනේ උසට
අහිතක් හිතේ නෑ මගෙ රන් කඳ රැක දෙන්ට
පාරක් දිගේ ඇවිදින මගෙ පය නැවතී
දුටුවේ කෝම මා මළ බව මා ඉද්දී

#හසාගේ_පන්හිඳෙන් ....

19/05/2021

#වස්තු.❤❤❤

මේ තරම් ආදරේ තිබුනිදෝ සැඟවිලා
වචනයෙන් නොම කියා හදවතේ නුඹ වෙලා
ත්ත්පරෙත් කල්පයක් නුඹ නොවූ ජීවිතේ
පාලුවක් දැනෙනවා නෙතු ඉමේ නැති නිසා....

හරි ආදරෙන් මා ලංවී දුර ආ
තව ආදරේ මෙහි ලියළනවා
ඇඟිලි ගණින දින තව ලංවීලා
පියා සලා එමි මං ඉගිලීලා......

බලා උන්නු ඔය ඇස් රතු වීලා
සීන පොදක් නැති මුව තවරාලා
දෑත දරා මට තුරුලු කරන් නුඹ
කාටත් කලියෙන් දකින්න හැකිනම්
මගේ නොවුනු ඔය නුඹේ දිගැටි ඇස්....

#හසාගේ_පන්හිඳෙන්.......

Photos from හසාගේ පන්හිඳෙන්'s post 18/05/2021

#නන්නාඳුනනා_සෙබළා ❤️❤️❤️❤️

මැයි 18 💥 ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට හුගාක් වැදගත් දවසක්. සරලවම අපි අද නිදහසේ හුස්ම ගන්න වටපිටාව සැකසුනු දිනයක්. මේ කියන්න යන කතාවෙ කතා නායකයාටත් අද දිනය විශේෂයි.....

මා ලංකාව බලා නැවත පැමිණි පසු නිරෝධායනයට එකතු වන්නට සිදු වුනෙමි තවමත් මා රැඳී සිටින්නේ අනුරාධපුර, එක්තරා හමුදා ස්ථානයක වන අතර සුපුරුදු ලෙස දවස ගෙවා දමමින් සිටි මා හට හවස් යාමයේ අනෙකුත් අය සමග උණ පරික්ෂාවට යන්නට සිදු වුනෙමි .

මෙකී ලෙස එහි ගොස් එකෙනෙකා දුර පරතරය ඇතිව උණ පරික්ෂාවට ලක් කරන තුරු බලා ඉන්නා අතර වාරයෙ ඔහු අපෙන් විමසුවේ 🍫 චොක්ලට් කන්න කැමතිද කියාය?
😋😊😊😊😊
මා ඉතිං චොක්ලට් වලට පෙරේත නිසාවෙන් තරමක් උනන්දුවෙන් ඒ දෙස බැලුවෙමි. නිල් පැහැ ආරක්ෂිත ඇඳුමකින් සැරසී නිරෝධායන කටයුතු වල නියළී සිටින මෙම හමුදා නිලධාරීයා ඔහු අත වූ බෑගයෙන් චොක්ලට් ගෙන අපි හැමෝටම දෙන්නට විය. ඉන් නිමේෂයකට පසුව ඔහු කතා කරන්නට විය...

" මේක කවුරුත් දැනුවත්ව සිදු උනු දෙයක් නෙවෙයි . අද මගේ 32වැනි උපන්දිනය. ඉතිං මට පුලුවන් විදිහට ඔයාල හැමෝටම අරගෙන ආවා. රුපියල් 10 පුංචි චොක්ලට් එකක්.

මම මහ ලොකු පඩියක් ගන්න කෙනෙක් නෙවෙයි . රුපියල් හතලිස්දාහක පඩියකට ඉන්න කෙනෙක්. මං මගේ හමුදා ජීවිතේ දැන් වසර 13කින් අම්ම ,තාත්තා, මගේ ළමයි එක්ක කේක් එකක් කපලා නෑ. "

එතනින් ඔබ්බට ඔහු කී කිසිවක් මගේ මතකයේ නොවීය. ඒ වචන ටිකම සැරෙන් සැරේට මගේ මනසේ සැරිසරන්ට විය.

අද මමත් ඔබත් , මතු උපදින පුංචි දරුවනුත් නිදහසේ හුස්ම ගන්නවානම් ඒ, මෙවැනි ජීවිතේ සොඳුරු කාලයන්, අවස්ථාවන් කැපකරමින් අනේක දුක් ගැහට විඳිමින්, ඇස්,හිස්,මස්,ලේ මේ සියල්ල පූජා කරමින් රට රැකි දේශයේ මුර දේවතාවන් ය. මේ පුංචි ලංකාවේ මොන විපතක් වුවද සැමට කලින් ඒ වෙනුවෙන් උන් දෙවිවරු ඔබලාය.

නන්නාඳුනන සෙබළානෙනි නුඹට සුභ උපන් දිනයක් වේවා !❤️❤️❤️❤️❤️❤️❤️❤️

#හසාගේ_පන්හිඳෙන් ....

17/05/2021

මේක අමුතු ස්නේහයක්
නෙක පාට රාශියක්
රහසින්ද පහසින්ද
නොමැත නිම්තෙරක්....

එක රෑක පෑ සඳක්
ඒ සඳේ ළප ඇතත්
ඝණඳුරට එළිය නෙත්
පායන්න මතුවටත්......

සීත අඳුරෙ පාලුවක්
දැනුනේම නෑනේ එක බිඳක්
හදවතට කොඳුරන්න ලංවෙලා
මගේ ලඟින් ඉන්න දැවටිලා.....

#හසාගේ_පන්හිඳෙන්....

14/05/2021

අහි පිල්ලමක් යට
නුඹ රකිනු රිසි නම්
එක නිමේෂයක වත්
තනි නොකර ඉන්නම්......

නුඹ හීනයක් මට
හිත නතර වී නම්
මට මෙන්ම නුඹටත්
තනි නොතනි දැනියං......

තව හීනයක් වී
සියොළඟම වෙලිලා
රැය ඇහැරෙන්න පෙර
නුඹ මගේ වෙනවානම්...

#හසාගේ_පන්හිඳෙන්.....

25/04/2021

රැයේ මිහිරිම වෙලාවේ
දුහුල් සළු හරිනා
තිසරුන්ට දඟලන්න ඉඩදෙන්න
අපිට තහනම් නොවේ....//

මලේ සුවඳට බඹරු පෙළ ඇදෙනා
නුඹේ සුවඳට මගේ ඔද වඩනා
ලැමත් ගෙලත් මල් කැකුලත්
මුව පහස විඳිනා......//

සිහින් කෙඳිරිලි හැඟුම් අතරින්
ගඟ පහල ගලනා
දරන් ඉන්නට බැරිම තැන හිඳ
ගඟ ඉවුර සිබිනා.....//

#හසාගේ_පන්හිඳෙන් ....

18/04/2021

වෙනස් වන වෙනස

ජීවිතයේ අපි විවිධ අවස්ථාවන්,අවධීන් පසු කර යන ගමන් මගේ විවිධ වූ අත්දැකීම් වලට මුහුණ පෑමට සිදු වෙනවා. මේ අත්දැකීම් තුළින් අපි ජීවිතය ඉගෙනගන්නටත් පෙළඹෙනවා.

ජීවිතය කියන්නෙ තව කෙනෙකුට හෝ පුද්ගල කොටසක් විසින් නියම කරන රාමුවකට කොටු වී ඔවුන් සතුටු කරමින් ගෙවා දැමිය යුත්තක් නොවේ. ඔබ දැන් ජීවත් වෙන මේ මොහොතට ඔබ ප්‍රිය නැත් නම්,

මේ මොහොත ඔබ තෘප්තිමත් නැතිනම් දෙවරක් නොසිතාම මේ රාමුව බිඳ එළියට යන්න. ඔබ ඔබම වන්න. සරලවම වෙනස් වන්න. මිනිස්සුන් ඔබව පිළි නොගනීවි. ගල් මුල් ඔබේ මාර්ගය අසුරාවි. නමුත් ඔබ ඔබම නම් ඒ බාධා බිඳගෙන ඔබ දිනාවි. ඒ දවසට පසු දින ඔබේ වෙනස සාමාන්‍යයක් වේවි. ඔබ ඔබම වී ජිවිතය ඔහේ ගෙවා නොදා ජීවිතය විඳ තිබේවි. වෙනස නම් වෙනස් විය යුතුමයි.

හසාගේ පන්හිඳෙන් ......

14/04/2021

ලැබුවාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සතුට සපිරි නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුදක් වේවා !❤️❤️❤️❤️❤️❤️

12/04/2021

ජිවිතය කියල කියන්නේ හරි අමුතු තැනක්.
ආපසු හැරිල බලනකොට සුන්දර මතක වගේම සුන්දර නොවන මතකයනුත් තියෙනවා.
ඒ සුන්දර මතකයන් නිහතමානී සතුටක් කරගන්න. සුන්දර නොවූ මතකයන් ජීවිතයට හයියක් කරගන්න. එවිට ජීවිතය පහසු වේවි. වින්දනයක් තියේවී.

හසාගේ පන්හිඳෙන් .....

07/04/2021

අයිතියක් නැති හිතක් ළඟ නතර වී
සෙනහසක් ඇයි වෙන්ව යනවානම්
සොඳුරු මතකය තියා යන්නම්
දුකම දැනෙනා ඉසව්වෙන්......

ඔබත් මමත් මට ඔබත්
අපිට අපිම වූ එක ප්‍රේමයක්
අලු වෙලා ගිය සිනා තොටුපොළ
කඳුලු රජ වූ හීනයක් ......

දුරින් හිඳ මම සිනාසෙන්නම්
හදේ ගින්දර නිවා ලන්නට
අහිමි නුඹ මා එයයි ඉරණම
හෙට එපා ඇස් කඳුලුලන්නට
සතුට දවසක් ඔහු නුඹේ.......

හසාගේ පන්හිඳෙන් .....

The Battles : Miyuru Somarathne V Thilina Sudesh | Bol Pini Wahena Welawe | The Voice Sri Lanka 28/03/2021

අස් පියාගෙන මොහොතකට අහන්න .......
හිරිගඩු පිපේවි, හදවත අස්සටම ඇවිත් මුලු හිතම වෙලා ගන්න තරම් ලස්සන ගායනයක්.

මගේ ළඟ තියෙන ලස්සනම වචන ටික ඔක්කොම මේකට දෙන්න පුලුවන් නම් මෙතන ලියනවා . ඒත් ඒ හැඟීම් ඔක්කොම වචන කරන්න බැරි තරමට මොකද්ද අමුතු මැජික් එකක්. ඒ රහ අකුරු කරන්නට මං දන්නෙ නෑ. උඹල දෙන්නම මරු❤️❤️❤️❤️❤️❤️

https://youtu.be/QHBvd8jKE7w

The Battles : Miyuru Somarathne V Thilina Sudesh | Bol Pini Wahena Welawe | The Voice Sri Lanka The Voice Sri LankaThe Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION...

26/03/2021

අඩෝ.......❤❤

ආදරයෙන් වැළඳගත්, සමාජයට හොඳ පනිවිඩයක් දෙන්න උත්සාහ කළ අඩෝ ටෙලිනාට්‍ය රංගනය උදෙසා 2020 Smuathi Award හී හොඳම නිළිය ලෙස අභිශේක වූ ....
තටු සවි සමනලිය ....

❤❤සමනලී ෆොන්සේකා ❤️❤️

22/03/2021

අත්දැකීම් තමයි ජිවිතේ හමු වන හොඳම ගුරුවරයා....

Beer without Alcohol 22/03/2021

කොරෝන අස්සෙ කරපු සුපිරි වැඩක්

අපි හොඳටම දන්න, අපේ අය අස්සෙ අපි හැමෝම එක පාරක් හරි වැටිල ඇති. හැබැයි අපි එකටම වැටෙන්න නැතුව ඇති. තනියෙන් වැටිල හිතින් ගොඩක් හීන මවන් ජීවත් වෙන්නත් ඇති. ඒත් අපි එකට නොවැටුන නිසාම අපිට ඒ මොහොත අයිති නොවන්න ඇති
://youtu.be/iJK-hL9A8VA

Beer without Alcohol A mobile-phone cinema concept byAsoka Handagama Staring Nadie Kammallaweera Samanalee Fonseka Indrachapa Liyanage Rukmal NiroshEdited by Rukmal NiroshMusic ...

17/03/2021

එකම එක කනකට, හිතකට පුලුවන් ජීවිතයක් බේරාගන්න.

2016 september 11

ජීවිතය කියන්නෙ මොකද්ද කියලා හරියට තේරුමක් නොතිබුණු කාලෙක මටත් තිබුනා මුලු ලෝකෙම වෙච්ච ආදරයක්.

ඇතිවෙලා නැතිවෙලා යන බැඳීමක, හැඟීමක අරුත හරි හැටි වටාහා ගන්නටවත් බැරි විදිහට ආදරය නිසාම හිත පිස්සු වැටිල තියෙද්දි බුද්ධිය දියවෙලා ගිහින් තිබුනා.

ඔහොම දින සති ගෙවිලා අනපේක්ෂිත ලෙස ඒ ආදරේ ගිලිහී යනකොට දරාගන්න තරම් මං ශක්තිමත් වෙලා තිබුණෙ නෑ. ඉවසීමක් තිබුනෙත් නෑ. ආදරය විරහව ඉදිරියේදී මිනිසුන් තවමත් එහෙමයි. නමුත් ජීවිතයට අවසානයක් දෙන්න තරම්.......

මා නම් එදා ඒ තරමට මෝඩ වුනා. වෙදනාත්මක හැඟුම් මතුවෙද්දී, ජීවිතේම කඩා වැටුණා වගේ දැනුනම. ජීවිත් වෙලා තේරුමක් තියේ කියල මට හිතුනේ නෑ
පුරුද්දක් විදිහට දිනපොත කුරුටු ගාන මා එදා ජීවිතය ඉවර කරන්නට තීරණයක් ගත්තෙමි.

නමුත් අද මා ඉන්නවා. හුස්ම ගන්නවා...
ඒ එකම එක කනකට, හිතකට මාව අහන් ඉන්න පුලුවන් උන නිසා.
..............................................................
ඔබ කොතරම් කාර්යබහුල වුවත් දුකින් ඉන්න මනුස්සයෙක් දැක්කම, ප්‍රශ්නයකින් ඉන්න මනුස්සයෙක් දැක්කම අස්වැසිල්ලක් වෙන්න. අඩුම ඒ කෙනාගෙ හිත නිදහස් වෙන්න කතා කරන්න දෙන්න. අහන් ඉන්න. හෙමීට ජීවිතය කියල දෙන්න.

දවසක මං වගේම ජීවිතය හරියට කියවද්දි පිං දෙයි. ජීවත් වෙන්න ඉඩ දුන්නට.

හසාගේ පන්හිඳෙන් .......
17. 03.2021

17/03/2021

අනෝරා ලෙස කඳුලු වැටුනම
අනේ ඩිංගක් පිසදමන්නට
නේක දුක් විත් ලැගුම් ගත්තම
අනේ ඩිංගක් සනසවන්නට
එකම මොහොතක් හැකි වුනානම්.......

හසාගේ පන්හිඳෙන්.........

17/03/2021

සඳ එළියට කවි ලීවට නුඹට ගැතී
දිවි අඳුරට එළිය වෙන්න නුඹත් නැතී
සිත් අහසක මැව්ව සිහින හීන වෙතී
මද පවනක සිසිලසක්ව එන්න නිතී

සොඳුරු සිහින බොඳ වේවිද හෙට
එදා ලැබුණු ආදරයත් නොලැබේවිද හෙට
නුඹේ පෙමත් ඩිංග ඩිංග ගිලිහේවිද මට
අලුත් පෙමක් නුඹ නොමැතිව බෑ පතන්න මට

අඹර පුරා තරු දිලුනට හෙට
නුඹ තරුවක් හද මඩලෙම මට
බැස නොයන්න සිත් අහසින් හෙට
ලඟින් ඉන්න බිඳක් දෙන්න මට

හසාගේ පන්හිඳෙන්............
28.02.2017

11/03/2021

ආදරය කරද්දි පුද්ගලයන් කොටස් දෙකක් ඉන්නවා.
1 පුංචි දෙයක් පවා සීරියස් ගන්න ආදරය
2 අහස කඩන් වැටුනත් ගනන් ගන්නෙ නැතුව ඉන්න ආදරය

නමුත් මේ දෙවර්ගයෙන් මුලින් කොයි එක ලැබුනත් අන්තිමට අපි අනික් එකට කැමති වෙනවා. අනිත් එක හොයනවා. ඒකයි යතාර්ථය .......

28/02/2021

නිස්සාර හීන අස්සේ
සංසාරයම මහ දුරක්
ඒ හීන අතරෙම එකම එක හීනයක්
හැම තප්පරයක්ම ජීවත් කරවන
හැම මොහොතකම,හැම ඇසිල්ලකම
නුඹවම විතරක් මතකයට නැගෙන
අමුතුම රිදුමක් ආදරේ.....

විටකට මට මාවම පුදුමයි
ඔය ඇස් ඉස්සරහා මෙච්චර බොලඳද
පුංචි එක හිනාවකට
එකම එක හාදුවකට
හැම දවසකටම
හැම මොහොතකටම
මහ හුගාක් ලෝබයි
ඒ නුඹෙන් ලද ආදරේ..........

පාර පුරා පෙති හැලුනු රොබරෝසියන්
විටක හිනාවෙන්නත් ඇති
බලා ඉන්නට බැරිම තැන
ලැජ්ජාවට ඇස් වහගන්නත් ඇති
නුඹත් මමත් තනිවුනු
ඒ මාවත් තාම ලස්සන ඇති
එකම එක දවසක් පපුවෙම තියන්
මට ආසයි ඇවිදින්න
ඔය රතැඟිලි පටලවන්.....

28/02/2021

වරුවක් ළඟ හිස තියාන
තරුවක් මට මඟ කියාන
හිස් අහසක නුඹ සොයාන
අපි දිව යමු සුව සොයාන

සත් සමුදුරු දුර ගෙවන්
දුක් ගැහැටත් විඳ දරන්
හීන අහුරු පොදි දරන්
මං ආවේ අපෙ නමින්

දින සති හෙම පහු කරාන
රෑ තුන්‍යම සිහි කරාන
සුසුම් වලින් සුව පෙරාන
මං සැනසුනෙ හති දමාන

හසාගේ පන්හිඳෙන් ....

27/02/2021

පරාර්ථාය ගිලිහුණු ආදරයක්......

මටම මං පෙම් කලාට
නුඹට මම පෙම් කලාද?
හීන මගෙ ලොකු උනාම
නුඹෙ හීන දිය උනාද?
ඵළ දරා නුඹ වැහැරුනාම
නුඹෙ සුවඳ අමතක උනාද?

හීන පෙනුනු හැම රෑකම නුඹ උන්නේ දුරින්
නුඹේ හීනෙ හැම රෑකම මම උන්නේ ලඟින්
දරාගන්න බැරි දුරකින් නුඹ හැරදා ගියාම
කැදැල්ලෙ බර දරාගත්තෙ කොහොමද තනියෙන්

පිය සෙනහස මිළට ගන්න
කඩයක් හෙම උනාද?
මගෙ දරුවන් අප්පච්චී කීවේ නුඹටමද
අදටත් රෑ තුන්යම නුඹ මතකයෙ උනාම
සුසුම් වලින් තෙත් වී යයි කදුලු හලාන

Want your public figure to be the top-listed Public Figure in Arad?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Arad