හදට දැනෙන තැන - Where the heart feels

හදට දැනෙන තැන - Where the heart feels

හද නැවතුන තැන, සිත නැවතුන තැන,
ඔබගේ මගේ සිතුවිලි සිරනොකර,
නිදහසේ සභ්‍ය ලෙස ගලන්නට හරිමු.

Photos from හදට දැනෙන තැන - Where the heart feels's post 11/11/2023

බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඉතාලිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ පුරාණ ග්‍රීසිය ලෝක ඉතිහාසයේ අග්‍රගන්‍යයේ නිර්මාණ සදහා පිතෲත්වය ඔසවයි.

මේ අතරින් රුසියාව විශේෂ වන්නේ දේශපාලනික, සමාජීය, ආගමික පසුබිම ස්ව චින්තාව සහ චිත්තාවේග සදාචාරාත්මකව වාද විවාදවල යෙදෙමින් ඉදිරිපත් කිරීමෙහි ලා ය. රුසියානු නවකතාවක් අත නොගත් පාඨකයකු නැති තරම් ය. මේ අතරින් Ivan Sergeyevich Turgenev රචිත ඇසි දිසි අරුත් පාන "FIRST LOVE" නම් නවකතාව "ප්‍රථම ප්‍රේමය" ලෙස 1999 දී සිංහලට ලෙහන ලද්දේ Asantha U. Attanayake පරිවර්තක තුමිය විසිනි.

මෙය 21 හැවිරිදි සිනේඩා සහ 16 හැවිරිදි ව්ලද්මීර් අතර ඇති වන ආදර වෘතාන්තයකි. දහනව වන ශතවර්ෂයේ රුසියාවේ වියැකී යන වංශාධිපතිත්වය පසුබිම් කර ගත් මෙම කතාව, වැඩිහිටි ප්‍රේමයේ සංකීර්ණ ස්වභාවයට අවදි වන යෞවනයකුගේ දැනුම සහ ඔහුගේ හදවත, ප්‍රවීණත්වයකට පැමිණීම මේ තුළ නිරූපණය කරයි.

මෙම කතාවට තවත් සමීපව එබී බලන සෞන්දර්යාත්මක ඇස ගෙනහැර පාන්නේ දිසි අරුතට ඔබ්බෙන් ඇති, තවත් රසබර අරුතකැයි මා හැගි අදහස වේ. මෙම කතාව මුළුල්ලේ ම පැවැත්වෙන සිනේඩාගේ චරිතය වටා රොක් වෙන පුරුෂ චරිත සියල්ලම වා හේ ඈ හට ප්‍රේම කළ යුතුම ය. එමෙන්ම සිනේඩා වටා සිටින්නේද මැලව්ස්කි නම් සිටුවරෙයෙක්, ලූශින් නම් වෛද්‍යවරයෙක්, මෙඩ්‍යනොව් නම් කවියෙක්, බයිලව්සොරොව් නැමැති අශ්වාරෝහක නිලධාරියකු සහ විශ්‍රාමික කපිතාන් වරයෙකි. මේ අතර ස්ත්‍රියකගේ සිත් ගන්නා චරිතයක් නොසිටී නම් එය දවල් වැටෙන තරුවකි. මේ අතරිනුත් සිනේඩාගේ වැඩි අවධානය දාසයේ බාලයාට යොමමින් ව්‍යංගයෙන් ගෙනෙන්නේ පාරිශුද්ධ ස්ත්‍රී ආලයේ පැතිකඩක් ම විය යුතුය. සැප, සම්පත තමා වටා බ්‍රමණය වෙමින් තිබෙන විටකත් ඒ පිළිබද ඇගේ තේරිම අවංක පිරිසිදු හදවතක්ම බැව් පැහැදිලිය. නමුත් ව්ලද්මීර් හට පවා දෙලෝ යා වෙන හැගීම් පමුණුවන ඈ මෙම කතාංගය තුළ තමා ස්වයං ආධිපත්‍යයකට කටයුතු කරන බවක්ද දල රළ මෙන් ඉස්මතු වේ. සියළු කතා පරයමින් සිනේඩා සැම විට කොදුරන කුමරා තමාද යන්න සෑම පුරුෂයෙකුගේම චින්තාව යන්න සක් සුදකි. ඒ අතරිනුත් කුඩාවට කතාව තුළද, අප සිත් තුළද පැනගෙන ආ ජල බිදුව එක වර මහා දියඇල්ලක් කොට බුද්ධි දෝවනයක යොදවන නව කතාකරු මෙම ගාලාගෙනා චින්තනය බිදිමින් වෙනම මානයක් ඔස්සේ කතාවසානයට රැගෙනෙන්නේ පාඨක සිතට මනාලෙස කුතුහලයක් දනවමිණි.

"...සැදෑ සමයේ අදුරු සෙවනැලි මගේ ජීවිතය වසා පැතිරෙන්නට පටන් ගන්නා කල, වසන්තයේ එක් හිමිදිරි උදෑසනක, අසුරු සැණෙකින් හමා විත්, එකෙණෙහිම නිමාව ගිය ඒ කුණාටුව පිළිබද මතකයට වඩා, මා අතහැර දමා පැමිණි දෙය වඩා නැවුම් නොවේද? ආදරනීය නොවේද?"
ජීව්තය පිළිබද නියමාවබෝධයකින් තොරව කතාරම්භයේ වැඩවිසූ ව්ලද්මීර් යෞවුන් බුද්ධියේ විකාශය කතාවසානය වන විට මෙසේ ගෙන හැර දක්වයි. විද්‍යාව ඉනිමං කොට ඉහළට යන බොහෝ දෙනා පවා අවසාන මොහොතේ දෙවි පිහිට පතමින් අවසන් හුස්ම පොද හෙළන තෙක් තමාගේම හැගීම් සමාලෝචනය කර ගනිති.

පරිවර්තක තුමියට අනුව,
" එක් එක් කාලසීමාවන් පිළිබඳව විද්‍යානුකූල විග්‍රහයන් තිබෙන්නා සේම, සෞන්දර්යාත්මක විග්‍රහයන්ද තිබිය යුතුම ය."
එය එලෙස ම ය. තිබිය යුතු ම ය.
එය උක්තයකි, නියතයකි.

- ශාන් ෆොන්සේකා 🖋️

"First Love"from first love; Thank you Lily! 🤍

#ශාන්_ෆොන්සේකා

04/12/2022

ගිනි ගෙන දැවෙනා හිරුකුමරා
එළිය ගෙනෙයි රෑ තරු නිවලා
රැය එන තුරු සිට සදකුමරී
සිසිල් කරයි හිරු ගිණි නිවලා

- කවිසිත(SF)... ✒️

#කවිසිත #කවිකාරයා #ඇය
#ශාන්_ෆොන්සේකා
(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි)

04/08/2022

රළු පොළොවෙ පිය නගා
කටු පොකුරු සිප වැලද
මලක් යත මල් රැගෙන
පොඩි නොකර සිය සුවද

- කවිසිත (SF)...✒️

#කවිසිත #කවිකාරයා #ජීවිතය #ශාන්_ෆොන්සේකා

(ජායාරූපය මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි.)

30/06/2022

ගියෙමි අගුලු හැරගෙන සිත කුටියට
කෙලවර මුල්ලක තනිවම අදට ද
පෙරලා අලු පිස බැලු විට ඒ දෙස
මගෙ තනිකම ඇත අදටත් එලෙසම

- කවිසිත (SF)...✒️

#කවිසිත #කවිකාරයා #තනිකම #සිත #ශාන්_ෆොන්සේකා

(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.)

18/06/2022

හිත් කොනක සිට එබෙන මල
මල් යාය තුළ ඉනු මැනව
බඹර කවි සිත පහන් කර
ඉගිල එමි මම ඔබ මතට

- කවිසිත(SF)... ✒️

#කවිසිත #කවිකාරයා #සිත්මල්
#ශාන්_ෆොන්සේකා
(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි)

16/06/2022

කීමට දහසක්
දේ ඇති රහසක්
සගවා අරුතක්
පවසමි වදනක්
එයට අර්ථයක්
දී එක මොහොතක්
හිදිනු කල්පයක්

- කවිසිත (SF)...✒️

#කවිසිත #කවිකාරයා #තනිකම #සිත #ශාන්_ෆොන්සේකා

(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.)

Website