Navo

Navo

I touch your heart❤️

21/02/2024

🥹❤️
✍🏻❤️

19/02/2024

ආදරේ කියන්නේ දැවෙන දේවලුත් නිවන දෙයක් 🥹❤️
First comment... 🤔
✍🏻❤️Navo

17/02/2024

ඒ ඇස් මඟහැර ගන්න එපා.... 🥹❤️
✍🏻❤️Navo

13/02/2024

හැපි වැලන්ටයින් ඉතින්........ 😊

✍🏻❤️Navo

10/02/2024

ප්‍රේමනීය පෙබරවාරියේ.....
ප්‍රේමය ප්‍රේමයෙන් නිවේවා...... ❤️

Navo❤️

05/02/2024

අවස්ථා එන්නේ කල් ඉකුත්වීමකුත් එක්ක
ඉතින් මඟ හරින්න එපා....
ඕනෙම අවස්ථාවක්‌ උත්සහ කරලා බලන්න
වැරදුනත් හරි ගියත්
ඔයා try කලා කියලා
ඔයාගෙම හිත කියයි....

දෛවය ඔයාට හොඳම දේ දෙන්නයි යන්නේ
ඉතින් ජීවිතේ ලස්සන කරගන්න ළමයෝ... 😁❤️
Every opportunity in life comes with an expiration date, a life span. If you miss it, you will never receive it again.

Navo❤️

21/11/2023

අන්ධ භක්තිකයෙක් නොවන්න ❤️

Navo❤️

12/10/2023

කලා ඇසින් බැලූ විට ඔහු තරම් යුග පුර්ෂයෙක් නැත
එයා තාමත් ජීවත් වෙනවා
පරිස්සමින් ඉන්න ජැක්සන් සර් 🤍❤️

Navo

24/07/2023

ප්‍රමිලා මුණගැසුනෙමි...❤️
Pooja Umashankar ❤️





❤️💯

19/07/2023

ඒක දිග කතාවක්...🥺❤️
කියවලා බලන්න ❤️

අද බස් එකෙ සිදුවූ සත්‍ය සිදුවීමකි

බස් එකේ ලඟින් වාඩිවෙලා හිටපු අක්ක නැගිටල ගියාට පස්සේ අවුරුදු විසි ගාණක වගේ අයියා කෙනෙක් ඇවිල්ලා ඉඳගත්තා

මොකුත් නොකියා හෝල්ට් දෙක තුනක්ම ගියා
නංගි ඔයා ගොඩක් දුර යනවද මං කියන කතාව අහන්න ඉන්න පුළුවන් ද
ඒ ඉල්ලීම අහපු විදියටයි බැහැ කියන්න හේතුවක් නැති හින්දයි කෙනෙක් ගේ ජීවිත අත්දැකීම් අහන් ඉන්න මං ආස හින්දයි ඒ කතාව අහන්න පටන් ගත්තා
මං මේ යන්නේ කොළඹට එක ලස්සන තැනකට. මීට අවුරුදු තුනකට කලින් මගේ ජීවිතේ ලස්සනම වගේම දුක ම සිද්ධිය වෙච්ච තැනට
එයා මට මුණ ගස්සපු දවස.එදත් අද වගේම දවසක්
එදා වගේම අදත් එයා එතනට ඇවිල්ලා ඉන්නේ මන් යන්නේ එයා බලන්න
මං කිව්වා හොඳයි එහෙනම් හම්බෙන්න
එකපාරටම ඒ ඇස්වලින් කඳුළු සට සට ගාලා වැටුන
ඒ අයියා අන්තිම පාරට කිව්වේ එක වචන ටිකක් විතරයි
එයා ගියෙ ආයෙත් එන්න බැරි තැනකට. පණපිටින් හිටපු මාවත් එයා අරන් ගියා

ඔයාට ගොඩාක් පින් මගේ මේ කතාව අහන් හිටියට
එයා එතනට ඇවිල්ලා ඇති මට විස්වාසයි.
මං එහෙනම් ගිහින් එන්නම් බුදු සරණයි

එහෙම කියලා එයා එයාගේ හෝල්ට් එකෙන් බැස්සා 🥺❤️

වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ කඳුලක් මන් ඇස් දෙක තදින් වහල හිරකරගත්ත මං ඉන්නේ බස් එකේ නිසා. අනේ අනුන් වෙනුවෙන් හඬන්නට උපන් මගේ ඇස් දෙක කොතරම් සංවේදී දැයි මා හොඳින් දන්නවා...
ඒ අයියා කොළඹ යන්න තව බස් එකක නගිනවා මං දැක්කා
" කෙල්ලෙක්ට හම්බෙන්න ඕනේ ඔයා වගේ පිරිමි ළමයෙක්. රාගයෙන් එහා හදවතේ ආදරේ ඉපදිච්ච. ඔයා එක්ක කතා කරන්න ලැබුන එකත් මටම ආඩම්බරයි "
මගේ කටින් ඉබේටම හිමින් මිමිණුනා...🥺❤️
Navo ❤️

17/07/2023

ප්‍රවේසමෙන්....💯

සෑම තත්පරයකම සමාජය ඔබව මැන ගනියි
ආත්මයට ආඩම්බර ලෙස හැසිරෙන්න

Navo ❤️

16/07/2023

Little gift for kanchii Akki❤️
Kanchana Anuradhi❤️

සිනිඳු කෙහෙරැලි පවනේ සැලී සැලී
නුඹේ හැඩ දෙස මං බලද්දී
කුලය කුමටද ප්‍රේම කෙරුමට
ආල සිතුවිලි හිත නිවද්දී😌

රාජ අණටත් උඩින් ලියවුනු
මගේ පෙම්බර වදන් මැද්දේ
නුඹව රජ කුමරියක් වූවා
ලොවීනා තුන් හිත අරන් යද්දී

රාගයෙන් මත් වුනු වශී බඹරුන්
දුරින් හිඳගෙන වියරු තුඩකින්
තිසර මල්වල රොන් ගනිද්දී
සැබෑ ආලෙන් මසිත ගැහුනා
ප්‍රේම පිටියේ මන් යුධ වදිද්දී🥺

වැසුණු ළැම මත වැතිර ඉන්නට
වරම් නැති වූ ඔබේ භවනේ
රාගයෙන් කිසිදින ප්‍රේම රැකුණේ නෑ
ලැවනියාමයි සාක්ෂි දුන්නේ
මිය ගිහින් නෑ තාම ගැහෙනවා
ලොවීනා උඹ මගේ පපුව ඇතුලේ....❤️

Special credit goes to Mr.Kamal Gunaratne 🥺❤️

Navo

21/06/2023

මෝහයෙන් පිරි අඳුරු කුටියක්‌
පහන් එළියෙන් නිවී යන්නේ නෑ
කටින් සිටුවන බතල වැල් වල
බතල අලයක් මුල් බැහැලා නෑ
තුනත් හතරත් බිඳපු කතකට
පත්තිනි සළුවෙන් මුවාවෙන්න බෑ
කුණු පිරි ගිය අන්ධ හිතකට
උතුරු සළුවෙන් සිල් පුරන්න බෑ

හොඳම මල් පුදසුනේ තිබ්බට
මලේ නීතිය වෙන එකක්
හතර පෝය ම බුදුන් දැක්කත්
නිවන් දොරටුව වෙන එකක්
ගාථා දහසක් කියා වැන්දත්
පද පහම කැඩූ නිරි සිතක්
සතුට ජීවිතේ තුළින් ගන්න බෑ
ඉපදීම නම් හරි දුකක්

Navo ❤️
First comment 🤔

19/06/2023

සුදු මල් මාලේකින් වැසී ගිය
සාලේ සිටි නුඹේ දෙස බලා
අතීතයේ යම් මතක පොත්
සුසුම් ලෙස මන් පිට කරා
ඉඳ හිට දී දකින ගේ මැදින් සක්මන් කරන
උඹේ ඡායා මං දකින විට
සිතුනේ නම් එක දෙයයි මැණිකෝ
මැරුණු හිත් පවා ගැහෙනවා අද
තිරිසන් ද නිරිසන් ද දන් නෑ
ඌත් මට මගේ මැනිකා වගේ
සැදෑ කාලෙදි නුඹ ගැයූ ගී
ඌත් ගැයුවනේ වෙන හඬින්
තනිකමත් තනි කමෙන් මැකූ මට
හිටියේ ඒ මැනිකා ම විතරයි
ඇළේ ජලයේ සැඟවිලා ගියා
මගේ හදවතත් ඌ අරන්
වැරදිකාරයෝ ඇස් වහද්දි
නිදාසිටි මහා යකා නැගිට්ටා
ජීවිතේටම සිරවෙන්න වූවා
මං පළවෙනි පදේ බින්දා
සොහොන් කොත ළඟ නිදා සිටිනා
මැණිකේ මං වැරදීද කියපන්
මගේ කුමාරි අරන් ගිය ඒ
ගලා යන ඇළ කතා කරපන්
ZD8 සින්දුවේ කතාව ඇසුරිනි 😌
Kuweni by Charitha Attalage

Navo ❤️

18/06/2023

දහස් වරක් මුමුණන්න බලා හිඳපු
නෙත් අභියසදී මගහැරී ගියපු
හිත් කොනේ සැනසෙන්න පෙරුම් පුරපු
පිපෙන්නටත් පෙර මුකුලිත වුණු
අර බලන්න.....❤️

තාමත් පන ගැහෙමින් තියෙනවා
නොකියා වැළලී ගිය
ප්‍රේමණීය හදවත් වලට💓💓

ප්‍රේමය වැළලිය යුතු නැත ❤️💯
Navo 😌

16/06/2023

පුර හඳට කවි ලිව්වට
අමාවකට ලියවුනු කවියක් නැහැ
මුතු ඇට ලක්ෂ ගානක් වුනාට
මුතු බෙල්ලගේ කඳුළු වලට වටිනාකමක්‌ නැහැ

හැබැයි......

අමාවකක්‌ නැති පුර හඳක්‌
මුතු බෙල්ලෙක් නැති මුතු ඇටයක්
මේ ලෝකේ....
කොහේවත්ම නැහැ 😌

Navo ❤️

වචනාර්ථයට එහා 😁

15/06/2023

Offline 😌❤️

Social media අස්සේ හිරවෙලා ගෙවන ජීවිතේට
Offline කියන්නේ සැනසීමක්
තමන්ව හොයන් යන ගමනට
හොඳ සහයකයෙක්....😇
ඉතින්
පොඩ්ඩක් offline ගිහිල්ලත් බලන්න
ඔයා නොදැකපු ගොඩක් දේවල් දකීවී...😍

Online කියන්නේ එක්තරා ලස්සන බොරුවක් උනාට
Offline කියන්නේ තිත්ත ඇත්ත 💯❤️

Navo ❤️

09/06/2023

ඇයි සොබාදහම ඒ තරම්ම හිත නිවන්නේ 😌❤️

ගස් හරි ලස්සන කතා කියලා දෙනවා
මං ආසම ඒ කතා තනියෙන් අහන්න
පිරිසුදු හුස්ම වලින් පපුව පුරව ගනිද්දි
දැනෙන සැනසීම කියන්න වචන නෑ

සොබාදහම....
ඔව්.... එයා තමයි
හරි අවංක චරිතයක් ලු
අව්‍යාජ හිතක් ලු
කියවලා ඉවර කරන්න බැරි කතා ගොඩක්
හංගන් ඉන්නවලු

මොහොතකට එයත් එක්ක තනිවෙලා බලන්න
ඔයා නොදන්න ඔයාව
එයා හරි ලස්සනට මුන ගස්සලා දේවී

Navo ❤️

4to credit goes to
Dinushika Pabasara ❤️
Ravindu Kulasekara ❤️

05/06/2023

මුහුද වගේ වෙන්න🌊❤️

නිහඬව තමන්ගේ පාඩුවේ ගමන යන්න
කොරල් පර අතරින් නැගෙන රළ හ‍රි දරුණුයි
ඒ වගේම හැඩකාරයි
ඉතින් බාධා මැදින් යන ඔයාගේ ගමනත්
ඒ වගේමයි 😌

වැල්ල සුන්දර උනේ රැල්ල නිසා
ඔයාගේ ලගින් ඉන්න අයත් ලස්සන කරන්න..❤️
මුහුද මැද ගැඹුරුයි...නිහඬයි..
ඔයත් ගැඹුරු මුහුදක් වෙන්න...❤️

ඔව්
ඇත්තටම...
මුහුද කියන්නේ නොනිමි කතාවක්
හරියට ඔයා වගේමයි 😌❤️

Navo ❤️

17/05/2023

ඔබ ඔබම වෙන්න 😌❤️

ඔයා කියලා කියන්නේ හ‍රි ලස්සන චරිතයක්
ඔයා නොදැනුවත්වම ඔබ තුල පුදුමාකාර දේවල් තියෙනවා
ඔබ කියන චරිතය රඟ දක්වන්න පුළුවන්
ඔබ‍ට පමණමයි 😌❤️

තවත් කෙනෙකු වෙනුවෙන් ඔබව වෙනස් කර නොගන්න
එවිට ඔබ කියන සැබෑ චරිතයට
සැබෑ ප්‍රේක්ෂකයින් මුණ ගැසේවි...😌

Be more of you😍


Navo ❤️

14/05/2023

දිනක් කුමටද කොන්දේසි විරහිත ආදරයකට
කල්පයත් මදි සිහි කරන්නට 😌❤️

සමහර විට ඔබ ගැන කේන්ති යන බව සත්‍යයි
නමුත් ඔබ නොමැති ජීවිතය මට නම්
සිහිනයක් ම පමණි 🥺

මගේ අම්මා වගේම
ලෝකෙම උතුම් මාතෘත්වයට
උපහාරයක්ම වේවා 💕💐❤️
Navo

12/05/2023

ජීවිත ගමනේ හැම හමුවීමටම තේරුමක් තියෙනවා...😌❤️

හැබැයි අපි එකක් දැනගෙන ඉන්න ඕනේ
සෑම හමුවීමක්ම වෙන්වීම උරුම කරගෙන එන බව
සැමදේම සුන්දර මතකයන් පමණක් කරගන්න 😌
එතකොට හමුවීම්වලට වටිනාකමක් දීලා
වෙන්වීම් දරාගන්න පුළුවන් 😌❤️💯
Navo 💯

08/05/2023

ප්‍රේමයත් එක් විසල් ගින්නක්
අහිංසක හිත් දවා අළු කරන
පුදුමයට කරුණ නම්
මිනිස්සු ඒ ගින්නෙන් ම නිවීමට යාමයි ❤️🔥
Navo 💯

04/05/2023

ආදරේ වගේම හැගීම් කියන්නේ
වයසට යන් නැති දෙයක්...😌

පොරොන්දු දුන්නට
පණටත් වඩා රකින්න පුළුවන්
ටික දෙනාටයි

ඔවුන් තමයි දිනෙක
වැළලිලා යන ප්‍රේමයේ ප්‍රාණයට
පණ දෙන්නේ...❤️💯

Love is love❤️

30/04/2023

විඳින්න......😌

ජීවිතේ ගෙවුණු තත්පර ආයෙත් ගන්න බැහැ
හැම මොහොතක්ම ඔබේ කරගන්න
ඔබ ඔබේ විදියට විදින්න 💕

මා දකින විදියට
ජීවිතේ සුන්දරම දේ
තමන්ගේ ආත්මය සතුටු කිරීමයි..😎

විදින්න...සතුටු කරන්න
ඔබේ ජීවිතයේ හැම අංශුවක්ම....❤️💯

Navo ❤️

29/04/2023

සිනහව....😁

ඔයාට තියෙන ලස්සනම දේ
අනිත් අයගේ හදවත් සනසන්න පුළුවන් ඔයාගේ හිනාවට
සල්ලි රජකම් කරන මේ කාලේ
මානසික සතුට මිල අධිකම දෙයක්
හැබැයි ඔයාගේ ලස්සන හිනාව
කෙනෙක්ට මානසික සතුටක් වෙන්න පුළුවන්
සිනාවෙන් නිවන්න ගිනිගන්න හැම හදක්ම 🫰🏻❤️

Just smile & be happy😌❤️

ඉතින් හිනාවෙන්න ළමයෝ....😁❤️
Navo ❤️

28/04/2023

අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ 😌❤️
Nobody is perfect 💯

හැමෝම ළඟ අඩුපාඩු,වැරදි,අසම්පුර්ණ තැන් තියෙනවා
ඒවා තමයි අපිට තියෙන කැළැල්....

ඉතින් ඔයාගේ කැළැල් ගෞරවයෙන් පළදින්න 😌
ඒවා තමයි අසම්පුර්ණ ඔබව තවත් ලස්සන කරන්නේ




ඔබේ අසම්පුර්ණත්වය තුලින්ම සම්පුර්ණ වෙන්න 😌❤️💯
Navo ✍🏻❤️

27/04/2023

ඇයි ඒ චරිතය ඔය තරම් ආදරණීය.....❤️💯

ප්‍රේමය නම් ඇයයි ❤️
ගැහැනියකට ඒ තරම් දරාගන්න පුළුවන් ද
ආදරයක්‌ ඒ තරම් ශක්තිමත් ද

සංසාරයක් ම එක හිතක් වෙනුවෙන් ම
කැප වෙලා...😌❤️
ප්‍රේමය යනු කුමක්ද කියා
තුන් හිතින්ම පෙන් වූ
ඇය තරම් පෙම්වතියක් යලි බිහි වන්නේ නැත

නොමියෙන පෙම්වතිය....🕊️❤️
ප්‍රේමයේ පූජාව නම් ඇයයි

ආදරය පිදිය හැක්කේ එක සිතකට පමණි....❤️

ඇය ගැන කල්පයක් වුවද ලිවිය හැක 😌❤️
මන්ද ප්‍රේමයේ කැඩපත බිම්බා දේවියයි ❤️💯

Navo ✍🏻❤️

26/04/2023

යොවුන් වියත් මල් වත්තක් වගේ....😌❤️

සමහරු තමන් ආස හැම මලම නෙලා ගන්න හදනවා...😂💔
තවත් අය හොඳම මල් තව දුරයි කියලා කිසිම මලක් ගැන හිතන් නැතුව ඉන්නවා 🙃
ටිකක් දෙනෙක් තමන් ආසම මල තෝරාගන්නවා

වේවා හෝ නොවේවා ඔබේ ආදරය මල දැනගත යුතුයි 😌❤️

පමාව පසුතැවිල්ලක් පමණි🥺

25/04/2023

ප්‍රේමය ට වඩා විඳිය හැකි බොහෝ දේ ඇත
නමුත් ප්‍රේමය තරම් නැත...💯

ඇයි එහෙනම් ආදරේ කරන් නැත්තේ 🙃

කවුරු මොනවා කිව්වත්
ආදරේ උතුම් හැඟීමක්...💕

ඒ පිවිතුරු හැඟුම් වලට වටිනාකමක් නැති නිසා 💯

ආදරය දිය හැක්කේ එක් සිතකට පමණි
එයට කොමා නැත.....❤️💯

Videos (show all)

💔#SriLanka#independentday#75independenceday#freedom

Website