Kitchen Taste Asia
Join us to see & try out how to make traditional dishes | Kitchen Taste Asia 🇱🇰
Join us to see & try out how to make traditional dishes | Kitchen Taste Asia 🇱🇰
Youtube - https://www.youtube.com/c/KitchenTasteAsia
Instagram - https://www.instagram.com/kitchentasteasia/
TikTok - https://www.tiktok.com/@kitchentasteasia
#Srilanka #KitchenTasteAsia #healthyfood #healthylifestyle #healthyliving #healthyeating #veganfriendly #veganfoodie #veganfoodrecipes #veganfoodlovers #srilankanfood #srilankanfoodie #organicfood
Recipe - #15
Parippu Wade 🔥😉 ( උම්බලකඩ දාපු කඩල පරිප්පු වඩේ - Dhal Wade )
https://youtu.be/UGnNDKCzyy4
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ කඩල පරිප්පු ( Kadala Parippu | Lentil Chickpea )
⦿ උම්බලකඩ ( Maldives Fish )
⦿ කරපිංචා කොළ ( Curry Leaves )
⦿ පොල්තෙල් ( Coconut Oil )
⦿ අමු මිරිස් ( Green Chillies )
⦿ කොච්චි කරල් ( Hot Chillies )
⦿ මිරිස් කුඩු ( Chili Powder )
⦿ කෑලි මිරිස් ( Chilli Flakes )
⦿ කහ කුඩු (Turmeric Powder)
⦿ ලුණු කුඩු ( Salt Powder )
----------------------------------------------------------------------
- හොඳට සෝදලා පැයක් වගේ පෙගෙන්න දාලා ගත්ත කඩල පරිප්පු ටික මේ විදියට කොටා ගන්න
- කොටනකොට කොටසක් හොඳට පිටි වෙන්නම කොටලා තවත්
පොඩි කොටසක් කෑලි ගතිය තියෙන්න කොටාගන්න
- කොච්චි කරල් කීපයකුත් මේකටම දාලා කෑලි හැපෙන ගානට කොටාගන්න
- ලෑස්ති කරගත්ත කරපිංචා / උම්බලකඩ / වියළි මිරිස් කෑලි / අමු මිරිස් ටික කොටාගත්ත පරිප්පු එකට එකතු කරගන්න
- දැන් ඔක්කොම මේ විදියට අතින් හොඳට කලවම් කරගන්න
- මේ විදියට මුලින් බෝලයක් වගේ හදාගෙන අල්ලෙන් තද කරලා වඩේ එකේ හැඩයට හදාගන්න
- තෙල් ටික හොඳට රත් උනාට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා වඩේ ටික බැඳගන්න පුළුවන්
Note: ගින්දර ඕනවට වඩා වැඩි උනොත් වඩේ එකේ පිටින් කරවෙලා ඇතුල අමු වෙන්න පුළුවන්
බැඳලා ගත්ත මිරිස් කෑලි ටික , කරපිංචා කොළ ටික මේ විදියට එකතු කරගන්න
----------------------------------------------------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/UGnNDKCzyy4
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
Parippu Wade 🔥😉 ( උම්බලකඩ දාපු කඩල පරිප්පු වඩේ - Dhal Wade )
බැඳපු මිරිස් කෑල්ලක් එක්ක හැපෙනකොට කියලා වැඩක් නෑ 😋😋😋
Parippu Wade 🔥😉 ( උම්බලකඩ දාපු කඩල පරිප්පු වඩේ - Dhal Wade ) Parippu Wade 🔥😉 ( උම්බලකඩ දාපු කඩල පරිප්පු වඩේ - Dhal Wade ) ්‍ය ද්‍රව්‍ය - Ingredients--------------------------...
Parippu Wade 🔥😉 ( උම්බලකඩ දාලා හදපු පරිප්පු වඩේ | Dhal Wade )
Stay tuned! Catch the full video release on YouTube today!
Subscribe Now: https://www.youtube.com/?sub_confirmation=1
Recipe - #14
ගමේ රසට ඉඳලොලු හතු ( කැලෑ බිම්මල් ) කරියක් හදමු 🔥😉
Wild Mushrooms Curry| (Indololu Mushrooms )
https://youtu.be/XVEQ9y7HAFI
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ ඉඳලොලු හතු - ( Indololu Mushrooms | Edible Wild Mushrooms )
⦿ අඹරාගත් ගම්මිරිස් ( Black Pepper Paste )
⦿ අමු තුනපහ ( Raw Curry Powder )
⦿ මිරිස් කුඩු ( Chili Powder )
⦿ ලොකු ලූණු ( Onions )
⦿ බාගෙට තලාගත් සුදු ලූණු ( Crushed Garlic )
⦿ කරපිංචා ( Curry Leaves )
⦿ රම්පේ ( Pandan | Rampe )
⦿ අමු මිරිස් ( Green Chilli )
⦿ පොල් තෙල් ( Coconut Oil )
⦿ රස පදමට ලුණු (Salt To Taste)
-------------------------------------------------------------------------
- බිම්මල් ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙන කෑලි වලට කපාගන්න
- ඊට පස්සේ ලොකු ලූණු ටිකක්, බාගෙට තලාගත්ත සුදුලූණු ටිකක්, අමු මිරිස් ටිකක්, රම්පේ කරපිංචා අඹරලා ගත්ත ගම්මිරිස් ටිකක් ලෑස්ති කරගෙන.
- ඊට පස්සේ භාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් දාලා තෙල් ටික කරවෙනකොට අමු තුනපහ, මිරිස් කුඩු ටික එකතු කරලා පොඩ්ඩක් කරවෙන්න බැදගන්න.
- ඊට පස්සේ මිරිස් තුනපහ එකට කලින් ලෑස්ති කරගත්ත ලූණු, සුදුලූණු, ගම්මිරිස්, අමු මිරිස් , රම්පේ කරපිංචා එකතු කරලා හොඳට කල්වම් කරගන්න
- ඊට පස්සේ මේකට කපාගත්ත හතු ටික එකතු කරගෙන ලිපේ තියාගන්න
*** Tip: මතක තියාගන්න, හතුවල වතුර ගතිය තියෙන නිසා මේකට වතුර දාන්න අවශ්‍යය නැහැ.
- ඊට පස්සේ රස පදමට ලුණු එකතු කරගෙන කලවම් කරගන්න.
- හතු ටික හොඳට තැම්බිලාද කියලා බලලා ලිපෙන් බාගන්න.
Note:
මේ හතු ගොඩක් වෙලාවට හුබස් ලග, කොළ රොඩු එකතු වෙලා තියෙන ගස් මුල් ලග තමයි හැදෙන්නේ. ඒවගේ තැන්වල සරපයෝ ඉන්න පුලුවන්, ඒක නිසා හතු කඩන්න කලින් හොඳට බලලා යන්න.
අනිත් එක තමයි මේ හතු කන්න සරපයෝ එනවා, හැමවෙලාවෙම බලන්න හත්ත කාලා තියෙනවා වගේනම් ඒවා ගන්න එපා.
----------------------------------------------------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/XVEQ9y7HAFI
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
----------------------------------------------------------------------
"Indalolu hathu" (Indalolu mushrooms) which is a wild edible kind of mushroom. It has somewhat large white colour cap and stem. This mushroom can be identified easily by its shape and pleasure odor. Therefore, most of country people usually consume Indalolu mushrooms. This mushroom can ne seen with beginning of rain in September mber to November. It is extremely delicious, and can be prepared by applying number of cooking methods.
-----------------------------------------------------------------------------------------------------------
Health Benefits of Mushrooms
------------ Health Benefits ------------
Mushrooms are a low-calorie food that packs a nutritional punch. Loaded with many health-boosting vitamins, minerals, and antioxidants, they’ve long been recognized as an important part of any diet. For instance, mushrooms raised with exposure to ultraviolet light are a good source of Vitamin D, an important component in bone and immune health.
------------ Lower Blood Pressure ------------
Mushrooms are rich sources of potassium, a nutrient known for reducing the negative impact that sodium can have on your body. Potassium also lessens the tension in blood vessels, potentially helping to lower blood pressure.
------------ Boost Immune System ------------
The anti-inflammatory effect of mushrooms has been shown to greatly improve the efficiency of the immune system. Research has found that mushrooms help stimulate microphages in the immune system, enhancing its ability to defeat foreign bodies and making you less susceptible to serious illnesses.
------------ Weight Loss ------------
Long and short-term studies alike have found that mushrooms, in combination with exercise and other lifestyle changes, can have an important impact on weight loss. For example, after being asked to substitute 20 percent of their beef consumption with mushrooms, research participants showed improvements in their BMI and belly circumference. The antioxidants in mushrooms are also thought to reduce the risk of hypertension and other metabolic disorders.
#ඉඳලොලුහතු 🍄
Recipe - #13
ගමේ රසට පොළොස් ඇඹුලක් හදන විදිය 🔥😉
https://youtu.be/7atNGQGeKJ0
Nutritious and Tasty Tender Jackfruit Curry | Polos Curry | Polos Ambula
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ පොළොස් ගෙඩියක් ( Polos )
⦿ අමු තුනපහ ( Raw Curry Powder )
⦿ මිරිස් කුඩු ( Chili Powder )
⦿ වියළි මිරිස් කරල් ( Dried Chilli Pods )
⦿ ගම්මිරිස් ඇට ( Pepper Whole )
⦿ ගාගත් පොල් ගෙඩියක් ( Grated Coconut )
⦿ ගොරකා කුඩා කැබැල්ලක් ( Garcinia Morella | Goraka )
⦿ කරපිංචා ( Curry Leaves )
⦿ රම්පේ ( Pandan | Rampe )
⦿ සෝදාගත් හාල් තේ හැන්දක ප්‍රමාණයක් ( Teaspoonful of washed rice )
⦿ රස පදමට ලුණු (Salt To Taste)
----------------------------------------------------------------------
- පොලොස් කෑලි ටික කපාගන්න
(කෑලි කපන ගමන් වතුරට දාගන්න නැත්නම් කහට පිපෙනවා )
- ඊට පස්සේ වියළි මිරිස් කරල් කීපයක්, අමු තුනපහ, මිරිස් කුඩු, සෝදලා ගත්ත හාල් ඇට ටිකක්, කරපිංචා, රම්පේ සහ ගාගත්ත පොල් ටිකක් කබලේ බැඳ ගන්න.
- ඊට පස්සේ කබලේ බැඳලා ගත්ත සියල්ලත් එක්ක ගම්මිරිස් ඇට ටිකක් එකතු කරලා හොඳට අබරලා පේස්ට් එකක් විදියට සකස් කරගන්න
- සකස් කරගත්ත පේස්ට් එක සෝදාලා ගත්ත පොලොස් කෑලි වල හොඳින් දවට ගන්න.
- මේ ගමන්ම ලුණු කුඩු ටිකකුත් මේකට එකතු කරගන්න
- වතුර ස්වල්පයක් එකතු කරලා නැවත පොඩ්ඩක් කලවම් කරගන්න.
- ඊට පස්සේ ගොරකා කෑල්ලකුත් එකතු කරලා ගාගත්ත පොල් ගෙඩියේ දිය කිරි ටික දාලා ලිපෙන් තියාගන්න.
- පොලොස් කෑලි ටික දියකිරෙන් මද ගින්දරේ තැම්බුනාට පස්සේ ( විනාඩි 25කින් විතර ) ගාගත්ත පොල් ගෙඩියේ මිටි කිරි ටික දාලා ආපහු කිරි ටික නටන්න දෙන්න.
- කිරි ටික නැටුවට පස්සේ පොලොස් එක ලිපෙන් බාගන්න පුලුවන්, හොඳි ගතිය වැඩිය ඕන නැත්තන් තව ටික වෙලාවක් ලිපේ තියලා හින්දලා ගන්න පුලුවන්.
----------------------------------------------------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/7atNGQGeKJ0
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
Recipe - #11
කටට සැරට - අපේ රසට ලේසිම ක්‍රමයට සැමන් උයමු
Spicy Tempered Mackerel Recipe 🔥😉 (සැමන් | Tin Malu )
https://youtu.be/ROIbcUPZEts
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ සැමන් | ටිං මාළු ( Tempered Mackerel )
⦿ ගම්මිරිස් කුඩු (Pepper Powder)
⦿ පොල්තෙල් ( Coconut Oil )
⦿ අබ ( Mustard )
⦿ සුදු ලූණු ( Garlic )
⦿ ලූණු ( Onions )
⦿ අමු මිරිස් ( Green Chillies )
⦿ තුනපහ ( Curry Powder )
⦿ මිරිස් කුඩු ( Chili Powder )
⦿ කහ කුඩු (Turmeric Powder)
⦿ ලුණු කුඩු ( Salt Powder )
---------------------------------------------------------------------
- සැමන් කෑලි සාමාන්‍යය ප්‍රමාණයට කඩාගෙන ලෑස්ති කරගන්න
- තෙල් ටික රත්වෙනකොට අබ ඇට එකතු කරගන්න
- ඊට පස්සේ සුදු ලූණු ටික පොඩ්ඩක් තෙලේ කරවෙනකොට කපාගත්ත ලොකු ලූණු ටික එකතු කරගන්න
- ලූණු, සුදු ලූණු ටික තෙලේ කරවෙනකොට මිරිස් කුඩු මේස හැඳි 1ක්, කහ කුඩු / තුනපහ මේස හැඳි 1/2 කට බැඳගත්ත මිරිස් කුඩු මේස හැඳි 1ක් එකතු කරලා කලවම් කරගෙන එකතු කරගන්න
( අවශ්‍යයනම් නැවත ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න )
- මිරිස් තුනපහ සහ ලුණු හොඳට ලූණු කෑලි එක්ක කලවම් කරගන්න
- දැන් කෑලි වලට කඩාගත්ත සැමන් ටික මේ විදියට එකතු කරගන්න
- කලවම් කරනකොට සැමන් කෑලි කුඩු වෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න
ලුණු ගම්මිරිස් තමන්ගේ රස අනුව එකතු කරගන්න
(රස වැඩි කරගන්න කරපිංචා / රම්පේ / තක්කාලි එකතු කරගන්න පුළුවන්)
----------------------------------------------------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/ROIbcUPZEts
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
Spicy Tempered Mackerel Recipe 🔥😉 (සැමන් | Tin Malu ) | කටට සැරට ලේසිම ක්‍රමයට සැමන් උයමු
Spicy Tempered Mackerel Recipe 🔥😉 (සැමන් | Tin Malu ) | කටට සැරට ලේසිම ක්‍රමයට සැමන් උයමු Spicy Tempered Mackerel Recipe 🔥😉 (සැමන් | Tin Malu ) | කටට සැරට ලේසිම ක්‍රමයට සැමන් උයමු ්‍ය ද්‍රව්‍ය - In...
Recipe - #10
අපේ රසට වැඩි වැඩ නැති පැස්ටා (මැකරෝනි) රෙසිපිය
(සෝස් ජාති අරවා මේවා නැහැ) 😉
https://youtu.be/gWXTooDyHKs
Quick & Delicious Pasta (Macaroni) Recipe
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ පැස්ටා / මැකරෝනි ( Pasta / Macaroni)
⦿ බිම්මල් ( Mushroom )
⦿ පොල්තෙල් ( Coconut Oil )
⦿ බිත්තර 2 ( 2 Eggs )
⦿ ගම්මිරිස් කුඩු (Pepper Powder)
⦿ තුනපහ ( Curry Powder )
⦿ කහ කුඩු (Turmeric Powder)
⦿ රම්පේ ( Pandan | Rampe )
⦿ කරපිංචා කොළ ( Curry Leaves )
⦿ සුදු ලූණු ( Garlic )
⦿ රතු ලූණු ( Red Onions )
⦿ කෑලි මිරිස් ( Chilli Flakes )
⦿ රස පදමට ලුණු (Salt to taste)
----------------------------------------------------------------------
- මුලින්ම පැස්ටා ටික හොඳට සෝදගන්න
- භාජනයකට වතුර එකක් දාලා ඒකට පොල්තෙල් පොඩ්ඩක් / ලුණු පොඩ්ඩක් දාලා හොඳට නටවගන්න.
- ඊට පස්සේ සෝදගත්ත පැස්ටා එක ඒකට දාලා බෙරිනොවෙන ගානට තම්බගෙන වතුර ටික පෙරා ගන්න
- අපි මේකට බිම්මල් දාන නිසා මුලින්ම බිම්බල් පොඩි කෑලි වලට ඉරාගෙන රන්වන් පාට වෙනකල් තෙලේ බැදගෙන, ඒ ටික වෙනම අයින් කරලා තියාගන්න.
- ඊට පස්සේ ඒ තෙල් එකටම සුදුලූණු , රතු ලූණු , රම්පේ, කරපිංචා, බෝංචි, කැරට් , ලීක්ස් පිලිවෙලට එකතු කරගෙන එළවලු මිශ්‍රණය හදාගන්න.
මේකට ලුණු කුඩු, කහකුඩු, තුනපහ, කෑලි මිරිස් අවශ්‍යය ප්‍රමාණ වලින් රස අනුව එකතු කරගන්න.
- ඊට පස්සේ මේකටම බිත්තර 2ක් කඩලා දාගෙන ඊට උඩින් ගම්මිරිස් කුඩු දාලා එළවලුවත් එක්ක හොඳට කලවම් කරගන්න.
- ඊට පස්සේ අපි මුලින් තම්බල ගත්ත පැස්ටා එක මේකට දාලා හොඳට කලවම් කරගන්න
- ඊට පස්සේ අපි මුලින් බැඳලා අයින් කරගත්ත බිම්මල් ටිකත් මේකට දාලා කලවම් කරගන්න.
කලවම් කරනකොට පැස්ටා (මැකරෝනි) හැන්දට පොඩිවෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න මතක තියාගන්න
උණුවෙන්ම කෑවොත් රස තවත් වැඩියි 🔥😉
----------------------------------------------------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/gWXTooDyHKs
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
Quick & Delicious Pasta (Macaroni) Recipe | අපේ රසට වැඩි වැඩ නැති පැස්ටා (මැකරෝනි) රෙසිපිය 😉
Quick & Delicious Pasta (Macaroni) Recipe | අපේ රසට වැඩි වැඩ නැති පැස්ටා (මැකරෝනි) රෙසිපිය Quick & Delicious Pasta (Macaroni) Recipe | අපේ රසට වැඩි වැඩ නැති පැස්ටා (මැකරෝනි) රෙසිපිය අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients--------...
Recipe - #9
කඩේට වඩා රසට ගෙදර හඳපු බිත්තර කොත්තුව🔥😉 (සෝස් ජාති මොකුත් නැහැ)
Home Made Tasty Egg Kottu (Biththara Kottu) - Kitchen Taste Asia
https://youtu.be/HZDbsVN5LXE
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ බිත්තර ( Eggs )
⦿ පරාටා ( Paratha )
⦿ පොල්තෙල් ( Coconut oil )
⦿ සිහින්ව ලියාගත් කැරට් ( Carrots )
⦿ අවශ්‍යයනම් සිහින්ව කපාගත් ගෝවා (Cabbage)
⦿ ලීක්ස් කොල ( Leeks leaves )
⦿ බෝංචි ( Beans )
⦿ ගම්මිරිස් කුඩු (Pepper Powder)
⦿ අමු මිරිස් ( Green Chillies )
⦿ ලූණු ( Onions )
⦿ කරපිංචා කොළ ( Curry Leaves )
⦿ ඉගුරු සුදු ලූණු ( Ginger & Garlic )
⦿ රස පදමට ලුණු (Salt to taste)
-----------------------------------------------------------------------
- මුලින්ම පරාටා ටික හදාගෙන ඒ ටික චූටි කෑලි වලට කපාගන්න ඕන.
(පරාටා හඳාගන්න වීඩියෝ එකකුත් ඉක්මනට අරන් එන්නම්)
* කොත්තු තැටියක ගහනවනම් පරාටා ටික පොඩියට කපන්න අවශ්‍යය නැහැ
- ඊට පස්සේ කැරට් / ලීක්ස් / බොංචි / ඉගුරු / සුදුලූණු /ලූණු / අමු මිරිස් පොඩියට කපලා ලෑස්ති කරගන්න.
- තාච්චියක් ලිපේ තියලා ඒකට පොල්තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත්වෙනකොට කපගත්ත ඉගුරු / සුදුලූණු / කැරට් / බොංචි ටික දාගෙන කරලා, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරලා හොඳට කලවම් කරගන්න.
- ඊට පස්සේ මේකටම බිත්තර 4ක් එකතු කරගෙන හොඳට කලවම් කරන්න.
- ඊළගට අපි පොඩියට කපලා ලෑස්ති කරගත්ත පරාටා ටික මේකට එකතු කරගන්න පුළුවන්.
- පරාටා ටික එකතු කරගෙන හොඳට කලවම් කරන ගමන්, මුලින් කපාගත්ත ලීක්ස් / ලූණු / අමු මිරිස් ටික එකතු කරගන්න.
- අන්තිමට ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා කොත්තුවට චිකන් ග්‍රේවි එකතු කරගන්න ඕන. (ග්‍රේවි එක එකතු කරගන්නකොට හැමතැනටම වැටෙන විදියට දාලා කලවම් කරගන්න)
(ඕනනම් මේකට කෑලි මිරිස් / නයි මිරිස් / තව ගම්මිරිස් කුඩු එකතු කරලා මේක සැර කරගන්න පුලුවන්)
සැරට හදපු කොත්තුවක් කාලා උණු උණු ප්ලේන්ටියක් බොන්නත් අමතක කරන්න එපා 🔥😉
-----------------------------------------------------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/HZDbsVN5LXE
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
Recipe - #8
Spicy Prawn Curry | රසට සැරට රතු ඉස්සෝ කරිය හඳන හැටි 🔥🍤
ග්‍රේවි එක ගෑවුනත් ඇති කන්න පුළුවන්🔥🍤 😋
https://youtu.be/7LMnJo8DXIg
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ ඉස්සෝ ( Prawn)
⦿ කහ කුඩු ( Turmeric Powder )
⦿ ගම්මිරිස් කුඩු (Pepper Powder)
⦿ පොල්තෙල් ( Coconut Oil )
⦿ අබ ( Mustard )
⦿ උළුහාල් ( Fenugreek )
⦿ රම්පේ ( Pandan | Rampe )
⦿ කරපිංචා කොළ ( Curry Leaves )
⦿ ඉගුරු / සුදු ලූණු ( Ginger & Garlic )
⦿ කුරුඳු පොතු ( Cinnamon )
⦿ අමු මිරිස් ( Green Chillies )
⦿ රතු ලූණු ( Red Onions )
⦿ තක්කාලි ( Tomato )
⦿ මිරිස් කුඩු ( Chili Powder )
⦿ කෑලි මිරිස් ( Chilli Flakes )
⦿ පොල් කිරි ( Coconut Milk )
⦿ මුරුංගා කොළ ( Moringa | Drumstick leaves )
⦿ රස පදමට ලුණු (Salt to taste)
Special Note :- ඇලුමිනියම් භාජන පාවිච්චි කරන්න එපා, අපි පාවිච්චි කරේ Non-Stick තාච්චියක්. පුළුවන් හැම වෙලාවකම මැටි භාජනයක් පාවිච්චි කරන්න.
-----------------------------------------------------------------------
- ඉස්සෝ ටික හොඳට සෝදලා සුද්ද කරගන්න
- ඊට පස්සේ කහකුඩු, ගම්මිරිස් කුඩු ඉස්සොන්ට හොඳට වඳින විදියට කලවම් කරගන්න.
(අවශ්‍යයනම් දෙහි යුෂ ටිකකුත් එකතු කරගන්න පුළුවන්)
- තෙල් ටිකක් තාච්චියට දාලා ලිපේ තියාගන්න
- තෙල් ටික රත්වෙනකොට අබ, උළුහාල් ටික එකතු කරගන්න
- අබ, උළුහාල් තෙලේ පුපුරනකොට රම්පේ එකතු කරගන්න
- ඊට පස්සේ ඉඟුරු , සුදු ලූණු ටික තෙලේ පොඩ්ඩක් කරවෙන්න දෙන්න
- රතු ලූණු ටික එකතු කරලා හොඳින් කලවම් කරන්න
- තුනපහ, මිරිස් කුඩු, අමු මිරිස්, තක්කාලි, එකතු කරගෙන ලිපේ ගින්දර සාමාන්‍යය ප්‍රමාණයට තියාගෙන හොඳින් කලවම් කරගන්න
Note: තමන්ට කැමති ප්‍රමාණ වලින් මිරිස්, කෑලි මිරිස්, තුනපහ එකතු කරගන්න පුළුවන්
- ඊට පස්සේ මුලින් සකස් කරගත්ත ඉස්සෝ ටික එකතු කරගන්න
- ඉස්සෝ ටිකට හොඳට මිරිස් , තුඅනපහ වදින විදියට හොඳින් කලවම් කරගන්න
- පොල්කිරි එකතු කරලා ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා හොඳින් කලවම් කරගන්න
- කිරි ටික නැටුවට පස්සේ මුරුංගා කොළ කීපයක් එකතු කරගන්න
( හොඳි වැඩියෙන් අවශ්‍යයනම් පොල් කිරි ටික නැටුවට පස්සේ ඉස්සෝ කරි එක බාගන්න පුලුවන් )
Tip: මුරුංගා කොළ එකතු කිරීම මඟින් ඉස්සෝ වල තියෙන උෂ්ණගතිය අඩු කරගන්න පුළුවන්
මේ විදියට ඉස්සෝ කරි එක හඳලා බලන්න. ග්‍රේවි එක ගෑවුනත් ඇති කන්න පුළුවන්🔥🍤 😋
-----------------------------------------------------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/7LMnJo8DXIg
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
Spicy Prawn Curry | රසට සැරට රතු ඉස්සෝ කරිය හඳන හැටි 🔥🍤
Spicy Prawn Curry | රසට සැරට රතු ඉස්සෝ කරිය හඳන හැටි Spicy Prawn Curry | රසට සැරට රතු ඉස්සෝ කරිය හඳන හැටි ්‍ය ද්‍රව්‍ය - Ingredients-------------------------------------...
Spicy Prawn Curry 🔥🍤( ඉස්සෝ කරිය)
Stay tuned! Catch the full video release on YouTube today!
Subscribe Now: https://www.youtube.com/
🍤
Recipe - #7
තිත්ත තිබ්බටු තෙම්පරාදුව | Thiththa Thibbatu Recipe 😋😋
(සෙම් රෝග / වකුගඩු රෝග / ගැස්ට්‍රයිටිස් සුව කරන බෙහෙත් ගබඩාව)
https://youtu.be/JYojX-1pKEE
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ තිත්ත තිබ්බටු ( Thiththa Thibbatu )
⦿ පොල් තෙල් ( Coconut Oil )
⦿ අබ ( Mustard )
⦿ ලූණු ( Onions )
⦿ සුදු ලූණු ( Garlic )
⦿ අමු මිරිස් කරල් කිහිපයක් ( Green Chillies )
⦿ කරපිංචා ( Curry Leaves )
⦿ ලුණු කුඩු ( Salt Powder )
⦿ තුනපහ කුඩු (Curry Powder )
⦿ කෑලි මිරිස් (Chilli Flakes )
⦿ කහ කුඩු (Turmeric Powder)
-----------------------------------------------------------------------
- තිත්ත තිබ්බටු ටික හොඳින් සෝදලා තලා ගන්න
- තලාගත් තිබ්බටු ටික පෙන ගතිය යනකල් හොඳට සෝදගන්න
(පෙන ගතිය තියෙද්දිම උයන්න ගත්තොත් තිත්ත ගතිය වැඩියි)
- හට්ටියක් ලිපේ තියලා තෙල් පොඩ්ඩක් දාගන්න
- තෙල් ටික රත්වෙනකොට අබ, ලූණු, සුදු ලූණු, අමුමිරිස්, කරපිංචා, ලුණු කුඩු, තුනපහ , කෑලි මිරිස්, කහ කුඩු එකතු කරගෙන පොඩ්ඩක් ඒ ටික තෙලේ කරවෙන්න දෙන්න.
- ඊට පස්සේ තලලා ගත්ත තිත්ත තිබ්බටු ටික එකතු කරගන්න
- ඔක්කොම හොඳින් කලවම් කරනගමන්, ලිපේ ගින්දර සාමාන්‍යය ප්‍රමාණයේ තියාගෙන තිබ්බටු ටික මැලවෙන්න දෙන්න.
වෙන කිසිම එළවලුවක් නැතුව මේකත් එක්ක බත් කාලා බලන්න. නියම රසය එතකොට බලාගන්න පුළුවන් 😋
-----------------------------------------------------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/JYojX-1pKEE
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා...!
Wish You a Happy & Prosperous Sinhala and Hindu New Year...!
Spicy Chilli Murukku😋🔥🌶
Recipe - #6
ගමේ රසට හොඳ සුවදට කිරට හදපු තලපත් මාළු කරිය 😋
https://youtu.be/-gNBDXlq_CI
තලපත් මාළු කිරට | Thalapath Maalu (Sailfish ) Curry
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ අමු මිරිස් කරල් කිහිපයක් ( Green Chillies )
⦿ සුදු ලූණු ( Garlic )
⦿ රතු ලූණු ( Red Onions )
⦿ කරපිංචා ( Curry Leaves )
⦿ රම්පේ ( Pandan | Rampe )
⦿ තලපත් මාළු (Sailfish )
⦿ ගම්මිරිස් කුඩු ( Black Pepper Powder )
⦿ තුනපහ ( Curry Powder )
⦿ මිරිස් කුඩු ( Chili Powder )
⦿ කහ කුඩු (Turmeric Powder)
⦿ ලුණු කුඩු ( Salt Powder )
⦿ පොල් තෙල් ( Coconut Oil )
⦿ උළුහාල් ( Fenugreek )
⦿ උකු පොල්කිරි ( Thickened coconut milk )
⦿ ගොරකා කැබලි 2ක් (Garcinia morella)
--------------------------------------------------------------
හොඳට සෝදලා ගත්ත තලපත් මාළු ටිකට,
- ගම්මිරිස්කුඩු , ලුණු කුඩු , මිරිස් කුඩු , තුනපහ , කහ කුඩු එකතු කරලා අතින් හොඳට මිශ්‍ර කරගන්න.
- ඊට පස්සේ හට්ටියට තෙල් ටිකක් දාලා, තෙල් ටික රත් වෙනකොට කපාගත්ත රතුලූණු, සුදුලූණු, අමු මිරිස්, රම්පේ , කරපිංචා ඔක්කොම එකතු කරගන්න
- මේ ටික පොඩ්ඩක් තෙලේ කර වෙනකොට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ, උළුහාල්, කහකුඩු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න.
- ඊට පස්සේ අපිට තලපත් මාළු කෑලි ටික එකතු කරගෙන කලවම් කරගන්න
- ඊට පස්සේ අපි මාළු කෑලි ටික වැහෙන විදියට උකු පොල් කිරි එකතු කරගන්න ඕන.
- පොඩි ගොරකා කෑලි 2ක් විතර එකතු කරගන්නත් අමතක කරන්න එපා
සුදු කැකුළු බතක් එක්ක / පාන් එක්ක මේ කිරි මාළුව නියමෙටම ගැලපෙනවා 😋
--------------------------------------------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/-gNBDXlq_CI
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
Recipe - #5
Aluwa Recipe | හරි පදමට ලේසිම ක්‍රමයකට අලුවා හදමු
https://youtu.be/02-2BbLwJyM
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ සීනි ( Sugar ) | 500g
⦿ හාල් පිටි ( Rice flour ) | 500g
⦿ තල ( Sesame Seeds ) | 1 tbsp
⦿ වතුර ( Water ) | 200 ml
---------------------------------------------------------
- හාල් පිටි මඳ ගින්දරේ බැඳගෙන පෙනේරයකින් හලලා ගන්න. (කෑලි තිබුනොත් අලුවා එක කැඩෙන්න බලනවා)
- තල ඇට ටික පොඩ්ඩක් බැඳගන්න (ගොඩක් කර වෙන්න බඳින්න එපා, තිත්ත රස වෙන්න පුළුවන්)
- සීනි ටික තාච්චියට දාලා, වතුර එකතු කරමින් උණු කරගන්න
- හොඳට බුබුළු එනකල්ම පැණි එක උතුරව ගන්න
- ලිපේ ගින්දර අඩුවෙන්ම තියලා හොඳට නූල ඇදෙන පදමට සීනි පැණි හදාගෙන නිවෙන්න තියාගන්න
- මුලින් බැඳගත්ත තල ඇට ටික හාල් පිටි එකට එකතු කරලා කලවම් කරගන්න. (තල වෙනුවට රට කජු දාන්නත් පුළුවන්)
- මිශ්‍රණය තුනී කරගන්න ලෑල්ලට හාල් පිටි ටිකක් ඉහලා සකස් කරගන්න
- හදාගත්ත පැණි හාල් පිටි එකට පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගෙන හොඳට කලවම් කරගන්න
- සාමාන්‍යය ප්‍රමාණයට ඝනකම එන්න මිශ්‍රණය තුනී කරගෙන කෑලි කපාගන්න පුළුවන්
Tips:
- හාල් පිටි මඳගින්නේ බැදගන්න (ගින්දර වැඩි උනොත් පිටි දුඹුරු පාට වෙන්න පුළුවන්)
- පැණි ටික සීනි ගතියට හැරිලා තිබුනොත් හොඳට නටපු උණු වතුර කෝප්ප භාගයක් විතර එකතු කරලා හොඳට කලවම් කරගන්න
--------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/02-2BbLwJyM
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
Aluwa Recipe | හරි පදමට ලේසිම ක්‍රමයකට අලුවා හදමු
Aluwa Recipe | හරි පදමට ලේසිම ක්‍රමයකට අලුවා හදමු Aluwa Recipe | හරි පදමට ලේසිම ක්‍රමයකට අලුවා හදමු අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients------------------------------------------------...
අලුවා ( Aluwa ) 😉
Stay tuned! Catch the full video release on YouTube today!
Subscribe Now: https://www.youtube.com/
Recipe - #4
Mun Kaum Recipe | ලේසියෙන්ම මුං කැවුම් හදන ලේසිම රෙසිපි එක (Mung Kavum)
https://youtu.be/mEiDlDFMMMw
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
දවටනය සඳහා
⦿ හාල් පිටි ( Rice Flour ) | 80g
⦿ පාන් පිටි ( Bread Flour ) 40g
⦿ කහ කුඩු ( Turmeric powder )
⦿ පොල් කිරි ( Coconut Milk )
කැවුම් මිශ්‍රණය සඳහා
⦿ සීනි ( Sugar ) | 120g
⦿ හොඳින් නටපු වතුර ( Water ) | 75ml
⦿ හාල් පිටි ( Rice flour ) | 80g (බැඳලා ගත්ත හාල් පිටි භාවිතා කරන්න)
⦿ මුං ඇට පිටි ( Mung Flour ) | 70g
⦿ පොල් තෙල් ( Coconut Oil )
(**** මේ ප්‍රමාණයන් වලින් සාමාන්‍යය ප්‍රමාණයේ කැවුම් 25-30ක් සකස් කරගන්න පුළුවන් ***)
- මුලින්ම සෝදලා ගරාගත්ත මුං ඇට ටික හොඳින් බැදගෙන අඹරගන්න
Note - මුං ඇට වැඩි වෙලාවක් අඩු ගින්දරේ බැඳ ගන්න අමතක කරන්න එපා (ගින්දර වැඩි උනොත් වටේ කරවෙලා මැද අමු වෙන්න පුළුවන්)
(දවටනය සකස් කිරීම)
- හාල් පිටි / පාන් පිටි / කහ කුඩු / උකු පොල්කිරි යොදාගෙන මිශ්‍රණය සකස් කරගන්න. (දවටනය)
(කැවුම් මිශ්‍රණය සකස් කිරීම)
- ඊට පස්සේ තාච්චියක රත්වෙන්න තියලා ඒකට සීනි එකතු කරගෙන, වතුර එක් කරලා සීනි පැණි එක සකස් කරගන්න
- බැඳගත් හාල් පිටි / මුං පිටි මිශ්‍රණය පොඩ්ඩ පොඩ්ඩ සීනි පැණි එකට එකතු කරමින් හැදිගාන්න
- අතේ ඇලෙන්නේ නැති පදමට මිශ්‍රණය සකස් කරගන්න
- සකස් කරගත්ත මිශ්‍රණය ඉටි කොලයක් පොල්තෙල් තවරගෙන සාමාන්‍යය ප්‍රමාණයට තුනී කරලා කෑලි කපාගන්න
- කපාගත් කෑලි මුලින් සකස් කරගත් දවටනයේ ගිල්වා රැගෙන, තෙලේ බැඳ ගන්න පුළුවන්.
Tips:
- සීනි පැණි එක නූල් ඇදෙන පදමට සකස් කරගන්න එපා (බුබුලු දාලා උතුරනකොටම ලිප ඕෆ් කරගන්න)
එහෙම නැති උනොත් කැවුම් ගොඩක් හයිය වෙන්න පුළුවන්
- සීනි පැණි එකට හාල් පිටි / මුං පිටි මිශ්‍රණය එකතු කරන්න කලින් කුඩා භාජනයකට පැණි මේස හැඳි 2ක් පමණ අයින් කරගන්න. (පදම වැරදුනොත් නැවත සකස් කර ගැනීමට)
- ලිපේ ගින්දර ගොඩක් වැඩියෙන් / අඩුවෙන් තියාගන්න එපා, සාමාන්‍යය ප්‍රමාණයක තියාගන්න
- භාජනය කුඩා එකක් නම් එකවර කැවුම් කිහිපයක් දාන්න එපා
--------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/mEiDlDFMMMw
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
Mun Kaum Recipe | ලේසියෙන්ම මුං කැවුම් හදන ලේසිම රෙසිපි එක (Mung Kavum)
Mun Kaum Recipe | ලේසියෙන්ම මුං කැවුම් හදන ලේසිම රෙසිපි එක (Mung Kavum) Mun Kaum Recipe | ලේසියෙන්ම මුං කැවුම් හදන ලේසිම රෙසිපි එක (Mung Kavum) ්‍ය ද්‍රව්‍ය - Ingredients-----------...
Recipe - #3
පොල් කිරි දාලා, අඩු වියදමින් සීනි වලින් හරියටම හැඳි කැවුම් හදන හැටි ( පැණි ඕන නැහැ ) | Handi Kaum Recipe
https://youtu.be/8AmbJcq1zRI
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ සීනි ( Sugar ) | 160g
⦿ හාල් පිටි ( Rice flour ) | 160g
⦿ පාන් පිටි ( Bread Flour ) | 80g
⦿ පොල් කිරි ( Coconut Milk ) | 225ml
⦿ පොල් තෙල් ( Coconut Oil )
(**** මේ ප්‍රමාණයන් වලින් සාමාන්‍යය ප්‍රමාණයේ කැවුම් 25-30ක් සකස් කරගන්න පුළුවන් ***)
- මුලින්ම සීනි ටිකක් උණු කරලා පැණි ටිකක් හදාගන්න ඕන
- හාල් පිටි / පාන් පිටි / සීනි පැණි / උකු පොල්කිරි යොදාගෙන මිශ්‍රණය සකස් කරගන්න.
- ඊට පස්සේ හැන්දකින් අපි සකස් කරගත්ත මිශ්‍රණය තෙල් එකට දාගන්න පුළුවන්
Tips:
- සීනි පැණි එක නූල් ඇදෙන පදමට සකස් කරගන්න එපා (බුබුලු දාලා උතුරනකොටම ලිප ඕෆ් කරගන්න)
එහෙම නැති උනොත් කැවුම් ගොඩක් හයිය වෙන්න පුළුවන්
- තාච්චියට පොල් තෙල් එකතු කරගනිද්දි ගොඩක් තෙල් එකතු කරගන්න එපා
- ලිපේ ගින්දර ගොඩක් වැඩියෙන් / අඩුවෙන් තියාගන්න එපා, සාමාන්‍යය ප්‍රමාණයක තියාගන්න
- කැවුම් මිශ්‍රණය තෙල් එකට දැම්මට පස්සේ කැවුම් ගෙඩිය හොඳට පිපිලා එන්න හැන්දෙන් කැවුම් ගෙඩියේ උඩට තෙල් දාන්න ඕන
--------------------------
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/8AmbJcq1zRI
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.
පොල් කිරි දාලා, අඩු වියදමින් සීනි වලින් හරියටම හැඳි කැවුම් හදන හැටි ( පැණි ඕන නැහැ ) 😋👌
Handi Kaum Recipe | අඩු වියදමින් සීනි වලින් හරියටම හැඳි කැවුම් හදන හැටි අඩු වියදමින් සීනි වලින් හරියටම හැඳි කැවුම් හදන හැටි
හැඳි කැවුම් ( Hadi Kaum )
Stay tuned! Catch the full video release on YouTube today!
Subscribe Now: https://www.youtube.com/
Recipe - #2
අවුරුදු කැවිලි මේසෙට බිත්තර නොදා හදන ක්‍රිස්පි කොකිස් (Kokis Recipe - Aurudu K**a ) 🌟😉
https://youtu.be/C7fT-jVYHF8
අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------
⦿ හාල් පිටි ( Rice flour )
⦿ පාන් පිටි ( Bread Flour )
⦿ ලුණු කුඩු ( Salt Powder )
⦿ කහ කුඩු (Turmeric Powder)
⦿ කරපිංචා කොළ ( Curry Leaves )
⦿ උකු පොල් කිරි ( Coconut Milk )
⦿ පොල් තෙල් ( Coconut Oil )
- හාල් පිටි / පාන් පිටි / ලුණු කුඩු / කහ කුඩු / හීනියට කපාගත්ත කරපිංචා සහ උකු පොල්කිරි යොදාගෙන මිශ්‍රණය සකස් කරගන්න.
- මිශ්‍රණය ගොඩක් උකු කරගන්න එපා
- මුලින්ම කොකිස් අච්චුව තෙලේ හොඳට රත් වෙන්න තියාගන්න
- කොකිස් අච්චුවේ උඩ පැත්තේ මිශ්‍රණය තවරගන්න එපා
- කොකිස් ගැලවෙන්නේ නැහැ වගේනම් මේ විදියේ පොඩි කෝට්ටක් / ඉරට්ටක් පාවිච්චි කරන්න පුළුවන්
Tips:
- හොඳට උකු පොල් කිරි භාවිතා කරොත් අපිට හොඳ කිරි රසයක් ලබාගන්න පුලුවන්
- මිශ්‍රණය ගොඩක් උකු නොවී සකස් කරගත්තොත් හොඳ ක්‍රිස්පි ගතියට කොකිස් ටික හදාගන්න පුලුවන්
- හාල් පිටි කෑලි තියෙන්න ගන්න එපා
- කොකිස් අච්චුවේ ඇලෙනවනම් අපිට බිත්තරයක් මිශණයට එකතු කරගන්න පුළුවන්
මෙතනින් වීඩියෝ එක බලන්න පුලුවන් - https://youtu.be/C7fT-jVYHF8
වීඩියෝ එක හොඳයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.