Did U KneW
we let you know what you did not knew. a knowledge sharing page we have web site also
Dr Michael Sweet posted pictures of the ocean sunfish, a fully grown one with one of the tiny babies. The baby fish look no bigger than beads but the fully grown ones are huge, can grow up to weighing between 247 and more than 1,000 kg. So from a beaded tiny baby to a giant 1000kg fish, that's sure intriguing.
Credit: Daniel Botelho|Barcroft Media
Credit: Amy Coghlan|Australian Museum
ඔබ දන්නවාද?
පළමු Apple දුරකතනය ඇපල් ගෙඩියක ආකාරයට නිර්මාණය කිරීමට Apple සමාගම සැලසුම් සකස් කර ඇත.ඔවුන් මේ සඳහා පේටන්ට් බලපත්‍රය පවා ලබාගෙන තිබුණා.රූපයේ දැක්වෙන්නේ එම සැලසුමයි.
නමුත් ඔවුන් මෙම සැලසුම යතාර්තයක් නොකළ අතර නව සැලසුමක් සකස් කරමින් ඔවුන්ගේ පළමු Apple දුරකතනය සාමාන්‍ය හැඩයකට ඉදිරිපත් කරන ලදි.
ඔබ දන්නවාද?
ලොව ගංඟාවක් නොමැති එකම රට වන්නේ සෞදි අරාබියයි.
ඔවුන් ඔවුන්ගේ ජල අවශ්‍යතාව මේ වන විට මුහුදු ජලය පිරිපහදු කිරීමෙන් සපුරාගන්නා අතර ලොව විශාලතම මුහුදු ජලය පිරිපහදු කරන්නාද සෞදි අරාබියයි.
Humans shed skin too. Like, a lot of skin. According to the WHO (World Health Organization) and recent studies, the average person will shed roughly 112 pounds of skin in their lifetime.
1879 දී තෝමස් එඩිසන්ගේ විද්‍යුත් ආලෝකය සොයා ගැනීමට පෙර,සාමාන්‍යයෙන් මිනිසුන් සෑම රාත්‍රියකම පැය දහයකට වඩා නිදා ගත්හ.
නමුත් දවසේ ස්වභාවික ආලෝකයෙන් කෙරුණු ක්‍රියාකාරකම් සීමා නොවූ විට, නින්දේපුරුදු වී දැන් න්වන විට ලොව මිනිසුන් ගේ දිනක සමාන්‍යය නිදා ගැනීමේ කාලය පැය 6-8 අතර කාලයක් ගෙන ඇත.
මරු නෙහ් 😴
ඉස්සර මං දන්නා එක ගෝතයෙක් හිටියා, දවසකට හෝ තමන් නැතිවුණොත් තමන් වැඩකළ කම්පැනිය වැහෙයි කියලා හිතාගෙන හිටි එකෙක්. ඌ ගෙදර මිනිස්සුන්ගෙ දේකටවත් නිවාඩු ගත්තෙ නෑ, "හාපෝ එතකොට මේ වැඩ කරන්නෙ කවුද" කියලා අහනවා. අපි ඌට සිරිමල් කියමු.
සිරිමල් හැමදාම රෑ වෙනකල් වැඩ කරනවා. නිවාඩු දවස්වලටත් වැඩ කරනවා. ඌට රැකියාවෙන් පිට ජීවිතයක් තිබුණෙ නෑ. "වර්ක්-ලයිෆ් බැලන්ස් එකක් තියාගනින්, හස්ල් කල්චර් එක ටොක්සික්" කියලා කිව්වම ඌ අපි එක්ක රණ්ඩු වෙනවා, "උඹලාගෙ ජෙනරේෂන් එකේ එවුන් කම්මැලියො, බොක්කෙන් වැඩ කරන්න දන්නෙ නෑ" කියලා.
කොහොම නමුත්, පැන්ඩෙමික් කාලෙ සිද්ධවෙච්ච සේවක කප්පාදු අතරෙ සිරිමල්ගෙ ජොබ් එකත් නැතිවුණා. "අහෝ මා නැතිකල මේ කම්පැනියට යන කලදසාව කුමක්දැ" කියලා ඌ හිතාගෙන හිටියට, කම්පැනියට උගෙන් සත පහක වැඩක් නෑ කියලා කම්පැනියෙන් පෙන්නුවා. පැන්ඩෙමික් ඉවරවුණාම ආපහු රස්සාව ලැබුණෙත් නෑ. සිරිමල්ට දැන් ඩිප්රෙෂන්. ෆ්‍රීලාන්සර් වැඩ කර කර ඉන්නවා.
ඔයගොල්ලොත් සිරිමල් වගේ නම්, තමන් කරන ජොබ් එක තමන්ට වඩා හොඳට කරන්න කාටවත් බෑ, තමන් නැතිවුණොත් ඩිපාට්මන්ට් එක ඇදවැටෙනවා කියලා හිතාගෙන ඉන්නවා නම්, මචං ඒක එහෙම නෑ.
ඔයා මාසයක් ඇනුවල් ලීව් ගත්තට ඔයාගෙ කම්පැනිය මෙතෙක්කල් කඩා වැටුණෙ නෑ. ඔයා රස්සාවෙන් අයින්වෙද්දි මාසයක් නෝටිස් දෙන්න කියලා උන් කියන්නෙ, මාසයක් ඇතුළත ඔයා වෙනුවට වෙන කෙනෙක්ව ගන්න පුළුවන් නිසා මිසක්, ඔයා යන නිසා අදාළ ඩිපාට්මන්ට් එක වහලා දාන්න සූදානම් වෙන්න ඕන නිසා නෙවෙයි. උන් ඔයාව කොච්චර මුරංගා අත්තෙ තිබ්බත්, උන්ට ඔයාව ඇත්තටම වටිනවා නම් උන් ඔයා මැරිලා වැටෙනකල් ඔයාගෙන් වැඩගන්න හදන්නෙ නෑ.
මතක තියාගන්න, ඔයා පැය 40ක් වැඩකළත්, පැය 60ක් හෝ 80ක් වැඩකළත්, සතියකට තියෙන්නෙ පැය 168ක්ම විතර යි. ඔයා රැකියාව වෙනුවෙන් වැඩියෙන් ගතකරන හැම මිනිත්තුවක්ම කැපෙන්නෙ ඔයාගෙ පුද්ගලික වෙලාවෙන් - ඔයාට විනෝදාංශයක යෙදෙන්න පුළුවන්, ෆිල්ම් එකක් බලන්න යන්න පුළුවන්, යාළුවො එක්ක සෙට්වෙන්න පුළුවන්, නිදාගන්න පුළුවන්, ආදරේ කරන මනුස්සයා, ඔයාගෙ වයසට යන අම්මා තාත්තා, ඔයාගෙ ආදරේ බලාපොරොත්තු වෙන දරුවො එක්ක ගත කරන්න පුළුවන් වෙලාවෙන්.
ලංකාවෙ වර්ක් කල්චර් එක පොදුවේ ටොක්සික්. රැකියා වෙලාවෙන් පස්සෙත් නැවතිලා OT නැතුව වැඩ කරන්න සිද්ධවෙන එක, සති අන්තෙ "පොඩි වැඩක්" කරලා දාන්න සෙට්වෙන එක ලංකාව වගෙ රටවල සාමාන්‍යකරණය කළාට, දියුණු රටක නම් මැනේජර්ගෙ රස්සාවත් ගහලා ගිහිල්ලා, කම්පැනියටත් දඩ වැදෙන සිද්ධි ඕවා.
ලංකාවෙ අපේ ආර්ථික තත්ත්වෙ එක්ක එකසැරේ රස්සාවකින් අයින්වෙන්න හයියක් අපි ගොඩදෙනෙක්ට නෑ. නමුත් එහෙම හයියක් තියෙනවා නම්, එහෙම හයියක් නැතත් මුරණ්ඩුකම හෝ තියෙනවා නම්, තමන්ට මානසික පීඩාවක් වෙන, තමන්ගෙ ආදරණීයයන්ට පීඩාවක් වෙන රස්සාවක එල්ලිලා ඉන්න එපා. මේ මොහොතෙ අයින්වෙන්න බැරිවුණත්, තමන්ට තමන්ගෙන් අනතුරක් සිද්ධවෙනකල් රස්සාවෙ රැඳිලා ඉන්න එපා. අමනුස්ස ආයතනයක් නිසා, මිනීමරු වර්ක් කල්චර් එකක් නිසා ඒ අපරාධෙ තමන්ට සිද්ධවෙන්න ඉඩදෙන්න එපා.
✍️
purdue නම් ඇමරිකා එක්සත් ජනපදයේ පරීක්ෂක පිරීසක් ලොව වාඩාත්ම සුදු පැහැති තීන්ත වර්ගය නිපදවා තිබෙනවා.
මෙම තීන්ත වලට සූර්යය කිරණ වලින් 93.1% ක්ම පරාවර්තනය කිරීමට හැකියාව තිබෙනවා එසේම මේවා ආලේපයෙන් වායු සමීකරණ අවශ්‍යතාවද අඩු කිරීමට හැකියි.
ඒ අනුව වර්ග අඩි 1000ක ප්‍රදේශයක් වහල මත ආලේප කිරීමෙන් 10KW ක සිසිලන බලයක් ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා.
මෙමගින් අධෝරක්ත තාපයද මැඩපවත්වන බැවින් ගෝලීය උණුසුම පහල දැමීමට හේතුවන මෙය ගිනස් වාර්ථාවකට පවා හිමිකම් කියයි.
දකින හීනේටම යන්න පුලුවන් වුනත්,බැරි වුනත්.. ලගම හීනේකට හරි යනවා.. ලේසියෙන් නවත්වන්නේ නෑ.. 🙏👊🚘
ජීවිතේ විදින මිනිස්සු ❤ තමන්ට ඕනෙ... ආතල් එක තනියම හරි ගන්නවා 😅😍
#ආතල් #අමෝඅමෝ
Rest in peace 😥
මාකටිං නං මාකටිං
හම්මෝ
Shadow sculpture (1997) by Tim Noble and Sue Webster
"Efforts are better than promises."
Have a blessed day ❤
සිංහල අකුරු
ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.
#සිංහල කියලා භාෂාවක් තියෙනවා, #සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,
සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.
අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
ඒ තමා සිංහල භාෂාව
ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.
සරලවම #සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.
(අකුරු කලේ තුසිත)
ඉන්න හිතෙන රටක්
අපි වැටිච්ච තැනක්
#ලකේපම්කාව
බතික් මිල සූත්‍රය
ක්ෂේත්රයට පිවිසෙන නවකයන් වෙනුවෙන් යළි මතක්කිරීම හොඳ යයි සිතුණා . මේ කරුණ පිලිබඳ දීර්ඝ ලිපියක් ලියා ඇත මෙය සාරාංශයයි
"වෙළඳපොලේ රුපියල් 2500 - 3500 අතර බතික් super voile සාරි විකුණනු ලැබේ"
මේ පොඩ්ඩක් පසෙකින් තබා අපි සාරියකට යන වියදම පොඩ්ඩක් බලමු
*Super voile rs 260/yard
*Sari need 7 yards (I take 7.25 yards for safe side මොකද හේදුවට පස්සේ බොහෝ වෙලාවට රෙදි කොට වෙනවා)
රෙදි වල මිල 260× 7.25 yards= rs 1885
*ඉටි , වර්ණ සහ අනෙකුත් අමුද්‍රව්‍ය වලට අපි Rs 1000 තියමු
(ඔබ භාවිතා කරන භූමිතෙල් ලිප ගැනත් හිතන්න එයට දාන භූමිතෙල් නිකං හම්බ වෙන්නේ නෑ නේද ) ඉහත රුපියල් 1000 පොඩි උදාහරණයක් පමණයි .මට ඔයිට වඩා ගොඩක් යනවා
දැනට මුළු එකතුව කීයද ?
Rs 1885 + 1000 = 2885
වෙළඳපොලේ රුපියල් රුපියල් 2500 ට තියෙන සාරියක් ගත්තොත් ඔබ දැනටමත් ඔබේ පිරිවැය විකුණුම් වලටත් වඩා ඉහළ ගිහිල්ලා නේද ?
හොඳයි අපි විකුණුම් මිල රුපියල් 3500 කියමු
Rs 3500 - 2885 = rs 615
ඔය rs 615 අතරට තමයි හැදුම් කුලිය සහ ඔබේ ලාභය දාන්න ඕනේ . කොහොමද ඔබ එය කරන්නේ ??
ඉතාමත් දුෂ්කර අසීරු මාර්ගයකින් නිම කරන බතික් නිර්මාණ සඳහා කෝ ඔබ ලබාදෙන වටිනාකම ?
කූට මහා පරිමාණ වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් හට ඔබ ඔබගේ වටිනවා කලා ශිල්ප පාවා දෙන්නේ නැද්ද ?
බතික් කර්මාන්තය කරන්නේ ඔබට ජීවත්වීමට අවශ්‍ය කරන එදිනෙදා සොච්චම ලබා ගැනීමට නම් වර්තමානයේ ඕනතරම් නව විකල්ප මාර්ග ඇත
ක්ෂේත්රයට පිවිසෙන නවක දුවලා සහ පුතාලගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ ක්ෂේත්රයේ හෑල්ලු කරන්න එපා
ක්ෂේත්රයට පිවිසෙනවත් සමගම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඉතාමත් සුලු දැනුමක් හෝ ලබාගන්න . ලංකාව තුළ ජාතික මට්ටමේ ආයතන වල ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්නම් මේ කරුණ ඉදිරිපත් කරන්න . නොබියව ඔබ මේ ප්රශ්නය ඉදිරිපත් කරන්න
පාරිභෝගිකයා ඔබව මිල පිළිබඳව පීඩනයට පත් කරද්දී මේ විදහා දක්වන්න
ඉතා හොඳින් මතක තබාගන්න බතික් කර්මාන්තයේ නියැලෙන අපි නියමිත මිල පාලනය නොකලොත් මෙම කර්මාන්තය දියුණු වීමක් නොමැත . අපි සියලු දෙනාම එය එකතු වී කළ යුතු දෙයකි .
ඔබ සැබෑම බතික් කලාකරුවෙක් නම් විකුණුම් මිල මූලික කරගෙන නිර්මාණය කරනවට වඩා නිර්මාණ ගුණාත්මකභාවයට මුල් තැන දෙන්න . එවිට ඔබ වටා උසස් රුචිකත්වයක් ඇති පාරිභෝගිකයන් පිරිසක් එකතු වනු ඇත .එවිට මිල ඔවුන්ට අදාල නොවනු ඇත . මෙය එක රැයකින් සිදු වෙන දෙයක් නොවන බව මතක තබා ගන්න
ස්තුතියි
ගිහාන් එදිරිවීර
සතුටු වෙන්න බොන්නම ඕන කියන්නෙ කව්ද ?
ෆේස්බුක් එකට මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ.
එහෙනම් මොකක්ද මේ META හරුපේ? (මේ ගැන දැනගන්න ආසයි කියලා හිතනවා නම් විතරක් කියවහන් )
Meta කියන්නේ Metaverse කියන එක. ග්‍රීක භාෂාවෙන් මෙටා කියන්නේ Beyond. ඒ කියන්නේ අපි දැනට experience කරන දෙයින් ඔබ්බට වගේ අදහසක් එතනින් එන්නේ. Facebook එක හොයාගත්තේ Mark Zuckerburg කියලා අපි දන්නවා. Messenger එකත් මාක් ගේ. ගොඩක් අයගෙන් ඇහුවහම කියයි ඉතින් WhatsApp, Instagram වුනත් මාක්ගේ නේ කියලා. ඔව්, මාක්ගේ තමයි. හැබැයි එකේ Founders මාක් නෙවේ. මේ apps කවදාහරි ලෝකේ වෙනස් කරන්න පුළුවන් app කියලා දැනගත්තහම Mark කරේ මේ ආයතන සල්ලි දීලා ගත්ත එක. හැබැයි මාක්ට මේ ආදිපත්‍ය නැහැ. ඉතින් එකේ ප්‍රථිපලයක් තමයි Meta කියන්නේ. මේ සේරගේම මව් ආයතනයක් තමයි META කියලා අද එළිදක්වුවේ. හැබැයි Meta කියන්නේ ඒක විතරක්ම නෙවේ,
අපි අන්තර්ජාලය හරහා කරන සම්බන්ධකමක් දිවෙන්නේ 2D තාක්ෂනයෙන්. ඒ කියන්නේ status එකක් දැම්මත්, චැට් කරත්, ෆොටෝ දැම්මත් මේ මොකක් කරත් මේ හැමදේටම ජීවමය අත්දැකීමක් නැහැ. හැබැයි අපි හැමෝම දන්නවා මේ ලෝකේ 3D තාක්ෂණයකුත් තියනවා කියලා. මේ දේවල් සමාජ මාධ්‍ය එක්ක බද්ධ වීම කොහොමද?
නොදන්න කට්ටිය වෙනුවෙන් මේක කියන්නේ, AR සහ VR කියලා තාක්ෂණ තියනවා. AR කියන්නේ Augmented Reality සහ VR කියන්නේ Virtual Reality.
Augmented Reality කිව්වහම, සැබෑ ජිවිතේට අපි මුණගැහෙන දේවල් එක්ක Digital element එකක් හදන එක. උදාහණයක් විදිහට කිව්වොත් අපි Snapchat නැත්තන් එදිනෙදා භාවිතා කරන apps ගත්තොත් ඒ තුලින් 3D avatar එකක් නැත්තන් මොකක් හරි හදන්න පුළුවන්. අර අපේ මුහුණ scan කරාම අපේ ඇඟත් එක්ක 3D character එකක් හැදිලා අර නටන්නේ, එහෙම නැත්තන් Pokemon Go ගේම් එක මතකයි නේ, එක තියෙන්නේ තනිකරම Real ලෝකේ Pokemon කියලා පොරක් ලෝකේ වටේ දුවන එක. මෙන්න මේ තාක්ෂණයට තමයි කියන්නේ AR කියලා.
එතකොට මොකක්ද මේ VR, මේ දෙකම එක වගේ පෙනුනට මේක වෙනස්. අපි දකිනවා අර අමුතු පත ග්ලාස් එකක් දාගෙන මිනිස්සු ගේම් ගහනවා. මේ VR එකෙන් කරන්නේ අපිට සජීවී අත්දැකීමක් ලබාදෙන එක. අපි ගොඩක් දකින උදාහරණ තමයි, අර roller coaster වීඩියෝ එකක් දාගෙන, මිනිස්සු මේ අමුතු ග්ලාස් එක දාලා, කෑ ගහගෙන එකේ යනවා වගේ experience කරන එක. 3D තාක්ෂණික මෙවලම් එක්ක මේක පට්ට විදිහට realistic වෙනවා. ඒ කියන්නේ අපි අනුමාන කරන ලෝකේ අපිට ඒ විදිහට පෙන්නනවා මේ ග්ලාස් එක දැම්මහම. AR එකේ කරේ අපි වගේ පොරක් පෙනී හිටපු එක. VR ව්ක කරන්න අපිට ඒකට ජීවමය අත්දැකීම දෙන එක. මේ VR තාක්ෂනය.
Meta හැදෙන්නේ මේ AR සහ VR එක එකතු වෙලා. ඒ කියන්නේ මෙහෙමයි,
Whatsapp එකේ අපි කොල්ලෝ කෙල්ලෝ 5-10 ඉන්න group එකක් ගමු. මේ gorup එකේ අපි කරන්නේ චැට් කරන එක. හිනාවෙලා ආතල් එකේ ඉන්නවා. හැබැයි අපිට පුලුවන්ද මේ group එකෙන් එකිනෙකාව මුණගැහෙන්න? බැහැ නේ? හැබැයි Meta තාක්ෂණයෙන් කරන්නේ මේක යතාර්ථයක් කරන එක. ඒ කියන්නේ Meta එකෙන් අපේ avatar එකක් හදන්න පුළුවන්. මන් හදනවා 'Hamza" කියලා මගේ චරිතේ. මේක කියවන උඹලත් හදනවා උඹලගේ චරිතේ. දැන් මෙටා අවකාශයේ තියනවා දැනට නිර්මාණය කරමින් තියන ත්‍රිමාන ස්පෙස්ස්. අපිට පුළුවන් යාලුවෝ ටික සෙට් වෙලා මේ ත්‍රිමාන ප්ලේස් එකට අපි එකිනෙකා හදපු Meta චරිත අරන් යන්න. ඒ කියන්නේ whatsapp group එකේ හිටපු අපි දැන් ත්‍රිමාන ස්ථානයක එකිනෙකා දකිනවා. මුණගැහෙනවා.
මේක මෙහෙම කිව්වහම හරුපයක් වගේ තිබ්බට, අනගාතය මේකයි. මේ චරිත වලට පණ පොවන්නේ අපි. අපේ device එක තමයි අපේ හදවත. අපිට පුළුවන් AR එකෙන් අපේ character එක හදලා අපිව manipulate කරන්න. ඒ කියන්නේ ෆෝන් එකෙන්, "Hamza" කියන avatar එක මම හසුරවලා මට ඕන තැනකට යනවා. එහෙම නැත්තන් VR එකෙන් මාව හසුරවන එක. එතකොට මේක තවත් realistic වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි එකිනෙකා මුණගැහෙනවා වගේ වෙනවා. මෙව්වා අතාත්විකයි බං කිව්වට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකථනය හොයාගද්දි ඒ යකා හීනකින් වත් හිතලා නැතිව ඇති අනාගතයේදි දුරකථන රැහැන් රහිත වෙලා, කීස් මොකුත් නැතිව පත display වලින් එයි කියලා. ඒ වගේ තමයි මේකත්.
මේ මන් කිව්වේ සරල උදාහරණයක්. හැමදේම මෙහෙම වෙනවා. තේරුම් ගන්න තව උදාහරණයක් කියන්නම්. හිතන්න්නකෝ බිස්නස් එකක් ගැන. අපි ෆේස්බුක් එකේ විවිධ බිස්නස් කරනවා. group වලින්, පේජ් වලින්, messenger වලින් මෙහෙම සැහෙන්න කරනවා. හැබැයි හිතන්න Metaverse තාක්ෂනය එක්ක පුළුවන් ලොකු group space එකක් හදන්න. උදාහරණයට නිකන් කියමුකෝ "කේක් හදන අයගේ සංසදය" කියලා facebook group හදනවා වගේ Meta එකේ space එකක් හදනවා. එතකොට මේකේ ඇත්තටම අපිට අපිව represent කරන්න පුළුවන්. අපිට පුළුවන් අපේ cakes ටික එක පැත්තකින් තියන් ඉන්න. කේක් ගැන දැනගන්න හෝ මිලදී ගන්න කැමති අය ඔවුන්ගේ ත්‍රිමාන චරිත රැගෙන අපි ලඟට එයි. අපිට ආයේ මිල ඇහුවම "inbox please" කිය කියා ඉන්න ඕන නැහැ. කෙලින්ම අපි එකිනෙකා මුණගැහිලා කතා කරනවා වගේ ඒ discussions කරලා බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම spam වෙන ඒවා සැහෙන්න අඩු වෙයි.
මේ වගේ උදාහරණ සැහෙන්න කියන්න පුළුවන්. ඉදිරියේදී office space පවා මේකට යොමු වෙයි. එතකොට ගෙදර ඉදන්ම ඔෆිස් යන්න පුළුවන් වෙයි. බොරුවට පැය ගණන් පාරවල් වල රස්තියාදු වෙන්න ඕන නැහැ. ඒ නාස්තිවෙන කාලේ අපිට තව මොකට හරි යොමු කරලා, හරියටම ඔෆිස් වෙලාව එද්දී, Meta space එකෙන් අපි ඔෆිස් එකට connect වුනා නම්, අපිට අපේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි.
දැන් ප්‍රශ්න දෙකයි. කොහොමද අපි මේ space හදාගන්නේ? මේ දේවල් කරන්නේ අපි VR glass දාන්න ඕනද කියන එක.
දැනට Meta කියන්නේ developing stage එකේ තියෙන්නේ. දැනටමත් මෙහි නිර්මාණය කරපු spaces තියනවා. නුදුරේදීම මේක අපිට experience කරන්න ලැබුනහම, අපිට පුළුවන් මේ ස්ථාන වලට යන්න. ගිහින් මේ කියපු experience එක ගන්න. හැබැයි මාක් කියන්නේ ඒක කොයිතරම් දුරට දියුණු වෙනවද කිව්වොත්, හිතන්නකෝ මන් මගේ කාමරේ වීඩියෝ කරලා හරි ෆොටෝ සීරිස් එකක් අරන් මේකට upload කරහම, ඒක හදනවා මගේ කාමරේ වගේ තැනක්. සියලු objects එක්ක. එතකොට මගේ යාලුවොන්ට අපේ ගෙදර එන්න ඕන නම්, Meta avatar එක මේ කාමරේට ගේන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අපි හැමෝම මගේ කාමරේ ඉන්නවා වගේ experience එකක් ගන්න පුළුවන්. දැන් අර Google 3D street view එක
දැක්කත් අපිට මැජික් නේ. අන්න ඒ වගේ ලෝකේ හැම අස්සක් මුල්ලක් ම මේ විදිහට ත්‍රිමාන වෙලා Meta එක ඇතුලට එයි කවදාහරි.
දැනට මේක experience කරන්න AR තාක්ශණය use කරල avatar හදාගෙන අපිට නුදුරේදිම පුලුවන් වෙයි. ඒක කාලයත් එක්ක දියුණු වෙලා VR තාක්ශණය මේකට මුසුවෙයි. එතකොට VR glass එකක් මොකක් හරි දාන්න ඕන. හැබැයි දැන් මාසෙකට විතර කලින් ෆේස්බුක් සහ Ray-Ban සමාගම එකතුවෙලා Smart Glass එකක් අඳුන්වලා දුන්නා මතක ඇති. මේ ග්ලාස් එක දැම්මහම, අපි එදිනෙදා ඇස් දෙකෙන් දකින දේවල් වීඩියෝ කරන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තවදුරටත් headset use කරන්න ඕන නැහැ. මේ ග්ලාස් එක දාලා අපිට සින්දු වුනත් අහන්න පුළුවන්. ඒ වගේම කෝල් පවා ආන්ස්ෆර් කරන්න පුළුවන් මේ ග්ලාස් එකෙන්. අනික ඒක නිකන් තඩි පත ග්ලාස් නෙවෙයි. 100% අපි එදිනෙදා දාන ray ban wayfarer glass එකක් . හැබැයි වෙනසට තියෙන්නේ තාක්ෂනය මේකට මුසු වෙලා.
මෙන්න මේ ග්ලාස් ඉදිරියේදී VR තාක්ෂනයත් add වෙලා වෙළඳපලට එයි. එතකොට අපිට ඒලියන්ස් වගේ අමුත් ග්ලාසස් දාන්න ඕන නැහැ. මේක අද එළිදක්වලා හෙට අපේ අතට එන system එකක් නෙවේ. සරලවම මාක් කියන්නෙත්, මේක තව අවුරුද්දෙන් දෙකෙන් ඔයාලට experience කරන්න පුළුවන් එකක් නෙවේ. මේකට කාලයක් යයි. අපි අපිට පුළුවන් උපරිම මහන්සිය මේ සඳහා යොදවනවා කියලා.
ඒ කියන්නේ අර මන් මුලින් කිව්වා වගේ, AR තාක්ෂනය හරහා අපිට මේක නුදුරේදීම හොඳට experience කරන්න පුළුවන් වෙයි. හැබැයි මේක යතාර්ථයක් වෙන්න කාලයක් යයි. ඒ වගේම දන්න කාලෙක ඉදන් "සංවර්ධනය වෙමින් පවතින රටක්" විදිහට ප්‍රචලිත අපි වගේ රටකට මේක මොන කාලේ experience කරන්න හම්බ වෙයිද කියලා හිතන්න හරිම අමාරුයි.
මොකද අර මන් කිව්වා Ray-Ban ග්ලාස් එක වුනත් ලංකාවේ මිලදී ගන්න ගියොත් රු.100,000 කට එහා වෙයි. කවදාහරි මේකට VR තාක්ෂණයත් add වෙලා එද්දී ගණන් මීට වඩා වැඩිවෙයි. හිතන්නකෝ මේ real experience එක ගන්න නම් මේකක් මිලදී ගැනීම අනිවාර්ය වෙයි. අපේ රටේ ආර්ථිකයත් එක්ක සන්ග්ලාස් එකක් රු.100,000-රු.200,000 ක් දීලා ගනීවිද? හරි කිහිප දෙනෙක් හරි ගත්තා කියමුකෝ. ඒත් එයාලට මේකෙන් ආතල් එකක් ගන්න පුළුවන් වුනත්, මන් මේ කියපු Virtual Reality ඒ කියන්නේ Metaverse ලෝකයේ ජිවත් වෙන්න අමාරුයි. මොකද මේකේ අරමුණ හැමෝවම එකිනෙක connect කරන එක. හැබැයි අපි කිහිප දෙනෙක් විතරක් මේකට ඇතුළත්වෙලා වැඩක් නැහැ. හැමෝම ඉන්න ඕන මේක විඳින්න. නැත්තන් අර ලොකු හෝටල් වලට ගිහින් දවල් කෑම එකක් කාලා එනවා වගේ මේකත් අපේ රටේ පොෂ් ආභරණයක් වෙයි. සල්ලි තියන එකා අලුත් සෝෂල් ලයිෆ් එක ගෙවනවා වගේ තියෙයි.
ඒ බයිලා වැඩක් නැහැ. මේක තමයි ඇත්තටම ඔය කියන Meta ගැන මට තේරුණ විදිහ. මන් මේක උදේ ඉදන් එක හුස්මෙට ටයිප් කරේ. තව කරණු ලැබෙද්දී මේක edit කරන්නම්. ඒ වගේම මේක වෙන්න ඕන මන් ෆේස්බුක් එකේ ලියපු දිගම හෑල්ල. උඹලට මේකෙන් ගන්න දෙයක් තිබුනොත් වගේම, තව කෙනෙක්ට මේක කියලා දෙන්න ආස නම් මේක share කරහල්ලා. මොකද මන් දැක්කා Meta ගැන සමහරු හෙන බොරු ලියලා දාලා තිබුනා. අනාගත ලෝකය මොකද කියලා අපි දැනන් ඉන්න එක වටිනවා.
මාර්ක් අන්තිමට මෙහෙම කියනවා - "අනෙකුත් බොහොමයක් ආයතන උත්සහා කරන්නේ ඔවුන් සමහ සම්බන්ධ වෙන අHamza Haniffaග සම්බන්ධ කරන්න. නමුත් අපේ අරමුණ තාක්ෂනය දියුණු කරන එක අපි එක්ක සම්බන්ධ වෙන අය එකිනෙකා මුනගස්වන්න"
උපුටා ගැනීමකි
සටහන : Hamza Haniffa
ගැහැණු
------------
හරි ආසයි
සැමියෙක් තමන්ගෙම කියාගත්තු
පෙම්වතෙක් ළඟ
හුරතල් වෙන්න
දුකක් දැනුනම පපුවට
තුරුළු වෙලා ඒ දුක තුනි කරගන්න
ඒ දුක නිවෙන කල්
ඇති වෙනකල් අඬන්න
උරහිසේ එල්ලිලා ඒ සතුට විඳීන්න
තමන්ගෙම කෙනෙක් යැයි හිතු කෙනෙක්
ළඟ දැවෙටෙමින් ඒ ආදරය
විඳීන්න ඒ ආදරය බලන්න
උන්ට ඕනි
මොනව නැතත් වරු ගනන්
උන් කියනේ මොනවද
ඒ මොනවා උනත් හොඳීන්
අහන උන් ගැන නිතර හොයලා
බලන හොඳ පිරිම්යෙක් ට
හොඳ සැමියෙක් ට
ඒකනේ උන් දේපාරක් නොහිතා ම
තමන්ගේ ඇස් දෙක වගෙ වටින
දෙමව්පියන්ට ත් විරුද්ධ වෙන්නේ
තමන් විස්වාස කරපු ව්ස්වාස කරන
එක පිරිම්යෙකු ට මුළු ජිව්තයම
බාර දෙන්නේ මුළු ජිව්තයම කැප
කරන්නේ
හිතන්න ඒපා ඒ කැප කිරිම
කවමදාවත් අඩුවෙන්
මොකද උන් මේ බාරදෙන්නේ
උන් ගේ මුළු ජිව්තයම
එක සුළුපටු නැ
ඒකනේ උන් ඔය මහ ලොකු දේවල්
බලාපොරොත්තු වෙන්නේ නැතුවම
සල්ලි බාගේ පෙළපත
වතගොත
කුළ මල ඔය ඔක්කොම අමතක කරලා
පිරිම්යෙක් ළඟට එන්නේ
පිරිම්යෙක් ට
ඒ ජිව්තය දෙන්නේ
උන්ට ඔනි එකම එක දෙයයි
උන් බලාපොරොත්තු වෙන්නෙත්
ඒකම එක දෙයයි
එ හිත පුරා ආදරය
රැකවරණය සහ සෙනෙහස
පුළුවන් නම් දිලා බලහන්
ලස්සන වෙයි
උඹලගේ ඒ ආදරය
හැමදාටම
සතුටෙන් ඉතිරේව්
හැමදාකම
✍️ මහෙෂ් විමලරත්න ___
ඔන්න මිනිහෙක් දවසක් කොටුවක් පැන්නලු ..
එක පාරටම ඒ ගෑනිගෙ මිනිහා ගෙදර ආවලු..
ගෑනි ටක් ගාලා අරුගෙ මුලු ඇගෙම පවුඩර් ගාලා සාලෙන් හිටගන්න කියලා අරුට කිව්වලු හෙල්ලෙනෙ නැතුව ඉන්න කියලා ....
☺️☺️
ගේ ඇතුලට ආපු මිනිහා අරූව දැකලා මේ මොකද්ද කියලා ඇහ්ව්වා ම ගෑනි කිව්වලු
අනේ මං දවල් ශොපින් ගියාම ලස්සන පිලිමයක් තිබ්බා ඉතිං එක ගෙනාව ඇත්ත වගේමයි නේද?
☺️
හම්ම් ලස්සනයී ලස්සනයී කියලා මිනිහා ඒ කතාව එතනින් නවත්තලා වොශ් දාල කෑම කාල රෑ ගෑනිත් එක්ක නිදා ගන්න ගියාලු...
අරු තාම හෙල්ලෙන්නෙවත් නැතුව හිටි පිලිමෙ වගෙ ඉන්නවලු..☺️ තක් බීර් වෙලා...
පාන්දර දෙකට විතර මිනිහා නැගිටලා කිරි වීදුරුවක් හදලා බිස්කට් පැකට් එකක් අරන් පිලිමෙ වගේ ෆුල් අන්දොස් වෙලා ඉන්න මෑන් ගාවට ගිහින් මෙහෙම කිව්වලු..
"මෙන්න මේක කාල කිරි එක බීලා හිටහං ..
මාත් දවසක් එලිවෙනකම් පාං පිටි නාලා හුස්මවත් ගන් නැතුව ඔහොම හිටගෙන හිටියා වෙනගෙදරක ... මට වතුර පොදක් දෙන්න එකෙක් හිටියෙ නෑ 🤭🤭🤭🤭
💗 උපුටා ගැනීමකි 💗
ලහිරු කුමාර 🔥❤
පන්දුවාර 03
නිලකුණු පන්දුවාර 01
ලකුණු 07
කඩුලු 03 🔥🔥❤
තවත් රැල්ලක්?
Delta plus?
එක්සත් රාජධානිය තුළ පහුගිය කාලයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතරින් සියයට අටක පමණ දෙනා ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් වන ඩෙල්ටා ප්ල්ස් ( Delta +) අනු ප්‍රභේදයෙන් ආසාදනය වී ඇති බව කියවෙනවා. මෙම අනු ප්‍රභේදයේ දක්නට ලැබෙන ඇතැම් විකෘතීන් නිසා එයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඇත්දැයි වහා පරීක්ෂණ කළ යුතු බවට ඇතැම් විශේෂඥයන් මත පළ කරනවා.
නව ප්‍රභේදය පිළිබඳ අදහස් දක්වන ඇතැම් විශේෂඥයින් පවසන්නේ මෙම නව අනු ප්‍රභේදය පැතිර යාමේ වේගය පැවැති ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි යැයි සැක හැර පැවසීමට මෙතෙක් ලැබී ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි. යම් හෙයකින් එසේ වැඩිවීමක් ඇත්නම් එය සියයට දහයක වැනි සාපේක්ෂව කුඩා වැඩි වීමක් විය හැකි බවටත්, දැනට ඇති දත්ත විශ්ලේෂණය කල ඇතැමෙක් අනාවැකි පලකරනවා. කොරෝනා මර්දන විධිවිධාන ලිහිල් කිරීමෙන් පසුව එක්සත් රාජධානිය තුළ ඇති වූ විශාලම කොවිඩ් රැල්ල මේ දිනවල දක්නට ලැබෙනවා. නමුත් මේ රැල්ලට ප්‍රධානම හේතුව මේ නව ප්‍රභේදයම දැයි කීමට තවමත් සාක්ෂි හමුවන්නේ නැහැ.
නව කොවිඩ් රැල්ල ඇති වීමට පෙර කී වෛරසයේ වෙනස් වීම් වලට වලට වඩා චර්යාමය සාධක බලපා ඇති බවට හිතන්නට පුළුවන්. රටක දිනකට වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන යම් තරමකට අඩු වීමත් සමඟ රටක වැසියන් වසංගත පාලන විධිවිධාන පිළිබඳව අඩු අවධානයක් දක්වනු ලැබීම, කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වන බව බොහෝ රටවල් මේ වනවිට උදාහරණ සපයමින් තිබෙනවා.
පසුගිය කාලය තුළ කෝවිඩ් පැතිරීම බොහෝ දුරට පාලනය කර තිබූ සිංගප්පූරුව වැනි රටවල සෞඛ්‍ය පුරුදු සම්බන්ධ විධිවිධාන ලිහිල් කිරීමත් සමඟම ආසාදිතයන් වාර්තාවීම අධික ලෙස ඉහල යෑමක් දක්නට ලැබුණා. ඇතැම් රටවලට නැවත සංචරණ සීමා පැනවීම වැනි විධිවිධාන කරා යොමුවීමටත් පවා සිදු වුණා.
එන්නත්කරණය මගින් රෝගය වැළඳෙන පුද්ගලයන් අසාධ්‍ය වීමට හෝ මරණයට ලක් වීමට ඇති ප්‍රවණතාව ඉතාමත්ම පැහැදිළිව අවම කරනවා. එනමුත් පුද්ගල චර්යාමය සාධක මත කොවිඩ් පැතිරෙන අවස්ථාවන් ඉතා බහුල වීම නිසා ඉහළ එන්නත් ආවරණයක් සහිත රටක වුවත් වුවත් ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් වැඩි වෙන්නට පුළුවන්.එන්නතේ ප්‍රතිලාභයක් ලෙස ප්‍රතිශතය අඩු වුවත්, ආසාදිතයන් ගණන ශීඝ්‍රයෙන් වැඩි වීමේ දී වැඩි වැඩියෙන් මරණ හා අසාධ්‍ය වී දකින්නට සිදු වෙනවා.
දැනට මෙම ගෝලීය වසංගත තත්වය හොඳින් පාලනය කරගෙන තිබෙන රටවල ඉහළ එන්නත් ආවරණයක් තිබීම නිරීක්ෂණය කරන්න පුලුවන්. එම රටවල මෑතක දී දක්නට ලැබුණු කොවිඩ් රැල්ලේ දී අසාධ්‍ය වූ හා මියගිය ගණන, මින් පෙර එම ප්‍රමාණයටම රෝගීන් දක්නට ලැබුණු අවස්ථාවල සිදුවූ මරණ හා අසාධ්‍ය වීම් වලට වඩා බොහොමයක් අඩුයි. එය සාධනීය කරුණක්. නමුත් තවම එන්නත්කරණයට ලක් නොවූ තරුණ හා යොවුන් ප්‍රජාව තුළ නව කොරෝනා වෛරස් ආසාදනය නිසා නිසා රෝහල් ගත වීම ප්‍රතිශතයක් විදිහට ඉහල යෑමක් දක්නට ලැබුණා. උදාහරණයක් විදිහට ගත්තොත් එක්සත් ජනපදයේ කෝවිඩ් නිසා රෝහල් ගතවීම් විශ්ලේෂණය කර බැලීමේ දී, එන්නත්කරණයට ලක් වූ මිලියනයක් දෙනා අතරින් හතළිස් පස් දෙනෙක් රෝහල් ගත වන විට, එන්නත්කරනය නොවූ මිලියනයක් දෙනා අතරින් 836 දෙනකුට තත්වය අසාධ්‍ය වීම නිසා රෝහල්වලට ඇතුල්වන්නට සිදු වී තිබෙනවා.
මේ වනවිට වසංගතයේ ගෝලීය හැසිරීම විමසා බැලුවාම අපිට උගත ගතහැකි පාඩම් කිහිපයක් තිබෙනවා.
1. වෛරසයක් නිතරම විකෘතීන් ට ලක්වෙනවා. කවදා හෝ ඩෙල්ටා ප්‍රභේදයට වඩා හානිකර ප්‍රභේදයක් ඇති වේද? එය කවදා කෙබඳු ප්‍රජාවක් තුළ ඇති වේවි ද යන්න අපිට කල්තියා කීමට නොහැකියි. එබඳු ප්‍රභේද ඇතිවීම වගේම පැතිරීම පාලනයටත් අපේ චර්යාමය සාධක තදින්ම බලපානවා.
2. එන්නත්කරණයෙන් ඉහළ තැනක සිටින රටවල් පවා ආසාදිතයන් සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමත් ඇතැම් විට අත් විඳිනවා. රෝගීන් සංඛ්‍යාව පහළ යෑමත් සමග රටක ප්‍රජාව රෝගය පැතිර යන අවස්ථා ගැන දක්වන නොසැලකිල්ල මේ සඳහා ප්‍රධාන හේතුවක් වනවා.
3. එන්නත්කරණයෙන් ඉහළ මට්ටමක පවතින රටවල් වල ඇති වන කොවිඩ් රැල්ලක දී එන්න කරණය නොවූ ප්‍රඡාව, සාපේක්ෂව වඩාත් දරුණු ලෙස පීඩාවට ලක් වන බව සංඛ්‍යාත්මකව පැහැදිලි ලෙස පෙනී ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොවිඩ් වාතාවරණය පෙරට සාපේක්ෂව යහපත් මට්ටමක පවතින මේ අවස්ථාවේ දී, එම තත්වය තව කෙතරම් කාලයක් පවතී දැයි තීරණය වන්නේ රටෙහි ජනතාවගේ හැසිරීම් රටාව මතයි. යම් හෙයකින් අප සම්පූර්ණයෙන් ආරක්ෂිත යැයි වැරදි හැඟීමක් මත ආරක්ෂක පිළිවෙත් පසෙකලා කටයුතු කළහොත් ඇතිවන තත්ත්වය අනෙකුත් රටවල වු සිදුවීම්වලින් මනාව පැහැදිලි වේ.
කෝවිඩ් රෝගය ප්රත්යක්ෂ ලෙස සුවකළ හැකි බවට විද්‍යාත්මකව සනාථ කල ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නැහැ. තරමක් දුරට සාර්ථක විය හැකි යැයි සිතිය හැකි ඇතැම් ඖෂධ පර්යේෂණ මට්ටමේ පවතින අතර, ප්රත්යක්ෂයෙන් නිට්ටාවටම සුව දේ යැයි කියන ඖෂධවල සාර්ථකත්වය කට කතාවලට පමණක් සීමා වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මරණ යම් ප්‍රමාණයකින් අඩු කලහැකි බවට මූලික මට්ටමේ විද්‍යාත්මක සාධක මඟින් තහවුරු වූ ඖෂධ කිහිපයක් අසාධ්‍ය රෝගීන් අතර පමණක් භාවිතයට මේ වන විට අනුමත කොට තිබෙනවා.
සාර්ථක එන්නත් කරන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස සරම්ප, පෝලියෝ වැනි රෝග තත්ත්වයන් සහමුලින්ම තුරන් කළ ශ්‍රී ලංකාව සෞඛ්‍ය දර්ශකවල ඉහලින් පවතින රටක්. නිවැරදි තීරණ තුළින් එවැනි වු ජයග්රහණයන් රටට ලබා දෙන්නට උරදුන් ජනතාව, එන්නත් කරණය තුලින් හා ඉන්පසුව ද නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම තුළින් කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමේ දී තමන්වෙත පැවරෙන වගකීමත් නොපිරිහෙළා ඉටු කරනු ඇති බව කරන බව අපට විශ්වාසයි.
දවසක හිමි විය යුතු මෙවන් ආදරයක්❤️🌸
කතා නොකර දවස් ගනන් ඉන්න පුලුවන් ආදරයක් නෙවෙයි
නුබ එක්ක කතා නොකර වරුවක්වත් ඉන්න බැරි ආදරයක්
නුබගෙන් වැරැද්දක් උන විට නුබව පහත් කරන නෙවෙයි
එය හදන් නුබ එක්ක ජිවිතේ ගෙනියන ආදරයක්
රන්ඩු වෙලා බැනගෙන පොන් එක කට් කලත් විනාඩි පහකින් ආයේ කොල් අරන් විහිලුවක් කරලා ආයේ නුබව හිනස්සන නුබව සනසන ආදරයක්
යන එන කන බොන නුබ ගැන හොය හොය පරිස්සම් කරන ආදරයක්
හිතේ තියන හැමදෙයක් එයාගේ ජිවිතේ වෙන හැමදේම නුබට හංගන්නේ නැතිව කියන කෙනෙක්
මන් ගැන හොයන්නෙ නෑ කිය කියා ඔලුව කන නෙවෙයි , එයා ගැන උඹ වගක් නැති උනත් උඹ ගැන වදවෙන ආදරයක්
උබ කරන ඕන ගොන් වැඩකට මෝඩ වැඩකට විවේචනය නොකර උදව් කරලා එකට හිනා වෙන ආදරයක්
නීතිදාල බලෙන් ලඟ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි අත හරින්නත් ලෝභ හිතෙන තරමටම ආදරේ කරන ආදරයක්
හිත් රිදීම් වලට පෙරලා හිත් රිදෝන නෙවෙයි හැමදේම ඉවසන් ඇයි මැණික මේ තරහ ගන්නෙ අහන ආදරයක්
ගොඩ යන්න දඟලන දැඟලිල්ලට නුබට වචනෙන් හරි උඹට ශක්තියක් වෙන ආදරයක්
දිනෙක නුබ පතන ආදරේ හිමි වේවා, අහිමි නොවේවා කවදාවත් ❤
බුදුසරණයී🙏
Credits goes - නිමු🖤🌸