The speech world

The speech world

"Do you suspect someone you love may have autism? "
THE SPEECH WORLD - let us to Support . Online Therapy

01/10/2022
Photos from The speech world's post 12/05/2022
29/03/2022

ගොත ගැසීම හෙවත් වචන පැටලීම.

ගොත ගැසීම හෙවත් වචන පැටලීම යනු කථන ගැටලුවකි. එහිදී කතාවේ සාමාන්‍ය ගලායාම අඩාල වී වචනයක්,ශබ්දක් හෝ අක්ෂරයක් නැවත නැවත කියවීම හෝ කතා කරන විට වචන ඇදගෙන කතා කිරීම සිදුවිය හැක. එමනිසා දරුවාට අන් අය සමඟ අදහස් හුවමාරු කර ගැනීම දුෂ්කර විය හැකිය.

දරුවන්ගේ වර්ධනය දරුවාගෙන් දරුවන්‍ට වෙනස් වේ.සමහර දරුවන්ගේ සාමාන්‍ය කථන සහ භාෂා වර්ධනයේදී ද වචන නැවත නැවත පැවසිය හැක.එය සාමාන්‍ය තත්ත්වයකි. ඒ කාලය ඔවුන් වචන වලට හුරු වෙන කාලයයි.

නමුත් එම ලක්‍ෂණ මාස 3 සිට 6 දක්වා පැවතුනහොත්, ඔහුට හෝ ඇයට ගොත ගැසීමේ තත්වයක් විය හැකි අතර එය තහවුරු කර ගත හැක්කේ කථන හා භාෂා චිකිත්සකවරයෙකු විසින් කරනු ලබන නිවැරදි තක්සේරුවකින් ය. සමහර දරුවන් ගේ ගොත ගැසීම ඇති වීම දිනයේ වේලාවන් අනුව, විවධ වූ අවස්ථා වල, විවධ පුද්ගලයන් සමග අඩු වීම මෙන්ම වැඩි වීමක් ද දැකිය හැක.

ඒ අනුව, පහත සදහන් කර ඇත්තේ ඉන් ප්‍රධානව ම දැක ගත හැකි ලක්ෂණ කිහිපයකි.ඔබේ දරුවාගේත් මෙවන් ලක්ෂණ පවතී නම් කථන හා භාෂා චිකිත්සකවරයෙකු වෙත යොමු වීම වැදගත් වන අතර එමගින් දරුවා තක්සේරුවක ට ලක් කර මෙය සාමන්‍ය භාෂා සංවර්ධනයේ අවදියක් ද නැතහොත් ගොත ගැසීම් තත්වයක් ද යන්න දැන ගැනීමට හැකියාව පවතී.

The speech world
0702566254

Photos from The speech world's post 17/10/2021

"ඉගනීමේ අපහසුතා "

සමහර පාසල් වයසේ දරුවන් හට යම් යම් අධ්‍යාපන කඩයීම් වලදී ඔවුන්ගේ වයසට වඩා අඩු අධ්‍යාපන මට්ටම් හෝ ඉගනීමේ අපහසුතා දැකිය හැක.

"ඉගෙනීමේ අපහසුතාවයක් තිබීම" යන්නෙන් අදහස් කරන්නේ සමස්ත බුද්ධියට හෝ අභිප්‍රේරණයට බලපෑමක් සිදු නොවූවත්, ඉගෙනීමේ එක් අංශයක් හෝ වැඩි ගණනකට දරුවාට අපහසුතාවයක් ඇති වීමයි.ඉගෙනීමේ අපහසුතා වඩාත් සුලභ වන්නේ කියවීම ,ලිවීම,ගණිතය,තර්ක කිරීම,සවන්දීම හා කතා කිරිමේ ගැටළු සහගත වීමත් සමගයි.

විශේෂයෙන්ම මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් ඉගෙනීමේ අපහසුතා ඇති බොහෝ ළමයින් අනෙක් සියල්ලන් මෙන් බුද්ධිමත් බවයි. ඔවුන්ගේ අද්විතීය ඉගෙනුම් ශෛලියට ගැලපෙන ආකාරයට ඔවුන්ට ඉගැන්විය යුතු අතර පොදුවේ ඉගෙනීමේ අපහසුතා දැකිය හැක.

ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවෙක්ගේ ලක්ෂණ දරුවෙක්ගෙන් දරුවෙක්ට වෙනස් විය හැක .එක් දරුවෙක්ට කියවීම, ව්‍යාකරණ අපහසු විය හැකි අතර තව දරුවෙක් පොත් පත් වලට වැඩ, කියවීම සමත් වී ගණිතයට දුර්වල විය හැක.තවත් දරුවෙක්ට තව කෙනෙක් කියන දේ තේරුම් ගැනීම අපහසු විය හැක. මේ සියල්ලම ඉගෙනීමේ අපහසුතාවයන් වේ.

ඉගෙනීමේ අපහසුතා කීපයක් නම්,
Dyslexia – කියවීමේ අපහසුතා
Dyscalculia – ගණිත අපහසුතා
Dysgraphia – ලිවීමේ අපහසුතා

ඉගෙනීමේ අපහසුතා සහිත දරුවන් දැඩි උත්සාහයක් දැරුවත් විෂයක් ප්‍රගුණ කිරීමට නොහැකි වීම නිසා කලකිරීමට පත් විය හැකි අතර ක්‍රියා කිරීමට, අසරණ වීමට හෝ ඉවත් වීමට ද පුළුවන.චිත්තවේගී හෝ චර්යාත්මක ආබාධ,අවධානය අඩුකම,අධි ක්‍රියාකාරීත්ව ආබාධ (ADHD) හෝ සාංකාව වැනි දේ සමඟ ද ඉගෙනීමේ අපහසුතා ඇතිවිය හැක.ගැටලු සංයෝජනය වීමෙන් දරුවාට පාසැලේදී සාර්ථක වීමට විශේෂයෙන් අපහසු වීම නිසා සෑම තත්වයක් සඳහාම නිවැරදි ආකාරයේ රෝග විනිශ්චය කිරීම ඉතා වැදගත් වන අතර එමඟින් ඒ සෑම දරුවෙකුටම නිවැරදි ආකාරයේ උපකාර ලබා ගත හැකිය.

ඔබගේ දරුවාගේත් මෙවැනි ලක්ෂණ හෝ කතා කිරීමේ ප්‍රමාදයක් / අපහසුතාවයක් පවතී යැයි සැකයක් ඇත්නම් නම් ඉක්මනින් කථන හා භාෂා චිකිත්සකවරයකුගේ සහය ලබා ගැනිම වැදගත් වෙ.එමගින් මෙය සාමාන්‍ය භාෂා සංවර්ධනයේ අවදියක් ද නැතහොත් කථන අපහසුතාවයක්ද යන්න දැන ගැනීමට හැකියාව පවතී.

දරුවන් ගේ වර්ධනයේ සෑම අවධියකම ඉගනීමේ අපහසුතා සහිත දරුවන් ගේ ලක්ෂණ තරමක් වෙනස් විය හැකි අතර එය දරුවාගේන් දරුවාට ද වෙනස් වේ.පහතින් දැක්වෙන්නේ එවැනි ලක්ෂණ කිහිපයකි.

The speech world
0702566254

Photos from The speech world's post 05/10/2021

නිතර කතා වෙන කුඩා දරුවන් අතර දක්නට ලැබෙන කථන හා භාෂා අපහසුතා ගැන දැනගමු.

පුංචි දරුවන් සාමන්‍යයෙන් ඉපදුන දවසෙ සිට වයස අවුරුදු 4ක් 5ක් පමන වනතෙක් ඔවුන්ගේ කථන හා භාෂා කුසලතා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගන්නවා.

එය ආරම්භ වන්නේ cooing නැත්නම් ශබ්ද මිමිනීමත් සමගයි.මාස ගණන් ගෙවී යත්ම, තේරුමක් නැති බවක් පෙනෙන්නට තිබෙන පළමු වචන තේරුම් ගත හැකි වචනය බවට සංවර්ධන වෙනවා.

එහෙත් අද කාලයේ කුඩා දරුවන් අතර ඉස්සරටත් වඩා ”කථන ප්‍රමාදය” එහෙමත් නැත්නම් ” කථන හා භාෂා අපහසුතා” දක්නට ලැබෙනවා.

"කථන ප්‍රමාදය" නම් කුඩා දරුවෙකු සාමාන්‍ය කථන හා භාෂා සන්ධිස්ථාන නියමිත කාල පරාසය තුල වර්ධන නොවීම එහෙමත් නැත්නම් ප්‍රමාද වීමයි.

සාමාන්‍යයෙන් කථන හා භාෂා සංවර්ධන දරුවන්ගෙන් දරුවන්ට තම තමන්ගේම කාලරාමුව මත මදක් ඉක්මන් හෝ ප්‍රමාද විය හැක.කතා කිරීම මඳක් ප්‍රමාද වීම බරපතල ගැටළුවක් නොවේ.නමුත් ඔබේ දරුවා සම වයසේ බොහෝ දරුවන් තරම් කතා නොකරන්නේ නම් හෝ සැලකියයුතු තරම් ප්‍රමාදයි නම් එය කථන හා භාෂා අපහසුතාවය විය හැක.එයට දරුවා හා පවුලේ සමාජිකයන් අතර ඇති සම්බන්ධය, දරුවා ජීවත් වන පරිසරය මෙන්ම ඉන් ලැබෙන විවිධ උත්තේජනයන් බලපානවා.

ඔබගේ දරුවා කතා කරන විට වචන පැටලීමක් , කතා කිරීමේ ප්‍රමාදයක් හෝ අපහසුතාවයක් පවතී යැයි සැකයක් ඇත්නම් නම් ඉක්මනින් කථන හා භාෂා චිකිත්සකවරයකුගේ සහය ලබා ගැනිම වැදගත් වේ.එමගින් මෙය සාමාන්‍ය භාෂා සංවර්ධනයේ අවදියක් ද නැතහොත් කථන අපහසුතාවයක්ද යන්න දැන ගැනීමට හැකියාව පවතී. පහතින් දැක්වෙන්නේ සාමාන්‍ය දරුවෙකුගේ කථන හා භාෂා සංවර්ධනය ගැන කෙටි පැහැදිලි කිරීමකි.
The Speech World
070-2566254

01/10/2021

අනාගතය භාර ගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි කැකුළු වලටත්, දරුවන්ගේ ලොව ගොඩනැගුමට දහඩිය හෙළා ජීවිතේ සැදෑ සමය ගෙවනා වැඩිහිටි ඔබටත් තම යහපත් ප්‍රාර්ථනා ඉටු කරගැනීමට අදට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනයේ සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී උපහාරයක්ම වේවා ..!

25/09/2021

“වචන පැටලීම” හෙවත් “ගොත ගැසීම ”
(Stuttering/ Stammering) හදුනා ගනිමු.

ඔබගේ දරුවා කතා කරන විට පහත ලක්ෂණ පවතී නම් කථන හා භාෂා චිකිත්සකවරයකුගේ සහය ලබා ගැනිම වැදගත් වෙ.එමගින් මෙය සාමාන්‍ය භාෂා සංවර්ධනයේ අවදියක් ද නැතහොත් ගොත ගැසීම් තත්වයක් ද යන්න දැන ගැනීමට හැකියාව පවතී.

070-2566254

Photos from The speech world's post 20/09/2021

Activities to Improve Concentration

Photos from The speech world's post 19/09/2021

ADHD දරුවෙකු හදුනාගන්නේ කෙසේද?

ඔබේ දරුවාගේත් මෙවැනි ලක්ෂණ තිබේද? එසේ නම් අපගේ කථන චිකිත්සකවරයකුගේ සහය ලබා ගන්න.
0702566254

Photos from The speech world's post 19/09/2021

මොකක්ද මේ කලු දිලීර රෝගය කියන්නේ ?

18/09/2021

ඔබේ දරුවාගේ මෙවැනි ලක්ෂණ තිබේද?එසේ නම් කථන චිකිත්සකවරයකුගේ සහය ලබා ගන්න.

Photos from The speech world's post 17/09/2021

-cream sticks time idea # increase attention time #